වැල වරකා

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,467
    6,715
    113
    Gedara
    2e3vf5g.jpg


    දෑන් කාලේ අපේ රටේ ඇත්තන් සමහරෙකුට ,වැලවරකා යනු 3 වෙනි පන්තියේ ‘’ චිකෙයි යා’’ කෑමකි.එහෙත් වැල ,වරකා පිලිබදව ලෝකය පුරා කර තිබෙන අධ්‍යන පිළිබද විමසද්දී පසක් වන්නේ,මෙම පලතුර විශාල රෝග ගණනාවක් මට්ටු කරන සුපිරි ආහාරයක් බවය.

    01.පිළිකා මර්දනය කරයි./ඇස් ,සම සුරැකි.
    වැල වරකා වල ආහාරමය තන්තු (fiber) බෙහෙවින් අඩංගුය.මල බුරුල් කරයි.අන්ත්‍ර පටල සුරැකි.පිළිකාකාරක විෂ මහ බඩවලින් ගලවා ඉවත් කරයි.වැල වරකා වල රසායනය ගත් විට බීටා කැරොටින්,සැන්තින්.ලුටින්,බීටා ක්‍රිප්‍රෝසැන්තින් වැනි දුලභ ස්වාභාවික ෆ්ලේවනොයිඩ් වර්ග අඩංගුය,මේවා පිළිකා ඇති කරන නිදහස් මුක්ත කන්ඩ විනාශ කිරීමට සමත් ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්ත වෙයි.
    විටමින් A B,E,C වැඩිපුර ඇති බැවින් සම , ඇස් සුරැකි.


    02.බර අඩු කරයි
    මෙහි 98% ඇත්තේ ශක්තියයි.මේදය ඉතාමත් අඩුය,විටමින් B,C හා පොටෑසියම් ලවන ඇති බැවින් ශරීරය දුර්වල නොකොට බර අඩු කර ගැනීමට කදිම ආහාරයකි.


    03.හදවත සුරැකි.
    සොඩ්යම් ලවන ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන්ය.ඒ වෙනුවට 100g ක,පොටෑසියම් 303mg පමණඅඩංගු වෙයි.එම නිසා හදවත ට හිතකරය, අධි රුධිර පීඩනයෙන් ආරක්ෂා වීමට පිළිසරණ වෙයි.


    04.අස්ථි පද්ධතිය සුරැකි,


    05.ස්වභාවික ප්‍රතිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කරයි


    06.ත්යිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි.


    07.මතක ශක්තිය වැඩි කරයි


    08.AGES නමින් හැදින්වෙන අප සිරුරේ පටක විනාශ කරන ප්‍රෝටීනය,වැල වරකා වල ඇති විටමින් B6 මගින් නිශේධනය කරයි,එනම් තාරුණ්‍ය සුරැකි.
    එනමුත් වැල වරකා අහාරයට ගන්නා විට රුධිරය ආශ්‍රිත රෝග වලින් පෙලෙන්නන්,දියවැඩියාව හා වකුගඩු රෝග වලින් පෙලෙන රෝගීන් වැල වරකා අඩුවෙන් ආහාරයට ගත යුතුය.ඉතාමත් කලාතුරකින් ආසාත්මික විය හැක.


    වැල වරකා වලින් ඇතම් රටවල් ජෑම්,කෝඩියල්,වයින්,ජෙලි සාදයි...
    ජාන වෙනස් නොකළ මේ ඉමිහිරි පැණි වරකා ගස් වලට හෙන ගසන්නට ඉඩදී ,අප කෑමට අවුරුද්දකට පරන වූ ඇපල්ගෙඩි කෝටි 22ක් ආනයනය කරන්නමු.


    අප නැවත , මේ විසල් ,ප්‍රතාපවත් ,ගුණැති වනස්පතියේ රැකවරණය ලබන්නේ කෙදිනද??
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    අඩේ දැක්ක ගමන් අාවෙ නම් වල් හිතකින් බැලින්නම් මේ ඔරිඡිනල් වැලනේ.. තැන්ස් මචන් Rep++ :P
     

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    "ජාන වෙනස් නොකළ මේ ඉමිහිරි පැණි වරකා ගස් වලට හෙන ගසන්නට ඉඩදී ,අප කෑමට අවුරුද්දකට පරන වූ ඇපල්ගෙඩි කෝටි 22ක් ආනයනය කරන්නමු"

    sad but very true..
    thanks for the post. gunai kiyala nam danan hitiye na