වෙසක් පෝයෙහි වැදගත්කම

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
වෙසක් පෝයෙහි වැදගත්කම

වෙසක් පෝයෙහි වැදගත්කම

වෙසක් පුන් පොහෝ දිනය සමස්ත විශ්වයටම ඉතා වැදගත් දිනයක් ලෙස හැදින්විය හැක. එය හුදෙක් ලංකා වාසීන්ට පමණක් නොව, සියලුම සත්ත්ව ප්‍රජාවටම ඉතා වැදගත් දිනයකි.ලොව අතිශය දුර්ලභ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ බුද්ධත්වය අපේක්ෂාවෙන් ලබනු ලබන අවසන් ජන්මොත්සවයත්, සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, ස්ඛන්ධ පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන විශේෂයෙන් මෙම පුර පසලොස්වල පුන් පොහෝ දින සිහිපත් කෙරේ.මීට අමතරව,

  • සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේබුදුවීම, සහ බුදුන් වහන්සේ ගේපරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත්,ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයක් වීම.

  • දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.

  • බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.

  • බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම,එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.

  • විජය කුමරු ලංකාවට පැමිනීම.

  • පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහලජාතියත් රක්නා ලෙස පැවරීම.

  • දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.

  • අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.

  • ආනන්ද හිමියන් පිරිනිවන් පෑම.

  • මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.

  • ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම.
යන කරුණු සියල්ලම සිදු වූයේ වෙසක් මාසය තුලය.
වසරකට යෙදෙන පොහොය 12 අතරින් ඉතාම වැදගත් ම පොහොය ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය හැදින්විය හැකිය. විශේෂයෙන් බුදුරජානන් වහන්සේගේ ජිවිතයේ වැදගත් ම මංගල කරුණු තුනක් සිහිපත් කෙරෙන මෙම දිනය ''සක්වල වයිශාක්‍ය මංගල්‍ය '' ලෙස හැදින්විය හැකිය. පරිසරහි පවා මහත් වෙනස්කම් රාශියක් දැකිය හැකි මෙම කාල පරාසය තුල ගහකොළ පලබරින් යුක්තව මලින් අලංකාරවත්වී බබලනු දැකිය හැකිය. සතා සිවුපාවා පවා තම අලුත ලොව එලිය දුටු පැටවුන් සමග ඉතා සතුටින් කල්ගත කරනු දැකගත හැකිය. ඉතා ශීතල හා ඉතා උණුසුම් නොවූ කාලගුණික තත්වයකින් යුක්ත, මද්‍යස්ථ කාලගුණික තත්වයක් මෙම කාල පරිච්චේදය තුල දැකගත හැකිය. මේ සියලු දෙනාගේම උත්සාහය බෝධිසත්ත්වයින් වහන්සේගේ ජන්මෝත්සවය සැමරීම බවනම් විශේෂයෙන් ම කිව යුතුම ය.
ඇතැම් ශාස්තෘවරුන්ගේ ජීවිතයෙහි විශේෂ අවසථා සිහිපත් කිරීමේදී බොහෝවිට අපට දැකගත හැකිවන්නේ ලක්ෂ සංඛ්‍යාත සත්ත්ව කොට්ඨාසයකට තම තමන්ගේ ජීවිතය පූජා කිරීමට සිදුවන බවයි. නමුත් බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරනවිට මීට හාත්පසින්ම වෙනස් වූ ස්වභාවයක් දැකගත හැකිය. අර්ථාන්විත වූ අවිහිංසාවාදයක් පදනම් කරගත් බුදුදහම තුල දහස් සංඛ්‍යාත සත්ත්වයන්ගේ ජිවිත අභය දානය ලැබීමෙන් සැනසීමට පත් වෙති. සමස්ථ බෞද්ධ ජනතාවම දන් දෙති , සීලාදී ගුණධර්ම ආරක්ෂා කරති , භාවනාමය පුණ්‍ය කර්ම වල යෙදෙති.... මෙසේ සමස්ථ ලෝකයාම බිය වෙනුවට සැනසීම ලබති. මෙත්තා , කරුණා , මුදිතා , උපේක්ෂා යන ශ්‍රේෂ්ට වූ විහරණයන් වඩාත් වර්ධනය කරන කාල පරාසයක් ලෙසින් මෙම කාල පරාසය හැදින්විය හැකිය.
මෙම මහා භද්‍ර කල්පයට අසංඛේය්ය කල්ප සතරකුත් කල්ප ලක්ෂයකට පෙර දීපන්කර නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුන් ලොව පහල වුහ. ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලීමේ එකම බලාපොරොත්තුවෙන් යුක්තව උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට දේශනා කරමින් ගම් දනවු සිසාරා වැඩම කරමින් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලූහ. එකල්හිදී සුමේධ නම් මහා පණ්ඩිතයෙක් හිමවත් පව්ව අසුරුකරමින් ධ්‍යාන වඩමින් කල්ගත කළේය. දිනක් එතුමා රම්‍ය නම් නගරය ඉහල ආකාසයෙන් ගමන් කරන විට ඒ නගරයේ සියලුම මිනිසුන් එකතු වී ඉතා අලංකාරවත් ලෙසින් එම නගරය සරසනු දුටුවේය. එසේ දැක එම නගරයට පැමිණ මේ සඳහා කාරනා කුමක් දැ යි විමසා දැනගෙන '' බුද්ධ '' යන නමත් ඇසීමට ඉතා දුර්ලභය යැ යි කියා තමන්ටත් යම් වැඩක් කරන්නට හැකි දැ යි විමසා සිටියේය. එවිට එම නුවරුන් කතිකා කොට නිම කිරීමට අපහසු හාත්පස මඩින් ගැවසුණු ප්‍රදේශයක් සරසන ලෙස භාර දුන්නේය.
තමන්ගේ ධ්‍යාන සමාපත්ති සුවයෙන් දිව්‍ය ලෝකයන්ගෙන් පවා දිව්‍යමය රතනයන් රැගෙනවිත් හෝ හිමවත් පව්වෙන් අනර්ඝ මල් ගෙනවිත් තමන්ට ලැබුණු කොටසෙහි කටයුතු අවසන් කල හැකි වුවත් අද මම කයම වෙහෙසා බුදුරජානන් වහන්සේට පූජාවක් කලයුතු යැ යි සිතා වෙහෙස මහන්සි වී එම කොටස පිළිසකර කරන්නට විය. නමුත් ඒ වනවිට හාර ලක්ෂයක් මහා රහතුන් වහන්සේලා පිරිවරාගෙන දීපංකර දසබලයන් වහන්සේ පිඩු පිණිස රම්‍ය නගරයට පිවිසියහ. තමන් ලත් බිමෙහි වැඩ අවසන් කරගත නොහැකි වූ සුමේධ පණ්ඩිතයන් වහන්සේ තමන් ඇද සිටි අඳුන් දිවි සම්කඩ බිම අතුරා දසබලයන් වහන්සේ ඇතුළු හාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා බිමෙහි ඇති මඩ නොපාගා මාගේ ශරීරය මත පා තබා මෙයින් ඔබ්බට වැඩම කරත්වායි සිතා, අද දින මම මගේ ජීවිතය බුදු පාමොක් මහා සඟ රුවනට පූජා කරනවා යැ යි සිතා බිම වැද හොත්තේය. මෙම ස්ථානයට පැමිණි බුදුරජාණන් වහන්සේ මොහුගේ සිතුවිලි බලා මම මෙන් මොහුත් බුද්ධත්වයම ප්‍රර්ථනා කොට මෙහි වැතිර සිටින බව දැන නියත විවරණ දී වදාළහ. එතැන් පටන් සසර සැරිසරන්නා වූ මුන් වහන්සේ දාන , සීල , නෙක්ඛම්මාදී වශයෙන් සම තින්සත් පාරමිතා පූරණය කොට වෙස්සන්තර ආත්ම භාවයෙන් මිදී '' සන්තුසිත '' නම් දිව්‍ය පුත්‍රයාව ඉපිද තුසිත දිව්‍ය ලෝකයෙහි වාසය කළේය.දිනක් සන්තුසිත දිව්‍ය පුත්‍රයා වෙත පැමිණි දස දහසක් සක්වල දෙවි බඹුන් '' මහා වීරයන් වහන්ස... ඔබ වහන්සේ සක්විති රජකමක් හෝ සක්‍ර පදවියක් .... ප්‍රර්ථනා කරමින් පාරමී දහම් නො පිරුවෙමු. හුදෙක් බුදුබව ම ප්‍රර්ථනා කරමින් ම සියලු දුක් කම්කටොලු විදිමින් භයානක සසරෙහි පැමිණියෙමු. දැන් එම කටයුත්ත සඳහා කාලය පැමිණ ඇත. මහා වීරයාණන් වහන්ස බුදු බව ලැබීම සඳහා මවුකුස පිළිසිඳ ගන්නා මැනවි '' යැ යි ආරාධනා කළහ. පසුව එම ආරාධනාව භාරගත් සන්තුසිත දිව්‍ය පුත්‍රයා කාලය , දීපය , දේශය , කුලය , මව යන පංච විලෝකනයන් සම්පූර්ණ කොට මහාමායා නම් උතුම් ගුණැති බෝධිසත්ව මාතාව කුස පිළිසිඳ ගත්හ. රන් ගුහාවක වෙසෙන කේසර සිංහරාජයෙකු සේ පූර්ණ දස මසක් කුස තුල සිටි බෝධිසත්ත්වයින් වහන්සේ වෙසක් පුර පසළොස්වකපොහෝ දින ලුම්බිණි සල් උයනේහිදී මිනිසත් ලොව උපත ලැබුවේය. මවු කුසින් ලොව එලිය දුටු උන්වහන්සේ ප්‍රථමයෙන් ම බ්‍රහ්මයන් විසින් ද දෙවනුව සතරවරම් දෙවියන් විසින් ද අනතුරුව මිනිසුන් විසින්ද ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නා ලදී. එසේ පිළිගන්නා ලද බෝධිසත්ත්වයින් වහන්සේ උතුරු දිශාභිමුඛව පියවර සතක් ගමන් කොට '' අග්ගෝ හමස්මි ලෝකස්ස...... '' මම ලොවට අග්‍ර වෙමි ..... යනුවෙන් අභීත සිංහ නාදය පැතිර වූහ. මෙය උන්වහන්සේගේ ප්‍රථම සිංහ නාදය විය.
සියලු කුමාර සම්පත්තියෙන් යුක්තව පෝෂණය වන සිදුහත් කුමරුවන් නම් තැබීමේ උත්සවයට සහභාගී වූ බමුණන්ගේ අනාවැකියට අනුව ගිහිගෙදරින් නික්මයාවී යන බිය නිසා සුද්ධෝදන රජු විසින් නිතර දැඩි මුරකාවල් මැද රම්‍ය , සුරම්‍ය , සුභ යන මාලිගාවන්හි ආරක්ෂා කරන්නට විය. ක්‍රමයෙන් තුරුණු වියට පැමිණි සිදුහත් කුමරුවෝ තම නෑදෑයන්ගේසැක දුරුකර සියලු ශිල්පයන් දක්වා යශෝදරාවන් සමග සරණ මංගල්ලයට පත් විය. දිනක් උයන් ක්‍රීඩා සඳහා යන අතරතුරදී දෙවියන් විසින් දක්වන ලද ලෙඩෙක් , මහල්ලෙක් , මළකඳක් , පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක ගිහිගෙය පිළිබඳව කලකිරී තමන් ද සසර විමුක්තිය සොයා යා යුතු යැ යි සිතා නැවතත් තමා සිටින මාලිගයට පැමිණියේය. එසේ එන අතර තුරදී කිසාගෝතමිය විසින් කියන ලද '' නිබ්බුතා නූන සා මාතා..... '' මෙවැනි පුතෙකු ලද යම් මවක් වේ නම් ඇය ඒකාන්ත වශයෙන් ම නිවුණේ වේ ...... යන ප්‍රකාශය අසා තමන්ගේ ගෙල පැලදී ලක්ෂයක් වටිනා මාලය ඇයට තෑගිකොට යවා රජ මාලිගයට පැමිණියේය.මෙම නිබ්බුත පද අසන ලද්දේ අභිනිෂ්ක්‍රමණය කිරීමට ප්‍රථම දිනහිදී ය.
සිදුහත් කුමරුන් උයනෙහි සිටියදී රාජ්‍ය සේවකයෙක් විසින් ගෙන එන ලද හසුනකට අනුව යශෝදරා කුමරියට පුත්කුමාරයෙකු උපන් බව දැන ගත්තේය. '' රාහුලෝ ජාතෝ - බන්ධනං ජාතං '' රාහුලයෙක් උපන්නේය, බන්ධනයක්ඇතිවිය .... යන ප්‍රකාශනය සිදු කිරීමත් ගිහිගෙන් නික්ම යාමේ දැඩි උවමනාවත් සිදුහත් කුමරුවන්ට විය. රාත්‍රියෙහි දී තමන්ට නැටුම් දැක්වීමට පැමිණි නාට්‍යාංගනාවන්ගේ විප්‍රකාර දැකඡන්න ඇමතියාත් සමග කන්ථක අසු පිටින් අභිනිෂ්ක්‍රමණය සිදු කළේය.එසේ අභිනිෂ්ක්‍රමණය සිදු කොට අනෝමා ගන්තෙරදී ඝටීකාර නම් මහා බ්‍රහ්මයා විසින් පිලිගන්වන ලද අට පිරිකර ගෙන පැවිදි බිමට පත් විය
සත්‍ය කුමක් දැ යි ගවේෂණය කරන සිදුහත් තාපසතුමා ක්‍රමයෙන් පැමිණ ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන ගුරුවරුන් දෙදෙනෙකු යටතේ ධ්‍යාන වැඩීම පුරුදු පුහුණු විය. නමුත් එය හුදෙක් ධ්‍යාන වැඩීමක් පමණක් වන බවත් සර්වප්‍රකාරයෙන් කෙලෙස් නැසීමක් නො වන බවත් දැනගත් බෝධිසත්ත්වයන් වහන්සේ තනිව සත්‍ය සොයා යන්නට විය. එහිදී විශේෂයෙන් අත්තකිලමථානුයෝගයට අනුව තම ශරීරයට දැඩි දුක් දෙමින් පස්වග මහණුන්ගේ උපස්ථානය ලබමින් වීර්ය වඩන්නට විය. නමුත් පසුව එය නිවන් ලබන මග නො වන බව දැනගත් උන්වහන්සේ කුඩාකල වප් මගුල් උත්සවහිදී වඩන ලද ආනාපානසති භාවනාව සිහිපත් කොට ක්‍රමයෙන් ආහාය අනුභව කරන්නට පටන් ගත්තේය. ඒ බව දැනගත් පස්වග මහණුන් බෝධිසත්ත්වයන් නිවන් මගෙන් වෙන්වූ බව කියමින් උන්වහන්සේ අතහැර යන්නට වූහ. පසු කලෙක මෙම ආනාපානසති භාවනාවම විදසුන් වශයෙන් වඩා වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින සියලු කෙලෙසුන් නසා පුබ්බේ නිවාසානුස්සති ඥානය , චුතුපපාත ඥානය හා ආසවක්ඛය ඥානය යන ත්‍රිවිද්‍යා පසක් කොට ලොව යමෙකුට ලැබිය හැකි උතුම් ම පදවිය වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව බුද්ධ රාජ්ජ්‍යයෙහි අභිෂේක වූ සේක.
පුරා දින 49 ක් හෙවත් සති 7 විවේක සුවයෙන් සත්සතියගතකල බුදුරජාණන් වහන්සේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලද මීපැණි වළදා පසුව පස්වග මහනුන් නිවන් සුවයෙන් සනසා තමන් වහන්සේ ඇතුළු රහතුන් 61 නමක් ලොවට දායාද කොට දෙවි බඹුන් සහිත සත්ත්ව ප්‍රජාවට අමා දම් වැසි වැස්ස වූ සේක. තමන්ගේ පුතනුවන් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව දැනගත සුද්ධෝදන රජතුමා අවස්ථා නවයකදී එක් එක් ඇමතියකු සමග 1000 දෙනා බුදුරජාණන් වහන්සේ සමීපයට කිඹුල්වත් පුරයට වැඩමකිරීමට ආරාධනා කර යැවුවත්, ඒ අය බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිව බණ අසා අර්හත්වයට පත් වුහ. එ නමුත් බුදුරජාණන් වහන්සේට වෙහෙසක් යැ යි සිතා රජුගේ ආරාධනාව ඉදිරිපත් නො කළහ. පසුව පැවිදිවීමට අවසර ලබා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කාලුදායි ඇමතියා ඇතුළු 1000 දෙන ද අරහත්වයට පැමිණ සුදුසු අවස්ථාවේදී කාලුදායි මහරහතන් වහන්සේ විසින් කරන ලද ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ 10010 ක් මහරහතන් වහන්සේලා සමගින් තම ජාත නගරය වන කිඹුල්වතට වැඩම කල සේක. තමන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසරකට පසුව එසේ තම ඥාතින් දැකීමට වැඩම කලත් , බුදු කෙනෙකුන් හට දැක්විය යුතු නිසි ගෞරවය තම ඥාතීන්ගෙන් නො ලැබීමත් ඥාතීන්ගේ සැක දුරුකිරීමත් යන කරුණු දෙක නිමිති කොටගෙන බුදුරජාණන් වහන්සේට බුදුවරයෙකුට පමණක් ආවේනික යමාමහ පෙළහර පෑමට සිදු වූ සේක. එසේ යමාමහ පෙළහර පෑම සිදු කලේ ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයකදී ය.
මෙසේ සමස්ත ලෝක සත්ත්වයාම අමා දම් සිසිලෙන් සැනසූ අප ශාන්ති නායකයානෝ ස්ඛන්ධ පරිනිර්වාණයෙන් සසර ගමන සර්වප්‍රකාරයෙන්ම නවතා දැමුවේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදීය.ආයුෂ වසර 80 පමණ වන විට ආනන්ද හිමියන් අමතා '' ආනන්ද , මාගේ ශරීරය දැන් දිරාගිය අබලන් ස්වභාවයට පත් වූ කරත්තයක් මෙනි '' යැ යි කියමින් ලෝක සත්ත්වයාට හිමි ජරා , ව්‍යාධි ..... ආදී සියලුම දුක් තමන් වහන්සේට ද උරුම බව කියමින් මාරයා විසින් කරන ලද පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීමේ ආරාධනාවත් පිළිගනිමින් කුසිනාරා නුවර උපවර්තන නම් සල් උයනට වැඩම කල සේක. එහිදී තමන් වහන්සේ පිරිනිවී වදාරන බව දැන්විය යුතු සියලු දෙනාටමත් දන්වා තථාගත ශ්‍රී දේහයට කෙසේනම් අවසන් බුහුමන් දැක්විය යුතුද කියා දෙමින් සියලුම දෙනා ආමන්ත්‍රණය කරමින් යම් හෝ සක කරුණක් මෙම ධර්මය පිළිබඳව ඇත්නම් විමසන ලෙසත කියා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය ලොවට ප්‍රකාශ කරමින් අනෙක වාරයක් ප්‍රථම ධ්‍යානයටත් ක්‍රමයෙන් නිරෝධ සමාපත්තියටත් සම වදිමින් අවසානයේ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළ සේක. මෙම මහා පරිනිර්වාණය සිදු වූයේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

එසේම බුද්ධත්වයෙන් 8 වන වසරේදී මණි අක්ඛිත නම් නා රජුගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කලේ ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනොළ ගිරෙහි වම් සිරි පා සටහන තබන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනයකදී ය. එසේම අටමස්ථාන , සොලොස්මස්තානයන් , දෙතිස්ඵල බෝඩින් වහන්සේලා වැඩසිටින ස්ථානයන්හි නිරෝධ සමාපත්තියෙන් සුළු කාල පරාසයක් වැඩවිසීම ද සිදු කලේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

සිංහබාහු රජුගේ දෙටු පුතු වන විජය කුමරු 700 ක් දඹදිවින් නෙරපන ලද තම සේනාව සමග අප රටට පැමිණියේ ද වෙසක් පොහෝ දිනකදී ය.
සිංහල ජාතිය තුල සදා අමරණීය රජ කෙනෙකුන් වන දේවානම් පියතිස්ස රජු දෙවන වරට අශෝක අධිරාජ්ජ්‍යා විසින් පරිත්‍යාග කරන ලද පන්චකකුධ භාණ්ඩයන්ගෙන් යුක්තව දෙවන වරට රාජාභිෂේකය සිදු කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනකදීය.
එළාර රජුන් ඇතුළු සියලු දමිල කැරලිකරුවන්මර්ධනය කොට ලංකාද්වීපයම එක්සේසත් කරන ලද දුටුගැමුණු මහා නිරිදුන් විසින් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා රුවන්වැලි මහා සෑ රජුන් පිහිටුවීම ආරම්භ කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක දිනයක දී ය.
බුදු රජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ වසර 120 ක් ආයු වින්දනය කොට තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 40 කට පසුව රෝහිනී නදිය ඉහල ආකාසයෙහි දී සතර ඉරියව්වෙන් තොරවම ස්ඛන්ධ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකදී ය.
එසේම පුරාණ රජවරුන්ගේ රාජාභිෂේක දිනය වන්නේ ද වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනය යි.
අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ආරම්භකළ මහාවිහාර වංශික මහා සඟ රුවනෙහි උපසම්පදා විනය ක්‍රමය සිදු කරනු ලබන්නේ ද වෙසක් පුන් පොහෝ දිනහිදී ය.

මෙසේ තෙමගුල සිහිපත් කිරීම මුලික කරගෙන ඒ හා සහ සම්භන්ධ බොහෝ කරුණු ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දා අනුස්මරණය කරනු ලැබීම බෞද්ධ කාහටත් විශේෂ කරුණක් වනු ඇත.
වඩමු දන් දී ගුණදහම් වෙසක් පුන් පොහෝ දා !!!
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට හිතුනෙම බුදු හාමුදුරුවන්ගෙන් පටන් අරන් මහින්දගෙන් ඉවරවෙයි කියලා
    යන්තම් උඹට මොලයක් තිබිලා වෙසක් පෝයෙවත් ඕවා නොකියා ඉන්න
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    මට හිතුනෙම බුදු හාමුදුරුවන්ගෙන් පටන් අරන් මහින්දගෙන් ඉවරවෙයි කියලා
    යන්තම් උඹට මොලයක් තිබිලා වෙසක් පෝයෙවත් ඕවා නොකියා ඉන්න

    මූ ලියපු එකක් නෙමේ හින්දා හොදා..:D
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උස්සපු එකක් උනත් උබ වැදගත් දෙයක් දානවා දැක්කමයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මට හිතුනෙම බුදු හාමුදුරුවන්ගෙන් පටන් අරන් මහින්දගෙන් ඉවරවෙයි කියලා
    යන්තම් උඹට මොලයක් තිබිලා වෙසක් පෝයෙවත් ඕවා නොකියා ඉන්න
    උස්සපු එකක් උනත් උබ වැදගත් දෙයක් දානවා දැක්කමයි


     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    rQYmVfJ.png
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මූ ලියපු එකක් නෙමේ හින්දා හොදා..:D

    මට හිතුනෙම බුදු හාමුදුරුවන්ගෙන් පටන් අරන් මහින්දගෙන් ඉවරවෙයි කියලා
    යන්තම් උඹට මොලයක් තිබිලා වෙසක් පෝයෙවත් ඕවා නොකියා ඉන්න
    උස්සපු එකක් උනත් උබ වැදගත් දෙයක් දානවා දැක්කමයි




    :yes::yes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    මට හිතුනෙම බුදු හාමුදුරුවන්ගෙන් පටන් අරන් මහින්දගෙන් ඉවරවෙයි කියලා
    යන්තම් උඹට මොලයක් තිබිලා වෙසක් පෝයෙවත් ඕවා නොකියා ඉන්න
    උස්සපු එකක් උනත් උබ වැදගත් දෙයක් දානවා දැක්කමයි



    :yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිබ්බුත පද??? නිබ්බුත පද කොහෙද යකෝ වෙසක් දවසේ කිව්වේ? නිබ්බුද පද කිව්වේ ඇසළ එකට මහා අබිනිෂ්ක්‍රමණය කරන්න කලියෙන්. දැක්කනේ ලංකාවේ ඉන්න උන්. හම්බයෝ මරපල්ලා කොටපල්ලා ගගා කෑ ගහනවා එහෙම එකක්වත්හරියකට දන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්නේ කටින් බෞද්ධයෝ. පොඩ්ඩක් හිටින් අනික් ටිකත් ඇනලයිස් කොරලා බලන්න බොරු කීයක් තියෙද කියලා. :angry::angry:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මූ මේ රෙප් ටිකක් අරගෙන වහල් ගතිය වහගන්න හදන්නේ. :rofl: පවු බන් උඹ.:yes: උඹ මහින්ද වෙනුවෙන් පු* දෙන තරම එළකිරියේ, උඹේ අම්මා තාත්තා වෙනුවෙන් කැප කළා නම් උඹට පුළුවන් සංසාරික පිනක් ලබාගන්න.