කරුණාරත්න_අබේසේකර

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කරුණාරත්න_අබේසේකර

    කරුණාරත්න අබේසේකරයන්ගේ 32 වැනි ගුණානුස්මරණය



    200px-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1_%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB.jpg


    ඊයේ දිනට යෙදුනු කරුණාරත්න අබේසේකරයන්ගේ 32 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි

    කරුණාරත්න අබේසේකර (ගුවන් විදුලියේ කරු අයියා) ශ්‍රී ලංකාවෙහි ජනප්‍රිය, පොදු ජනයාගේ සිත්දිනූ කවියකු, ලේඛකයකු, ගුවන්විදුලි විස්තර නිවේදකයකු, වැඩසටහන් සම්පාදකයකු, චිත‍්‍රපට ගීත රචකයකු, ගීත නිබන්ධකයෙකි. ඔහු ශ්‍රී ලංකාවෙහි ප්‍රථම ගුවන් විදුලි වැඩ සටහන සිංහල නිවේදකයායි. ලෝකයේ ප්‍රථමයෙන්ම ගුවන් විදුලියෙන් සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වූයේද කරුණාරත්න අබේසේකර මහතායි. ඒ සිලෝන් ක්‍රිකට් පිළ හා සංචාරක එංගලන්ත ක්‍රිකට් පිළ හා තරඟයයි.

    1930 මාතර රත්මලේ බඹරැන්ද පොසතුගොඩදී උපත ලද කරුණාරත්න, කොළඹ නාලන්දා විද්‍යාලයයෙන් උගත්තේය. කරූ පාසල් යුගයේ අති දක්ෂ කථිකයකු විය. ඔහු 1946 සිට 1950 දක්වා කාලයේ නාලන්දා විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ද විය.

    හෙළ ගීතය සමග ගහට පොත්ත මෙන් බැඳී සිටි එතුමන් නොසිටින්න 60,70 යුග වල ගීත මෙතරම් රසවත් නොවන්නට ඉඩ තිබුණි. එනම් අපගේ ම වාසනාවට පහල වූ විශිෂ්ඨ ඝනයේ කලාකරුවෙක්, ගීත රචනයෙහි විශාරදයෙක් යයි හැඳින්වීම නිවැරදිය.
    ක්ෂේත්‍රය තුල ආදරයට කරු අයියා නමින් ආමන්ත්‍රණය වූ එතුමන්ගේ ගීත රචනා කෞශල්‍ය තුලින් අති විශාල මෙහෙයක් ඉටු කරගත්තේ ශ්‍රී ලාංකේය සිනමාවයි. අශෝකා චිත්‍රපටයට හා පුරා කියා රචනා කල ගී අතර “තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ , පෙම් පහන නිවී " වැනි ගීත කිසිම් ආධුනික බවක් නොපෙන්වූ පරිපුර්ණ නිර්මාණ උනා. අශෝකා චිත්‍රපටය තිරගත වීමට පෙර ඔහු විසින් ගීත 10 ක් පමණ පබැඳු ‘‘වරද කාගෙද“ චිත්‍රපටය තිරගත විය. ඒ 1954 අප්‍රියෙල් මස 09 දින. ඒ ගී අතරට දළුලා ප්‍රේම ගසේ, ආලෙ අඳුරුයි, ඕ සුමුදු ගිමනේ, හදේ හී මා, ආලය හිමි මගේ රාජා, - ගිනි දැල් ඇවිලේ, නැගි නැගී මෝරන, වැනි ගීත ප්‍රබන්ද කරමින් හෙළ සිනමා ගීත රචනා කලාවේ විශිෂ්ඨ ලකුණක් බවට එතුමන් පත් විය, එදා සිනමාව මෙතරම් ජනප්‍රිය වීමටත් , බහුතරයක් රසිකයාගේ විනොස්වාද මාධ්‍යයක් බවට පත්වීමට විශේෂ හේතුව උනා කරුණාරත්න අබේසේකරයන්ගේ දායකත්වය.
    හෙළ සිනමා ගීතය මෙපමණටම එදා ප්‍රේක්ෂක හදෙ නිදන් වීමට හේතු සාධක වූ ගී උල්පතක් පැදු එතුමන් ගීත ප්‍රබන්ද කල චිත්‍රපට අතර , ඩිංගිරි මැණිකා,සූරයා, සරදම්,දෙයියන්ගේ රටේ ,වන මෝහිනී,පුරුෂ රත්නය ,ශ්‍රී 296 ,සුභද්‍රා , දීප ශිබා ,හෙට ප්‍රමාද වැඩියි, කල කල දේ පල පල දේ, සිතක මහිම ,ස්වීප් ටිකට් , ඇතුල්වීම තහනම් , සුදු දුව ,රන් රස ,අක්ක නගෝ , සුළි සුළං ,හතර දෙනාම සූරයෝ, අබිරහස, රත්තරන් අම්මා ,එදත් සූරයා අදත් සූරයා ,සීනාවයි ඉනාවයි , හොඳම වෙලාව කවුද රජා , රන්තිලකා ,ටිකිරා , කල්‍යාණී ගංගා වැනි චිත්‍රපට වල ගීත ඉතාමං මන්ස්කාන්ත්ය.

    එමෙන්ම , සිය කුසලතාවය එක ක්ෂේත්‍රයකට පමණක් සීමා නොකකර එතුමන්ගේ වපසරිය , නිවේදන කලාව, ගුවන් විදුලි වැඩසටහන් සම්පාදනය ආදී අංශ කෙරෙහිද විසිර යයි. 40,50 දශකයේ ගුවන් විදුලියේ ප්‍රචාරය වූ සිරි අයියාගේ ළමා පිටිය තුලින් , එතුමන් විසින් අප රටේ ළමා පරපුර , සහ ඔවුන්ගේ රස වින්දනය, ආකල්ප වර්ධනය , කෙරෙහි ඉතා ප්‍රබල බලපෑමක් කළේය. එකල ඔහු නැගී එන ගීත රචකයන්ට පුර්වාදර්ශයක් වෙමින් ශබ්දය හා අර්ථය මනාව සංවිධානය කර ගනිමින් ළමා පරිකල්පනයට ගැළපෙන අයුරින් පද හසුරුවා ගත් අකාරය කිසිම නිවදෙකයෙකුගෙන් අප නොඇසූ තරම්ය. එය අද වැනි ළමා ගී හිඟ යුගයක, ළමා ගී නිර්මාණයේ යෙදෙන නිර්මාණකරුවන්ට දක්වන්නේ මහඟු ආදර්ශයකි.

    නොවෙකුත් ආකාරයේ විශාල වපසරියක ප්‍රේම ගීත . විරහ ගීත ළමා ගීත නිර්මාණකරණයට පරිබාහිරව, අසන්නා වෙත යහපත් පණිවිඩයන් සන්නිවේදනය කිරීම තුලින් ඔවුනගේ චින්තනයේ යහපත් වෙනසක් සිදු කිරීමට සමත් විවිධ සමාජමය සංසිද්ධීන් පිලිබඳ අදට පවා වලංගු යයි සම්මත විශාල ගීත ප්‍රමාණයක් රචනා කරමින් ගීත ක්ෂේත්‍රයට මහඟු මෙහෙයක් කල එතුමන් මිය ගියත් තවමත් ජීවමානව නැගී සිටි. ඒ ඔහු අපට ඉතිරි කර වටිනා නිර්මාණ කලාවයි.

    අද පවා ජාතික කර්තව්‍යයන්හිදී ගයන සිහිපත් කරන , ලතා වල්පොළ ආදරණීය ශිල්පිනිය ගැයූ”පෙර දිග මුතු ඇටයයි මේ, ගීතය , , අද පමණක් නොවේ අපට(නන්දා මාලනී) , ඉපිද මැරේ යලි ඉපිදේ(අමරදේවයන්) , බුද්ධං සරණන් ගච්චාමි(මොහිදීන් බෙග්) , වැනි ගී අසන විට අපගේ හදවත් තුල බැදී පවතී.

    ගායන ශිල්පීන් වර්ගීකරණයකින් තොරව සිය මියුරු පද මාලාවන් විවිධ ගායන ශිපීන් ලවා ගයවමින් විශේෂයෙන් එච් .ආර්. ජෝතිපාල, අමරදේවයන් , වික්ටර් රත්නායකයන් , මොහිදීන් බෙග්, මිල්ටන් පෙරේරා, රුක්මණී දෙවි, ජමුනා රානි, ලතා වල්පොළ , ධර්මදාස වල්පොළ, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, සුජාතා අත්තනායක එම ශිල්පීන්ගේ අනන්‍යතාව ගොඩනැගීම කෙරෙහිද මහඟු මෙහෙවරක් ඔහු ඉටු කළේය.


    මෙකි එන බෝහො තොරතුරු අන්තර්ජාලයෙන් හා පුවත්පත් මගින් මා කියවා දැනගත් තිරතුරු වේ. මුහුණු පොතද මෙහිදී බොහෝ ප්‍රයෝජනවත් වූ බව කිවයුතුය. විවිද මුලාශ මගින් ගත තොරතුරු කැටිකොට එලකිරියට ගෙන ඒමට අදහස් කලෙමි





    හැමෝටම බලන්න බම්ප් එකෙක් දාන්න. අදහසක් එකතු කරන්න
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    1988 අග භාගයේ උපන්නෙකු වන මට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන කාල පරාසයේ දි ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර යන් ගේ ගුවන්විදුලි කතිකාවන් අසන්නට භාග්‍යයක් නොලැබුනි. දැන් මෙන් වාණිජකරණය, දේශපාලනීකරණය සහ නපුන්ංසකත්වය මුසු නොවූ කටහඬවලින් සහ චතුර කතිකත්වයෙන් යුතු සංවාද නොඅඬුව ඇසුනු කාලයක් ලෙස. ඒ කාලයේ සිටි ගුවන්විදුලි ශ්‍රාවකයන් ගෙන් අසා ඇත්තෙමි. එම හඬ පටි ලබා ගත හැකි තැනක් වේ නම් ඒ ගැන දන්නා අයගෙන් විස්තර බලාපොරොත්තු වෙමි.
    මා දන්නා තරමින් කරුණාරත්න අබේසේකරයන් ගීත 2000කට අධික ප්‍රමාණයක හිමි කරුවෙකු වූ පළමු හෝ එකම ශ්‍රී ලාංකිකයාය.(වැරදි නම් නිවැරදි කරන්න.) ඔහුගේ මා අසා ඇති බොහෝ ගීත වල ප්‍රේමයේ විරහව යනු පොදු ලක්ෂණයක්. මේ ගැනත් ඔහුගේ ජීවිතය හා සබැඳි යම්
    කතාවක් වේ නම් එයද දැනගැනීමට කැමැත්තෙමි. අද කාලයේ ගීත මෙන් පොළවේ පස් කා වැළපෙන පෙම්වතෙකුට වඩා විරහව, ප්‍රේමයට එල්ලවෙන බාධක වුවද උපේක්ෂාවෙන් දරා ගැනීමට අවශ්‍ය ආකල්පමය වෙනස ඇති කරවන ගීත රාශියක් ඔහු අතින් ලියැවී තිබෙනවා. ඔහුගේ ගීත සියල්ලම පාහේ සර්වකාලීනයි. අදටත් එම ගීත වල රසයේ අඩුවක් නොවී අසන්නට විඳින්නට හැක්කේ ඒ හේතුව නිසා වෙන්න ඇති.
    ප්‍රේමය පැරදුනු තැන සහ ජීවිත බාධක වලට පිළියම් ලෙස සියදිවි නසා ගැනීම බහුලව තෝරා ගන්නා අද කාළේ තරුණ පරපුරට උවමනාවක් ඇත්නම් මෙම ගීත අසන්නට විඳින්නට හැකි නම්, විරහව වුවද සොඳුරු හැඟීමක් බවට පත් කරගත හැකි වේවි.

    කරුණාරත්න අබේසේකරයන්ගේ මා ප්‍රිය කරන ගීත කීපයක්...
    මගෙ දෑසම පියවී එන්නේ
    එන්න මඳ නළේ ගොස් පවසන්න දුක මගේ
    පෙම් පහන නිවී පෙම් මල් පරවී
    ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ

    කරුණාරත්න අබේසේකරයන් ගෙන් ජීවිතයට පාඩමක්

    සතුට සෝකේ ජය පරාදේ ~ අපටමයි මේ ලෝකයේ
    එයට පිටුපා මෙලොව මිනිසා ~ කිසි තැනක දී නෑ ගියේ

    අතට ආ ඒ රන් කුරුල්ලා ~ අතැර දැම්මේ ඇයි එදා
    සිතට එකඟව සිතා බලනූ ~ දැනෙයි සෝකේ මුල මෙදා
    සෝචනීයයි ජීවිතේ ~ එන තුරා සැප මාරුතේ

    බොන්න ගත් දේ රිඳී බඳුනේ ~ දිය සිදී වියළී ගියා
    දරුණු දෛවේ කාරුණික නෑ ~ බොහෝ විට නොම දේ දයා
    සෝචනීයයි ජීවිතේ ~ එන තුරා සැප මාරුතේ​



    ප.ලි. කරුණාරත්න අබේසේකරයන් සිංහල භාෂාවෙන් ක්‍රිකට් විස්තර විචාරය කිරීමේ පළමුවැනියා ලෙසත් මෙතන කියවෙනවා.1950-1970 කාල සීමාව තුළ ශ්‍රී ලංකාව සහ එංගලන්තය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුන තරඟ වලත් දේශීය මට්ටමේ ක්‍රිකට් තරඟ වලත් විස්තර විචාරයේ යෙදුනු ඔහු විසින් හඳුන්වා දුන් සමහර වචන අදටත් ක්‍රිකට් විස්තර විචාරකයෝ විසින් භාවිතා කරනවා ලු.


    +2
    11.gif
     
    Last edited:

    Similar threads