රැය පහන් කළ මන්ත්‍රීගේ ලක්ෂ 18ක මුද්ද

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    රැය පහන් කළ මන්ත්‍රීගේ ලක්ෂ 18ක මුද්ද

    image_0688a986b14a41ace4ddbd65aeb7c206.jpg

    මේ රත්තරන් ගැන අපූරු කතාවකී, රත්තරන් කෙතරම් වටිනවා දැයි නොදන්නා අයකු නැති තරම්ය, ඒ රත්තරන්වලට අගනා මුතු මැණික්ද එක්කොට තැනූ මුද්දක් ලක්ෂ දහඅටක් වටිනවා යැයි කීම වරදක් විය නොහැකිය, එවැනි වටිනා මුද්දක් පැලදිය හැක්කේද රත්තරන් වටිනා කෙනකුට පමණි. විරෝධතාවට එක්වී සදුදා පාර්ලිමේන්තුවේම රැය පහන් කළ මන්ත්‍රීවරයකුට අයිති වටිනා මුද්දක් පාර්ලිමේන්තුවේ ගෟහපාලන අංශයේ සේවක මහතකුට පසුදා උදෑසන හමු විය. ඒ මුද්ද හමුවූයේ මන්ත්‍රී සැරසුම් කාමර ශුද්ධ පවිත්‍ර කිරීමට ගොස් සිටි අවස්ථාවේදීය. පාවිච්චි කළ තුවායක දැවටී තිබියදී මුද්ද අහම්බෙන් හමුවී ඇත, ඔහු වහාම තම ප්‍රධානීන් දැනුවත් කිරීමට ක්‍රියා කළේය, ඒ අනුව මුද්දේ අයිතිකරු සොයා ගත හැකි විය, මුද්ද ආපසු අයිතිකාර මන්ත්‍රීවරයාට භාරදීමෙන් සේවක

    මහතාගේ අවංකභාවය ඔප්පු විණි, ඒ අවංකභාවයට තුති පුදා තුටු පඩුරක් දීමටද මන්ත්‍රීවරයා කටයුතු කළේය, එය භාර ගැනීමට සේවකයා මැළි විය. එහෙත් සිද්ධිය දන්නා ප්‍රධානීන් ඇතුළු හැමගේම ඉල්ලීම අනුව ඔහු ස්තූති පූර්වකව තෑග්ග භාර ගත්තේය.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක ගත්ත එකාට් කෙලවෙන බව දන්න හින්දා සේවකයා දෙන්න ඇති.. මහජනයාගේ සල්ලි දේශපාලකයො හොරා කැමට සාමාන්ය අහින්සක දුප්පත් මිනිස්සු බයයි අනුන්ගේ පව් කරගහන්න..
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔක ගත්ත එකාට් කෙලවෙන බව දන්න හින්දා සේවකයා දෙන්න ඇති.. මහජනයාගේ සල්ලි දේශපාලකයො හොරා කැමට සාමාන්ය අහින්සක දුප්පත් මිනිස්සු බයයි අනුන්ගේ පව් කරගහන්න..

    ඒමනුස්සයගේ අවංකකමට නිගරුකරන්න එපා:angry: