CV බූට් මාරු කරමු.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    CV බූට් මාරු කරමු.

    මමනං මේ වාහන සබ්ජෙක්ට් එකට අලුත්. ඒ නිසා තාම හරියටම ලොකු ටෙක්නිකල් දැනුමක් නං නැහැ. යන්තං එහෙන් මෙහෙන් අතගාලා ගත්තු දැනුමක් තමා තියෙන්නේ. ඒ නිසා මං ලියල තියෙන දේවල් වල අඩුපාඩුවක් තියේනං තරහ අවසර.:rolleyes:

    ලියන්ඩ කියල හිතන් හිටියත් ගෙවන ජීවිතේ එක්ක හරිහමං වෙලාවක් හොයගන්න අමාරුයි නෙව.:confused:

    හා හා පුරා කියල ගත්ත වාහනේ සර්විස් එකට දැම්මා කියමුකෝ. සර්විස් කරන බුවා ඇවිල්ලා කියාපි ඕං මේකේ සී වී බූට් එක ගිහින් කියලා. :shocked::shocked: මොන මරාලයක්ද? මං දන්න එකම බූට් එක මේ සබ්ජෙක්ට් එකට අදාල නෑ බොලවු. :D

    ගිහින් බැලින්නං මේන් මෙහෙම සන්තෑසියක් වෙලා :(
    DSC_1304.png


    මට තේරුමක් නැහැ ඉතින් ඕකට මොකක් කරන්නද කියලා. බුවාගෙන් අහුවම කියාපි ටිකක් වෙලාව යන වැඩක්. ඒ වගේම සීවී ජොයින්ට් එකත් සමහර විට දාන්න වෙයි කියාලා. මොනරු හත අටක් වියදම් වෙන වැඩක් කියලත් කිවුවා. :shocked::shocked:

    අලුත ගත්ත වාහානේ හන්දා ඉතින් බය බෝයි. :D කොහොමින් කෙහොමින් හරි ස්ර්විස් කරපු දවසෙනං ඕක මාරු කරන්න ගියෙ නැහැ. දැනට ඕහෙම දුවනවා කියලා අරන් ආවා.

    ඉතින් ගෙදර ඇවිල්ලා හිටං පොඩි ගූගල් සර්ච් පාරක් දාද්දි තමයි වැඩේ ටික ටික මීටර් වුනේ. ගොඩක් තැන් වල කියල තිබුනු හැටියට මේක ලොකුම කේස් එකකුත් නෙමේ. කෝකටත් කියල එලකිරියෙක් පෝස්ට් එකක් දාලා අහල බැලුවම තමයි අපේ වාහන කප්පිත්තෝ වන මහේෂ්, පොල් අයියා, ටොමා, IDG, රත්රාන් සෙට් එක ඇතුලු සහෝදරයො කීප දෙනක් කිවුවෙ මේක ලොකු කේස් එකක් නෙමයි බය නැතුව කරගන්න කියලා. ඒ හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනි. :yes::yes::yes:

    හරි දැන් බලමු මොකක්ද මේ කතාව කියල. මමත් නෙට් එකෙන් හොයාගත්ත කරුණුයි දන්න අයගෙන් අහගත්ත කරුණුයි එකතු කරලයි ලියන්නේ. ඒ නිසා වැරදි ඇතොත් සමා වෙලා නිවැරදි කරන්න.

    සී වී බූට් එක කියන්නේ මොකක්ද?

    cvboot.jpg

    එන්ජිමේ බලයෙන් කරකැවෙන රෝද තියෙන වාහනයක රෝදයට බලය සැපයෙන ඇක්සලය තනි ෂාෆ්ට් එකක් විදිහට තිබුණම කම්පන අවශෝෂක පද්දතියට වගේම රෝදය හැරවීමටත් තාක්ෂනික බාධාවල් ඇති වෙනවා. අන්න ඒ බාධාව මගහරින්න විෂේශ උපක්‍රමයක් යොදල තියෙනවා. ඒක විශේෂ සම්බන්ධක උපක්‍රමයක්. ඒක හැදින්වෙන්නේ cv ජොයින්ට් කියලයි. මේ තියෙන්නෙ බලාගන්න.
    Simple_CV_Joint_animated.gif


    CV-joint.jpg

    මේ ජොයින්ට් එකේ හැඩය නිෂ්පාදකයා අනුව සුලු වෙනස්කම් වෙන්න පුලුවන්.

    ඔය උපක්‍රමය නිසා ඇක්සලය මගින් යම් තෝරාගත්ත කෝණ පරාසයක් ඇතුලෙ ෂාෆ්ට් එකේ හැඩේ වෙනස් කරමින් රෝදයට බලය සපයන්න පුලුවනි.
    cv-joints-large.jpg

    axle2.jpg

    රෝදය ධාවන අවස්ථාවෙදි සෑහෙන්න වේගකින් මේ ඇක්සල් ෂාෆ්ට් එක කරකැවෙනවා. එ වෙලාවට මේ සීවී ජොයින්ට් එක රත්වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඝර්ෂනය අවම කරමින් ඉතා සුමට ධාවනය යොදන්නත් සීවී ජොයින්ට් පරිස්සම් කරන්නත් මේ ස්ථානයට විශේෂ ග්‍රීස් වර්ගයක් යොදනවා.
    pic-%20111.jpg

    මේ ජොයින්ට් එක තියෙන්නෙ ගොඩක් වෙලාවට වාහනයේ නිතර මඩ දූවිලි වැලි වදින්න වැඩි ඉඩක් තියෙන ප්‍රදේශයක හන්දා වැලි ගියොත් ඉතින් සී වී ජොයින්ට් එකට බඩුම තමයි. :(

    අන්න ඒ තත්වය මග හරව ගන්න යොදන රබර් වැස්ම තමයි මේ සීවී බූට් එක කියන්නේ.
    cvboot.jpg



    ඉතින් ඕක ඕනිමද?
    නැතුව. කලින් කිවුව වගේ වැලි දූවිලි මඩ ගියොත් ඉතින් සොරිම තමයි. වාහනයෙන් වාහනයට ඔය සී වී ජොයින්ට් එකේ මිල වෙනස්. කෙහොමත් රුපියල් හය හත් දාහකට එහා ගනනක ඉඳන් ඉහලට තට්ටුවෙන්න පුලුවන්. සීවී බූට් එක මාරු කරන්න යන ගානට ලෝබ කමේ එහෙමම දිවුවොත් ඉතින් SOORY.COM තමයි.
    516_38_02_RM.jpg


    සීවී බූට් එකට හානි වෙන්නෙ කොහොමද?
    ඕක හදල තියෙන්නේ රබර් මිශ්‍රණයකින්. කාලයක් ගත වීම නිසා රබර් කොටස දිරාගිහින් ඔය කොටස පුපුරන්න පුලුවන්. ඒ වගේම ධාවනය වන වෙලාවට යම් දෙයක් වැදීමෙන් ඕකට හානි වෙන්නත් පුලුවන්.

    කෙහොමද මේක අලුත් වැඩියාකරන්නේ.
    මේ කොටස අලුත් වැඩියා කරන්න නං අනිවාර්යයයෙන්ම අදාල රෝදය ගලවලා ඇක්සල් ෂාෆ්ට් එක එලියට ගන්න ඕනි.
    wheel37-13.JPG

    ඕක ගලවන්න එක එක බාස්ලා එක එක ක්‍රම පාවිච්චි කරනවා. සමහරු ගාව විශේෂ පුලර් එකක් තියෙනවා.
    wheel37-07.JPG

    ඒක තමා ආරක්ෂිතම ක්‍රමය. ලංකාවෙදිනං ගොඩක් බාස්ලගෙ බේත මිටි පාරනේ. දෑත බදල මිටියෙන් නෙලනව කියන්නේ ඉිතින් දන්නවනේ. තව ගානකට තට්ටුවෙන්න පුලුවන්.
    7.jpg

    මගෙ එකාත් මිටිය පාවි්චිචි කරලා තමා ගැලෙව්වේ. හැබැයි බොහොම සීරුවෙන් තට්ටු කර කර. (ඊයෙ දැක්කා රෝසා බස් එකක නට් එකක් ගලවන්න බාසෙක් කුලු ගෙඩියක් විතර තඩි මිටියකින් නෙලනවා. මං වුනානං අනික් මිටිපාර කෙලින්ම උගෙ ඔලුවට නෙලන්නේ)

    ඔය ටිකක් වෙලාව යන ක්‍රෙම් වෙනුවට තාවකාලික විසදුමකුත් තියෙනවා. හැබැයි විසඳුම තාවකාලිකයි ඔන්න. මෙකෙදි රෝද ගලවන්න කරදර වෙන්න ඕනි නැහැ. පහල රූපයෙ තියෙන විදියට මැදින් පලපු බූට් වර්ගයක් තියෙනවා.
    COD_CVB0001.jpg

    පරණ බූට් එක ගලවලා දාලා මේක සවිකරල අලව ගන්න ඕනි. හැබැයි ඉතින් සී වී ජොයින්ට් එකට බඩු හම්බවෙලානං මේ විදියට කරලා වැඩක් නෑ.


    https://www.youtube.com/watch?v=iLrGNU_t83Y

    කෙහොමද ඕකට යන වියදම?
    rzr-xp-900-rear-hd-axle-replacement-cv-boot-kit_1.jpg

    මටනං ලොකු වියදමක් ගියෙ නැහැ. බූට් එකට ගියේ 1200ක්. ඔකට දාන ග්‍රීස් එකට රුපියල් දෙසීයක් වගේ මතක විදියට. ගරාජ් එකේ බුවා 500ක්ද කොහෙද ගත්තා.

    යාන්තං ඒ කට්ටෙන් ගොඩ ගියා. ඔබ සැමගේ වාහාන වලත් සී වී බූට් ආදී එකි මෙකී නොකී රබර බූට් සව් බර වෙනකං ඉන්නෙ නැතිව කැඩුනු සැනින් බල මාරු කරගන්න. නිකං මොකටද මොනරු මරන්නනෙ. :P:P:P:P:P
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩේ හොදට කරගන්න පුලුවන් උනානේද මචන්
    ත්රෙඩ් ඒක නම් දාලා තියෙනවා ආයේ අකුරක් වත් අඩු නොවෙන්න හොදටම විස්තර කරලා දාලා තියෙනවා මචන් ‍තව කාට හරි බලලා තනියම කරගන්න පුලුවන් වෙන්නම් :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: ~WickZ~

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වැඩේ හොදට කරගන්න පුලුවන් උනානේද මචන්
    ත්රෙඩ් ඒක නම් දාලා තියෙනවා ආයේ අකුරක් වත් අඩු නොවෙන්න හොදටම විස්තර කරලා දාලා තියෙනවා මචන් ‍තව කාට හරි බලලා තනියම කරගන්න පුලුවන් වෙන්නම් :yes::yes:

    තැන්කූ මචෝ. උඹලා නිසානේ බය නැතුව මම මේ වැඩේ කරව ගත්තේ. හැප්පිච්ච එකේ පෝස්ට් එකත් දාන්නංකෝ ඉක්මනට.
    +rep
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ටයිනේ මචං.
    ලෙසටම ලියලා. අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතී.

    You must spread some Reputation around before giving it to ~WickZ~ again.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    පට්ටයිනේ මචං.
    ලෙසටම ලියලා. අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතී.

    You must spread some Reputation around before giving it to ~WickZ~ again.

    ටී.එෆ්.එස්.
    +

    patta niyameta vistarakarala rep +++

    maxxa post. Keep it up
    Rep added++

    බුම්ප් rep+

    ela ela ... TFS :)

    තැන්කූ කිවුවා හැැමෝටම :) +rep
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    අපේ කාර් එකෙත් සීවී ජොයින්ට් ගිහින් තියෙන්නේ බන්.. ගන්නකොට ටක ටක ගාලා සද්දේ එනවා. මේ දවස් වල ගරාජ් වහලනේ නිවාඩුවට.. දෙපැත්තම දාන්න වෙඉද දන්නේ නැහැ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ කාර් එකෙත් සීවී ජොයින්ට් ගිහින් තියෙන්නේ බන්.. ගන්නකොට ටක ටක ගාලා සද්දේ එනවා. මේ දවස් වල ගරාජ් වහලනේ නිවාඩුවට.. දෙපැත්තම දාන්න වෙඉද දන්නේ නැහැ

    wamata/ dakunata full kapala pickup karanakota balaganna puluwan
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පින්තූර එහෙම පට්ට ආසවෙන් බැලුවා :yes:
    නියමයි කොල්ලෝ
    11.gif
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    cv boot eka hari joint eka hari daanna one kiyala danaganne kohomada bn ?
    roda karakawanakota saddayak enawada ?