ප්ලග් මාරු කරමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ප්ලග් මාරු කරමු

    මවුස් එක තියලා බලන එකා බූරුවා


    වර වර කුකුලෝ ඇතුලට... හැම මගුලටම මීයා තිය තියා බලලා ඕක කඩාගන්නවා දැන්






    ඉන්න ගමන් කොටන්න යන්නේ බොහොම සරල දෙයක්. ඒත් කට්ටියට වැදගත් වෙයි කියලා හිතලයි දාන්නේ. ස්පාර්ක් ප්ලග් වර්ග ගැන එලකිරියේ සවිස්තරාත්මක නූලක් ගිය නිසා ආයේ ඒවා කොටන්න ඕනේ නෑ කියලා හිතනවා

    මේ ත්‍රෙඩ් එකේ මම සදහන් කරපු දේවල් ඔය කට්ටියට අනුව වැරදි සහ තවත් දේවල් එකතුකරන්න අවශ්‍යනම් ඒ ගැන මේකේ කොටන්න දෙපාරක් හිතන්න එපා

    කොහොමද අලුත් වාහනවල ස්පාර්ක් ප්ලග් මාරු කරන්නේ
    මොකක්ද මේ ස්පාර්ක් ප්ලග් එක?- අභ්‍යන්තර දහන ඇන්ජිමක පැට්‍රල් පත්තු කරන්න ගිනි පුලිගු ලබාදෙන උපකරනය කියලා ප්ලග් එක සරලවම හදුන්වන්න පුලුවන්

    ප්ලග් පරීක්ශා කර මාරු කල යුතුම අවස්තා මොනවාද?

    1.ඇන්ජිම වැඩි අයිඩ්ල් එකක දුවනවානම් (සාමාන්‍ය අගය 1000යි )

    2. වාහනය පනගන්වන්න බැරිනම්..

    3.ඇන්ජිම මිස්ෆයර් වෙනබව දැනෙනවනම්

    4.එකසිය ගානට තෙල් පිච්චෙනවනම්

    5.(හොන්ඩා විසෙල් එකක් වගේ) අජූත විදිහට ඇක්සිලරේට් වෙනවනම්

    6.ඇන්ජිමට අත තිබ්බහම තරමක් වැඩි දෙදරීමක් දැනෙනවානම්

    ප්ලග් එක ගලවලා බලනකොට ගඩොල් රතු පාටට තියෙනවානම් ප්ලග් හොදයි..ඒත් කර මලකඩ කාලා වගේ තියෙනවනම් මාරුකරලා දාන්න

    රත්තරංගේ උපදෙස - හොද උනත් නරක උනත් හැමදාම දුවන වාහනයක් නම් අව්රුද්දකට සැරයක් ප්ලග් මාරුකරලා දාන්න


    ප්ලග් කොයිල් එක පිච්චිලානම් ඒත් ප්ලග් වැඩකරන්නේ නැති වෙන්න පුලුවන්. ඒක චෙක් කරන හැටි තව ඉස්සරහට කියන්නම්

    අපිට ප්ලග් මාරු කරන්න අවශ්‍ය වෙනවා,


    1.ප්ලග් බොක්ස් එකක්

    S9720KA.jpg




    2.10යේ යතුරක් (8ත් එන ඒවා තියෙනවා )

    ඒකේනම් පොටෝ දාන්නේ නෑ සිංහලු.. දහයේ යතුරක් දැකලා නැත්නම් ආත්මේ මාරුකරගන්න වෙනවා




    එහෙනම් වැඩේට බහිමු...

    ඉස්සෙල්ලම බැටරි වයර් එක ගලවගන්න


    මේ විදිහට බොනට් එක ඇරගත්තහම අපිට ප්ලග් කොයිල් ටික පේනවා

    image.jpg



    ඊට පස්සේ 10යේ යතුර අරගෙන ප්ලග් කොයිල් ටිකේ ඇන ටික ගලවගෙන යන්න

    image.jpg


    දැන් ඕගොල්ලන්ට පුලුවන් කොයිල් එක පවර් සොකට් එකෙන් ගලවගන්න

    image.jpg


    මේ තියෙන්නේ ගලවාගත්ත කොයිල් එක

    image.jpg


    දැන් ප්ලග් බොක්ස් එක දාලා කරකවලා ප්ලග් එක බුරුල්කරගන්න

    04_5.jpg


    සේරම ගලවලා ගත්තට පස්සේ ඇන්ජිම

    image.jpg


    මෙන්න පරන ප්ලග් එක.. මේක ඉරේඩියම් ඩෙන්සෝ ප්ලග් එකක්..

    image.jpg


    මම දාන්න යන්නේ ජපන් NGK ඉරේඩියම් ප්ලග්

    image.jpg


    image.jpg


    දැන් ඉතින් ගලවපු විදිහටම ප්ලග් හතර දාලා බොක්ස් කෑල්ලෙන් "අතේ තදේට" තද කරලා කොයිල් හතර දාලා ශොකට් ගහලා ඇන දාලා තද කරන්නයි තියෙන්නේ

    image.jpg


    මම අර කලින් කිව්වා වගේ ප්ලග් කොයිල් පිච්චිලාද බලන්න සරලම ක්‍රමයක් තියෙනවා. ඇන්ජිම ස්ටාර්ට් කරලා කොයිල් එකින් එක "පවර් සොකට් එකෙන්(ඉලෙක්ට්‍රිකල් කනෙක්ටර් )" විසන්දි කරමින් බලන්න විසන්දි කලාම ඇන්ජිම දෙදරනවද කියලා. දෙදරන්නේ නැත්නම්, වෙනසක් වෙන්නේ නැත්නම් ඒ කොයිල් එක වැඩකරන්නේ නෑ. ඒ වගේම මෙහෙම කොයිල් ගැලෙව්වහම චෙක් ඇන්ජින් ලයිට් එක පත්තු වෙනවා. එතකොට බැටරි වයර් එක නැවතත් ගලවලා විනාඩි 5ක් විතර තියල සවි කරන්න

    මේ තියෙන්නේ ප්ලග් කොයිල් එක එහෙමත් නැත්නම් ඉග්නීශියන් කොයිල් එකක කොටස් ලකුනු කරපු සටහනක්

    coil_02.jpg


    ඔන්න ඉතින් ගැරිජ් ගානේ රස්තියාදු වෙන්නේ නැතුව ප්ලග් ටික මාරු කරන හැටි කියල දුන්න.. වැඩක් උනානම් බම්ප් එකක් දාලා රෙප් පාරකුත් දීලා උබලගෙත් අදහස් කියාගෙනම පලයල්ලා....
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ප්ලග් පිච්චිලාද කියල දැනගන්න පුලුවන් නේද ප්ලග් එක ගැලෙව්වම ප්ලග් එකේ පෙට්‍රල් බැඳිල තියනව නම්..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වටිනව වටිනව සහෝ
    10 යේ යතුර කතාව දැක්කමයි මතක් වුනේ, 10 යේ යතුර දන්නෙ නැති එකා බොනට් එක අරින්නවත් සුදුසු නොවේ කියනවනේ. (මමයි යකෝ කියන්නේ)

    මෙන්න මෙහෙම කුණුහරුපයක් ආවා මචං
    You must spread some Reputation around before giving it to රත්තරං again.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    plug maru karaddi pita pota yawaganna epa kattiya, pita pota giyoth fatta athal ekak ganna puluwan(mage yaluwek yawagena api fatta athal ekak gaththa).............
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    තව පොඩි දෙයක් එකතු කරන්නම්, අලුත් plug එක දානකොට,plug box එකට Plug එක දාලා හෙමින් plug Hole එකට දාලා තද කරගන්න,එක පාරම Plug Hole එකට දාලා තද කරන්න එපා, එහෙම දානකොට බැරි වෙලාවත් ටිප් එක තැලිලා Plug gap එක වෙනස් වෙන්න පුළුවන්,