කොරියන්ගේ G4 භාණ්ඩේ

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    කොරියන්ගේ G4 භාණ්ඩේ

    ගිය සතියේ රිලීස් වුන අලුත්ම එල් ජී ෆෝන් එක LG G4. මේක ගන්න හිතෙන කාරනා :love::love: බොහොම ගොඩක් තියනව වගේම නොගන්න කාරනා කීපයකුත් :oo::oo: තියනවා. ඉස්සරවෙලාම ගන්න හිතෙන කාරනා ගැන කතා කරමු.


    lg-g4-1.jpg


    ඩිස්ප්ලේ එක

    5.5-inch, QHD, 2560 x 1440 ඩිස්ප්ලේ එකක් තමා මේකේ තියෙන්නේ. මෙහෙම කිව්වට මේ ඩිස්ප්ලේ එකේ විශේෂත්වයක් තියනවා. ඒක තමා මේක හදලා තියෙන්නේ ක්වන්ටම් ඩොට්ස් කියන තාක්ෂණය භාවිතා කරලා.:nerd::nerd: මේකේ ප්රයෝජනය තමා අනික් ඩිස්ප්ලේ වලට වඩා නිවැරදිව කලර්ස් පෙන්නන්න පුලුවන් වීම. :D:D ගොඩක් අය කියන කතාවක් තමා ඇමොලේඩ් ඩිස්ප්ලේ වල කලර්ස් කෘතිමයි නැත්නම් සාරතාවය වැඩියි කියන එක ( ) . ගොඩක්ම ඕක අදාල වෙන්නේ සැම්සුන්ග් ෆෝන් වලට තමා. ඒත් ගොඩක් සැම්සුන් වල කලර්ස් අඩුකරන්න ඔප්ශන් එනවා.කොහොම උනත් දැනට මාකට් එකේ තියන හොඳම ඩිස්ප්ලේ එකක් වෙන S6 එකත් එක්ක කරට ඉන්න මේකට පුලුවන්.

    ඩිසයින් එක

    මේක තාමත් ගොඩක් එල් ජී ෆෝන් වගේ ප්ලාස්ටික් බොඩි එකක් එක්ක තමා එන්නේ. :frown::frown::angry: හැබැයි හොඳ කොලිටි ප්ලාස්ටික්. විශේෂත්වය වෙන්නේ බැක් කවර් එක. වර්ග කීපයක් එනව. හැබැයි ලස්සන එක තමා ජෙනුයින් වෙජිටබල් ටෑන්ඩ් ලෙදර් බැක් කවර් එක. :love::love::love: මේක හදන්න එල් ජී ලට අවුරුදු 3ක් ගියාලු. ලෝකේ හදන ලෙදර් වලින් 10% ක් විතර් තමා මේ විදියට ටෑන් කරන්නේ. මේ කවර් එකේ මැදින් ත්රෙඩ් එක යනවා ලස්සන Gütermann thread පැටර්න් එකේ. :love::love:
    අනිත් ඩිසයින් ෆීචර් එක තමා ෆෝන් එක කර්ව් කරලා තියෙන්නේ. G ෆ්ලෙක්ස් එක වගේ නැවෙන්නේ නම් නෑ. හැබැයි එල් ජී කියන විදියට ෆෝන් එක ශක්තිමත්.


    lg-g4-2.jpg


    කැමරා එක

    16 මෙගා පික්සෙල් 1/2.6'' sensor size, කැමරා එකක් තමා තියෙන්නෙ. විශේෂත්වය වෙන්නේ සාමාන්යයෙන් තියන 2 ඇක්සිස් ඔප්ටිකල් ඉමේජ් ස්ටේබලයිසින් වෙනුවට 3 ඇක්සිස් ඔප්ටිකල් ඉමේජ් ස්ටේබලයිසින් එන එක. මේක හින්දා කැමරා ශේක් එක ගොඩක් අඩුවෙනවා. තව ලේසර් ඔටෝ ෆෝකස් තියනවා.

    හාඩ්වෙයාර්

    නොගන්න හේතුවක් තමා මේක. :angry::angry::angry::frown::frown: පොඩි අවුලකට තියෙන්නේ මෙන්න මේක තමා. එල් ජී ල පවර් වැඩිම ස්නැප්ඩ්‍රැගන් 810 චිප් සෙට් එකකට යන්නේ නැතුව මේකට එවලා තියෙන්නේ ඊට වඩා බලයෙන් අඩු ස්නැප්ඩ්‍රැගන් 808 චිප්සෙට් එක. වෙනස තමා මේකේ තියෙන්නේ කෝර් 6 යි. 810 එකේ කෝර් 8 යි. අනික තමා GPU එකට එන්නේ Adreno 418 එක. 810 එකේ එන්නේ මීට වඩා පවර්ෆුල් Adreno 430 එක . රැම් එකනම් 3 GB එවලා තියනවා. එදිනෙදා ජීවිතයෙදි නම් වෙනසක් දැනෙන්නෙම නෑ. ඒත් ගොඩක්ම ග්‍රැෆික් ඔනේ ගේම්ස් වලදි නම් වෙනසක් තියනවා S6, අයි ෆෝන් 6 එක්ක බැලුවම.

    මීට අමතරව ගලවන්න පුලුවන් බැටරියක්, ම්යික්‍රෝ එස් ඩී කාඩ් සපෝර්ට්, :yes::yes: 8 මෙගා පික්සෙල් ඉදිරිපස කැමරාවක්:rofl::rofl: , ලොලොපොප් 5.01 :cool::cool: විශේෂ දේවල් කියන්න පුලුවන්.

    මේ තියෙන්නේ අනික් ෆීචර්ස්.

    http://www.gsmarena.com/lg_g4-6901.php

    lg-g4-2.jpg
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    maxaa phone eka macho
    snap 810 eka heat wena aulak hindada koheda godak ewalata use karala na. :angry:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පට්ට ....කසිකබල් android නැතුව වින්ඩෝස් වත් ආවනම් ...කියල වැඩක් නැ
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    maxaa phone eka macho
    snap 810 eka heat wena aulak hindada koheda godak ewalata use karala na. :angry:

    ඔව් බං. HTC M9 එක එහෙම ගොඩක් හීට් වෙනවා. ඊට පස්සේ ඉතින් throttle වෙන එක තමා වෙන්නේ ස්පීඩ් එක.
     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Machan meka thama Lankave nehe neda?

    Kiyak withra weida?

    තාම නෑ. ආසන්න වශයෙන් 95000 ත් - 115000 ත් අතර :frown::frown: වෙයි. බැක් කවර් ඩිසයින් එකත් එක්ක ගාන වෙනස් වෙනව බං
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    S6 ekata hoda competion ekak dena device ekak
    mata nam LG lage UI eka allane na bn+ mata nam design eka echara set wenne na
    habai oka nam pattama phone ekak thamai
    camara ehema adenawa
    laser focusing ehemath tiyenawa ne
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෝර් කීයක් තිබ්බත් වැඩක් නෑ ඕවගෙ පෙන්ටියම් 4
    කොම්පියුටරේ කරපු වැඩක් කරගන්න සෑහෙන වෙලාවක් යනකොට
    පොඩි ස්මාර්ට් phone එකක් අරන් ගෙදර කොම්පියුටරයක් තියාගන්න එක තමයි හොද
    සමහර උන්ට හොද phone තියෙනවා ගෙදර pc එකක් නෑ


    :rofl::rofl::rofl:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    කෝර් කීයක් තිබ්බත් වැඩක් නෑ ඕවගෙ පෙන්ටියම් 4
    කොම්පියුටරේ කරපු වැඩක් කරගන්න සෑහෙන වෙලාවක් යනකොට
    පොඩි ස්මාර්ට් phone එකක් අරන් ගෙදර කොම්පියුටරයක් තියාගන්න එක තමයි හොද
    සමහර උන්ට හොද phone තියෙනවා ගෙදර pc එකක් නෑ


    :rofl::rofl::rofl:

    ඔය කිව්වේ. :frown: අනේ අම්මපා ටිකිරි මොලේ :P:P:D