ප්ලේන් හදන් තැන්
හැමෝම දන්නවනේ ලෝකේ සිවිලියන් ප්ලේන් නිශ්පාදකයෝ අතර දැවැන්තයෝ දෙන්නා එයාර්බසුයි බෝයිනුයිලා කියලා (හැබැයි මම ඔය යැන්කි බෝයින්ලට ඒ හැටි කැමැත්තක් නෑ
).
ඉතින් මම පොජ්ජකට හිතුවා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව මෙයාලගේ එයාර්ක්‍රාෆ්ට් ප්ලාන්ට්ස් පැත්තේ පොඩ්ඩක් විතර විසිටින් පාරක් දාන්න.
මේ තමා ඒ මගේ ගමනේ අත්දැකීම්! මට ස්පොන්සර් කලේ අන්තර්-ජාලේ
ඔය ප්ලේන් වින්කල් වලින් බෝයින් බාස්ගේ වින්කලේ පරනයි එයාර්බස් වින්කලේට වඩා (ඒක එහෙම වෙන්න එපායැ කොහොමත් එයාර්බස් මේ පස්සේ ආපු කජු කිරි කොල්ලෙක්නේ බෝයින්ලා එක්ක බලද්දි
). ඉතින් ඒ නිසා මුලින්ම බෝයින්ලා බලමු
Boeing
එක්දහස් නවසිය බර ගනන් වල ඔය පොඩියට (පොඩියට කීවට පොඩිම නෑ) පටන් ගත්ත බෝයින්ලාගේ දැන් වෙනකොට ලෝකේ වටේ එක එක ෆැක්ටරි වලට මුක්කු ගහගෙන එක එක කෑලි හදලා යැන්කික්ද්වීපයට ගෙනල්ලා එකලාසු කරනවා - ඉස්සරට වඩා වෙන රට වල නිශ්පාදිත යොදා ගන්නවා වැඩියි කියලා තමා කියන්නේ
(ඒකත් මම හිතන්නේ ඔය එයාර්බස්ලා කරන්න ගත්තට පස්සේ තමා ඔය තරම් එක්ස්ටෙන්සිව් වෙන්න ගත්තේ - මම නෙවෙයි කියන්න රට්ටු තමා!-Not sure!)
කොහොමෙන් කොහොම හරි තාමත් වැඩිම දායකත්වයක් දෙන්න (එන්ජින් නිශ්පාදකයෝ ඇරුනහම) ජපන් (ජපනා කොහොමත් බෝයින්ලට වැදගෙන නේ ඉන්නේ
) කොම්පැනිලු
ජපන් ඇරුනහම ගොඩක් යුරෝපීය කොම්පැනියි, චීනෙ
, දකුනු කොරියාව, ඕස්ට්‍රේලියාව,ඊශ්‍රායලය එහෙමත් මේන් සප්ලයර්ස්ලා. ඒයාර්බස්වල ප්‍රධාන කොටස් කාර සමාගමකුත් (Alenia - Italy company) බෝයින්ලගේ ගොඩක් බඩු සප්ලයි කරනව-ලු
ඉතින් මෙහෙම ගේන කෑලි (>75% කෑලී තාම ගේන්නේ ප්ලේන් වලින්. 6% වගේලු නැව් වලින් ගේන්නේ) සේරම එකලාසු කරලා අහස් යන්තරයක් විදිහට සරසලා කරලා කල එලි මංගල්ලේ තියන තැන් (Final Assembly Line) තුනක් තියෙනවා (මේ කොමර්ශල් ප්ලෑන් වලට විතරයි. බෝයින්ලගේ මිලිටරි ඒවා ඇසෙම්ම්බල් කරන තව තැන් ගොඩක් තියෙනවා
)
බලමු මොනවද ඒ ප්ලේසස් කියලා.
Renton FAL (Final Assembly Line), Washington
දැනට බෝයින්ලගේ තියෙන පරනම ඇසෙම්බල් සයිට් එක
(මෙන්න අද තියෙන හැටි)
ලෝකෙ මේ තාක් නිපදවුන පැසෙන්ජර් ප්ලේන් වලින් 40%ක් මෙතනන්ලු ඇසෙම්බල් වෙලා තියෙන්නේ
මුලින්ම වැඩ පටන් අරන් තියෙන්නේ 1948
මේකේ තමා බෝයින්ලගේ 737. 737 NextGen,737MAX (එන්න තියෙන) යන ප්ලේන් වර්ග දැනට ඇසෙම්බල් කරන්නේ
මුල්ම කාලේ මේ ෆැක්ටරියෙ හදලා තියෙන්නේ Superfortress(Eg:B29), Stratofreighters(Eg:KC-97) කියන නාකි fighter ප්ලේන් මොඩල
අතීතෙ නම් 707,720,727,757 කියන ඒවත් ඇසෙම්බල් කලාලු.
(The rear fuselage section of the first Boeing 757-300 is lifted into place on the assembly line at the Boeing factory in Renton on March 19, 1998)
ඒවිතරක් නෙවෙයි කාලෙකදි මෙතන නැව් එහමත් හදලා තියෙනවා (PHM USS Pegasus,Jetfoil Ships)-කොහොමද වැඩේ
දැනට මෙතන හදලා තියෙන 737 ඒවා ගාන 7500ට වැඩියිලු!
අනික මේ වෙනකොට මුලු ප්ලේන් ගාන මෙතන හදල තියෙන ඇවිල්ල 15000ට වැඩියිලු. වැඩිම ප්ලේන් ගානක් හදපු පැක්ටේරිය වෙන්න මේක තමා

(367-80, rolled out at Renton on May 15, 1954 - 707 වල අයියා)
A320 නිසා බෝයින් 737ට කට උත්තර නැතිවුනානේ
. ඉතින් එකට ෆයිට් කරන්න 737NextGen ගෙනාවනේ
මෙයාල 737 NG ගෙනාවට පස්සේ මේ ප්ලාන්ට් එකේ ඉඩ මදිවෙලා ඩිමන්ඩ් එක පිරිමහන්න - කොරෙ පිටට මරේ කීවා වාගේ ඒ මදිවට මුන් තිබුන ඉඩමෙන් කොටසකුත් විකුනල දාලා
.
ඉතින් ඩිමාන්ඩ් එකට හරියන්න මේ අය අලුත් සිස්ටම් එකකට ප්ලේන් ඇසෙම්බල් කරන්න පටන් අරන්. ඉස්සර කරල තියෙන්නේ ස්ටැටික් ඇසෙම්බල් එකක් - දැන් තියෙන්නේ මූවින්ග් ඇසෙම්බ්ලි කේස් එකක්
මෙන්න ඔය ස්ටැටික් සහා මූවින්ග් ලයින් දෙකම වැඩ කරන පින්තූරයක්. - ට්‍රාන්ස්සිෂන් කාලේ ගත්ත එකක් - දැන් ස්ටැටික් ලයින් නෑ මගේ හිතේ
මෙන්න වැසිකිලි එනවා

Renton Municipal Airport එකෙන් තමයි අන්දලා කරලා එන බෝයින්ලව ටෙස්ට් ෆ්ලයි කරවලා අන්තිමට අයිතිකාරයා ගාවට පිටත් කරලා හරින වැඩ ටික කරන්න රනවේ එක ලබා දෙන්න්නේ
Everett FAL, Washington
මේ වෙනකොට මේක තමා බෝයින්ලගේ ප්‍රධානම ෆැක්ටරිය වෙන්නේ. පටන් අරන් තියෙන්නේ 1966
ලෝකේ ලොකුම වපසරියක් තියෙන ගොඩනැගිල්ල මේක කියලා කියනවා! largest building in the world - 98acres! OR 472 million cubic feet (13.3 million cubic meters)
මෙන්න බිල්ඩිම හදන කාලේ පින්තූරයක්
කොහොම හරි මෙයාල ඔය බිල්ඩිම හදලා තියෙන්නේ එයාලගේ 1969 අලුතෙන් එලියට දාන 747 ප්ලේන් එක හදන්න. බිල්ඩිම හදන්න ගිය පිරිවැය ඒ කාලේ බෝයින්ලගේ මුලු වටිනාකමටත් වඩා වැඩියිලු
. මේ හදන වැඩේ කොච්චර අමාරුද කියනව නම් බිලිඩිමේ හදන වැඩ යන අතරතුර ඒක ඇතුලේ 747 හදන්න පටන් ගත්තලු
බිල්ඩිම මුල කාලෙම ටුවරිස්ට් ඇට්‍රෑක්ශන් එකක් වෙලා
මෙන්න මෙයාලා ටික තමා මෙතනදි හදලා කරලා එලියට දාන්නේ
747, 767, 777, WB737, 787 Dreamliner
The first Boeing 747s under assembly
මේ තරම් විසාල මේකේ තැන් තැන් වල තේ කඩ, කැන්ටින් එහෙම තියෙනවලු ගොඩාක්!

කස්ටියට එහෙ මෙහෙ යන්න ෆැක්ටරියට යටින් හදපු ටනල් පාරවල් තියේලු
අනික් පස්ටම දේ තමයි මුල් කාලේ හදපු දවස් වල් වහලෙට කිට්ටුව වල්ලකුලු එකතුවුනාලු
- හැබැයි එයාර්-සර්ක්යුලශන් සිස්ටම් එක හැදුවට පස්සේ ඒක හරි ගියාලු - අනික තම මෙච්චර ලොකු මේක AC කරලා නෑ
. බල්බ්, පිටත ටෙම්පරේචර් එක සහා එයාර් සර්කියුලේශන් වලින් රස්නේ පාලනය කරනවලු - නියමයි නේ
ලොකුම ඩිජිටල් බිතු සිතුවම තියෙන්නෙත් මෙහෙලු(The largest digital graphics mural in the world ) - එකක් නෙවෙයි 6ක් - දොරවල් වල
-Guinness Record!
අපි ඔය ඇමරික ෆුට්බෝල් කියන ඒවගේ ග්‍රවුන්ඩ් එකක ගාන වෙනවලු මේකෙ එක දොරක්
50% මෙතෙක් ලෝකේ හැදුන වයිඩ් බොඩි ප්ලේන් ඇසෙම්බල් වෙලා තියෙන්නේ මෙතන!
මුලුමනින්ම වයිඩ් බොඩි ප්ලේන් එකක් ෆැක්ටරියෙ ඇතුලේ හදන්න පුලුවන්කම තියෙන්නේ මේ තැනයි එයාර්බස්ලගේ Toulouse වල එකෙයි විතරලු
අනික් වයිඩ් බොඩි හදන ඒවාගේ (බෝයින්ලගේ චර්ල්ස්ටන්) තටු එහෙම එලියෙලු හැඩ දාන්නේ - හැබැයි ඒ කතාව ශුවර් නෑ සමහර පින්තූර දැක්කහම
තව අපූරු දෙයක් තියෙනව. බෝයින්ලා ඇන ගත්ත දෙයක්
. මුල්ම වයිඩ් බොඩි 747 එද්දි ඒවට එන්ජින් අලුතෙන් හදලා නෑ - තිබුන ඒවම යූස් කරන්න ගිහින් කෙලවිලා අන්තිමට එන්ජින් රී-ඩිසයින් එකක් එනකන් වැඩ හොල්ට් වෙලා. හෝල්ට් වෙලා කියන්නේ ෆැක්ටරිය අලුත් පිටනේ පුරුදු හරක් වේගෙන් ප්ලේන් හද හදා එලියට දාලා (40/මාසෙට!) හැබැයි එන්ජින් නැතුව
. ඉතින් එන්ජිම අලුතෙන් ඩිවලොප් වෙලා එනකන් ප්ලේන් ටික පාර්ක් කරලා ඉන්ජින් තියෙන්න ඕන තැනට කොන්ක්‍රීට් කෑලි එල්ලල - නැත්තන් නකුට බිම ඇනෙනවලු
මෙන්න පින්තූරයක්!
මුල් කාලේ 60000ට වැඩි වෙච්ච ස්ටාෆ් එකක් මෙතන ඉදලා තියෙනවා දැන් නම් මුලු ගාන 30000 ක් විතරලු
මෙන්න මේ දිව ටැපලෙන නම තියන එයාර්පොර්ට් එක තමා මෙයාලගේ සියලුම වැඩ වලට යොදා ගන්නේ - Paine Field Snohomish County Airport
Charleston, South Carolina
මෙයා තමා බෝයින්ලගේ අලුත්ම ෆැක්ටරිය(FAL) මෙයා එනකොටම වගේ බෝයින්ලගේ Wichita, Kansas වල ෆැක්ටරිය වහලා විනාස කරල දැම්මලු
මෙතන දැනට නම් හදන්නේ 787 Dreamliner විතරයි. 2011 වැඩ පටන් අරන් දැන් ප්ලේන් එලියට දානවා ඇසෙම්බල් කර කරා - 787-10 (දිගම ගොයියා) හදන්නේ මෙතන විතරයිලු
මෙතන හැබැයි පටන් ගත්ත දවස් වල ඉදන් කචල්ලු - ස්ට්‍රයික් එහ්මත් තිබිලා තියෙනවා සේවකයින්ගේ
වැඩේට යූස් කරන්න Charleston International Airportඑක
(තව බෝයින්ලගේ කැන්සාස් වල තිබුන ප්ලාන්ට් එක ඒ අය වහලා දාලා 2011-12 වගේ මම හිතන්නේ මස් කරලම දැම්මා
)
Airbus
මෙයාලගේ FALs දැනට 4ක් තියෙනවා එතනින් 3ක තමා පැසෙන්ජර් ප්ලේන් හදන්නේ. අනික දැනට මිලිටරි strategic ප්ලේන් විතරයි හදන්නේ (ස්පඥ්ඥයේ Seville වල තියෙන එකේ මිලිටරි A400M ප්ලේන් විතරලු
)
Toulouse
මේ ටුලූස් වල එක තමා මෙයාලගේ ප්‍රදානම FAL එක තියෙන්නේ. 1970 ඉදන් වැඩ.
මෙන්න මේවා තමා මෙතනින් එලියට එන්නේ
A320 Family, A330, A340, A380 and A350 XWB - ඒ කියන්නේ හැම එයාර්බස් මොඩල් එකක්ම
ඉස්සර කොන්කොර්ඩ් කාලේ ඕවත් හදලා තියෙනේ මේ ටුලූස් වල (අල්ලපු වැටෙ ATRලගේ ෆැක්ටරියකුත් තියෙනවා -දෙකේ සේවකයෝ අඬ දබර කරගන්නේ නැත්ත්ද දන්නේ නෑ
)
මෙයාලා අර බෝයින්ලා වගේ එකම ෆැක්ටරි එක ඇතුලේ වෙන වෙනම ලයින් වල වෙනස් මොඩල් හදනව වෙනුවට එක ලග ෆැක්ටරි කිහිපයක වෙනස් මොඩල් හදනවලු
A330/340 අන්තිම අමුට්ටන වැඩ කරන්නේ එකම ෆැක්ටරි එකක්ලු - 1980ගනන් වල හදපු එකක්ය කියන්වා - කොහොමත් 330 340 නිකන් අක්කා-මල්ලි නිබුල්ලු දෙන්නෙක් වගේ කියල කියන්වා නෙ
- මේ ඒ FAL එක
තඩි A380 එද්දි ඒ වෙනුවෙන් වෙනමම පතාක බිල්ඩිමක් හදලා FAL එකක් එතන දාලා
A380 හදන ෆැක්ටරියට කියන්නේ The Jean-Luc Lagardère plant කියලලු -(Jean-Luc Lagardère කියන්නේ එයාර්බස්ලගේ මුල් කාලේ සභාපති මාමෙක්ලු) - මේ ඒ ප්ලාන්ට් එක
චූටි වුනාට A320ටත් එයාටම කියල වෙනම ගෙයක් හදලා දීලා එයාර් බස්ලා - Saint-Martin du Touch site එක. මේකෙ මරු කේස් එකක් තියනවලු - ඕකෙ දොරවල් උස මදිලු A320 එලියට ගන්න - ඉතින් ඒ නිසා හදලා ඉවර වුන ප්ලේන් එක එලියට ගන්නේ පැත්තකට ඇල කරලලු - අර අපේ වෙසක් කූඩු කේස් එක වගේ එකක්ද දන්නේ නෑ
මෙයාලගේ අලුත්ම A350XWBඑක ආවහම එයාටත් A320ට අල්ලලම අලුත්ම නේපත්යාගාරයක් මෙයාල හදලා දීලා - එයාලගේ පරිසර හිතකාමීම ෆැක්ටරියලු
- වැඩිපුර ස්වාභාවික එලිය පාවිච්චි කරලා >50% වැඩිය අවශ්‍ය විදුලිය එයාම (බිල්ඩිමම) නිපදවගන්නවාලු - සූර්ය පැනල වහලක් - නම ඇවිල්ලා Louis Bréguet site
මේ සේරම අලුත් අලුත් පැක්ටරි ඉදිකරන මුලු බිමම හෙක්ටයාර 700 විතර වෙනවලු
දැනට යන විදිහට එයාර්බස්ලගේ ප්‍රඩක්ශන් අවුට්-පුට් එක බෝයින්ලට වඩා වැඩිලු
. බෝයින්ලා ගේ මැක්සිමම් අවුට්පුට් ටාර්ගට් එක 737 ලයින් එකේ මාසෙකට 40 යි ලු - හැබැයි තාම යන්නේ තිස් ගනන් වලලු.
මේ වෙනකොට A320 අවුට්පුට් එක මාසෙකට 42ක් (16-ටුලූස් වල, 20 - හම්බර්ග් වල, 6ක් ටියැන්ජින් වල) - ඕක 2018 වෙද්දි වැඩි වේවි ඇලබාමා සයිට් එකත් වැඩ කරන්න ගත්තහම
එයාර් බස්ලගේ ඇණ මුරිච්චි තහඩු මේකී නොකී හැම අඩුම කුඩුමයක්ම ගත්තහම ඒවායි 30%ක් විතර සප්ලයි කරන්නේ ඇමරිකන් කොම්පැනි
Toulouse–Blagnac Airport කියල අල්ලපු වත්තෙ තියෙන එයාර්පොර්ට් එකතමා මෙයාලගේ රණ බිම
Hamburg
A320 වැඩේ නැගල යන්න පටන් ගත්තනේ - ඉතින් ඩිමාන්ඩ් එක වැඩි වෙද්දි එයර්බස්ලා එයාලගේ තව FAL එකක් දැම්ම හම්බර්ග් වල. මේතන හදන්නේ A320 ෆැමිලි (A318, A319, A320 and A321) එකේ ඒවා විතරයි
මෙන්න පැටවු ගහනවා
1990 ඉදන් වැඩ. ඒ වගේම යුරෝපෙට බෙදා හරින A380 ඒවාගේ ෆයිනල් මේක් අප් වැඩ කරන්නෙත් මෙතනලු
Hamburg Finkenwerder Airport එක පාවිච්චි කරන්නේ -ඒක හම්බර්ග් ඉන්ටර්නැශන්ල් එයාර්පොර්ට් එකෙන් වෙනස්ලු
Tianjin
අන්තිමට චිනා නැතුව කොහෙද ලෝකේ දෙයක් වෙන්නේ
- ඔන්න 2008 ඉදන් චීනෙත් ඇසෙම්බ්ලි ප්ලාන්ට් එකක් මෙයාලා දාලා
.දැන් එතනත් A320 ඒවා හද හද එලියට දානවා - චීන බඩු!
Tianjin airport වැඩ වැඩේට යොදා ගන්නේ
ඉදිරියෙදි A320neo එකයි A330 එකයිත් මෙහෙ ඇසෙම්බල් කරන්න යන්නේ
ඒවගේම තමා මෙයාලගේ ඊලග ප්ලාන්ට් එක මේ දවස් වල ඇලබාම (Mobile, Alabama) වල හදාගෙන යනවා
-ඒකත් A320 ඒවා හදන්නලු 2016 අග මුල්ම ප්ලේන් එක එලියට දාන්න යන්නේ
හැමෝම දන්නවනේ ලෝකේ සිවිලියන් ප්ලේන් නිශ්පාදකයෝ අතර දැවැන්තයෝ දෙන්නා එයාර්බසුයි බෝයිනුයිලා කියලා (හැබැයි මම ඔය යැන්කි බෝයින්ලට ඒ හැටි කැමැත්තක් නෑ
). ඉතින් මම පොජ්ජකට හිතුවා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව මෙයාලගේ එයාර්ක්‍රාෆ්ට් ප්ලාන්ට්ස් පැත්තේ පොඩ්ඩක් විතර විසිටින් පාරක් දාන්න.

මේ තමා ඒ මගේ ගමනේ අත්දැකීම්! මට ස්පොන්සර් කලේ අන්තර්-ජාලේ

ඔය ප්ලේන් වින්කල් වලින් බෝයින් බාස්ගේ වින්කලේ පරනයි එයාර්බස් වින්කලේට වඩා (ඒක එහෙම වෙන්න එපායැ කොහොමත් එයාර්බස් මේ පස්සේ ආපු කජු කිරි කොල්ලෙක්නේ බෝයින්ලා එක්ක බලද්දි
). ඉතින් ඒ නිසා මුලින්ම බෝයින්ලා බලමුBoeing
එක්දහස් නවසිය බර ගනන් වල ඔය පොඩියට (පොඩියට කීවට පොඩිම නෑ) පටන් ගත්ත බෝයින්ලාගේ දැන් වෙනකොට ලෝකේ වටේ එක එක ෆැක්ටරි වලට මුක්කු ගහගෙන එක එක කෑලි හදලා යැන්කික්ද්වීපයට ගෙනල්ලා එකලාසු කරනවා - ඉස්සරට වඩා වෙන රට වල නිශ්පාදිත යොදා ගන්නවා වැඩියි කියලා තමා කියන්නේ

(ඒකත් මම හිතන්නේ ඔය එයාර්බස්ලා කරන්න ගත්තට පස්සේ තමා ඔය තරම් එක්ස්ටෙන්සිව් වෙන්න ගත්තේ - මම නෙවෙයි කියන්න රට්ටු තමා!-Not sure!)
කොහොමෙන් කොහොම හරි තාමත් වැඩිම දායකත්වයක් දෙන්න (එන්ජින් නිශ්පාදකයෝ ඇරුනහම) ජපන් (ජපනා කොහොමත් බෝයින්ලට වැදගෙන නේ ඉන්නේ
) කොම්පැනිලුජපන් ඇරුනහම ගොඩක් යුරෝපීය කොම්පැනියි, චීනෙ
, දකුනු කොරියාව, ඕස්ට්‍රේලියාව,ඊශ්‍රායලය එහෙමත් මේන් සප්ලයර්ස්ලා. ඒයාර්බස්වල ප්‍රධාන කොටස් කාර සමාගමකුත් (Alenia - Italy company) බෝයින්ලගේ ගොඩක් බඩු සප්ලයි කරනව-ලු
ඉතින් මෙහෙම ගේන කෑලි (>75% කෑලී තාම ගේන්නේ ප්ලේන් වලින්. 6% වගේලු නැව් වලින් ගේන්නේ) සේරම එකලාසු කරලා අහස් යන්තරයක් විදිහට සරසලා කරලා කල එලි මංගල්ලේ තියන තැන් (Final Assembly Line) තුනක් තියෙනවා (මේ කොමර්ශල් ප්ලෑන් වලට විතරයි. බෝයින්ලගේ මිලිටරි ඒවා ඇසෙම්ම්බල් කරන තව තැන් ගොඩක් තියෙනවා
)බලමු මොනවද ඒ ප්ලේසස් කියලා.
Renton FAL (Final Assembly Line), Washington
දැනට බෝයින්ලගේ තියෙන පරනම ඇසෙම්බල් සයිට් එක

(මෙන්න අද තියෙන හැටි)
ලෝකෙ මේ තාක් නිපදවුන පැසෙන්ජර් ප්ලේන් වලින් 40%ක් මෙතනන්ලු ඇසෙම්බල් වෙලා තියෙන්නේ

මුලින්ම වැඩ පටන් අරන් තියෙන්නේ 1948
මේකේ තමා බෝයින්ලගේ 737. 737 NextGen,737MAX (එන්න තියෙන) යන ප්ලේන් වර්ග දැනට ඇසෙම්බල් කරන්නේ
මුල්ම කාලේ මේ ෆැක්ටරියෙ හදලා තියෙන්නේ Superfortress(Eg:B29), Stratofreighters(Eg:KC-97) කියන නාකි fighter ප්ලේන් මොඩල
අතීතෙ නම් 707,720,727,757 කියන ඒවත් ඇසෙම්බල් කලාලු.
(The rear fuselage section of the first Boeing 757-300 is lifted into place on the assembly line at the Boeing factory in Renton on March 19, 1998)
ඒවිතරක් නෙවෙයි කාලෙකදි මෙතන නැව් එහමත් හදලා තියෙනවා (PHM USS Pegasus,Jetfoil Ships)-කොහොමද වැඩේ

දැනට මෙතන හදලා තියෙන 737 ඒවා ගාන 7500ට වැඩියිලු!

අනික මේ වෙනකොට මුලු ප්ලේන් ගාන මෙතන හදල තියෙන ඇවිල්ල 15000ට වැඩියිලු. වැඩිම ප්ලේන් ගානක් හදපු පැක්ටේරිය වෙන්න මේක තමා

(367-80, rolled out at Renton on May 15, 1954 - 707 වල අයියා)
A320 නිසා බෝයින් 737ට කට උත්තර නැතිවුනානේ
. ඉතින් එකට ෆයිට් කරන්න 737NextGen ගෙනාවනේ
මෙයාල 737 NG ගෙනාවට පස්සේ මේ ප්ලාන්ට් එකේ ඉඩ මදිවෙලා ඩිමන්ඩ් එක පිරිමහන්න - කොරෙ පිටට මරේ කීවා වාගේ ඒ මදිවට මුන් තිබුන ඉඩමෙන් කොටසකුත් විකුනල දාලා
. ඉතින් ඩිමාන්ඩ් එකට හරියන්න මේ අය අලුත් සිස්ටම් එකකට ප්ලේන් ඇසෙම්බල් කරන්න පටන් අරන්. ඉස්සර කරල තියෙන්නේ ස්ටැටික් ඇසෙම්බල් එකක් - දැන් තියෙන්නේ මූවින්ග් ඇසෙම්බ්ලි කේස් එකක්

මෙන්න ඔය ස්ටැටික් සහා මූවින්ග් ලයින් දෙකම වැඩ කරන පින්තූරයක්. - ට්‍රාන්ස්සිෂන් කාලේ ගත්ත එකක් - දැන් ස්ටැටික් ලයින් නෑ මගේ හිතේ
මෙන්න වැසිකිලි එනවා

Renton Municipal Airport එකෙන් තමයි අන්දලා කරලා එන බෝයින්ලව ටෙස්ට් ෆ්ලයි කරවලා අන්තිමට අයිතිකාරයා ගාවට පිටත් කරලා හරින වැඩ ටික කරන්න රනවේ එක ලබා දෙන්න්නේ

Everett FAL, Washington
මේ වෙනකොට මේක තමා බෝයින්ලගේ ප්‍රධානම ෆැක්ටරිය වෙන්නේ. පටන් අරන් තියෙන්නේ 1966
ලෝකේ ලොකුම වපසරියක් තියෙන ගොඩනැගිල්ල මේක කියලා කියනවා! largest building in the world - 98acres! OR 472 million cubic feet (13.3 million cubic meters)

මෙන්න බිල්ඩිම හදන කාලේ පින්තූරයක්
කොහොම හරි මෙයාල ඔය බිල්ඩිම හදලා තියෙන්නේ එයාලගේ 1969 අලුතෙන් එලියට දාන 747 ප්ලේන් එක හදන්න. බිල්ඩිම හදන්න ගිය පිරිවැය ඒ කාලේ බෝයින්ලගේ මුලු වටිනාකමටත් වඩා වැඩියිලු
. මේ හදන වැඩේ කොච්චර අමාරුද කියනව නම් බිලිඩිමේ හදන වැඩ යන අතරතුර ඒක ඇතුලේ 747 හදන්න පටන් ගත්තලු
බිල්ඩිම මුල කාලෙම ටුවරිස්ට් ඇට්‍රෑක්ශන් එකක් වෙලා

මෙන්න මෙයාලා ටික තමා මෙතනදි හදලා කරලා එලියට දාන්නේ
747, 767, 777, WB737, 787 Dreamliner
The first Boeing 747s under assembly
මේ තරම් විසාල මේකේ තැන් තැන් වල තේ කඩ, කැන්ටින් එහෙම තියෙනවලු ගොඩාක්!

කස්ටියට එහෙ මෙහෙ යන්න ෆැක්ටරියට යටින් හදපු ටනල් පාරවල් තියේලු

අනික් පස්ටම දේ තමයි මුල් කාලේ හදපු දවස් වල් වහලෙට කිට්ටුව වල්ලකුලු එකතුවුනාලු
- හැබැයි එයාර්-සර්ක්යුලශන් සිස්ටම් එක හැදුවට පස්සේ ඒක හරි ගියාලු - අනික තම මෙච්චර ලොකු මේක AC කරලා නෑ
. බල්බ්, පිටත ටෙම්පරේචර් එක සහා එයාර් සර්කියුලේශන් වලින් රස්නේ පාලනය කරනවලු - නියමයි නේ
ලොකුම ඩිජිටල් බිතු සිතුවම තියෙන්නෙත් මෙහෙලු(The largest digital graphics mural in the world ) - එකක් නෙවෙයි 6ක් - දොරවල් වල
-Guinness Record! අපි ඔය ඇමරික ෆුට්බෝල් කියන ඒවගේ ග්‍රවුන්ඩ් එකක ගාන වෙනවලු මේකෙ එක දොරක්
50% මෙතෙක් ලෝකේ හැදුන වයිඩ් බොඩි ප්ලේන් ඇසෙම්බල් වෙලා තියෙන්නේ මෙතන!

මුලුමනින්ම වයිඩ් බොඩි ප්ලේන් එකක් ෆැක්ටරියෙ ඇතුලේ හදන්න පුලුවන්කම තියෙන්නේ මේ තැනයි එයාර්බස්ලගේ Toulouse වල එකෙයි විතරලු

අනික් වයිඩ් බොඩි හදන ඒවාගේ (බෝයින්ලගේ චර්ල්ස්ටන්) තටු එහෙම එලියෙලු හැඩ දාන්නේ - හැබැයි ඒ කතාව ශුවර් නෑ සමහර පින්තූර දැක්කහම

තව අපූරු දෙයක් තියෙනව. බෝයින්ලා ඇන ගත්ත දෙයක්
. මුල්ම වයිඩ් බොඩි 747 එද්දි ඒවට එන්ජින් අලුතෙන් හදලා නෑ - තිබුන ඒවම යූස් කරන්න ගිහින් කෙලවිලා අන්තිමට එන්ජින් රී-ඩිසයින් එකක් එනකන් වැඩ හොල්ට් වෙලා. හෝල්ට් වෙලා කියන්නේ ෆැක්ටරිය අලුත් පිටනේ පුරුදු හරක් වේගෙන් ප්ලේන් හද හදා එලියට දාලා (40/මාසෙට!) හැබැයි එන්ජින් නැතුව
. ඉතින් එන්ජිම අලුතෙන් ඩිවලොප් වෙලා එනකන් ප්ලේන් ටික පාර්ක් කරලා ඉන්ජින් තියෙන්න ඕන තැනට කොන්ක්‍රීට් කෑලි එල්ලල - නැත්තන් නකුට බිම ඇනෙනවලු
මෙන්න පින්තූරයක්!
මුල් කාලේ 60000ට වැඩි වෙච්ච ස්ටාෆ් එකක් මෙතන ඉදලා තියෙනවා දැන් නම් මුලු ගාන 30000 ක් විතරලු
මෙන්න මේ දිව ටැපලෙන නම තියන එයාර්පොර්ට් එක තමා මෙයාලගේ සියලුම වැඩ වලට යොදා ගන්නේ - Paine Field Snohomish County Airport
Charleston, South Carolina
මෙයා තමා බෝයින්ලගේ අලුත්ම ෆැක්ටරිය(FAL) මෙයා එනකොටම වගේ බෝයින්ලගේ Wichita, Kansas වල ෆැක්ටරිය වහලා විනාස කරල දැම්මලු
මෙතන දැනට නම් හදන්නේ 787 Dreamliner විතරයි. 2011 වැඩ පටන් අරන් දැන් ප්ලේන් එලියට දානවා ඇසෙම්බල් කර කරා - 787-10 (දිගම ගොයියා) හදන්නේ මෙතන විතරයිලු

මෙතන හැබැයි පටන් ගත්ත දවස් වල ඉදන් කචල්ලු - ස්ට්‍රයික් එහ්මත් තිබිලා තියෙනවා සේවකයින්ගේ

වැඩේට යූස් කරන්න Charleston International Airportඑක
(තව බෝයින්ලගේ කැන්සාස් වල තිබුන ප්ලාන්ට් එක ඒ අය වහලා දාලා 2011-12 වගේ මම හිතන්නේ මස් කරලම දැම්මා
)Airbus
මෙයාලගේ FALs දැනට 4ක් තියෙනවා එතනින් 3ක තමා පැසෙන්ජර් ප්ලේන් හදන්නේ. අනික දැනට මිලිටරි strategic ප්ලේන් විතරයි හදන්නේ (ස්පඥ්ඥයේ Seville වල තියෙන එකේ මිලිටරි A400M ප්ලේන් විතරලු
)Toulouse
මේ ටුලූස් වල එක තමා මෙයාලගේ ප්‍රදානම FAL එක තියෙන්නේ. 1970 ඉදන් වැඩ.
මෙන්න මේවා තමා මෙතනින් එලියට එන්නේ
A320 Family, A330, A340, A380 and A350 XWB - ඒ කියන්නේ හැම එයාර්බස් මොඩල් එකක්ම

ඉස්සර කොන්කොර්ඩ් කාලේ ඕවත් හදලා තියෙනේ මේ ටුලූස් වල (අල්ලපු වැටෙ ATRලගේ ෆැක්ටරියකුත් තියෙනවා -දෙකේ සේවකයෝ අඬ දබර කරගන්නේ නැත්ත්ද දන්නේ නෑ
)මෙයාලා අර බෝයින්ලා වගේ එකම ෆැක්ටරි එක ඇතුලේ වෙන වෙනම ලයින් වල වෙනස් මොඩල් හදනව වෙනුවට එක ලග ෆැක්ටරි කිහිපයක වෙනස් මොඩල් හදනවලු

Last edited: