පාඩු නොවෙන්න කරන්න ඕන Payoneer Withdrawal

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    පාඩු නොවෙන්න කරන්න ඕන Payoneer Withdrawal


    ගොඩක් දෙනෙක්ට හරි අවබෝධයක් නැහැ මේකෙන් සල්ලි ගනිද්දී කැපෙන්නේ කොහොමද, කීයක්ද ගන්න පුළුවන් කියලා.ඒක නිසා ඒ ගැන කියලා දෙන්න කියලා හිතුනත් xam වැඩ නිසා ඒක කල් ගියා.මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඉතින් e-money කරන යට තමයි.ඒ අයගෙනුත් fiverr කරන අයට...මේක ගැන පොස්ට් තිබුනද කියලා නම් මතක නැහැ.හැබැයි HNB එකෙන් දැන් ATM system එක වෙනස් කරලා තියෙන්නේ.මම ලගදි සල්ලි ගන්න ගියාම තමයි දැක්කේ.මුල ඉදලම පටන් ගත්තොත් හොදයි කියලා හිතෙනවා අලුතෙන්.fiverr, freelancer, odesk වගේ සයිට් එකකින් payoneer එකට සල්ලි load කරාම ටික වෙලාවකින් payoneer account එකට සල්ලි එනවා.card එකට load කරන්න තමයි තියෙන්නේ.ඒකට payoneer account එකට ලොග් වෙලා account information වල payment history වලට යන්න.

    එතන ඇති අන්තිමට ආව සල්ලි ගාන එක්කම card එකට load කරන්න ලින්ක් එක.එතනින් ගිහින් දවස් 2ක්, 3ක් ඇතුලත සල්ලි ගන්න ඕන නම් $1ක් ගෙවන්නත්, පැය 2ක් වගේ ඇතුලත ඕන නම් $5ක් ගෙවන්නත් පුළුවන්.මේ ගාන කැපෙන්නේ card එකට සල්ලි load උනාට පස්සේ.

    සල්ලි load උනාද කියලා දැනගන්න පුළුවන්.ඊටපස්සේ තමයි අර මම කිව්ව ගැටලුව එන්නේ.උදාහරණයක් එක්ක කියන්නම්.

    ඔයා $100ක් load කරොත් සාමාන්‍ය විදියට payoneer card එකට$99ක් එනවා.නැත්තන් express විදියට නම් $95ක් එනවා.සල්ලි ගන්න මම නම් HNB තමයි යන්නේ, හොදයි කියලා කියන්න පුළුවන් ඒක.මොකද එක සැරේ 100,000ක් ගන්න පුළුවන් (මේක මම හොයාගත්තේ මාස 8 කට විතර කලින්, දැන් වැඩි කරලද දන්නේ නැහැ) දෙපාරට ගන්න ගියොත් card එකෙන් දෙපාරක් කැපෙනවා.commercial වගේ එක සැරේ 40,000යි ගන්න පුළුවන් මට මතක විදියට.HNB එකෙන් ගන්න විදිය ගැන කියන්නම්.මොකද ඒක හොදම, ෂුවර්ම විදිය නිසා. US වලින් පිට සල්ලි ගන්න කොට payoneer එකෙන් සල්ලි ගානක් කපාගන්නවා.ඒකට currency conversion fee එක 3%ක් එකතු වෙනවා.දැන් බලමු කොහොමද ගාන හදාගන්නේ කියලා.

    payoneer එකෙන් ගන්න withdrwal fee එක 2.15ක් 3.15ක් වගේ වෙනවා.සමහර විට කැපෙන්නේ නැති වෙන්නත් පුළුවන් ලොකු මුදලක් හැම මාසෙම withdraw කරනවා නම්.සයිට් එකේ 3.15 කියලා තිබුනත් ඒ ගානම කැපිලා නැහැ මම බලපු හැම සැරේම.නමුත් 3.15ක් වෙන් කරන එක හොදයි, ගාන නිතරම එකම අගයක නැති නිසා.

    $99 - $3.15 = $95.85​

    ඊළගට dollar rate එක කියද කියලා බලලා ඒක 97%න් වැඩි කරගන්න.dollar rate එක 130ක් වගේ නම්,

    (130 * 97)/100 = 126.1යි.​

    දැන් මේ 126.1න් $95.85 වැඩි කරගන්න.

    126.1 X 95.85 = 12086.6

    bank එකෙන් රු.200ක්ගන්නවා.ඒකත් අඩු කරගන්න ඕන.

    12086 - 200 = 11886.6​

    ගන්න පුළුවන්රු.11800ක්.

    මේ විදියට ගන්න එක හොද වෙන්නේ, අපි ගන්න මුදල card එකෙන් දෙන්න බැරි උනොත් ඒකටත් $1ක් කැපෙන නිසා.නිතරම bank එකත් එක්කම තියන ATM එකකටම යන්න, මොකද ATM එකේ සල්ලි නැති උනොත් අර විදියටම $1ක් කැපෙන නිසා.account details PDF එකක් ගන්න පුළුවන් payoneer account එකට ලොග් වෙලා, සල්ලි ගත්තට පස්සේ කලින් විදියටම account information වල payment history ලිස්ට් එකේ උඩින්ම තියන transaction එක උඩ ක්ලික් කරාම, ඔයා සල්ලි ගත්ත තැන, ගාන වගේ දේවල් බලාගන්න පුළුවන්.

    සල්ලි ගන්න විදිය ගැනත් කියන එක හොදයි කියලා හිතුනා.ඒකත් බලමු.අපි භාෂාව තෝරලාමුදල් ආපසු ගැනීමදුන්නට පස්සේ අහනවාඉතුරු කිරීමේ ගිණුමෙන්ද, ජංගම ගිණුමෙන්ද....කියලා.කලින් මේ ලිස්ට් එකේජාත්‍යන්තරකියන එක තිබුනා.දැන් ඒක නැහැ.ඒක නිසාඉතුරු කිරීමේ ගිණුමදෙන්න.එතකොට අහනවා bank එකෙන් රු.200ක් ගන්නවා මේ ගනුදෙනුවට, ඉදිරියට යනවද කියලා. එතනින් ඊලග පියවරට yes දුන්නම සල්ලි එයි.

    payoneer ප්‍රශ්න තියනවා නම් අහන්න, දන්න දෙයක් නම් අනිවා උදව් කරනවා..දැන් ඉතින් වැඩි වෙලාවක් ඉන්න එපා සල්ලි අතේ තියන්....ඉක්මනට ගෙදර දුවන්න..... :D :D :D :D


    මම මේක දැම්මේ කාලයක් තියන අත්දැකීම් වලින්, ඒත් එලකිරියට අලුත්. මේක duplicate එකක් නම් admin remove කරන්න :D :yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Good Thread. Machan umba Payoneer indan HNB account ekata aluth widihata direct salli dala thiyenawada? Man dakka samahari e wade wasi kiyala thiyenawa. Samahara HNB branches walin eka para LKR 200,000 ganna puluwan.
     

    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    Good Thread. Machan umba Payoneer indan HNB account ekata aluth widihata direct salli dala thiyenawada? Man dakka samahari e wade wasi kiyala thiyenawa. Samahara HNB branches walin eka para LKR 200,000 ganna puluwan.

    ඔව් local bank වලට withdraw කරන්න දෙන feature එකක් අවා ගිය අවුරුද්ද්දේ මට මතක විදියට. කරලා බලලා නම් නෑ. :yes:
     

    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    මචං දැන් පැය දෙකෙන් ගන්න $3යි කැපෙන්නේ.. Rate එක වෙනස් කරලා....
    HNB තමා මාත් ගන්නේ.. 200,000 වෙනකම් ගන්න පුලුවන්... දැන්..
    :):):):):)
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    පුළුවන්නම් මට මෙකට help එකක් දෙන්න.

    මම payoneer card එකක් apply කරල ගෙන්න ගත්තෙ, දැනට අවු: 2ක් විතර. but මම ඒක use කලේම නෑ. එක පාරක් ඒක cancel වුන. පස්සෙ ආයෙ කතා කරල activate කර ගත්ත. මම ගොඩක් කාලෙකින් ඒකට log වුනේ නැති වුන නිසා, මට password එක අමතකයි. මට ඒකට log වෙන්න බෑ. password එක reset කලාම, අලුත් password එක එවන්න security question එක අහනව. but මචන් මට ඒකට උත්තරත් මතක නෑ. so අලුත් password එක දෙන්නෑ. දැන් පරන password එක reset වෙල තියෙන්නෙ. security question එක නිසා ගන්න බෑ. මේකට මට දැන් මොකක්ද කරන්න පුලුවන්? හැබෛ මගෙ card එකත් නෑ. so මට දැන් ඕන, පරන එක cancel කරල, අලුත් එකක් ගන්නයි. so කවුරු හරි දන්න කෙනෙක් help දෙන්න.
    thanx.
     

    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    පුළුවන්නම් මට මෙකට help එකක් දෙන්න.

    මම payoneer card එකක් apply කරල ගෙන්න ගත්තෙ, දැනට අවු: 2ක් විතර. but මම ඒක use කලේම නෑ. එක පාරක් ඒක cancel වුන. පස්සෙ ආයෙ කතා කරල activate කර ගත්ත. මම ගොඩක් කාලෙකින් ඒකට log වුනේ නැති වුන නිසා, මට password එක අමතකයි. මට ඒකට log වෙන්න බෑ. password එක reset කලාම, අලුත් password එක එවන්න security question එක අහනව. but මචන් මට ඒකට උත්තරත් මතක නෑ. so අලුත් password එක දෙන්නෑ. දැන් පරන password එක reset වෙල තියෙන්නෙ. security question එක නිසා ගන්න බෑ. මේකට මට දැන් මොකක්ද කරන්න පුලුවන්? හැබෛ මගෙ card එකත් නෑ. so මට දැන් ඕන, පරන එක cancel කරල, අලුත් එකක් ගන්නයි. so කවුරු හරි දන්න කෙනෙක් help දෙන්න.
    thanx.

    මචන් ඔයා contact කරන්න payoneer එක, හේතුව කියන්න. documents ඉල්ලයි verify කරගන්න.

    https://payoneer.custhelp.com/app/Contact_us