නොදන්නා කමෙන් ගැබ් ගන්නේ මෙහෙමයි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    නොදන්නා කමෙන් ගැබ් ගන්නේ මෙහෙමයි

    ගැබ් ගැනීම සම්බන්ධයෙන් නිවැරදි දැනුම නොමැති කමින් එය අවසන් වන්නේ ගබ්සාවෙන්.

    කෙසේ වෙතත් ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට බොහෝ දෙනා දැනුවත්ව ඇත්තේ පොදු ක්‍රම කිහිපයකට බවයි පුවත් පතක් වාර්තා කර තිබුණේ.

    ප්‍රධාන වශයෙන් කොන්ඩම් , උපත් පාලන පෙති , ජඩෙල් , ලුප බහුලව භාවිත කරන බව ඔවුන් පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ස්වභාවික උපත් පාලන ක්‍රම ඇති බවයි.

    ස්වභාවික උපත් පාලන ලෙස හඳුන්වන්නේ කිසිදු භාහිර බෙහෙත් හෝ වෙනත් උපකරණ භාවිතා නොකර ශරීරයේ සාමාන්‍ය තත්වය යම් පාලනයට යටත් කිරීමෙන් දරුවෙකු පිලසිඳ ගැනීම වැලක් වීමයි.

    දරුවෙකු පිලසිඳ ගැනීමට සම්පුර්ණ විය යුතු කරුණු පහතින්.

    1. පිරිමියාගේ සරු ශුක්‍රාණු සහිත ශුක්‍ර තරලය කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුලට ඇතුල් වී එය පැලෝපිය නාල දක්වා ගමන් කල යුතුයි.
    2.කාන්තාවන්ගේ ඩිම්බය කොෂවලින් පිටවී එයද ඒ වන විට පැලෝපිය නාළයේ තිබිය යුතුයි.

    ස්වභාවික උපත් පාලනයේදී සිදුවන්නේ මෙම අවශ්‍යතාව මග හැරීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    කාන්තාවකගේ දින 28 ක මාසික ඔසප් චක්‍රය ගත විට එහි ඩිම්බය පිටවන දිනය අසන්න වශයෙන් ඔසප් වන පළමු දිනයේ සිට ගණන් බැලු විට 14 වැනි දිනයයි. මෙය දොළොස්වැනි දිනයේ සිට 16 වැනි දිනය දක්වා සිදුවිය හැකි බවයි සඳහන් වන්නේ.

    තවද කාන්තාවකගේ ඩිම්බයක් පිට වී පැය 24 ක් කාලය තුල එය සරු තත්වයේ පවතිනවා.

    මේ නිසා ඔසප් චක්‍රයේ 12-16 දක්වා කාලය තුල සංසර්ගයේ දීම මගින් සංසේචනයක් සිදුවීමේ ඉඩ ඉතාම වැඩි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    මේ දින මග හැර සංසර්ගයේ යෙදීම යම් ආකාරයක ආවරණයක් ලබාදුන්නත් මෙය එතරම් විශ්වාසදායි ක්‍රමයක් නොවන බවයි ඔවුන් පවසන්නේ.

    එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය විවිධ ශාරීරික සහ මානසික හේතුවෙන් වෙනස් වෙන බවයි.

    තවත් ක්‍රමයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යෝනි මාර්ගයෙන් පිටවන ස්වයන්ගේ තත්වය අනුව දින ගණන් බැලීමයි.

    සංසේචනයට ඉඩ ඇති දින කිහිපය තුලදී යෝනි මාර්ගයෙන් පිටවන ස්ව ඝනකමින් අඩුවන අතර අනෙක් දිනවල එය ඝන නොවන බවත් එහි සඳහන්.

    හෝමෝන වෙනස් කම් හේතුවෙන් ශරීරයේ උෂ්ණත්වයේ වෙනසක් සිදුවනවා.

    හෝමෝන වෙනසට අනුරූපව කාන්තාවන්ට ලිංගිකව එක්වීමේ කැමැත්ත වෙනස් වෙන බවද සඳහන්.

    ඔවුන් පෙන්වා දෙන අන්දමට පුර්ශයා විසින් අනුගමනය කල හැකි ස්වභාවික උපත් පාලන ක්‍රමය වන්නේ ශුක්‍රාණු පිටවීමට පෙර ශිනය යෝනි මාර්ගයෙන් ඉවතට ගැනීමයි.

    මෙහදී මනා පාලනයක් සහ දැනුමක් තිබිය යුතු අතර මෙම ක්‍රමය බෝහෝ විට සාර්ථක නොවන බව ද ඔවුන් පවසනවා.

    තවද ශුක්‍ර තරලය යෝනි මාර්ගය අවට තවරිමේදී පවා ගැබ් ගැනීමට යම් අවධානමක් පවතිනවා.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113


    ඔවුන් පෙන්වා දෙන අන්දමට පුර්ශයා විසින් අනුගමනය කල හැකි ස්වභාවික උපත් පාලන ක්‍රමය වන්නේ ශුක්‍රාණු පිටවීමට පෙර ශිනය යෝනි මාර්ගයෙන් ඉවතට ගැනීමයි.

    .

    ethakota aathal kadenavane....lol
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ශ්‍රී ලාංකේය ලිංගික අධ්‍යාපනයේ සරසවිය....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං ඔච්චර හදියක් කරන්න ඕන නෑ.. වයිෆ්ට කියපං එළකිරියෙ තියෙන අසහන ත්‍රේඩ් දෙක තුනක් කියවන්න කියලා.. ගැබ් ගන්නවා ක්ෂණිකව..:yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පිස්සුද බං ඔච්චර හදියක් කරන්න ඕන නෑ.. වයිෆ්ට කියපං එළකිරියෙ තියෙන අසහන ත්‍රේඩ් දෙක තුනක් කියවන්න කියලා.. ගැබ් ගන්නවා ක්ෂණිකව..:yes:

    :lol::lol::lol::lol::lol: