ආර්ථික ලිපි මෙගා ට්‍රේඩ්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික ලිපි මෙගා ට්‍රේඩ්

    මේ දක්වා අන්තර්ජාලය තුල පළවූ වැදගත් ආර්ථික විද්‍යා ලිපි හා තොරතුරු ඔබට ලබා දීම මෙහි අරමුනයි ඔබටත් මෙවැනි ලිපියක් ලැබුනොත් මෙහි පල කරන්න ,දැනට මා දුටු හොද ලිපි පෙළක් ඔබට ඉදිරිපත් කරනවා

    මේ ලිපි කියවීමේදී නොදන්නා වචන වල අරුත් පැහැදිලි කරන්න පුළුවන් ,ඔබට ඕනේ නම් ඒවා පොස්ට් එකක් මගින් දක්වන්න
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්‍යාව යනු, අරපිරිමැස්මේ විද්‍යාවයි.මෙමඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරේ. ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවීම ඇරඹෙන්නේ 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟය.
    ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත.

    "ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි."
    ඇඩම් ස්මිත්

    "ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි."
    ජේ.බී.සේ

    "ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි."
    ඩබ්.ඒ.වෝකර්

    නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි.

    "ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි."
    ඇල්ප්‍රඩ් මාෂල්

    නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි.

    ආශ්‍රිත ග්‍රන්ථ:- පටබැඳිගේ ආනන්ද,(1998),ආර්ථික විද්‍යාව,පුබුදු මුද්‍රණ ශිල්පියෝ,මාකොළ

    ආර්ථික විද්‍යාව යනු
    ආර්ථික විද්‍යාව මඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරෙ. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත. 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟ ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවිය.

    "ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි."
    ඇඩම් ස්මිත්

    "ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි."
    ජේ.බී.සේ

    "ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි."
    ඩබ්.ඒ.වෝකර්

    නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි.

    "ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි."
    ඇල්ප්‍රඩ් මාෂල්

    නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි.




    http://siphala.blogspot.com/

    ආර්ථික විද්‍යාව යනු
    ආර්ථික විද්‍යාව මඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරෙ. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත. 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟ ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවිය.

    "ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි."
    ඇඩම් ස්මිත්

    "ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි."
    ජේ.බී.සේ

    "ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි."
    ඩබ්.ඒ.වෝකර්

    නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි.

    "ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි."
    ඇල්ප්‍රඩ් මාෂල්

    නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි.


    http://www.myschool.lk/%E0%B6%BD%E0%...%E0%B7%94/MTQ1


    ආර්ථික විද්‍යාව - 1වන කොටස (ආර්ථික විද්‍යාව හැදින්වීම)

    ආර්ථික විද්‍යාව මුල ඉදන් පටන් ගමු



    ඔන්න අපි ආර්ථික විද්‍යාව පලවෙනි පාඩම පටන් ගන්න යන්නේ.මම කලිනුත් කිව්වා වගේ ඔයා econ මුකුත්ම දන්නෙ නැති උනත් කමක් නැ.අද ඉදන් එකතු වෙන්න අපිත් එක්ක. මුල ඉදන් සරලව ඉගෙන ගමු. ලස්සනට හෙමිට ඔලුවට දාගමු.මුලින්ම කියන්න ඕනේ ලොකු විෂයක් වගේ පෙනුනට කිසිම අමාරුවක් නැ.අපේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක එකතු කරගෙන ඉගෙන ගන්න පුළුවන්.එතකොට කිසිම අමාරුවක් නැ.
    ආර්ථික විද්‍යාව ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද ආර්ථික විද්‍යාව කියන්නේ කියල.
    මේක ගැන විවිධ ආර්ථික විද්‍යාඥයෝ විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනව.ඒ නිර්වචන ප්‍රධාන කොටස් 2කට බෙදන්න පුළුවන්.අපි බලමු එහෙනම් ඒ මොනවද කියල.

    • විෂය ක්ෂේත්‍රය අවධාරණය කරන නිර්වචන
      2 ක්‍රමවේදය අවදාරණය කරන නිර්වචන කියල කොටස් දෙකක් තියෙනව.

      දැන් අපි හෙමින් සැරේට බලමු මොනවද මේ කියන කුණුහරප වගේ ඒවා කියල. :D .


      විෂය ක්ෂේත්‍රය අවදාරණය කරමින් සකසන ලද නිර්වචන

      මේකෙදි කියන්නේ යාලුවනේ ආර්ථික විද්‍යාව කියන්නේ සීමා සහිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුල මිනිසාගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීමේදී නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිබෝජනය කියන ක්ෂේත්‍ර වලදී මිනිසා හැසිරෙන ආකාරය විග්‍රහ කිරීමට සුවිශේෂී වශයෙන් යොමු උන විෂයක් කියලි.


      සරලවම කිව්වොත් මිනිස්සුගේ අසීමිත උවමනා හා සීමිත සම්පත් අතර ඇති වෙන හිගය ගැන ....

      ඇල්ෆ්‍රඩ් මාර්ෂල්



      එදිනෙද ව්‍යාපාරික ජීවිතයේ දී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යනය කරනු ලබන විෂයි.

      ලයනල් රෝබින්සන්



      විකල්ප භාවිත් සහිත හිග සම්පත් හා මිනිස් වූවමනා අතර පවතින සම්බන්දතාවේදී මිනිස් හැසිරීම් අධ්‍යනය කෙරෙන විද්‍යාවයි.

      පොල් සැමුවෙල්සන්



      සමාජය විසින් ඵලදායි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සදහා හිග සම්පත් භාවිත කරනු ලබන්නේ කෙසේද , එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද , යන්න අධ්‍යනය කරනු ලබන විෂයකි.

      ක්‍රමවේදය අවධාරණය කරනු ලබන නිර්වචන

      මේකෙන් අධ්‍යනය කරන්නේ යාලුවනේ විෂය ක්ෂේත්‍රය තුල සලකා බැලෙන ප්‍රශ්න කෙරෙහි නොව ,එකී ප්‍රශ්න විග්‍රහ කිරීමට භාවිතා කෙරෙන ක්‍රමවේදය හා ශිල්ප ක්‍රමය කෙරෙහිය.


      ඒ කියන්නේ යාලුවනේ මේකෙදි කතා කරන්නේ ප්‍රශ්නේ ගැන නෙමෙයි ප්‍රශ්නෙට විසදුම් හොයන හැටි ....
      ජෝන් මෙනාඩ් කේන්ස්

      මොහු කියන විදිහට ආර්ථික විද්‍යාව වූ කලි කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් හෝ නොව නිවැරදි නිගමන කරා එලබීමට මනසට ආධාරකයක් සපයන මෙවලම් කට්ටලයකි.




      ඒ කියන්නේ යාලුවනේ මේ ආර්ථික විද්‍යාව කිසියම් ප්‍රශ්නයක් විග්‍රහ කරන්න , කිසියම් විෂයක් සදහා ගොඩ නගල ඇති දෙයක් නෙමෙඉ.මේක මතවාදයක් හෝ දරෂනයකුත් නෙමෙඉ. එහෙනම් මොකක්ද මේ????


      මෙය මිනිසා අලුත් ක්‍රමයට සිතන්න සිතන්න යොමු කරන, සිතීමට ආදරයන් සපයන විදි ක්‍රමයක්.මෙය නිවැරදි නිගමන වලට එලබෙන්නට මනසට ආදරක සපයන දෙයක්..

      හරි යාලුවනේ.ඔන්න අපි ආර්ථික විද්‍යාව ගැන එකේ එක විද්‍යාඥයෝ එයාලගේ මත ඉදිරිපත් කරපු හැටි බැලුවා. දැන් ඉතින් ඔය ඔක්කොම මතක තියාගන්න අමාරු නිසා මම දෙන්නම් ආර්ථික විද්‍යාව ගැන පොදු නිර්වචනයක්.

      ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් මිනිසාගේ අසීමිත වුවමනා අතර කාර්යක්ෂමව බෙදා හරින්නේ කෙසේද යන්න හදාරන විෂයයි .

    • හරි අපි දැන් පහල තියෙන රූප සටහන බලමු.
      .
      හරි අපි දැන් හෙමින් සැරේ බලමු මේසටහනට අනුව මොකක්ද මේ කියල තියෙන්නේ කියල.

      ආර්ථික විද්‍යාව විද්‍යාවක්....

      ආර්ථික විද්‍යාවේදී ආර්ථික ගැටළු විසදා ගැනීම සදහා විද්‍යාත්මක ක්‍රමවේද යොදා ගන්නා නිසා එය විද්‍යාවක් ලෙස හදුන්වයි .

      ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවක්....

      සමාජය පර්යේෂණාගාරය කොට ගනිමින් සමාජය තුළ සිටින මිනිසාගේ ආර්ථික හැසිරීම් රටාව අධ්‍යනය කරන බැවින් එය සමාජයීය විද්‍යාවකි.වඩාත් ප්‍රයෝගික ලෙස යොදාගත හැකි වීම නිසා ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවන් අතර අග රැජින ලෙසද හදුන්වි.

      ආර්ථික විද්‍යාව තේරීම පිළිබද විද්‍යාවක්...

      සමාජය තුළ සිටින කුටුම්බ,ව්‍යාපාර,රජය සහ වෙනත් සංවිධාන විවිද තේරීම් කරනු ලබන ආකාරයත්,එම තේරීම් තුලින් සමාජයේ සීමිත් සම්පත් උපයෝජනය වන ආකාරයත් අධ්‍යනය කරන බැවින් එය තේරීම පිළිබද විධ්‍යවකි.




      උඩ තියෙන ටික පාඩම් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයි .

      ආර්ථික විද්‍යාවේ සුවිශේෂී උපකල්පන 2ක් ......
    • සියලු දෙනා ස්වාර්ථය උදෙසා තාර්කිකව කටයුතු කරන බව.
    • තීරණ ගැනීමේදී ආන්තික පිරිවැය , ප්‍රතිලාභ තුලනය කරා තීරණ ගන්නා බව

    අපි දැන් බලමු මොකක්ද මේ ස්වාර්ථය කියල...
    ස්වාර්ථය

    ස්වාර්ථය උදෙසා තාර්කිකව ක්‍රියා කිරීම කියල අපි උඩ දී කතා කරේ යාලුවනේ විවිද විකල්ප අතුරෙන් තේරීම් කිරීමේදී තමාට වැඩිම තෘප්තියක් ලබා දෙනා තේරීම කරනව කියන එක.


    අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමි යාලුවනේ ස්වාර්ථය කියන්නේ ආත්මාර්ථකාමී බව නෙමෙඉ කියන එක..


    සරලව කිව්වොත් යාලුවනේ ස්වාර්ථය කියන්නේ අපිට විකල්ප කිහිපයක් අතරෙන් තේරීමක් කරන්න සිද්ද උනොත් ඒ වෙලාවේදී අපි තෝරාගන්නේ වෙන කුවුරුත් කැමති දේ නෙමෙඉ. අපි වැඩිපුරම කැමති දේ කියන එකී.



    මිනිස් අවශ්‍යතා හා වුවමනා

    අවශ්‍යතා

    අවශ්‍යතාවක් කියන්නේ යාලුවනේ සෑම පුද්ගලයෙක් විසින්ම අනිවාර්යෙන් සපුරා ගත යුතු කායික හා මානසික තත්වයන් වලට.
    මේවා අපිට ප්‍රදාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

    • භෞතික අවශ්‍යතා - ආහාර, වස්ත්‍ර , වාසස්ථාන
    • මානසික හා සමාජයීය අවශ්‍යතා - ආරක්ෂාව, ආත්ම අභිමානය ,ගෞරවය, ආදරය,

    වුවමනා

    අපි උඩ දී කතා කරපු අවශ්‍යතා සපුරා ගන්න විවිද ස්වරූප තමි යාලුවනේ වුවමනා කියන්නේ.


    උදාහරණයක් විදිහට ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න විවිද ස්වරූප තමයි බත්,පාන්,ඉදි ආප්ප කියන්නේ.
    http://eazyalevelz.blogspot.com/2014/07/part-2.html

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    ආර්ථික විද්යාව අර්ථ දැක්වීම | වෘත්තීය & රැකියා අවස්ථා
    මුල් පිටුව » ආර්ථික විද්යාව



    ආර්ථික විද්යාව යනු කුමක්ද?

    සරලව ප්රකාශ, ආර්ථික විද්යාව භාණ්ඩ නිෂ්පාදනය හා පරිභෝජනය පිළිබඳ අධ්යයනය සහ එම භාණ්ඩ නිෂ්පාදනය හා ලබා ගැනීම සඳහා ධනය මාරු වේ. එය ජනතාව යම් යම් ඉලක්ක ඔවුන්ට අවශ්ය දේ ලබා දීමෙන් හෝ ඉටුකර ගැනීමට වෙළෙඳපොළ තුළ ක්රියාකරන ආකාරය පැහැදිලි වෙනවා. ආර්ථික විද්යාව මානව වන අන්තර් ක්රියාවල ගාමක බලවේගය, ඒ නිසා අධ්යයනය මිනිසුන් සහ රජයන් විශේෂයෙන් ක්රම හැසිරිය ඇයි එය බොහෝ විට හෙළි කරයි.
    ජනතා බොහෝ විට ඔවුන්ගේ සුභසාධනය සහ සුබසිද්ධිය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ සම්පත් භාවිතා. යහපැවැත්ම ඔවුන්, නිෂ්පාදන සහ සේවාවන් දිනා තෘප්තිය ඇතුළත්, ක්රීඩා සහ පවුලේ අය සමඟ ගත කරන කාලය, රැකියා ප්රජාව මෙන්ම, රජය විසින් ලබා දී ඇති අතර ආරක්ෂක හා සේවා.
    කෙටියෙන්, ආර්ථික විද්යාව ශ්රම අධ්යයන ඇතුළත්, ඉඩම්, ආයෝජන, මුදල්, ආදායම්, හා නිෂ්පාදන, බදු හා බදු සහ රජයේ වියදම්. මේ අනුව විවිධ ආර්ථික විද්යාඥයින් යහපැවැත්ම මැන, එය කාලයත් වැඩි විය හැකි ආකාරය ගැන දැනගැනීම සඳහා, හා දුප්පත් පොහොසත් යහපැවැත්මේ ඇගයීමට. ආර්ථික විද්යාව වඩාත්ම සුප්රසිද්ධ පොත "යනුජාතීන්ගේ ධනය ස්වභාවය හා හේතූන් සම්බන්ධ පරීක්ෂණ", ඇඩම් ස්මිත් විසින් ලියා ඇති. පුද්ගලයින් හැසිරීම වැදගත් වුවත්, ආර්ථික විද්යාව ද ව්යාපාර සාමූහික හැසිරීම් වාර්තා, කර්මාන්ත, ආන්ඩු හා රටවල්. සුක්ෂම ආර්ථික පුද්ගලයන් තීරණ ආකාරය ගැන කල්පනා කරයි. අනෙක් අතට සාර්ව ආර්ථික විද්යාව, සමස්ත ප්රතිඵල සලකන. මෙම දෙකක් මත වාදයන් බොහෝ ආර්ථික සංසිද්ධි තේරුම් අත්යවශ්ය වේ.
    ආර්ථික වෘත්තීය

    ආර්ථික විද්යාව පිළිබඳ උපාධියක් බොහෝ වෘත්තීය විකල්ප බවට විය හැක. පශ්චාත් උපාධි සාමාන්යයෙන් අවශ්ය වේ වෘත්තීය ආර්ථික විද්යාඥයෙකු වීම සඳහා. උපාධි පසු ආර්ථික සිසුන් බහුතරයක් බැංකු වැනි විවිධ ක්ෂේත්රවල රැකියා ලබා, ගණකාධිකරණ, බදු උපදෙස්, ආයුගණක වැඩ, රක්ෂණ සහ වෙළෙඳ ආදිය.
    ඉදිරිපත් විවිධ රැකියා තනතුරු


    • පරිසර ඉකොනොමිස්ට්
    • පර්යේෂණ විශ්ලේෂක - ආර්ථික විද්යාව
    • ප්රතිපත්ති ඉකොනොමිස්ට්
    ඉකොනොමිස්ට් ආර්ථික ප්රවණතා පර්යේෂණ හා විශ්ලේෂණය කරන අතර,, ගැටළු හා දත්ත. අනතුරුව ඔහු අනාවැකි නිෂ්පාදනය කිරීමට මෙම පර්යේෂණ භාවිතා & වාර්තා. මෙම සමාගම් වැනි, පොහොර සහණාධාර ගනුදෙනුකරුවන් සඳහා පදනම ලෙස ආකාර වාර්තා, මූල්ය ආයතන, & පොදු මළ සිරුරු. මෙම ප්රතිපත්ති හෝ උපාය මුල්ව භාවිතය සඳහා ආර්ථික ඔවුන්ට තොරතුරු ලබා උපකාර.
    ආර්ථික විද්යාව සඳහා හාම්පුතුන්


    • රාජ්ය සේවා
    • ආයෝජන බැංකු
    • රක්ෂණ සමාගම්
    • කොටස් තැරව්කාර
    • උපෙද්ශන
    • නිෂ්පාදන & වාණිජ සමාගම්
    • පළාත් පාලන ආයතන
    • ජාත්යන්තර සංවිධාන
    • විශ්ව විද්යාල.
    ආර්ථික විද්යාව සඳහා අධ්යාපන සුදුසුකම්

    උපාධි: ආර්ථික විද්යාව පිළිබඳ උපාධියක් සාමාන්යයෙන් අවශ්ය.
    පශ්චාත් උපාධි අධ්යයනයක්: ආර්ථික පශ්චාත් උපාධි නිර්දේශ.
    ක ද ඉකොනොමිස්ට් නිපුණතා අවශ්යතා


    • ආර්ථික විද්යාව සංකල්ප හා මූලධර්ම පිළිබඳ අවබෝධයක් ලබා
    • ආර්ථික න්යාය හා ආකෘති නිර්මාණය ප්රවේශයන් පිළිබඳ අවබෝධය
    • ප්රමාණාත්මක ක්රම ප්රවීණතාව
    • සන්නිෙව්දන සහ අන්තර් කුසලතා
    • විශ්ලේෂණ හැකියාවන්
    ආර්ථික විද්යාව මූලික කරුණු

    ආර්ථික විද්යාව අධ්යයනය කිරීමට, අප පළමුව සංකල්පය තේරුම් ගත යුතු වෙනවා

    • හිඟකම
    • සුක්ෂම ආර්ථික හා සාර්ව ආර්ථික විද්යාව.
    • ඉල්ලුම සහ සැපයුම
    • ඒකීය නම්ය ඉල්ලුමක් ඇති
    • උපයෝගිතා
    1. හිඟකම

    හිඟකම සීමිත සම්පත් හා අසීමිත වුවමනාකම් සහ අවශ්යතා අතර ආතතිය යොමු. පුද්ගලයකු සඳහා සම්පත් කාලය ඇතුළත් විය හැකිය, මුදල් හා නිපුණතා. රටක් සඳහා ඇති ෙහයින්, සීමිත සම්පත් මැයි ස්වාභාවික සම්පත් ඇතුළත්, ප්රාග්ධන, ශ්රම බලකාය හා තාක්ෂණය. සම්පත් සියල්ල අපගේ යාච්ඤා සියලු සාපේක්ෂව සීමා වන නිසා, පුද්ගලයන් සහ ජාතීන් ඔවුන් මිලදී ගත හැකි දේ භාණ්ඩ හා සේවා මත තීරණය කිරීමට ඇති අතර ඔවුන් පූජා යුතු අය. ඒ නිසා ජනතාව හා ආර්ථිකයන් ඔවුන්ගේ සම්පත් බෙදා හැරීමට ආකාරය තීරණ යුතුය.
    2. සාර්ව හා ක්ෂුද්ර ආර්ථිකය

    සාර්ව හා ක්ෂුද්ර ආර්ථිකය ආර්ථිකය නිරීක්ෂණය කරන සිට මේ දෙක වේ.
    සාර්ව ආර්ථික විද්යාව ජාතියේ සමස්ත නිමැවුම් සලකන. එය ජාතීන් ඉඩම් ඔවුන්ගේ සීමිත සම්පත් වෙන් ආකාරය සලකා බලයි, අනාගත පරපුර සඳහා වෙළඳ හා වර්ධනය කිරීම දිරිගැන්වීම සඳහා නිෂ්පාදන මට්ටම උපරිම උත්සාහයක් ලෙස ශ්රමය සහ ප්රාග්ධනය. සාර්ව ආර්ථික විද්යාව තුල මැනෙවින් ලබන ප්රධාන විෂයයන් කිහිපයක්:

    • දිගු කාලීන ආර්ථික වර්ධනය
    • ව්යාපාරික සයිකල්
    • උද්ධමනය
    • ගෝලීය ආර්ථික සම්බන්ධතාවය
    • සාර්ව ආර්ථික ප්රතිපත්ති
    සුක්ෂම ආර්ථික සැසඳිය ගැටළු සොයා බලයි, නමුත් පුද්ගලයන් සහ සමාගම් මට්ටම මත. එය එහි ප්රවේශය තුල වඩාත් විද්යාත්මක වීමට inclines. පුද්ගලයන් සහ සමාගම් මිල වෙනස් ප්රතිචාරය සුක්ෂම ආර්ථික අධ්යයන.
    3. ඉල්ලුම සහ සැපයුම

    ඉල්ලුම සහ සැපයුම වෙළෙඳපොළ ආර්ථිකයේ කොඳු නාරටියයි වන අතර සමහර විට ආර්ථික අතිමූලික සංකල්ප එකක්.
    ඉල්ලුම භාණ්ඩයක් හෝ සේවාවක් ප්රමාණය මිලදී ගන්නන් විසින් අපේක්ෂිත කොපමණ අදහස්ෙව්. ඉල්ලුම් ප්රමාණය ජනතාවට යම් මිලකට මිලදී ගැනීමට සූදානම් වේ නිෂ්පාදනයක් ප්රමාණය වේ. මේ අනුව සම්බන්ධතාවය මිල හා ඉල්ලුම් ප්රමාණය අතර සම්බන්ධය ඉල්ලා අදහස්ෙව් ඉල්ලා.
    සම්පාදන වෙළෙඳපොළ පූජා කළ හැකි කොපමණ සනිටුහන්. සපයා ප්රමාණය ඒ සඳහා යම් මිල ලබමින් සිටියදී නිෂ්පාදකයන් සැපයීමට කැමැත්තෙන් සිටින බව එම භාණ්ඩ ප්රමාණය හා එයින් ඔබ්බෙහි. මිල හා කොපමණ හොඳ වෙළඳපළ නොලද අතර ඇති සම්බන්ධතාවය සැපයීම සම්බන්ධතාවය ලෙස හැඳින්වේ. ඒ නිසා මිල ඉල්ලුම හා සැපයුම කැඩපතක් රූප වේ.
    වෙළඳපොල ආර්ථිකය න්යායන් දී, ඉල්ලුම සහ සැපයුම න්යාය හැකි වඩාත් ඵලදායී ක්රමයක් ලෙස සම්පත් බෙදා දෙන. ඉල්ලීම නීතිය හා සැපයුම් නීතිය උපකාරයෙන් මේ බව වටහා දෙන්න.
    1) ඉල්ලුම් නීතියට

    බව ඉල්ලුම ජනපදයේ නීතිය, වෙනත් සියලු සාධක සමාන සිටිනවා නම්, භාණ්ඩයක මිල වැඩි වන, අඩු ජනතාව බව හොඳ ඉල්ලුමක් ඇත. මිල ඒ අනුව ඉහළ, ඉල්ලුම් ප්රමාණය අඩු. ගැනුම්කරුවන් වැඩි මිලට ලබා බවට හොඳ ප්රමාණය අඩු වේ. භාණ්ඩයක මිල ඉහළ යන හෙයින් මෙය වේ, එසේ යහපත් මිලදී ගැනීමේ අවස්ථාව වියදම කොපමණ වේද.
    2. සම්පාදන නීතිය

    සැපයුම් නීතිය යම් මිලකට අලෙවි කරන බවට තහවුරු ප්රමාණ. සැපයුම් සම්බන්ධතා ඉහලට බෑවුම පෙන්වීමට සමාධිගත කිරීම. අවසානයේ සඳහා ඉහළ මිල ගණන් අදහස්, සපයා ප්රමාණය ඉහළ. නිෂ්පාදකයන් වැඩි මිල වැඩි සැපයීමට. වැඩි මිලට වැඩි ප්රමාණය අලෙවි ආදායම වැඩි බැවින් මෙය වේ.
    4. ඒකීය නම්ය ඉල්ලුමක් ඇති

    ඒකීය නම්ය ඉල්ලුමක් ඇති ඉල්ලූම හෝ සැපයුම් වක්රය මිල වෙනස්විමට ප්රතික්රියා ලද උපාධි වේ. සමහර නිෂ්පාදන අනෙක් ඒවාට වඩා පාරිභෝගිකයාට වඩාත් අත්යාවශ්ය විය හැකි නිසා එය ඉල්ලුම් නම්යතා නිෂ්පාදන අතර වෙනස් වේ බව ද සැලකිය යුතු ය. ප්රමාණය තියුනු වෙනසක් එහි මිල පොලවල සුළු වෙනසක් ඉල්ලා හෝ සපයා විට හොඳ හෝ සේවා ඉතා ඉලාස්ටික් ලෙස සැලකේ. ක අනම්ය, යහපත හෝ සේවා මිල සාක්ෂි තුළ බල හෝ සැපයූ ප්රමාණය පමණක් සුළු වෙනස්කම් වෙනස් කරන එක වන ෙහයින්ද.
    සැපයීම හෝ ඉල්ලුම් වක්ර වන ඉල්ලුම් නම්යතාවය තීරණය කිරීම සඳහා සූත්රය වේ-
    ඒකීය නම්ය ඉල්ලුමක් ඇති = (% ප්රමාණය වෙනස් / % මිල වෙනස්)
    5. උපයෝගිතා

    මුළු උපයෝගීතා භාණ්ඩ ෙහෝ ෙසේවා දී ඇති මුදල පානය සිට පුද්ගලයකු ජයග්රහන බව තෘප්තිය හෝ ප්රතිලාභ සමස්ත මුදලක් වේ. පුද්ගලයෙකුගේ මුළු උපයෝගීතා ප්රමාණය පරිභෝජනය සඳහා වූ හෝ උපෙයෝගිතා පුද්ගලයෙකුගේ මට්ටමේ තරඟ. පුද්ගලයා පරිභෝජනය වැඩි වැඩියෙන්, විශාල ඔහු සිය සම්පූර්ණ උපයෝගීතාව. ආන්තික උපයෝගීතාවය අතිරේක තෘප්තිමත්, උපයෝගීතා හෝ ප්රමාණය, පරිභෝජනය එක් එක් අතිරේක ඒකකය දක්වා ලබා.
    6. ඒකාධිකාරී, කතිපයාධිකාරයන් අස්වාමික කොට ඒවා හා පරිපූර්ණ තරගය

    ඒකාධිකාරයක් එකම නිෂ්පාදකයා හෝ නිෂ්පාදනයක් සඳහා විකුණන්නා පවතින වෙළෙඳපොළ ව්යුහය වේ. වෙනත් විදිහකින්, එය තනි ව්යාපාර කර්මාන්තය. ඒකාධිකාරය වෙළෙඳපොළ ඇතුලුවීම හේතුවෙන් ඉහළ පිරිවැය හෝ වෙනත් බාධා කිරීම දුෂ්කර කාර්යයක්, කරන ලද ආර්ථික විය හැකිය, සමාජ හෝ දේශපාලන. නිදර්ශන- සෞදි අරාබියේ දී ආණ්ඩුව තෙල් කර්මාන්තය යන පාලනය කර. සමාගමක් වෙළෙඳපොළ ඇතුල් අන් අය වීම වළකයි ප්රකාශන අයිතිය හෝ පේටන්ට් ඇත විට ඒකාධිකාරය ද මතු විය හැකි.
    ක oligopoly දී, කර්මාන්තය පිහිටුවීමට කරන කිහිපයක් සමාගම් හෝ ක්රීඩකයන් පමණක් වේ. සමාගම් මෙම පාර්ලිමේන්තු තේරීම් පොකුරු මිල පාලනය කර. එසේම, oligopoly ප්රවේශය සඳහා උසස් බාධක ඇති.
    බොහෝ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් පවතින විට පරිපූර්ණ තරගය මතු, ස්වභාවය තුල සමාන වන අතර එහි ප්රතිඵලයක් ලෙස බොහෝ ආදේශක ඔවුන් සඳහා ලබා ගත හැකි වන නිෂ්පාදන. පරිපූර්ණ තරගය දී ප්රවේශය කිහිපයක් බාධක නොමැති හා මිල ගණන් ඉල්ලුම හා සැපයුම විසින් තීරණය වේ.
    කොටස් වෙළෙඳපොළ ආයෝජනය දී සහාය වන වැදගත් ආර්ථික විචල්යයන්


    • උද්ධමනය
    • පොලී අනුපාතික
    • රාජ්ය මූල්ය ප්රතිපත්ති
    • මූල්ය ප්රතිපත්ති

    • උද්ධමනය
    උද්ධමනය මිල සාමාන්ය මට්ටම ඉහළ යාම සනිටුහන්. එය වසරක කාලයක් පුරා සාමාන්ය මිල වැඩිවීමේ වේගය සඳහන්. උදාහරණයක් වශයෙන්, වත්මන් උද්ධමනය නම් 6%, එය සාමාන්ය මිල මට්ටම වැඩි වී ඇත යන්නයි 6% අන්තිම එක වසර පුරා.
    උද්ධමන අනුපාතය මැනීම සඳහා, පහත සඳහන් වන සුත්රය භාවිතා කරයි:
    X වර්ෂය උද්ධමනය අනුපාතය =
    [( Px - ලෙස px-1 ) / (Px-1 )] * 100කොහෙද:
    X වර්ෂය සඳහා px = මිල දර්ශකය.
    පසුගිය වසරේ px-1 = මිල දර්ශකය.
    2. පොලී අනුපාතික
    පිදීය ​​හෝ ලබාගත් ප්රමාණය විදුහල්පති ලෙස හැඳින්වේ. පොලී අනුපාතය විදුහල්පති පතිශතයක් හා වාර්ෂික කොන්දේසි ප්රකාශ වන්නේ. ණය කරුවෙකුට ඉදිරිදර්ශනය සිට, පොලී අනුපාතය ප්රාග්ධන පිරිවැය වේ.
    පහත සඳහන් කරුණු ආර්ථිකයක පොලී අනුපාත බලපානු:

    • මූල්ය ප්රතිපත්ති
    • ආර්ථිකය වර්ධනය
    • උද්ධමනය
    • ගෝලීය ද්රවශීලතා
    • අස්ථාවරත්වය
    3. රාජ්ය මූල්ය ප්රතිපත්ති
    රාජ්ය මූල්ය ප්රතිපත්ති සාර්ව ආර්ථික තත්ත්වයන් බලපෑම් කළ හැකි වන රාජ්ය වියදම්, ප්රතිපත්ති. මෙම ප්රතිපත්තිය මගින්, නීති විරැකියා අනුපාතයන් වැඩි දියුණු කිරීම සඳහා උත්සාහ, පාලනය උද්ධමනය, ආර්ථිකය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස ව්යාපාර චක්ර හා බලපෑම පොලී අනුපාත ස්ථාවර.
    4. මූල්ය ප්රතිපත්ති
    මූල්ය ප්රතිපත්ති මහ බැංකුවේ ක්රියාවන් ඇතුළත්, මුදල් මණ්ඩල හෝ වෙනත් ඕනෑම නියාමන කමිටුවක්. එය මුදල් සැපයුමේ වර්ධනය විශාලත්වය සහ වේගය තීරණය, අනෙක් අතට පොලී අනුපාත බලපාන. මූල්ය ප්රතිපත්ති එවැනි පොලී අනුපාතය වැඩි ලෙස ක්රියා හරහා පවත්වාගෙන යනු ලැබේ, හෝ බැංකුවල බැංකුව සංචිත පවත්වා ගැනීමට අවශ්ය මුදල් ප්රමාණය කොපමණද වෙනස්.
    ව්යාපාර චක්ර

    ව්යාපාරික චක්රය දිගු කාලයක් පුරා කරන ආර්ථිකයක් අත්දැකීම් ආර්ථික ක්රියාකාරකම් පිළිබඳ පුනරාවර්තනය සහ ඉහළ පහළ මට්ටම් වේ. මූලික 5 ව්යාපාර චක්රයක අවස්ථා ඇත-

    • වර්ධනය හෝ පුළුල්
    • සමනළ
    • අවපාතය හෝ සංකෝචනය
    • ආයතනයක නායකයෙකු
    • මුදාගැනීම.

    http://www.educba.com/what-is-economics/?lang=si
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්‍යාව දේශපාලන ආර්ථික විද්‍යාව දක්වා...



    අපි අද ජීවත් වන්නේ ධනේෂ්වර සමාජ ක‍්‍රමයඇතුළේ. ඒක අපි පුන පුනා කියන කතාවක්. ‘සාමාන්‍ය අධ්‍යාපනය’ කියලා හඳුන්වන පාසල්, විශ්වවිද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතනවලත් විශය නිර්දේෂය ඇතුළේ නිල වශයෙන් උගන්වන්නේ නැති වුණාට මේ තියෙන්නේ මිනිස් සමාජයේ ගමන තුළ පහුකරන එක් සමාජ ක‍්‍රමයක්. හැබැයි ඒක එහෙම්මම හිතන්න අමාරු වෙන තරමට මේ සමාජ ක‍්‍රමය ඇතුළේ අපිව ගිල්වලා. අපි දකින මේ දේවල් සදාකාලික දේවල් විදියට හිතන්න අපි පෙළඹෙන තරමට අපිට මේ ජීවිතය සාමාන්‍ය කරණය කරලා. ‘‘මේක තමයි මානව සමාජයේ පැවතිය හැකි අවසන් ආකාරය, ඒක ඇතුළේ හැකි තරම්
    යහපත් ආකාරයට අපේ ජීවිත ගොඩනගා ගත යුතුයි’’ කියන සිතීමක තමයි අති බහුතරයක් දෙනා ඉන්නේ. අපි දකින අත්විඳින ගැටළු, පීඩාවන්, අමාරුකම් මිනිසුන්ට අනිවාර්යයෙන් මුහුණ දෙන්න වෙන ඒවා බවත් අපගේ සාර්ථකත්වය නම්, හැකි තරම් එම පීඩාවන්ගෙන් මිදෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගා ගන්න එක බවත් යන්න උදාන වාක්‍යය බවට පත්වෙළා. ඒ සඳහා කළ යුත්තේ මොනවාද කියලා අපි කාගෙන් හරි ඇහැව්වොත් අපිට කියාවි ‘‘හැකිතරම් ආර්ථික සුරක්ෂිතභාවයක් ගොඩනගාගන්න ඕන’’ (වෙනස් වෙනස් වචන වලින් කියන කතාවේ හරය) කියලා. ඇත්තටම එහෙමද? මේ සමාජයේ හැම දෙනාටම එහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම අපේ මුළු සමාජයම වෙලාගෙන තියෙන මේ සකලවිධ පීඩාවන්ගෙන් සියළු දෙනාටම මිදෙන්න මගක් නැද්ද?


    පදනම් අධ්‍යයනය කළ යුතුය
    ඒ සඳහා පිළිතුරක් සොයාගන්න නම් අපිට එක් එක් අය කියන කතා, දෙන උපදෙස්, නිර්මාණයක කරපු න්‍යායන් අහලා දැකලා ඉන්නවා වෙනුවට අපි සියළු දෙනාගේම ජීවිතවලට කුමක් හො හැඩයකින් ඇවිත් පීඩාවට ලක්කරන මේ සමාජ ආර්ථික ක‍්‍රමයේ පදනම් අධ්‍යයනය කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා.
    මිනිස් අවශ්‍යාතා වෙනුවට වෙළඳපොළ අවශ්‍යතා ඉලක්ක කරගෙන නිෂ්පාදන කටයුතු සිදුකරන මේ ධනේෂ්වර ක‍්‍රමයේ පදනම් අධ්‍යයනය කළ යුතුයි කියලා අපි දැඩි ලෙස යෝජනා කරනවා. ඒ සඳහා තියෙන විශය තමයි දේශපාලන ආර්ථික විද්‍යාව. අපි මේ ආරම්භ කරන්නේ ඒ පිළිබඳව හැදෑරීමට ප‍්‍රවේශයක් ඉදිරිපත් කිරීම. අපිත් එක්ක අපේ ජීවිතවලට සිදුව පවතින දේ සොයා යන්න එන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.

    ආර්ථික විද්‍යාව
    සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විශයයක් තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. නිල අධ්‍යාපන
    ක‍්‍රමවේදය ඇතුළේ විශයක් විදියට හදාරණ අයට ලඟ වචනයක් වුණත් අපි සමහරුන්ට ටිකක් විතර දුරින් තියෙන විශයයක් තමයි ආර්ථීක විද්‍යාව කියන්නේ. ඒකට ප‍්‍රධාන හේතුව තමයි දැන් තියෙන ධනේෂ්වර අධ්‍යාපන ක‍්‍රමය ඇතුළේ දැනුම සංයුක්ත ලෙස ගැනීම එක් වෘත්තියක් බිහිකිරීමට අවශ්‍ය ආකාරයට
    පමණක් සම්පේ‍්‍රෂණය කිරීම. වත්මන් සමාජය තුළ ආර්ථික විද්‍යාව ලෙස හඳුන්වන්නේ ධනේෂ්වර ආර්ථික විද්‍යාව. අපි මුලින්ම ඒ පිළිබඳව සරල අදහසක් මතුකරගන්න උත්සහ කරමු.

    ධනේෂ්වර ආර්ථික විද්‍යාව
    ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ ආර්ථික ක‍්‍රියාවලියේදී මිනිසුන් අතර ගොඩනැගෙන්නා වූ ආර්ථික සබඳතා ගැන අධ්‍යයනය කරන විද්‍යාව. මෙය විද්‍යාවක් ලෙස සංවර්ධනය වූ ආකාරය සලකා බලමු.

    ආර්ථීක විද්‍යාව ස්වාධීන විෂයයක් ලෙස සංවර්ධනය වීම ඇරඹූනේ 17 වන සියවසේ සිට. නමුත් ආර්ථික විද්‍යාවට අදාල කරපු අනාවරණය කිරීම ඊට බොහෝ කාලයකට පෙර සිට පැවතුණා. ඒ නිසා තමයි පැරණි ග‍්‍රීක, හින්දු, ඊජිප්තු වගේ සාහිත්‍යයන් ඇතුළේ වෙළඳාම, හුවමාරුව, ණය, පොළිය, වෙළඳ ලාභය සම්බන්ධ දැනුම අන්තර්ගතව තිබෙන්නේ. නමුත් වහල් සමාජය වගේම වැඩවසම් සමාජය තුළත් පැවති ආර්ථික සබඳතාවන්ගේ සරලභාවය, විනිවිදභාවය හා විවෘතභාවය නිසාම ආර්ථික විද්‍යාව එසේ විද්‍යාවක් ලෙස වර්ධනය වුණේ නැහැ. ඊට අවශ්‍යය විශය මූල වටපිටාවක් නිර්මාණය වෙලා තිබුණේ නැහැ.

    නමුත් ධනේෂ්වර ක‍්‍රමය බිහිවෙද්දී ඒ වන තුරු පැවතුණ සුළු සුළු ආර්ථිකයන් වෙනුවට මධ්‍යගත විශාල ධනේෂ්වර රාජ්‍යයන් යටතේ ‘ජාතික ආර්ථිකයන්’ ගොඩනැගීමේ අවශ්‍යතාව පැන නැගුණා. ඒ වෙනකොටත් ක‍්‍රමයෙන් මතුවෙළා තිබුණු සංකීර්ණ ආර්ථික සබඳතා අධ්‍යයනය කිරීමේ විද්‍යාවක අවශ්‍යතාව පැවතුණා. ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමේ වුවමනාව පෙරදැරිකරගත් රීති පද්ධතියක් ගොඩනැගීමේ විශයමූල අවශ්‍යතාව ආර්ථික විද්‍යාව විශයක් ලෙස සංවර්ධනය වීමේ පදනමයි. ඒ විශය සංවර්ධන කටයුත්ත සඳහා අළුත නැගී ආ ධනේෂ්වර පන්තිය ක‍්‍රියාකළා. විලියම් පෙටී ඇතුළු එංගලංතයේ වාණිජවාදීන්, ප‍්‍රංශයේ ෆිසියෝක‍්‍රැටස්(fisiocratas) නිකාය හා එහිම ශිෂ්‍යයකු වුණු (1723 - 1790) හරහා ආර්ථීක විද්‍යා විශය සංවර්ධනය වුණා. ලන්ඩනයේ උපන් ඬේවිඞ් රිකාඩෝ(1772 - 1823) සම්භාව්‍ය ආර්ථික විද්‍යා චින්තනයේ අවසාන නියෝජිතයා ලෙස සැලකෙනවා.

    නමුත් මෙම ධනේෂ්වර ආර්ථික විද්‍යාව (අද පවා නිල ‘ආර්ථික විද්‍යාව’ ලෙස ඉගැන්වෙන) ඉතාමත් පටු සීමාවන්ට චින්තන පරාසය කොටුකරනවා. එහිදී ධනේෂ්වර ක‍්‍රමය ඇතුළේ ආර්ථික සබඳතා පමණයි අධ්‍යයනය කරන්නේ. ධනේෂ්වර ක‍්‍රමය සදාකාලික සමාජ ක‍්‍රමය කියලා සලකමින්, ඒ තුළ සබඳතා අධ්‍යයනය කිරීමත් එහි පැවැත්මට ආධාර කිරීමත් මින් සිදුවෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කල එය අනෙක් සියළු ධනේෂ්වර විශයයන් ඉගැන්වීමේදී වගේම වියුක්තව එම ක්ෂේත‍්‍රය අධ්‍යයනය කරනවා. නමුත් එසේ සිදුකරන අධ්‍යාපනයක් කිසිසේත් සාර්ථක නැති බව අපි විශ්වාස කරනවා. ඒ මාක්ස්වාදීන් වන අපි ඕනෑම ප‍්‍රපංචයක් අධ්‍යයනයේදී වියුක්ත අධ්‍යයනයක් වෙනුවට එය සංයුක්තවත්, ඓතිහාසිකවත්, විශයමූලික තත්ත්වයන් යටතේත් අධ්‍යයනය කළ යුතු බව පිළිගන්නා නිසා.

    ධනේෂ්වර ආර්ථික විද්‍යාවේ නිර්වචනය පහත පරිදි වෙනවා.
    ‘‘එකිනෙකට තරඟකාරී අවශ්‍යතාවන් අතර විකල්ප ප‍්‍රයෝජන සහිත හිඟ සම්පත් බෙදාහැරීමේදී සමාජයක මිනිසා හැසිරෙන ආකාරයත් එම හැසිරීම කෙරෙහි හිඟකම බලපවත්වන ආකාරයත් හැදෑරීම ආර්ථික විද්‍යාවයි.’’
    ‘‘සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් අවශ්‍යතාවන් සපුරාගන්නේ කෙසේද යන්න විමසා බැලෙන විශය
    ක්ෂේත‍්‍රය ආර්ථික විද්‍යාව වේ.’’
    එම නිර්වචන හමුවේම ඒවායේ සීමාසහිත බව පරාවර්ථනය වෙනවා. එම ‘ආර්ථික විද්‍යාව’ මගින්වැඩවසම්, වහල් හෝ වෙනත් සමාජ ක‍්‍රමයක ආර්ථික අවශ්‍යතා අධ්‍යයනය කරන්න කිසිසේත්ම බෑ. එය අදාල වනුයේ ධනේෂ්වර ක‍්‍රමය තුළදී පමණයි. එය අදාල වන්නේත් ධනේෂ්වර ක‍්‍රමය මානව සමාජයේ අවසාන සමාජ ක‍්‍රමය ලෙස සලකා ඒ තුළ කෙසේ හෝ අර්බුද විසඳාගෙන ඉදිරියට යායුතුයි කියන චින්තනය ඔස්සේ කටයුකු කරනවා නම් විතරයි. අපි එසේ විශ්වාස කරන්නේ නැහැ. සූරාකෑමෙන් තොර, සෑම දෙයටම මිලක් නියමවීමෙන් තොර, සුන්දර මානව බැඳීම් සහිත සමාජයක් - කොමියුනිස්ට් සමාජයක් පිළිබඳව සිහිනයක සහ ඒ සඳහා වූ දේශපාලන අරගලයක තමයි අපි නිරත වෙලා ඉන්නේ. ඒ නිසා මෙම පටු සීමාවන්ගෙන් යුත් ‘ආර්ථික විද්‍යාව’ට සමාජවාදීන් වන අපි සීමාවන්නේ නැහැ. ඒ වෙනුවට ශ්‍රේෂඨ මිනිසුන් වන කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් විසින් සංවර්ධනය කරන ලද දේශපාලන ආර්ථික විද්‍යාව අපි තෝරගන්නවා. ඒ තුළින් වඩාත් පැහැදිලිව ධනේෂ්වර ක‍්‍රමයේ මෙන්ම මානව සමාජයේ ගමන්මගේ අනෙකුත් සියළු සමාජ ක‍්‍රමයන් තුළ ආර්ථික සබඳතා, එම සබඳතා පදනම් කරගෙන සමාජමය වෙනස්කම් සිදුවූ අයුරු අධ්‍යයනය කළ හැකිය. අපි ඒ පිළිබඳව පුළුල් විමසීමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

    ශ්‍රේෂ්ඨ චින්තකයින් - දේශපාලඥයන් දෙදෙනා
    කාල් මාක්ස් හා ෆෙඞ්රික් එංගල්ස් විසින් සිදුකළ ආර්ථික විද්‍යාව සම්බන්ධ ඉදිරිපත් කිරීම් එතෙක් පැවති ආර්ථික විද්‍යාව උඩු යටිකුරු කළා. ධනවාදයේ ස්ථීරභාවය පිළිනොගනිමින්, නැගී එන කම්කරු පන්තියේ අවශ්‍යතාව ප‍්‍රකාශයට පත්කරමින් ඔවුන් තම විග‍්‍රහයන් ඉදිරිපත් කරන්නට වුණා. සමාජ සංවර්ධනය පිළිබඳ දයලෙක්තික භෞතිකවාදී දැක්මක් ඉදිරිපත් කළ මාකස්වාදයට ආර්ථික විද්‍යාව වෙනුවට දේශපාලන ආර්ථික විද්‍යාව දක්වා විශය සංවර්ධනය කරමින් එහි නව අදියරකට ලඟවීමට හැකි වුණා.

    ධනේෂ්වර ආර්ථික විද්‍යාවේ පදනම වන්නේ සම්පත් සීමිත බවත්, අවශ්‍යතා අසීමිත බවත් එම නිසා සම්පත් අරපිරිමැස්මෙන් කලමනාකරණය කළ යුතු බවත් කියන කරුණු ඊට පටහැනිව මාකස්වාදයෙන් කියවෙන්නේ සම්පත් අසීමිත බවයි. නමුත් පන්ති සමාජයේ පැවැත්ම හේතුකොටගෙන නිර්මාණය වෙලා තියෙන බෙදාහැරීමේ හා පරිභොජනයේ අසමානතාවය අහෝසි කිරීමෙන් පමණක් සමාජ අවශ්‍යතාවන් තෘප්ත කළ හැකි බව ඉන් කියා සිටිනවා. මාක්ස් තම ශ්‍රේෂ්ඨ කෘථිය වන ප‍්‍රාග්ධනය (Capital) හරහා මේ පිළිබඳ පුළුල්තම විග‍්‍රහය ඉදිරිපත්
    කළා.

    අපි ක‍්‍රමානුකූලව මෙම දේශපාලන ආර්ථික විද්‍යාව හැදෑරිය යුතුයි. ඒ සඳහා ප‍්‍රවේශයක් මෙම ලිපි මාලාව මගින් මෙතැන් සිට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ලෝකය වෙනස් කිරීමට නම් සියළු අක්මුල්
    දක්වා එය හොඳින් වටහාගත යුතුයි. මේ ප‍්‍රයත්නය ඒ සඳහායි. ඒ හරහා න්‍යායන් ලෙස අපේ පන්තියේ සහෝදර ජනතාව සිතාසිටින අවස්ථාවත් ප‍්‍රාග්ධනය එකතු කරගැනීමේ ස්වරූපයත් එසේ නොවන බවත් මානව සමාජය පවතින්නේ තම දෑත් මත බවත් කම්කරු පන්තිය අවබෝධ කරගන්නා දිනය ඉක්මනින්ම ලඟා කරවීමට අපි අරගල කළ යුතු වෙනවා. ධනේෂ්වර ක‍්‍රමයට අවසානයක් හා වඩාත් යහපත් කොමියුනිස්ට් සමාජයකට ප‍්‍රවේශයක් ලබාගැනීමේ අරගලය ජයග‍්‍රහණය කළ හැකි වන්නේ එවන් අරගලයක් තුළයි.

    http://ginisiluwa.blogspot.com/2013/08/01.html

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උද්ධමනය - උසස් පෙළ ආර්ථික විද්‍යාව

    උද්ධමනය - උසස් පෙළ ආර්ථික විද්‍යාව(http://mawbima.lk/1-6386-news-detail.html)

    භාණ්ඩවලත් සේවාවලත් පොදු මිල මට්ටම් කාලයක් තිස්සේ අඛණ්ඩව පහළ යෑම හැඳින්වෙන්නේ අවධමනය ලෙසය. අවධමනය දිගු කාලයක් තිස්සේ පවතින විට ආර්ථික අවපාත ඇතිවේ.








    අවධමනය
    භාණ්ඩවලත් සේවාවලත් පොදු මිල මට්ටම් කාලයක් තිස්සේ අඛණ්ඩව පහළ යෑම හැඳින්වෙන්නේ අවධමනය ලෙසය. අවධමනය දිගු කාලයක් තිස්සේ පවතින විට ආර්ථික අවපාත ඇතිවේ.
    නිරුද්ධමනය
    උද්ධමන අනුපාතිකයේ පහළ යෑම හැඳින්වෙන්නේ නිරුද්ධමනය ලෙසය. උද්ධමන වර්ධන අනුපාතිකය පහළ යෑමෙන්ද පෙන්නුම් කරන්නේ නිරුද්ධමනයකි. නිරුද්ධමන කාලයකදී වුවද පොදු මිල මට්ටම ඉහළ යෑමෙන් උද්මනයක් ඇති වුවත් එකී මිල මට්ටම් ඉහළ යෑමේ වේගය ක්‍රමයෙන් අඩු වේ නම් එය හැඳින්වෙන්නේත් නිරුද්ධමනය ලෙසය.
    උද්ධමන අනුපාතිකය
    උද්ධමනය මැනීම සඳහ භාවිත කෙරෙන්නේ මිල දර්ශකය. පෙර වර්ෂයකට සාපේක්‍ෂව පවත්නා වර්ෂයේ මිල වෙනස් වී ඇති ආකාරය මිල දර්ශකවලින් මැන දැක්වේ. එක් වර්ෂයකට සාපේක්‍ෂව පවත්නා වර්ෂයේ මිල දර්ශක වෙනස් වී ඇති ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ උද්ධමන අනුපාතිකයයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය, තොග මිල දර්ශකය, දළ දේශීය නිෂ්පාදිතයේ ආරෝපිත මිල දර්ශකය යන ආදිය ශ්‍රී ලංකාවේ උද්ධමනය මැනීම සඳහා භාවිත කෙරේ.
    දෙන ලද ඕනෑම මාස 12ක කාලච්ඡේදයක් තුළ එයට පෙර මාස 12ක කාලච්ඡේදයට සාපේක්‍ෂව කිසියම් දර්ශකයන් මඟින් මනින පොදු මිල මට්ටම්වල සාමාන්‍ය ප්‍රතිශත වෙනස මඟින් වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මනිනු ලැබේ. උද්ධමනය මැනීම සඳහා බහුලව භාවිත කෙරෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. 2010 වර්ෂය අවසාන වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය 219.1ක් විය. 2011 වර්ෂය අවසාන වන විට එහි අගය 226.5ක් විය. එහෙයින් 2011 වර්ෂය තුළ සාමාන්‍ය උද්ධමන අනුපාතිකය සියයට 6.9 වේ. මේ අනුපාතය ඉහළ යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ උද්ධමන වර්ධන අනුපාතිකයයි. 2010 වර්ෂයේ සාමාන්‍ය උද්ධමන අනුපාතිකය සියයට 5.9 කි. එහෙයින් 2011 වර්ෂයේ උද්ධමන වර්ධන අනුපාතය සියයට 16.94 කි. 2010 වර්ෂය තුළදී සාමාන්‍ය උද්ධමන අනුපාතිකය සියයට 6.9 ක්ව පැවැතිණි නම් උද්ධමන වර්ධන අනුපාතිකය ශූන්‍ය වේ. එහෙත් වාර්ෂිකව 6.9ක උද්ධමන අනුපාතිකයක් පවතී. ඇතැම් විට දේශපාලනඥයන් උද්ධමන අනුපාතිකය වෙනුවට උද්ධමන වර්ධන අනුපාතිකය භාවිත කරන අවස්ථා ද වේ. උද්ධමන අනුපාතිකයත් උද්ධමන වර්ධන අනුපාතිකයත් අතර පවත්නා මේ වෙනස හොඳින් අවබෝධ කර ගැනීම වැදගත්ය.
    පාරිභෝගික මිල දර්ශකයන් උද්ධමනය මැනීමට කොතරම් සමත් වේද යන්න ර¼දා පවතින්නේ භාණ්ඩ පැසට ඇතුළත් භාණ්ඩ කෙතරම් වැදගත්ද, ජන ජීවිතයට වැදගත් භාණ්ඩ කොතරම් ප්‍රමාණයක් භාණ්ඩ පැසට ඇතුළත් වී තිබේද, භාණ්ඩවල බර තැබීම කොතරම් යථාර්ථවාදීව සිදුකර ඇත්ද, පදනම් වර්ෂය කොතරම් යෝග්‍යද, පදනම් වර්ෂය කොතරම් කාලයකට පසුව වෙනස් කරන්නේ ද යනාදිය මතය.
    උද්ධමනය මැනීම

    විවිධ සංකල්ප ඔස්සේ උද්ධමනය මනිනු ලැබේ. එකී සංකල්ප කීපයක් පහත දැක්වේ.
     * මතුපිට උද්ධමනය
     * මූලික උද්ධමනය
     * ලක්‍ෂ්‍යයෙන් ලක්‍ෂ්‍යයට උද්ධමනය

    මතුපිට උද්ධමනය
    භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ ඇතිවන සැබෑ වෙනස්වීම් පවත්නා මිල දර්ශකයකින් මැනීම හැඳින්වෙන්නේ මතුපිට උද්ධමනය ලෙසය. ඉල්ලුම් අංශයේ කම්පනවල බලපෑමද සැපයුම් අංශයේ කම්පනවල බලපෑම ද හේතුවෙන් භාණ්ඩවල මිල ඉහළ යෑම මතුපිට උද්ධමන අනුපාතිකයට ඇතුළත් වේ. අයහපත් කාලගුණික තත්ත්ව, බදු ඉහළ යෑම, මිල පාලනය යනාදිය හේතුවෙන් භාණ්ඩවල මිල ගණන්හි ඇතිවන සැපයුම් අංශයේ කම්පන මතුපිට උද්ධමනයට විශාල වශයෙන් හේතුවේ. මතුපිට උද්ධමනයට හේතුවන සාධකවලින් ඇතැම් ඒවා තාවකාලික වන අතර එකී සාධක ආපසු හැරවිය හැකිය. එහෙයින් දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී මතුපිට උද්ධමනය එතරම් වැදගත් නොවේ. පාරිභෝගික මිල දර්ශක, තොග මිල දර්ශක යොදාගෙන මනිනු ලබන්නේ මතුපිට උද්ධමනයයි.

    මූලික උද්ධමනය
    අඛණ්ඩව පවත්නා ආපසු හැරවිය නොහැකි උද්ධමනය හැඳින්වෙන්නේ මූලික උද්ධමනය හෙවත් යටිදැරි උද්ධමනය ලෙසය. මූලික උද්ධමනයෙන් ප්‍රධාන වශයෙන් මනිනු ලබන්නේ සමස්ත ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ඇතිවන උද්ධමනයයි. අයහපත් කාලගුණික තත්ත්ව, බදු ඉහළ යෑම, මිල පාලනය ආදිය හේතුවෙන් සමස්ත සැපයුම පහත වැටීමෙන් ඇතිවන උද්ධමනය තාවකාලිකය. මේ තාවකාලික හේතුන් මත ඇතිවන උද්ධමනාත්මක බලපෑම ඉවත් කොට සමස්ත මිල මට්ටමේ ඉහළ යෑම මූලික උද්ධමනයෙන් මැන දැක්වේ.
    ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වඩා වැදගත් වන්නේ මූලික උද්ධමනයයි. මිල මට්ටමෙහි තාවකාලිකව ඇතිවන වෙනස් වීම් කළමනාකරණය කිරීම සඳහා ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති යොදා ගැනීම උචිත නොවේ. ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවිය යුත්තේ සමස්ත ඉල්ලුම වෙනස්වීම හේතුවෙන් ඇතිවන මිල ගණන්වල වෙනස් වීම කෙරෙහිය. ඒ හෙයින් බොහෝ රටවල් සිය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සැලකිල්ලට ගනු ලබන්නේ මූලික උද්ධමනයයි. විවිධ ක්‍රම භාවිත කරමින් මූලික උද්ධමනය ගණනය කෙරේ.
    මූලික උද්ධමනය ගණනය කිරීමේ වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ "බැහැර කිරීමේ ක්‍රමය"යි. මෙහිදී බැහැර කිරීම යන්නෙන් අදහස් කරන්නේ පොදු මිල මට්ටම තාවකාලිකව ඉහළ යෑමට හේතුවන සාධක ඉවත් කිරීමයි. බලශක්ති අර්බුද, ආහාර නිෂ්පාදනය පහළ වැටීම යනාදිය හේතුවෙන් මිල ගණන්හි ඇතිවන ඉහළ යෑම ඉවත් කිරීම බැහැර කිරීම සඳහා නිදසුනක් වශයෙන් දැක්විය හැකියි. අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව යන රටවල මූලික උද්ධමනය ගණනය කරනුයේ පාරිභෝගික මිල දර්ශකයෙන් ආහාර හා බලශක්ති මිල ගණන් ඉවත් කිරීමෙනි. එසේම එක්සත් රාජධානිය මූලික උද්ධමනය ගණනය කරනුයේ සිල්ලර මිල දර්ශකයෙන් උකස් පොලී පිරිවැය අඩු කිරීමෙනි.
    ජපානය නිල මූලික උද්ධමනය ගණනය කරන්නේ පිළියෙල නොකළ ආහාර මිල ගණන් පාරිභෝගික මිල දර්ශකයෙන් ඉවත් කිරීමෙනි.
    තේරුම් ගැනීමේ පහසුවත් කාල ප්‍රමාදයකින් තොරව ගණනය කිරීමේ හැකියාවත් හේතුවෙන් මූලික උද්ධමනය ගණනය කිරීමේ දී බැහැර කිරීමේ ක්‍රමය ප්‍රචලිත වී ඇත.
    කප්පාදු මධ්‍යයන ක්‍රමය අනුවද මූලික උද්ධමනය ගණනය කෙරේ. මේ ක්‍රමයේදී ඉතා ඉහළ හා පහළ මිල විචලනයක් සහිත භාණ්ඩ මිල ගණන් දර්ශකයෙන් ඉවත් කෙරේ. එක් එක් කාලපරිච්ඡේදවලදී ඉවත් කෙරෙන අයිතම නිශ්චිත නොවීම මේ ක්‍රමයේදී මතුවන ප්‍රධාන ගැටලුව වේ. මෙහිදී සිදුකෙරෙන්නේ සෑම මසකදීම සම්මත අපගමනයක් මත පදනම් වූ ඉහළ විචලතාවකින් යුතු අයිතම ඉවත් කිරීමයි.

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් ආහාර හා බලශක්ති අයිතම ඉවත් කරමින් ශ්‍රී ලංකාවේ මූලික උද්ධමන අනුපාතිකය ගණනය කෙරේ.

    ලක්‍ෂ්‍යයෙන් ලක්‍ෂ්‍යයට උද්ධමනය
    පෙර වර්ෂයේ කිසියම් මාසයක පැවැති මිල දර්ශකය මේ වර්ෂයේ එකී මාසයේ මිල දර්ශකය හා සැසඳීමෙන් මැන දැක්වෙන්නේ ලක්‍ෂ්‍යයෙන් ලක්‍ෂ්‍යයට උද්ධමනයයි. 2010 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පැවැති උද්ධමන අනුපාතිකය 2011 දෙසැම්බර් මාසයේ උද්ධමන අනුපාතිකය සමඟ සැසඳීම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය.

    උද්ධමන වර්ග
    උද්ධමනය ඇතිවීමේ වේගයත් එය ක්‍රියාත්මක වන ආකාරයත් සැලකිල්ලට ගනිමින් උද්ධමනය විවිධ ලෙස වර්ග කෙරේ. උද්ධමන වේගය මත උද්ධමනය වර්ග කරන ආකාරය පහත දැක්වේ.
    පොදු මිල මට්ටම ඉහළ යන වේගය පදනම් කරගනිමින් උද්ධමනය ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කෙරේ. ඒවා නම්,
     * ප්‍රසර්පණ උද්ධමනය
     * ජවන උද්ධමනය
     * අත්‍යුද්ධමනය

    ප්‍රසර්පණ උද්ධමනය
    භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම දිගු කාලයක් තිස්සේ මධ්‍යස්ථව හා මන්දගාමීව අනවරත වේගයකින් ඉහළ යෑම හැඳින්වෙන්නේ ප්‍රසර්පණ උද්ධමනය ලෙසය. ප්‍රසර්පණ උද්ධමනය පවතිනවා යැයි සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ වාර්ෂික සාමාන්‍ය උද්ධමන වේගය සියයට 5ට අඩුවන විටය. ප්‍රසර්පණ උද්ධමනයකදී පොදු මිල මට්ටම මධ්‍යස්ථ වේගයකින් ඉහළ යන නිසා මිල ඉහළ යෑමේ වේගය පුරෝකථනය කළ හැකිය. එසේම මිල ගණන් සාපේක්‍ෂ වශයෙන් ස්ථාවර මට්ටමක පවතින හෙයින් මුදලේ අගය වේගයෙන් ක්‍ෂය නොවේ. ප්‍රසර්පණ උද්ධමනයකදී භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ස්ථාවරව ඉහළ යෑම නිසා නිෂ්පාදකයන්ද දිරි ගැන්වේ.
    ජවන උද්ධමනය
    ඉතා වේගයෙන් භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යෑම හැඳින්වෙන්නේ ජවන උද්ධමනය ලෙසය. වර්ෂයකට ඉලක්කම් දෙකක හෝ තුනක වේගයෙන් භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යෑමක් ජවන උද්ධමනයේදී සිදුවේ. වර්ෂයකට සාමාන්‍ය උද්ධමන වේගය සියයට 50, සියයට 100, සියයට 500ක ආදී වශයෙන් පොදු මිල මට්ටමේ ඉහළ යෑමක් ජවන උද්ධමනය සඳහා නිදසුන් වශයෙන් දැක්විය හැකිය. පසුගිය වර්ෂවල, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, නිකරගුවාව, බොලිවියාව යන ආදී රටවල ජවන උද්ධමන තත්ත්වයක් පැවැතිණි.
    ජවන උද්ධමනය හේතුවෙන් මුදලේ ක්‍රය ශක්තිය විශාල වශයෙන් පහත වැටේ. එහෙයින් මුදල් ළඟ තබා ගැනීමට ජනතාව දක්වන්නේ අඩු කැමැත්තකි. භාණ්ඩ රාශිකරණයෙන්ද නිශ්චල දේපළ මිලදී ගැනීමෙන්ද ධනය රැස්කිරීමට ජනතාව පෙලඹිණි. එහෙයින් මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ. ජවන උද්ධමනයක් හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරීත්වය විකෘති කෙරේ. මිල සංඥා මඟින් සැපයෙන තොරතුරු නිවැරැදි නොවේ. ආර්ථික කාර්යක්‍ෂමතාවටද බාධා පැමිණේ.
    අත්‍යුද්ධමනය
    මාසිකව පොදු මිල මට්ටම ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 50ක තරම් අගයකින් සිදුවීම හැඳින්වෙන්නේ අත්‍යුද්ධමනය ලෙසය. අත්‍යුද්ධමනය ඇතිවූ විට බරපතළ ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේ. මුදලේ අගය ඉතා වේගයෙන් පහත වැටේ. මුදල් ගැන ජනතාවගේ විශ්වාසය අඩුවේ. පළමු ලෝක යුද්ධයෙන් පසු ජර්මනියත් දෙවන ලෝක යුද්ධයෙන් පසු හංගේරියාවත් 1980 දශකයේදී යුගෝස්ලෝවියාව හා බොලිවියාවත් අත්‍යුද්ධමනයකට මුහුණ පෑ රටවල් කීපයකි. මෑත වර්ෂවල අත්‍යුද්ධමනයකට මුහුණ දුන් රට වූයේ සිම්බාබ්වේය. 2008 හා 2009 වර්ෂවල සිම්බාබ්වේ හි අත්‍යුද්ධමනය සියයට 100,000 ද ඉක්ම වීය. 2008 හා 2009 වර්ෂවල පැවැති අත්‍යුද්ධමනය හේතුවෙන් විශාල වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු අලවංගු කිරීමටත් අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමටත් සිම්බාබ්වේ රජය පියවර ගත්තේය.
    උද්ධමනය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති න්‍යායන්
    * ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය
    * පිරිවැයෙන් තල්ලුවුණු උද්ධමනය

    ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය
    භාණ්ඩ හෝ සාධක හෝ සඳහා පවත්නා සමාහාර ඉල්ලුම, සමාහාර සැපයුම ඉක්මවා ඉහළ යෑම හේතුවෙන් ඇතිවන උද්ධමනය හැඳින්වෙන්නේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය ලෙසය. සමාහාර ඉල්ලුම සමන්විත වන්නේ පරිභෝජන, ආයෝජන, රජයේ වියදම් හා ශුද්ධ අපනයන යන ඒවායෙනි. ස්වාධීන පරිභෝජනය, ස්වාධීන ආයෝජනය, රජයේ වියදම්, ස්වාධීන අපනයන යන ඒවා වැඩිවීමත් ස්වාධීන ආනයන, ස්වාධීන බදු සහ ඒවා අඩුවීමත් සමාහාර ඉල්ලුම වැඩිවීමට හේතුවේ. දෙවන ලෝක යුද්ධය තෙක් උද්ධමනයට හේතුව ලෙස විශ්වාස කළේ සමාහාර ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් උද්ධමනයක් බිහිවන බවයි. රටක නිෂ්පාදන හැකියාව හෙවත් නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩියෙන් වියදම් කිරීමට යෑම නිසා ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනයක් ඇතිවේ.
    මෑත කාලයේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනයට හේතුවී ඇත්තේ මූල්‍ය ප්‍රසාරණය, රාජ්‍ය ණය වර්ධනය වීම, රාජ්‍ය වියදම් ඉහළ යෑම යන ආදී සාධකය. සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස අතිවිශාල මුදල් ප්‍රමාණයක් හඹායෑම නිසා උද්ධමනයක් ඇතිවේ යන සුප්‍රකට ප්‍රකාශයෙන් පැහැදිලි කෙරෙන්නේ සමස්ත ඉල්ලුම ඉහළ යෑමෙන් උද්ධමනයක් ඇතිවන ආකාරයයි.
    ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය පැහැදිලි කිරීම සඳහා මුදල් ප්‍රමාණවාදී න්‍යාය හා කේන්සියානු න්‍යාය යොදා ගනී.

    මුදල් ප්‍රමාණවාදී විග්‍රහය
    මුදල් සැපයුම ඉහළ යෑම හේතුවෙන් සමස්ත ඉල්ලුම ඉහළ ගොස් උද්ධමනය ඇතිවන බව මුදල් ප්‍රමාණවාදී න්‍යායෙන් ප්‍රකාශ කෙරේ. මුදල් සැපයුමත් මිල මට්ටමත් අතර පවතින ඒ සම්බන්ධතාව පැහැදිලි කිරීම සඳහා මුදල් ප්‍රමාණවාදීන් විනිමය සමීකරණයක් භාවිත කර ඇත. මුල්ම මුදල් ප්‍රමාණවාදී විනිමය සමීකරණය ඉදිරිපත් කරන ලද්දේ අර්වින් ෆිෂර් නමැති ආර්ථික විද්‍යාඥයා විසිනි. ඔහු ඉදිරිපත් කළ විනිමය සමීකරණය වූයේ
    ර්ඍ = ර්ථීඊ
    මෙහි ර් යන්නෙන් මුදල් තොගයත්, ඍ යන්නෙන් මුදල් සංසරණ ප්‍රවේගයත්, ර්ථී යන්නෙන් මිල මට්ටමත්, ඊ යන්නෙත් ගනුදෙනු ප්‍රමාණයත් දැක්විණි.
    උද්ධමනය පැහැදිලි කිරීම සඳහා බහුලව භාවිත කෙරුණේ මිල්ටන් ෆ්‍රීඩ්මන් නමැති ආර්ථික විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද මුදල් ප්‍රමාණවාදී විනිමය සමීකරණයයි. එය පහත දැක්වේ.

    ර්ඍ=ර්ථීඊ
    මෙහි ර් යන්නෙන් මුදල් තොගයත් ඍ යන්නෙන් මුදලේ සංසරණ ප්‍රවේගයත් ර්ථී යන්නෙන් මිල මට්ටමත් ක යන්නෙන් මූර්ත නිමැවුමත් දැක්වේ. මුදලේ සංසරණ ප්‍රවේගයත් මූර්ත නිමැවුමත් කෙටි කාලයේදී ස්ථාවර බව මුදල් ප්‍රමාණවාදීහු උපකල්පනය කරති. මුදලේ සංසරණ ප්‍රවේගය තීරණය කෙරෙන ප්‍රධාන සාධක දෙක වන ගනුදෙනු පියවීමේ පුරුදු හා ගනුදෙනු පියවීම සඳහා භාවිත කරන තාක්‍ෂණික මෙවලම් සහ මේ සාධක කෙටි කාලයේදී වෙනස් නොවන බව මුදල් ප්‍රමාණවාදීහු විශ්වාස කළහ. එහෙයින් මුදලේ සංසරණ ප්‍රවේගය කෙටි කාලයේදී ස්ථාවර යැයි උපකල්පනය කර ඇත. එසේම ආර්ථීකයක් සෑම විටම පූර්ණ සේවා නියුක්තියේ පසුවන හෙයින් මූර්ත නිමැවුම ද ස්ථාවරව පවතින්නේ යැයි ඔවුහු ප්‍රකාශ කරති. මුදලේ සංසරණ ප්‍රවේගයත් නිෂ්පාදනයත් ස්ථාවර බව දැක්වීම සඳහා ඍ හා ක අක්‍ෂරවලට ඉහළින් කුඩා ඉරක් ඇඳ තිබේ. එහෙයින් මුදල් සැපයුමත් මිල මට්ටමත් අතර සමානුපාතික සම්බන්ධතාවක් පවතී. මුදල් සැපයුම සියයට 10 කින් වැඩි කළ විට මිල මට්ටම ද සියයට 10කින් වැඩිවේ. මුදල් සැපයුම දෙගුණ වන විට මිල මට්ටම ද දෙගුණ වේ. මේ තොරතුරුවලින් අනාවරණය වන්නේ මුදල් ප්‍රමාණවාදයට අනුව උද්ධමනයට හේතුව මුදල් සැපයුම ඉහළ යෑම බවයි. මිල්ටන් ෆී්‍රඩ්මන් සඳහන් කරන්නේ උද්ධමනය සැම විටකදීම හා සැම තැනකදීම මූල්‍යමය ප්‍රපංචයක් බවයි. එනම් උද්ධමනය ඉල්ලුමෙන් ඇදුණද පිරිවැයෙන් තල්ලු වුවද එයට අවසාන හේතුව මුදල් සැපයුම ඉහළ යෑමයි.
    මුදල් සැපයුම ඉහළ යන විට සමාහාර ඉල්ලුම ඉහළ යන හෙයින් මුදල් ප්‍රමාණවාදී විග්‍රහය තුළින්ද අනාවරණය කරන්නේ ඉල්ලුමෙන් ඇදුන උද්ධමනය ඇතිවන ආකාරයයි.
    කේන්සියානු න්‍යාය
    උද්ධමනය විග්‍රහ කිරීම සඳහා ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය හැඳින්වෙන්නේ කේන්සියානු න්‍යාය ලෙසය. උද්ධමනයට හේතුව පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම ඉක්මවා සමස්ත ඉල්ලුම ඉහළ යෑම බව කේන්සියානු න්‍යායෙන් ප්‍රකාශ කෙරේ.
    සංවෘත ආර්ථිකයක සමාහාර ඉල්ලුම සමන්විත වන්නේ කුටුම්බ පරිභෝජන වියදම, ව්‍යාපාර ආයෝජන වියදම්, රජයේ වියදම යන ඒවායෙනි. එකී වියදම් වැඩිවන විට සමස්ත ඉල්ලුම ඉහළ යයි. පූර්ණ සේවා නියුක්ති නිෂ්පාදන මට්ටම ද ඉක්මවා සමාහාර ඉල්ලුම ඉහළ යන විට මිල මට්ටම ඉහළ යෑමෙන් උද්ධමනය ඇතිවන බව මේ න්‍යායෙන් ප්‍රකාශ වේ. පූර්ණ සේවා නියුක්ති නිමැවුම ඉක්මවා පවතින සමාහාර ඉල්ලුම් ප්‍රමාණය හැඳින්වෙන්නේ උද්ධමන පරතරය ලෙසය. සමස්ත ඉල්ලුම ඉහළ යෑමෙන් උද්ධමනය ඇතිවන ආකාරය ප්‍රස්තාර සටහන් අංක 1න් දැක්වේ.
    සමාහාර ඉල්ලුම් වක්‍ර ඒච් වලින් ද සමාහාර සැපයුම් වක්‍රය ඒඉ වලින් දැක්වේ. ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම කජ් වලින් දැක්වේ. සමාහාර ඉල්ලුම ඒච්0සිට ඒච්1 තෙක් වැඩිවන විට නිමැවුම ක0 සිට කජ් තෙක්ද මිල මට්ටම ර්ථී0 සිට ර්ථී1 තෙක්ද වැඩිවේ.

    එහෙත් සමාහාර ඉල්ලුම ඒච්2 තෙක් තවදුරටත් වැඩිවන විට ඉහළ යන්නේ මිල මට්ටම පමණි. එයට හේතුව සමාහාර සැපයුම් චක්‍රය පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටමෙන් පසු සිරස්ව පිහිටා තිබීමයි.





     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ල්‍ය ආයතන නියාමනය කළ යුත්තේ කොහොමද?

    raaa66.jpg


    ආචාර්ය රගුරාම් ජී. රාජන්,
    අධිපති, ඉන්දියානු රිසර්ව් බැංකුව

    ඉන්දියානු රිසර්ව් බැංකුවේ (Reserve Bank of India) අධිපති ආචාර්ය රගුරාම් ජී. රාජන් මහතා පසුගියදා ශ්‍රී ලංකාවට ආවේය. එහිදී ආචාර්ය රගුරාම්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, ඉන්දියානු රිසර්ව් බැංකුව සමග ආයෝජන ගිවිසුමකට ද එළඹිණි. එසේම ඉන්දීය මහ බැංකු අධිපතිවරයා ජුලි 24 දින සවස ශ්‍රී ලංකා මහ බැංකු මූලස්‌ථානයේදී ප්‍රාග්ධන නියාමනය ( අධි නියාමනයක්‌ වන්නේ කවර මට්‌ටමකදීද (Capital Regulation :
    How much is too much) මැයෙන් ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍යායතන ප්‍රධානීන්ට විශේෂ දෙසුමක්‌ද පවත්වනු ලැබිණි.

    raa3.jpg
    ආචාර්ය රගුරාම් සිය දෙසුමේදී පවසන ලද අදහස්‌වලට ප්‍රවේශයක්‌ වශයෙන් මූල්‍ය ආයතන නියාමනය සම්බන්ධයෙන් මූලික යමක්‌ සඳහන් කිරීම මැනවැයි, සිතමි. බැංකු හා මූල්‍ය ආයතන පද්ධතියේa ක්‍රියාකාරීත්වයෙන් තොරව ආර්ථිකය ඉදිරියට ගමන් කරන්නේ නැත. ඒ නිසා රටක ශක්‌තිමත් හා ස්‌ථාවර මූල්‍ය පද්ධතියක්‌ පැවතීම ඉතාම අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා එම මූල්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසයද අංක එකටම බලපාන කරුණකි. බැංකු සහ මූල්‍ය ආයතන නියාමනයෙන් ඒවායේ යහපැවැත්ම තහවුරු කෙරෙන අතර ඒ තුළින් එම ආයතන සමග ගනුදෙනුකරන මහජනතාවට සුරක්‍ෂිතභාවයක්‌ද සැලසෙයි. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ නියාමනය කවර මට්‌ටමකින් කළ යුතුද යන්නයි. නියාමනය සම්බන්ධයෙන් කතා කිරීමේදී අධි නියාමනය ද සුදුසු නොවේ. එසේම නිසි නියාමනයකින් තොරව මූල්‍ය ආයතන ක්‍රියාත්මක වීමෙන් ඒවා සමග ගනුදෙනු කරන මහජනතාවට අනාරක්‍ෂිතභාවයක්‌ ජනිත කෙරෙන අතරම එම මූල්‍ය ආයතනවල පැවැත්මට අවදානමක්‌ද ගෙන දෙන්නකි. එසේ නම් මේ නියාමනය කවර මට්‌ටමකින් කළ යුතුද? එය අධි නියාමනයක්‌ වන්නේ කවර මට්‌ටමකදීද? මේ සම්බන්ධයෙන් නොයෙකුත් අදහස්‌ හා මතවාද ආර්ථික හා මූල්‍ය ක්‌ෂේත්‍රයේ සිටින අය තුළ තිබේ. මේ පසුබිම තුළ ඉන්දියානු රිසර්ව් බැංකු අධිපති ආචාර්ය රගුරාම් ජී. රාජන් මහතා සිය දෙසුමේ සඳහන් කළ වැදගත් අදහස්‌වල සාරාංශයකට අපි මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

    විශාල මූල්‍ය අර්බුදයකින් පසු බැංකු නියාමනය, අධීක්‍ෂණය සහ මූල්‍ය ස්‌ථාවරත්වය පිළිබඳව සිතීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා. එහෙත් මේ නියාමනය කවර මට්‌ටමින් සිදුකළ යුතුද? එහි ප්‍රශස්‌ත මට්‌ටම කුමක්‌ද යන්න ගැනත් මෙහිදී අවධානය යොමුකළ යුතුයි. මේ බැංකු හා මූල්‍යායතන නියාමනය මූල්‍ය ක්‍රමයේ මූල්‍ය පද්ධතියේ ප්‍රගතියට අහිතකර බලපෑම් ඇති නොවන පරිදි සිදුකිරීමද කළ යුතු වෙනවා.

    ආර්ථිකමය වශයෙන් හොඳ කාලවලදී හොඳින් ක්‍රියාත්මක වන බැංකු හා මූල්‍යායතන සම්බන්ධයෙන් අධික නියාමනයන් සිදුකිරීම අනවශ්‍ය දෙයක්‌ විය හැකියි. එහෙත් අවදානම් ආයතන සම්බන්ධයෙන් වැඩි අවධානයක්‌ යොමු කොට ඉහළ මට්‌ටමක නියාමනයක්‌ සිදුකිරීම සුදුසුයි.

    මේ සම්බන්ධයෙන් පොදුවේ කිව හැක්‌කේ ආර්ථිකමය වශයෙන් හොඳ කාලවලදී බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධයෙන් වන නියාමනය ලිහිල් කරන අතරම මූල්‍ය අර්බුද පවතින නරක කාලවලදී එම ආයතන සම්බන්ධයෙන් ඉහළ නියාමනයක්‌ ක්‍රියාත්මක කිරීම සුදුසු වන බවයි.

    මූල්‍ය ආයතනවල ප්‍රාග්ධන අවශ්‍යතාවද සලකා බලනු ලබන දෙයක්‌. ප්‍රාග්ධනය වැඩිකර ගැනීමේ අවශ්‍යතාව ගැන සඳහන් කරනවා. එහෙත් වැඩි ප්‍රාග්ධනයේද අවදානමක්‌ තිබෙනවා. ආයතන අනවශ්‍ය ලෙස විශාල වූ විටත් පාලනය කර ගැනීම, රැඳී සිටීම අපහසු තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ප්‍රාග්ධනය ප්‍රශස්‌ත මට්‌ටමින් පවත්වා ගැනීම වැදගත්. එවිට එම ආයතන පාලනය කර ගැනීම සහ ර¹ පැවැත්ම පහසු වෙනවා.

    බොහෝ මූල්‍ය අර්බුදවලට මුල් වී තිබෙන්නේ නිසි ක්‍රියාමාර්ග නිසි අවස්‌ථාවේ නොගැනීමයි. පසුගිය කාලවලදී නිසි අවස්‌ථාවේදී නිසි ක්‍රියාමාර්ග නොගත් නිසා බොහෝ මූල්‍ය ආයතන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. අර්බුදයට ලක්‌ වුණා. ඒ නිසා එම ආයතන නිසි ලෙස නියාමනය කිරීමේ සහ අධීක්‍ෂණය කිරීමේ අවශ්‍යතාව දැඩිව පැනනැඟුන දෙයක්‌.

    බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධයෙන් අධි නියාමනය නිසාද ප්‍රශ්න ඇති වෙනවා. එවිට නියාමනය ලිහිල් කරනු ලබනවා. එවැනි අඩු මට්‌ටමක නියාමනයේදීද ආයතන නොයෙකුත් අවදානම්වලට මුහුණ දෙනවා. ඒ අනුව බලධාරීන් නැවතත් බැංකු හා මූල්‍ය ආයතන ඉහළ නියාමනයකට ලක්‌ කිරීමට තීරණය කරනු ලබනවා. නියාමනය සම්බන්ධයෙන් මෙය චක්‍රයක්‌ මෙන් නිරන්තරයෙන්ම සිදුවන දෙයක්‌.

    * ශ්‍යාම් නුවන් ගනේවත්ත
    ඡයා- සමන් අබේසිරිවර්ධන

    http://www.divaina.com/2014/07/27/economic15.html
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බටහිර ආර්ථික විද්‍යාව සරණ ගොස් අප රට සංවර්ධනය කළ හැකිද?

    ]බටහිර ආර්ථික විද්‍යාවට අනුව “දියුණුව” නොහොත් “සංවර්ධනය” කියල කියන්නේ “නිශ්ච්ත ආර්ථිකයක ඇති සම්පත් එහි සිටින ජනතාවගේ වුවමනා සංතෘප්ත කිරීම සඳහා ප්‍රශස්ත අන්දමින් බෙදා හැරීම, ආර්ථිකයේ ප්‍රමාණත්මක සහ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම” කියන එකටනේ.
    බටහිර ආර්ථික විද්‍යාවට අනුව එහි මූලික උපකල්පනයක් වන්නේ, මිනිස් වුවමනා අසීමිතයි, ඒ අසීමිත වුවමනා තෘප්ත කර අවසාන කළ නොහැකියි කියන එක. ඒ අනුව ඊනියා සංවර්ධනය කිසි දාක බටහිර ආර්ථික විද්‍යාවට අනුව ලබාගත නොහැකියි. බොහෝ බටහිර රටවල් සංවර්ධිත රටවල් කියල කිව්වත් ඒවායේ HDI එක වඩාත් හොඳ අගයක් වුණත් එහි ජනතාව තෘප්තිමත් කියල කියන්න අමාරුයි. ඒකට හේතුව ඔවුන්ගේ වුවමනාවන් අසීමිත වීම සහ ඒවාට සාපේක්ෂව සම්පත් හිඟ වීම.
    ඔන්න ඔය ගැටලුවට පිළිතුර බෞද්ධ ආර්ථික විද්‍යාවේ තිබෙනවා. බෞද්ධ ආර්ථික විද්‍යාවේ සුවිශේෂී අවධානය යොමු කෙරෙන්නේ හිඟ සම්පත් ප්‍රශස්ත අන්දමින් ආර්ථික කාරක කරා බෙදා හැරීම නොව, මිනිස් වුවමනා හැකි තාක් සීමිත කරගැනීමටයි. එහිදී ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය ප්‍රමුඛස්ථානයක් ගනී. ලොව වඩාත් සතුටින් සිටින ජනතාවක් වාසය කරන රට “ටිබෙටය” ලෙස පිළිගැනීම පි‍ටුපස ඇති රහසනම් එහි ජනතාවගෙන් බහුතරයක් බුදු දහම තම ජීවිතයට බද්ධ කරගනිමින් අට ලෝ දහමෙන් හැකි තාක් කම්පා නොවී ලද දේ සැපක් යැයි සිතමින් අල්පේච්ඡ ජීවිතයකට පුරුදු වී සිටීමයි. (තවමත් බහුතරයක් බෞද්ධයින් වෙසෙන ශ්‍රී ලංකාව HPI අනුව 22 ස්ථානය ගෙන තිබීමත් මෙහිදී සළකා බැලිය යුත්තක්)
    සතුට කියල කියන්නේ මහා පුදුමාකාර දෙයක්, මට මතකයි සමහර වැඩිහිටියො කියනව “පුතේ ආං බලාං යායම පීදිලා, කිරිබංඩි ගොයම හිනා හෙනව දකිද්දී බඩත් පිරුණා වගේ” කියල. මාර්ගඵල ලද උතුමන්ලාට නිරාහාරව සක්මන් කරමින් ජීවත් විය හැකියි කියල දහමේ දැක්වෙනව, සමහර විට එතුමන්ලා ලද ලෝකෝත්තර සතුට ආහාරයක් කරගන්නව ඇති. ඒ විතරක් නොවෙයි අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ආභස්සර ලෝකයෙන් මෙලොවට පැමිණි බ්‍රහ්මයින් මුල් කාලයේදී සතුට ආහාරයක් කරගෙන ජීවත් වෙන බව දැක්වෙනව. ඔය සියල්ලෙන්ම පෙනෙන්නේ බඩේ ගින්න නිවීමට වඩා හිතේ ගින්න නිවීම වැදගත් බවයි.
    සංවර්ධනය යනු ධනය ‍රැස් කිරීමනම්, ශ්‍රී මුඛ දේශනාවට අනුව “සංතුට්ඨී පරමං ධනං” ලෙස විග්‍රහ වෙද්දී වඩාත්ම සතුටින් වාසය කරන ජනතාවක් වෙසෙන රට ලොව සංවර්ධිතම රට බවට පත් වෙයි. ඒ අනුව අප රට ලොව සංවර්ධිතම රාජ්‍යය බවට පත් කිරීමටනම් කළ යුත්තේ, බටහිර කසිකබල් ආර්ථික විද්‍යාවට ‍රැවටී, තිබෙන ගස් කොළන් ටික කපා දමා වැව් කුඹුරු ටික ගොඩ කර දමා අහස උසට ගොඩනැගිලි ඉදි කරමින් සිංගප්පූරුව මෙන් කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් කිරීම නොවේ. බෞද්ධ ආර්ථික විද්‍යා මාවතේ ගොස් ජනතාවගේ වුවමනාවන් හැකි තාක් සීමිත කරගනිමින් ආධ්‍යාත්මිකව නිදහස් ජීවිතයකට ඔවුන්ව යොමු කිරීමයි. ඒ සඳහා ඉවරයක් නොමැතිව රූපවාහිනියෙන් පෙන්වන සහ හංදියක් හංදියක් ගානේ ඇති වෙළඳ දැන්වීම් ටිකවත් පාලනය කරගනිමින් යම් ආරම්භයක් දීමට රජයට හැකි විය යුතුයි.
    වැදගත් කාරණාව වන්නේ අල්පේච්ඡ ජීවිතය කියන එක, අධ්‍යාත්මික සුවය සදහා මුල් තැන ලබා දුන් ඒ තුළින්ම අවුරුදු දහස් ගණනක් හික්මුණු ජාතියක් වන සිංහල බෞද්ධ ජනතාවගේ ඇඟේ තියෙන එකක්. නමුත් අලෙවිකරණය මගින් අසීමිත වුවමනාවන් කෘතිමව ජනතාව වෙත ආරෝපණය කිරීමෙන් සිදුවී ඇත්තේ, එම වුවමනාවන් උපයෝජනය (Utilise) කර ගැනීමට ජනතාව ප්‍රමාණවත් ආර්ථිකමය නිෂ්පාදනයක් සිදු නොකරද්දී අතේ මුදල් නොමැති වීම නිසා ජනතාව ඉච්ඡාභංගත්වයට පත් වීමයි. එහි ආතතිය අන්තිමේදී පවත්නා ඕනැම රජයක් පිටින් යාම 48 සිටම සිදුවූ ආකාරය අළුතෙන් පැහැදිළි කළ යුතු නෑ. ඔන්න ඔය හේතුව නිසාත් වුවමනාවත් සංතෘප්ත කරන කසිකබල් සංවර්ධනයෙන් මිදීම පක්ෂ බේධයකින් තොරව ඕනෑම රජයකට වැදගත් වේවි.
    අද බටහිරයන් පවා “Simple Life” යන සංකල්පය තුළින් අනුගත වෙන්නට උත්සාහ ගන්නේ ඒ බෞද්ධ ආර්ථික විද්‍යාත්මක සංවර්ධනයේ භෞතික අංගය වන අල්පේච්ඡ ජීවිතයටයි. නොසි‍ඳෙන ආශාවන්ගෙන් ගිනිගන්නා බටහිර ලෝකය, අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ වැනි හිමිවරුන් දෙසන සුමධුර දහම් අමා වැසි වල සිසිලසින් නිවී ගොස් ආධ්‍යාත්මික සංවර්ධනයකුත් ඇති වුන දාට, කේන්ස් – ඩේවිඩ් රිකාඩෝ – ඇඩ්ෆ්‍රඩ් මාෂල් ලාගේ නූතන පරපුර අපටත් “Buddhist Economics” උගන්වාවි, අන්න එදාටනම් අපේ සරසවි වල ඇදුරොත් බටහිරයන්ගෙන් නැවතත් කොපි කරගන්නා අළුත් ආර්ථික විද්‍යාව වැළඳගනීවි.
    – Ranga Jayawardane / sinhalabuddhist

    c news

    April 17, 2012 at 12:18 am | lanka C news

     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බන්ධුල ගුණවර්ධන සහ ආර්ථික විද්‍යාව


    පසුගිය දාක ගිෆන් භාණ්ඩ ගැන බ්ලොග් post එක ලියවුනු විදිය ගැන මට පස්සෙ පොඩි ජොලියක් ආව.

    සිංහල බ්ලොග් බලන අය හුඟ දෙනෙක් ඉස්කෝලෙ දි මැත්ස් කරපු, දැන් IT කාරයො බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ? මේ කෂ්ටියට ආර්ථික විද්‍යාව කියල දෙන්න තවත් ඒ විදියෙ කතන්දරයක් දෙකක් ලියන්න ඕනි කියල මට එදාම හිතුන. මෙන්න ඒකෙ මුල් ප්‍රතිපලය.

    පසුගිය දවසක බන්දුල ගුණවර්ධන කියන හිටපු ටියුෂන් මාස්ටර් එහෙම නැත්නං සයිමන් නවගත්තෙගම ගෙ නවකතාව ආශ්‍රයෙන් ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්‍ෂණය කරපු සුද්දිල ගෙ කතාව චිත්‍රපටියෙ නිෂ්පාදක, එහෙමත් නැත්තං සුමිත්‍රා රාහුබද්ධ ගෙ කතාව ඇසුරෙන් පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්‍ෂණය කරපු සිරි මැදුර චිත්‍රපටියෙ නිෂ්පාදක, (මීට අමතරව, මිනිහ දුසිං දහයක් ඇමතිලා ගෙන් එක් කෙනෙක් බවත් මං දන්නවා) බඩු මිල ගැන කියල තිබුණු කතාව මතකයි නේද?

    පොර කියල තිබුනෙ ඕනෙම කාලෙක පාරිභෝගිකයො වශයෙන් අපි කරන්න ඕනැ, ඒ කාලෙ ගණං ගිහිල්ල තියෙන එලවළු වෙනුවට ඒ කාලෙට ලාබෙට තියෙන එලවළු කන එක කියල යි.

    මේ කතාවට පත්තරකාරයො, කාටූන් කාරයො, දේශපාලන විශ්ලේෂකයො හුඟ දෙනෙක් හිනා වුනා. ජයවර්දෙනපුර බී.කොම්. උපාධි ගත්තු ශ්‍යාම් ගනේවත්ත වගේ ආර්ථික විද්‍යාව ගැන දන්න විශේෂාංග උපකතුවරු හිටියත් දිවයින පත්තරේ බන්දුල ට සරදම් කරල කතු වැකි පවා ලිව්ව. අණුවන කම ද, ලාබ විහිළු ඕනැ කම ද මන්ද?

    බන්දුල ගුණවර්ධන කිව්වෙ ඉතා සරල කතාවක්. ඇත්තටම අපි හුඟ දෙනෙක් නිරායාසයෙන් ම කරන්නෙත් ඕකම තමයි. මොකක්ද? තමන් ට ගන්න පුළුවන් බඩු ගන්න එක.

    ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි අඩු සම්පත් ප්‍රමාණයක් වැඩි පිරිසක් අතර බෙදන්නෙ කොහොමද කියන එක. මේ සදහා තියෙන එතාමත් සාධාරණ ඒ වගේම ඉතාමත් අකාර්යක්‍ෂම ක්‍රමය තමයි අවශ්‍ය සියළු දෙනාටම සමානව බෙදා දීම. මේක නිකං වෙන්නෙ නෑ. රාජ්‍ය යාන්ත්‍රණයක් ඕනැ. ඉතිං අකාර්යක්‍ෂමතාවය, දූෂණය, කළුකඩ අනිවාර්්‍යයෙන්ම බලපානව.

    මේ ප්‍රශ්ණෙට තියෙන හොඳම විසඳුම තමයි භාණ්ඩයකට පාරිභෝගිකයන්ගෙන් තියෙන ඉල්ලුම සහ භාණ්ඩයේ නිෂ්පාදකයො කරන සැපයුම අනුව වෙළද පොලේ ගණුදෙනු මගින් වැඩේ වෙන්න දෙන එක. අනිවාර්්‍යයෙන්ම ඒක අසාධාරණ ක්‍රමයක්. භාණ්ඩයක සැපයුම අඩුවෙන කොට මිල ඉහල ගිහින් ඒක දරන්න හැකි ටික දෙනෙකුට විතරයි ගන්න පුළුවන් වෙන්නෙ. සල්ලි නැති අයට හුලං තමයි. නමුත් වැඩේ කාර්යක්‍ෂමව වෙනව. ආණ්ඩුවට තියෙන්නෙ කූල් එකේ ටැක්ස් එක එකතු කරගන්න විතරයි. ඒකෙන් පුළුවන් දුප්පත් අයට සහන දෙන්න.

    දැන් බන්දුල ගුණවර්ධන කිව්වෙ ගනං ගිය එලවළු වෙනුවට ඒ කාලෙට ලාබ එලවළු ගන්න කියලනෙ. මේක විශේෂයෙන් ම එලවළු, පලතුරු වගේ සීසනල් (සෘතුමය) භාණ්ඩ වලට බලපාන දෙයක්. සමහර එලවළු ජාතිත් එහෙමයි. අඹ වාරෙට සප්ලයි එක වැඩියි. ඉතිං මිල අඩුයි. හුඟ දෙනෙකුට අඹ කන්න පුළුවන්. අවාරෙට අඹ හිඟයි. ඇත්තටම හොයා ගන්නත් නෑ. ඒ කාලෙටත් අඹ වාරෙ වගේ අඹ කන්න ගියොත් අඹ ඉන්දියාවෙන් ගෙන්නලා ගෙඩියක් රැපියල් දාහට විතර දෙන්නයි වෙන්නෙ. හොඳම වැඩේ අඹ නැතුව වෙන පලතුරු කන එකයි.

    මේ විදියටම, ඕනෑම එලවළුවක් ගනං කාලෙට (අවාරෙට), ඒ වෙනුවට ඒ වාරෙ හොඳට වැවෙන එලවළු කන්න පුළුවන්. එකක් අනිකට ආදේශ කරන්න පුළුවන් කොච්චර එලවළු ජාති තියෙනව ද රටේ? මේවට කියනව අනුපූරක භාණ්ඩ කියල මට මතක හැටියට.

    හැබැයි ඉතිං, පරිප්පු වෙනුවට මුං ඇට කන්න බැරි, අර්තාපල් වෙනුවට බතල කන්න බැරි උන්නැහෙලට නං මේව කරන්න බෑ.
    පත්තරකාරයො හිනාවුනාට, බන්දුල කිව්වත් නොකිව්වත් අපි සාමාන්‍ය මිනිස්සු හැමදාම කරන්නෙ ඕක තමා. ගිහාන් කාරය ගෙ ඩොට් එල් කේ ඩෝමේන් ගණං හින්දනෙ අපේ කෂ්ටිය හුඟ දෙනෙක් ඩොට් කොම් නැත්තං ඩොට් නෙට් ගන්නෙ.

    අවසාන වශයෙන් එකක් කියන්න ඕනෑ. බන්දුල කාරයගෙයි මගෙයි කිසිම සම්බන්ධයක් නෑ. ජීවිතේට මං මිනිහව ඇස් දෙකෙං දැකල තියෙන්නෙ එකම එක දවසයි. ඒ අවුරුදු දහයකට විතර කලින් පොර ඉන්ටර්කූලර් එකක යනව නුගේගොඩ හරියෙ. මං හිටියෙ අනිත් පැත්තට යන 138 බස් එකක.

    කතන්දර කාරයා

    http://kathandara.blogspot.com/2009/09/blog-post_25.html
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මාර්ථික විද්‍යාව

    money-tree-wallpaper-money-tree-300x272.jpg
    මෑත කාලයේ සිදුවූ දේශපාලනික පෙරළියේ ප්‍රතිපලයක් වශයෙන් ලොවට නවතම ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට අපහට හැකිව ඇත.
    මෙයට සුදුසුම නාමය වන්නේ “මාර්ථික විද්‍යාව” ය. එය අද්විතීයය. ඒ කෙසේද යත් එය…..

    බදු අඩුකිරීම
    අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක බදු අඩුකෙරේ. මෙමගින් රුපියල් කෝටි 4000ක බදු ඉවත් කරන බව සඳහන්ය. එනම් බිලියන 40කි. තවද ඉන්ධන මත සහ ගෑස් මත පනවාතිබෙන බදුද ඉවත් කෙරේ. මීට අමතරව තවත් බදු අඩු කිරීමට සිදුවනු ඇත. සහනදායී ආණ්ඩුවක් නම් මත්ද්‍රව්‍ය වැනි දේවල් වලින් හැර අනෙකුත් කිසිදු භාණ්ඩයක බදු වැඩි නොකරනු ඇත.

    භාණ්ඩ මිල අඩු කිරීම
    බදු ඉවත් කිරීම මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකරන බව පැවසේ. මීට අමතරව අනෙකුත් භාණ්ඩවලද මිල සැලකියයුතු අයුරින් අඩුවේයයි උපකල්පනය කල හැක. තවද වී සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදෙන බව සඳහන්ය.
    (නමුත් එවිට හාල් කිලෝවක මිල (වී කෙටීම ආදිය සඳහා වැයවන මුදල, ප්‍රවාහන වියදම්, වෙළෙන්දන්ගේ ලාභය ආදිය නොමැතිව රුපියල් 70ත් 80ත් අතර වේ)
    තවත් වරක අර්තාපල් සඳහා රුපියල් 60ක සහතික මිලක් ලබාදෙන බව සඳහන් කර ඇත.
    (එවිටද සාමාන්‍ය වෙළඳපොලේ අර්තාපල් කිලෝවක මිල කිසි විටකත් රුපියල් 70කට වඩා අඩු විය නොහැක මෙය ගොවියාගේ පාර්ශවයෙන් වාසිදායක වන නමුත් පාරිභෝගිකයාගේ පාර්ශවයෙන් එතරම් වාසිදායක නොවේ)
    මීට අමතරව දැනට ආනයනය කරන සියලුම එළවලු සහ පළතුරු ආනයනය තහනම් කරන බව පැවසේ.
    (එමගින් ගොවි ජනතාව හට සහනයක් අත්වේයයි පැවසුවත්, නිෂ්පාදනයේ ඇතිවන උච්චාවචායන හේතුවෙන් මිලෙහි සිදුවන සීග්‍ර වෙනස්වීම යාමනය කරන්නේ කෙසේද යන්නද පැහැදිලි කල යුතුය. එමෙන්ම ලංකාවේ පවතින පරිභෝජනයට සරිලන නිෂ්පාදනයක් ඇතිකරන්නේ කෙසේද යන්නද පැහැදිලි කල යුතුය. ලංකාවේ පවතින භූමිය පරිසරයට හානියක් සිදු නොකර වගා කටයුතු සඳහා යොදාගන්න ආකාරයද පැහැදිලි කල යුතුය)

    රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම
    රාජ්‍ය සේවක පඩි රුපියල් 10000කින් වැඩිකරන බව පවසා ඇත. මීට අමතරව විදේශ රැකියා නියුක්තිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ ධීවරයන්ට විශ්‍රාම වැටුපක් ක්‍රමයක් යෝජනා කර ඇත.
    (මේ පඩි වැඩිකිරීම් වලට සමගාමීව පෞද්ගලික අංශයටද පඩි වැඩිකිරීම් ලබාදිය යුතු අතර ඒ සඳහා එම සමාගම් කැමැත්ත පලකළ යුතුය)
    සරලවම පැවසුවහොත් රටේ සියලු පුරවැසියන්ගේ ආදායම ඉහල නංවයි.

    සහන ලබාදීම
    වටින් පිටින් ඇසෙන පරිදි දැනට පවතින රජය විසින් දෙනුලබන (දෙනවායයි කියනු ලබන) සහන ඒ අයුරින්ම පවත්වා ගනිමින් තවත් සහන ලබාදීමට කටයුතු කරනු ඇත. සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම මෙන්ම අධ්‍යාපනය දියුණු කිරීම සහ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම යන කරුණු දැනටත් වඩා සිදුකරනු ඇත.
    (සහන සහ “නිදහස්” යන්න සෑම විටකම රජයට අමතර බරකි/වියදමකි)

    වැනි අත්‍යාලංකාර, ආකර්ෂණීය සැලසුම් රැසකින් යුක්තබැවිනි.
    එය සියල්ල ලබාදෙන කප්රුකකි, සුරබිධේනුවකි.
    (දැනට පවතින අදුරදර්ශී ආර්ථික වැඩපිළිවෙල යටතේ යන්තමින් හෝ දිවි ගැටගසා ගත්තේ “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩපිළිවෙල යටතේ ලබාදුන් බ්‍රේස්ලට්, චේන් උගස්කර ලබාගත් මුදලින් බව කරුණාවෙන් සළකන්න)
    ලෝකයේ සෑම රජයක්ම පාහේ (වතිකානුව වැනි රාජ්‍යයන් අතලොස්සක් හැර) රාජ්‍ය අදායමින් වැඩි ප්‍රමාණයක් උපයනුයේ බදු හරහාය. මෙයට රට තුලට ලැබෙන මුදල් අදාළ නොවේ (විදේශ විනිමය ලැබෙන මාර්ග හරහා) එසේ නොමැතිනම් රජය තරඟකාරී වෙළඳාම (භාණ්ඩ හා සේවා) කෙරෙහි නැඹුරුවක් දැක්විය යුතුය. විදේශයන්හි කරන ආයෝජන ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතු වන අතර ඉහත කරුණු දෙකේදී (බදු හැර) පෞද්ගලික අංශයට හානියක් නොවන අයුරින් එය සිදුකල යුතුය. බදු පැණවීම ඉතාමත් ප්‍රවේශම්ව කල යුතු වන අතර බදු ප්‍රතිශතය ඉහල යාම මෙන්ම පහල යාමද ඉතාමත් භයානකය.
    ඉහත මාර්ථික විද්‍යාව තුල රාජ්‍ය ආදායම වැඩිකරන ආකාරය පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැත. “දිරිගන්වනවා” “විදේශ ආයෝජකයන් ගෙන්වනවා” “කර්මාන්ත ශාලා ඇතිකරනවා” වැනි ප්‍රකාශ පැවසීමට පහසු කිරීමට අපහසු දේවල් බව අප ඉඳුරාම දනිමු. රාජ්‍ය සේවය කප්පාදු කල සහ රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කල පුද්ගලයන් තරඟකාරී වෙළඳාමකට රජයක් කෙසේ අවතීර්ණ කරයිද යන්න මහත් ගැටළුවකි.
    ඕනෑම රටක් තුල මුදල් සංසරණය විය යුතු අතර මුල්‍යමය සමතුලිත තාවයක් තිබිය යුතුය. ජනතාව අතර අනවශ්‍ය ලෙස මුදල් ගැවසීම (මෙය ක්‍රයශක්තිය ඉහල යාම නොවේ) එතරම් සුබදායී නොවේ. අදායම ඉහල ගොස් වියදම අඩුවීම සැමගේ සිහිනයක් උවත් එය සමස්ත රට තුලම අනවශ්‍ය අයුරින් සිදුවීම මතු ආර්ථික කඩාවැටීමකට හේතු විය හැක. මාර්ථික විද්‍යා ක්‍රමය තුල භාණ්ඩ මිල ඉතා විශාල ලෙස පහල ගොස් වැටුප් විශාල ලෙස ඉහල දැමීම හරහා රටේ බහුතරයකගේ අත මුදල් ඉතිරි වේ. මෙමගින් ඇතිවන ක්ෂණික ප්‍රතිපලය වන්නේ බහුභාණ්ඩික ජීවන රටාවකට යොමු වීමය. තාක්ෂණික සහ කාර්මික භාණ්ඩ නිෂ්පාදනය නොකරන රටක් බැවින් එවන් භාණ්ඩ ගෙන්වීම නිසා මුදල් ඉවතට ගලායාම නිසා රුපියලේ අගය අඩුවීම සිදුවිය හැක.
    ආනයන අඩුකර අපනයන වැඩිකරනවා යයි පැවසුවත් එය කිරීම එතරම් ලේසි පහසු කරතව්‍යක් නොවන අතර ඒ සඳහා දිගු කාලයක් ගතවේ. නමුත් ඉහත කී කරුණු හේතුවෙන් රට තුල උද්ධමනයක් ඇතිවීම වැලැක්විය නොහැක.
    නිෂ්පාදන වැඩිකර අපනයන වැඩි කරන විට පෙරහැර ගොස් හමාරය. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට බොහෝ ක්‍රම ඇති නමුත් ඒ කිසිවක් ක්ෂණික නොවේ. ඒ සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සහ ඉවසීමක් තිබිය යුතුය.

    තවත් කරුණක් වන්නේ රටම ණයගැති කර ඇති බවය. කාරණාව සත්‍යය. නමුත් එසේ ණය ගෙන ඇත්තේ පරිභෝජනය සඳහා නොවන බව වටහාගත යුතුය. එසේ ගත ණය වලින් සැලකියයුතු කොටසක් හොරකම්කර ඇතිබවද පෙනෙන්නට ඇත. නමුත් මාර්ථික විද්‍යාඥයින් හිතාමතා අමතක කර ඇති කරුණක් වන්නේ එසේ ගත් ණය ගෙවියයුතු බවය. සහන සැලසීමටත්, ණය ගෙවීමටත් අවශ්‍ය මුදල සොයාගන්නා ආකාරය පැහැදිලි කර නැත.
    සරල ක්ෂණික පිළිතුරක් ඇත. එනම් පෞද්ගලීකරණයයි. නමුත් එලෙස විකුණගෙන කෑමේද සීමාවක් ඇත.
    විකුණාගෙන කෑහැකි සියල්ල විකුණාගෙන කෑ පසු කරන්නේ “වත්ත බද්දට දී ඇස්සට දත නියවීම“ද යන්න පැහැදිලි කල යුතුමය.

    http://articlesspace.lk/2014/12/22/මාර්ථික-විද්‍යාව/#more-110
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්‍යාවට හෑදින්වීමක්

























    ආර්ථික විද්‍යාව යනු කුමක්ද ?

    ආර්ථික විද්‍යාව පිලිබද මහාචාර්ය වරයකු වන ලයනල් රොබින්ස් (1898-
    1984) " ආර්තික විද්‍යාවෙ ස්වාබාවය සහ වෑදගත්කම පිලිබද රචනයක්" මෑයෙන් 1932 ප්‍රකාශයට පත් කල කෘතියෙහි ආර්තික විද්‍යාව යනුවෙන් නිර්වචනය කරනු ලෑබුවේ






    " විකල්ප භාවිත සහිත හිග සම්පත් හා වුවමනා අතර පවතින සම්බන්දතාවෙ දී මිනිස් හෑසිරීම් අද්යනය කෙරෙන විද්‍යාවක් " ලෙසය....




    ආර්තික විද්‍යාවෙ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස ගිග කම පිලිබද ප්‍රථම වරට අවදානය යොමු කල අතර,ආර්තික විද්‍යාව පිලිබද නිර්වචනය ලෙස බොහෝ දෙනකු විසින් උපුටා දක්වනු ලබන්නේ මෙම ජනප්‍රිය නිර්වචනයයි.මෙය ඉදිරිපත් කරන ලද්දෙ " රොබින්ස් " විසිනි.




    ආර්තික විද්‍යාව අද්‍යනය කිරීමට නම් මෙම ශික්ශණ ක්‍රම්යෙහි පදනම වශයෙන් පවත්නා ප්‍රදාන මුලධර්ම කීපයක් හදුනා ගෑනීමට සිදු වේ.. ඒම මුලදර්ම පහත දෑක්වේ.




    1- මෙලෙස ගත් කල සෙම සෑම පුද්ගලයෙකු මෙන්ම සෑම සමාජයක්ම හිග කම නෑමෑති කේන්ද්‍රීඅය ප්‍රශ්නයට මුහුන දී සිටි.එම පසුබිම තුල අපගේ වුවමනාවන් සපුරා ගෑනීමට උත්සහ කිරීමේදි තේරීම් කිරීමට සිදුවේ.තෙරීම් කිරීමෙදි කෑප කිරීමක් හෙවත් පිරිවෑයක් හටගෑනීම වෑලෑක්විය නොහෑකි වේ.අප සතු සීමිත සම්පත් වලින් කිසියම් වුවමනාවක් සපුරා ගෑනීමට තීරණය කල විට,එම සම්පත් වලින් සපුරා ගත හෑකිව තිබු වෙනත් වුවමනාවක් අතහෙර දෑමීමට සිදු වේ.මෙලෙස තේරීම් කිරීමෙදී අප විසින් අත් හරිනු ලබන ඊලග හොදම විකල්ප වුවමනාවෙ වටිනාකම එම තෙරීම නිසා හට ගන්නා පිරිවෑය හෙවත් ආවස්තික පිරිවෑය වශයෙන් හදුන්වනු ලෑබේ..ඕනෑම තේරීමක සෑබෑ පිරිවෑය වනුයේ ඒ සදහා වෑය කරන මුදලේ ප්‍රමාණය නොව, එම තෙරීම තුලින් හටගන්නා ආවස්තික පිරිවෑය වේ.මේ අන්දමින් සෑම තේරීමකදීම ආවස්තික පිරිවෑයක් හටගන්නා බව පිලි ගෑනීම ආර්තික විද්‍යාවේ මුලික පදනමකි." පිරිවෑයකින් තොර කිසිවක් ලොව නොමෑත " යන ප්‍රකාශයෙන් ආර්තික විද්‍යාව විශයේ හරය පිලිබිබු වේ..




    2- ආර්ථික විද්‍යාවේ එන චින්තන ක්‍රමයෙ තවත් සුවිශේෂි උපකල්පනයක් වනුයේ පුද්ගලයන් තේරීම් කිරිමේදි ස්වාර්ථය උදෙසා තාර්කිකව කටයුතු කරන බවය.ස්වාර්තය උදෙසා තාර්කික ව ක්‍රියා කරනු එතෑයි යන්නෙන් අදහස් වන්නේ,විවිද විකල්ප අතරින් තේරීම් කිරීමේදි තමන්ට වෑදි තෘප්තිය ලබා දෙන තේරීම් කරන බවයි.ස්වාර්තය උදෙසා කටයුතු කිරීම යන්නෙන් අවශ්‍යයෙන් ම ආත්මාර්තකාමි හෙසිරීමක් අදහස් නො වේ.අන්‍යයන්ට උදව් කිරීම මගින් තමන්ට ලෑබෙන තෘප්තියද, ස්වාර්තය උදෙසා යොමු වු තාර්කික හෑසිරීමේහි ම ප්‍රතිපලයක් ලෙස හදුනා ගත හෑකිය.




    3- තීරන ගෑනීමට අදාළ ආර්ථික විද්‍යාත්මක චින්තනයේ තවත් මුලික උපකල්පනයක් වන්නේ ආන්තික පදනමකින් ප්‍රතිලාභ සහ පිරිවෑය තුලනාත්මකව විග්‍රහ කොට බලා, අදාළ තේරීම් ආන්තික ප්‍රතිලාභ, ආන්තික පිරිවෑය ඉක්මවා යන්නේ නම් පමනක් එම තේරීම් කිරීම ස්වාර්ථය උපරිම කර ගෑනීමට ඉවහල් වන බවය.බොහෝ විට අප හමුවේ ඈති තෙරීම් ආන්තික වෙනස්කම් හා අදාල තීරණයන්ය.


    ආර්තික විද්‍යාව හෑදෑරිය යුත්තේ ඈයි?


    නුතන රාජ්ය පාලකයන් තම රාජ්‍ය පාලනය සදහ අවශ්‍ය උපදෙස් හා ප්‍රතිපත්ති නිර්දේශ,ආර්තික විද්වතුන්ගෙන් ලබා ගෑනීමට පුරුදුව සිටී.ආර්ථික විද්‍යාත්මක දෑනුම රාජ්‍ය පාලනයේ දි පමණක් නොව සාර්තක පුරවෑසියකු ලෙසින් සමාජය තුල කටයුතු කිරීමටද අතිශය වෑදගත් වේ.අප අවට සමාජයේ සිදුවන ආර්තික සන්සිද්දීන් මෑනවින් තේරුම් ගෑනීමට ත්,පාරිබෝගිකයන්,නිශ්පාදකයන්,සේවා යෝජකයන් හා සේවකයන් වශයෙන් කටයුතු කිරීමේදී හා ඊට අදාළ තීරණ වඩාත් කාර්ය්‍යක්ෂම ව හා තාර්කිකව ගෑනීමේදීත්,ආර්ථික විද්‍යාත්මක දෑනුම හා ශික්ෂණය බෙහෙවින් ඉවහල් වනු ඈත.



    ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදය..



    ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස සෑලකේ.දේශපාලන විද්‍යාව,සමාජ විද්‍යාව,මනෝ විද්‍යාව,මනව විද්‍යාව වෑනි සමාජීය විද්‍යාවන් මෙන්ම ආර්ථික විද්‍යාවද මිනිසා හාඅ සමාජය පිලිබදව මුලික අවදානය යොමු කරයි.සුවිශේෂි වශයෙන් ආර්ථික විද්‍යාව විෂයේ අවධානය යොමු වනුයේ මිනිසා හා සමාජයේ ආර්ථිකමය හෑසිරීම් සහ ආර්ථික සන්සිද්දීන් පෑහෑදිලි කිරීම,විශ්ලේශණය කිරීම හා පුරෝකථනය යන කාර්‍ය්යන් කෙරෙහිය.මෙම කාර්‍යයන් සදහා ආර්ථික විද්‍යාව විෂය සුවිශේෂි වශයෙන් යොමු කිරීමේදි විශ්ලේෂනය සදහා යොදා ගෑනෙන ප්‍රකාශ ප්‍රධාන ස්වරුප දෙකක් ගනී,එනම්..

    1-යථානුරුපි ප්‍රකාශ
    2-අභිමතානුරුපි ප්‍රකාශ

    1-යථානුරුපි ප්‍රකාශ

    යථානුරුපි ප්‍රකාශයක් යනුවෙන් අදහන් වන්නෙ, කුමක්ද?,කුමක් වුයේද ? කුමක් වනු ඈද්ද යන ප්‍රශ්නවලට පිළිතුරු දීම සදහා යොමු වුණු ප්‍රකාශයන්ටය.කිසියම් විචල්‍ය කිහිපයක් අතර පවත්නා සම්බන්දතාවය පෙන්වා දීමට හෝ කිසියම් සන්සිද්දියක් පෑහෑදිලි කිරීමට හෝ යථානුරුපි ප්‍රකාශ උපයෝගි කර ගනු ලෑබේ.


    යථානුරුපි ප්‍රකාශයක් හරි හෝ වෑරදි විය හෑකිය.එබදු ප්‍රකාශයක නිරවද්‍යතාව ප්‍රත්‍යක්ශමුල කරුණු මගින් පරික්ෂාවට ලක් කළ හෑකිය.යථානුරුපි ප්‍රකාශය ,ප්‍රත්‍යක්ෂ මුල සාධක සමග නොගෑලපේ නම් එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු ලබයි.එබෑවින් යථානුරුපි ප්‍රකාශ විද්‍යාත්මක ස්වරුපයක් ගනි.සෑබෑ දත්ත වලින් තහවුරු වුව හොත් පමණි,එබදු ප්‍රකාශයක් නිවෑරදි ප්‍රකාශයක් ලෙස බාරගනු ලබනුයේ.එබෑවින් යථානුරුපි ප්‍රකාෂවල විද්‍යාත්මක ස්වරුපයක් දක්නට ලෑබේ.


    2-අභිමතානුරුපි ප්‍රකාශ


    අභිමතානුරුපි ප්‍රකාශයන් යනුවෙන් අදහස් වන්නෙ කුමක් විය යුතුද? යන ප්‍රශ්ණයට දෙන පිලිතුර හා යොමු වුන ප්‍රකාශයන්ටය.මෙබදු ප්‍රකාශ පුද්ගල බද්ද ස්වරුපයක් උසුලයි.



    ආර්ථික විද්‍යා ආදර්ශ ගොඩනෑන්වීම..












    අර්ථික විද්‍යාව විෂය තුල අන්තර්ගත වන ආර්ථික හෑසිරීම් හා සන්සිද්දීන් පෑහෑදිලි කිරීමට යොමු වුනු ආර්ථික න්‍යායන් හෙවත් යථානුරුපී ප්‍රකාශ ගොඩනෑගීමේදි පියවර කීපයක් අනුගමනය කරනු ලෑබේ.


    1-ආර්ථික විචල්‍යයභි හෑසිරීම් පිලිබද දත්ත නිරීක්ශණය කිරීම හා මිනුම් කිරීම
    .
    2-ආදර්ශ ගොඩනෑන්වීම සහ

    3-ගොඩනන්වන ලද ආදර්ශ සෑබෑ දත්තවලට අනුකුල වේදෑයි පරික්ශාවට ලක් කිරීම එම පිඅයවර වේ.

    http://e-commercesz.blogspot.com/20...ommercesz.blogspot.com/2014/01/blog-post.html
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    6%ට පසු වදනක්

    විය යුතු ලෙසම 6% සටන පරාජයෙන් කෙළවර විය. ඇතැමුන්ට එවන් සටනක් තිබුණු බවක් හෝ දැන් මතක නැත. තත්-කාලීන බොහෝ සමාජ දේශපාලන සංස්කෘතික ප්‍රවණතා පිළිබඳ ලියන මා රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම සහ දජානි 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම වෙනුවෙන් ආරම්භ කළ සටනට සම්බන්ධ නොවුණේ ඇයි ද යන්න සහ ඒ පිළිබඳ අදහස් පළ නොකළේ ඇයි ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබේ. ඇතැහු අධ්‍යාපනය සඳහා රජය දරන වියදම් වැඩි කිරීමට මා අකමැති දැයි ඇසූහ. මගේ ක්ෂණික පිළිතුර වූයේ මම ඒ සඳහා උඩින් ම කැමති බවය. එසේ නම් සටනට නාවේ ඇය? මේ ඒ සඳහා කෙටි පිළිතුරකි.

    මා මේ සටනට සම්බන්ධ නොවූයේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය පිළිබඳ මා තුළ ඇති අපැහැදීම, සටන් පාඨවල තිබූ අතාර්කික බව, සටනට නායකත්වය දුන් පිරිස් පිළිබඳ පැහැදීමක් නැති නිසාය. ආචාර්ය ඉල්ලීම් අතරින් ප්‍රමුඛ ඉල්ලීම ලෙස සමාජගත වූයේ දජානි 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු බවට කළ ඉල්ලීමය. (එහි වෙනත් ආන්දෝලනාත්මක ඉල්ලීම් ඇති බව පැවසුණ ද මේ ඒවා සාකච්ඡා කිරීමට අවස්ථාව නොවේ.) මේ ඉල්ලීම මූලික ආර්ථීක විද්‍යා සංකල්ප සහ රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ඇති පිරිසකට තරම් නොවන ඉල්ලීමකි. මේ සටනට සහාය පළ කළ බොහෝ දෙනා සිතා සිටින්නේ ආණ්ඩුවට දජානි යනුවෙන් නිධානයක් ඇති බවත් ඉන් බිඳක් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කර ඉතිරි සියල්ල ආණ්ඩුවේ ලොක්කන් අතර බෙදාහදා ගන්නා බවය. ඒ අර්ථයෙන් මේ වූ කලී මහා ප්‍රගතිශීලි සටනකි. රටේ අනාගතය වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමකි.





    අපි අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ජාතියකි. උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා! දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දන නම් වියතුන් සබා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමැයි! වැනි රුවන් වැකි බිහි වන්නේ එහෙයිනි. එහෙයින් අපේ දෙමාපියන් සිය දේපළ විකුණා කුස ගින්නේ සිට හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට වෙහෙසෙති. එහෙයින් අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කිරීම පිළිබඳ සටනට සහාය පළ කළේ අවංක අදහසිනි. එහෙත් සටනක් ජය ගැනීමට අවංකකම විතරක් ප්‍රමාණවත් නොවේ. ඒ සටන ප්‍රායෝගික විය යුතුය. නිරර්ථක සටනක් නොවිය යුතුය. හදවතින් නොව බුද්ධියෙන් සටන් කළ යුතුය. එහෙත් එය එසේ නොවුණු අතර බුද්ධියෙන් තොරව හදවතින් කළ සටන කෙළවර පරාජයෙන් කෙළවර විය.

    රටක වසරක් තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල සමස්ත වටිනාකම දළ ජාතික නිෂ්පාදනය යැයි කිව හැකිය. එම ආදායම රටේ ආර්ථිකයේ ස්වභාවය අනුව රාජ්‍ය අංශ සහ පෞද්ගලික අංශය අතර බෙදී යයි. කිසියම් රටක සියලු භාණ්ඩ හා සේවා නිෂ්පාදන කරන්නේ රාජ්‍ය අංශය නම් සමස්ත දජානි ආදායම රාජ්‍ය අංශය සතු වන අතර සියලු භාණ්ඩ හා සේවා නිෂ්පාදන කරන්නේ පෞද්ගලික අංශය නම් සමස්ත දජානි ආදායම පෞද්ගලික අංශය සතු වේ. එහෙත් වර්තමානයේ බොහෝ ආර්ථික මිශ්‍ර ආර්ථික වේ. එනම් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට සම්බන්ධ වේ. ලංකාවේ ආර්ථිකය ද එවැන්නක් වන අතර එහිලා රාජ්‍ය අංශයේ දායකත්වය ඉතා අඩු බවද පෞද්ගලික අංශය හා සසඳන කල එය බෙහෙවින් අඩු අගයක් ගන්නා බවද කිව යුතුය. වෙනත් ලෙසකින් කිවහොත් වසරකට ලංකාව රු. 100ක් උපයන විට ඉන් රු. 86ක් උපයන්නේ පෞද්ගලික අංශයයි. රාජ්‍ය අංශයට හිමි වන්නේ රු. 14කි. ඒ 14න් බහුතරය ඍජු සහ වක්‍ර බදු. ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, රටේ සංවර්ධන කටයුතු, ආණ්ඩුවේ වියදම් ඇතුළු සියලු කටයුතු කරන්නේ මේ 14%නි. වෙනත් ලෙසකින් කිවහොත් ආණ්ඩුවේ අමාත්‍යංශ 52ක් තිබේ. ඒ සියල්ලට වියදම් කරන්නේ එම 14% ආදායමිනි. එම 14%න් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළොත් සෙසු අමාත්‍යංශ 50ට ම වියදම් කරන්න ඉතිරි වෙන්නේ 8%කි. ඒක කිසිසෙත් ප්‍රයෝගික නැත. වර්තමානයේ රාජ්‍ය ආදායම 14%ක් වන විට රාජ්‍ය වියදම් 24%ක් වී තිබේ. එනම් රජය තම ආදායම්වලට වඩා වියදම් කරයි. මේ නිසා රටේ අයවැය හිඟයක් නිර්මාණය වී ඇත.

    මේ තත්වය මත මම මගේ මිතුරන්ට කීවේ මේ සටන කවදාවත් ජයග්‍රහණයකින් කෙළවර කළ නොහැකි නිරර්ථක සටනක් බවය. ඔවුන් එදා එය නොපිළිගත්තත් අද පිළිගන්න සිදුව තිබේ. මේ සටන රාජ්‍ය ආදායමින් යම්කිසි ප්‍රතිශතයක් ඉල්ලලා කළා නම් මීට වඩා තාර්කිකය. අනෙක් අතට ඔවුන් පුනපුනා විවිධ රටවල අධ්‍යාපන වියදම් ලැයිස්තු ඉදිරිපත් කළත් ඒවා ඉතා බොළඳ ඒවා විය. රටවල ආර්ථික විවිධය. ඒවායේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වයත් වෙනස්ය. නිදසුනක් ලෙස කියුබාවේ දජානි යනු රාජ්‍ය ආදායමයි. පෞද්ගලික ආදායම් ඇත්නම් ඒ නොගිණිය යුතු තරමකි. එහෙයින් කියුබාවේ දජානියේ අධ්‍යාපන වියදම දජානියේ පෞද්ගලික කොටස වැඩි අපේ රට හා සැසඳීම විහිළුවකි.

    රජය අධ්‍යාපනය සඳහා දරන වියදම් ක්‍රමයෙන් අඩු කරන බවට දැක්වූ ප්‍රස්තාර පුංචි ළමුන්ට ඇස් බැන්දුම් පෑමට දෙවෙනි නැත. රටේ දජානි වැඩි වන විට ඊට සාපේක්ෂව අධ්‍යාපන වියදම් වැඩි නොවන විට එය ප්‍රතිශයක් ලෙස පහළ යයි. ඒ පහළ යාමෙන් රජය අධ්‍යාපන වියදම් අඩු කළ බවක් නොකියවේ. නිදසුනක් ලෙස 1990 රටේ දජානි රු. 1000ක් වෙද්දී අධ්‍යාපන වියදම රු. 500 නම් ඒ වසරේ දජානිවල අධ්‍යාපන වියදම 50%ක් වෙනවා. එහෙත් 2000 වෙද්දි දජානි 2000ක් වෙලා අධ්‍යාපන වියදම රු. 500ම නම් ඒ වසරේ දජානිවල අධ්‍යාපන වියදම 25%යි. ඒකෙන් කියවෙන්නේ නැහැ රජය අධ්‍යාපන වියදම රු. 400ක් හෝ 300ක් කළ බවක්. ඒ වගේම හැම කෙනෙක් ම තමන්ගේ ආදායමින් මෙච්චර කොටසක් අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතුය කියලා කීමත් තාර්කික නැහැ. ළමයෙකුට වාර්ෂික අධ්‍යාපන වියදම රු. 5000ක් යැයි සිතුවොත් කමල්ගේ පියාගේ ආදායම රු. 10 000 නම් ඔහුට තම ආදායමින් 50%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු වෙනවා. එහෙත් ජගත්ගේ පියාගේ ආදායම රු. 100 000 නම් ඔහුත් වියදම් කරන්නේ සිය ආදායමින් 5%ක් විතරයි. ප්‍රතිශතය අනුව ගත්තොත් ජගත්ගේ පියා තමන්ගේ පුතාට විදයම් කරන්නේ අඩු මුදලක්. නමුත් ඇත්ත ඒක නෙමේ. එහෙත් ප්‍රතිශතය අනුව කමල්ගේ පියාට සමාන වෙන්න නම් ජගත්ගේ පියාට පුතාගේ අධ්‍යාපනය සඳහා රු. 50 000ක් විදයම් කරන්න සිද්ධ වෙනවා. මෙලෙස රටේ දජානි ඉහළ යන විට අධ්‍යාපනය සඳහා දරන වියදම අඩු කළාය කියන තර්කයම කෙනෙකුට අනෙක් පැත්තට නැඟිය හැකියි. එනම් කිසියම් අවස්ථාවක දජානි අඩු වු‍ණොත් කිව හැකියි ඔන්න අපි අධ්‍යාපන වියදම් වැඩි කළා කියලා. ඒත් ඇත්ත ඒක නෙමේ.

    මේ සියල්ලට ම වඩා වැදගත් කාරණාව ඔවුන් සසඳන සියලු රටවල අධ්‍යාපනය සඳහා මුදල් අය කරනවා. ඒ රටවල් මුදල් අය කරන විශ්වවිද්‍යාල නඩත්තු කරනවා. නමුත් අපේ රටේ ඒ සඳහා තියෙන්නේ දැඩි විරෝධයක්. මට හිතෙන්නේ අපි වහාම පෞද්ලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. රජයත් මුදල් අය කරන විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. ඒවා විධිමත් ලෙස පවත්වා ගෙන යමින් එම ආදායම් නැවත අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතුයි. බංගලිදේශය වගේ රටවල්වලට පුළුවන් නම් ඒක කරන්න අපේ රටට බැරි නැහැ. මේ නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වේය කියලා තියෙන්නේ හුඹස් බියක්. එහෙම කෑ ගහන බොහෝ අය තමන්ගේ දරුවා ජාත්‍යන්තර පාසැල් යවනවා. පෞද්ගලික බස්වල ගමන් බිමන් යනවා. බෙහෙත් ගන්න පෞද්ගලික රෝහල්වලට යනවා. හැබැයි ඒවා ආරම්භ කරද්දිත් නිදහස් අධ්‍යාපනය ඉවරයි! නිදහස් සෞඛ්‍යය ඉවරයි! කියලා ඝෝෂා කළා. අන්තිමට වෙච්චි දෙයක් නැහැ.

    මම කියන්න උත්සාහ කළේ අපේ රටේ අධ්‍යාපනය හරිම හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ කියලා නෙමේ. මේ රටේ අධ්‍යාපනය මහා විකෘතියක්. ඒ නිසා ඒ සමස්ත පද්ධතියම වෙනස් විය යුතුයි. රැකියාව සහ ඉගනීම කියන්නේ දෙකක්. එහෙත් දැන් ඉගෙන ගන්නේ රැකියවක් කරන්න. විශ්වවිද්‍යාලයට එන්නේ ඒක රැකියාවක් ගන්න ලේසි මගක් නිසා මිසක් ඉගෙන ගන්න නෙමේ. අද විශ්වද්‍යාල ජොබ් ෆැක්ටරි බවට පත්ව ඇත. කාර්මික විද්‍යාල, විවිධ රැකියා පුහුණු පාසැල් සහ විශ්වවිද්‍යාල අතර වෙනසක් නැත. හරියට ඇඟළුම් කම්හල්වල වගේ. අත මහන කෙනා කොලර් එක මහන්න දන්නේ නැහැ. බොත්තම් කාසේ මහන කෙනා බොත්තම අල්ලන්න දන්නේ නැහැ. ඉතිහාසය උගත්තු සාහිත්‍ය දන්නේ නැහැ. ආර්ථික විද්‍යාව උගත්තු දේශපාලන විද්‍යාව දන්නේ නැහැ. මේ උගත්තු විද්‍යාව ගැන මූලික සංකල්ප ටිකවත් දන්නේ නැහැ. විද්‍යා උගත්තු පෙර කී කිසිදු විෂයක් දන්නේ නැහැ. අද විශ්වවිද්‍යාලවලින් බිහි වෙන්නේ මේ විදිහේ බොත්තම් කාස උගත්තු ටිකක්. ඇගළුම් සේවකයින්ට කවදාවත් තනියම ඇඳුමක් මහන්න බෑ වගේ මේ උගතුන්ටත් සමස්ත පද්ධතිය අවබෝධ කර ගන්න බැහැ. දන්නේ බොත්තම් කාස මහන්න විතරයි. මේ තත්වය වහා වෙනස් විය යුතුයි.

    රටට ලිපිකාරයෝ, උපාධිවලින් සහතික කළ උගත්තු වෙනුවට සැබෑ බුද්ධිමත්තු නිර්මාණය කළ යුතුයි. රටට ආදරය කරන රටේ දියුණුව ගැන හිතන පරපුරක් බිහි කර ගැනීම සඳහායි ආයෝජන වැඩි කළ යුත්තේ. එහෙම නැතුව මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙන ගෙන වෙන රටකට ගිහින් සැප ගන්න හිතන අය නෙමේ. තමන් රටට ණය බවවත් අද උගත්තු දන්නේ නැහැ. එහෙම අය නිර්මාණය කිරීම අවසානයේ රටට බරක්. අපේ දුප්පත් මිනිහගේ පාන් ගෙඩියට බදු ගහලා ඒ බදුවලින් උගන්නලා ඇමරිකාවේ කොම්පැණිවලට යවන්න ළමයි හදලා වැඩක් නැහැ. ඒ නිසා රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කර ගැනීම ඉතාම වැදගත්. අද අපි හදන්නේ එදා මැකෝලි ස්වාමි කීවා වගේ ලෙයින් මසින් පමණක් ස්වදේශීය වෙච්චි කළු සුද්දෝ ටිකක්. කොහොම වුණත් මේ ආණ්ඩුව කරන්නෙත් විශ්වවිද්‍යාලවල ඉන්නෙත් මැකෝලිගේ දූලා පුතාලා නිසා මේ විකෘතිය දැන්ම හඳුනා ගෙන පිළියම් යොදාවී කියලා මම හිතන්නේ නැහැ.
    http://kasapabbatha.blogspot.com/2012/11/6.html
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග
    ආර්ථික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ද තිදෙනකු අතරේ බෙදී ගියේය. ඒ, යූජීන් එෆ් ෆැමා, ලාර්ස් පීටර් හැන්සන් සහ රොබට් ජේ සිලර් අතරේය. යූජීන් එෆ් ෆැමා ඇමෙරිකානු ජාතික ආර්ථික විශේෂඥයෙකි. හැන්සන්, ඇමෙරිකාවේ චිකාගෝ සරසවියේ මහාචාර්යවරයෙකි. රොබට් ජේ සිලර්, ඇමෙරිකාවේ යේල් සරසවියේ මහාචාර්යවරයෙකි. නොබෙල් ත්‍යාගලාභීන්ගේ නම් ප්‍රකාශ කර අවසන් වී ඇතත්, ඔවුන්ට සම්මාන ප්‍රදානය සිදු කෙරෙනු ඇත්තේ එළැඹෙන දෙසැම්බර් 10 වැනිදාය.
    2013 නොබෙල් ත්‍යාගලාභියෝ

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    http://www.silumina.lk/punkalasa/20120506/_art.asp?fn=ar12050612
    හෑගොඩ විපස්සි හිමි


    ඔබ ධනවතෙක් ද? දුප්පතෙක් ද?
    කෙතරම් ධනය තිබුණ ද දුකට පත්වන්නන් සේම කෙතරම් දුප්පත් වුවද ධනවතුන් සේ පෙනෙන මිනිසුන් අපට දැකිය හැකිය. එසේ වන්නේ ඇයි?
    මේ බඳු වූ විශ්වයේ අපට පෙනෙන නොපෙනෙන දෑ පිළිබඳ ව ඉතා ගැඹුරිනුත්, ඉතා සරලවත් විග්‍රහ කිරීමට බුදු දහම සමත් ය. එහෙත් විවිධ බලවේගවල ක්‍රියාකාරීත්වය නිසා වැරැදි අර්ථකථන සැපයීමත් අන්තවාදී සංකල්ප ඉස්මතු වීමත් හේතුකොටගෙන නිර්මල බෞද්ධ දර්ශනය විකෘති කරමින් ලෝ දනන් හට ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට ඇති අවස්ථාව මඟහරවාලීමට තැත් දරන බවක් දැන් දැන් පෙනී යයි.
    එහි ඵලය වන්නේ නිවැරැදි මඟ පෙනි පෙනී වැරැදි මංමාවත් ඔස්සේ හැල්මේ දුවමින් අනවශ්‍ය තරගයකට අවතීර්ණ වීමෙන් සතුට නැමැති පරම ධනය විනාශ කරගන්නා පිරිස අතරට තවත් පිරිස් එක්වීම ය.
    බහුජන හිත සුව පිණිස බුදු දහමේ සරල අර්ථකථනයන් නිවැරැදිව ඉදිරිපත් වන්නේ නම් අනිත්‍ය ධර්මතාව පමණක් පෙන්වා දෙන දහමක් ලෙස හංවඩු ගසා සඟවාලීමට උත්සාහ දරන බුදු දහමේ ගිහි සැප අත්කර ගැනීමට දී ඇති උපදෙස් මඟින් සිටුවර දිවිපෙවෙතක් ගත කළ හැකි බව බොහෝ දෙනාට අමතකව ගොසිනි.
    සැබැවින්ම සැපවත් දිවියක මුල ආර්ථිකයයි. වත්මනෙහි ආර්ථික විද්‍යාව යනු පුළුල් අර්ථ රැසක් ගන්නා වචනයක් බව මොරටුව එගොඩ උයනේ ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමාධිපති සාහිත්‍ය කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද රාජකීය පණ්ඩිත පූජ්‍ය නරමානේ බුද්ධ රක්ඛිත හිමියන්ගේ ලිපියක උපුටා ගැනීමකින් මෙසේ සටහන් කළ හැකිය. එනම් “මේ මහ පොළොවේ ජීවත්වන සියලු මිනිසුන්ගේ පැවැත්මට හා හිත සුව පිණිස උපදනා හා උපදවනු ලබන සියලුම ද්‍රව්‍යයන් පරිහරණය කිරීම හා බෙදා ගැනුම යනුවෙන් වුවද ආර්ථික විද්‍යාව හැඳින්විය හැකිය” යන්නයි.
    සීමිත සම්පත්වලින් අසීමිත ප්‍රයෝජන ලබා ගැනීමට මිනිසා දරන උත්සාහයේ දී ඇතිවන තරගයට සාර්ථක ව මුහුණ දීමට බෞද්ධ අර්ථ ක්‍රමය පිළිබඳ අවබෝධයෙන් සිටීම වැදගත් වෙයි.
    සම්පත් උපයා ගැනීම, ඒවා පරිහරණය, ණය නැති සැහැල්ලු ජීවිතයක් ගතකිරීම හා සතුට ළඟා කර ගැනීමට පුද්ගලයකු කටයුතුª කළ යුතු ආකාරය පිළිබඳ අංගුත්තර නිකායේ අනන සූත්‍රයෙන් අත්ථ සුඛ, භෝග සුඛ හා අනන සුඛ ආදී වශයෙන් පෙන්වා දී තිබේ.
    ar-9.jpg

    නූතන ලෝකයේ ආර්ථිකය කියූ පමණින් මුදල් ඉපැයීම ම ප්‍රමුඛ පරමාර්ථය සේ සලකයි. එහෙත් වඩා වැදගත් වන්නේ මුදල් නැතහොත් ධනය උපයා ගන්නේ කෙසේද එය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම ය.
    මෙහිදී ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දේශනා කොට ඇති කරුණු සලකා බැලීම වටී. එහි සඳහන් වන ආකාරයට ආර්ථිකය යනු දිය ඇතුළුවීමේ දොරටු සතරක් ද දිය පිටවීමේ දොරටු සතරක් ද සහිත විලක් මෙනි. යම් පුද්ගලයකු අක්ඛ දුත්තෝ හෙවත් සූදුවෙහි ඇලුනකු නම් සුරා දුත්තෝ හෙවත් සුරාවෙහි ඇලුනකු නම් හා ඉත්ථි දුත්තෝ හෙවත් ස්ත්‍රී දූර්තයෙහි පවතී නම් විලෙහි පිටවන දොරටු සතර හැර තබා ජලය පිරවීමට උත්සාහ දරන්නා වැනි වෙයි. කෙතරම් ධනය ඉපැයුව ද ආර්ථික විල පිරෙන්නේ නැත.
    එසේ නම් ගෘහ ජීවිතය සැපවත් කරගැනීම සඳහා අවශ්‍ය ධනය රැස් කරගන්නේ කෙසේද?

    ”තත්ථ දක්ඛෝ හොති – අනලසෝ තත්‍රෑපාය, විමංසාය
    සමන්තාගතො අලං කාතුං - අලං සංවිධාතුං”
    තමා විසින් තෝරාගනු ලබන රැකියාවෙහි දක්ෂයකු විය යුතුය. අනලස්ව රැකියාව කළ යුතු පිළිවෙළ, එය දියුණු කරගන්නා ආකාරය මෙන්ම තමන් විසින් නොකළ යුතු දෑ පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුය.
    එසේ තම රැකියාවෙන් ලබා ගන්නා ධනය සරු ජීවිතයක් ගත කිරීමට මෙන්ම ආර්ය මාර්ගයට පිවිසීමට අපේක්ෂා කරනු ලබන්නා විසින් කරුණු දහයක් ඔස්සේ තම ආර්ථික සම්පත මෙන්ම ආධ්‍යාත්මික සම්පත වර්ධනය කරගැනීමට උත්සාහ දැරිය යුතු බව අංගුත්තර නිකායේ දසක නිපාතයේ වඩ්ඪි සූත්‍රයේ දේශනා කොට වදාළහ.
    කෙත්වතු, ධන ධාන්‍ය, අඹුදරුවන්, දැසි දසුන් හා කම්කරු පිරිස්, සිව්පා සතුන් යන පළමු කරුණු පස ලෞකික ජීවිතය සැපවත් කරගැනීම සඳහා ය. එසේම ආර්ය මාර්ගයට අවතීර්ණ වීමට හේතුවන සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන කරුණු පස වර්ධනය කරගන්නා මෙලොවදී මෙන්ම පරලොව දී ද සැපවත් ජීවිතයක් හිමිකර ගනී.
    එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ සංවර්ධිත යැයි හඳුන්වන රාජ්‍යයන් දෙස බලමින් ඒ පියවර අනුගමනය කිරීමට ගොස් අපේ සමාජයේ එදා සිට පැවැති බෞද්ධ අර්ථක්‍රම සම්ප්‍රදායයන් අමතක කොට ඕනෑම සාහසික ක්‍රමයකින් ධනය ඉපැයීමට පෙළඹීමයි. මෙය ලාභ පරමාර්ථයෙන් ඉතා ඉක්මනින් ධනය උපයාගැනීම සඳහා කරන්නා වූ වෙළෙඳ ආර්ථික රටාවේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබේ. වෙළෙඳාම යනු කිසිවිටෙකත් බෞද්ධ ආර්ථික ක්‍රමයේ ප්‍රතික්ෂේපිත ධර්මයක් නොවේ. එහෙත් දෙලොව ම හිත සුව පිණිස කටයුතු කරන්නා විසින් අත්හළ යුතු වෙළෙඳාම් පහක් පිළිබඳ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ එන වනිජ්ජා සූත්‍රයේ සඳහන් වෙයි. එනම්,

    සත්ත වණිජ්ජා හෙවත් වහල් වෙළෙඳාම
    සත්ථා වණිජ්ජා හෙවත් මිනිසා ඇතුළු සියලු සතුන්ගේ මරණයට උපකාර වන අන්දමේ ගිනි අවි යුද අවි ආදිය වෙළෙඳාම් කිරීම.
    මංස වණිජ්ජා හෙවත් මස් පිණිස සතුන් ඇති කිරීම හා විකිණීම
    මජ්ජ වණිජ්ජා හෙවත් මත්ද්‍රව්‍ය, වර්තමානයේ එන මත්කුඩු මත්පෙති මත්පැන් ආදී වූ මිනිසාගේ මදයට හා ප්‍රමාදයට හේතුවන ආකාරයේ ද්‍රව්‍ය නිපදවීම හා වෙළෙඳාම.
    විස වණිජ්ජා හෙවත් වස විස වර්ග වෙළෙඳාමෙන් කිසියම් වූ පුද්ගලයකු හෝ සමස්ත සමාජයම පරිහානියට පත්ව විනාශ විය හැකිය.
    එබැවින් සාහසික වූ මේ ධන උපායන මාර්ග ඔස්සේ යන්නා මෙලොව දී තාවකාලිකව සැප සම්පත් ලබන බව පෙනුණ ද යම් මොහොතක එහි ඵල විපාක විඳින අතරම පරලොව දී ද සුවයක් නොලබයි.
    වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සේමිය හා පුක්කුස මිතුරන් දෙදෙනා පිළිබඳ මජ්ඣිම නිකායේ කුක්කුරවති සූත්‍රයේ සඳහන් වේ. මේ පුද්ගලයන් දෙදෙනා අතරින් සේමිය බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ සිය මිත්‍ර පුක්කුස විසින් කුක්කුර වෘතය හෙවත් සුනඛයකු ලෙස මේ භවයේ හැසිරීම නිසා ඔහුට ඊළඟ අත්භවයේ දී කුමක් සිදුවේද කියායි. කිසිම පිළිවදනක් නොදුන් බැවින් දිගින් දිගටම ඇවටිලි කරමින් බුදුරජාණන් වහන්සේ පසුපස ගිය මේ දෙදෙනාට අවසානයේ මුණින්ද්‍රයන් වහන්සේ දේශනා කොට වදාළේ, යමකු මේ අත්භවයේ යම් ආකාරයකින් හැසිරේද ඊළඟ භවයේදීත් එළෙසම වන බවයි. එනිසා සුනඛ වෘතය පුරන පුක්කුස සුනඛයකුව ද ගෝ වෘතය පුරන සේමිය ගවයකු ලෙස ද මතු භවයේ ඉපදෙනු ඇතැයි වදාළ විට මිතුරෝ දෙදෙනාම හඬන්නට වූහ. ඒ කිමදැයි විමසා වදාළ බුදුන් වහන්සේට ඔවුන් පැවසුවේ තමන් හඬන්නේ මතු අත්භවය පිළිබඳ සොවින් නොව මේ භවයේදීම තමන් සිව්පා තත්ත්වයට වැටී ඇති නිසා බවයි.
    වැරදි වෙළෙඳාමේ යෙදෙන්නා හට ද මෙසේ වැලපෙන්නට සිදුවන්නේ තමන් මොහොතක සුව පිණිස මේ භවයත් මතු භවයත් දුකෙහි හෙළාගත් බව අවබෝධ වන අවස්ථාවේදීය. එනිසාම දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයෙහි එන බොහෝ සූත්‍රයන්හි සාහසික වෙළෙඳාමෙන් ඉවත් විය යුතු ආකාරය සඳහන් වෙයි.

    තුලා කූට – කංස කූට – මාන කූට පටි විරතාහොති
    උක්කොටන – වඤ්චන – නිකතිසාචි යොගා පටිවිරතාහොති
    ඡෙදන – වධ බන්ධන – විපර මොස ආලොප
    සහසාකාර පටිවිරතා හොති.
    හොරට කිරීම් මැනීම් ආදී ක්‍රම මඟින් වැඩි ලාභ ඉපයීමෙන් ද අල්ලස් ගනිමින් ද්‍රව්‍ය හිමි අය අහිමියන් කිරීමෙන් ද උපා යොදමින් අනුන් රවටමින් වටිනාකම අඩු කොට ද්‍රව්‍ය අයත් කර ගනිමින් කරනු ලබන ව්‍යාපාරවලින්ද අත් පා සිඳිමින් හෝ මරණයට පත් කරමින්, රැහැණින් බඳිමින් ආදී වූ වධබන්ධන සැහැසිකම්වලින් ද තොරව තමන්ගේ වස්තු සම්පත් රැස් කළ යුතුය යන්න එහි අර්ථයයි.
    එය පුළුල් ලෙස විග්‍රහ කළ හොත් තමන් විසින් යෙදෙන සම්මා කම්මන්තයේ දී අජීවී පරිසරයට හෝ මිනිසා ඇතුළු කිසිදු සප්‍රාණිකයකුට හානියක් සිදු නොවිය යුතුය යන්න පැහැදිලි වෙයි. නරක හෝ අකුසල සිතුවිල්ලකින් ගොඩනැඟෙන කර්මාන්තය ද සමාජයටම අයහපතක් කරන බව එයින් ගම්‍ය වේ. මේ පිළිබඳ ව අවබෝධය සහිතව සිය අර්ථ සපයා ගන්නා පුද්ගලයා මෙන්ම එසේ නොවන්නා පිළිබඳ ව මනා විග්‍රහයක් කරමින් දෙලොවටම වැඩ සහිතව නිෂ්පාදන කාර්යයෙහි නියැළෙන්නට උනන්දු කරවන දේශනාවක් ලෙස අංගුත්තර නිකායේ තික නිපාතයෙහිම එන ‘ද්විචක්ඛු’ සූත්‍රය දැක්විය හැකිය. එනම්,
    මෙලොව ජීවිතය සැපවත් කරගැනීම සඳහා තම නිෂ්පාදනයන් දියුණු කරගැනීමට අපේක්ෂා නොකරන්නෝ ඇස් දෙකම නොපෙනෙන හෙවත් අන්ධ පුද්ගලයෝ වැන්න. ඔවුහු ආර්ය මාර්ගයට පිවිසීමට හේතු වන ශ්‍රද්ධා ධර්මයන් පිළිබඳව ද උනන්දුවක් නොදක්වති.
    ඒක චක්ඛු හෙවත් එක් ඇසක් පමණක් පෙනෙන්නා ඉහත අංග දෙකින් කුමක් හෝ එකක් උදෙසා මහන්සි වෙයි.
    භෞතික හා ලෝකෝත්තර සම්පත්වල අභිවෘද්ධිය උදෙසා කැපවන්නෝ ද්විචක්ඛු හෙවත් දෙඇසට පෙනෙන පුද්ගලයෝ වැන්න. ඒ අතරින්,

    ”අන්ධංච ඒක චක්ඛුං ච – ආරකා පරිවජ්ජයේ
    ද්වි චක්ඛුං පන සෙවෙථ - සෙට්ඨං පුරිස පුග්ගලං”
    අන්ධයාත් එකැස් කනාත් දුරින් දුරස් කළ යුතුය. දෙඇසම පෙනෙන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සේවනයට, ආදර්ශයට හා අනුගමනයට තෝරාගත යුතුය යනු බුද්ධ දේශනයයි. එසේ කළ යුතු වන්නේ තමා වෙහෙස මහන්සියෙන් හරි හම්බ කළ ධනය විනාශ මුඛයෙන් බේරා ගැනීම සඳහාය. වෙහෙස මහන්සියෙන් හරි හම්බ කිරීම යනුවෙන් වෙසෙසින් පවසන්නට ද හේතු සාධක පවතී.
    අංගුත්තර නිකායේ තික නිපාතයේ මහාවග්ගයේ සඳහන් වන පරිදි මනුෂ්‍යයා විඳින සුඛ දුක්ඛයනට හේතු ඉදිරිපත් වී ඇත. ඉන් පුබ්බේකත හේතුවාදීන් පෙන්වා දුන්නේ වර්තමානයේ මිනිසාට විඳින්නට වන සැප දුක සියල්ලට හේතුව අතීතයේ කළ කර්මය බවයි.
    ඉස්සර නිර්මාණවාදීන් හෙවත් ඊශ්වර නිර්මාණවාදය පිළිගත්තවුන් පැවැසුවේ පුද්ගලයන්ගේ මෙලොව ජීවිතය යම් දෙවියකු හෝ බ්‍රහ්මයකු විසින් පිළියෙල කොට මෙහෙයවන ලද සැලැස්මක් අනුව ක්‍රියාත්මක වන බවයි.
    මේ සියලු මතවාද බැහැර කොට වදාළ බුදුන් වහන්සේ,

    ”උට්ඨාන විරිහාදිගතා - බාහුබලං පරිචිතා
    සේදාවක්කිත්තා - ධම්මිකා ධම්මලද්ධා”
    උත්සාහයෙන් දහඩිය මුගුරු වගුරවමින් අතපය වෙහෙසමින් ධාර්මික මාර්ග ඔස්සේ ධනය උපයා ගත යුතු යැයි දේශනා කළ සේක.
    එහි ධනය යන්නට මූල්‍ය සම්පත් මෙන්ම පෙර සඳහන් කළ කෙත්වතු ආදී සම්පත් ද සන්තුට්ඨි නම් වූ පරම ධනය ද ඇතුළත් වේ.
    ඒ ධනය රැක ගැනීමට ශ්‍රේෂ්ඨ පුද්ගල සේවනය අවශ්‍ය වන්නේ කිමද යන්න පිළිබඳ දීඝජානු නම් කෝලිය පුත්‍රයාට ගෘහ ජිවිතය සැපවත්ව ගතකිරීම ගැන කළ පැහැදිලි කිරීමක ද ඇතුළත් වෙයි. එනම්,
    උට්ඨාන සම්පදා හෙවත් ධනයත් බුද්ධියත් ලබාගැනීම සඳහා අව්වැසි දිවා රෑ නොබලා අවස්ථාවෝචිතව අනලස්ව කටයුතු කිරීම.
    ආරක්ඛකසම්පදා හෙවත් උට්ඨාන සම්පදාවෙන් ලබාගත් ධනය හා බුද්ධිය විනාශ වී යාමට ඉඩ නොදී රැක ගැනීමට තමන් සතු අවබෝධය හා ඒ වැනසී යන කරුණු හෙවත් රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වේයන්ගෙන් මීයන්ගෙන් සුරා සූදුවෙන් සල්ලාලකමින් ආදී පරිහානී ක්‍රමවලින් ආරක්ෂා වීමට දූරදර්ශීව ක්‍රියා කිරීම.
    කල්‍යාණ මිත්තතා හෙවත් ශික්ෂාවෙහි යුතු සැදැහැවන්ත, ප්‍රඥාවන්ත සප්ත පරිහානි ධර්මයෙන් තොර, නිවැරදි මඟ තමන්ට ද පෙන්වා දෙන කාරුණික කල්‍යාණ මිත්‍රයන් හෙවත් ඉහත දෑසම පෙනෙන්නන් සෑමවිටම පාහේ ධනවත් බැවින් එවැන්නන් ඇසුරෙහි තම අගුණ දුරු කොට ගුණධර්ම වඩා ගැනීම.
    සමජීවිකතා හෙවත් තමන්ගේ ආදායමට සරිලන අයුරින් වියදම් සකසා ගැනීමට ඇති අවබෝධය යන කරුණුයි.
    එවැනි සමජීවිකතාවකදී තමන් ලබන ආදායමෙන් සතුටින් ගෘහ ජීවිතය ගතකිරීමට නම් සාටෝපය හා ණයබරින් තොර චාම් ජීවිතයක් ගත කළ යුතුය. එවැනි සැපතක් සහනයක් දිවිපෙවෙතට එක්වන්නේ ආදායම කොටස් සතරකට බෙදා එක් කොටසක් එදිනෙදා පරිභෝජනයට ද කොටස් දෙකක් ධනෝපායන මාර්ග දියුණු කිරීමට ද ඉතිරි කොටස ආපදා අවස්ථාවක ගැනීම සඳහා තැන්පත් කර තැබීම ද යන නුවණැති අයුරින් යොදවන විට බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ බෞද්ධ ආර්ථික දර්ශනයයි.
    ආර්ථිකය ශක්තිමත් කරගැනීම මෙන්ම ජීවිතයේ සතුට විඳීම පිළිබඳ කිසිදු විරෝධාකල්පයක් බුදු දහමේ නොවේ. එයට හොඳම සාක්ෂ්‍යය පංචශිඛ නම් දිව්‍ය පුත්‍රයා, වීණාව වයමින් සිය පෙම්වතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ගැයූ ගීතය බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප නොකිරීමයි. එහෙත් මෙවැනි ලෞකික දේහි ඇතිවන අසීමිත ලෝභය නිසා සිදුවන ආදීනව ද බුදුන් වහන්සේ දේශනා කොට තිබේ.
    මෙහිදී අවබෝධ කරගත යුතු වැදගත් කරුණක් වන්නේ ආර්ථිකය යනු මුදල් නොවන බවයි. මුදල් යනු හුදෙක් ගනුදෙනු කිරීම සඳහා යොදාගන්නා ආදේශකයක් පමණි. එසේම ගැමි වහරේ එන ‘ලෝබකම’ පිළිබඳව ද අප නුවණින් විමසිය යුතුය. එනම් මසුරුකමින් තොර ලෝබකම ලෙස ගැමියන් හඳුන්වන අරපරිස්සම ආර්ථිකයේ ඉතා අවශ්‍ය අංගයක් බැවිනි. පාලියෙහි අරිපරිස්සම සිංහලට නැඟෙන්නේ අරපරෙස්සම ලෙසයි. අරි යනු සතුරා ය. තම භවබෝග සම්පත් සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම අරිපරිස්සමයි. ප්‍රඥාවන්තයා අරිපරිස්සමින් කටයුතු කරන්නෙකි.
    කෙසේ වෙතත් අරපරිස්සම් කිරීමට මිනිස්සුන්ට සිදුවූයේ ආර්ථික සංවර්ධනයේ දී දස සක්විතිවත්වලින් එකක් වන දිළින්දන් හට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ධනය පරිත්‍යාග කිරීම තමන්ට පෙර සත් රජවරුන් කළාක් මෙන් අටවැනි රජු නොකිරීම හේතුවෙන් දිළිඳු බවත් ආහාර පාන හිඟයත් ඇතිවී සොරකම් සිදුකිරීමට මිනිසුන් පෙළඹීමත් නිසාය. ඒ සමඟම අනෙක් සියලු අපරාධයක්ම සමාජය පුරා පැතිරී ගියේය. එවැනි සමාජයක ජනතාව බියෙන් තොර කිරීම අභය දානය දීමකි.
    වර්තමානයේ අභය දානය ලෙස හඳුන්වන්නේ සරල කරුණක් වන ගවයකු මරණින් මුදා ගැනීම වැනි දෑය. එහෙත් ත්‍රස්තවාදය අතුගා දමා බියෙන් තොරව ජීවත්වීමට සැලැස්වීම ද අභය දානයේ කොටසකි. එසේම භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ඇති වන බිය යම් ආකාරයක ආර්ථික ක්‍රමෝපායයක් යොදා නැති කරන්නේ නම් එය ද අභයදානයකි.
    මේ වන විට මාධ්‍යවලින් දකින අසන සියල්ල කෙරෙහි මසුරු සිත් ඇති කර ගැනීමටත්, ඒවා හැකි පමණ තමන්ට නතු කරගැනීමට උත්සාහ කිරීමත් නිසා බෞද්ධ ආර්ථික ක්‍රමවේදයේ මූලිකාංගයක් වන අල්පේච්ඡතාව අප අතරින් ඈත් වෙමින් පවතී.
    අල්පේච්ඡතාව යනු දිළින්දන් සේ විසීම නොව තම සමජීවිකතාව පවත්වා ගනිමින් අනවශ්‍ය තරම් සම්පත් ගොඩගසා ගැනීමෙන් ඇතිවන අපහසුතාව මඟහැර ජීවත්වීමයි. එවැනි අල්පේච්ඡ ජීවිතයක් සහිත පුද්ගලයන්ගෙන් පරිසරයට වන හානිය අවම ය. එසේම එවැනි සමාජයක සංවර්ධනය ඉතා ඉක්මනින් සිදුවේ.
    ලෝකයේ සංවර්ධන දර්ශක අතරට නව සොයාගැනීමක් ලෙස සතුට එක්කර තිබුණ ද බුදුරජාණන් වහන්සේ සතුට පරම ධනය ලෙස හඳුන්වා දී සියවස් ගණනාවක් ගෙවී ගොස් ඇති බව එයින් ගම්‍ය වෙයි.
    ඇතැම් දෙනා ඉහත පැහැදිලි කළ බෞද්ධ ආර්ථික ක්‍රම පිළිබඳ දරන්නේ මනෝ ලෝකවල සිටින්නන් ගේ වැදි බණ ලෙසයි. නමුත් මෙවැනි ආර්ථික ක්‍රම ක්‍රියාත්මක කළ අනුරාධපුර යුගයේ ලෝකයේ සංවර්ධිතම රාජ්‍යයක් ලෙස අපේ රට පත්ව තිබූ බව අමතක නොකළ යුතුය. ස්වයංපෝෂිත කෘෂි ආර්ථික රටාවක් මෙන්ම රටේ සම්පත් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ඒවා හඳුනාගෙන කරන ලද සංවර්ධනයක් තිරසර ආර්ථික වර්ධනයක් ලබාදෙයි.
    තරු වැඩසටහන් සඳහා දිනකට රුපියල් ලක්ෂ විසිපහක තිහක පමණ කෙටි පණිවුඩ යවන අද සමාජයේ තම අය වැය පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගනිමින් අනවශ්‍ය වියදම් කපා හරිමින් කාල කළමනාකරණයෙන් යුක්තව දවස ගෙවමින් තම ආර්ථිකය සරු කර ගන්නටවත් පුද්ගලයන්ට විවේකයක් සොයා ගත නොහැකි යැයි පැවසේ. එහෙත් අප මුදල් හරිහම්බ කරන්නේ සතුටින් ජීවත්වන්නට නම් ඒ මුදල සාධාරණව උපයා ගැනීමටත් බුද්ධිමත්ව විය පැහැදම් කිරීමටත් අපට අවබෝධයක් තිබිය යුතුමය. තම ආර්ථිකය මෙතෙක් කෙසේ සැලසුම් කළේ ද යන්න පිළිබඳ විවේකීව ප්‍රත්‍යාවේක්ෂ නුවණින් බලා ඉදිරිය සකස් කරගන්නා පුද්ගලයකු, සමාජයක් මෙන්ම රටක් ආර්ථික සංවර්ධනයේ ඉතා ඉහළ මට්ටමකට රැගෙන යෑම අපහසු වන්නේ නැත. බෞද්ධ අර්ථ ධර්මයන් ඔස්සේ කටයුතු කරන්නේ නම් ලොව පුරා මෙවන් තරගයක්, පරිසර ප්‍රශ්නයක් යුද වැදීම් වැනි අපරාධ කිසිවක් ඇති නොවනු ඇත.
    සංලාපය - අරුණි මුතුමලී