Etisalat අපෙන් හොරකම් කරන හැටි | How Etisalat fraudulently rips off our money

Etisalat ආයතනය ඔබෙනුත් &#346


  • Total voters
    199

shaakunthala

Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    Etisalat අපෙන් හොරකම් කරන හැටි | How Etisalat fraudulently rips off our money

    ගිය අවුරුද්දෙ අන්තිම (2014 දෙසැම්බර්) කාලෙ මම ගත්තා Etisalat Internet connection එකක්. ඕක ටික කාලයක් කරදරයක් නැතුව පාවිචචි කළා. පොඩි පොඩි අඩුපාඩු හැරෙන්න වෙන කිසි අවුලක් තිබුණෙ නෑ මාර්තු මාසෙ වෙනකම්.

    2015 මාර්තු මාසෙ මුල වගේ මම එක VAS (value-added service) එකක් සක්‍රීය කරගත්තා. (REG MJG කියලා SMS එකක් යැව්වාම රජයේ රැකියා ඇබෑර්තු ගැන සැරින් සැරේ විස්තර SMS එන්නේ, මාසෙකට රුපියල් තිහයි - අන්න ඒක තමා)

    ඔහොම ගියා ටික දවසක්. මාර්තු මාසෙ මැද හරිය වෙද්දි මේ අය මගේ Etisalat අංකයට තව තවත් VAS සේවා සක්‍රීය කරල තිබුණ. නමුත් මේ එකක්වත් මම කිසිදාක සක්‍රීය කරන්න කියල ඉල්ලපු දේවල් නෙමේ. මේ තියෙන්නෙ ඒ ලැයිස්තුව:

    • Unlimited @ LKR 10
    • Saregama Fashionmall
    • Coolclub
    • Gamesclub
    මම පාවිච්චි කරන HSPA මොඩම් එක ProLink PRT7006H වර්ගයෙ වයර්ලස් මොඩම් එකක්. මොඩම් එක on කරලා මම WiFi හරහා තමයි ලැප්ටොප් එකෙන් හෝ ජංගම දුරකථනයෙන් ඊට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා වැඩි දෙනා පාවිච්චි කරන Huawei ඩොන්ගල් වල වගේ SMS එසැණින් මට එන්නෙ නෑ මොඩම් එකේ Web UI එකට ගිහින් බැලුවෙ නැත්නම්. මම දවසකට හෝ දෙකකට වතාවක් මට ඕනෑ වෙලාවට තමයි SMS බලන්නේ. ඒ නිසා, Etisalat ආයතනය මගේ අනුදැනුමින් තොරව සක්‍රීය කරපු VAS සේවා ගැන මට එවෙලේම දැනගන්න ලැබුණේ නෑ වගේම දවස ගණනේ මුදල් අය කරන සමහර VAS සේවා මගේ අනුදැනුමින් තොරව දවස් කීපයක් අළුත් කරලා (renew) පවා තිබුණා.

    නමුත් මේ කිසිම සේවාවක් සක්‍රීය කරන්න කියලා මම කිසිම අයුරකින් ඉල්ලලා නැහැ.

    මේ පිළිබඳ දැනගත් වහාම මේ සේවා වහාම අක්‍රීය කරන්න කියාත් නැවත එසේ නොකරන්න කියාත්, ඒ වගේම මගේ අනුදැනුමින් තොරව සක්‍රීය කළ සේවා වලට මුදල් අය නොකරන්න කියාත් මම Etisalat වෙත Twitter හරහා දැනුම්දුන්නා. ඒ සේවා ඔවුන් ඉන් පසු අක්‍රීය කරලා තිබුණා. නමුත් බිල ගැන කිසිම කතාවක් නැහැ.

    මේක ගැන Facebook status update එකකුත් මම පළ කළා ඒ දිනවලම:
    https://www.facebook.com/shaakunthala/posts/10152716303376863

    2015 අප්‍රේල් පළවෙනිදා බිල ආවා. Common VAS Services යටතේ රුපියල් 240ක් අය කරල තිබුණා. නමුත් මම පාවිච්චි කරල තිබුණු එකම VAS service එක රජයේ රැකියා පිළිබඳ දැනුම් දෙන සේවාව විතරයි. ඒ අනුව මගෙන් අය විය යුතු මුදල රුපියල් තිහයි. රුපියල් 210ක් නීති විරෝධී ලෙස මගෙන් අය කරලා තියෙනවා. රුපියල් 210ක් ලොකු ගානක් නොවෙන්න පුළුවන්, නමුත් එක පාරිභෝගිකයෙකුගෙන් අඩු තරමින් රුපියල් දහයක් මංකොල්ල කෑවත් පාරිභෝගිකයින් මිලියනයක් එක්ක මෙහෙම සෙල්ලම් කළොත් කිසි වෙහෙසක් නැතුව රුපියල් මිලියන දහයක් හෙවත් ලක්ෂ සීයක් හොයලා!

    මේ පිළිබඳව සවිස්තරව ඊමේල් එකක් සකස් කරන්න අවශ්‍ය screenshots ගන්න මම නැවත වතාවක් මොඩම් එකට ලොග් වුණේ අප්‍රේල් 4 වෙනිදා. ඒ වෙලාවේ තමයි මම දැක්කේ Any 5 @ LKR 5 කියලා තවත් එකක් මගේ Etisalat සම්බන්ධතාවයට සක්‍රීය කරල කියල. ඒ වගේම මම කල්පනා කළා මුලින්ම පාරිභෝගික අධිකාරියට දැනුම් නොදී Etisalat ආයතනයට මේ මුලින්ම දැනුම් දෙන්න. එවිට ඔවුන්ට කාලයක් ලැබෙනවා මේ ගැන යම් සොයා බැලීමක් කරන්නට. ඒ නිසා ඊමේල් එක ලිව්වේ Etisalat ආයතනයට. ඒ වගේම මගෙන් වැඩිපුර අය කළ මුදලත් මම ඔවුන්ගෙන් නැවත ඉල්ලා සිටියා. මේ ගැන පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන බවත් මම කිව්වා. (ටිකක් විතර කේන්තියෙන් ලිව්වේ - නමුත් බැනලා හෝ අසභ්‍ය වදන් නැහැ :) )

    මේ පෝස්ට් එකේ පහළින් තියෙනවා ඒ ඊමේල් එක.

    Twitter හරහාත් දැනුම් දුන්නා නැවතත් මේ වැඩේ නොකරන ලෙස. ඔවුන් ඒ සේවා අක්‍රීය කළා.

    අප්‍රේල් 5 මට Etisalat වෙතින් ලැබුණු ඊමේල් එකක ඒ පිළිබඳ කණගාටුව පළ කරලා තිබුණා. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරල තිබුණා මේ VAS සේවා තෙවන පාර්ශ්ව WAP contents බවත් මම ඒවා සක්‍රීය කරන්න කියල ඉල්ලුවාම ඒවා සක්‍රීය වෙන බවත්. මම ඒවා සක්‍රීය කරන්න ඉල්ලීමක් නොකර කොහොමද ඒවා සක්‍රීය වෙන්නේ?

    දින කීපයක් සද්ද නැතුව ඉඳලා අප්‍රේල් 11 වෙනිදා මේ ගැන නැවත විමසුවාම ඔවුන් කියනවා මගෙන් වැඩිපුර අය කළ මුදල සති දෙකක් ඇතුළත නැවත ලබා දෙන්න කටයුතු කරන්නම් කියලා. මගේ අවසාන ඉලක්කය මගේ රුපියල් 210 ආපහු ගන්න එක නෙමේ. මේක උදාහරණයක් කරගෙන, තමන්ට අසාධාරණයක් වෙද්දි කට වහගෙන ඉන්න එපා, කතා කරලා සාධාරණය ඉෂ්ඨ කරගන්න කියන පණිවුඩය අනිත් අයට දෙන එකයි මගේ අවසාන ඉලක්කය වුණේ.

    සති දෙක නම් දැන් ගත වෙලා ගිහින්, අවුරුදු නිවාඩුව ගැනත් සලකලා තව ටිකක් මේ ගැන ඉවසන්න මට තිබුණා. නමුත්, අද (2015 අප්‍රේල් 26) මගේ මොඩම් එකේ SMS බලනකොටයි මම දැක්කේ තවත් ඔය වගේම VAS සේවා දෙකකට මගේ අනුදැනුමින් තොරව මාව subscribe කරලා කියලා.

    xDXkEu3.png


    මොකක් නමුත් ලොකු අවුලක් තියෙනවා. මේ මිනිස්සු කියන දේ අහන්න දන්නේ නැහැ. ඉස්සර Dialog එකත් මේ වගේ බොළඳ විධියට හැසිරිලා තියෙනවා මට මතකයි. නමුත් පාරිභෝගිකයින් අන්තර්ජාලය ඔස්සේ විවෘතව කළ විරෝධතා නිසා එයාලට අකුලගන්න සිද්ධ වුණා. මේ වෙලාවේ තමා මම තීරණය කළේ මේ ගැන පාරිභෝගික අධිකාරියට නියත වශයෙන්ම සවිස්තරව දැනුම් දෙනවා කියලා. දින වකවානුත් එක්ක අදාළ SMS වල screenshots මගේ ළඟ තියෙනවා.

    ඒ වගේම මම මේ මොහොතේ තීරණය කළා මේ රුපියල් 210 ගැන පස්සෙන් පන්නලා මට වැඩක් නෑ. හැමදෙනාටම වැඩක් වෙන්නේ දුරකථන සමාගම් නැවත පාරිභෝගිකයින්ගේ මුදල් ගසාකන්නේ නැති තැනට වැඩ සිද්ධ කළොත් කියන එක. ඒ අනුව, මේ ත්‍රෙඩ් එක කියවන Etisalat පාරිභෝගිකයින්ගෙන් මම ඉල්ලා සිටිනවා, ඔබටත් මෙවැනි අත්දැකීම් තියෙනවද, තියෙනවනම් මට ඊමේල් එකක් එවන්න විස්තර ඇතුව. මගේ ඊමේල් ලිපිනය sameera{ඇට්}shaakunthala{ඩොට්}com. මම මගේ ගැටළුවත්, ඒ සියළු විස්තරත් අඩංගු කරලා පාරිභෝගික අධිකාරිය වෙත මේ පිළිබඳව දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ පිළිබඳ පසු විස්තරත් මේ ත්‍රෙඩ් එකේම සඳහන් කරන්නම්. ඒ වගේම මේක මම වෙනුවෙන් නෙමෙයි, අපි හැමෝම වෙනුවෙන්. අපේ ඉලක්කය Etisalat ආයතනය පාරිභෝගිකයන්ගේ මුදල් මංකොල්ලකෑමට එරෙහිව පියවර ගැනීමත්, ඒ වගේම අනෙක් දුරකථන සමාගම් වලට මෙය උදාහරණයක් ලෙස දැක්වීමත්.

    විශේෂ ඉල්ලීමක් ලෙස සඳහන් කරන්නම්, අසභ්‍ය වදන් හෝ කෝපාවිෂ්ඨ විධියට බැනවැදීම් නොකර පුළුවන් තරම් decent විධියට මේක ඉදිරියට ගෙනියමු. :yes:


    --
    ස්තුතියි!
    ශාකුන්තල


    =========================================

    ​From: Sameera Shaakunthala <sameera{ඇට්}shaakunthala{ඩොට්}com>
    Date: Sat, Apr 4, 2015 at 6:00 PM
    Subject: Unauthorized VAS activation and billing :: 072*******
    To: Customer Care <customercare{ඇට්}int{ඩොට්}etisalat{ඩොට්}lk>


    Hi,

    This is regarding my Etisalat bill for March 2015 where you have billed me additional 210 LKR under COMMON VAS SERVICES that I never requested.

    Total billed for common VAS services = 240 LKR
    VAS service I requested (MyGovJobs) = 30 LKR
    VAS service you have activated without my consent and billed: 210 LKR

    VAS I did not request include:
    * Unlimited @ LKR 10
    * Saregama Fashionmall
    * Coolclub
    * Gamesclub


    Please refund the amount of 210 LKR plus taxes for the same, or I will have to send a detailed e-mail to the Consumer Rights Authority and Telecommunications Regulatory Commission. Since 210 LKR looks too small for this concern, I intend to form a little association with other affected customers and proceed as a whole. May social media help us.

    As soon I noted that I have been subscribed to VAS without my knowledge, I requested unsubscription and a refund via your official Twiter handle @EtisalatSL. Unsubscription was processed, however apparently the refund wasn't processed. Today, when I check my modem's SMS, I noted that you have activated another VAS called 'Any 5 @ LKR 5' yesterday. I am bit of an angry customer here because you keep doing the same thing without my consent even after informed not to do so.


    Thanks!
    Shaakunthala

    Sameera Shaakunthala
    www.shaakunthala.com
    ====================

    ​From: Customer Care <CustomerCare{ඇට්}int{ඩොට්}etisalat{ඩොට්}lk>
    Date: Sun, Apr 5, 2015 at 11:29 AM
    Subject: RE: Unauthorized VAS activation and billing :: 072*******
    To: Sameera Shaakunthala <sameera{ඇට්}shaakunthala{ඩොට්}com>


    Dear Mr. Sameera,

    Thank you for your E-mail to Etisalat.

    Please accept our sincere apologies for the inconvenience caused due to highlighted matter.

    kindly note that below mentioned VAS services are 3rd party wap contents & once you subscribe the service through pop up messages you receive, you will be charged for the services.

    However , we have already deactivated the services & sent a request to check the possibility to credit the charges.
    If same will be approved, we will do the needful to credit your connection.



    Please feel free to e mail us on any concerns.


    Assuring you, our best service at all times.
    Thanks & Regards ,

    Gishani Hasinthika
    Senior Executive – Call Centre
    Etisalat Lanka (Pvt) Ltd,
    Corporate Office,
    No. 109 Galle Road,
    Colombo,
    Sri Lanka.
    Customer Care Helpline : 0722 123123
    General Hotline : 0722 541541
    Fax : 0722 541100
    Official Website : www.etisalat.lk
    පසු සටහන - පොඩි poll එකක් දැමමා උඩින්, නමුත් ඒකේ කොටසක් කැපිලා ගිහින්. මෙන්න ඒකේ අහන ප්‍රශ්නය:
    Etisalat ආයතනය ඔබෙනුත් අයථා ලෙස මුදල් අය කර තිබේද?
     
    Last edited:

    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    oya VAS magula matath auto active karala thibun abun.passe passe mage data wadipura kapenawa mage danuna.passe man line 1k disconnect karala danma bun.

    මචං මට ඊමේල් එකක් එවන්න පුළුවන්ද? ඔයාවත් cc කරලා මම මේ ගැන දැනුම් දීම කරන්නම්. ඒ වගේම ලිඛිත හෝ ඊමේල් සාක්ෂි තියෙනවනම් ඒවත් මේ ත්‍රෙඩ් එකටම එකතු කරන්න කැමති නම්.
     

    knighthansa

    Junior member
  • May 12, 2008
    106
    8
    18
    BUMP

    ah Shakunthala ayya :D
    Bump ...

    mamath kalin Etisalat use kala. Hamba seen nisa ain kala.
    dn nam Mobitel 20GB package1. Rs 1290/=
    VAT ekka 1440k wage
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan samahara sites wala thiyenawa ara DNS messages ewanna scene ekak. Thawa Etisalat apps kiyala ape inna samahara ewun apps hadanawa 30/month charge karanawa ewata.
    Mama issara etisalata use kara dan awurudu 3 kara withara kalin. E dawas walanam Awulak na. Prepaid habai.
     

    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    ah Shakunthala ayya :D
    Bump ...

    mamath kalin Etisalat use kala. Hamba seen nisa ain kala.
    dn nam Mobitel 20GB package1. Rs 1290/=
    VAT ekka 1440k wage

    ආ... knighthansa කවුද කියලා නං අයිඩියාවක් නෑ මචෝ හැබැයි බුකියෙ අපි අඳුනනවත් ඇති නේ? :)

    'හම්බ' කියන වචනේ මෙතන පාවිච්චි නොකර ඉමු නේද? :) ඔය වැරැද්දම කවද හරි Mobitel එකෙන් කලොත් ඒත් වැරැද්ද වැරැද්දමයි.

    1290 පැකේජ් එක ගැන දැනන් හිටියේ නෑ දැනුවත් කළාට බොහෝම ස්තූති. :yes:
     

    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    Machan samahara sites wala thiyenawa ara DNS messages ewanna scene ekak. Thawa Etisalat apps kiyala ape inna samahara ewun apps hadanawa 30/month charge karanawa ewata.
    Mama issara etisalata use kara dan awurudu 3 kara withara kalin. E dawas walanam Awulak na. Prepaid habai.

    මගේ නම් postpaid Internet. DNS messages ගැන පොඩ්ඩක් පැහැදිළි කරන්න පුළුවන්ද? ඔය කියන්නේ Internet වලට අදාළ DNS කතන්දරේ නම්, මම පාවිච්චි කරන්නෙ Google DNS (8.8.8.8, 8.8.4.4) නිසා අමුතු මොකුත් ඇවිල්ලා නම් නැහැ.

    Monthly charge කළාට කමක් නෑ මම ඇක්ටිව් කරන්න කියල ඉල්ලපු ඒවට නම්. උදාහරණයක් විධියට රජයේ රැකියා ගැන දැනුවත් කරන සේවාව සක්‍රීය කරන්න කියල මම ඉල්ලීමක් කරපු එකම එක. මිනිස්සු ඇප්ස් හැදුවා කියල ඒව අපේ ඇෙඟ් ගහන්න ඕනේ නැහැනේ නිකං පිටකොටුවෙ පේමන්ට් එකේ වගේ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මගේ නම් postpaid Internet. DNS messages ගැන පොඩ්ඩක් පැහැදිළි කරන්න පුළුවන්ද? ඔය කියන්නේ Internet වලට අදාළ DNS කතන්දරේ නම්, මම පාවිච්චි කරන්නෙ Google DNS (8.8.8.8, 8.8.4.4) නිසා අමුතු මොකුත් ඇවිල්ලා නම් නැහැ.

    Monthly charge කළාට කමක් නෑ මම ඇක්ටිව් කරන්න කියල ඉල්ලපු ඒවට නම්. උදාහරණයක් විධියට රජයේ රැකියා ගැන දැනුවත් කරන සේවාව සක්‍රීය කරන්න කියල මම ඉල්ලීමක් කරපු එකම එක. මිනිස්සු ඇප්ස් හැදුවා කියල ඒව අපේ ඇෙඟ් ගහන්න ඕනේ නැහැනේ නිකං පිටකොටුවෙ පේමන්ට් එකේ වගේ.

    Sorry machan mama sms kiyala type karanna guys phone eke autocorrect wela.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage ammage connection ekenuth mokakdo ringintone ekak activate karala masa ganak.. ringinton ekakuth nehe! activate karala nehe kawadawath.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    When i relaod Rs100 to my etislat sim to activate a RS 99 data package, i get a recharge value of Rs.98 :/. So that i have to reload again to activate package bacuse of that missing Rs 2
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Is there any way to check the VAS acivated on our sim ? i am using a prepaid connection so don't get a detailed bill :yes:
     
    Last edited:

    Bandaraahs

    Junior member
  • Jul 27, 2010
    113
    12
    18
    mamanam oya service ekakwat active karanne ban active karala tiyeddi apen ahannema netuwa next month renew karala charge karapu msg eka enawa e nisa okkoma deactivate karala tiyenne monawahari danaganna one nam net search karala balanwa bn
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Waraddak Kaloth mokath Waradi. Uba complne ekak dapan...Mama Nam Mage Kisima Package ekakata VAS active karanne na. oka Auto Eelaga Maseth Renew Wenawa Auto. Apitath owa Ain karanna Amathaka Wenawa.

    Anith dee machan March wala Okunge Systerm Aulak Thibba. Oke Hitiya Lokkek Ain una. U yanakota Systerm ekatath Gemak Deegena Giye..Sim ekak wath Active karaganna Bari una...Line ekak Disconn wela Bill Eka gewwama , Auto Conn unewath na...Passe yanthan Sathi 2k wage Gihin Shape una...Ekath hethuwak unada dan na. Uba gema Adapan. Refund ganna Puluwan. Good luck !
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Waraddak Kaloth mokath Waradi. Uba complne ekak dapan...Mama Nam Mage Kisima Package ekakata VAS active karanne na. oka Auto Eelaga Maseth Renew Wenawa Auto. Apitath owa Ain karanna Amathaka Wenawa.

    Anith dee machan March wala Okunge Systerm Aulak Thibba. Oke Hitiya Lokkek Ain una. U yanakota Systerm ekatath Gemak Deegena Giye..Sim ekak wath Active karaganna Bari una...Line ekak Disconn wela Bill Eka gewwama , Auto Conn unewath na...Passe yanthan Sathi 2k wage Gihin Shape una...Ekath hethuwak unada dan na. Uba gema Adapan. Refund ganna Puluwan. Good luck !

    what kind of bullshit is that ? ලොක්කො මාරු වෙනකොට system down වෙන්නේ කොයි කොම්පැනියෙද බන්. ඕන නම් management එකේ වෙනසක් වෙන්න ඇති. ඒහෙමයි කියල යන්ත්‍ර සූත්‍ර වැඩකරන විදිය වෙනස් වෙන්නෙ නැනෙ, sim active කරන්නෙ ලොක්ක අත්සන් කරල කියලද උබ හිතන්නේ' මචන් ඒවට automated activation system තියෙනව ඕවට ලොක්කො සම්බන්ධ වෙන්නේ නැහැ :lol: සමහරවිට ඔය ඉතින් යන්ත්‍රයක දෙකක වැරදි configuration එකක් නිසා අවුල් ආව වෙන්නත් පුලුවන් නෙ
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    what kind of bullshit is that ? ලොක්කො මාරු වෙනකොට system down වෙන්නේ කොයි කොම්පැනියෙද බන්. ඕන නම් management එකේ වෙනසක් වෙන්න ඇති. ඒහෙමයි කියල යන්ත්‍ර සූත්‍ර වැඩකරන විදිය වෙනස් වෙන්නෙ නැනෙ, sim active කරන්නෙ ලොක්ක අත්සන් කරල කියලද උබ හිතන්නේ' මචන් ඒවට automated activation system තියෙනව ඕවට ලොක්කො සම්බන්ධ වෙන්නේ නැහැ :lol: සමහරවිට ඔය ඉතින් යන්ත්‍රයක දෙකක වැරදි configuration එකක් නිසා අවුල් ආව වෙන්නත් පුලුවන් නෙ

    Lokka kiwwe ,Meke management Ekak newe bun.Systerm Hadle karapu Dial ekak.Kohomath oya hama Network ekema oya wage un yaddi Gemak Deegenamai yanne.... Mama kiwwe mama E dawas Wala danna dee.. mama Sims Dena nisa.. Nathuwa mata eka eka company Karayo sudda Karanna Ona na. Sim Active karanne post paid Systerm eken. Systerm aulak Giyama Line ekak Wath daganna ba.Mama kiwwe mama danna Dee..mata Wada karala Boruwata kale kanna Ona na bun..Api 2nnatama Wadak na eken. Tread eka dakka nisa , mama danna dee kiwwe..nathuwa mata meken satha 5ka wadak na..Mama packages sahenna dena nisa , e dawas wala Fault eka mama kiwwe...my treads

    http://www.elakiri.com/forum/showthread.php?t=1661763
    http://www.elakiri.com/forum/showthread.php?t=1672699


    .Good luck
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,325
    3,115
    113
    6°54′N 79°54′E
    මචන් මට කලින් Airtel data pkg එක්ක ප්‍රස්නයක් තිබ්බා .කොච්චර කතාකරත් උන් හදන්නේ නැ ..බය්ලා ගගහ ඉන්නෝ විටරය් ..අන්තිමට සිදුවෙච්ච අසාදාරණය ගැන TRC එකට ලිකිතව ෆාමිනිල්ලක් දැම්මා ...සතියකින් විටර සියලු ප්‍රශ්න නිරාකරණය උනා :):)