Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread

    තිය තිය බලන්නේ නැතුව ඇතුලට වරෙල්ලා යකුනේ

    images


    මේ දවස් ටිකේ කිරියේ ඉලෙක්ට්‍රොනික් ගැන ත්‍රෙඩ් ගොඩක් වැටුනා.ඒ හැම එකේම හැමෝම කියපු දෙයක් තමයි ඉලෙක්ට්‍රොනික් ගැන මෙගා ත්‍රෙඩ් එකක් දාන්න කියල:yes:
    ඒත් කවුරුත් පටන් ගත්තේ නෑ:no:ඉතින් මට හිතුනා ඉලෙක්ට්‍රොනික් ගැන ත්‍රෙඩ් එකක් (පොඩි එකක් නෙමෙයි මෙගාආආ ත්‍රෙඩ් එකක්) පටන් ගන්න:cool:
    එත් කැත සින් එක කියන්නේ මාත් ඉලෙක්ට්‍රොනික් ගැන මෙලෝ දෙයක් නෑ:sorry:ඉතින් මෙහෙම කම්පනා කර කර ඉද්දි මට ගෙදර තිබිලා හම්බුනා පරණ පුස්කොල පොතක්:cool:මේකේ නම තමයි "ඔබේ දරුවාගේ ඉලෙක්ට්‍රොනික් දැනුම වැඩුමට ඉලෙක්ට්‍රොනික් පරිපථ " .මේක ලියල තියෙන්නේ රන්ජිත් ගුණරත්න​
    කියන මහත්මයා
    පොතේ තියන දේවල් මම දිගටම දාගෙන යන්නම් :cool:
    හැමෝටම අරාධනා කරනවා මේක දිගටම කරගෙන යන්න කියලා .මමත් ඉලෙක්ට්‍රොනික් වලට ආසයි .හැබැයි දැනුම නිල් .ඉතින් ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා අයගෙන් ඉල්ලන්නේ ඔයාල දන්නා දේ "අ"යන්නේ ඉඳල දාන්න කියලා
    එකම දේ ගැන පෝස්ට් දෙක තුනක් වැටුනත් කමක් නෑ .මොකද ඉගෙන ගන්න දේවල් වැඩි උනාට පාඩුවක් වෙන්නේ නැති නිසා
    මේක බලන අයට කියන්නේ වටිනා කියන පොස්ට් වලට අනිවා රෙප් වලින් සලකන්න කියල:growl:මොකද උබල ජංගි සහිත ත්‍රෙඩ් වල කෙල හලහල රෙප් දෙනවා.වැදගත් ත්‍රෙඩ් දැක්කම නොදැක්ක වගේ යනවා.උබලගේ මස් බරට විතරක් වටිනා ජීවිතේට තව වටිනාකමක් එකතු කරගනිල්ලා :growl::growl::growl:
    අයෙත් කියන්න ඕන මගේ ඉලෙක්ට්‍රොනික දැනුම බින්දුවයි(බින්දුවයි කිවුවට දසම පහයි පහක් වගේ තියනවා දැනුම).මේ ත්‍රෙඩ් එක මම දැම්මේ නොදන්නා අයට ඉගෙන ගන්න.ඉතින් ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා අයගෙන් ඉල්ලනවා වෙන වෙනම ත්‍රෙඩ් නොදා(වෙන ත්‍රෙඩ් එකක් දැම්මත් එකේ අන්තර්ගතය මේකෙත් කොපි පොස්ට් එකක් විදිහට දාන්න) :)
    මේකෙම පොස්ට් එකක් දාල දැනුම බෙදාහදාගන්න කියල වැරදිත් හදාගෙන දිගටම වැඩේ ගොඩදාගෙන යමු......:cool:
    එහෙනම් නමෝ විත්තියෙන් වැඩේ පටාආඅආන් ගමු ...........................................:)


    images
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    තිලාන් මට ඕනේ මගේ සෙල් ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තම ස්වයංක්‍රීයව දැල්වෙන පරිපථයක්(එල්.ඊ.ඩී බල්බ 5ක් පමණ දැල්වීමට). බාහිර බල සැපයුමක් සමග සම්බන්ධ විය යුතුයි. පුලුවන්නනම් කියලා දෙන්න. රෙප් දැම්මා :D
     
    • Like
    Reactions: thilan996

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    multymeter eken curcuit bord check karanne kohomada, burn wecha keli test karanne kohmada,
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    විදුලිය​


    විදුලිය වනාහි කම්බි දිගේ ගමන් කරන එක්තරා ශක්ති විශේෂයක් වශයෙන් කෙටියෙන් හැඳින්විය හැක .විදුලිය අප පියවි ඇසට නොපෙනුනත් , විදුලිය මගින් යම් යම් භාණ්ඩ ක්‍රියාකරනු පෙනේ.විදුලිය මගින් ආලෝකය , චාලක ශක්තිය , තාප ශක්තිය සහ රසායනික ක්‍රියාවන්ද ලබාගත හැක


    AC( Alternating Current) හෙවත් ප්‍රත්‍යාවර්ථ ධාරාව සහ DC (Direct Current) හෙවත් සරල ධාරාව යනුවෙන් විදුලිය වර්ග කල හැක. බැටරි වලින් ලබාගන්නේ DC විදුලියයි. මෙම විදුලිය කිසිදු වෙනස්වීමකින් , ගැස්සිමකින් තොරව සරලව ගලා යයි. ඉලෙක්ට්‍රොනික් පරිපථවල ක්‍රියාකාරිත්වය ලබා ගැනීම සඳහා DC විදුලිය සැපයිය යුතුය. මෙම විදුලියේ ධන ඍන අග්‍ර පරිපථයට සැපයු විට එම පරිපථය සම්පුර්ණ වේ . මෙම විදුලිය අග්‍ර වෙනස් නොකර ධන අග්‍රය පරිපථයේ ධන අංශයටත් , ඍන අග්‍රය පරිපථයේ ඍන අංශයටත් සැපයිය යුතුය . මෙම ධන ඍන අග්‍ර මාරුකර ඉලෙක්ට්‍රොනික් පරිපතයකට සැපයීමෙන් එම පරිපථය ක්‍රියා නොකරනවා මෙන්ම පරිපථයට යොදා තිබෙන IC ට්‍රාන්සිස්ටර් යන ප්‍රධාන උපකරණ විනාශ වීමටද පුළුවන


    AC විදුලිය වෙනස් වෙමින් , ගැස්සෙමින් ගමන් කරන අතර මේ වෙනස් වීම කැරකිමේ ස්වාබාවයකට පත්වේ. මෙහි අංක 1 දරණ රුප සටහනින් දැක්වෙන පරිදි "0 " සිට

    Sy8M7Xsl.jpg


    "A " අවස්තාව දක්වා උපරිම අගයට වැඩිවේ. නැවත "A " අවස්ථාවේ සිට "0" දක්වා අඩුවී දිසාව වෙනස්කර "B " අවස්තාව දක්වා වැඩිවේ . මෙසේ වෙනස්වෙමින් ගමන් කරන AC විදුලියේ ඉරෙන් ඉහල කොටස ධන භාගය වශයෙනුත් , ඉරෙන් පහල කොටස ඍන භාගය වශයෙනුත් සැලකේ. මෙවැනි ධන භාගයක් සහ ඍන භාගයක් එකතු වූ විට එය චක්‍රයක් ,සංඛ්යාතයක් හෝ හර්ට් එකක් වශයෙන් හඳුන්වනු ලබයි.මෙම කරකැවීම "Frequency" නමින් හඳුන්වනු අතර , අප රටෙහි බෙදා හරිනු ලබන විදුලියේ මෙම කරකැවීම තත්පර එකට හර්ට් 50කි. මෙය f=50Hz යනුවෙන් සංකේතවත් කෙරේ.මේ අනුව තත්පර එකක් තුල 100 වතාවක් ධන ඍන මාරුවේ. එවිට ධන භාග 50ක් සහ ඍන භාග 50ක් ඇති වේ.


    AC විදුලියේ මෙම වෙනස්වීම නිසා කිසිම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයක් මෙම විදුලියෙන් ක්‍රියා කරවිය නොහැක .මෙම විදුලිය මගින් යම් භාණ්ඩයක් ක්‍රියාකරවීමට අදහස් කරන්නේ නම්, පළමුව මෙම විදුලිය DC විදුලිය හෙවත් සරල ධාරාවක් බවට පත් කරගත යුතු වේ. DC විදුලිය සපයන අග්‍ර ධන සහ ඍන අග්‍ර වශයෙන් හඳුන්වනු ලබන අතර , AC විදුලිය සපයන අග්‍ර හඳුන්වනු ලබන්නේ , සජීවී සහ උදාසීන කම්බි වශයෙනි . එහෙත් AC විදුලිය සරල ධාරා බවට පත් කල පසු එහි අග්‍ර ධන සහ ඍන අග්‍ර වශයෙන් හැඳින්වේ .

    images


    රජය මගින් නිවෙස් , කර්මාන්තශාලා ආදියට බෙදා දෙනු ලබන්නේ AC විදුලියයි . මින් නිවාස සඳහා වෝල්ට් 230ක විදුලි බලයක් සපයන අතර , කර්මාන්තශාලා සඳහා වෝල්ට් 440ක විදුලි බලයක් සපයනු ලැබේ.
    ඔබ දැක ඇති මහා මාර්ග අසල සවිකර තිබෙන විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර්, විදුලි බලාගාරයේ සිට අධි වෝල්ටීයතාවක් වශයෙන් උප පොලෙහි පිහිටි ට්‍රාන්ස්ෆෝමර් මගින් වෝල්ට් 33000 ට අඩුකර , ඉහත මහා මග අසල පිහිටි ට්‍රාන්ස්ෆෝමර් වෙත ගෙන එනු ලැබේ .
    මෙම ට්‍රාන්ස්ෆෝමර් වෙත ගෙන එනු ලබන විදුලි මාර්ගයේ කම්බි 3ක් තිබෙන අතර , මේ එක් කම්බියක වෝල්ට් 11000 ක් ගෙන එනු ලැබේ . මේ අනුව කම්බි තුනෙහි වෝල්ට් 33000ක් පවතී


    images


    මහමග තිබෙන මෙම ට්‍රාන්ස්ෆොමර්යට 33000V ලබා දුන් පසු ඉන් නිකුත් වන්නේ වෝල්ට් 230ක විදුලි බලයකි .
    මේ ගෘහස්ත පරිභෝජනය සඳහා ලබා දෙනු ලබන විදුලි බලයයි .ට්‍රාන්ස්ෆෝමරය අසල නිසි පරිදි අර්ත් බටයක් වලලා ඇති අතර , එය උදාසීනය වශයෙන් ගෙන ට්‍රආන්ස්ෆොමරයෙන් වෝල්ට් 230ක පේස් (සජීවී ) කම්බි 3ක් නිකුත් කරනු ලැබේ . වෝල්ට් 230ක විදුලි බලය ලබා ගන්නේ උදාසීන කම්බියේ සහ එක සජීවී කම්බියක ආධාරයෙනි . කර්මාන්තශාලා සඳහා අවශ්‍ය වෝල්ට් 440ක විදුලි බලය ලබාගන්නේ සජීවී කම්බි දෙකක ආධාරයෙනි


    images


    කුමන හේතුවක් නිසා හෝ සජීවී (පේස් ) කම්බියක් ශරීරයක ස්පර්ශ වීම වරදකි . ජිවිත හානි පවා සිදුවිය හැක. එනිසා ප්‍රවේශම්වන්න .කල්පනාකාරී වන්න . ප්‍රධාන විදුලිය අධාරයෙන් යම් ක්‍රියාකාරකමක් සිදු කිරීමට අදහස් කරන්නේ නම් , පළමුව තම ආරක්ෂාව කෙරෙහි සිත යොමවා දෙවනුව එම ක්‍රියාවෙහි යෙදෙන්න.විදුලිය අපට ඉතා හොඳ හිතවතෙකි . එහෙත් අපගේ යම් නොසැලකිල්ලක් නිසා හෝ වෙනත් දෙයක් කෙරෙහි සිත දුවවමින් විදුලිය මගින් යම් ක්‍රියාකාරකමක් සිදු කිරීමට උත්සාහ කිරීමෙන් මහත් කරදරයකට පත්විය හැක. එවිට විදුලිය අපගේ ජන්ම හතුරෙක් විය හැක.ජිවිත පවා විනාශ විය හැක .

    images


    මෙම විදුලිය ස්පර්ශ වූ විගස එය අප ශරීරය හරහා පොළොවට ගමන් කරන නිසයි , අපහට මෙසේ අනතුරු සිදු වන්නේ . එනිසයි විදුලිය පිලිබඳ ක්‍රියාකාරකම්වල යෙදීමේදී පාවහන් පැළඳීමට උපදෙස් දෙනු ලබන්නේ ,පාවහන් නිසා ශරීරය සහ පොලොව අතර සම්බන්ධතාවයක් නොමැති හෙයින් අනතුරු සිදු නොවේ. ඒ පාවහන් වියලි තත්වයේ තිබුණහොත් යම් හෙයකින් ඒවා පමණි . තෙතමනයට පත්වී තිබුණහොත් ඉන් කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව මතක තබා ගන්න .


    static.jpg


    විදුලි ඉස්ත්‍රික්ක (ඔව් ඔව් අයන් එක තමයි ) වැනි භාණ්ඩ ක්‍රියාකරවීමේදී ඒවාට විදුලිය ලබාගන්න ප්ලග් බේස් ඉතා හොඳින් අර්ත් කල යුතුය .මෙසේ වූ විට ස්ත්‍රික්කයේ කඳට මොනයම් හේතුවක් නිසා හෝ විදුලිය ගලා ආවේ නම් , ඊට සම්බන්ද අර්ත් වයරය දිගේ එම විදුලිය පොළොවට ගලා යයි . මෙම වයරයේ ප්‍රතිරෝධය අඩු හෙයින් ඉතා පහසුවෙන් පොළොවට විදුලිය ගලා යයි . මිනිස් සිරුරේ ප්‍රතිරෝධය වැඩි මේ අවස්ථාවේ අනතුරු සිදු නොවේ. එහෙත් මෙම අවස්ථාවේ එම අර්ත් වයර නොතිබේ නම් එම ප්‍රතිරෝධී ශරීරය හරහා විදුලිය ගැලීමෙන් මහත් වේදනාවක් දැනේ.මෙය මෙසේ වඩාත් පැහැදිලි හැක .විදුලි බුබුලක සුත්‍රිකාව නිමවා ඇත්තේ ප්‍රතිරෝධී කම්බි විශේශයකිනි .මෙම ප්‍රතිරෝධය හරහා ගමන් කිරීමෙන් අපට ආලෝකය ලැබේ .හොට් ප්ලේට් එකේ කම්බියේ පවතින ප්‍රතිරෝධය නිසයි ඉන් තාප ශක්තිය ලැබෙන්නේ .එසේ නම් අප ශරීරය හරහාද විදුලිය ගමන් කිරීමේදී යම් ප්‍රතිපලයක් ලැබේ .සමහර අය ඇඩප්ටර් මගින් හෝල්ඩර් වලින් විදුලිය ලබාගෙන ස්ත්‍රික්ක පාවිච්චි කරන අවස්ථා ඇත .එය ඉතා අනතුරුදායක බව මතක තබා ගන්න

    UH27AW4l.png
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පවර් පැක් ............


    AC විදුලිය මගින් ඉලෙක්ට්‍රොනික පරිපථයක් ක්‍රියාකරවීමට මෙම විදුලිය DC හෙවත් සරල ධාරා බවට පත් කල යුතු වේ.ඊට පළමු 230V විදුලිය අවශ්‍ය පරිදි 3V, 4.5V , 6V , 7.5V , 9V, 12V ආදී ප්‍රමාණයකට අඩු කල යුතුවේ.මේ සඳහා ට්‍රාන්ස්ෆෝමරයක් ප්‍රයෝජනයට ගනු ලැබේ . ට්‍රාන්ස්ෆොමරයේ ප්‍රාථමික (Primary ) හා ද්විතියික (secondary )කොයිල් දෙකක් ඇති අතර එහි ප්‍රයිමරියට 230V විදුලි බලය සපයා එහි සෙකන්ඩ්රියෙන් අවශ්‍ය අඩු වෝල්ටීයතාවය ලබාගනු ලැබේ .මෙසේ ට්‍රආන්ස්ෆොමරයෙන් අඩු වී ලැබෙන වෝල්ටීයතාව රෙක්ටිෆයරයක් (rectifier) හා කන්ඩේන්සරයක් (Condensor) ආධාරයෙන් පිරිසිදු කරගනු ලැබේ (DC හෙවත් සරල ධාරා බවට පත් කර ගනු ලැබීම). ට්‍රාන්ස්ෆෝමරය ,රෙක්ටිෆයරය සහ කන්ඩේන්සරය යන උපාංග වලින් සමන්විත ඒකකය පවර් පැක් එක යනුවෙන් හඳුන්වයි


    මේ සඳහා ඔබට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් අවශ්‍ය වෝල්ට් ප්‍රමාණයෙන් සහ ඇම්පියර් ප්‍රමාණයෙන් යුක්තව හාෆ් වේව් හෝ ෆුල් වේව් වශයෙන් ලබාගත හැක .රෙක්ටිෆයර් , 1n 4001 සිට 1n 4007 දක්වා අගයන් අගයන් සුදුසුය .කන්ඩේන්සරය 2200MF/16V සුදුසුය ."1N" එකයි N යනුවෙන් හැඳින්විය යුතුය.මින් එක යන්නෙන් අදහස් කරන්නේ එක සන්ධියකින් යුක්ත බවයි .රෙක්ටිෆයරය අභ්‍යන්තරයේ ඇත්තේ එක සන්ධියකි .මෙය ත්රන්සිස්ටරයක් වුයේ නම් එහි සන්දි දෙකක් ඇති නිසා 2N යනුවෙන් සඳහන් කෙරේ.බොහෝ අය 1n යන්න "අයි එන් " යනුවෙන් සඳහන් කරන අවස්ථා ඇත .මෙය වැරදිය .

    ඔබේ අවශ්‍යතාවයන් සඳහා පවර් පැක් පරිපථ තුනක් මෙහි දක්වා ඇත.අංක 2A රූපයෙන් දැක්වෙන්නේ හාෆ්වේව් ට්‍රාන්ස්ෆෝමරයක් අධාරයෙන් හාෆ්වේව් ක්‍රමයට සැකසු පරිපතයකි .මේ ක්‍රමයෙන් ලබා ගත හැකි වන්නේ දුර්වල විදුලි සැරයකි .සුළු පරිපථයක් ක්‍රියාකරවීම සඳහා සෑහේ .මින් සාමාන්‍ය රේඩියෝවක් ක්‍රියා කරවිය හැකි වුවත් කැසට් රේඩියෝවක් හෝ උසස් තත්වයේ රේඩියෝවක් ක්‍රියාකරවිය නොහැක .කැසට් රේඩියෝවක පරිපථයට අමතරව මොටරයටද විදුලි සැපයුමක් අවශ්‍ය නිසා මින් නිකුත්වන විදුලි සැපයුම ප්‍රමාණවත් නොවේ, එනිසා කැසට් යන්ත්‍රය දුර්වලව මන්දගාමිව ක්‍රියා කරයි


    GZPIvQgl.jpg



    අංක 2B රූපයෙන් දැක්වෙන්නේ හාෆ්වේව් ට්‍රාන්ස්ෆෝමරයක් අධාරයෙන් ෆුල්වේව් ක්‍රමයට සැකසු පරිපතයකි .මෙම ක්‍රමයට වැඩි විදුලි සැරයක් ලබා ගත හැක.කෙසේ වෙතත් වැඩි විදුලි සැරයක් ලබා ගැනීමට කම්බියේ මහත ප්‍රමාණයද බලපාන බව සැලකිල්ලට ගන්න(මහත වැඩි කල යුතුය ) .මහත කොයිල් කම්බි යොදා ඔතන ට්‍රාන්ස්ෆෝමර් ප්‍රමාණයෙන්ද තරමක් විශාල වේ



    EBfLGWxl.jpg


    අංක 2C රූපයෙන් දැක්වෙන්නේ ෆුල්වේව් ට්‍රාන්ස්ෆෝමරයක් අධාරයෙන් ෆුල්වේව් ක්‍රමයට සැකසු පරිපතයකි .මෙම ක්‍රමයේදීද වැඩි විදුලි සැරයක් ලබා ගත හැක

    iHkbggDl.jpg


    මේ අනුව ඔබේ අවශ්‍යතාවය පරිදි සුදුසු පවර් පැක් එකක් ඔබට නිපදවා ගැනීමට හැකි වනු ඇත.
    ට්‍රාන්ස්ෆෝමරයක ප්‍රයිමරි කොයිල් එක වැඩි ඕම්ස් ප්‍රමාණයකින් යුක්ත වන අතර ,සේකන්ඩ්රි කොයිල් එක අඩු ඕම්ස් ප්‍රමාණයකින් යුක්ත වේ .ඕම්ස් ප්‍රමාණය වැඩි කොයිල් එකටයි (ප්‍රයිමරි කොයිල් එක) 230V සැපයිය යුතු වෙන්නේ .ඉහත පරිපථ වල "P" දක්වා ඇත්තේ ප්‍රයිමරි කොයිල් එක වන අතර "S" වලින් දක්වා ඇත්තේ සෙකන්ඩ්රි කොයිල් එකයි.


    මෙරට මිලදී ගනු ලබන සෑම පවර් ට්‍රාන්ස්ෆොමරයකම ප්‍රයිමරිය ඇත්තේ වයර් දෙකකි.හාෆ්වේව් ට්‍රාන්ස්ෆොමරයේ සෙකන්ඩ්රියෙන් වයර් දෙකක් යොදා ඇත.
    ෆුල්වේව් නම් සෙකන්ඩ්රියෙ වයර් 3ක් 5ක් හෝ 7ක් වශයෙන් තිබිය හැක .අපි හිතමු මෙහි තිබුනේ වයර් 3ක් යයි කියා, එමෙන්ම ඉන් ලබාගත හැකි වන්නේ වෝල්ට් 9 ක් යයිද සිතමු.එසේනම් මෙහි මැද තනි වර්ණයෙන් යුත් වයරයකුත් , ඒ දෙපස වෙනත් වර්ණයකින් යුත් වයර් දෙකකුත් ඇත මෙහි මැද තිබෙන වයරය පොදු (කොමන් ) වයරයයි . මෙම වයරයත් දෙපස එක වයරයකුත් අතර වෝල්ට් 9ක් තිබේ .කුමන හේතුවක් නිසා හෝ මේ කොමන් වයරය පාවිච්චි නොකර දෙපස වයර් පමණක් පාවිච්චි කළහොත් ඉන් වෝල්ට් 18 ක විභවයක් ලැබේ .ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් වේ


    කරුණු කෙසේ වෙතත් ඔබ යම් පරිපථයක් ක්‍රියාකරවීමට පවර් පැක් උපකරණයක් සපයා ගන්නේ නම් ,එම භාණ්ඩයට අවශ්‍ය වෝල්ට් ප්‍රමාණයම නිකුත් කරන පවර් පැක් එකක් සපයා ගන්න .එසේ නොවන විට ඉන් වැඩි විදුලියක් නිකුත් වන්නේ නම් එම භාණ්ඩය විනාශ විය හැක.
    පවර් පැක් උපකරණයෙන් නිකුත්වන විදුලි බලය ඔබට අවශ්‍ය පරිදි ප්‍රමාන කිහිපයකට අඩු කරගත හැකි උපකරණයකි DC කන්වර්ටරය .පහත රුපයේ එහි පරිපථ සැලැස්ම දක්වා ඇත


    qB4qQNIl.jpg

    swRqq7wl.jpg


    පරිපථය සඳහා වැය වන්නේ ඉතා සුළු මුදලකි .ට්‍රාන්සිස්ටරය රත්වන හෙයින් හොඳින් තාප නිවාරණ තහඩු සවි කරන්න.
    පරිපථයට 12V ක් ධන ඍන නොවරදවා සපයන්න.නියමිත අග්‍ර වලින් වෝල්ට් 9,6,3,වශයෙන් ලබාගත හැක .
    මින් පිටකරන විදුලියේ ධන අග්‍රය වශයෙන් ට්‍රාන්සිස්ටරයේ එමිටර් පාදය(E ) ක්‍රියා කරයි .ට්‍රාන්සිස්ටරයේ පාද පිහිටීම ඉහත රුප සටහනේ පහලින් දක්වා ඇත



    ඊළඟට කියල දෙන්න යන්නේ වයර් මාරු නොකරගෙන :rofl:නිවසක වයරින් පරිපථයක් අලුත්වැඩියා කිරීම සහ ප්ලග් බේස් එකක් සවි කරන හැටි ගැන ...................:cool:මේ ඔක්කොම මම පොතකින් උස්සල දාන්නේ .ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා අය ඇවිල්ල මේ ත්‍රෙඩ් එකේ පොස්ට් දානවා දකින එක තමයි මගේ ආසාව

    දැක්කේ නෑ වගේ මාරු වෙන්නේ නැතිව බම්ප් එකක් දාල සලකල යන්න.ටයිප් කරලා අතනම් තාම රිදෙන්න ගත්තේ නෑ.මොකද අත වන වැඩ වලට පාවිච්චි කරන හැටියට මේ ටයිප් කිරිල්ල කජු කනවා වගේ :cool:හැමෝටම ආරාධනා කරනවා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න.අඩු පාඩු තියනවනම් හරිගස්සන්න ......
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    තිය තිය බලන්නේ නැතුව ඇතුලට වරෙල්ලා යකුනේ

    images


    මේ දවස් ටිකේ කිරියේ ඉලෙක්ට්‍රොනික් ගැන ත්‍රෙඩ් ගොඩක් වැටුනා.ඒ හැම එකේම හැමෝම කියපු දෙයක් තමයි ඉලෙක්ට්‍රොනික් ගැන මෙගා ත්‍රෙඩ් එකක් දාන්න කියල:yes:
    ඒත් කවුරුත් පටන් ගත්තේ නෑ:no:ඉතින් මට හිතුනා ඉලෙක්ට්‍රොනික් ගැන ත්‍රෙඩ් එකක් (පොඩි එකක් නෙමෙයි මෙගාආආ ත්‍රෙඩ් එකක්) පටන් ගන්න:cool:
    එත් කැත සින් එක කියන්නේ මාත් ඉලෙක්ට්‍රොනික් ගැන මෙලෝ දෙයක් නෑ:sorry:ඉතින් මෙහෙම කම්පනා කර කර ඉද්දි මට ගෙදර තිබිලා හම්බුනා පරණ පුස්කොල පොතක්:cool:මේකේ නම තමයි "ඔබේ දරුවාගේ ඉලෙක්ට්‍රොනික් දැනුම වැඩුමට ඉලෙක්ට්‍රොනික් පරිපථ " .මේක ලියල තියෙන්නේ රන්ජිත් ගුණරත්න​
    කියන මහත්මයා
    පොතේ තියන දේවල් මම දිගටම දාගෙන යන්නම් :cool:
    හැමෝටම අරාධනා කරනවා මේක දිගටම කරගෙන යන්න කියලා .මමත් ඉලෙක්ට්‍රොනික් වලට ආසයි .හැබැයි දැනුම නිල් .ඉතින් ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා අයගෙන් ඉල්ලන්නේ ඔයාල දන්නා දේ "අ"යන්නේ ඉඳල දාන්න කියලා
    එකම දේ ගැන පෝස්ට් දෙක තුනක් වැටුනත් කමක් නෑ .මොකද ඉගෙන ගන්න දේවල් වැඩි උනාට පාඩුවක් වෙන්නේ නැති නිසා
    මේක බලන අයට කියන්නේ වටිනා කියන පොස්ට් වලට අනිවා රෙප් වලින් සලකන්න කියල:growl:මොකද උබල ජංගි සහිත ත්‍රෙඩ් වල කෙල හලහල රෙප් දෙනවා.වැදගත් ත්‍රෙඩ් දැක්කම නොදැක්ක වගේ යනවා.උබලගේ මස් බරට විතරක් වටිනා ජීවිතේට තව වටිනාකමක් එකතු කරගනිල්ලා :growl::growl::growl:
    අයෙත් කියන්න ඕන මගේ ඉලෙක්ට්‍රොනික දැනුම බින්දුවයි(බින්දුවයි කිවුවට දසම පහයි පහක් වගේ තියනවා දැනුම).මේ ත්‍රෙඩ් එක මම දැම්මේ නොදන්නා අයට ඉගෙන ගන්න.ඉතින් ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා අයගෙන් ඉල්ලනවා වෙන වෙනම ත්‍රෙඩ් නොදා(වෙන ත්‍රෙඩ් එකක් දැම්මත් එකේ අන්තර්ගතය මේකෙත් කොපි පොස්ට් එකක් විදිහට දාන්න) :)
    මේකෙම පොස්ට් එකක් දාල දැනුම බෙදාහදාගන්න කියල වැරදිත් හදාගෙන දිගටම වැඩේ ගොඩදාගෙන යමු......:cool:
    එහෙනම් නමෝ විත්තියෙන් වැඩේ පටාආඅආන් ගමු ...........................................:)


    images

    umba igena gannawada job ekak karanawada?