පිදුරුතලාගල

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුවරඑළියේ සංචාරයක නිරතවෙන පුද්ගලයෙක් අනිවාර්යෙන්ම යා යුතු තැනක් තමයි පිදුරුතලාගල. පිදුරුතලාගල එහෙමත් නැත්නම් Pedro අපිට විශේෂ වෙන්නේ ලංකාවේ උසම කඳු මුදුන නිසාවෙනුයි. උස මීටර් 2524.අඩි වලින් නම් 8281ක්. නුවරඑළිය දිස්ත්‍රික්කයට තමා පිදුරුතලාගල අයිති වෙන්නේ. ගමන් මාර්ගය වැටිලා තියෙන්නේ මෙහෙමයි. නුවරඑලිය මාර්කට් ගාව තියෙන පස් මන්සධියෙන් උඩහට එහෙමත් නැත්තම් නුවලඑළිය පොලිස් ස්ථානය ඉදිරි පිට පාරෙන් (ජයතිලක මාවත) තමා පිදුරුතලාගල මර්ගයට පිවිසෙන්නේ. මාර්ගය නම් සෑහෙන්න කුඩයි. අබලන්..

    Pedro.jpg


    කන්ද පහල පිහිටලා තියෙන යුධ හමුදා මුරපොලින් සෑම වාහනයක්ම අවසර ලබා ගත යුතුයි. පිදුරුතලාගලට පා ගමනින් යෑම තහනම්. ඒක්ට හේතුව පිදුරුතලාගල දැඩි ස්වභාව රක්ෂිතයක්. වන සතුන් ගහනයත් වැඩියි. විශේෂයෙන්ම දිවියන් වැනි සතුන්. ඒ නිසා පිදුරුතලාගල නරඹන්න යනවා නම් අනිවාර්යෙන්ම වාහනයක යා යුතුයි. උදෑසන 7.30 ඉඳන් තමයි කන්ද උඩහට වාහන යවන්න පටන් ගන්නේ. එක්වර වාහන කීපයක් පමනයි ඇතුල් ක්‍රන්නට ඉඩ දෙන්නෙත්. කිසිම හේතුවක් නිසා ගමන අතරතුර වාහනය නැවතිම හෝ ඉන් පිටතට බැසීම සපුරා තහනම් වෙනවා. මේ නීති පනවලා තියෙන්නේ පරිසරයේ වගේම සාමාන්‍ය ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙනුයි. කන්ද පහල මුරපලේ ඉඳන් කන්ද මුදුනට සම්පූර්ණ දුර කිලෝමීටර 6යි. ලොකු ආනතියකින් තමයි වාහන උඩට නගින්න තියෙන්නේ. ඒ නිසා බොහෝම ප්‍රවේසමෙන් වගේම වාහනයේ තත්වය ගැනත් හිතලා මේ ගමන යනවා නම් තමා හැමෝටම හොඳ. ඒ වගේමයි බැරි වෙලාවත් ගමන් කරන වාහනේට කුමක් හරි ආපදාවක් සිද්ධ උනොතින් පහල යුධ හමුදා මුරපොලෙන් ලබා දෙන අංකයට අමතලා ඒ බව දැනුම් දෙන්න ඔනා. මේ දැන්වීම පහල ප්‍රදර්ශනය කරලා තියෙන්නේ හැමෝගෙම දැන ගැනීමට..

    10431532_10153116476466418_5152252255331570115_n.jpg


    කන්ද මුදුනත් අධි ආරක්ෂිත කලාපයක්.

    ඒකට හේතුව යුධ හමුදා කඳවුරට අමතරව, ගුවන් හමුදා කඳවුර, ගුවන් හමුදා රේඩාර් පද්ධතිය, Civil Aviation රේඩාර් පද්ධතිය, රූපවාහිනී සංස්ථාවේ හා CSN නාලිකාවේ සම්ප්‍රේෂන කුලුණු වගේම තවත් සන්නිවේදන කුලුනු කිහිපයක්ම කන්ද මුදුනත පිහිටා තිබීමයි. ඡායාරූප ගැනීම තහනම්. ඒ නිසා ලබා ගත් සියලු ඡායාරූප නොදමා ,ඡායාරූප තෝරාබේරාගෙන තමා මම ත්‍රෙඩ් එකේ ඉදිරිපත් කරන්නේ.

    කඳවුරට පිවිසීම අතලඟ..
    11073463_10153116476721418_6564151335253059709_n.jpg


    වෙලාව හොඳනම්, අහස පැහැදිලි නම් සමනළ කන්ද බොහෝම පැහැදිලිව බලාගන්න පුළුවන්..
    11038787_10153116476901418_2000720201780490117_n.jpg


    කන්ද මුදුනට පේන නුවරඑළිය ටවුන් එක..
    17417_10153116477171418_3333201767923123551_n.jpg


    10355001_10153116477336418_708424561065412711_n.jpg



    කන්ද මුදුනේ තියෙන වැදගත්ම ස්ථානය තමයි සමිට් ලෙවල් එක. භූගෝලීය වශයෙන් ලංකාවේ උසම ස්ථානය. මෙතන පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල ගුවන්හමුදා කඳවුර තුලයි. මේ ස්ථානය අධිආරක්ෂිත කලාපයක් නිසා විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා මෙතනට යන්න..

    මේ ස්ථම්භය තමයි සමිට් එක වෙනුවෙන් ස්ථානගත කරලා තියෙන්නේ. උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සලකුණු කරලා තියෙනවා..
    11000501_10153116477701418_1361805804504900503_n.jpg


    ලංකාවේ උසින්ම පිහිටි පන්සල පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල කඳු මුදුනතෙයි. නමින් "සිළුමිණි සෑය".ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුව විසින් තමයි පන්සලේ සියලු නඩත්තු කටයුතු වගේම වත්පිලිවෙත් බොහෝම පිලිවෙලට සිද්ධ වෙන්නේ. සිළුමිණි සෑය පිහිටලා තියෙන්නේ තාවතිම්සය එහෙමත් නැතිනම් තව්තිසාවේ කියලා කියවෙනවා නේ. උසින්ම පිහිටි වෙහෙර නිසා මේ වෙහෙරටතේ නම් යොදලා තියෙනවා.

    10417548_10153116479616418_228507393004579009_n.jpg


    11065946_10153116478076418_1812974337683963247_n.jpg


    11137121_10153116478471418_5220222010092560994_n.jpg


    11115692_10153116478941418_3585410536135341138_n.jpg


    වටපිටාව.. බන්ඩාරණායක ගුවන්තොටුපලේ ධාවනපතය පවා රාත්‍රී කාලයට දර්ශනය වෙනවා කියලා තමා මෙතන සේවයේ නියුතු ගුවන් හමුදා සෙබලුන් ප්‍රකාෂ කලේ..
    11011257_10153116480216418_9178185213386795908_n.jpg


    19815_10153116480586418_634235082261696943_n.jpg


    මේ සුදුපාට කුලුණක් විදියට පේන්නේ අම්බුලුවාව.
    11114724_10153116481291418_4039678378745397611_n.jpg


    ගුවන් හමුදා කඳවුර..
    10441051_10153116481616418_5315476954458495375_n.jpg


    අවසාන වශයෙන් විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය කාරනා කීපයක් තියෙනවා.
    පිදුරුතලාගල සංචාරය කරනවා නම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

    පළවෙනි කාරනාව පරිසරය. පිදුරුතලාගල ස්වභාවික රක්ෂිතයක්. වනසතුන් ජීවත් වෙනවා. ඒ නිසා පරිසරය වගේම සතාසිව්පාවා ගැනත් සැලකිලිමත් වෙන්න.

    දෙවනි කාරනාව තමයි පිදුරුතලාගල සංචාරය කරන ඔබ පිවිසෙන්නේ ගුවන් හමුදා කඳවුරක් තුලටයි. ඒ නිසා සෙබලුන්ගේ රාජකාරියට බාධා නොවෙන විදියට සංවරව පරිසරය රසවිඳින්න පුරුදු වෙන්න.

    තුන් වෙනි කාරණාව තමයි පිදුරුතලාගල උසින් ගත්තොත් අඩි 8200කට වැඩියි. ඔක්සිජන් මට්ටම තරමක් අඩුයි. සාමාන්‍ය පුද්ගලයෙකුට බාධාවකින් තොරව හුස්ම ගන්නට පුළුවන් උපරිම උස අඩි 8000යි. කන්ද මුදුනේ එහෙට මෙහෙට ටිකක් ඇවිද්දොත් ඔබට මේ ඔක්සිජන් මද බව හොඳින් තේරුම් ගන්නට පුලුවන්. ඔබට තේරේවි ඔබට ඉක්මනින් හති වැටෙන ගතියක්කේ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඔබත් එක්ක ගමනට එකතුවෙන වයසක අය ගැනත්, පොඩි අය ගැනත් සැලකිලිමත් වෙන්න.

    හතරවෙනි කාරණාව තමයි විකිරණ. කන්ද මුදුනතේ තියෙන රේඩාර් පද්ධතිය ගොඩක් ප්‍රබලයි. ඒ ප්‍රබලත්වය නිසාම ගුවන් හමුදා රේඩාර් පද්ධතියක් Civil Aviation පද්ධතියත් එකවර ක්‍රියා කරවන්නේත් නෑ කියලා මම තොරතුරු විමසා බැලුවාම දැනගන්නට ලැබුනා. සන්නිවේදන කුලුණුත් කිහිපයක්ම පිහිටලා තියෙනවා.


    පුළුවන් තරම් උදෙන් ගමන ආරම්භ කරන්න. හවස් වෙනකොට වහින එක පිදුරුතලාගල කාලගුණේ හැටි. තද මීදුමකින් කන්ද වැහිලා යනවා.

    මේ දේවල් සිහි තබාගෙන සුන්දර පිදුරුතලාගල අසිරිය විඳගන්න.​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ පට්ට බන්.... සත්තු මොක්කුද සෙට් උනේ මග යද්දි?
    බිම ඉදල උඩටම වාහනේ යන්න කොච්චර වෙලා යනවද?
    විශේෂ අවසරයක් නැතුව සාමාන්‍ය විදිහට ගිහින් එන්න පුලුවන් ද ?
    (මේ ස්ථානය අධිආරක්ෂිත කලාපයක් නිසා විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා මෙතනට යන්න..)

    You must spread some Reputation around before giving it to Mr PERERA again. :(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    පට්ට මචං :) අපිත් ලගදි යන්න හැදුව බන් පාර වැරදිලා ගියේ lovers leap දිය ඇල්ල ගාවට :baffled: එදා හදිස්සියේ ගියේ ආයේ ඉතින් යන්න හම්බුනේ නෑ :P
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට මචං :) අපිත් යන්න හැදුව බන් පාර වැරදිලා ගියේ lovers leap ලිය ඇල්ල ගාවට :baffled: එදා හදිස්සියේ ගියේ ආයේ ඉතින් යන්න ගියේ නෑ :P

    එක පාරක් අපි ලවර්ස්ලීප් එකේ පහල ඉදල උඩටම ගියා වතුර පාර දිගේ..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    එක පාරක් අපි ලවර්ස්ලීප් එකේ පහල ඉදල උඩටම ගියා වතුර පාර දිගේ..

    :shocked: අඩෝ සිරාවට කොහොමද බන් ඒක දිගේ ගියේ, යන්න පාරක් තියනවද, එතන හවසට හොල්මන් scene තියනවලු නෙහැ :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: අඩෝ සිරාවට කොහොමද බන් ඒක දිගේ ගියේ, යන්න පාරක් තියනවද, එතන හවසට හොල්මන් scene තියනවලු නෙහැ :growl:

    හොල්මන් සීන් දන්නෙ නැහැ. හැබැයි ලව් කරපු කපල් එකක් උඩ ඉදන් පැනපු සීන් එකක් තමයි (නම හැදිල තියෙන්නෙත් එහෙමලු) තියෙන්නෙ. අපි උදේක ගියේ. දිය ඇල්ල පාමුල වෙනකල් වතුර පාර දිගේ යන්න පුලුවන්. ඇල්ල පාමුලෙන් දකුනු පැත්තෙන් උඩට නගින්න පුලුවන්. අපි උඩටම ගියා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ පට්ට බන්.... සත්තු මොක්කුද සෙට් උනේ මග යද්දි?
    බිම ඉදල උඩටම වාහනේ යන්න කොච්චර වෙලා යනවද?
    විශේෂ අවසරයක් නැතුව සාමාන්‍ය විදිහට ගිහින් එන්න පුලුවන් ද ?
    (මේ ස්ථානය අධිආරක්ෂිත කලාපයක් නිසා විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා මෙතනට යන්න..)

    You must spread some Reputation around before giving it to Mr PERERA again. :(

    උඩට යන්න විශේෂ අවසරයක් ඕනේ නෑ. සාමාන්‍ය කෙනෙකුට උදේ 7.30 ඉඳන් හවස 4.30 වෙනකන් උඩට වාහනේ ගිහින් එන්න පුළුවන්. අර සමිට් ලෙවල් එක තියෙන්නේ කෑම්ප් එක ඇතුලේ. එතනට අවසර නැතුව යන්නට බෑ. :no:
    බිම ඉඳලා උඩට විනාඩි 15කින් වගේ යන්න පුළුවන්.
    සත්තු මට සෙට් උනේ නෑ. මම උදේ 6.30 වෙනකොට උඩ :P දිගටම බෝර්ඩ් එහෙම ගහලා තිබුනා දිවියන් ගැවසෙන ස්ථාන කියලා. පින්තූර ගන්න බැරි උනා ලෝ ලයිට් නිසා. ගත්තුවා ශේක් වෙලා බං.. :dull:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පට්ට මචන්...මම ආයෙ නුවර එලියෙ ගිය දවසක යන්න ඕනෙ.
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට මචං :) අපිත් ලගදි යන්න හැදුව බන් පාර වැරදිලා ගියේ lovers leap දිය ඇල්ල ගාවට :baffled: එදා හදිස්සියේ ගියේ ආයේ ඉතින් යන්න හම්බුනේ නෑ :P

    :lol:
    මේක ගෙවල් අස්සෙන් යන්න තියෙන්නේ. පොඩි පාරක්.. :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඩට යන්න විශේෂ අවසරයක් ඕනේ නෑ. සාමාන්‍ය කෙනෙකුට උදේ 7.30 ඉඳන් හවස 4.30 වෙනකන් උඩට වාහනේ ගිහින් එන්න පුළුවන්. අර සමිට් ලෙවල් එක තියෙන්නේ කෑම්ප් එක ඇතුලේ. එතනට අවසර නැතුව යන්නට බෑ. :no:
    බිම ඉඳලා උඩට විනාඩි 15කින් වගේ යන්න පුළුවන්.
    සත්තු මට සෙට් උනේ නෑ. මම උදේ 6.30 වෙනකොට උඩ :P දිගටම බෝර්ඩ් එහෙම ගහලා තිබුනා දිවියන් ගැවසෙන ස්ථාන කියලා. පින්තූර ගන්න බැරි උනා ලෝ ලයිට් නිසා. ගත්තුවා ශේක් වෙලා බං.. :dull:


    -පින්තූර ගන්න බැරි උනා ලෝ ලයිට් නිසා. ගත්තුවා ශේක් වෙලා බං..- :baffled:
    උඹ ඊයෙ මට මුකුත් කිව්වෙ නැහැලු. ඒක නිසා මේ ටික අදාල නැහැලු..


    ඒක නෙමෙයි.. අනිත් ට්‍රිප් වලට සාපේක්ෂව මේකට යන එකේ ෆන් එකක් තියෙනවද?
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    නුවර එලියේ ගිහින් තිබුනට තවම පිදුරුතලාගල ගිහින් නෑ..:no: Photos දැක්කාම ඇත්තටම ආසාවක් දැනෙනවා.:yes: රෙප් නම් දෙන්න විදියක් නෑ මොකද මම අලුත් නිසා මට රෙප් Power එකක් නෑ.:baffled: ගොඩාක් ස්තූති අපිත් එක්ක බෙදා ගත්තාට..:)
     
    • Like
    Reactions: Ayeshlive

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    -පින්තූර ගන්න බැරි උනා ලෝ ලයිට් නිසා. ගත්තුවා ශේක් වෙලා බං..- :baffled:
    උඹ ඊයෙ මට මුකුත් කිව්වෙ නැහැලු. ඒක නිසා මේ ටික අදාල නැහැලු..


    ඒක නෙමෙයි.. අනිත් ට්‍රිප් වලට සාපේක්ෂව මේකට යන එකේ ෆන් එකක් තියෙනවද?

    ලෝලයිට් වල වාහනේක යනගමන් පොටෝ ගන්න බෑ කියලා තොට තේරෙන නිසයි එහෙම දැම්මේ කුකුලොහ්.. පොටෝග්‍රැපි නොදන්න උන්ට එහෙම දාන්නේ නෑ කුකුලෝහ්...

    :eek: දෙවෙනි එකට උත්තර දෙන්නේ නෑ.. නෙද්දකිං...
    මට නම් ෆන් එකක් තිවුනා.. ලංකාවේ උසම තැනට මම කාර් එක එලෝගෙන ගියා කියලා. බොට නම් කොහොම වෙයිද දන්නේ නෑ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වාහනේම ගිහින් වාහනේම එනවා කියන්නෙ... අනේ මන්ද.. මැදදි වාහනේ නතර කරල පොඩ්ඩක් නිදහසේ ඉන්නවත් බැරිද බන්?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාහනේම ගිහින් වාහනේම එනවා කියන්නෙ... අනේ මන්ද.. මැදදි වාහනේ නතර කරල පොඩ්ඩක් නිදහසේ ඉන්නවත් බැරිද බන්?

    :no:
    අඩි තියයි තොට දැක්කොත් ආර්මි එකෙන්..:lol:
    මම දන්නේ නෑ. මට නම් සුපිරි ප්ලේස් එක.. :cool:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    + පට්ටයි සහෝ පට්ටයි, ආසයි යන්න, පිනක් තිබුනොත් යන්න ගොඩක් තැන් තියෙනවා ලංකාවේ +
     
    • Like
    Reactions: Mr PERERA

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ........ තොපිලා මෙව්වා දාලා මේ මාව කුලප්පු කරවනවා යකෝ....... ඊයේ අර කුප්ප කුමා එකක් දැම්ම....... දැන් අද තෝ මේක දාලා.......

    ඔන්න බොට කාලෙකින් රේප් දෙනන් පුළුවන් වුනා......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වාහනේම ගිහින් වාහනේම එනවා කියන්නෙ... අනේ මන්ද.. මැදදි වාහනේ නතර කරල පොඩ්ඩක් නිදහසේ ඉන්නවත් බැරිද බන්?

    ඔය කියන්නේ මගකදී ටැංකිය හිස් කරගන්න වුවමනා වුනොත් කියලා නේද.....? :rolleyes::rofl: