මානසික සතුට හා Sex අතර අපූරු සම්බන්ධයක් – නවතම
සමහරු හිතන්නේ වැඩි වැඩියෙන් ලිංගිකව එක්වීම (Sex) සතුට ඇති කරන දෙයක් කියලයි. ඒත්
අලුත්ම සමීක්ෂණ වාර්තා වලින් හෙලිව ඇත්තේ තරමක් වෙනස් කාරණාවක්. මේ සමීක්ෂණය සඳහා යුවල කණ්ඩායම් දෙකක් සහභාගී කරගෙන ඇති අතර ඉන් එක් කණ්ඩායකමක යුවල අතර ලිංගික එක්වීම් වාරගණන දෙගුණයක් කරන ලෙස උපදෙස් දී තිබෙනවා. මේ අතර අනෙක් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ලිංගික එක්වීමට උපදෙස් දී තිබෙනවා. මාස 3කට පසුව කණ්ඩායම් දෙක අතරින් වැඩි වාරගණනක් ලිංගිකව එක්වූ යුවලයන් ගේ මානසික සතුට සාපේක්ෂව අඩුවී ඇති බවයි සමීක්ෂකයින් සොයාගෙන ඇත්තේ.
ඒ අනුව අලුත්ම සමීක්ෂණයේදී වැඩි වශයෙන් ලිංගිකව එක්වීමට උපදෙස් ලබාදී තිබුනු නිසාවෙන් ලිංගික කාර්යය සඳහා අවශ්‍යතාවයක් නොමැතිව වුවද ලිංගිකව එක්වීමට සමීක්ෂණයට සහභාගී වූවන්ට සිදූවීම නිසා තෘප්තිය නොමැති වීමෙන් මානසික සතුට අඩු වූවාදැයි සැකයක් පවතින බවයි George Loewenstein වැඩිදුරටත් පවසා සිටියේ.
කෙසේ නමුත් මීට පෙර සමීක්ෂණ හා නවතම සමීක්ෂණ වාර්තා අනුව නිගමනයට ආ හැකි කාරණය නම්, අවශ්‍යතාවයක් ඇතිව, තෘප්තිමත්ව ලිංගිකව එක්වන වාරගණන සෘජුවම මානසික සතුට සඳහා බලපාන බවයි. ඒ වගේම තෘප්තිමත්ව ලිංගිකව එක් වීම මානසික සෞඛ්‍යයට පමණක් නොව කායික සුවතාවයටත් හේතු වන කාරණයක් බවයි Loewenstein පවසා සිටියේ.
http://techguru.lk/2015/05/16/more-sex-could-make-you-less-happy/