Loan එකක් දාල ඉඩමක් ගන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Loan එකක් දාල ඉඩමක් ගන්න

    - ඉඩම ගන්න කලින් මොනවද හොයල බලන්න ඔනෙ දේවල්? (නඩු එහෙම තියෙන ඒව හොයාගන්න හැටී)

    ඉඩම ගන්න කලින් ඉඩමෙ පත්තිරු වාර්තාවක් ගන්න. අඩුම අවුරුදු 30ක වත් ගන්න..
    ඔප්පුව ලියාපදින්චිකල ලැන්ඩ් රෙජිස්ටර් එකෙන් ගත්තැකි...
    ඉන්පසු ලෝයර් කෙනෙක් ලවා චෙක් කරගන්න.

    - මොනවද ඔන කරන ඩොකියුමන්ට්ස්?


    බැන්කුවකින් ලෝන් එකක් ගැනීමට නම්.....
    ඉඩම තමන්ගේ නමට තිබිය යුතුයි...
    වරිපනම් තමන්ගේ නමට තිබිය යුතුයි...
    මාසික ආදායම පෙන්විය යුතුයි...
    ඉඩමේ ප්ලැන රෙගිස්ටර් කර තිබිය යුතුයි...
    හිමිකම් සහතිකය ලබාගත යුතුයි..
    නොපැවරිමේ සහතිකය ලබාගත යුතුයි...
    වීති රේකා සහතිකය ලබාගත යුතුයි...
    වසර 30ක පත්තිරු ලබගතයුතුයි...

    ඕවා සේරම බැන්ක් එකට දුන්නනින් පස්සේ බැන්ක් එකෙන් තක්සේරු කරන්න එනවා..
    ඒ තක්සේරු ගාස්තු අපි ගෙවන්න ඕනේ...
    ඉටපස්සේ ඔප්පුව ලියන වෙලාවට නය මුදලට මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ...

    - Loan එක ඉඩමෙ වටිනාකමින් කොච්චරක් වෙනකන් (%) දාන්න පුලුවන්ද?

    අපිට ඕන ඕන ගනන් දාලා තක්සේරු කරන්න බෑ...
    බැන්කුවකින් බැන්කුවකට තක්සේරු වටිනාකම අනුව ලබාදෙන නය ප්‍රතිශතය වෙනස්..
    කලින් කියපු ලියකියවිලි ලැස්ති කරන් බැන්ක් එකේ ෆොරම් එක පුරවල දුන්නම තක්සේරු කරන්න බැන්ක් එකෙන් එනවා...
    ඒ තක්සේරු මුදල ලබාගත හැකියි.. නමුත් අදායමට වඩා වාරිකය වැඩිනම් සම්පුර්න තක්සේරුකල මුදලම ලැබෙන්නේ නෑ...
    මාසික ආදායම මාසික නය වාරිකයට සහ මාසික ජීවන වියදමට සමානවිය යුතුයි...
    උදාහරනයකට මාසික අදායම 60000 නම් වාරිකය 30000ක් වී මාසික ජීවන වියදම 30000ක් වුනාට ගැටලුවක් වෙන්නේ නෑ...


    - Loan එක පාස් වෙලා එනකන් ඉඩමෙ අයිතිකාරයට advance එකක් දීල රිසර්ව් කරගන්නෙ කොහොමද? ඇඩ්වාන්ස් දෙනකොට මොනවද ගන්න ඔන ලියකියවිලි (ඇඩ්වාන්ස් එක දුන්න කියල හදිස්සියෙවත් ඔප්පු කරන්න ඕන උනොත් පස්සේ)

    උඩ සදහන් කලේ අපිට අයිතිව ඇති ඉඩමකට ලෝන් එකක් ගැනීම සම්බන්දව..
    අත්තිකාරම් දෙනවනම් අනිවර්යෙන්ම ලෝයර් කෙනෙක් ඉදිරියේ ගිවිසුමක් සකසා අත්තිකාරම් දිය යුතුයි...
    ඉඩම අයිතිකරු ඔබට යම් මුදලක් අඩුවෙන් මාසෙකින් හෝ දෙක තුනකින් ගේවීමේ පොරොන්දුව මත ඔප්පු සකසා ලියාදෙනවනම්. ඔහු ඒ ගෙවිමට අදාල පොරොන්දු ප්‍රකාශයක් ලෝයර් කෙනෙක්ගෙන් සාදා ගත යුතුයි... ඔබ දිය යුතු මුදලට අදාලව මුද්දර ගාස්තු ලක්ශයකට 1000ක් වශයෙන් ඔබගේ මුදලින් ගෙවිය යුතුයි... ලක්ශ 10ක් පසුව දීමට පොරොන්දු වේ නම් 10000ක මුද්දර ගාස්තු ගෙවිය යුතුයි...



    ඔප්පුව ඔබවෙත ලියනවිට ඔප්පු ගාස්තු ඔබ ගෙවිය යුතුයි..
    ඔප්පුවේ දමන වටිනාකමෙන් 1% (සාදාරන ලෝයර් කෙනෙක්ගේ මුදල) ගෙවිය යුතුයි...
    ඔප්පුවේ වටිනාකමට සමානව මුද්දර ගාස්තු ගෙවිය යුතුයි..
    තෑගි ඔප්පුවක් නම් පලමු ලක්ශයට 2500ක් සහ අනෙකුත් වැඩිවෙන ලක්ශයකට 2000 බැගින් ගෙවිය යුතුවේ..
    උදාහරනයක් ලෙස ලක්ශ 10ක වටීනාකමක් ඇති දේපලකට
    තෑගි ඔප්පුවක් සාදයි නම්, ලෝයර්ට 10000කුත් මුද්දර ගාස්තු 20500කුත් ගෙවිය යුතුයි...
    ඔප්පුවක් සැකසු පසු ලියාපදින්චි වී පැමිනීමට සති දෙකකට වැඩි කාලයක් ගතවේ.. මාස එකහමාරක් වුවද වියහැක.


    - Loan දාන්න හොඳම බැන්කුව?

    ගොඩක් බැන්කු හොදයි අවුලක් නෑ


    මේක මන් වෙන ත්‍රේඩ් එකකට දාපු පෝස්ට් එකක්... නොදන්න අයට දැනගන්න පොඩි පොඩි වෙනස්කම් කරලා අලුත් ත්‍රේඩ් එකකින්ම දැම්මෙ... :P


    සාමාන්‍යයෙන් නොදන්නම කෙනෙක් ගෙන් ඉඩමක් ගන්නවනං මුද්දර ගාස්තු ගැන හිතල තෑගී ඔප්පු ලියන්න යන්න එපා..
    සින්නක්කර ඔප්පුවකම ලියාගන්න..
    සින්නකර ඔප්පුවක පලවෙනි ලක්ශයට මුද්දර ගාස්තු 3000යි..
    අනිත් සෑම ලක්ශයකටම 4000ගානේ තමයි මුද්දර ගාස්තු හැදෙන්නේ..
    :)
     
    Last edited:

    thanujaka

    Well-known member
  • හොද පොස්ට් එකක්..
    නමුත් මචං උඹ ඔය අන්තිමට දාල තියෙන මුද්දර ගාස්තු ඔහොම එන්නේ ඒක තෑගි ඔප්පුවක් නං විතරයි..
    සින්නක්කර ඔප්පුවල මුද්දර ගාස්තු ඔහොම නෙමෙයි..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    හොද පොස්ට් එකක්..
    නමුත් මචං උඹ ඔය අන්තිමට දාල තියෙන මුද්දර ගාස්තු ඔහොම එන්නේ ඒක තෑගි ඔප්පුවක් නං විතරයි..
    සින්නක්කර ඔප්පුවල මුද්දර ගාස්තු ඔහොම නෙමෙයි..

    එල මචෝ... මටනම් ඒ පිලිබද අත්දැකීම් නෑ බන්...
    මචන් ඒ ගැනත් උබ දන්න දේ දාපන්... නොදන්න එකෙක්ට දැනගත්තැකිනේ... :yes:
     

    thanujaka

    Well-known member
  • එල මචෝ... මටනම් ඒ පිලිබද අත්දැකීම් නෑ බන්...
    මචන් ඒ ගැනත් උබ දන්න දේ දාපන්... නොදන්න එකෙක්ට දැනගත්තැකිනේ... :yes:

    සාමාන්‍යයෙන් නොදන්නම කෙනෙක් ගෙන් ඉඩමක් ගන්නවනං මුද්දර ගාස්තු ගැන හිතල තෑගී ඔප්පු ලියන්න යන්න එපා..
    සින්නක්කර ඔප්පුවකම ලියාගන්න..
    සින්නකර ඔප්පුවක පලවෙනි ලක්ශයට මුද්දර ගාස්තු 3000යි..
    අනිත් සෑම ලක්ශයකටම 4000ගානේ තමයි මුද්දර ගාස්තු හැදෙන්නේ..:)
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    සාමාන්‍යයෙන් නොදන්නම කෙනෙක් ගෙන් ඉඩමක් ගන්නවනං මුද්දර ගාස්තු ගැන හිතල තෑගී ඔප්පු ලියන්න යන්න එපා..
    සින්නක්කර ඔප්පුවකම ලියාගන්න..
    සින්නකර ඔප්පුවක පලවෙනි ලක්ශයට මුද්දර ගාස්තු 3000යි..
    අනිත් සෑම ලක්ශයකටම 4000ගානේ තමයි මුද්දර ගාස්තු හැදෙන්නේ..:)

    එල මචෝ... මන් ඒක ත්‍රේඩ් එකටම දැම්මා :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    bump
    මම ගෙවල් හදන එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිත ඉන්නවා.මේකත් ඒකටම ඈඳන්නද?

    අවුලක් නෑ මචන් ගනින්... පුලුවන් නම් මේ ත්‍රේඩ් එකේ ලින්ක් එක දාපන්, නැතත් අවුලක් නෑ.. :yes:
     
    Last edited:

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    me mama dapu thread ekata uba deepu uththara tika neda...

    ela ela machan me answer tiken hamotama sahena deyak igenaganna puluwan. :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුලක් නෑ මචන් ගනින්... පුලුවන් නම් මේ ත්‍රේඩ් එකේ ලින්ක් එක දාපන්, නැතත් අවුලක් නෑ.. :yes:

    ලින්ක් එක දාන්න තමයි හිතන් ඉන්නෙ.උබලගෙ නම් එක්කම.