වල්පොලමුල්ල...

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    එළකිරි යාළුවො හැමෝටම ලබන්නා වූ සිංහල අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියල ප්‍රර්ථනා කරන ගමන් මම හිතුව පොඩි අවුරුදු තෑග්ගක් දෙන්න කට්ටියට.මේකත් ඉතින් අපි ගිය trip එකක් තමයි.අපිට ඉතින් වෙන වැඩක් නෑනේ බන්.බැනුම් අහන්න පුළුවන් හැමෝගෙන්ම බැනුම් අහ අහ කොහේ හරි යන එකම තමයි.මම කෙලින්ම කතාවට බහින්නන්කෝ.

    අපිට මේ ගමන යන්න මුලින්ම හිතට ආවෙ අපි අන්තිමට knuckles ගිහින් ආවට පස්සේ.ආපහු දවසක වල්පොලමුල්ලට ගිහින් දවසක් ඉඳල එමු කියල හිතාගෙන හිටපු ගමන ටිකක් දික් කරල දූවිලි ඇලි set එකේ 11 වෙනි ඇල්ල හොයාගෙන යමු කියල තීරණය කලේ ලඟදි.කොහොමත් knuckles කියන්නෙ මට නං කොච්චර ගියත් එපා වෙන්නෙ නැති පළාතක්.

    මේ තියෙන්නෙ අපි කලින් ගිය ඒවා..
    http://www.elakiri.lk/forum/showthread.php?t=1610862
    http://www.elakiri.lk/forum/showthread.php?t=1629965
    http://www.elakiri.lk/forum/showthread.php?t=1659130

    මුලින්ම මේ ගමනට සෑහෙන්න set එකක් හිටිය.සමහර දවස්වල කට්ටිය වැඩියි කියලත් හිතුන.ඒත් ඉතින් හැමදාම යන අපි 4යි(RP,KP,GP සහ මම) මාදව සහෝදරයගේ මල්ලියි(KP) විතරයි.අපේ ගමන දවස් 3යි.night 2යි.ගියේ bike වල.ඒත් hiking කරන්න යනව නං bike වල යන එක එච්චර සුදුසු නෑ වගේ..තෙහෙට්ටුව නිසා එනකොට අමාරුයි.වැල් බයිලා ඇති නේද.
    අපි ගමන පටන් ගත්තෙ අප්‍රේල් 3 වෙනිදා උදේ පාන්දර.ඔක්කොම set උනේ කඩුවෙලදි.පුළුවන් තරන් උදෙන් ඇද්ද.එච්චර වේගෙන් යන්න බැරි උනා එක bike එකක් 1000ක් දුවල නැති නිසා.

    යන ගමන් .කොහෙද කියල නං මතක නෑ.


    මාතලේ foodcity එකේ..


    මෙතන ඉඳන් ගමන ටිකක් අමාරු උනා.බඩු ගොඩක් අරන් යන්න තිබුන නිසා.ඒත් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ අපිට.ඊට පස්සේ නැවතුනේ අපි අනිවා නවත්තන කපටි uncle ගේ කඩේ.දවල්ට කන්න.

    මේ තියෙන්නෙ කඩේ තමයි.


    මෙතනින් ගොඩක් ඉවර කළා.!කන්න බැරි එවුන් ටිකක්නේ ඉන්නෙ.




    මෙතනට යනව නං තමන් කන සියලුම දේවල් ලියාගන්න.මිනිහ නියම මුදලාලි.ඒකයි..


    riverston කන්ද කිට්ටුව.


    riverston tower එකට හැරෙන තැන.


    මානිගල,ඇතන්වල,තුන්හිස්ගල සහ දූවිලි ඇලි..ඔය මැද්දෙන් තිත් වගේ පේන්නෙ ඇලි ටික තමයි..


    පිටවල පතන.


    ඊට පස්සේ අපි කෙලින්ම ආවේ ඇතන්වල ගමට.bike ටික නවත්තල තියන්න ගෙයක් හොයාගන්න.මුලින් අපි කතා කරන් හිටපු වසන්ත phone off කරලා තිබුන නිසා වෙන තැනක් හොයා ගන්න උනා..

    අපි bike දාපු ගෙදර.හරි හොඳ මනුස්සකම් තියෙන මිනිස්සු.


    අපි ඒ ගෙදරින් පිටත් උනේ 5ට කිට්ටු කරල.අපේ target එක උනේ වල්පොලමුල්ල.ගෙදර ඉඳන් කැලෑව පටන් ගන්න තැනටම තියෙනෙව සෑහෙන දුරක්.පාර කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ දූවිලි ඇල්ලට වෙනකන්ම mark කරල තියෙන නිසා.

    මේ වගේ..මනිගලට යන පාර තමයි ඔය ..ඕකේ ගිහින් ටික දුරකින් හැරෙන්න ඕන.



    මෙතන තමයි අපි කොළ අත්තක් කඩල ගහක එල්ලල වැන්දේ.අපිට මේ ගමනෙදි තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි කූඩැල්ලෝ..!අපේ gp සහ එක kp කෙනෙක් හරි ආසයි කූඩැල්ලන්ට..


    අපි ටිකක් හෙමින් ගියේ බඩු ගොඩක් තිබුන නිසා.ඒ නිසා ටික වෙලාවකින් කළුවර වැටුන.අපි කොහොමත් රෑ වෙනව කියල හයියෙන් යන්න try කලේ නෑ.හැමෝටම torch තිබුන නිසා එච්චර ප්‍රශ්නයක් උනේ නෑ.ඒත් ඉස්සරහින් යන එකා පට්ට කල්පනාවෙන් යන්න ඕන.

    රෑ ගමනෙ..


    කොහොමහරි අපි පැය දෙකක විතර ගමනකින් පස්සෙ වල්පොලමුල්ලට ආව.ඇවිල්ල මුලින්ම දර ටිකක් හොයාගෙන ලිප පත්තු කරල ගියා වතුර ටිකක් අරගෙන එන්න රෑට උයන්න.එතැනදී එකෙක් කියනවා මට කවුද කතා කරනව ඇහුනලු.අනේ මන්ද ඕව නං..

    උයන්න ලෑස්ති වෙනව.




    උයල ඉවර වෙලා අපි ගෙනාපු බඩු බෙදා ගත්ත හැමෝටම සමානව.ඊට පස්සේ ගියා වෙලට ලස්සන බලන්න.

    දූවිලි ඇල්ල ලස්සනට පේනව.ගොඩක වතුර තිබුන නිසා..


    මෙදා පාර නං අපි හොඳට කෑවා.thanks to sajja.!


    කාල ඇවිත් හොඳට නිදා ගත්ත set එකම.


    පහුවදා උදේ පාන්දර..Good morning knuckles..!


    අපි පුළුවන් තරන් උදෙන් පිටත් වෙන්න කියල හිතන් හිටියට හරි ගියේ නෑ.8ත් පහු වෙලා පිටත් වෙනකොට.

    හොඳ පුරුදු.


    මෙතැනදී තමයි අපි උදේ කෑම ගත්තෙ.රෑ වතුර ගත්ත කිවුවේත් මෙතැනින්ම තමයි.


    ඊට පස්සේ ඉතින් ගමනේම තමයි.


    WOW!!


    කූඩැල්ලෝ කඩනව.detol ගෑවා නං හරි.ඒත් මුන් දෙන්න බයයි.


    දිගටම පල්ලම බහින්න තමයි තියෙන්නෙ ඔය හම්බවෙනකන්ම.




    ටික දුරක් ගියාම පොඩි වතුර පාරක් හම්බවෙනව.එතන පොඩි rest එකක්.


    මේ තියෙන්නෙ ඒක..


    මේ වගේ දේවල් නං ඕන තරන් තියෙනව.


    කට්ටිය ගමනෙ.


    මේ කිට්ටුවදී අපි නයෙක් දැක්ක..ඌ උගේ පාඩුවේ ගියා.අපි අපේ පාඩුවේ ගියා..කැලෑව අයිති ඒගොල්ලන්ට..




    Geotagging…හරියටම හරි ගියේ නෑ බොලව්..


    රූස්ස ගස්..


    amazing knuckles forest..


    මේ සත්තු ගොඩක් තැන්වල හිටිය.ඒත් මම නං ඇත්තටම දන්නෙ නෑ මොකාද කියල..දිගයි අල්ලපු ගමන් බෝලයක් වගේ ඇකිලෙනව.


    ටික වෙලාවකින් අපි ආව ඔයට..


    මෙතන කට්ටිය ගොඩක් වැඩ එහෙම කරල පිටත් උනා උඩහට යන්න..මම මෙච්චර වෙලා කියවගෙන ආවට හරියටම කිඋවේ නෑනේ කොහෙද යන්නේ කියල.අපේ main target එක උනේ දූවිලි ඇලි set එකේ 11 වෙනි ඇල්ල.එකේ photo එකක් මම කොහෙවත් දැකල නෑ internet එකේ.ලොකු කමකට කියනව නෙමෙයි.උඹලත් නිකන් search කරල බලපල්ල.ලක්දසුන් site එක බලනකොට මෙන්න මේ map එක දැක්ක.


    එක බලාගෙන ගත්ත දල අදහසයි අපි කලින් වතාවෙ අතරමන් වෙලා ඈතට දැකපු දිය ඇල්ලයි connect කලාම තේරුණා එක තමයි ඇල්ල කියල.ඉතින් එක හැමබවෙනකන් ගඟ දිගේ උඩහට යන එක තමයි අපේ plan එක උනේ..මෙතනින් එහාට තමයි නියම ගමන.කිසිම පාරක් නෑ..අනික අපි කිසිම මග පෙන්වන්නෙක් නැතුව තමයි ගියේ.එකත් අපිට ලොකු අත්දැකීමක් උනා..ඒ වගේම තමයි අපි වෙනදට වඩා පරිස්සම ගැන හිතුව..

    යනකොට හම්බුන ලස්සන තැනක්..!


    ගඟ දිගේ..








    මෙතනට තමයි අර map එකේ හැටියට 12 වෙනි ඇල්ල තියෙන වතුර පාර මේකට එකතු වෙන්නෙ.




    ඊට පස්සේ අපි ආවේ අපේ ගමනෙ එක සන්දිස්ථානයකට..අපි කලින් වතාවෙ මෙතනට වෙනකන් ඇවිල්ල තිබුන.මෙතනින් එහාට තමයි ගේම..


    The famous BW!


    The heart..! And still….


    ඔතනින් උඩට ගඟ දිගේම යන්න තමයි try කලේ.හේතුව අපිට දිය ඇල්ල miss උනොත් කියල..


    ගොඩක් අමාරු ගමනක් තමයි තිබුනේ..ගල් ලිස්සනවා.අනික වතුර පාර සැරයි.




    ටික දුරක් ඇවිදගෙන ආපු අපිට හම්බුනා මේ දිය ඇල්ල.ඇත්තටම අපි දන්නෙ නෑ අපි හොයපු දිය ඇල්ල මොන වගේද,කොච්චර ලොකුද කියල..ඒ නිසා ඇත්තටම අපි හිතුවේ මේ එක නෙමෙයි කියල.


    කොහොමත් ඒ වෙනකොට 4 කිට්ටු කරල නිසා අපි හිතුව මෙතන දවල්ට උයාගෙන කන්න.තව උඩහට ගිහින් රෑට නවතින්න තැනක් හොයාගන්න බැරි වෙයි කියල හිතල මෙතනම රෑට නවතින්න හිතාගෙන දර ටිකක් එහෙම හොයාගත්ත.දවල්ට උයන අපේ කට්ටිය.


    අපේ සැමන් හොද්ද..


    ඔක්කොම උයල තියල කට්ටිය හොඳට නාගත්ත..Crystal clear water!


    දවල්ට කාල එහෙම ටිකක් වෙලා ඉඳල හිතුව තව ටිකක් උඩට ගිහින් බලන්න.තව දිය ඇලි තියෙයිද කියල..මේකද කියල confirm කරගන්න ඕන නිසා..මුළු trip එකේම මේ ටික තමයි ආතල්ම.!ගමන පටන් ගන්නකොට 5ට විතර ඇති..අපි පොඩි වැරද්දක් කළා,එච්චර photo ගත්තෙ නෑ.

    ගෝන අඩි.


    6 පහු වෙනකන් උඩහටම ගිය..පුළුවන් තරන් කැලේ ඇතුලෙන් තමයි ගියේ.එකට හේතුව ගඟ දිගටම දෙපැත්තෙන් ලොකු බෑවුමක්.ගඟේ දිගටම ලොකු ගල්..


    දිගටම ගස්වල mark කරගෙන තමයි ගියේ..ඇත්තටම මාධව ඒක හරියටම කරල තිබුනේ නැත්තන් අපි තවම knuckles.!රෑ වෙන්න පටන් ගන්නකොට ආපහු හැරුන..අපි රෑත් ඇවිද්ද පැයක් විතර.එක ඇත්තටම නියම අත්දැකීමක්..!මම හිතන්නෙ අපි කිලෝමීටරයකට වඩා ගියා..එතකන් අපිට මීට වඩා ලොකු ඇල්ලක් හම්බුනේ නෑ.අපි confirm කරගත්තෙ ඒ වෙලාවෙ තමයි අපි හොයපු දිය ඇල්ල අපි දැකපු එක කියල.

    අපි අපේ බඩු ටික තියල ගිය තැනට ආපහු ඇවිල්ල set උනා රෑට උයල කාල නිදා ගන්න.

    බොන්චියි බතුයි..


    හොඳට කාල පොඩි night photo shoot එකක් කරල නිදා ගත්ත.

    එකෙක්ට හීතල වෙලා..


    අපේ camp site එක.


    good night everyone..!





     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    another beautiful morning to knuckles..!


    Happy faces...


    උදේ පාන්දර milo එක..


    මේක තමයි දිය ඇල්ල..


    The 11th fall of doovili eli waterfall complex!


    Amazing …!




    Enjoying his newly bought ND filter.






    ඒ අස්සෙ එකෙක් කට්ටක් ඇණගෙන.මගෙත් දෙකක් ඇනුන..


    Rock balancing …


    Classic..!


    ඇති වෙනකන් photo ගහල උදේට කාල එන්න පිටත් උනා..

    good bye..!


    ටිකක් දුර ගඟ දිගේ ඇවිල්ල ඊට පස්සේ කැලෑව ඇතුලෙන් ආව..ඒක ගොඩක් ලේසියි..




    දිගටම ගමනෙ තමයි..නැවතුනේ ගොඩක් අඩුවෙන්..හේතුව තමයි අපි එදා හවසම ගෙවල් වලට එන්නත් ඕන නිසා..

    මූ දවල්ටත් torch ගහගෙන යනවද කොහෙද..


    මේ වගේ දිගටම තියෙනව දූවිලි ඇල්ලට යනකන්ම..


    පොඩි විවේකයක්..


    cute.!


    කටුස්සෙක්ට දීපු වදයක් මුන් දෙන්න..


    මේ ඉන්නෙ ඒ යාළුවා..


    නුගතලාව..


    මෙයා නං විසයිද දන්නෙ නෑ..


    ඊළඟට හම්බුන වතුර පාරක් ළඟ නැවතිලා උයාගෙන කාල පිටත් උනා ගමනෙ අන්තිම කොටසට..

    නැවතත් වල්පොලමුල්ලේ..


    දිගටම ගමනෙ තමයි..එච්චර photo ගත්තෙ නෑ පරක්කු වෙන නිසා..

    මෙතන ගොඩක් වහින කාලෙට වතුර පිරෙනවලු..




    හරක් සහ මී හරක්..


    ඊට පස්සේ කෙලින්ම අපි ඇතන්වල ගමේ තමයි නැවතුනේ..


    Beautiful Athanwala..


    කොහොමහරි අපි කොළඹට එනකොට පහුවදා පාන්දර වෙලා..කට්ටියට හොඳ සැප..ඒත් ඒ ගත්ත අත්දැකීම් වචනයෙන් කියන්න බෑ.ඒ වගේම අපේ හැමෝම ගොඩක් ඒවා පොළොවේ ගහගත්තලු...!අයියෝ සල්ලි..!

    මේක ටිකක් දිග වැඩි ඇති.ඒත් මීට වඩා පොඩි කරන්න බෑ බන්..ඉතින් වෙනද වගේම අපිට මේ ගමනට සහභාගී උන හැමෝටම බොහොම ස්තුතියි..!අපේ bike ටික දවස් 3ක් තියාගෙන හිටපු ඒ ගෙදර මාමටත් බොහොම පින්..අපිත් එක්ක එන්නන් කියල ඉඳල අන්තිමට ආවේ නැති උනාට පොරොන්දු උන දේවල් නිට්ටඹුවට ගෙනල්ල දීපු ඒ මල්ලිටත් බොහොම ස්තුතියි..එළකිරි යාළුවො හැමෝටම කියන්න තියෙන්නෙ උඹල දෙයක් පටන් ගන්නව නං එක අතාරින්න හිතන්න එපා..අනික මේ වගේ ගමනක් යනව නං උපරිම planing තියෙන්න ඕනෙ..අපි අහවල් දවසේ අහවල් වෙලාවට ඉන්නෙ කොහෙද ,කන්නේ මොනවද ,කියල අපි plan කරනව..ඒ විදියටම කරනව..ඉතින් උඹල හැමෝටම බුදු සරණයි...!හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා...!
     
    • Like
    Reactions: chinthaka156

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    (You must spread some Reputation around before giving it to tharindup again.) machan para hoya gena yanna getaluwak une nadda, nathnam map ekak ho thiyenawada or GPS?
     

    waligamaya

    Well-known member
  • ගමනනම් සුපිරියි.
    හැබැයි උබලා ගොන් වැඩක් කරලා තියනවා. එ ඇල්ල ගව නිදා ගත්ත තැන. උඩහට වැස්සනම් එහෙම උබලා ඉවරයි. ඔය වගේ තැන්වල නිදා ගන්න එපා
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    machan sira trip eka eeta wade sira umbalage coverage eka!!! tharuna kollo hatiyata hama kenekma mea wage parisarayata lan wenawannam kochchara shoke da... ada api ahana dakina hama prashnayakatama hethuwa api nature ekata lan noweema saha ewa vinaasha kireema...
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83


    මේ කිට්ටුවදී අපි නයෙක් දැක්ක..ඌ උගේ පාඩුවේ ගියා.අපි අපේ පාඩුවේ ගියා..කැලෑව අයිති ඒගොල්ලන්ට..




    Hats off guys!!! godaak aya amathaka karana simple deyak!!! godak aya hithanne kale ape apita ona de karanne puluwan kiyala
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් මහන්සි වෙලා දාල තියෙන මාර ලස්සන ත්‍රෙඩ් එකක්..:love:
    ආස හිතෙනව ගිහින් එන්න...:yes:
    කපටි මුදලාලියගෙ සීන් එක මොකද්ද..?:eek:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    :shocked:මචන් ඕකේ කොටි වලස්සු එහෙම නැද්ද බන් ?පට්ට ගමන බන්.ලස්සනට ෆොටෝ ටික අරන් තියනවා .එල :yes::D