අධිතාක්ෂණය_මගින්_නිවාස_ආරක්ෂාව
නිවාස ආරක්ෂාවේ අධි-තාක්ෂණය
නූතන තාක්ෂණික මෙවලම් භාවිත වන ක්ෂේත්‍ර අතරින් ඉදිකිරීම් හා ආරක්ෂක ක්ෂේත්රය මුල් තැනක් ගනී. නිවෙසක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අතරින් 20%ක් වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමි වන බව සමීක්ෂණ වලින් පෙන්වා දී තිබේ. වර්තමානයේ නිවෙස්හි ආරක්ෂාව, තාක්ෂණීක දියුණුව හේතුවෙන් අන් කවරදාකටත් වඩා පහසුවී තිබේ. මෙම ගෘහස්ථ තාක්ෂණයේ තවදුරටත් සිදුවන වර්ධනය හේතුවෙන් නුදුරු අනාගතයේදි අපට Hyper-Secure connected smart home සංකල්පයට පවා ලඟාවිය හැක. පහත සඳහන් වන්නේ අපට දක්නට ලැබෙන එවන් තාක්ෂණික වෙනස්කම් කිහිපයකි,
දොරෙහි සවි කරන ලද ඇඟිළි සලකුණු කියවන (Door Fingerprint Reader)
මෙහිදී දොරෙහි හෝ ගේට්ටුවෙහි අගුලට ඇඟිලි සලකුණු සංවේදකයක් සවිකෙරේ. එමගින් දොරගුල කරකවන්නාගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනෙන අතර එය ගබඩා කර ඇති අවසරලත් පුද්ගලයන්ගේ දත්ත සමඟ සසඳා බලා අනන්‍යතාව තහවුරු කර ගැනේ. එසේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිවිට එසේ ඇතුලුවන්නාගේ ඡායාරූපයක් සමඟ දැනුම්දීමක් නිවෙස් හිමියාගේ ජංගම දුරකථනයට මෙන්ම ආරක්ෂක නිළධාරීන් වෙතද ලැබෙනු ඇත.
ඇතුල්වන්නාගේ මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය (Cross-Checking Facial Recognition)
වඩාත් පහසුවෙන් නිවෙසට ඇතුලුවන්නන් හඳුනාගත හැකි තාක්ෂණයකි. නිවසෙහි facial recognition පද්ධතියක් සවිකර තිබීම මඟින් එයට ඇතුලුවන්නන් පහසුවෙන් හඳුනාගත හැක. තවද මෙම පද්ධතිය සමාජ ජාලා වෙබ් අඩවි, පොලීසිය සහ ආරක්ෂක ආයතන හා සම්බන්ධ කර තිබීම මඟින් යම් කිසි අනවසර ඇතුලුවීමකදී ක්ෂණිකව ක්‍රියාත්මක විය හැක. දොරෙහි සවිකර ඇති facial recognition උපකරණය ආධාරයෙන් ඇතුලුවන්නාගේ දත්ත ඔබගේ සමාජ-ජාලා වෙබ් අඩවි හරහා සම්බන්ධ කල හැක. එයට අමතරව අදාල පණිවුඩ පොලිසිය වෙත යොමුකිරීමේ හැකියාව හේතුවෙන් යම්කිසි අපරාධයකදී ක්ෂණිකව ක්‍රියාකල හැක.
ස්මාර්ට් නිවාස (Full Smart-Home)
නිවසෙහි සියලු සේවාවන් ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සම්බන්ධ කරනු ලබන මෙම තාක්ෂණය Universal remote සංකල්පය හා සමාන වේ. ආලෝක සහ විද්‍යුත් උපාංග හා සම්බන්ධ චලන සංවේදක වල ක්‍රියාකාරීත්වය වහා ඔබගේ දුරකථනයට දැනුම්දෙනු ලැබේ. තවද ආරක්ෂක පද්ධතිය තම ජංගම දුරකථනය හා සම්බන්ධව ඇති හෙයින් අනවසර ඇතුලුවීමකදී ඇතුලුවන්නාගේ ඡායාරූපයක් දුරකථනයට ලබා ගැනීමේ හැකියාවද පවති.
සයිබර් තාක්ෂණයේ දියුණුව (Cyber-Security is Improved)
තාක්ෂණය අප ජීවිතයේ සෑම පැත්තක්ම ආක්‍රමණය කරමින් පවති, විශේෂයෙන් ගෘහස්ත තාක්ෂණය. අනෙක් පසින් මේ හා සම්බන්ධ ප්‍රධාන තර්ජනයක්ද වේ. එනම් අපරාධකරුවන්ද මෙම තාක්ෂණය තම අපරාධ සඳහා යොදා ගැනීමට ඇති හැකියාවයි. මේ හේතුවෙන් කිසියම් තර්ජනයක් කල්තියා හඳුනාගැනීමේ හැකියාවෙන් යුක්තව මුළුමනින්ම අපාරගම්‍ය Cyber-Security පද්ධතියක් තිබීම ඉතා වැදගත් වේ. මීට එක් විකල්පයක් වශයෙන් Automatic IP back තාක්ෂණය හරහා අපරාධකරුවාට නොදැනී පොලීසිය වෙත සංඥාවක් යොමුකල හැක.
මෙවැනි තාක්ෂණික උපක්‍රම යොදා ගෙන නිර්මාණය කරනු ලබන නිවාස තුල පෙරදීටත් වඩා හොඳින් ආරක්ෂාව ගැන විශ්වාසයක් තබා ගැනීමට අපට හැකි වනු ඇත.
ටෙක් ගුරු එකේ තිබ්බේ