සුන්දර දුන්හිද

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුන්දර දුන්හිද

    සුන්දර දුන්හිද
    ගිය අවුරුද්දෙ නිවාඩුවකට අපි දුන්හිද ඇල්ල බලන්න ගියා. ඉතින් එලකිරි සෙට් එකට බලාගන්නත් එක්ක පින්තූර ටික දාන්න හිතුන. වැඩිය විස්තර දන්නෙ නැහැ. මේක තියෙන්නෙ බදුල්ලෙ ඉදල කි.මී. 5 ක් එහාට වෙන්න. ඒ කියන්නෙ බදුල්ල මහියංගන පාරෙ. මේකෙ උස අඩි 210 ක් (මීටර 64) ක් විතර වෙනවා මේ දියඇල්ල දුමක් වගේ වැටෙන නිසා දුන්හිද කියල නම වැටිල තියෙන්නෙ. බදුලු ඔය තමයි ඔය දුන්හිද. ඉතින් යන්න කලින් තියෙන කාර්යාලෙන් ටිකට් ගන්න ඕනි. වැඩි ගානක් නැහැ. මතක විදිහට රු. 20 හෝ 50 හරි. ඉතින් මේ දුන්හිදට යන්න කැලේ මැදින් කි.මී.1.5 ක් විතර අඩි පාරක යන්න ඕනි. ගොඩක් ලස්සනයි. ඒ දෙපැත්තෙ පොඩි පොඩි කඩ තියෙනවා. කෑම, බීම විකුණන්න තියෙනවා. හරිම අහිංසක මිනිස්සු. කෑම අරගෙන කකා යන්න හිටියොත් සොරි වෙනවා. රිලව් පිරිල. අතේ තියෙන කෑම එක හරි ඇදගෙන යනවා. ඇවිත් ඇගට පනිනවා. පට්ට චණ්ඩි.. කොහොම හරි අර මම කිව්ව කි.මී. 1.5 ගියාට පස්සෙ දුන්හිද ඇල්ල බලන්න කොන්ක්‍රීට් වලින් හදපු ආරක්ෂක තැනක් තියෙනවා. එතනත් වයසක සීයා කෙනෙක් බීම විකුණනවා. එතන ඉදගෙන ඇල්ල බලන්න පුලුවන්. හැබැයි එතනින් පහලට යන්නත් පුලුවන් පහළටම. පොඩ්ඩක් අවදානම්. පාර මඩ පිරුණු අඩි පාරක්. ලිස්සනවා. කටු ඇනෙනවා. කැපෙනවා. පරිස්සමින් යන්න ඕනි.එහෙම ගියාම පහල තියෙන ගල් උඩට නැගල ඇල්ල හරහා අනිත් පැත්තට යන්න පුලුවන්. අපි ගිය කාලෙ පෑවිල්ල නිසා අවුලක් නැතුව අපිත් පහළට ගියා. අනිත් කාලෙට ඒ ගල් උඩින් පවා වතුර යනවලු.
    ඉතින් මම ගත්ත පින්තූර ටිකක් දාන්නන් බලාගන්නත් එක්කම.

    ඉතින් පුලුවන් වෙලාවක් සෙට් වුනොත් මේ පැත්තෙ ගිහින් ස්වභාවධර්මය නිදහසේ අත්විදල එන්න. අනිත් අයටත් අනාගතේ යන්න පුලුවන් විදිහට වැඩ කරන්න.

    166n6z5.jpg

    ddfp.jpg

    ogwbw6.jpg

    2d6pd76.jpg

    2gsml1k.jpg

    ddfp.jpg

    2hrk1g1.jpg

    s3isrd.jpg

    ddfp.jpg

    2v8r8rk.jpg

    2gsml1k.jpg

    29pp661.jpg

    2885c74.jpg

    2mk7le.jpg

    zum45z.jpg

    zum45z.jpg

    1z5ow1w.jpg

    1js2gk.jpg

    if1x1j.jpg

    23keyl0.jpg

    if1x1j.jpg

    1zdtzlk.jpg

    2prbvo7.jpg

    ඉතින් මගේ දුන්හිද චාරිකාව මෙච්චරයි. බැලුව අයගෙ අදහස් චෝදනා යෝජනා අගය කරනවා. අනිත් අයටත් බලන්න එක්ක කොමෙන්ට් එකක් / බම්ප් දාගෙන පලයල්ලා. සුබගමන්

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    sundara hortan thenne sundara mathakayan tikak idiriyedi.....

    qnwigi.jpg

    29nuo7l.jpg

    1zwktvq.jpg

    ibkk08.jpg

    29lmlus.jpg
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලක්ෂනයි. උත්කෘෂ්ටයි..
    ත්‍රෙඩ් එඩ්ක දාපු එකත් හොඳා.. ලියපු ටිකත් හොඳා.. ට්‍රැවල් ශ්‍රී ලංකා එකේ ත්‍රෙඩ් වැටෙනවාටත් මම හරි ආසයි.. රෙපුත් දුන්නා උඹට..

    ඈ බං ලොන්ත හිපාටුවෝ.. තෝ පොටෝගැපර් කෙනෙක් නේද? මගේ එකටත් වඩා හොඳ එකක් නේද තෝ ගාව තියෙන්නේ. මොනාද මේ යකෝ අරං තියෙන පොටෝ. මීට වඩා ලස්සන දෙයක් දැක්කෙම නැද්ද ගන්න දුන්හිඳ යනකොට..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලක්ෂනයි. උත්කෘෂ්ටයි..
    ත්‍රෙඩ් එඩ්ක දාපු එකත් හොඳා.. ලියපු ටිකත් හොඳා.. ට්‍රැවල් ශ්‍රී ලංකා එකේ ත්‍රෙඩ් වැටෙනවාටත් මම හරි ආසයි.. රෙපුත් දුන්නා උඹට..

    ඈ බං ලොන්ත හිපාටුවෝ.. තෝ පොටෝගැපර් කෙනෙක් නේද? මගේ එකටත් වඩා හොඳ එකක් නේද තෝ ගාව තියෙන්නේ. මොනාද මේ යකෝ අරං තියෙන පොටෝ. මීට වඩා ලස්සන දෙයක් දැක්කෙම නැද්ද ගන්න දුන්හිඳ යනකොට..

    අර මඩ වතුරේ ගිලිලා මලානම් මිට සැපයි කියලා කුමාට හිතෙයි..... :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලක්ෂනයි. උත්කෘෂ්ටයි..
    ත්‍රෙඩ් එඩ්ක දාපු එකත් හොඳා.. ලියපු ටිකත් හොඳා.. ට්‍රැවල් ශ්‍රී ලංකා එකේ ත්‍රෙඩ් වැටෙනවාටත් මම හරි ආසයි.. රෙපුත් දුන්නා උඹට..

    ඈ බං ලොන්ත හිපාටුවෝ.. තෝ පොටෝගැපර් කෙනෙක් නේද? මගේ එකටත් වඩා හොඳ එකක් නේද තෝ ගාව තියෙන්නේ. මොනාද මේ යකෝ අරං තියෙන පොටෝ. මීට වඩා ලස්සන දෙයක් දැක්කෙම නැද්ද ගන්න දුන්හිඳ යනකොට..

    "අපි ගිය කාලෙ පෑවිල්ල නිසා අවුලක් නැතුව අපිත් පහළට ගියා."

    යකෝ.. අපි යන කාලෙ පට්ට පෑවිල්ල. අපි යද්දිත් දවල් 1 ට විතර, පොටෝ ගහන්න තියා යාගත්තෙත් හෙන මහන්සියෙන්. පට්ට අව්වෙ පොටෝ චාටර් බන්. :angry::( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "අපි ගිය කාලෙ පෑවිල්ල නිසා අවුලක් නැතුව අපිත් පහළට ගියා."

    යකෝ.. අපි යන කාලෙ පට්ට පෑවිල්ල. අපි යද්දිත් දවල් 1 ට විතර, පොටෝ ගහන්න තියා යාගත්තෙත් හෙන මහන්සියෙන්. පට්ට අව්වෙ පොටෝ චාටර් බන්. :angry::( :(

    :eek:
    දැං තෝ හෙන පොර ටෝක් එකක් අර අහිංසක එක්දරු පියාට දුන්නා නේද? ඕන කට්ටක් කාගෙන යන්න ලේස්ති වෙයං. අපි නම් එහෙමයි කියාලා... :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    දැං තෝ හෙන පොර ටෝක් එකක් අර අහිංසක එක්දරු පියාට දුන්නා නේද? ඕන කට්ටක් කාගෙන යන්න ලේස්ති වෙයං. අපි නම් එහෙමයි කියාලා... :dull:

    එහෙම තමයි මෝර්ටිවේට් කරන්නෙ... :baffled: අනික මම කිව්වෙ හෙන කට්ට කන්න වෙනවා කියලනෙ :angry:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහ්හ් ඔය මෝටිවෙට් කිරිල්ල "කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි" තියරිය නෙවෙයිනේ නෙහ්හ්....... :P

    ඒක නම් දාර ලිඳක්... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහ්හ් ඔය මෝටිවෙට් කිරිල්ල "කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි" තියරිය නෙවෙයිනේ නෙහ්හ්....... :P

    තෝ වරෙන්කො බදුලු යන්න මාත් එක්ක. දානව උඹව ප්‍රපාතෙකට. එහෙම දාලා මම එනව කොළඹ. මම කොළඹ ඇවිත් දවස් ගානක් යනකල්ම තෝ වැටෙමින් පවතින දරුණු ප්‍රපාතයකට දානවා දානවාමයි.. :angry: