කාලින දේශපාලන සංවාදය

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    කාලින දේශපාලන සංවාදය

    මේ දවස් වල එළකිරි එකේ ගොඩක් දේශපාලන threads යනවා. ඒවා අතරින් බොහොමයක් ඒවා කරුණු ඇතිව කතාකරගන්න ඒවා නෙමේ. එක පක්ෂයක් එකනෙක් අනිත් පක්ෂයට මඩ ගහනවා ඊටපස්සේ අනිත් අයත් එහෙමම කරනවා. අපි මේ thread එකෙන් එහෙම නැතිව කරුණු ඇතිව කොහොමද අපේ රට ගොඩගන්න දේශපාලනය පාවිචි කරන්නේ චන්ද දායකයන් හැටියට කියල කතා කරමු.

    fix%20politics%20wordle2.png


    මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා පලවෙනි වරට පත්වෙනකොට රටේ ජනතාවට ඕන වුනේ යුද්ධය නැති කරන්න. එතුමා එක කොහොම හරි කරා සරත් ෆොන්සේකා සහ සියලුම රණවිරුවනුත් මේකට දායකත්වය දුන්න. ඉන් පසු දෙවන වර මිනිසුන්ට ඕන වුනේ රටේ තිබ්බ දුප්පත් කම දුරලා රට සංවර්දනය කරන්න කියල. මහින්ද රාජපක්ෂ ජනාදිපති වරයට ඒක කරගන්න බැරි වුනා. මොකද මේ රජය ගෙන ගිය සමහර ප්‍රතිපත්ති අසාර්ථක වුන නිසයි එහෙම වුනේ.

    ඔය අස්සේ නිතිය කියන එක එන්න එන්න මිනිස්සු අවිශ්වාස කරන්න ගත්ත. ඔය වගේ වාතාවරණයක තමයි රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂය සන්දාන ගත වෙලා ලෝකයේ දියුණු රට වල භාවිතා වන සංකල්පයක් වන යහ පාලනය (good governance) ගෙන ආවේ. මේ වෙනකොට රටේ ජනතාවට මේ යහ පාලනය අවශ්‍ය වෙලා තිබ්බ. ඔන්න ඔය වගේ තාවයක් යටතේ තමයි මහින්ද මහත්යා පැරදුනේ.

    දින 100ක් කියන්නේ ඉතාම කුඩා කාලයක්. හැබැයි මිනිස්සුන්ට ඕන වුන යම් යම් සහන මේ කාලය තුල දීල තියෙනවා. හැබැයි ඒ වගේම දුමින්ද සිල්වා වැනි පිරිස් හට නිතිය හරියට ක්‍රියාත්මක නොවී මහින්ද රාජපක්ෂ මහතාට ඉතාමත් විහිළු සහගත කාරණාවක් සම්බන්දයෙන් නිතිය ක්‍රියාත්මක කිරීමට යාම බොහෝදෙනා හෙලා දකිනවා. මොකද යහ පාලනයක් වෙනවානම් නීතිය සැමට එක විය යුතුයි. හැබයි ඉදිරියේදී බලය අතහැර පාර්ලිමේන්තුවට බලය පවරා ස්වාදීන කොමිසම් පත්කරන පොරොන්දුව නිසා ජනතාව යහපාලනය ගැන බලාපොරොතු තියන් ඉන්නවා.

    යහපාලනය ජාති වාදයට, ආගම් වාදයට තිදින්ම විරුධයි. මේ දෙය අන්තවාදී නොවන සියලු සාමාන්‍ය රටවැසියාගේ බලපොරෝතුවක්. හැබැයි යම් යම් පිරිස් මේවා උපයෝගී කරගෙන ජාතිවාදය ඇතිකර චන්දය ලබාගන්න හදනවා. එක මම හිතනේ හරියන එකක් නැහැ. මම කියන්නේ යහපාලනයෙන් පොරොන්දු වුනු බලය අතඇරීම කරන්න ඕනි. ඊටපස්සේ චන්දයකට යන්න ඕන. මිනිස්සු දැන් හොඳට කල්පනා ඇතිව උගත් බුධිමත් අයව තෝරලා පාර්ලිමේන්තුවට එවන්න ඕනි.

    මම විරුධත්වයක් නැහැ රනිල් අගමැති වෙනවට. මොකද එතුමා දකුණු ආසියාවේ ඉන්න ඉතාමත් බුධිමත් සහ උගත් නායකයෙක්. හැබැයි මම විරුදයි රටට මෙතරම් සේවයක් කර හිටපු ජනාදිපති තුමාට හිරිහැර කරන එකට සහ මඩ ගහන එකට. එතුමා අපට අවශ්‍ය වෙලාවේ අපේ රටට ගැලපෙන මිනිස්සු ඕන කියල කියපු දේ කරලා යුද්දය නැති කරා. ඒ වෙලාවේ රනිල් මහතා හෝ ද්චන්ද්රිකා මැතිනිය සිටියානම් ඒ දෙය නොවෙන්න තිබ්බ. ඒ ගවුරවය මම එතුමාට දෙන ගමන් එතුමා අනාගතයට අගමැති පදවිය ලබන්න සුදුසු නැහැ කියල කියන්නත් කියන්න ඕන. අනාගතය අපේ රට දියුනු කිරීමට පොඩි හරි හැකියාවක් තියෙන්නේ රනිල් වික්රමසිනහ වැනි උගත් මහත්මයෙක් තමයි.

    අන්තිමට කියන්න තියෙන්නේ:
    keep-calm-and-love-politics-2.png
     
    Last edited: