පොල් වතුර විසි කරනවද...එපා බන් අපරාදේ..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පොල් වතුර විසි කරනවද...එපා බන් අපරාදේ..

    කට්ටිය කොහොමද...මේ ත්‍රෙඩ් එක දාන්නේ මේ මගේ 3000 වැනි පොස්ට් එකට...දාන එකේ වටින දෙයක් කියන්ඩ හිතුනා... ;) :D :yes:


    Electrolytes-Coconut-Water.jpg

    පොල් ගහ කියන්නේ කප් රුක කියලා අහලා ඇතිනේ..මේ කියන්ඩ හදන්නේ පොල් වතුර ගැන,මම බන් පොඩි කාලේ අම්මා පොල් බිඳිද්දී දුවගෙන ගිහින් පොල් වතුර ටික ඉල්ලන් බොනවා.. පට්ට රසයිනේ :P :) දැන් තමා තේරෙන්නේ මේක වටිනා පානයක් කියලා.. :eek:

    පොල් වතුර මිනිස් රුධිර ප්ලාස්මයට බොහෝම සමාන කමක් දක්වනවා. මේ හේතුවෙන්ම යුධ සංග‍්‍රාම වලදී ආබාධිත රණ විරුවන්ට පොල් වතුර ඖෂධයක් ලෙසද ලබා දී තිබෙනවා. එමගින් මිනිස් ජීවිත රාශියක් බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

    නිරතුරුවම පොල් වතුර පානය කිරීම මගින් ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය නිරෝගිමත් වෙනවලු. එමෙන්ම මූත‍්‍රවාහිනී පද්ධතිය ආශ‍්‍රිතව සිදු වෙන බැක්ටීරියා ආසාධන, උපදංශය, මැලියම් රෝග, ආසාධන ඇති කරන වෛරස්, ටයිපොයිඞ් ආදිය මෙන්ම කල්ගත වූ නිද‍්‍රාශීලී බව, තෙහෙට්ටුව ආදියද සුව කරන විශ්මිත ශක්තිජනක පානයක් ලෙස පොල් වතුර හඳුන්වනවා. මේ සදහා දිනකට පොල් වතුර මිලි ලීටර් 40 ක් 50 ක් පමණ පානය කිරීම ඉතාම ප‍්‍රමාණවත්ලු... :)

    පොල් වතුර වලින් තයිරොයිඩ හෝර්මෝන ශ‍්‍රාවය වීමද උත්තේජනය කරනවා. එමෙන්ම වකුගඩු වල ආසාධන පවතින පුද්ගලයන්ටද මෙය ඉතාමත් සෞඛ්‍යජනක පානයක් වෙනවා. අඩංගු අධික තන්තු ප‍්‍රමාණය නිසා බහිස‍්‍රාවී කටයුතු පහසු කිරීමටද මෙම විශ්මිත පානය හේතු වෙනවා. එමෙන්ම උදරය ආම්ලික වීම නිසා සිදුවන ආබාධයන්ටද මෙම පානය මහත් පහසුවක් වෙනවා. ඔබේ සම තෙල් සහිත හෝ වියලි නම් පොල් වතුරෙන් පෙගවූ කොට්න් රෙදි කැබැල්ලකින් පිස දැමීම මගින් සම පිරිසිදු කර ප‍්‍රාණවත් කිරීමක් සිදු වෙනවා. එමෙන්ම ගර්භ” කාලය තුල ඇති වන අපහසුතා සදහා ද මෙමගින් පහසුවක් සිදු වෙන බවට මතයක් පවතිනවා. :)

    උදෑසනම පොල් වතුර වීදුරුවක් පානය කිරීම මගින් අධි රුධිර පීඩනයට හේතු වෙන අසමබරතාවයන් සුව කිරීමේ හැකියාවක්ද පොල් වතුර වලට තියේලු. මධ්‍යසාර පානය කරන්නන් තැඹිලි වතුර පානය කරන්නේ පසු දින ඇතිවන හිසරදයට පිළියමක් ලෙස. ඒක ඉතින් උමල දැන හෝ නොදැන කරන්ඩ ඇති..කොහොම හරි ඔය මගුල් බොන්වට වඩා මේ වගේ දෙයක් බොන එක හොඳය් නේද..
    :)

    එහෙනම් අනිත් අයට බලන්ඩ බම්ප් එකක් දගෙන යන්ඩෝ :D
     
    Last edited: