අනාගතයේ විදුලි බල අර්බුදයට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    අනාගතයේ විදුලි බල අර්බුදයට

    අනාගතයේ විදුලි බල අර්බුදයට Tesla සමාගමෙන් අපූරු විසඳුමක්



    tesla_powerwall_home_battery_body_2_0.png


    බලශක්තිය සොයාගැනීම ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි. සුළං බලයෙන්, ජලයෙන්, සූර්ය බලයෙන් හෝ ඉන්ධන වගේ ක්‍රම වලින් බලශක්තිය ලබාගන්නට පුළුවන්. වැදගත් දේ වන්නේ බලශක්තිය එක් තැනක සිට තවත් තැනකට රැගෙන ගොස් ගබඩා කර අවශ්‍ය අවස්ථා වලදී ප්‍රයෝජනයට ගතහැකි ආකාරයට සකසා ගැනීමයි. මේ නිසයි මේ වනතෙක් ඉන්ධන වගේ කාබනික සංයෝග භාවිතයට බොහෝ දෙනා පෙළඹුනේ. ඒවා පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකියි, කුටීර වල ගබඩා කළ හැකියි. ඒත් ඉන්ධන කියන්නේ ප්‍රතිජනනය වන (renewable) බලශක්ති ප්‍රභවයක් නෙවෙයි. ඉතින් කොහොමද ප්‍රති ජනනය වන බලශක්ති ප්‍රභව වලින් ලබාගන්නා බලශක්තිය පහසුවෙන් ප්‍රවාහනය කරන්නේ. පහසුවෙන් ගබඩා කර තබන්නේ. ඒ සඳහා තමයි බැටරි භාවිත වන්නේ.

    පසුගිය දවසක මේ බැටරි භාවිතයෙන් බලශක්තිය උපදවා ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියක් වෙනුවෙන් දැවැන්ත පුද්ගලයෙක්ගේ මූලිකත්වයෙන් මුල් පියවර තැබුවා. Elon Musk නමින් හැඳින්වෙන මොහු තාක්ෂණික ලෝකයේ මෙන්ම ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක්, විදුලි බලයෙන් ධාවනය වන Tesla මෝටර් රථ සමාගමේ නිර්මාතෘ ඔහුයි.

    ඔහුගේ ව්‍යාපෘතිය එදිනෙදා වැඩකටයුතු සඳහා විදුලි බලය ලබාගැනීමට ගෘහස්ත බැටරියක් නිෂ්පාදනය කිරීමයි. Tesla Powerwall නමින් හැඳින්වෙන මේ බැටරිය සූර්ය බලයෙන් ආරෝපනය කර අවශ්‍ය වේලාවට විදුලි බලය ලබාගත හැකි ලෙසයි නිපදවා ඇත්තේ. ඒ වගේම කිලෝවොට් පැය 7 සිට 10 දක්වා ප්‍රමාණ වලින් මිලදී ගත හැකි Tesla Powerwall හි මිල වන්නේ $3500ක් පමණයි. වැඩි විදුලි බලයක් අවශ්‍ය ස්ථාන සඳහා Powerpack නමින් කිලෝවොට් පැය 100ක ධාරිතාවයකින් යුත් අධි බලැති බැටරියක්ද ටෙස්ලා සමාගම විසින් නිපදවා තිබෙනවා.

    සූර්ය බලය බැටරි තුල ගබඩා කරගනිමින් විදුලිය ලබාගැනීම මීට පෙර ප්‍රචලිත ක්‍රමයක් වුවත්, එය විශාල වියදමක් සහිත, නිතර නිතර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වන අපහසු කාර්යයක් වුනා. නමුත් Tesla Powerwall බැටරිය සඳහා වසර 10ක කාලයකට අලුත්වැඩියා සිදුකිරීමක් අවශ්‍ය නොවේ.

    අද වන විට ලිතියම් අයන් බැටරි අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයේ, ලැප්ටොප් පරිගණකයේ හෝ ඔබේ කාරයේ ( ඔබ සතුව ටෙස්ලා කාරයක් ඇත්නම් :) ) ඇත්තේ ලිතියම් අයන් බැටරි යි. ලිතියම් අයන් බැටරි මේ තරම් සීග්‍රෙයන් ජනප්‍රිය වීමට හේතු වුනේ වැඩි කාලයක්, වැඩි විදුලි ධාරිතාවක් ගබඩා කල හැකි වීමත්, නාස්තිය අවම වීමත්, බරින් අඩු වීමත් නිසායි. Tesla සමාගමේ මේ නව Powerwall බැටරියේ අඩංගු වන්නේත් ලිතියම් අයන් බැටරි සමූහයක්. මේ නිසා බැටරිය අධික ලෙස රත්වීම වැළකෙනවා.

    මේ අපූරු නිර්මාණය එළිදැක්වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය Tesla සමාගම වෙතත් එහි මහ මොළකරු වන Elon Musk වෙතත් යොමුවුනා. මුල් දින කිහීපය තුලදී Tesla Powerwall 30000කට අධික සංඛ්‍යාවක් විකිණිමටත් Tesla සමාගම සමත් වුනා. Tesla සමාගම අනාගත බලශක්ති පරිභෝජනය පිළිබඳ දකින මේ සිහිනය සැබෑ වුවහොත්, සම්පත් හිඟවීම නිසා වැඩිවන ඉන්ධන මිලට හොඳ විසඳුමක් ලෙස Tesla Powerwall යොදාගන්නට හැකියි.

    පහතින් දැක්වෙන්නේ Elon Musk විසින් Tesla බැටරි එළිදැක්වීමේ උත්සවයේදී සිදුකළ කතාවයි. ලෝකය වෙනස්කරන කෙනෙක්ගේ කතාවක් අහන්න කැමති නම් අනිවාර්යයෙන් මේ වීඩියෝව නරඹන්න.






    source

    10698569_1471884216396404_4277889185027990543_n (1).png
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලන්කවෙ ඔක පැනසොනික්ල හදන්න ප්‍රොජෙක්ට් එකක් ඇව්ල්ල තියෙන්නෙ.ටෙස්ලා කාරය වැඩ්ඩ රොකට් එකකුත් යැව්ව.
    පහුගිය ඡන්දෙ ඔබාම මූට ඩොලර් බිලියන් ගානක් ණයක් දුන්න කියල ඒක රෙපබ්ලිකන්ල බකට් එක ඇද්ද.
     
    • Like
    Reactions: deanXX

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සුපිරි බන්.මුන් තව අවුරුදු 10ක් විතර යද්දි ලෝකෙ ධනවත්ම,ඉනෝවේටිව් ම සමාගම වෙනව.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    patta !! dan oka charge wenne kohomada ?

    Tesla Powerwall නමින් හැඳින්වෙන මේ බැටරිය සූර්ය බලයෙන් ආරෝපනය කර අවශ්‍ය වේලාවට විදුලි බලය ලබාගත හැකි ලෙසයි නිපදවා ඇත්තේ
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    mata hithenne pora issaraha kalekadi Nobel thagga gannath beri kamak ne.. marama porak.. niyama dakmak thiyana porakwage..