එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    ෆෝන් ගන්න ඔනේ කස්ටිය ඇතුලට එමුකෝ එහෙනම් බලන්න...
    |
    |
    |
    |
    |
    |
    |
    ***********************එලකිරි ෆෝන් බයින් ගයිඩ්*************************

    මචන්ලා මේ ත්රෙඩ් එකේ අරමුණ ෆෝන් එකක් ගන්න ඉන්න බුවෙකුට බුවියෙකුට පොඩි අයිඩියා පාරක් දීමයි. මම ත්රෙඩ් එක විවිධ ප්රයිස් රේන්ජ් අනුව කොටස් කීපයකට වෙන්කරලා දාන්නයි බලාපොරොත්තුව.

    ආ... තොපිලට කියලම පටන් ගන්න ඔනේ.


    • [*]ඇන්ඩ්රොයිඩ් හොඳයි ඇපල් හොඳයි, වින්ඩෝස් හොඳයි කියලා මෙතන උලල් කා ගන්න නම් එපා :frown::frown::growl::growl:
      [*]2014 ජනවාරි වලින් පස්සේ ආපු ෆොන් ගැන පමනයි මේකෙදි කතා කරන්නේ.
      [*]ටැබ්ලට් ඩීවයිසස් සැලකිල්ලට ගෙන නැහැ
      [*]අලුත් ෆෝන් එනකොට ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්.
      [*]ෆෝන් මහ ගොඩක් තියන නිසා සමහර ඒවා මග ඇරිලා ඇති. එවා උඹලා මෙකේ දාපල්ලා.

    එහෙනම් වැඩේ පටන් ගමු..
    --------------------------------------------------------------------------------------
    රුපියල් 15000 ට අඩු

    --------------------------------------------------------------------------------------
    මේ ගානට යනවනම් ඉතින් ගොඩක් ඔප්ෂන්ස් බලාපොරොත්තු වෙන්න බෑ. ෆීචර් ෆෝන්ස් නම් හොයාගන්න පුලුවන්. ඒත් මේ ත්රෙඩ් එකෙන් මම ෆීචර් ෆෝන් ගැන අවධානය යොමු කරන්නේ නැහැ. :no::no:


    XIAOMI Redmi 1S Dual sim 2G

    මේ ගානට මීටවඩා ඔප්ෂන්ස් තියෙන වෙන ෆෝන් එකක් හොයගන්න අමාරු වෙයි. හැබැයි මේක 2ජී විතරයි එන්නේ. :(:( ඒකනම් ලොකුම ලොකු අඩුවක්

    xiaomi-hongmi.jpg


    වාසි
    IPS LCD 4.7” Display
    1 GB RAM
    8 MP 1.4 uP Cam + 1.6MP
    Android 4.3 Jelly Bean
    Dual SIM
    1.6 Quad Core Cortex A-7 CPU

    අවාසි
    2G only
    හොයගන්නගන්න ටිකක් අමරුයි.
    අන්ඩ්රොයිඩ් අප්ඩේට් එන එක සුවර් නෑ

    _____________________________________________________________

    Microsoft Lumia 535

    මේක වින්ඩොස් ඕ එස් දුවන ෆෝන් එකක්. මේක ගනිද්දි පොඩ්ඩක් ප්රවෙශමෙන් ගන්න. මොකද මුලින්ම ආපු සෙට් එකේ ටච් අවුලක් තිබ්බා. දැන් නම් ඒ අවුල නෑ. ගෙවන ගානට වටිනවා. හැබැයි තමන්ට වින්ඩෝස් ෆෝන් ඕඑස් ගැලපෙනවද කියල බලලා ගනිල්ල. මම දැක්කා මේකේ එකෙක් කෑ මොර දිදී හිටියා 535 ඇරගෙන ඇප්ස් නෑ කියලා

    nokia-lumia-535-1.jpg


    වාසි
    IPS LCD 5” Display
    1 GB RAM
    5 MP Front + 5 MP Rear Cam
    Windows Phone 8.1
    Dual SIM
    Windows 10 අප්ඩේට් එන එක එනවා
    1.2 Quad Core Cortex A-7 CPU

    අවාසි
    මුලින්ම ආපු සෙට් එකේ ටච් අවුලක් තිබ්බා
    වින්ඩෝස් ෆෝන් හැමෝටම ගැලපෙන්නේ නෑ.
    ඇප්ස් ඇන්ඩ්රොයිඩ් අයි ඕ එස් වගේ නෑ

    _____________________________________________________________
    --------------------------------------------------------------------------------------

    රුපියල් 16000 – 25000 අතර
    --------------------------------------------------------------------------------------

    XIAOMI Redmi 2 4G LTE

    මම දකින විදියට මේ ප්රයිස් රෙන්ජ් එක ඇතුලේ තියන හොඳම ඇන්ඩ්රොයිඩ් ෆෝන් වලින් එකක් මේක.

    xiaomi-redmi-2-2.jpg


    වාසි
    IPS LCD 1280 x 720 pixels 4.7 inches ~312 ppi Display
    8GB Internal + 1 GB RAM or 16GB Internal + 2 GB RAM
    8 MP, 1.4 µm pixel Cam with LED Flash + 2 MP Front Cam
    Android 4.4.4 Kit Kat
    1.2 GHz Quad Core Cortex A53 Processor + Qualcomm Snapdragon 410 Chipset
    4G LTE

    අවාසි
    හොයා ගන්න ටිකක් අමරුයි.
    අන්ඩ්රොයිඩ් අප්ඩේට් එන එක පරක්කුයි
    8 GB එකේ රැම් එක 1 GB

    _____________________________________________________________

    Motorola E Dual SIM

    motorola-moto-e-3.jpg


    මේක නම් ගොඩක් බජට් එක ගැන හිතන අයට විශෙෂයි. මේ කැටගරි එකේ අඩුවෙන්ම තියන ෆෝන් වලින් එකක් මේ මොටෝ ඊ කියන ෆෝන් එක. හරිනම් මේක තියෙන්න ඕනේ 15000/= ට අඩු කැටගරි එකේ. එත් ඉතින් දන්නවනේ ලන්කාවේ ගනන්.

    වාසි

    540 x 960 pixels, 4.3 inches (~256 ppi pixel density)
    4GB Internal + 1 GB RAM
    5 MP, Cam no Fromt cam
    Android 4.4.4 Kit Kat
    Dual-core 1.2 GHz Cortex-A7 + Qualcomm Snapdragon 200 Chipset
    ලෝ එන්ඩ් ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් උනත් ඇන්ඩ්රොයිඩ් ලොලිපොප් අප්ඩේට් එක එනවා

    අවාසි

    පවර් එක මදි ගතිය දැනෙන්න පුලුවන්.
    බිල්ඩ් කොලිටි එක ටිකක් අඩුයි කියලා බැලූ බැල්මට නොපෙනුනත් යූස් කරද්දි දැනෙනවා.

    _____________________________________________________________

    Sony Xperia M2 D2303

    වාසි

    sony-xperia-m2-2.jpg


    4.8” TFT capacitive touchscreen, 540 x 960 pixels (~229 ppi)
    8GB Internal + 1 GB RAM
    8 MP Rear Cam with LED flash + VGA Front Cam
    Android 4.4.4 Kit Kat
    Quad-core 1.2 GHz Cortex-A7 + Qualcomm MSM8926 Snapdragon 400
    4G LTE

    අවාසි

    ඩිස්ප්ලේ එක ටිකක් විතර ෂාප් මදි. රෙසලූෂන් අඩුයි.
    අනික් ෆොන් එක්ක බැලුවහම ගාන පොඩ්ඩක් වැඩියි.
    බැටරිය ගලවන්න බෑ. ( OmniBalance Design නිසා )


    _________________________________________________________________

    LG G2 Mini LTE (D620)

    පොකට් එකට දැනෙන්නෙ නැතුව දාගෙන යන්න පුලුවන් ෆෝන් එකක්. මිනි එකක් නිසා. ඒත් මෙක ටිකක් විතර පරනයි දැන්. පරනයි කිව්වට 2014 පෙබරවාරි. කලිනුත් කිව්වා වගේ මම ගත්තේ 2014 පස්සෙ ආපු ෆෝන්ස් විතරයි.

    වාසි

    lg-g2-mini-2.jpg


    4.7” IPS LCD, 540 x 960 pixels
    8GB Internal + 1 GB RAM
    8 MP Rear Cam with LED flash + 1.3 MP Front Cam
    Android 4.4.2 Kit Kat
    Quad-core 1.2 GHz Cortex-A7 + Qualcomm Snapdragon 400
    4G LTE
    NFC

    අවාසි

    ඩිස්ප්ලේ එක ටිකක් විතර ෂාප් මදි. රෙසලූෂන් අඩුයි.
    ටිකක් විතර පරනයි .


    _____________________________________________________________

    HTC DESIRE 526G+ DUAL SIM

    හුරුබුහුටි බජට් ෆෝන් එකක්. ගර්ල් ෆ්රෙන්ඩ්ට ගිෆ්ට් කරන්න එහෙම හොඳයි. 2015 ජනවාරි තමා රිලීස් වුනේ. ඔක්ටා කෝර් ප්රොසෙසරයක් එක්ක තමා මේ ෆෝන් එක එන්නේ.

    htc-desire-526g-plus-dual-sim.jpg


    වාසි

    4.7”, 540 x 960 pixels 16M Colors
    8GB/16GB Internal + 1 GB RAM
    8 MP Rear Cam with LED flash + 2 MP Front Cam
    Android 4.4.2 Kit Kat
    Quad-core 1.2 GHz Cortex-A7 + Qualcomm Snapdragon 400
    4G LTE

    අවාසි

    ඩිස්ප්ලේ රෙසලූෂන් අඩුයි.
    අනික් ෆොන් එක්ක බැලුවහම ගාන පොඩ්ඩක් වැඩියි

    _________________________________________________________________

    Samsung Galaxy S3 Neo I9300I

    මේක සැම්සුන්ග් S3 වගේම තමා. හැබැයි රිලීස් වුනේ 2014 අප්රේල් වල. මතුපිටින් ඔරිජිනල් S3 එක වගේම උනාට හාඩ්වෙයාර් අතින් වෙනස්කම් කීපයක් තියනවා. මේක ඇත්තටම 25කට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න පුලුවන්. ලුක් එක ගැන වැඩිය හිතන්නේ නැත්නම් ගෙවන ගානට උපරිම ස්පෙක් එකක් ලැබෙන ෆෝන් එකක්.

    samsung-i9300l-galaxy-s3-neo.jpg


    වාසි

    4.8”, Super AMOLED 16M colors
    720 x 1280 pixels (~306 ppi pixel density)
    16GB Internal + 1.5 GB RAM
    8 MP Rear Cam with LED flash + 1.9 MP Front Cam
    Android 4.4.4 Kit Kat
    Quad-core 1.4 GHz Cortex-A7 + Qualcomm MSM8226 Snapdragon 400
    ඩිස්ප්ලේ එක නියමයි.
    1.5 රැම් එක

    අවාසි

    වෙබ් බ්රවුසින්, ගේම්ස් වලදි රත් වෙනවා වැඩියි.
    ප්ලාස්ටික් ඇන්ඩ් බෝරිං ලුක් එක
    බැටරි ලයිෆ් එක ටිකක් අඩුයි.
    අප්ඩේට් ගැන බලාපොරොත්තු වෙන්න බෑ
    ගාන පොඩ්ඩක් වැඩියි.

    _________________________________________________________________

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    රුපියල් 26000 – 37000 අතර
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


    මේ කැටගරි එකෙනම් චොයිසස් ගොඩක් තියනවා. ඔක්කොම දන්න බැරි නිසා හොඳම ෆෝන් ටික විතරක් දාන්නම්.


    ______________________________________________________________________________________________________________________________________

    HTC Desire 816 4G

    htc-desire-816-3.jpg


    බොහොම ලස්සන හුරුබුහුටි ෆෝන් එකක්. ගොඩක් වෙනස් කලර් ඔප්ශන්ස් එක්ක මේ ෆෝන් එක ගන්න පුලුවන්. බැටරි ලයිෆ් එකත් හොඳයි. අනික කිසිම වෙලාවක කොමන් ෆෝන් එකක් කියන හැඟීම දැනෙන එකක් නම් නැතිවෙයි. ගර්ල් කෙනෙකුට හොඳටම ගැලපෙනවා.

    වාසි

    5.5”, Super LCD2 16M colors
    720 x 1280 pixels (~267 ppi pixel density)
    8GB Internal + 1.5 GB RAM
    13 MP f2.2 Rear Cam with LED flash + 5 MP Front Cam
    Android 4.4.2 Kit Kat with Sense 6.0
    Quad-core 1.6 GHz Cortex-A7 + Qualcomm MSM8928 Snapdragon 400
    ඩිස්ප්ලේ එක නියමයි.
    ෆ්රන්ට් ස්ටීරියෝ ස්පීකර්ස් සහ ඩොල්බි සවුන්ඩ්ස්
    28 මිලිමීටර් ලෙන්ස් එක සහ දිත්ව එල් ඊ ඩී ෆ්ලෑෂරය

    අවාසි

    පවර් කී එක තියෙන්නේ උඩ. ෆෝන් එක ලොකු නිසා යූස් කරද්දි ටිකක් අමාරු වෙන්න පුලුවන්.


    __________________________________________________________________________________________________________________________

    Asus Zenfone 2 ZE500CL Dual Sim LTE

    මේක ගන්නවානම් පාවිච්චි කරන්න ගන්න. මොකද ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක අඩුයි. හැබැයි ෆෝන් එක ගොඩක් හොඳයි. වෙනස් දෙයකට කැමති කෙනෙකුට ගොඩක්ම ගැලපෙනවා. මේ වගේ වෙන ෆෝන් එකක් වෙන කවුරු හරි ගාව දකින එක නිතරම නම් කවදාවත් වෙන්නේ නෑ.

    asus-zenfone-2-ze500cl.jpg


    වාසි

    5.0”, IPS LCD 16M colors
    720 x 1280 pixels (~294 ppi pixel density)
    16GB Internal + 2 GB RAM
    8 MP Rear Cam with LED flash + 2 MP Front Cam
    Android 5.0 ලොලිපොප්
    Chipset Intel Atom Z2560 + Dual-core 1.6 GHz
    PowerVR SGX544MP2 GPU
    ගොරිල්ලා ග්ලාස් 3

    අවාසි

    සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක අඩුයි.
    ප්ලාස්ටික්

    __________________________________________________________________________________________________________________________________
    Huawei Ascend G7

    ප්ලාස්ටික් සහ මෙටල් මෝල්ඩ් කරලා යුනි බොඩි එකක් විදියට ඩිසයින් කරපු හැන්ඩ්සම් ෆෝන් එකක්. අතට ගත්තහම කොලිටි එක ෆීල් වෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක අඩු නිසා ඉක්මනට දෙන්න බලාගෙන නම් ගන්න එපා. පාවිච්චියට නියමයි.

    ascend-g7-2.jpg


    වාසි

    5.5”, IPS LCD 16M colors
    720 x 1280 pixels (~267 ppi pixel density)
    16GB Internal + 2 GB RAM
    13 MP Rear Cam with LED flash + 5 MP Front Cam
    Android 4.4.2 කිට් කැට්
    Quad-core 1.2 GHz Cortex-A53+ Qualcomm Snapdragon
    Li-Po 3000 mAh battery

    අවාසි

    සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක අඩුයි.
    බැටරිය ගලවන්න බෑ
    ඇන්ඩ්රොයිඩ් අප්ඩේට් පරක්කු වෙනවා

    __________________________________________________________________________________________________________________________
    Nokia Lumia 735

    ඇන්ඩොයිඩ් එපා අයට ගෙවන ගානට හොඳ වින්ඩෝස් ෆෝන් අත්දැකීමක් ලබාගන්න හොඳ ඩිවයිස් එකක් විදියට 735 ලුමියා හඳුන්වන්න පුලුවන්. ෂාප් ඇමොලෙඩ් ඩිස්ප්ලේ එකක් එක්ක 6.7 MP Carl Zeiss optics සහ 5 MP වයිඩ් ඈන්ගල් ලෙන්ස් සෙල්ෆී කැම් එකත් මේක ගන්න හෙතුවක් වෙනවා. පොලිකාර්බනේට් යුනි බොඩි ඩිසයින් එක විශේෂයි.

    lumia-735-1.jpg


    වාසි

    4.7”, ClearBlack AMOLED Display 16M colors
    720 x 1280 pixels (~316 ppi pixel density)
    8GB Internal + 1 GB RAM
    6.7 MP 1/3.4'' sensor Rear Cam with LED flash + 5 MP wide-angle 24mm lens Front Cam
    Microsoft Windows Phone 8.1 with Denim update
    Quad-core 1.2GHz Cortex-A7+ Qualcomm Snapdragon 400 chipset
    2,200mAh Li-Ion battery, wireless charging
    NFC
    වින්ඩෝස් 10 අප්ඩේට් එක එනවා.

    අවාසි

    ගොඩක් ලුමියා වල එක ග්ලාන්ස් ස්ක්රීන් එක නැහැ
    චිප්සෙට් එක ටිකක් පරනයි. ඒත් වින්ඩෝස් වලට එච්චර රිසෝසස් ඔනේ නෑ.
    බැටරිය ගලවන්න බෑ

    __________________________________________________________________________________________________________________________

    MOTOROLA MOTO G 4G

    මුදලේ වටිනාකමට බැලුවොත් මේ ප්රයිස් රේන්ජ් එකේ ගන්න තියන හොඳම ඇන්ඩ්රොයිඩ් ෆෝන් වලින් එකක් තමා මොටෝ ජී 4ජී කියන්නේ. මොටෝ ජී වල මොඩල්ස් කීපයක් එනවා. මම මෙතන කියන්නේ 2014 4ජී මොඩල් එක ගැන. ලොකුම වාසිය තමයි ඇන්ඩ්රොයිඩ් අප්ඩේට්ස් ඉක්මන්ටම ලැබෙන එක.

    motorola-moto-g-4g-2.jpg


    වාසි

    4.5”, IPS LCD capacitive touchscreen Display 16M colors
    720 x 1280 pixels (~329 ppi pixel density)
    8GB Internal + 1 GB RAM
    5 MP Rear Cam with LED flash + 1.3 MP Front Cam
    v4.4.4 (කිට් කැට්), planned upgrade to v5.1 (ලොලිපොප්)
    Quad-core 1.2GHz Cortex-A7+ Qualcomm MSM8926 Snapdragon 400
    Adreno 305 GPU
    2,070mAh Li-Ion battery,

    අවාසි

    කැම් එක කොලිටි මදි.
    බැටරිය ගලවන්න බෑ


    __________________________________________________________________________________________________________________________________

    ඉතුරු ටික පේජ් 2 එකේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1672987&page=2
     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    රුපියල් 26000 – 37000 අතර

    රුපියල් 26000 – 37000 අතර added to 1st one
     
    Last edited:
    • Like
    Reactions: <DNA

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    රුපියල් 38000 – 50000 අතර

    added to first post
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැඩේ නම් එල බන් මොකද ෆෝන්
    ගැන අහලා ත්‍රෙඩ් කීයක් වැටෙනවද දවසකට ඒ නිසා ගොඩක්
    උන්ට ප්‍රයෝජන්වත් වෙයි :cool:
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Patta thread ekak but uba oka danakota manf me kagadi 4n 3k 4k set krlas dila iwrai.. uba e dawas wla bang inda hitye.mage kallata ekak aran dunna xperia e3 dual eka ekamethana thibba nsa ubata rep denna watinawa
    hehe
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    රුපියල් 50000 - 70000 අතර

    __________________________________________________________________________________________________________________________________
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    රුපියල් 50000 - 70000 අතර

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ෆෝන් එකකට 50000ට වැඩියෙන් වියදම් කරනවනම් ගන්න පුලුවන් හොඳම ෆෝන්ස් ටික මෙතන දාන්නම්.

    Xiaomi Mi4 4G LTE 64GB

    පොඩ්ඩක් හොයානන්න අමාරු උනාට ෆීචර්ස් අතින් හොඳටම පෝසත් නියම ෆෝන් එකක් තමයි මේ ෆෝන් එක. ස්නැප්ඩ්රැගන් 801 චිප්සෙට් එකක් එක්ක 3 ජීබි රැම් එකක් එක නිසා පෆෝමන්ස් අතිනුත් ගොඩක් හොඳ ෆෝන් එකක්. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකනම් ටිකක් අඩුයි ලන්කාවෙ. මොකද මෙහේ අය තාම මේ බ්රෑන්ඩ් ගැන වැඩිය දන්නේ නැති නිසා. තව 8 මෙගා පික්සෙල් සෙල්ෆී කැම් එකකුත් තියනවා.

    xiaomi-mi4-1.jpg


    වාසි

    5.0”, IPS LCD capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~441 ppi pixel density) Full HD
    64GB Internal + 3 GB RAM
    13 MP Rear Cam LED flash + 8 MP Front Cam
    2160p Video Recording
    1/3'' sensor size, 1.12µm pixel size
    Android 4.4.3 (කිට් කැට්) + MIUI 5.0
    Quad-core 2.5 GHz Krait 400 + Qualcomm MSM8974AC Snapdragon 801
    Adreno 330 GPU
    3080 mAh li- Ion battery,
    චේන්ජ් කරන්න පුලුවන් බැක් කවර්ස්


    අවාසි

    ලොලිපොප් තාම නැත
    ගොරිල්ලා ග්ලාස් ආරක්ශාව නැත
    එස් ඩී කාඩ් ගසන්නට බැරිය
    එන් එෆ් සී නැත
    බැටරිය ගැලවිය නොහැක
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකනම් ටිකක් අඩුයි


    __________________________________________________________________________________________________________________________

    HTC One (M8)

    දැනට බලපු ෆෝන් වලින් ලස්සනම ෆෝන් එකක් තමා මේක. තනි ඇලුමිනම් බ්ලොක් එකකින් ඩිසයින් කරපු යුනි බොඩි එක තමා මේකට හේතුව. ඒ වගේම සුපිරිම සවුන්ඩ් තියන ෆෝන් එකක් කියන්නත් පුලුවන්. ලොලිපොප් අප්ඩේට් එකත් මේ ඊයේ පෙරේදා ආව නිසා තවත් හොඳයි. ඩුවල් අල්ට්රා පික්සෙල් කැමරා සෙටප් එකක් තිබුනට කොලිටි එක පොඩ්ඩක් මේ රේන්ජ් එකේ අනික් ෆෝන් වලට වඩා අඩුයි . ඒක තමා පොඩි අවාසියකට තියෙන්නේ.


    htc-one-m8-2.jpg


    වාසි

    5.0”, Super LCD3 capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~441 ppi pixel density) Full HD + Corning Gorilla Glass 3
    32GB Internal + 2 GB RAM
    Dual 4 MP Rear Cam LED flash + 5 MP Front Cam with BSI sensor wide-angle f/2.0 lens;
    1/3'' sensor size, 2µm pixel size
    Android 5.0 (ලොලිපොප්) + Sense 6.0
    Quad-core 2.5 GHz Krait 400 + Qualcomm MSM8974AB Snapdragon 801
    Adreno 330 GPU
    2600 mAh li- Ion battery,


    අවාසි

    ඩුවල් අල්ට්රා පික්සෙල් කැමරා සෙටප් එකක් තිබුනට කොලිටි එක පොඩ්ඩක් මේ රේන්ජ් එකේ අනික් ෆෝන් වලට වඩා අඩුයි
    බැටරිය ගැලවිය නොහැක


    __________________________________________________________________________________________________________________________

    Samsung Galaxy A7 – (A700F/ A700FD)

    මේක දැම්මට නම් මට අහගන්න වෙයිද දන්නේ නෑ. ඒත් සැම්සුන්ග් එස් 5 එකකට යනවට වඩා මම රෙකමන්ඩ් කරන්නේ සැම්සුන්ග් A7 කියන මේ ෆෝන් එක. ඒකට හේතු කීපයක් තියනවා. එකක් තමා මේක ගොඩක් ස්ලිම් මෙටල් බොඩි එකක් තියන හැන්ඩි ෆෝන් එකක්. අනික තමා 64 බිට් ප්රොසෙසරයක් තිබීම. ඒක නිසා ෆියුචර් ෆෘෆ් කියන්න පුලුවන්. මොකද ඇන්ඩ්රොයිඩ් ලොලිපොප් වලින් පස්සේ 64 බිට් ෆුල් ස්පොර්ට් හින්දා.

    samsung-a7-3.jpg


    වාසි

    5.5”, Super AMOLED capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~401 ppi pixel density) Full HD + Corning Gorilla Glass 4
    16GB Internal + 2 GB RAM
    13 MP Rear Cam with OIS LED flash + 5 MP Front Cam
    Android 4.4.4 (කිට් කැට්)
    Exynos 5 Octa 5430 + Quad-core 1.8 Cortex-A15 GHz & quad-core 1.3 Cortex-A7 GHz - A700F
    Qualcomm MSM8939 Snapdragon 615 + Quad-core 1.5 GHz Cortex-A53 & quad-core 1.0 GHz Cortex-A53 - A700FD
    Adreno 405 GPU
    2600 mAh li- Ion battery,


    අවාසි

    ලොලිපොප් තාම නැත
    බැටරිය ගැලවිය නොහැක


    __________________________________________________________________________________________________________________________

    Oppo N3

    ඕපෝ කියන්නේත් ශියාමි වගේම ප්රීමියම් මොබ්යිල් ෆෝන් නිපදවන කම්පැනි එකක්.
    ඕපෝ එන් 3 වල කරකැවෙන කැමරා එකක් තියනවා. ඒ කියන්නේ මේකේ සෙල්ෆී වලටත් ප්රධාන කැමරාවම ඉස්සරහට කරකවලා පාවිච්චි කරන්න පුලුවන්. හාර්ඩ්වෙයාර් කන්ෆිගරේෂන් එකත් නියමයි. මෙකත් මෙහේ හොයගන්න ටිකක් අමාරුයි. එත් ගන්න පුලුවන්නම් නියම යුනීක් ෆෝන් එකක්.


    oppo-n3-2.jpg


    වාසි

    5.5”, IPS LCD capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~403 ppi pixel density) Full HD + Corning Gorilla Glass 3
    32GB Internal + 2 GB RAM
    16 MP (Schneider Kreuznach certified), Rear Cam with Motorized 206” rotating lens + duel LED flash + O-Click remote control
    කැමරාව කරකවන්න රිමෝට් එකකුත් ෆ්රී එනවා.
    1/2.3'' sensor size, 1.34µm pixel size
    Quad-core 2.3 GHz Krait 400 + Qualcomm MSM8974AA Snapdragon 801
    Adreno 330 GPU
    3000 mAh li- Po battery,
    Android OS, v4.4.4 (KitKat) + Color OS 2.0


    අවාසි

    ලොලිපොප් තාම නැත
    2160p වීඩියෝ රෙකෝඩින් නැත


    __________________________________________________________________________________________________________________________

    LG G3 32GB LTE

    අපි කලින් කැටගරි එකේදී ජී 2 ප්රොඅ එක ගැන කතා කලානේ. මේක තමා ජී3 මොඩල් එක. මෙකත් මේ ලිස්ට් එකේ තියන ෆෝන් එක්ක කරට කට තරඟ කරන්න තරම් ෆීචර්ස් ගොඩක් එක්ක තමා එන්නේ. ලේසර් ඔටෝ ෆෝකස් , බැක් පැනල් කොන්ට්රෝල් , පට්ටම ෂාර්ප් QHD ඩිස්ප්ලේ එකක් ඒවා අතරින් විශේෂයි. බොඩි එක ප්ලාස්ටික් උනාට ප්රීමියම් ලුක් ඇන්ඩ් ෆීල් එකක් තියනවා.

    lg-g3-5.jpg


    වාසි
    5.5”, True HD-IPS + LCD capacitive touchscreen, 16M colors
    1440 x 2560 pixels (~538 ppi pixel density) QHD + Corning Gorilla Glass 3
    32GB Internal + 3 GB RAM
    13 MP phase detection/laser autofocus, optical image stabilization, dual-LED (dual tone) flash + 2.1 MP Front Cam
    කැමරාව ලේසර් ඔටෝ ෆෝකස්
    1/3'' sensor size
    Android 5.0 (ලොලිපොප්)
    Quad-core 2.5 GHz Krait 400 + Qualcomm MSM8974AC Snapdragon 801
    Adreno 330 GPU
    3000 mAh li- ion battery,
    Dolby mobile
    බැක් පැනල් කොන්ට්රෝල් deck

    අවාසි

    බොඩි එක ප්ලාස්ටික්


    __________________________________________________________________________________________________________________________

    Sony Xperia Z3 D6653 4G LTE

    ග්ලාස් සහ මෙටල් වලින් ඩිසයින් කරපු යුනිබොඩි එකක් තියන සෝනි Z3 වල බිල්ඩ් කොලිටි එක උපරිමයෙන්ම තියනවා. හැබැයි මේක නම් ටිකක් මිලෙන් වැඩි ෆෝන් එකක් විදියට තමා දක්වන්න පුලුවන්. ජී 3 එක වගේ QHD ඩිස්ප්ලේ එකක් නැති උනාට මේකේ එන ෆුල් එච් ඩී ඩිස්ප්ලේ එක අනර්ඝයි. මේකත් මාකට් එකේ තියන ෆෝන් අතරින් ලස්සනම ෆෝන් එකක් කියලා හඳුන්වන්න පුලුවන්. ලොකුම වාසිය තමා IP68 දූවිලි ආරක්ෂාව සහ මීටර් එකක් යටට මිනිත්තු 30 ක් දක්වා වතුරට දක්වන ප්රතිරෝධීතාව. සරලව කිව්වොත් ඩ්ස්ට් හා වෝටර් රෙසිස්ට්. ක්රීඩා කරන , නිතරම එලියේ වැඩකරන අයට මේ ෆීචර් එක ගොඩක්ම වටිනවා.

    sony-xperia-z3-01.jpg


    වාසි

    5.2”, IPS LCD capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~424 ppi pixel density)) Full HD + Shatter proof glass Triluminos display, X-Reality Engine
    32GB Internal + 3 GB RAM
    20.7MP Rear Cam flash + 2.2 MP Front Cam
    1/2.3'' sensor sizeAndroid 5.0.2 (ලොලිපොප්)
    Quad-core 2.5 GHz Krait 400 + Qualcomm MSM8974AC Snapdragon 801
    Adreno 330 GPU
    3100 mAh li- ion battery,
    IP68 certified - dust proof and water resistant over 1 meter and 30 minutes

    අවාසි

    බැටරිය ගැලවිය නොහැක
    සාපේක්ෂව ටිකක් ලොකුයි.
    20.7 උනාට කැමරා එක කොලිටිය සාපේක්ෂව අඩුයි කියලා කියනවා. විවාදයට සුදුසුයි ඒකනම්


    __________________________________________________________________________________________________________________________

    Nokia Lumia 930

    වින්ඩෝස් ආස අයට ගන්න තියන හොඳම ෆෝන් එකක් කිව්වොත් නිවැරදියි. නොකියා දැන් නෑ තමා. ( නෑ කිව්වට නැත්තෙමත් නෑ - ඔන්න 2016 ආයේ ෆෝන් එවනවලු ) එත් නොකියා ඩිසයින් කරපු අවසාන කැමරා ඔරියන්ටඩ් ෆෝන් එකක් තමා මේ ලුමියා 930 කියන්නේ. කොහොමත් වින්ඩෝස් 10 අප්ඩේට් එක එන නිසා නොකියා නැතත් බය වෙන්න දෙයක් නැහැ. ඇලුමිනම් ෆ්රේම් එකක් සහ පොලිකාබනේට් වලින් බිල්ඩ් කරලා තියෙන්නේ. වයර්ලස් චාර්ජින් පෑඩ් එකක් ෆෝන් එකත් එක්ක ෆ්රී ලැබෙනවා.

    nokia-lumia-930-1.jpg


    වාසි

    5.0”, AMOLED capacitive touchscreen, 16M colors with ClearBlack display
    1080 x 1920 pixels (~441 ppi pixel density) Full HD + Corning Gorilla Glass 3
    32GB Internal + 2 GB RAM
    20 MP PureView Rear Cam with Carl Zeiss optics and OIS Dual LED flash + 1.2 MP Front Cam
    1/2.5'' sensor size, 1.12 µm pixel size
    2160p වීඩියෝ රෙකෝඩින්
    Microsoft Windows Phone 8.1 Denim, planned upgrade to Windows 10
    Quad-core 2.2 GHz Krait 400 + Qualcomm MSM8974 Snapdragon 800
    Adreno 330 GPU
    2420 mAh li- ion battery,

    අවාසි

    එස් ඩී කාඩ් ගසන්නට බැරිය
    ඇන්ඩ්රොයිඩ් තරම් ඇප්ස් නැත.

    __________________________________________________________________________________________________________________________________

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    රුපියල් 70000 ට වැඩි

    මේ සෙට් එකට වැටෙන්නේ ඉතින් ෆ්ලැග්ස්ෂිප් එහෙමත් නැත්නම් සුපිරිම ෆෝන්ස් කීපයක් තමා. ඒත් මතක තියාගන්න ඕනේ දෙයක් තමා කොච්චර ගනණ් දීලා ගත්තත් මේ වගෙත් වාසි සහ අවාසි දෙකම තියනවා.


    Apple iPhone 6 Plus 64GB/128GB

    මේක ගැනනම් ඉතින් කියන්න ඔනේ නෑ වැඩිය. හැමෝම දන්නවා. ෆෝන් එකකට 100000 ට වඩා වියදම් කරන්න පුලුවන් එවුන් ගනිල්ලා. ඇප්ස් ගැන බයවෙන්න දෙයක් නෑ. ඔනේ තරම් තියනවා. අප්ඩේට් ගැන බය වෙන්න දේකුත් නෑ. අනිවා අප්ඩේට් එක එනවා. සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක ගැන බය වෙන්න දේකුත් නෑ. ලේසියකට බහින්නේ නෑ.බෙන්ඩින් ඉෂූ ගැන බය වෙන්න දෙයක් නෑ. ඒක බොහොම කලතුරකින් වුන දෙයක්. කැම් එක කොලිටි තමා. එත් 8 මෙගා පික්සෙල් තාමත්. ෆින්ගර් ප්රින්ට් ර්රඩර් එකක් එනවා.

    apple-iphone-6-plus-2.jpg


    වාසි

    5.5”, LED-backlit IPS LCD capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~401 ppi pixel density) Full HD + Ion-strengthened glass, oleophobic coating
    64GB/128GB Internal + 1 GB RAM ( 16 GB is not enough)
    8 MP Rear Cam with OIS and Dual LED flash + 1.2 MP Front Cam
    1/3'' sensor size, 1.5µm pixel size
    iOS 8, upgradable to iOS 8.3
    Dual-core 1.4 GHz Cyclone (ARM v8-based) + Apple A8 Chipset
    PowerVR GX6450 GPU(quad-core graphics)
    2915 mAh li- po battery,
    Fingerprint sensor

    අවාසි

    ෆීචර්ස් වල හැටියට ගාන වැඩියි.
    කැම් එක කොලිටි තමා. එත් 8 මෙගා පික්සෙල් තාමත්
    2160 විඩියෝ රෙකෝඩින් බෑ සහ වීඩියෝ වල සවුන්ඩ් මොනෝ.
    බැටරිය ගලවන්න බෑ
    මෙමරි කාඩ් ගහන්න බෑ.
    අයි ආර් , එෆ් එම් රේඩියෝ, වයර්ලස් චාර්ජින් නෑ.


    __________________________________________________________________________________________________________________________

    Samsung Galaxy S6 edge

    මේක රිලීස් වෙලා තාම මාසයක් වත් නෑ. දෙපැත්තෙන් කර්වු කරපු QHD ඩිස්ප්ලේ එක නිසා මේ ෆෝන් එක අනික් ෆෝන් අතරින් ඕනෙම වෙලාවක කැපිලා පේනවා. මේක ගන්නවානම් එමරල්ඩ් ග්රීන් කියන කලර් එක ගන්න. මාරම ගති. සැම්සුන් ෆෝන් ගැන තිබුන ලොකුම චෝදනවක් තමා ප්ලාස්ටික් චීප් ඩිසයින් කියපු එක. ඒත් මේකනම් මෙටල් සහ ග්ලාස් වලින් හදලා තියෙන්නේ. ඒ වගේම දැනට මාකට් එකේ තියන ෆාස්ට්ම ෆෝන් එකක්. එකටත් හේතුවක් තියනවා. සැම්සුන් එයාලගෙම කියන චිප් සෙට් එකක් තමා මේකට එවලා තියෙන්නේ. මේ ෆෝන් එකට චැලෙන්ජ් කරන්න වෙන එකක් නැතිම තරම්. ෆින්ගර් ප්රින්ට් ර්රඩර් එකක් වගේම හාට් රේට් මොනිටර් එකකුත් මේ ෆෝන් එකත් එක්ක එනවා. 100000 ට වඩා වියදම් කරන්න වෙනවා.

    samsung-galaxy-s6-edge-4.jpg


    වාසි

    5.1”, Super AMOLED capacitive touch Curved edge screen, 16M colors
    1440 x 2560 pixels (~577 ppi pixel density) QHD + Corning Gorilla Glass 4 front and back
    32GB/4GB/128GB Internal + 3 GB RAM
    16 MP Rear Cam with OIS and LED flash + 5 MP Front Cam
    1/3'' sensor size, 1.5µm pixel size
    Android OS, v5.0.2 (ලොලිපොප්)
    Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2.1 GHz Cortex-A57 + Exynos 7420 Chipset
    Mali-T760MP8 GPU
    2915 mAh li- po battery,
    Fingerprint and heartbeat sensor

    අවාසි

    බැටරිය ගලවන්න බෑ
    මෙමරි කාඩ් ගහන්න බෑ.
    ගාන වැඩියි.


    __________________________________________________________________________________________________________________________

    LG G Flex2

    මේකත් අනික් ෆෝන් වලට වඩා වෙනස් ෆෝන් එකක්. ඒකට හේතු දෙකක් තියනවා. පලවෙනි එක තමා මේකේ තියන කර්වුඩ් ඩිස්ප්ලේ එක. කියවද්දිනම් ලොකු වෙනසක් හිතෙන්නේ නෑ. ඒත් පාවිච්චි කරද්දි ඇත්තටම ගොඩක් පහසුයි. දෙවෙනි හේතුව තමා මේකේ බැක් එක ඉබේම සීරීම් සුව වෙන ආලේපනයක් එක්ක එන්නේ. සීරීම් කිව්වේ තද ඒවා නෙවෙයි. තොපි ඇණවලින් ඔකක් සූරලා හීල් වුනේ නැත්නම් මට එහෙම බනිනවා එහෙම නෙවෙයි.

    lg-g-flex2-2.jpg


    වාසි

    5.5”, Curved P-OLED capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~403 ppi pixel density) Full HD + Corning Gorilla Glass 3 and Self-healing back panel coating
    16GB/32GB Internal + 3 GB RAM
    13 MP phase detection/laser autofocus, optical image stabilization, dual-LED (dual tone) flash + 2.1 MP Front Cam
    Android OS, v5.0.1 (ලොලිපොප්)
    Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2 GHz Cortex-A57 + Qualcomm MSM8994 Snapdragon 810 Chipset
    Adreno 430 GPU
    microSD, up to 128 GB
    3000 mAh li- po battery,

    අවාසි

    ඩිස්ප්ලේ එක QHD නෙවෙයි.
    බැටරිය ගලවන්න බෑ
    සවුන්ඩ් මොනෝ
    ගාන වැඩියි.


    __________________________________________________________________________________________________________________________

    Samsung Galaxy Note 4

    මේකත් ගොඩක් අය දන්න ෆැබ්ලට් එකක්. ෆීචර්ස් වලින් කිසිම අඩුවක් නෑ. ඒත් නෝට් 5 එක ලඟදිම එනවා. එතකොට ටිකක් මේකට තියන තැන අඩු වෙයි. කමක් නෑ. ආපුවහම මේක අප්ඩේට් කරන්නම් කලිනුත් කිව්වා වගේ. ඩිසයින් එක ගැන කිව්වොත් ෆෝවුක්ස් ලෙදර් බැක් එකක් තමා තියෙන්නේ. හැමෝම මේ ඩිසයින් එකට කැමති නෑ. ඒත් කිසිම වරදක්නම් කියන්න බෑ ඩිසයින් එක ගැන. මොකද ෆෝන් එක බොහොම හැන්ඩ්සම්. ෆින්ගර් ප්රින්ට් රීඩර් එයාර් වීව් වගේ ගොඩක් ෆීචර්ස් සමග ස්ට්යිලස් පෙන් එකත් මේකට විශේෂයි.

    samsung-galaxy-note-4-02.jpg


    වාසි

    5.7”, Super AMOLED capacitive touch Curved edge screen, 16M colors
    1440 x 2560 pixels (~515 ppi pixel density) QHD + Corning Gorilla Glass 4
    32GB + 3 GB RAM
    16 MP Rear Cam with OIS and LED flash + 3.7 MP Front Cam
    1/3'' sensor size, 1.5µm pixel size
    Android OS, v5.0.1 (ලොලිපොප්)
    Quad-core 2.7 GHz Krait 450 + Qualcomm Snapdragon 805 :: SM-N910S
    Quad-core 1.3 GHz Cortex-A53 & Quad-core 1.9 GHz Cortex-A57 + Exynos 5433 :: SM-N910C
    Adreno 420 (SM-N910S)
    Mali-T760 (SM-N910C)
    microSD, up to 128 GB
    3220 mAh li-ion battery,
    Fingerprint and heartbeat sensor

    අවාසි

    ස්පීකර් එක මොනෝ
    ඩ්ස්ට් හා වෝටර් රෙසිස්ට් නැත.


    HTC One M9

    කලින් M8 ගැන කිව්වනේ. M9 එක M8 එකෙන් වෙනස් වෙන්නේ පිටිපස්සේ කැම් එකේ රවුම් ශේප් එක හතරැස් එක විතරයි. මෙච්චරකල් වන් සීරීස් එකේ ආව අල්ට්රා පික්සෙල් කැමරා වෙනුවට අනික් අය වගේ මෙගා පික්සෙල් රේස් එකට M9 එක ඇතුලු වෙන්නේ 20.7 මෙගාපික්සෙල් කැම් එකක් එක්ක. හැබැයි කස්ටිය නම් කියන්නේ කැම් එක අවුල් කියල. හීටින් ප්රශ්නෙකුත් තියනවා. එකනම් එච් ටී සී ලගෙ වරදක්ම නෙවේටි. ස්නැප්ඩ්රැගන් 810 චිප්සෙට් එකේ තියන අවුලක්. මේව ෆික්ස් කරන්න අප්ඩේට් එකක් ඉක්මනටම එවනවා කියලා තමා කියන්නේ. අමෙරිකා වල ඒටී ඇන්ඩ් ටී වලට නම් දවසකට කලින් ඒ කියන්නේ රී යේ ආවලු. තාම වැඩි විස්තර නෑ. කෝකටත් M8 එක වගේ රෙකමන්ඩ් කරන්න ටිකක් අමාරුයි.දැනට බලපු ෆෝන් වලින් ලස්සනම ෆෝන් එකක් තමා මේක. තනි ඇලුමිනම් බ්ලොක් එකකින් ඩිසයින් කරපු යුනි බොඩි එක තමා මේකට හේතුව. ඒ වගේම සුපිරිම සවුන්ඩ් තියන ෆෝන් එකක් කියන්නත් පුලුවන්.

    htc-one-m9-3.jpg


    වාසි

    5.0”, Super LCD3 capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~441 ppi pixel density) Full HD + Corning Gorilla Glass 4
    32GB + 3 GB RAM
    20.7 MP Rear Cam with dual LED flash + 4 MP ultra-pixel Front Cam
    Android OS, v5.0 (ලොලිපොප්) + HTC Sense UI 7.0
    Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2 GHz Cortex-A57+ Qualcomm MSM8994 Snapdragon 810 Chipset
    Adreno 430
    Stereo Sound
    microSD, up to 128 GB
    2840mAh li-po battery,

    අවාසි

    ඩ්ස්ට් හා වෝටර් රෙසිස්ට් නැත.
    ඩිස්ප්ලේ එක QHD නෙවෙයි
    බැටරිය ගලවන්න බෑ
    හීටින් ප්රශ්නෙකුත් තියනවා
    කැම් එක අවුල් තාම
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63

    Asus Zenfone 4 and Zenfone 5 add karanna puluwan neda mahcan?

    මරු වැඩක් මචන් නියමයි

    8+ from lahiru super one


    How about Sony Xperia M2 Aqua :)

    Good job +++++++

    Supiri machan..ela wadak.. +5

    එල මච්න්ලා. අප්ඩේට් කරගෙන යමු :yes::yes:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    වැඩේ නම් එල බන් මොකද ෆෝන්
    ගැන අහලා ත්‍රෙඩ් කීයක් වැටෙනවද දවසකට ඒ නිසා ගොඩක්
    උන්ට ප්‍රයෝජන්වත් වෙයි :cool:

    ඒකම තමා බං දාන්න හිතුනේ :):)

    එළකිරි මචෝ..නියම වැඩක්.දිගටම කරගෙන යමු.

    එල කිරි

    niyamai machan ...elatama liyala thiyenawa

    තැන්කුයි තැන්කුයි
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Patta thread ekak but uba oka danakota manf me kagadi 4n 3k 4k set krlas dila iwrai.. uba e dawas wla bang inda hitye.mage kallata ekak aran dunna xperia e3 dual eka ekamethana thibba nsa ubata rep denna watinawa
    hehe

    ගොඩක් කාලෙක ඉඳන් ලියන්න හිතේ තිබුනා. වෙලාවල් තිබ්බෙ නෑ බ්ං. ආයේ ගන්නකොට දැන් තියනවනේ. ගත්ත ඒවගේ හොඳ නරක දාපන් වෙලාවක.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,937
    24,338
    113
    tracing Geo-location.. ... ...
    එල මචන්.. හොද ත්‍රෙඩ් එකක්.. දවසකට ගොඩක් උන් අහනවා ගන්න හොද phone එකක්.. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක හැමෝටම... 6+