කොටු 11ක්, පෝස්ට් 600ක් සහ කඳුළු කතාවක්...
ගීත පෙළ
මිහිරැති වසන්ත කාලේ~ෂෙල්ටන් පෙරේරා
හඳේ කොතැනක~සුනිල් එදිරිසිංහ
පිණිබර යාමේ~සුනිල් එදිරිසිංහ
ඉස්සර මං ගිය~සුනිල් එදිරිසිංහ
මිදුලේ වැලි මාළිඟාවේ~මුල් ගායිකාව නොදනිමි (දන්න කෙනෙක් කියන්න )
නුපුරුදු ඔබ දුටු~අසංක ප්‍රියමන්ත
මේ ප්‍රථම වසන්තයයි~සනත් නන්දසිරි
ප්‍රේමය නම්~නන්දා මාලිනි
ඔබේ සිනා ළඟ~ජගත් වික්‍රමසිංහ
සැරයටියෙන් අපි~විජය කුමාරතුංග-චන්ද්‍රලේඛා පෙරේරා? (වැරදි නම් කියන්න)
සත් මහලින්~නිරෝෂා විරාජිනි-කරුණාරත්න දිවුල්ගනේ
අපි ඈතට ඈතට~වික්ටර් රත්නායක
ගහ කොළ මල්~වික්ටර් රත්නායක-ලතා වල්පොල
අපෙ හැඟුම් වලට~වික්ටර් රත්නායක
සඳ දිය දෙව්න සේ~අසංක ප්‍රියමන්ත-මාලිනි බුලත්සිංහල
මගෙ ආදර පවසට~ක්‍රිෂාන්ත එරන්දක-මාලිනි බුලත්සිංහල
මගේ සෙනෙහස~සුනිල් එදිරිසිංහ
නිම් තෙරක් නොදුටු~සුනිල් එදිරිසිංහ
දිනෙක හිරු~වික්ටර් රත්නායක
අපි ආයෙත් හමු නොවුනා නම්~සොඅමතිලක ජයමහ
එපා හිරු පායන්න~වික්ටර් රත්නායක
සියල්ල ඉදිරි~සුනිල් එදිරිසිංහ
අතීතයේ මා~කසුන් කල්හාර
ඔබේ සෙවන මට නිවනක්~කරුණාරත්න දිවුල්ගනේ
වසන්තයේ මල්~ඉමාන් පෙරේරා
ප.ලි. කතාවේ ගලා යාමට බාධා වේ යැයි සිතුනු නිසා images, videos add නොකළෙමි.කතාව දිග වැඩියි, කම්මැලියි වගේ නම් කියලා යන්න.

එළකිරියට ඇවිත් මාස පහක් වගේ පොඩි කාලයක් ඇතුළත මට කොටු 11ක් පිරෙන්න රෙප් දීපු හැමෝටම බොහොම ස්තුතියි.මම 2010-2011 වගේ කාලේ ඉඳන් සාමාජිකත්වය නොගෙන මේකෙ ගිය ත්‍රෙඩ්ස් සෑහෙන ප්‍රමාණයක් බලලා තියනවා.වැඩ අඩු කාලයක් එනකම් ඉඳලා තමයි membership එක ගත්තේ.ආපු මුල් කාලේදි මට ත්‍රෙඩ්ස් දාන විදිය කියලා දුන්නු Mr.Tom, richlife කියන සහෝදරයෝ දෙන්නා වත්, දත් කිඹුලා සහෝදරයා වත් ඇතුළු නම් නොකී සියළුම දෙනාටත් බොහොම ස්තුතියි.

ස්තූති කරන ගමන් 600 වෙනි පෝස්ට් එක හැටියට දාන්නේ මම බොහොම ආසා කරන ගීත කීපයක් ඇසුරෙන් ගොඩ නඟපු කතාවක්.ආපු එකේ ඒකත් කියවලා ම යන්න.

"මිහිරැති වසන්ත කාලේ~කිම ඔබ මෙතෙක් නොආයේ" කියලා කියන හය වෙනි වසන්ත කාලයත් ගෙවී ගෙන යනවා."හඳේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්~බලා අවසර සොයා කල් දැන..වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින්" ගීතය ඇහෙද්දි අතීත මතක සටහන් ගලා ගෙන එන්නෙ කෙළවරක් නැතුවයි.
මම බොහොම දුෂ්කර පළාතක ඉපදුනු කෙනෙක්.ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත් වුන එකම කෙනා වුනු මට කොළඹ එන්න අවස්ථාව ලැබුනා."කොළඹ රේල්ලුව රජ ගමනට එනවා~නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා" කියලා අප්පච්චි උදෙන්ම මාව ඇහැරවලා පිටත් කලේ "ගුරු සිත රිදිලා වේවැල හඬවාවී" කියල භයෙන්.හැමදාම ගෙදර ඉදන් කොළඹ එවන්න තියන අඟ හිඟකම් නිසා බෝඩින් කාමරයකට කොටු වෙන්න මට සිද්ධ වුනා.ඒත් පාසලෙන් ඉවත් වෙනකම්ම "පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින් වන වදුලේ අසිරිය" හිතින් දකින එක අත් හැරුනේ නෑ.
මම වත් නොහිතපු විදියට සරසවියට ඇතුළු වෙන්න වරම් ලැබුනම අම්මලාට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ."පීනා සිප් සයුර දෙතෙර~සියල් සතර දැන පිරිසිඳ" ආපහු ගමට එන අදහසින් ගෙදරින් පිටත් වෙලා ආයෙමත් කොන්ක්‍රීට් බිත්ති හතරකට කොටු වෙන්න මට සිද්ධවුනා.
සරසවියේ ගත කරපු මුල් දවස් ටිකේ ඇස නොගැටුණු රුවක් එක පාරටම දැකපු ඒ දවස මට අද වගේ මතකයි."නුපුරුදු ඔබ දුටු පළමු දිනේ~සුපුරුදු ලෙස පෙනුනා" කියල හිතේ ඉන්න මම කෑගහලා කීවත් ඒක එළියට ඇහුනේ නෑ.එදා ඉදන් ගෙවුනු හැම මොහොතක්ම ඇය වට ගෙවුනා කියලයි මට දැනුනේ. ගම් වලින් සරසවියට ආපු තරුණියෝ නොයෙකුත් විලාසිතා කරමින් කාලයත් එක්ක වෙනස් වෙද්දි ඇය විතරක අවුරුදු හතර පුරාවටම ඇයටම අනන්‍ය වුනු දිගු කෙස් කළඹත් ස්වභාවික සුන්දරත්වයත් එහෙම්ම තියාගෙන උන්නා.යහළු යෙහෙළියන්ගේ උසුළු විසිළු මැද වුනත් තමන්ගේ අනන්‍යතාවය ඒ විදියටම තියාගෙන හැමදාමත් ගැමි සුන්දරත්වය ආරක්ෂා කරගෙන උන්නු ඇයගැන මගේ හිතේ ඇති වුනේ වචනෙන් කියන්න බැරි ආදරයක් සහ ගෞරවයක්."මේ ප්‍රථම වසන්තයයි" කියල සැක නැතුව කියන්න පුළුවන් කම මට තිබුනා.හේතුව පොත් පත් වලට සහ මව්පියන්ගේ හීන වලට ම ඇළිලා උන්නු මගේ හිතට ආදරය කියන හැඟීම දැනුනේ ඇය නිසා.ඇය ගැන මගේ හිතේ තියන හැඟීම "ප්‍රේමය නම්~රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි..පාරිශුද්ධයි සුරම්‍යයි..."කියලා කිවුවොත් මං සියයට සියයක් නිවැරදියි.
ඒ වුනත්....
"ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා~ඔබේ කතා ළඟ සිත නැවතුනු දා~ප්‍රේමය හැඳින්නෙමි" කියල කියන්න මට හැකියාවක් තිබුනේ නෑ.ඒකට හේතුවක් මම අදටත් දන්නේ නෑ.සමහරවිට ඒ ඇයගෙන් මට අකමැතියි කියන වචන ටික පිට වෙයි කියල වෙන්න ඇති.එහෙමත් නැත්නම් මට ඇය ගැන තිබුන ඒ උතුම් සිතුවිලි ඇය එක්ක සම්බන්ධකමක් තියගත්තොත් කිළිටි වෙයි කියල හිතෙන්න ඇති.අදටත් මම ඇයගෙන් මට කැමතිද කියල නොඅහපු එක ගැන හිතේ තියෙන්නේ දෙපැත්තකට බෙදුනු අදහස්.හිත වෙලාවකට කියනවා ඇහුවා නම් මේ වෙනකොට ඇය මගේ බිරිඳ වෙලා ළඟින් ඉන්න තිබුනා කියලා.ඒ හිතම ආයෙත් කියනවා අකමැතියි කියල ඇයගෙන්ම අහගෙන ඒ මොහොත නැවත නැවත මතක් වෙවී දුක් විඳිනවට වඩා නොඅහම හිටිය එක හොඳයි කියලත්.ඇය පිටිපස්සෙන් වැටුනු, මට වඩා හැම අතින්ම ඉදිරියෙන් උන්න අයට පවා ඇය අකමැති වුනේ ඇය මට කැමැත්තෙන් උන්න නිසා වෙන්න ඇති කියලත් මම හිතනවා.මම ඇයගෙන් කැමැත්ත ඇහුවේ නැත්තේ ඒ හීන බොඳ වෙයි හිතාගෙන වෙන්න ඇති.
ඔය විදියට හිතත් එක්ක දෙගිඩියාවෙන් අවුරුදු දෙකක කාලයක් ගෙවිලා ගියා.මේ කාලේදි මගේ ඇහැ යොමු නොවුන කෙනෙක් තුළ මං ගැන ආදරයක් පහළ වෙලා තිබුනා.කන්ද උඩරටින් ආපු මැණිකේ කෙනෙක් එයා.උපතින් උරුම වුනු වතු පිටි, මුදල් හදල් නොතිබුන මගෙ ගමන වැටිලා තියෙන්නේ "කටු කොහොලින් පිරි කළල් දියේ" ය කියල මම පැහැදිළිවම එයාට කිවුවා.ඊට පස්සෙත් "සත් මහලින් බැස එන්නම්~ඔබ මා පිළිගන්නවා නම්" කියලා කිවුව ඇයව නොපිළිගන්න තරම් හේතුවක් මට ඒ වෙලාවේ දැනුනේ නෑ.ඒ කාලේ ඇයව මගේ හිතේ කොණකට තල්ලු කරන්න ලොකු උත්සහයක් ගනිමින් උන්නු කාලයක්.අමාලි එක්ක කාලය ගත කරද්දි ඇයවත් අමතක වෙලා යාවි කියලා මම මාවම රවට්ටා ගත්තා.
"අපි ඈතට ඈතට පා නගලා~ඝන වනන්තරේ" අතරමන් වුන වෙලාවල් බොහොම තිබුනා.ඒ කාලේදි "ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ" ඉඳන් අහන් ඉන්න තරම් දේවල් අපේ කතා වල තිබුනා."අපෙ හැඟුම් වලට ඉඩදී" හිටිය මොහොතවල් ගණන මෙතෙකැයි කියන්න බැරි තරම්.ඒ වුනත් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය ප්‍රේමය වෙන් වෙලා තිබුනේ ඇයට විතරමයි.ඒක එදත් අදත් හෙටත් හැමදාටමත් එහෙමමයි.ඒක එහෙම වුනා කියල අමාලිට මගේ ආදරේ අඩුවක් දැනෙන්න මම ඉඩක් තිබ්බේ නෑ.
හැමදේම උඩු යටිකුරු වෙන්න ගියේ බොහොම පොඩි කාලයයි.ඒ වෙද්දි මම වෘත්තියෙන් ඉහළ තැනකට ගිහින් හිටියත් සමාජ තල වල නොගැළපීම් එයාගේ මව් පියන්ට පෙනෙන්න පටන් ගත්තා."දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන~හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම" කියන දේ මන්ත්‍රයක් වගේ අමාලි නිතර නිතර කියන්න පටන් ගත්තා.මේ තරම් කාලෙකට කිසිම අඩුවක් නොවී ඇයට දුන්න ආදරේ අඩුපාඩු පේන්න ගත්තේ ඒත් එක්කම වගෙයි."මගෙ ආදර පවසට ඔබ~නියං කලට හඬන අහස" කියල ඇය කිවුව වෙලාවේ ඒක බොරු කියල ඔප්පු කරන්න මට වචන මදි වුනා.ආදරයේ අඬු ලුහුඬුකම් කිය කිය උන්න ඇය මම මේ වචන ටික කියනකම් වත් නො ඉන්න තරම් හදිස්සි වුනා.
"මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි~මනින්නට ඔබ උගෙන නැත තව...
මගේ අවසන් සුසුම පමණ ද~අවැසි ඔබ හට මා දකින්නට//
වසර ගණනක යොදුන් ගණනක~ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත~දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදේ.......
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි~මනින්නට ඔබ උගෙන නැත තව...
මිළින කුසුමෙක මිළින සිහිනෙක~මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදේ.......
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි~මනින්නට ඔබ උගෙන නැත තව..."
අමතක කරන්න උත්සාහ කරන වාරයක් පාසා ඇයව තව තවත් ළං වුනා වගේ මට දැනුනේ."ඔබේ සිනා වත~මගේ නවාතැන තැවුල් සැඟව යාවී ජීවිතයේ" කියූ ඇය ම ද මේ වෙන් වෙලා ගියේ?"සයුර මා විය අහස ඔබ විය දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය" කියලා දවසක් ඇය මුහුද දිහා බලාගෙන ඉද්දි කිවුවා අද වගේ මතකයි.මුහුදු හුළඟට ඇයගේ මුහුණට වැටිලා දඟ කරපු කෙහෙරැළි මෑත් කරනවා ඇරෙන්න "සයුර මා විය අහස ඔබ විය දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය~කී කතාවේ අරුත වැටහින අහස සමුදුර එකතු වී නැත" කියලා මට එදා දැනුනේ නෑ.
අන්තිම වතාවට හමු වෙන්න එන්න කියලා ඇයගෙන් පණිවිඩ කීපයක්ම ආව නිසා ඇය බලන්න ගියත් ඇති වුනේ පසුතැවිල්ලක්.
"අපි ආයෙත් හමු නොවුනා නම්...
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස~යලි උපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුනා නම්...
ඔබ නාඳුනනා විරහා වේදනා~පෙර දා වින්දේ මා පමණයි
දිග කලෙකින් හමු වී සෝ ලතැවුල් අදත් විදින්නේ මා පමණයි...""එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට අදයි අවසන් දවස මගෙන් ඈ........ඇගෙන් මා සමු ගන්න..."
මූණට නොකිවුවට එන ගමනට මගේ හිතේ රැව් දුන්නා.
එදා ජීවිතේ ලොකු හිස් බවක් එක්ක බෝඩිමට ආපු මාව පිළිගන්න මට හුරු පුරුදු තනිකම මඟ බලන් හිටියා."හිටපන් තනිකම මගෙ ගේ මිදුලෙම~හතර මායිමෙන් එහා නොයා" කියලා මීට අවුරුදු කීපෙකට කලින් කිවුව දේ තනිකම විසින් අපූරුවට පිළිපැදලා තිබුනා.
ඒ වුනත් වසන්ත කාලේ එක්ක "අතීතයේ මා පෙම් බැඳි ලියන්" (ඇය සහ අමාලි ) ගැන මතක් වෙන්නේ....
"ඔබේ සෙවන මට නිවනක්~වගේය යන සිතුවිල්ලක්
මගේ හිතේ තිබු හින්දයි~මේ තරමට ලතැවිල්ලක්" කියලා හිතෙන නිසා වෙන්න ඇති.ඒ සිතුවිල්ල ඇති වෙන්නෙ ඇය නිසාද නැත්නම් අමාලි නිසාද ඒත් නැත්නම් දෙන්නම නිසා ද කියල පැහැදිළි නෑ.
ඇය මේ වෙනකොට ලෝකේ කොහේ කොතැනක ඉන්නවද දන්නෙ නෑ.ඇය සරසවියේ ඉන්න කාලේ ඉඳන් යොමු වෙලා උන්නු වෘත්තියට වඩා වෙනස් වෙනස් ස්වරූප වලින් මගේ හිත තවමත් ඇයව හැඩකරනවා.වෙලාවකට වයලීනයක්, සිතාරයක්, තවත් වෙලාවකට ස්ටෙතස්කෝපයක්, ලොකු බර පොත් ගොඩක් ඇගේ රූපය සරසනවා.
අමාලිත් තව දුරටත් මට අයිති වස්තුවක් නෙවෙයි කියලා අද උදේ ආපු තවමත් මේසෙ උඩ දිගඇරිය ගමන් තියන මංගල ආරාධනා පත්‍රය මට නිහඬවම කියනවා.
"නෙතු කඳුලින් බොඳ කල ඒ
අතීතයේ හීන පැළට
මා කැඳවා යන්නට නුඹ
ඇයි දෝ ආවේ......."
සැ.යු. ඇය හැර මෙහි එන සියළු චරිත සහ සිදුවීම් මනඃකල්පිත බව කරුණාවෙන් සළකන්න.

Last edited: