ලිංග පොරොන්දම නොගැලපේ නම් විවාහ වෙන්න එප&#3535

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලිංග පොරොන්දම නොගැලපේ නම් විවාහ වෙන්න එප&#3535

    අද සමාජයේ බොහෝ විවාහ ප්‍රේම සම්බන්ධතා මත සිදුවන බව පෙනේ. පෙම්වතියකට පෙම්වතාත්, පෙම්වතාට පෙම්වතියත් ඉතා හොඳ, ඉතා අවංක, යහපත් චරිතයක් ඇති, ශීලාචාර ලස්සන අයකු ලෙස පෙනේ. නැත්නම් ජීවිත කාලය තුළම එකට සිටීමට බලා‍පොරොත්තුවෙන් විවාහ ජීවිතයට ඇතුළත් වේද? “එයා එහෙම කෙනෙක් නොවේ. එයාගෙ හැටි මම දන්නවා” යනුවෙන් තම පෙම්වතාගේ, පෙම්වතියගේ අවංකත්වය ගැන කතා කරන පෙම්වතුන්, පෙම්වතියන් කොතරම් සිටිනවා දැයි සමාජයෙන් පෙනේ.

    මෙසේ සිතන්නේ සියලුම දෙනා වෙස් මුහුණුවලින් තම නියම මුහුණ වසා ගෙන සිටින නිසා බව එදාට තේරුම් ගත නොහැකිය. විවාහ වී මාස කීපයකින් වෙස් මුහුණ ඉවත් වේ. මිනිසාගේ යථා ස්වරූපය තේරෙන්නේ එවිටය. මේ සංසිද්ධිය බොරු යැයි කිව හැක්කේ කාටද? හිතට එකඟව කතා කරතොත් සත්‍යය එය වේ.
    ප්‍රේම සම්බන්ධයකින් හෝ විවාහ යෝජනාවකින් හෝ දෙදෙනෙකු එක් වී ජීවිත ගත කළත් සතුටින් ජීවත් වන්නේ කී දෙනාද? ප්‍රේම සම්බන්ධයකින් විවාහ වන විට හඳහන් බැලීමක් සිදු නොවේ. එහෙත් සමහරු ප්‍රීතිමත් ජීවිත ගත කරන අතර සමහරු ජීවිත කාලය මුළුල්‍ලේම දුක් විඳිති. හඳහන් බලා කෙරෙන විවාහද එසේම බව සමාජය දෙස බැලීමෙන් පෙනේ. හඳහන් බැලීමෙන් විවාහ වන අය නොගැළපී දුක් විඳින්නේ හඳහන් බැලීමේ දුර්වලකම නිසාය.
    සමහර ‍ජ්‍යොතීර්වේදීහු ‍පොරොන්දම් බැලීමෙන් පමණක් සුදුසු අය තෝරති. සාමාන්‍ය ජනතාවට උගන්වා ඇත්තේද එයමය. මෙය සියයට පනහකටත් වඩා වැරදි සහගතය. විවාහ වූ නිසා කෙසේ හෝ එකට ජීවත් විය යුතු යයි සිතන, දුකින් කාලය ගෙවන විවාහකයෝ අපමණ සිටිති. වෙනත් කළ හැකි දෙයක් නැති නිසා මුළු ජීවිත කාලයම දුකින් ගෙවීමට ඔවුනට සිදුවී ඇත. ලංකාවේ තිබෙන සම්ප්‍රදායයන් නිසා වෙන් වීම අමාරුය. එහෙත් දික්කසාද වන අවස්ථා තිබෙන බව සමාජයෙන් පෙනේ. බටහිර රටවල එවැනි සම්ප්‍රදායයන් අඩු නිසා විවාහ බැම්ම ලිහිල් නිසා දික්කසාද වැඩිය. කෙසේ හෝ දික්කසාද ඇති වන්නේ නොගැළපීම
    නිසාය.මේ නොගැළපීම දෙආකාරය.
    අදහස් නොගැළපීම හා ලිංගික නොගැළපීම යනුවෙන් එය වර්ග කළ හැකිය. ලිංගිකව ගැළපේ නම් බොහෝ විට අදහස්වල නොගැළපීම යටයයි. මේ නිසා විවාහයකට අත්‍යවශ්‍ය ප්‍රබලම සාධකය ලිංගිකව ගැළපීම බව පෙනේ. මෙම ගැළපීම නැති වුවත් ඉවසීමෙන් විවාහ ජීවිතය ගෙන යන අවස්ථා එමටය. එහෙත් සිතේ සතුට පලා ගොස්ය. විවාහ වන්නේ සතුටින් ජීවත් වීමට විනා අසතුටින්, දුකින් ජීවත් වීමට නොවේ. එසේ නම් මේ ලිංගික ගැළපීම සොයා ගන්නේ කෙසේද?
    මවුපියවරු තම දරුවන් විවාහ වී සතුටින් කාලය ගත කරනවා දැකීමට කැමති වෙති. තරුණ තරුණියෝ විවාහ වී මුළු ජීවිත කාලයම සතුටින් ගත කිරීමට කැමති වෙති. මේ සඳහා අවශ්‍ය මුදල් පමණක්ද? නැත. අතු පැල්පතෙත් ඉතා හොඳ සතුට තිබේ. ඉවසීම තිබුණ පමණින් සතුට තිබේද? නැත. ඉවසීමෙන් අසතුටින් ජීවත් වීම බොහෝ විට දැකිය හැකිය. (ඉවසීම නරක දෙයක් යයි මෙයින් අදහස් නොකෙරේ.)
    අශ්ව රථයක් ඇදගෙන යාම සඳහා එක සමාන ජවයක් ඇති අශ්වයන් දෙදෙනෙකු අවශ්‍යය. එකකු දුර්වල වී, එකකු ජවයෙන් වැඩි ශක්තිමත් එකකු වුණොත් රථය හොඳින් ඇදගෙන යා හැකිද? ඒ ලෙසම විවාහ ජීවිතය ගත කරන දෙදෙනා එක සමාන ලිංගික ශක්තීන් ඇති අය විය යුතුය. දෙදෙනා අසමාන නම් ජීවන රථය කෙසේ ඇද ගෙන යා හැකිද? හඳහනේ විවාහය ගැන කියවෙන්නේ හත්වන කොටුවෙන්ය. මෙහි සිටින ග්‍රහයින් අනුව (නැත්නම් හත්වන කොටුව අයිති වන ග්‍රහයින්ට අනුව) ස්ත්‍රී පුරුෂයින්ට ලැබෙන ලිංගික ශක්තිය වෙනස්ය. දෙදෙනාගේ හඳහන්වල හත්වන කොටුව පරීක්ෂා කිරීමෙන් ගැළපෙන ස්ත්‍රියක් හෝ පුරුෂයකු සොයා ගත හැකිය. ‍පොරොන්දම් බැලීමද වැදගත්ය. එහෙත් ප්‍රමුඛත්වය දිය යුත්තේ මෙයටය. තවත් බොහෝ දේ ඇතත් ඒ සියල්ලක්ම ගළප ගළපා සිටියොත් සුදුස්සකු සොයා ගැනීම උගහටය. අඩු හෝ වැඩි ලිංගික ශක්තීන් දෙකම නරක නැත.
    සමහරු අඩු ලිංගික ශක්තියක් ඇති අය විවාහයට සුදුසු නැතැයි කියා බැහැර කරති. මෙය වැරදිය. මෙම ශක්තිය අඩු හෝ වැඩි වීම ලෝක ස්වභාවයයි. කළ යුත්තේ ගැළපීමය. අඩු ශක්තියක් ඇති අයකු වැඩි ශක්තියක් ඇති අයකු හා විවාහ වීම දෙදෙනාගේම ජීවිත අවුල් කර ගැනීමකි. දෙදෙනාම දුකට පත් වීමකි. ඒ නිසා අඩු ලිංගික ශක්තියක් ඇති අයෙකුට ඒ හා සමාන අයෙකුත්, වැඩි ලිංගික ශක්තියක් ඇති අයෙකුට එවැනි අයෙකුත් ගළපා දීම ‍ජ්‍යොතීර්වේදියෙකුට කළ හැකිය.
    අද සමහර දෙනෙක් ජ්‍යොතිෂය නොපිළිගැනීම “පැෂන් එකක්” ලෙස කරති. “මම ඕව පිළිගන්නේ නැහැ”, “මට ඕව ගැන වැඩි විශ්වාසයක් නැහැ” යනුවෙන් ආඩම්බරයෙන් කියති. සත්‍යය බැලුවොත් ඒ හිත රවටා ගැනීමකි. ඔවුහු හිත ඇතුළෙන් ‍ජ්‍යොතිෂය පිළිගනිති. එය පැහැදිලි වන්නේ ජීවිතයේ කුමන හෝ අවස්ථාවක හෝ ‍ජ්‍යොතිෂයේ පිහිට ලබා ගන්නා බැවිනි. විවාහය, නිවාස සෑදීම, ව්‍යාපාර ආරම්භ කිරීම, අකුරු කියවීම, හිසකෙස් කැපීම හා කන් විදීම වැනි අවස්ථාවලදී ‍ජ්‍යොතිෂය පිහිට කර ගන්නේ නැද්ද?
    අද සමාජයේ බොහෝ දෙනා වරදවා තේරුම් ගන්නා පහත සඳහන් කරුණ ගැන ඔබේ අවධානය යොමු කරවමි. පෙම්වතුන්, පෙම්වතියන් වැරදි විදිහට තේරුම් ගන්නා මෙම කරුණ ජීවිතවලට තදින්ම බලපාන දෙයකි. අවුරුදු හත අටක් යහළු වී දැන හඳුනා ගෙන විවාහ වන අය සිටිති. ඒ කාලය තුළ කිසිම ගැටලුවක් භේදයක් වී නැත. ඔවුන් බලා‍පොරොත්තු වන්නේ විවාහයෙන් පසුවත් ඒ අයුරින් සුහදව ජීවත් වීමටය. මේ අදහස ඉතා හොඳ වුවත් එසේ විවාහ වූ අය විවාහයෙන් පසුවත් ඒ අයුරින් කල් යවනවාද? බොහෝ විට නැත. මිත්‍ර ධර්මයට නම් ඉහත අදහස ප්‍රමාණවත් වේ.
    එහෙත් විවාහය යනු මිත්‍ර ධර්මයට වඩා බොහෝ දුර දිග යන බැඳීමකි. යහළු වී කලක් සිටියත් විවාහ වී ඒ හොඳ දිගටම ගෙන යාමට බොහෝ දෙනා අසමත් වෙති. මිත්‍ර ධර්මයට අදහස් ගැළපීම ප්‍රමාණවත් විය හැකිය.
    එහෙත් විවාහයට එය පමණක් ප්‍රමාණවත් නොවේ. විවාහයට අවශ්‍ය ගැළපීම වෛද්‍යවරයෙකුටවත් සොයා ගත නොහැකිය. එය සොයා ගත හැක්කේ උගත් ‍ජ්‍යොතීර්වේදීයෙකුට පමණි.
    මේ නිසා මම තරුණ තරුණියන් ඉතා ආදරයෙන් අමතමි. දුවේ, පුතේ හිතුවක්කාර විවාහ කර ගන්න එපා. දෙමව්පියනි ඔබේ දරුවන්ගේ විවාහවලදී ‍ජ්‍යොතිෂයේ පිහිට ලබා ගන්න. දරුවන්ට සතුටින් ජීවත්වීමට අවස්ථාව උදා කර දෙන්න. කීප දෙනෙකුට පෙම් කර විවාහ වීමට සුදුසු පුද්ගලයා තෝරා ගන්නා නිළියක් ගැන පසුගිය ඉරිදාවක පුවත්පතකින් දුටුවෙමි. මෙය ලංකාවට එතරම් සුදුසු නැති ක්‍රමයක් යැයි මම සිතමි. බටහිර රටකට ගැළපෙනවා විය හැකිය. උණට, වේදනාවට බෙහෙත් පෙති තේරුවත් මේ ක්‍රමයෙන් ඔබට ගැළපෙන අයකු කවදාවත් තෝරා ගත නොහැකිය.
    පෙම් කිරීමට ප්‍රථම - බැඳීම ඇති කර ගැනීමට කලින් හඳහන් බැලීමට මම යෝජනා කරමි. මෙය ප්‍රායෝගික නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙය විප්ලවීය අදහසක් විය හැකිය. එවැනි විප්ලයකට කැමති නැත්නම් දෙමව්පියන් තෝරා දෙනතුරු බැඳීම් ඇති කර නොගත යුතුය.


    ‍ජ්‍යොතීර්වේදී එඩී. කරුණාතිලක -ලක්බිම ඇසුරෙනිhttp://wishmalokayasl.blogspot.co.uk/2015/05/blog-post_35.html?m=1
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    එත් ලිංග පොරොන්දම ගැලපුන පමණින් විවාහ වෙන එකත් හොද නැනේ....
    දෙන්න ඇන කොටා ගන්න එක බලනවා පක්ෂි පොරොන්දමෙන්.
    වෘක්ෂ පොරොන්දම බලනවා ළමයි හම්බෙනවද නැද්ද බලන්න.
    ඒ වගේම ආයුෂ පොරොන්දම ගැලපෙන්නත් ඕනේ

    මෙහෙම ගියොත් කේන්දර බලලා ඔක්කොම ගලපන්න වෙනවා :sorry::dull::baffled:

    මොනා උනත් හොදට විස්තර කරලා තියෙනවා :)
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එත් ලිංග පොරොන්දම ගැලපුන පමණින් විවාහ වෙන එකත් හොද නැනේ....
    දෙන්න ඇන කොටා ගන්න එක බලනවා පක්ෂි පොරොන්දමෙන්.
    වෘක්ෂ පොරොන්දම බලනවා ළමයි හම්බෙනවද නැද්ද බලන්න.
    ඒ වගේම ආයුෂ පොරොන්දම ගැලපෙන්නත් ඕනේ

    මෙහෙම ගියොත් කේන්දර බලලා ඔක්කොම ගලපන්න වෙනවා :sorry::dull::baffled:

    මොනා උනත් හොදට විස්තර කරලා තියෙනවා :)

    ළමයි නම් දැන් ,පිටින් හරි හදා ගන්න පුළුවන් ,තම ලංකවේ නැ ,සල්ලි තිනවානම් එත් බන් විෂම ශක්ති තින දෙන්නෙක්ට එකට ඉන්න බැ කියන එකනම් මාරම හරි දෙයක්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ කියන්නේ අවුරුදු ගාණක් ආදරය කරලා, අන්තිමට පොරොන්දමක් ගැලපෙන්නේ නැති නිසා අතහැරලා දාන්නද කියන්නේ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ කියන්නේ අවුරුදු ගාණක් ආදරය කරලා, අන්තිමට පොරොන්දමක් ගැලපෙන්නේ නැති නිසා අතහැරලා දාන්නද කියන්නේ?
    :no::no::no::no::no::no::no::no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අද සමහර දෙනෙක් ජ්‍යොතිෂය නොපිළිගැනීම “පැෂන් එකක්” ලෙස කරති. “මම ඕව පිළිගන්නේ නැහැ”, “මට ඕව ගැන වැඩි විශ්වාසයක් නැහැ” යනුවෙන් ආඩම්බරයෙන් කියති. සත්‍යය බැලුවොත් ඒ හිත රවටා ගැනීමකි. ඔවුහු හිත ඇතුළෙන් ‍ජ්‍යොතිෂය පිළිගනිති.
    බුදු හාමුදුරුවොත් ඕව පස්සෙ යන්න එපා කිව්වෙ ෆැෂන් එකක් නිසා වෙන්න ඇති නේ..

    ඕක කිව්වාම එන reply එක..
    සිද්ධාර්ථ කුමාරයට සිද්ධාර්ථ නම දැම්මේ අරහෙමයි..
    පැවදී උනොත් බුදු වෙනව කිව්වෙ මෙහෙමයි..
    ඒ කිව්වෙ සිද්ධාර්ථ කුමාරයගෙ මිසක් බුදු රජාණන් වහන්සේගෙ නෙවේ..
    සියලු දේ අවභෝද කරගත්තට පස්සෙ දේශනා කරපු දේවලුත් ෆැෂන් එකක් ද එතකොට ?

    ඉන්දියාවෙයි ලංකාවෙයි විතරයි මිනිස්සු කසාද බදින්නෙ අනිත් රටවල් වල බදින්නෙ නැහැ නෙ..

    මිත්‍යා දෘෂ්ටිකත්වයේ උපරිමය කියන්නෙ ඕකට තමයි බං..
    AKA ගොන් කම..

     
    • Like
    Reactions: topkollek

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Bullshit... :lol::lol:

    ඔව් ඔව් ලිංගිකක අවශ්‍යතා ගැලපෙන්න ඕනී.. ඇත්ත...
    හැබැයි ඒක උපන් වෙලාව බලලා හදන කොටු වලින් බලන්නේ කොහොමද?

    මොකද ඒකෙ තියනවද favorite positions, fantasy scenes :lol:

    ඒක යාලුවෙල ඉද්දි දෙන්නම හොයගන්නවා මිසක්...
    ඔය ඔක්කොම ගැලපීම් බලන්න ඕනි පෙනී ප්‍රායෝගිකව...
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අනේමන්දා,,, ඕවායේ පොඩි ඇත්තකුත් තියෙනවා :dull:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එත් ලිංග පොරොන්දම ගැලපුන පමණින් විවාහ වෙන එකත් හොද නැනේ....
    දෙන්න ඇන කොටා ගන්න එක බලනවා පක්ෂි පොරොන්දමෙන්.
    වෘක්ෂ පොරොන්දම බලනවා ළමයි හම්බෙනවද නැද්ද බලන්න.
    ඒ වගේම ආයුෂ පොරොන්දම ගැලපෙන්නත් ඕනේ

    මෙහෙම ගියොත් කේන්දර බලලා ඔක්කොම ගලපන්න වෙනවා :sorry::dull::baffled:

    මොනා උනත් හොදට විස්තර කරලා තියෙනවා :)
    ඇයි වෛධව්‍ය දෝෂය, කඩහන්දි දෝෂය දෝෂය :dull: