පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත

    මේ ප්‍රශ්නය ගැන ලියපු ගොඩක් සාර්ථක ලිපියක් (http://www.kandynews.net/index.php/551-2015-04-01-05-39-32)
    මේකේ තියෙන වචන තේරෙන්නේ නැත්නම් ඒ ටික පහලින් දමොත් තේරුම් දාන්න පුළුවන් ..
    කියවන්න සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් ,යතා ත්ත්වවය ලියලා තිනවා






    පසුගිය පෙබරවාරි 27 ශ්‍රී ලංකා මහ බැංකුවේ පිළිනපත් නිකුතුව රට පුරා විශාල ආන්දෝලනයකට තුඩු දී ඇත. එම නිකුතුවේ නාමික වටිනාකම රුපියල් බිලියන 10කි. ආයුකාලය අවුරුදු 30කි. සාමාන්‍ය වාර්ෂික පොළී අනුපාතය 11.73%. එම පිළිනපත් අළෙවියේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා නැගී ඇත.

    මෙම ආන්දෝලනය අලූත් රජයේ යහ පාලනයට පහරකි. එම ගණුදෙනුවේ ඇතුල්පැත්ත විග්‍රහ කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වෙයි.
    චෝදනාව
    පපෙචුඅල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) නමැති පුද්ගලික මුල්‍ය තැරැව්කාර ආයතනය මෙම චෝදනාවට මූලික වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා මෙම සමාගමේ ප්‍රධාන කොටස් හිමියකු විය. මෙම පවුල් සම්බන්දය නව මහ බැංකු අධිපතිගේ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු කර ඇත.
    මෙම පිළිනපත් නිකුතුව පිළිබඳ අප තොරතුරු සහ දත්ත ලබාගෙන ඇත්තේ මහ බැංකුවේ සහ ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශන සහ මාධ්‍ය වාර්තා වලිනි.
    මෙම පිළිනපත් නිකුතුව සම්බන්ධයෙන් නැගෙන හෝ නැගිය හැකි චෝදනා සහ ප්‍රශ්න පහත සඳහන් ලෙස ගොනු කර දැක්විය හැක.
    1. මහ බැංකුව මුලින් පිළිනපත් වෙළඳපොලින් ඉල්ලා සිටියේ රුපියල් බිලියන 1.0 ණයකි. එහෙත් එසේ ඉල්ලා දින කිහිපයකට පසු පෙබරවාරි 27 වෙන්දේසියේදී මහ බැංකුව රුපියල් බිලියන 10.0 පිළිනපත් පිළිගත්තේය. මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දස ගුණයක් ලබාගැනීමට හදීසියෙන් තීරණය කළේ ඇයිද යන ප්‍රශ්නය මතුවෙයි.
    2. වඩා කෙටි කාලයකට ණය නොගෙන අවුරුදු 30 තරම් දීර්ඝ කාලයකට ණය ගැනීම අත්‍යාවශ්‍යද නැතිද යන්න දෙවෙනි ප්‍රශ්නයයි.
    3. මහ බැංකුව මෙම පිළිනපත් නිකුත් කරන බව ප්‍රකාශ කරන විට ඉඟි කළ පොළී අනුපාතයට වඩා ඉහළ පොළී අනුපාතයකට පිළිනපත් නිකුත් කිරීමෙන් රජයට අත්‍යාවශයෙන් දැරිය නොයුතු පොළී බරක් භාරගැනීම තෙවැනි ප්‍රශ්නය වෙයි.
    4. පිළිනපත් නිකුත්වීමට පෙරද නිකුත් කළ අවස්ථාවේදීද නිකුත් කළ පසුවද පපෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ක්‍රියා කලාපය සලකා බලන විට එම සමාගමට වෙළඳ පොලේ අනෙක් සමාගම් වලට නොතිබුනු දැනුමක් මෙම පිළිනපත් සම්බන්ධයෙන් තිබුනාදැයි සැක කිරීමට සාධාරණ හේතු ඇත.
    අප ඉහත සඳහන් කරුණු හතර අනුපිළිවෙලින් විග්‍රහ කරමු. එහෙත් ඊට පෙර මෙම ගැටලුවට සම්බන්ද ආර්ථික පසුබිම සහ රාමුව සැකවින් සලකා බැලීම ප්‍රයෝජනවත් වේ.

    http://www.kandynews.net/index.php/551-2015-04-01-05-39-32

     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රාජ්‍ය මුලය
    1950 සිට වර්ෂ 65 කාලයක් තුළ මෙරට වාර්ෂික සමස්ථ දළ ජාතික වියදමෙන් රජයේ ප්‍රතිශතය 20% සහ 25% අතර වෙයි. එම කාලය තුළ 1954 සහ 1955 හැර සෙසු වර්ෂ වලදී රජයේ අය වැය හිගයක් තිබී ඇත. 2014 එම හිගය රුපියල් බිලියන 552 (රජයේ සමස්ථ වියදමෙන් 27.8%) වු අතර 2015 එය රුපියල් බිලියන 499 (23.5%) වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙවර රජයේ සංවර්ධන වියදම රුපියල් බිලියන 520 වනු ඇත. අය වැය හිගය පියවීමට රජය විදේශීය ණය රුපියල් බිලියන 251 සහ දේශීය ණය රුපියල් බිලියන 248 ලබාගැනීමට බලාපොරොත්තු වෙයි. දේශීය ණය රුපියල් බිලියන 70 බැංකු වලින්ද, ඉතරි බිලියන 138 සේවක අර්ථසාධක අරමුදල් වැනි ඉතුරුම් ආයතන වලින්ද ලබාගැනීමට නියමිතය.
    මහ බැංකුව
    ලෝකයේ සියලුම මහ බැංකු මෙන්ම ශ්‍රී ලංකාවේ මහ බැංකුවේද ප්‍රධාන කාර්යය වනුයේ රටේ මුදල්ල ණය ක්‍රමය සහ උද්ධමනය පාලනය කිරීමයි. මහ බැංකුව නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ අධිකාරිය වේ. මහ බැංකුව වාණිජ බැංකුවලට අවසාන ණය දෙන්නා ලෙස ක්‍රියා කරයි. එසේ දෙන ණය සඳහා අයකරන පොළිය මත සාමාන්‍යයෙන් වාණිජ බැංකු අයකරන පොළී අනුපාත රඳා පැවතේ.
    ලෝකයේ සමහර රටවල සිදුවන පරිදි ලංකාවේ මහ බැංකුවද මහ භාණ්ඩාගාරය වෙනුවෙන් පොදු ණය පාලනයේ වගකීම භාරගෙන ඇත.

    භාණ්ඩාගාර පිළිනපත්
    ශ්‍රී ලංකා රජය අය වැය හිගය පියවාගැනීමට දේශීය ණය ගැනීම දශක ගණනාවක් තුළ කර තිබේ. 1990 ගණන්වල මැද භාගය වන තුරු එසේ ණය ගත්තේ මාස 3, 6 සහ 12 භාණ්ඩාගාර පිළිනපත් සහ ඊට වඩා ආයු කාලයක් ඇති දිගු කාලීන සුරැකුම් පත් නිකුත් කිරීමෙන් සහ ණය ලබාගැනීමෙනි. වාණිජ බැංකු, ඉතිරි කිරීමේ බැංකු, සේවක අර්ථසාධක අරමුදල් සහ ෆිනෑන්ස් සමාගම් රජයට ණය සැපයු ප්‍රධාන ආයතන අතර විය.
    රජය දේශීය ණය ලබාගන්නා ක්‍රමයේ වැදගත් වෙනසක් 1997 මාර්තු මස සිදු විය. පෙර සිට තිබුණු මාස 3, 6 සහ 12 භාණ්ඩාගාර පිළිනපත් ක්‍රමයට අමතරව අවුරුදු දෙක සිට අවුරුදු තිහ හෝ ඊටත් වැඩි කාලයකට නිකුත් කළ හැකි පිළිනපත් වෙන්දේසි ක්‍රමයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් පරිදි භාණ්ඩාගාරය හඳුන්වා දුනි. මෙහිදී සිදුවු වැදගත් වෙනස පිළිනපත් අළෙවි කරන ආකාරයේ වෙනසයි. 1997ට පෙරද එවැනි ණයකර මිලට ගෙන පොළියක් උපයා ගැනීම බැංකු, වෙනත් ණය දෙන ආයතන වලට හෝ මහජනයාට ඉඩ තිබිණ. එහෙත් එයට තරඟකාරී වෙළඳ පොළක් නොවීය. මහ බැංකුව සහ ණය දෙන ආයතන කේවල් කර ගිවිසගන්නා පොළියක් මත රජය ණය ගැනීම පැරණි සිරිත විය.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1997 මාර්තු සිට රජයට ණය ලබාගැනීමට වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. එම ක්‍රමය යටතේ මහ බැංකුව කළින් නිවේදනයක් නිකුත් කරමින් රජයට අවශ්‍ය ණය ප්‍රමාණය, නිකුත් කිරීමට නියමිත භාණ්ඩාගාර පිළිනපත් වල ආයු කාලය සහ ගෙවීමට බලාපොරොත්තු වන පොළියද සඳහන් කරයි. එම නිවේදනය අනුව බලයලත් ණය සපයන තැරැව්කාර සමාගම් තම තමන්ට සැපයිය හැකි ණය ප්‍රමාණ සහ ඉල්ලන පොළිය නියමිත දිනයේ සහ වේලාවේ පවත්වන වෙන්දේසියේදී මහ බැංකුවට ඉදිරිපත් කරයි. එවිට රජයට අවශ්‍ය ණය ප්‍රමාණය අඩුම පොළියට ලබා ගැනීමට මහ බැංකුව කටයුතු කරයි. අද එවැනි තැරැව්කාර සමාගම් 16 මහ බැංකුව යටතේ ලියා පදිංචිවී සිටී.
    ඉන් නවයක් වාණිජ බැංකු වන අතර හතක් පුද්ගලික සමාගම් වෙයි. පසුගිය පෙබරවාරි 27 සිදුවු සැක කටයුතු ගණුදෙනුව කර තිඛෙන බවට චෝදිත පපෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම එම හතෙන් එකකි.
    ඉහත පසුබිම යටතේ අප මුලින් හඳුන්වා දූන් සැකකටයුතු ගණුදෙනුව පිළිබඳ ප්‍රශ්න අපට දැන් සාකච්ඡා කළ හැක.
    1- වෙන්දේසියේදී පිළිගත් ප්‍රමාණය
    මහ බැංකුව මුලින් තීරණය කළේ පෙබරවාරි 27 රුපියල් බිලියන 1.0 වටිනා පිළිනපත් නිකුත් කර ණයක් ලබා ගැනීමටය. පෙබරවාරි 26 මුදල් ඇමති, මහාමාර්ග, ආයෝජන ප්‍රවර්ධන සහ උසස් අධ්‍යාපන ඇමති, භාණ්ඩාර ලේකම් සහ මහා බැංකුවේ අධිපති රැස්වී ආණ්ඩුවේ වියදම් සඳහා රුපියල් බිලියන 15 ඉතා ඉක්මණින් අවශ්‍ය බව තීරණය කළහ. එක්සත් ජාතික පක‍ෂයේ සභාපති සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරික මලික් සමරවික්‍රම මහතාද මෙම රැස්වීමට සහභාගිවී ඇත. එහෙත් රැස්වීම පිළිබඳ නිළ නිවේදනයේ ඔහුගේ නම සඳහන් නොවීය.
    පෙබරවාරි 27 පිළිනපත් වෙන්දේසියට බොහෝ තරැව්කාර සමාගම් සූදානම් වී ඇත්තේ මහ බැංකුව ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 සැපයීමටය. එහෙත් වෙන්දේසියේදී රුපියල් බිලියන 10 ණය ගැනීමට මහ බැංකුව සූදානම් බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. අංක 1 වගුවෙන් පෙන්වන පරිදි මීට පෙර අවුරුදු 30 ආයු කාලයක් ඇති පිළිනපත් නිකුත් කරනවිටද මහ බැංකුව මුලින් ඉල්ලා සිටි මුදලට වඩා වැඩි මුදලක් ණයට ගත් අවස්ථා තිබී ඇත. එහෙත් මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දහ ගුණයක් ණය ගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

    වගුව 1: මැයි 2013 සිට පෙබරවාරි 2015 ශ්‍රී ලංකාවේ අවුරුදු 30 භාණ්ඩාගාර පිළිනපත් නිකුතුව
    chart_1(1).jpg












    මුලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව www.cbsl.gov.lk/htm/english/_cei/ei/e_1.asp
    2013 මැයි 30 සහ 2015 පෙබරවාරි 27 අතර මහ බැංකුව නිකුත් කළ අවුරුදු 30 ආයු කාලයක් ඇති භාණ්්ඩාගාර පිළිනපත් හයක විස්තර 1 වගුවේ දැක්වේ. ඉන් හෙළිවන වැදගත් තොරතුරු පහත දැක්වේ.
    1. එම හයෙන් මහ බැංකුව අළෙවි කිරීමට ප්‍රකාශිත අඩුම වටිනාකමක් ඇති පිළිනපත් නිකුතුව පෙබරවාරි 27 නිකුතුවයි.
    2. මහ බැංකුව මුලින් ඉල්ලූ ණය මුදල මෙන් විසිගුණයකටත් වැඩි ප්‍රමාණයක් ණය සැපයීමට පෙබරවාරි 27 තැරැව්කරුවන් සුදානම්ම සිටි බව තීරුව (4) පෙන්වයි. මීට පෙර වෙන්දේසිවල එම අනුපාතය දෙගුණයක් සහ හතර ගුණයක් අතර ප්‍රමාණයක් පමණක් විය.
    3. තීරුව (6) පෙන්වන අයුරින් පෙබරවාරි 27 මහ බැංකුව මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දස ගුණයක් ණය ගත්තේය. මීට පෙර අවස්ථා තුනක ඉල්ලූ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මහ බැංකුව පිළිගත්තේය. සෙසු අවස්ථා දෙකේදී පිළිගත් ප්‍රමාණය ඉල්ලු ප්‍රමාණය ඉක්මවා ගියේ 50% සහ 10% පමණයි.
    මහ බැංකුව මුලින් ඉල්ලා සිටි ණය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් පුර්ව දැන්වීමකින් තොරව හදිසියේ ලබාගැනීම තැරැව්කරුවන් සහ මහ බැංකුව අතර විශ්වාසය පළුදු වීමට ඉඩ සලසයි. මහ බැංකුව වැඩිපුර ණය ගැනීමට සූදානම් බව අභ්‍යන්තර රහස් ආරංචි මාර්ගවලින් ඇතැම් තැරැව්කරුවන් පමණක් දැන ගෙන ඔවුන් ඊට සූදානම්ව වෙන්දේසියට පැමිණියොත් ඉන් සමහරෙකුට ලාභ ලැඛෙන අතර අනෙක් අයට පාඩු ලැඛෙනු ඇත. එසේම වඩා අඩු පොළියකට ණය ලබාගැනීමේ අවස්ථාවද නැතිවීමෙන් රජයද පාඩු විඳිනු ඇත.
    මාර්තු 8 ”සන්ඩේ ටයිම්ස්” වාර්තාවකට අනුව මහ බැංකුව 9.5% සහ 12.5% අතර පොළියකට රුපියල් බිලියන 10.0 ණය ගැනීමට සුදානම් බව පෙබරවාරි 27 ප්‍රකාශ කළ විට 9.5% සහ 10.5% අතර පොළියකට රුපියල් බිලියන 1.0 පමණක් සැපයීමට සුදානම්ව සිටී පිළිනපත් තරැව්කරුවන් අතර මහත් ආන්දෝලනයක් සිදුවී ඇත. සමහරුන් 11% සහ 12% අතර පොළියකට පිළිනපත් සැපයීමටවත් සුදානමක් නොවීය. පොළිය 12% ඉක්මවා ණය දීමට සුදානම්ව සිටියේ පපෙචුඅල් සමාගම සහ වෙනත් තරැව්කරුවන් කිහිපයක් පමණක් බව වාර්තා වෙයි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    (i) රජයේ වියදම් පියවීමට රුපියල් බිලියන 10 ණයක් වහාම අවශ්‍ය බව පෙබරවාරි 26 වෙනිදා රජය තීරණය කළේ නම් එම පුවත පෙබරවාරි 27 රැස්වීමට නියමිතව සිටි සියලූම පිළිනපත් තැරැව්කාර සමාගම් වලට නොදැන්වුයේ ඇයි?
    (ii) ජනවාරි අග රජය 2015 සඳහා සංශෝධිත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදරිපත් කළේය. එම සංශෝධනය කාර්යක‍ෂමව ඉටුකරා නම් ඉදිරි මාස වල අය සහ වැය ප්‍රවාහ නිවැරදිව තක්සේරු කළ යුතුව තිබුණි. එසේ වීනම් ණය ගැනීම පිළිබඳව හදිසි තීරණ ගැනීම අවශ්‍ය නොවන අතර පිළිනපත් සඳහා ගෙවන පොළියද අවම කරගැනීමට ඉඩ තිබුණි. මෙම අකාර්යක‍ෂමතාතවයට වග කිව යුත්තේ කවුද?
    (iii) ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථීක කටයුතු අමාත්‍යාංශය පහත සඳහන් නිවේදනය මාර්තු 6 නිකුත් කළේය. ”රජයේ ආසන්න වියදම් සඳහා සහ අවසන් නොවු ව්‍යාපෘති අවසන් කිරීම සඳහා අවශ්‍ය මුදල් 2015 මාර්තු මස භාණ්ඩාගාර පිළිනපත් නිකුත් කර ලබාගැනීමට අපේක‍ෂා කරයි” තත්වය එසේ වේනම්, පෙබරවාරි 27 12.5% පමණ දක්වා ඉහළ පොළියකට රුපියල් බිලියන 10 ණයක් ගන්නවා වෙනුවට මාර්තු මාසය තුළ පැතිරෙන අයුරින් අඩු ප්‍රමාණවලින් වඩා අඩු පොළියකට ණය ගැනීමට ඉඩ තිබුණ නමුත් එසේ නොකළේ ඇයි?
    (iv) ඉන්දියාව ඇමරිකන් ඩොලර් බිලියන 1.5 (රුපියල් බිලියන 198) ණයක් සැපයීමට සුදානම්ව සිටින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් පෙබරවාරි 27ට පෙර දැන සිටින්නට ඇත. එම ණය ලංකාවේ පොළී අනුපාත පහළ දැමීමට උපකාරීවීම අනිවාර්යය වෙයි. එවැනි තත්වයක් යටතේ ඉහළ පොළියකට අවුරුදු 30ක ණයක් ගතයුත්තේ ඇයි?
    2) අවුරුදු 30 ආයු කාලයක් ඇති පිළිනපත් නිකුත් කිරීමට ඇති අවශ්‍යතාවය
    ඉහළ පොළියකට අවුරුදු 30 පිළිනපත් නිකුත් කිරීමට තිඛෙන අවශ්‍යතාවය කුමක්ද? දිගු කාලීන පිළිනපත් නිකුත්කිරීම රජයට වාසිදායක වන්නේ පොළිය අඩු අවස්ථාවලදී පමණයි. මෙය එවැනි අවස්ථාවක් නොවීය.
    රජයේ හදිසි වියදම් සඳහා 8% වැනි අඩු පොළියකට අවුරුද්දක ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් නිකුත් කරන්නට පුලූවන. ඒවා කල් පිරුනවිට නැවතත් නිකුත් කළ හැක. රුපියල් බිලියන 10 ණයක් ගන්නාවිට පොළිය 1% වැඩිවු විට අවුරුද්දකට ගෙවිය යුතු පොළිය රුපියල් මිලියන 100න් වැඩිවේ. පෙබරවාරි 27 11.73% සාමාන්‍ය පොළියකට ලබාගත් රුපියල් බිලියන 10 ණය සඳහා ලංකා ආණ්ඩුව ඉදිරි අවුරුදු අටහමාර අවසන්වනවිට රුපියල් බිලියන 10 පොළිය වශයෙන් ගෙවනු ඇත. වර්ෂ 30 අවසන් වන විට ණය ගත් මුදල මෙන් තුන් ගුණයකට වඩා මුදලක් පොළිය වශයෙන් පමණක් ගෙවනු ඇත.

    3) පොළී අනුපාතය
    අප මෙහිදී අවධානය යොමු කරන්නේ පෙබරවාරි 27 නිකුත් කළ පිළිනපත් සඳහා නියමිතවු පොළිය පිළිබඳව පමණක් නොවේ. ඊට අමතරව මහ බැංකුව මාර්තු 2 ක්‍රියාත්මක වන පරිදි පෙබරවාරි 27 ප්‍රකාශ කළ මහ බැංකු නිළ පොළී අනුපාතයේ වැදගත් වෙනසක් පිළිබඳවද අපි අවධානය යොමු කරමු.
    වෙළඳ පොළේ පොළී අනුපාතය, විශේෂයෙන්ම කෙටිකාලීන අනුපාත, අඩු හෝ වැඩිකිරීමට උපයෝග කර ගත හැකි නිළ පොළී අනුපාත කිහිපයක් මහ බැංකුවේ පාලනය යටතේ තිබේ. ඉන් වැදගත්ම පොළී අනුපාතය වගුව 2, තෙවැනි තීරුවේ පෙන්වා තිඛෙන මහ බැංකුවෙන් වාණිජ බැංකු ණය ගන්නා විට ගෙවිය යුතු පොළී අනුපාතයයිි. 2013 මැද එය 9.0% විය. එම වසරේ ඔක්තෝබර් මස එය 8.5%ට අඩු කළ අතර, 2014 ජනවාරි මස 8.0% දක්වා අඩුකෙරිණි. අද පැවතෙන්නේ ද එම අනුපාතයයි. වෙළඳ පොළේ පොළී අනුපාතය අඩු කිරීමට මහ බැංකුවට උවමනා වු බවට මෙය සාක‍ෂි දරයි.
    වෙළඳ පොළේ පොළී අනුපාතයන් තවත් අඩු කිරීමට ඉගි කරන පියවරක් 2014 සැප්තැම්බර් මස මහ බැංකු මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබීයග වාණිජ බැංකුවලට තිඛෙන ”අතිරික්ත” මුදල් ශේෂ මහ බැංකුවේ ”සම්මත තැන්පතු පහසුකම” (Standard Deposit Facility) යටතේ තැන්පතුවක් වශයෙන් තබා පොළියක් උපයා ගැනීමට පුලූවන. එවැනි තැන්පතුවකට මහ බැංකුව එවකට ගෙවු වාර්ෂික පොළිය 6.5% විය. 2014 සැප්තැම්බර් මස සිට මසකට ඕනෑම බැංකුවක් කරන මුල්ම තැන්පතු තුන සඳහා පමණක් 6.5% ගෙවීමටත්, ඉන් ඔබ්බට මසක් තුළ කරන අමතර තැන්පතුවලට 5.00% පමණක් ගෙවීමටත් මහ බැංකුව තීරණය කළේය. මෙම පියවර ගත්තේ වෙළඳ පොළේ පොළී අනුපාත තවත් පහළ දැමීමේ අභිලාශයෙනි.
    2015 පෙබරවාරි 24 වෙනි අගහරුවාදා මහ බැංකුව නිකුත් කළ මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයට අනුව මුල්‍ය මණ්ඩලය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාත වෙනස් නොකොට 2014 සැප්තැම්බර් මස සිට පැවති මට්ටම්වල තබා ගැනීමට තීරණය කර ඇත. ඉන් මහ බැංකුව පැහැදිළිවම ඉගි කළේ අඩු පොළී ප්‍රතිපත්තිය වෙනස් නොකරන්නට තීරණය කළ බවයි.
    2014 සැප්තැම්බර් මස හඳුන්වා දුන් 5.00% අඩු පොළී අනුපාතය මාර්තු 2 සඳුදා සිට අවලංගු කරන බවට මහ බැංකුව පෙබරවාරි 27 සිකුරාදා ප්‍රකාශ කළ බව වාර්තාවී තිබේ. ඒ අනුව වෙළඳ බැංකු මහ බැංකුවේ තැන්පත් කරන සියලුම මුදල් වලට 6.5% පොළියක් ගෙවන බව ගම්‍යවේ. මෙය ඊට දින තුනකට පෙර පෙබරවාරි 24 මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයට පටහැනි වෙයි. අප දැනට ස්ථිරවම දන්නේ මාර්තු 03 අගහරුවාදා මහ බැංකුව නිළ නිවේදනයක් නිකුත් කරමින් 5.00% අඩු පොළී අනුපාතය මාර්තු 02 සඳුදා සිට අහෝසි කළ බවයි.
    මහ බැංකුව මෙම ප්‍රතිපත්ති සංශෝධනය විෂයෙහි අනුගමනය කර තිඛෙන ක්‍රියා කලාපය වෘත්තීය මට්ටමෙන් නොමනා බවක් පෙනේ. එම අඩු පොළිය අහෝසි කළ විට වෙළඳ පොළේ පොළී අනුපාතය ඉහළ යාමට ප්‍රවණතාවයක් ඇති වෙයි. එපමණක් නොව අතීතයේ නිකුත් කර තිඛෙන පිළිනපත් වල වෙළඳ පොළ මිළ අඩුවීමටද ඉන් මග පාදයි. මක්නිසාද යත් පොළී අනුපාතය සහ පිළිනපත්වල වෙළඳපොළ මිළ අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් තිඛෙන බැවිනි.
    එය මෙසේ පැහැදිලි කළ හැක. රජය 10% වාර්ෂික පොළියකට අවුරුදු 10ක ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් අද දින විකිණීමට නියමිතයයි සිතමු. රුපියල් 100 මුහුණත වටිනාකමක් තිඛෙන 5% වාර්ෂික පොළියක් ලැඛෙන තව අවුරුදු 10කින් ආයු කාලය අවසන් වෙන පැරණි භාණ්ඩාගාර පිළිනපත් හතරක් ඔබ සතුව ඇතැයි සිතන්න. ඔබට එම පිළිනපත්වලින් දෙකක් විකුණා රුපියල් 200 මුදල් ලබාගැනීමට අවශ්‍යව තිබේ. රුපියල් 200 වියදම් කර පිළිනපත් මිළදී ගැනීමට කැමති කෙනෙකු ඔබට හමුවේ. ඔබ ඔහුට ඔබේ පිළිනපතකට රුපියල් 100 ඉල්ලුවොත් ඔහු එයට එකග නොවනු ඇත. හේතුව රුපියල් 100 ගෙවා 10% පොළියක් උපයන අලුත් පිළිනපතක් මිළදී ගන්නට ඔහුට විකල්පයක් ඇති බැවිනි. එම නිසා ඔබට කළ හැක්කේ ඔබ ලග තිඛෙන පිළිනපත් හතර එකක් රුපියල් 50 බැගින්, අළෙවි කිරීමය. එවිට මිලදී ගන්නාට ඔහුගේ රුපියල් 200ට රුපියල් 20 පොළියක්, එනම් 10% පොළී අනුපාතයක් අවුරුද්දකට වරක් ලැඛෙනු ඇත. සිදුවී ඇත්තේ පොළී ඉහළ ගියවිට පරණ පිළිනපත්වල මිළ අඩුවී අලුත් හෝ වේවා පරණ හෝ වේවා සියලුම පිළිනපත්වල ඵලදායිතාව 10% වීමයි. මෙසේ පොළිය අඩුවීම පිළිනපත් වෙළඳ පොළේ අනිවාර්යයෙන් සිදූවෙයි. පෙබරවාරි 27 යම් අක්‍රමිකතාවයක් සිදුවීනම් එය අවබෝධ කරගැනීමට මෙම සිද්ධාන්තය ඉතාම ප්‍රයෝජනවත් වේ.
    මහ බැංකු පොළී අනුපාත වෙනස් නොකිරීමට තීරණය කළ බව පෙබරවාරි 24 මහ බැංකුව නිකුත් කළ මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයේ නිළ වශයෙන් සඳහන් වේ. එහෙත් ඊට දින තුනකට පසු පෙබරවාරි 27 මහ බැංකුව එය පාලනය කරන ඉතා වැදගත් පොළී අනුපාතයක් වෙනස් කරන බව ප්‍රකාශ කළේ ඇයි? එම ප්‍රකාශය රුපියල් බිලියන 10 පිළිනපත් වෙන්දේසියට පෙර කළේනම් එය වෙළඳ පොළ පොළී ඉහළ යන බවට අපේක‍ෂාවක් ඇති කරයි. එම ප්‍රකාශය වෙන්දේසියෙන් පසු කළේනම් එහි අරමුණ වෙන්දේසියේදී වඩා ඉහළ පොළියකට පිළිනපත් අළෙවි කිරීම සාධාරණීකරණය කිරීමට උපාය මාර්ගයක් යයි සිතීමට ඉඩ තිබේ. එම දෙකෙන් කවර එක ඇත්ත වුවත් එය සැක කටයුතු දෙයකි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහ බැංකුව පිළිනපත් අළෙවිකිරීමට සුදානම් බව නිවේදනය කරන විට මහ බැංකුව ගෙවීමට බලාපොරොත්තු වන පොළී අනුපාතය සඳහන් කිරීමේ සිරිතක් තිබේ. රුපියල් බිලියන 1.0 නිකුතුවට මහ බැංකුව ගෙවීමට බලාපොරොත්තුවුවා යයි කියන පොළිය 9.5% සිට 10.5% දක්වා ප්‍රමාණයක් තුළ වූවායි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එය 9.5% අනුපාතයට වඩා බරවුවා යයි සමහර වාර්තා කියයි. මහ බැංකු නිළ නිවේදනයකට අනුව වෙන්දේසියෙන් ලැබුණු ණය මුදලේ සාමාන්‍ය පොළී අනුපාතය 11.73%කි. මෙම පිළිනපත් නිකුත් කළ අවස්ථාවේදී වෙළඳ පොළ පොළී අනුපාත පෙරට වඩා අඩුවෙන් තිබුණා පමණක් නොව එය තව දුරටත් පහත වැටෙන ප්‍රවණතාවයක්ද දැක්වීය.
    වගුව 2: 2013-2015 ශ්‍රී ලංකාවේ පොළී අනුපාත
    chart_2(1).jpg















    මුලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව
    http://www.cbsl.gov.lk/htm/english/_cei/ei/e_1.asp
    * සම්මත ණය පහසුකම් අනුපාතය යනු මෙහි නිළ නාමයයි. මෙම පොළී අනුපාතය ඔක්තෝබර් 2013 9.0% සිට 8.5% දක්වාද, 2014 ජනවාරි මස 8.0% දක්වාද අඩු කරනු ලැබීය.
    ** ශ්‍රී ලංකා අන්තර්-බැංකු පොළී අනුපාතය මෙහි නිළ නාමයයි. වගුවේ දක්වා ඇත්තේ මාස 12 පොළී අනුපාතයයි.
    ** * වාණිජ බැංකු ඉස්තරම් යයි සලකන ගණුදෙනු කරුවන්ට මාස හයකට ණය දෙන විට අය කරන පොළිය.

    මැයි 2013 සහ පෙබරවාරි 2015 අතර ශ්‍රී ලංකාවේ පැවති වැදගත් වු පොළී අනුපාත කිහිපය 2 වගුවේ දැක්වේ. මෙම මාස 22 තුළ අවුරුදු 30 ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් හය නිකුත් කළ මාස අංක (1) තීරුවේ දැක්වේ. රජය වෙළඳපොළෙන් ණය ගන්නාවිට ගෙවිය යුතු පොළී තීරණය වීම කෙරෙහි මෙම පොළී අනුපාත සැලකිය යුතු ලෙස බලපායි.

    පාරිභෝගික මිළ දර්ශකයෙන් දැක්වෙන වාර්ෂික උද්ධමන අනුපාතය අංක (2) තීරුවේ දැක්වේ. තීරු අංක (3), (4) සහ (5) දක්වෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ පොළී අනුපාතයන්ය. මහ බැංකුව වාණිජ බැංකුවලට ණය දෙන විට අයකරන පොළී අනුපාතය තීරු අංක (3) සඳහන් වෙයි. තීරු අංක (4) දැක්වෙන්නේ වාණිජ බැංකුවක් වෙනත් වාණිජ බැංකුවකට ණය දෙන විට අය කරන පොළියයි. වාණිජ බැංකු ඔවුන්ගෙන් ණය ගන්නා ඉතාම විශ්වාසදායී ගණුදෙනුකරුවන්ගෙන් අය කරන පොළිය තීරු අංක (5) සටහන් කර තිබේ.
    මෙම වගුවෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වෙයි. හෙළිවන පළමු වැදගත් කරුණ ජුනි 2013 සිට පෙබරවාරි 2015 දක්වා ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය අඩුවු බවයිග එම අනුපාතය 2013 මැද සිට 2014 මැද දක්වා 7.3% සිට 3.2% දක්වා 50% පමණ පහත වැටිණ. 2015 පෙබරවාරි වන විට එය 0.6% දක්වා අඩුවී ඇත. 2015 ජනවාරි මස නව රජය සමහර භාණ්ඩ වල මිළ අඩුකිරීමද මෙම පහළ වැටීමට බලපාන්නට ඇත.
    ණයක මිළ පොළියයි. එම නිසා වෙනත් භාණ්ඩවල මිළ අඩුවනවිට පොළිය අඩුවීම තාර්කික සිදුවීමකි. උද්ධමනය අඩුවන විට පොළී අනුපාත අඩුවීම වෙළඳපොළ ආර්ථීකයක අනිවාර්යයෙන්ම සිදුවේ. උද්ධමනය ගමන් කරන දිශාව සහ ණය වෙළඳපොළේ පොළී අනුපාත ගමන් කරන දිශාව අතර තිඛෙන මෙම සම්බන්ධතාවය 2013 මැද සිට ශ්‍රී ලංකා ආර්ථීකයේ දෘෂ්‍යමාන විය. වාණිජ බැංකු ඔවුන්ගේ ඉතාම විශ්වාසනීය ණයකරුවන්ගෙන් අය කරන පොළිය මැයි 2013 13.89% සිට 2015 පෙබරවාරි මස 6.5% දක්වා අඩුවීම එක උදාහරණයකි. ( වගුව 2, තීරුව (4). බැංකුවක් තවත් බැංකුවකින් ණය ගන්නාවිට ගෙවන පොළිය 12.97% සිට 7.24% දක්වා අඩුවීම තව උදාහරණයකි. (තීරුව 4).
    1 වගුවේ තීරුව (7) එක් එක් නිකුත්ව සඳහා නියමිතවු සාමාන්‍ය පොලී අනුපාතය පෙන්වයි. මෙම පොළිය ගණන් බලා ඇත්තේ රජයට පොළී ආදායමෙන් ගෙවන බද්ධ ඉවත් කළ පසුවයි. එනම් සුද්ද පොළී අනුපාතයයි.
    පෙබරවාරි 27 මහ බැංකුව තැරැව්කාර සමාගම් වලින් පිළිගත් පිළිනපත් ප්‍රමාණයන් විශ්ලේෂණය කිරීමේදී පහත සඳහන් කරුණු හෙළිවේ.

    1 බදූ අඩුකල පසු සාමාන්‍ය පොළී අනුපාතය 11.73% බව මහ බැංකුව වාර්තා කරයි. (සාමාන්‍ය පොළී අනුපාතය 11.5% බව ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මාර්තු 6 නිකුත් කළ නිවේදනය සඳහන් කළ බව අප සිහිපත් කළ යුතුයි. පෙබරවාරි 27 වෙන්දේසියේදී මහ බැංකුව පිළිගත් ඉල්ලුම්පත් සමුහයෙන් අඩුම පොළිය, එනම් 9.35% ගෙවනු ලැබුවේ රුපියල් මිලියන 8.0 සඳහා ලංකා බැංකුව ඉදිරිපත් කළ ඉල්ලුම්පතකටය. එසේම පිළිගත් ඉල්ලුම්පත් වලින් වැඩිම පොළිය වු 12.5% ලැබෙුන්ද රුපියල් බිලියන 3.0 සඳහා එම බැංකුව ඉදිරිපත් කළ ඉල්ලුම්පතකටය.
    2 මහ බැංකුව මුලින් ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 පමණක් මහ බැංකුව ලබාගත්තේනම් එම ණය 10.5% තරමක් අඩු පොළියකට ලබාගැනීමට අවස්ථාව තිබුණි.
    3 මහ බැංකුව රුපියල් බිලියන 3.26 පමණක්, එනම් මුලින් ඉල්ලු ප්‍රමාණය මෙන් තුන් ගුණයකට තරමක් වැඩි ප්‍රමාණයක් ලබාගත්තේනම්, 10.82% සාමාන්‍ය පොළී අනුපාතයකට එම ණයලබා ගැනීමටද අවකාශ තිබිණ.
    4 රුපියල් බිලියන 5.6 ණයක් පමණක් ගත්තේ නම් සාමාන්‍ය පොළී අනුපාතය 11.14% පමණක් වනු ඇත.
    5 පපෙචුඅල් ටේ‍රෂරීස් සමාගම ඉදිරිපත් කළ රුපියල් බිලියන 2.0 මුලු වටිනාකමින් ඇති ඉල්ලුම්පත් හතරක් - රුපියල් මිලියන 250 (11.5%), රුපියල් මිලියන 250 (11.75%) රුපියල් මිලියන 500 (11.99%) සහ රුපියල් මිලියන 1,000 (12.25%) - පෙබරවාරි 27 මහ බැංකුව පිළිගත්තේය. ඊට අමතරව ලංකා බැංකුව ඉදිරිපත් කළ රුපියල් බිලියන 3.0 ඉල්ලුම්පත් පපෙචුඅල් සමාගම වෙනුවෙන් ඉදිරිපත් කළ බව පුවත්පත් වාර්තා කිහිපයකම සඳහන් වී තිබේ. මෙම රුපියල් බිලියන 5.0 එදින ගත් රුපියල් බිලියන 10 ණය අතුරින් ඉහළම පොළි අනුපාතයන් ගෙවු පිළිගත් ඉල්ලුම්පත් ගණයට වැටෙයි.
    11.5% හෝ ඊට වැඩි පොළියක් සහිතව මහ බැංකුව පිළිගත් ඉල්ලුම්පත් වලින් 73.5%ම පපෙචුඅල් ටේ‍රෂරීස් සමාගම සහ ලංකා බැංකුව ඉදිරිපත් කළ ඉල්ලුම් පත් විය.
    ඉහත අංක (2) සහ අංක (3) දක්වන තත්වයන් යටතේ පපෙචුඅල් සමාගමේ එකම ඉල්ලුම්පතක්වත් මහ බැංකුව පිළිගත් ඒවා අතරට නොවැටෙනු ඇත.
    පෙබරවාරි 27 රුපියල් බිලියන 10 පිළිනපත් නිකුතුව නිසා පොළිය වැඩිවී රජයට පාඩුවක් සිදුවු බවට චෝදනාවක් නැගී තිබේ. එම චෝදනාව නිවැරදි බව කිව හැක. මහ බැංකුව මුලින් ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 පමණක් ණයට ගත්තේනම් පොළිය 10.5% ටත් වඩා අඩු වනු ඇත. රුපියල් බිලියන 10ක් ලබාගැනීමෙන් පොළිය 11.73% දක්වා ඉහළ ගියේය. පෙබරවාරි 27 ගත් ණය සඳහා ගෙවු සාමාන්‍ය පොළී අනුපාතයවු 11.73% ඊට පෙර මැයි 2014 නිකුත් කළ 30 අවුරුදු පිළිනපත් සඳහා ගෙවු 11.75% පොළියට සමාන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමින් පෙබරවාරි මස ගෙවු පොළිය සාධාරණීකරනය කිරීමට උත්සහ කළේය. හේතු දෙකක් නිසා අගමැතිවරයාගේ තර්කය සාවධ්‍ය වෙයි. 2014 මැයි මස වෙළඳ පොළේ පොළී අනුපාත 2015 පෙබරවාරි මස අනුපාත වලට වඩා 20% සහ 30% අතර මට්ටමකින් ඉහළ තිබුණි. දෙවනුව, 2014 මැයි මස ණයට ගත්තේ රුපියල් බිලියන 2.0 පමණයි. පසුගිය පෙබරවාරි මස රුපියල් බිලියන 2.0 පමණයක් ණයට ගත්තේ නම් පොළිය 11.00% වඩා අඩු වනු ඇත.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    4) පපෙචුඅල් ටේ‍රෂරීස් සමාගමට විරුද්ධව නැගෙන චෝදනා
    1. පෙබරවාරි 27 පිළිනපත් නිකුතුව පිළිබඳව වෙනත් තැරැව්කාර සමාගම් වලට නොතිබුනු තොරතුරු පපෙචුඅල් සමාගමට ලැබී තිබුණු බවට සැකයක් ඇත. එම තොරතුරු භාවිතා කරමින් රුපියල් බිලියන 10ක පිළිනපත් වෙන්දේසියකට සුදානම්ව සිටි බවද ලංකා බැංකුව මගින් තවත් රුපියල් බිලියන 3 ඉල්ලූමක් කිරීමට සකසා තිබුණු බවද වාර්තා වෙයි.
    2. පපෙචුඅල් සමාගමේ ඉල්ලූම් වඩා ඉහළ පොළියට සකස් කර තිබුණි. මහ බැංකුව අළෙවි කරන්නට සුදානම් බව දැනුම් දී තිබුණේ රුපියල් බිලියන 1.0 පිළිනපත් පමණයි. එසේ වී නම් ඉහළ පොළියට පිළිනපත් ඉල්ලීම නිෂ්ඵල වෑයමකි. එහෙත් මහ බැංකුව රුපියල් බිලියන 1.0ට වඩා විහාල ප්‍රමාණයක් අළෙවි කරන බව පපෙචුඅල් ටේ‍රෂරීස් සමාගම දැන සිටියේ නම් ඉහළ පොළියට ඉල්ලීම තර්කානුකූලය.
    3. පෙබවරවාරි 26 පපෙචුඅල් සමාගම පිළිනපත් විශාල ප්‍රමාණයක් අළෙවි කළ බවට විශ්වාස කරනු ලැබේ. එදින පිළිනපත් වෙළඳ පොළ සිතාගෙන සිටියේ මහ බැංකු පොළී වල වෙනසක් සිදු නොවන බවයි. එහෙත් නොබෝ දිනකින් වෙනසක් වන බව දැන සිටියා නම් පිළිනපත් වහා අළෙවි කිරීමෙන් විශාල ලාභයක් ලැබිය හැක. මක්නිසාද යත්, අප ඉහත කී පරිදි පොළිය ඉහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිළ පහත වැටෙන බැවිනි. මහ බැංකුව 5.00% අඩු පොළිය අහෝසි කළ බව පෙබරවාරි 27 නිවේදනය කළ විට වෙළඳ පොළේ පොළී අනුපාත ඉහළ යාම සහ පිළිනපත් මිළ අඩුවීම ස්භාවිකය.
    4. පිළිනපත් මිළ අඩුවු පසු මාර්තු 2 සඳුදා ආරම්භවු සතියේ පපෙචුඅල් සමාගම නැවතත් පිළිනපත් මිළදී ගැනීමෙන් විශාල ලාභයක් ලබා ගත් බවටද චෝදනා ඇත.
    පරීක‍ෂණය
    ඉහත විග්‍රහය මගින් හෙළිවන තොරතුරු අනුව මෙම සිද්ධිය පිළිබඳව කරන පරීක‍ෂණයේදී පහත සඳහන් කරුණු සොයා බැලිය යුතු වෙයි.
    1. පෙබරවාරි 26 පැවති ඉහළ මට්ටමේ ඇමති/නිලධාරී රැස්වීමේදී රජයට වැඩිපුර මුදල් අවශ්‍ය බව ස්ථිර කළ බව හෙළිවී ඇත. ඒ අනුව රුපියල් බිලියන 10 පිළිනපත් අළෙවි කිරීමට යමෙකු මහ බැංකු අධිපතිට නියෝගයක් කළාද? එසේ නම් කවදාද?
    2 (i) මහ බැංකු මුල්‍ය මණ්ඩලය මහ බැංකු පොළී අනුපාත පිළිබඳව පෙබරවාරි 24 ගත් තීරණය හදිසියෙන් පෙබරවාරි 27 වෙනස් කළේ ඇයි?

    (ii) එම පොළී අනුපාතය වෙනස් කිරීමේ ප්‍රකාශය පෙබරවාරි 27 කළේ රුපියල් බිලියන 10 පිළිනපත් වෙන්දේසිය පැවැත්වීමට පෙරද, එසේත් නැත්නම් පසුවද? මෙම ප්‍රශ්නයට ලැඛෙන පිළිතුර පිළිනපත් වෙළඳපොලට බලපාන ආකාරය අපි ඉහත පෙන්වාදී ඇත.

    (iii) මෙම තීරණය ගත්තේ කව්ද, කවර දිනද, එසේ ගැනීමට හේතුව කුමක්ද, එම තීරණය ප්‍රකාශ කළේ කව්ද, කවර දිනද, කුමන වේලාවේද, කුමන ස්ථානයේද යනාදී ප්‍රශ්න රාශියද මෙම තීරණය ගැනීමේදී මහ බැංකු මුල්‍ය මණ්ඩලයේ ක්‍රියා පටිපාටිය කුමක් වූයේදැයි
    පරීක‍ෂා කළ යුතු වේ.

    3) පෙබරවාරි 27 වෙන්දේසිය විෂයෙහි සොයා බැලිය යුතු කරුණුථ
    (i)පෙබරවාරි 27 වෙනිදාසිට සුදානම් වෙමින් සිටි තැරැව්කාර සමාගම් වලට වෙන්දේසියේ වටිනාකම රුපියල් බිලියන 1.0 සිට 10.0 දක්වා ඉහළ දමන බව දන්වා නොසිටියේ ඇයි?
    (ii) සියලූම තැරැව්කාර සමාගම් ඉදිරිපත් කළ සියලූම ඉල්ලූම්පත් තියුණු පරීක‍ෂණයකට ලක් කළ යුතුයි. බොහෝ සමාගම් රුපියල් බිලියන 1.0 ඉල්ලූමකට සුදානම් වී සිටි අවස්ථාවේදී එක සමාගමක් හෝ අතලොස්සක් පමණක් විශාල ඉල්ලූමකට සුදානම්ව වෙන්දේසියට පැමිණියේ නම් එය සැකකටයුතු වෙයි. එවිට ඔවුන් එසේ සුදානම් වීමේ පදනම පරීක‍ෂා කළ යුතුයි.
    4) පෙබරවාරි 27ට පෙර දින කිහිපයේ සහ පසු දින කිහිපයේ සියලූම තැරැව්කාර සමාගම් පිළිනපත් වෙළඳපොළේ කළ සියලූම ගණුදෙනු ඉතා සැලකිල්ලෙන් පරීක‍ෂා කළ යුතුයි. යම් සමාගමකට වෙනත් සමාගම්වලට නොතිබුණු රහස් තොරතුරු තිබුනාදැයි හෙළිකර ගැනීමට එවැනි පරීක‍ෂණයක් අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත් එවැනි රහස් තොරතුරු දැනගෙන සිටිය සමාගමක් හෝ සමාගම් සෙසු සමාගම් වෙළඳපොළේ හැසුරුනු ආකාරයට වෙනස් අයුරින් හැසිරීමට ඉඩ ඇති බැවිනි.
    පිළිනපත් වෙළඳපොළ් යම් සමාගමකට රහස් තොරතුරු ලැබී තිඛෙන බවට අනෙක් සමාගම් සැක කළහොත් සිදුවන්නේ එසේ තොරතුරු ලබා ඇති බවට සැක කරන සමාගම අනුකරණය කරමින් අනෙක් සමහර සමාගම් පිළිනපත් අළවිය සහ මිළදී ගැනීම කිරීමයි. එම නිසා විකිණීම හෝ මිළට ගැනීම ආරම්භ කළේ කවරෙකු විසින්දැයි ප්‍රවේශමෙන් විමසා බැලිය යුතුයි.
    ඉහත සඳහන් කරුණු සාක‍ෂි මත පරීක‍ෂා කළ යුතුවෙයි එසේම එම පරීක‍ෂණය විවෘත පරීක‍ෂණයක් විය යුතුයි. රහස් පරීක‍ෂණ ඇත්ත යටපත් කිරීමට විනා ඇත්ත එළිදැක්වීමට කරන පරීක‍ෂණයක් නොවනු ඇත. මෙය මෙරට ජනතාව ගන්නා ණය සහ ආපසු ගෙවන ණය පිළිබඳ පරීක‍ෂණයකි. පුද්ගලික ණය පිළිබඳ පරීක‍ෂණයක් නොවේ. එම නිසා ඇත්ත නැත්ත දැනගැනීමට ජනතාවට පරම අයිතියක් මෙන්ම යුතුකමක් ඇත.
    නිගමනය
    මෙරට ඡන්ද දායකයින්ගෙන් බහුතරය ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරා පත්කරගත්තේ යහ පාලනය අපේක‍ෂාවෙනි. අප මෙම ලිපියෙන් විග්‍රහ කළ භාණ්ඩාගාර පිළිනපත් සිද්ධියෙන් ජනතාව අතර යහ පාලනය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවී තිබේ. පිළිනපත් ගණුදෙනුවේදී වංචාවක් සිදු වීදැයි සොයා බැලීම විශේෂයෙන් ජනාධිපති සිරිසේන මහතාගේ පරම යුතුකමකි.
    සාර්ථක බැංකු ක්‍රමයක මුලික කොන්දේසිය විශ්වාසයයි. මෙම සිද්ධිය නිසා මහ බැංකුවේ නව අධිපති කෙරෙහි තිඛෙන විශ්වාසය දෙදරා ගොස් ඇත.
    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිඛෙන පරීක‍ෂණ කමිටුවට මෙම විෂය පිළිබඳ දැනුමක් හෝ අත්දැකීමක් නැත. එපමණක් නොව එහි සාමාජිකයින් තිදෙනා එක්සත් ජාතික පක‍ෂයට සම්බන්ද නම් එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට සමාන වැඩකි. මෙම විෂය පිළිබඳ හොඳ දැනුමක් ඇති කමිටුවක් පත් කිරීම යහ පාලනයට යහපතක්ම වනු ඇත.
    මහ බැංකුවේ අඩුපාඩු සහ දුර්වලතාත්, මෙවැනි ණය වෙළඳ පොළක් පවත්වාගෙන යාමේදී එය පාලනය කිරීමට අවශ්‍ය නීති රීති වල අඩුපාඩුත් මෙම සිද්ධියෙන් අනාවරණය වී තිබේ. ඒවාට පිළියම් යෙදීමද රජයේ වගකීමකි.
    මෙරට මුල් බැසගෙන තිඛෙන දූෂණය එක මැතිවරණ ප්‍රතිඵළයකින් අහෝසි නොවන බවට මෙම සිද්ධිය කදිම සාක‍ෂියකි. අලූත් ආණ්ඩුව දැන් පරණ පුරුදුවලට ඇබ්බැහි වන සලකුණු දිනින් දින වැඩි වැඩියෙන් පෙනේ. රුපියල් බිලියන 10 පිළිනපත් සිද්ධිය එයට මනා නිදසුනකි. එය මීට පෙර මෙරට පැවතුනායැයි කියන දූෂිත දේශපාලන සංස්කෘතිය ආපසු මුල්බැස ගැනීමේ පෙරනිමිත්ක්දැයි ජනතාව අතර සාධාරණ සැකයක් මතුවී ඇත.
     

    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    දැන් advertise බිලියන 1ක් විතරක් ගත්තයි කියල හිතුවොත් ඒක 8.85% ට ලැබෙන්න නියමිතව තිබුනද?අනික මහ බැංකුව කොහෙද කියල තියෙන්නේ 9.5%-10.5% පොලියට ණය ගන්න සුදානම් කියල? මහ බැංකුව කියල තියෙන්නේ 12.5% ට ණය ගන්න සුදානම් කියල මුල ඉඳලම. නිකන් මරාට කඩේ යන පත්තර කාරයෝ පච හෑලි ලිව්වට තේරුමක් නැහැ.:no:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113



    බම්ප්

    බම්ප් ;)

    පැටියා;18663979 said:
    පැහැදිලියි


    Very Good Thread !!!

    REP ++



    නිවාඩු පාඩුවෙ කියවන්නම්
    එතකන් බම්ප්

    :frown::frown::frown::frown:
     

    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    දැන් advertise බිලියන 1ක් විතරක් ගත්තයි කියල හිතුවොත් ඒක 8.85% ට ලැබෙන්න නියමිතව තිබුනද?අනික මහ බැංකුව කොහෙද කියල තියෙන්නේ 9.5%-10.5% පොලියට ණය ගන්න සුදානම් කියල? මහ බැංකුව කියල තියෙන්නේ 12.5% ට ණය ගන්න සුදානම් කියල මුල ඉඳලම. නිකන් මරාට කඩේ යන පත්තර කාරයෝ පච හෑලි ලිව්වට තේරුමක් නැහැ.:no:
    Bump
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ප්‍රශ්නය ගැන ලියපු ගොඩක් සාර්ථක ලිපියක් (http://www.kandynews.net/index.php/551-2015-04-01-05-39-32)
    මේකේ තියෙන වචන තේරෙන්නේ නැත්නම් ඒ ටික පහලින් දමොත් තේරුම් දාන්න පුළුවන් ..
    කියවන්න සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් ,යතා ත්ත්වවය ලියලා තිනවා






    පසුගිය පෙබරවාරි 27 ශ්‍රී ලංකා මහ බැංකුවේ පිළිනපත් නිකුතුව රට පුරා විශාල ආන්දෝලනයකට තුඩු දී ඇත. එම නිකුතුවේ නාමික වටිනාකම රුපියල් බිලියන 10කි. ආයුකාලය අවුරුදු 30කි. සාමාන්‍ය වාර්ෂික පොළී අනුපාතය 11.73%. එම පිළිනපත් අළෙවියේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා නැගී ඇත.

    මෙම ආන්දෝලනය අලූත් රජයේ යහ පාලනයට පහරකි. එම ගණුදෙනුවේ ඇතුල්පැත්ත විග්‍රහ කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වෙයි.
    චෝදනාව
    පපෙචුඅල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) නමැති පුද්ගලික මුල්‍ය තැරැව්කාර ආයතනය මෙම චෝදනාවට මූලික වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා මෙම සමාගමේ ප්‍රධාන කොටස් හිමියකු විය. මෙම පවුල් සම්බන්දය නව මහ බැංකු අධිපතිගේ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු කර ඇත.
    මෙම පිළිනපත් නිකුතුව පිළිබඳ අප තොරතුරු සහ දත්ත ලබාගෙන ඇත්තේ මහ බැංකුවේ සහ ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශන සහ මාධ්‍ය වාර්තා වලිනි.
    මෙම පිළිනපත් නිකුතුව සම්බන්ධයෙන් නැගෙන හෝ නැගිය හැකි චෝදනා සහ ප්‍රශ්න පහත සඳහන් ලෙස ගොනු කර දැක්විය හැක.
    1. මහ බැංකුව මුලින් පිළිනපත් වෙළඳපොලින් ඉල්ලා සිටියේ රුපියල් බිලියන 1.0 ණයකි. එහෙත් එසේ ඉල්ලා දින කිහිපයකට පසු පෙබරවාරි 27 වෙන්දේසියේදී මහ බැංකුව රුපියල් බිලියන 10.0 පිළිනපත් පිළිගත්තේය. මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දස ගුණයක් ලබාගැනීමට හදීසියෙන් තීරණය කළේ ඇයිද යන ප්‍රශ්නය මතුවෙයි.
    2. වඩා කෙටි කාලයකට ණය නොගෙන අවුරුදු 30 තරම් දීර්ඝ කාලයකට ණය ගැනීම අත්‍යාවශ්‍යද නැතිද යන්න දෙවෙනි ප්‍රශ්නයයි.
    3. මහ බැංකුව මෙම පිළිනපත් නිකුත් කරන බව ප්‍රකාශ කරන විට ඉඟි කළ පොළී අනුපාතයට වඩා ඉහළ පොළී අනුපාතයකට පිළිනපත් නිකුත් කිරීමෙන් රජයට අත්‍යාවශයෙන් දැරිය නොයුතු පොළී බරක් භාරගැනීම තෙවැනි ප්‍රශ්නය වෙයි.
    4. පිළිනපත් නිකුත්වීමට පෙරද නිකුත් කළ අවස්ථාවේදීද නිකුත් කළ පසුවද පපෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ක්‍රියා කලාපය සලකා බලන විට එම සමාගමට වෙළඳ පොලේ අනෙක් සමාගම් වලට නොතිබුනු දැනුමක් මෙම පිළිනපත් සම්බන්ධයෙන් තිබුනාදැයි සැක කිරීමට සාධාරණ හේතු ඇත.
    අප ඉහත සඳහන් කරුණු හතර අනුපිළිවෙලින් විග්‍රහ කරමු. එහෙත් ඊට පෙර මෙම ගැටලුවට සම්බන්ද ආර්ථික පසුබිම සහ රාමුව සැකවින් සලකා බැලීම ප්‍රයෝජනවත් වේ.

    http://www.kandynews.net/index.php/551-2015-04-01-05-39-32



    රනිල්-අර්ජුන් කපෝතියි.! බැදුම්කර මගඩිය කෝප් කමිටුවේදී තහවුරුවෙයි.! පාඩුව බිලියන 1‍.6ක්.!

    පසුගිය කාලය තුල මහත් ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රීලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ කෝප් කමිටුව හමුවේ එහි සියළු තොරතුරු අනාවරණය වී ඇත. විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයට අනුව අද දින කෝප් කමිටුවට අදාල තොරතුරු ලැබී ඇත. එම වාර්තාවට අනුව 2015 පෙබරවාරි 27 දින බැදුම්කර නිකුතුවේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 889,358,050 ක ඇස්තමේන්තුගත අවාසිය සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 784,898,755ක ඇස්තමේන්තුගත අවාසිය යන දෙකෙහිම එකතුව රුපියල් 1,674,256,805 ක ඇස්තමේන්තු ගත අවාසිය වලක්වාගැනීමට කටයුතු නොකිරීම පිළිබදව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිවයුතු බව මේ අනුව තහවුරු වී ඇත.

    විශේෂයෙන්ම මෙම පරීක්ෂණය විගණකාධිපතිවරයා සිදුකර ඇත්තේ ඔහුට පැවරී ඇති බලතල හා විෂය සීමාව තුල වන අතර ඉන් ඔබ්බට සාපාරාධී හෝ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී කටයුතු මහබැංකුව තුල සිදුවී තිබේ නම් ඒවා මෙම පරීක්ෂාවට හසු නොවන හෙයින් එවැනි පරීක්ෂාවක් සම්බන්ධයෙන් විශේෂිතවූ ආයතනයන්හි සහය ලබාගෙන එය සිදු කිරීම සුදුසු බවට විගණකාධිපතිවරයා තහවුරු කොට ඇත.

    තව සෝදමු පුටා... බැදුම්කර හොරකමක් උනේ නෑ... නෑ... නෑ......මයි....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ප‍්‍රාකෝටි ගණනක මෙගා ඞීල් මාට්ටුයි.. මෙන්න විගණකාධිපති වාර්තාවෙන්…


    අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රි ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටි කාලයේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව හේතුවෙන් අක‍්‍රමකිතා වුයේ දැයි නිරීක්‍ෂණය කරමින් විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබා දී ඇති වාර්තාවේ කොටස් කිහිපයක් අන්තර්ජාලයේ පලවෙමින් තිබේ.


    මේ එම කොටස්ය.


    0013ca60.jpg

    00250397.jpg


    003da2f5.jpg
     

    Similar threads