සිර-ජීවිතය

Sirakaruwa

Member
May 19, 2015
12
22
0
මගේ සිරගෙදර ජීවිතය

මේ ත්‍රෙඩ් එක දාන්නේ එළකිරි එකේ ඉන්න ලෝයර් කෙනෙක් මැගසින් බන්ධනාගාරය ගැන දාපු ත්‍රෙඩ් එක දැකලා. දවස් 42 ක් සිරගෙදර හිටපු හැටි ගැන තමයි කියන්නේ.

කොටස් වශයෙන් කතාව දාන්නම්.
කොටස් 11 ක් තියෙනවා. දෙවැනි සහ තුන්වැනි පිටුවලත් කතාව තියෙනවා.

-1 කොටස (තීරණාත්මක දවස)-


එදා හරියටම අඟහරුවාද දවසක්.ඊට කලින් දවසේ batch එකේ meeting එකක් අරගෙන අද දවසට මොනාද කරන්න ඕන කියලා කතාකලා.මොකද ඒ දවස් වල අපේ ඔලුවේ තිබ්බේ show එක විතරයි.ලීෆ්ලට් එකක් බෙදන්නත් තිබ්බා.මොකද batch එක එන්න ළඟ නිසා.කොහොමහරි ලීෆ්ලට් එක බෙදන්න juniors ලට කිව්වා.

එදා හොඳට මතකයි මල්ලි කෙනෙක් මගෙන් ඇහුවා
"අයියෙ ලීෆ්ලට් එක බෙදනකොට අනික් පැත්තෙ එවුන් ඇවිල්ලා ගැහුවොත් මොකද කරන්නේ"
කියලා. මම කිව්වා කතා දෙකක් නෑ අනික් පැත්තට ගහල දුවපන් කියලා.ගුටි කාල නම් එන්න එපා කිව්වා.ඉතින් එහෙම කියලා අපේ batch එකේ එවුන්ට show එකේ adds,sponsership වැඩ ටික බාර දුන්නා.මේ ඔක්කොම කලින් දවසේ රෑ වුණ දේවල්.මට සාමාන්‍යයෙන් උදේට නැගිටින්න අමාරුයි.රෑට නින්ද යන්නේ නෑ.ඔහොම ඒවා තිබ්බා.කවදාවත් මට උදේ 8 lecture එකට යන්න වෙන්නේ නෑ.යාලුවන්ට පින්සිද්ධ වෙන්න මමත් එකේ sign sheet එකේ ඉන්නවා.

එදා උදේ 6.30ට විතර මල්ලි කෙනෙක් ඇඒත් මාව ඇහැරෙව්වා."අයියේ වහිනවනේ.. කොහොමද ලීෆ්ලට් එක බෙදන්න යන්නේ" කියල ඇහුවා.මට අම්බානක් නිදිමතේ හිටියේ.මම කිව්වා "කුඩයක් අරන් ගිහින් බෙදපන්" කියල අනික් පැත්ත හැරිලා නිදාගත්ත මම.පස්සේ අරූ ගැන දුක හිතෙන්නවත් මට ඇගැරුනේ නෑ.ඔහොම නිදාගෙන ඉන්න කොට හරියටම 7ට විතර phone එක වදිනවා මගේ.නිදිමතේම answer කලා.අපේ batch එකේ එකෙක් කෝල් කලේ.

"ඉස්සෙල්ලා උඹ නැගිටලා ඉදපන් යකෝ" කියලා ඒකා කෑගැහුවා.මට නිකන් පිස්සු වගේ.මේ යකා මොකටද මෙහෙම කෑගැහුවේ කියලා.මම නිදිමතේම "මොකද්ද අවුල" කියලා ඇහුවා. "උඹ දන්නවද?? අපේ ලීෆ්ලට් බෙදපු මල්ලිලාට management එකෙන් ඇඒල්ලා තගක් දාලා ගිහින්.ඒ විතරක් නෙමේ අපේ ලීෆ්ලට් ඔක්කොම pond එකට විසිකරලා" ඔච්චරයි ඌට කියන්න වුණේ.මට ඉබේටම ඇහැරුණා."හරි මචන්.. මම දැන් එන්නම් කැම්පස් එකට.ඇවිත් කතාකරමු" එහෙම කියලා මම ඉක්මනට ඇඳෙන් බැහැලා wash එක දාගත්තා.අපේ batch එකේ එකෙක්වත් hostel එකේ නෑ.උන් කැම්පස් ගිහින්.කාට කියන්නද?? මරු නේද?? ඔක්කොමල කැම්පස් ගිහින්.batch එකේ refa බුදි.හොහ් හොහ්. කොහොමහරි ඉක්මනට ලෑස්තිවෙලා 8 වෙනකොට කැම්පස් එකට ගියා.මගේ file එකේ අපේ show ඒවට අදාල ගොඩක් documents තිබ්බා.මම ඒව අරන් යනකොට අපේ batch එකේ කොල්ලෙක් එනව ඉස්සරහට.පොරත් ආය වලි කිව්වොත්.එලම බොක්කක්.ඌ මාව නැවැත්තුවා.අපි හම්බුණ place එකට කියන්නේ "යකා හන්දිය" කියලා.

අරූ කිව්වා මට "මචන් අද වුණ case එක දන්නව නේද උඹ? මොකද කියන්නේ return එක දෙමුද? " කියලා.ආය ඉතින් මම එක පයින්.කැන්ටින් එකට යන එකෙක් අතේ මගේ file එක යැව්වා ඉස්සෙල්ලාම. අපට ඒ වෙනකොට දැනගන්න ලැබුණා management එකේ කැටයක් යනවා කියලා මාතර town එකේ.ඒ වෙනකොට මාර විදියට තද වෙලා හිටියේ අපට.ඇයි යකෝ මොන බම්බුවටද management එකෙන් ඇවිත් අපේ ලීෆ්ලට් pond එකට විසිකලේ.පස්සේ අපි දෙන්නා කතාවුණා මාතර town එකට ගිහින් පොඩි සෙට් එකක් බලලා දීලා එමු කියලා.එච්චරයි.එතනින් එහාට මොකුත් හිතුවෙ නෑ.ඔහොමම hostel ගියා.පස්සේ මල්ලිලා කීපදෙනෙකුත් වැඩේට ගත්තා.ඉතින් අපි 6ක විතර සෙට් එකක් මාතර town එකට ගියා.අපේ batch එකේ එවුන් මේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ.ඔක්කොටම හොරෙන් කලේ. මාහර stand එකට ආවා.කැටයක් තියා බල්ලෙක් වත් නෑ.බොරුවක්වත්ද?? ඕවා හිත හිත යනකොට මහානාම පාලම උඩ පොඩි සෙට් එකක් කැට තියාගෙන ඉන්නවා.එතන town එකේ මැද නිසා උන්වත් පහුකරගෙන station එක පැත්තට ගියා.එකේ කට්ටිය ඇති කියලා.ඒකෙත් එකෙක්වත් නෑ.පස්සේ හැරිලා ආපහු ආවා.ඔහොම එනකොට අපිත් එක්ක ආපු මල්ලිලා හැලුණා.එහේ මෙහේ යනව කියල ගියා.අපි 4යි ඉතුරු වුනේ.ඔහොම පයින් එනකොට මහානාම පාලම උඩ එකෙක් කැටයක් තියන් ඉන්නවා දැක්කා. ආය මොකුත් හිතුවෙ නෑ.මල්ලිලා දෙන්නට පාලමෙන් අනික් පැත්තෙන් එන්න කිව්වා.අපි අරූ ඉන්න පැත්තට ගියා.

මොකුත් නෑ.මහ town මැද.අරූට ලේ පෙරෙනකන් ගැහුවා.ඌ එතනම ඇදගෙන වැටුණා.කොහොමහරි පොර අතේ තිබ්බ කැටයෙත් අම්බානක් ලේ.මම ඒක උදුර ගත්තා.හප්පේ බර ඒකේ.ආය කිසිම කතාවක් නෑ.ඒක එහෙම්ම ගඟට විසි කලා.පස්සේ අපි මොකුත් කලෙ නෑවගේ එතනින් ගියා.වාහනත් නවත්තලා දැන් එතන.මට ඇහෙනවා මිනිස්සු කියනවා "මෙයාව ඉක්මනට අරන්යන්න.මෙයාට අමාරුයි" කියලා. අපි එහෙම්ම stand එකට ගියා.අම්මටසිරි.එකෙහ් කැටතියන් සෙට් එකක් ඉන්නවා.අර මොරාල් එකටමද දන්නෙනෑ උන්ටත් පැනපු ගමන් ගහගෙන ගහගෙන ගියා.එක පාරටම "පොලිස්" කියනවා ඇහුණා.ඒත් ගානක් නෑ.ඔහේ ගහනවා.එක පාරටම පිටිපස්සෙන් පොලිස්කාරයෙක් ඇවිල්ලා මට හෑන්ඩ්කප් දානකන් මම දන්නෙ නෑ.කොහොමහරි අපිත් එක්ක ආපු දෙන්නේක්ට පැනගන්න පුලුවන් වුණා.මමයි තව මල්ලි කෙනෙකුයි කොටු වුණා.අපිව කෙලින්ම අල්ලන් ගිහින් පොලිස් කූඩුවේ දැම්මා. ඒක ඇතුලෙ ඉඳගෙනත් අපේ පොර ටෝල්ක්ස් වල අඩුවක් තිබුණේ නෑ.මට හොදට මත්කයි පොලිස් කාරයා මගේ නම ඇහුවා.මම නිකන් ගේමට වගේ උත්තර දුන්නේ.
එතකොට පොලිස් කාරයා කියපු දෙයක් තමයි "මතක තියාගනින්.. මාලුවා නහින්නෙත් කට නිසා" කියලා.ඔහොම ඉන්නකොට අපේ කොල්ලො එහෙන මෙහෙන් පොලීසියට ආවා.අනේ අපි හිතුවේ ගේමක් නැතුව එලියට යන්න පුලුවන් කියලා.එක පාරටම පොලිස් එවුන් දෙන්නෙක් ආවා.කිව්වා උඹල දෙන්න උසාවි යන්න වරෙන් කියල ජිප් එකට දාගහ්තා. කොහෙද යකෝ උසාවි තියෙන්නේ.ඕවා දන්නව ඇයි අපි.ජිප් එකට නගිද්දියි මම දැක්කේ.මගේ කලිසමේ දණිහ ගාව ලොකු ලේ පැල්ලමක් තිබ්බා.ගහපු පාර ගෑවුණ එකක්.කරුමෙට පොලිස් කාරයත් ඒක දැක්කා.

"ලේ විසිවෙන්න ගැහුවනේද උඹ?? බලපන්කො තොපිට කරන වැඩේ" කියලා පොලිස්කාරයා කිව්වා.අපිව උසාවියට අරන් ගිහින් මොකද්ද කාමරයක් ඇතුලට දැම්මා.

අඩෝ මේ මොකද්ද? ඇතුලෙ ගඳේබෑ.තව එවුන් වගයක් ඒකෙ හිටියා.පස්සෙයි දැනගන්න ලැබුණේ. එකේ ඉදල තමයි හිර කාරයෝ උසාවියට ඉදිරිපත් කරන්නේ.මලා.. ඒ කියන්නේ අපිත් හිරකාරයෝද?? මොකුත් තේරෙන්නෙ නෑ.ඒ කාමරේ ඇතුලේ අම්මෝ.ඉන්න එවුන් දැක්කම බයේ බෑ.අපි දිහත් කන්න වගේ බලනවා.එකෙක් ඇහුවා මොකද්ද මල්ලි සීන් එක කියලා.අපි ඉතින් විස්තරේ කිව්වා.පොර කිව්වා මේ judge හෙනම අවුල්.පොර ඇප දෙන්නේ නෑ කියලා.අපිව හීතල වෙලා ගියා.දෙයියනේ දැන් මොකද කරන්නේ.ඔහොම ඉන්න්කොට එක පාරටම

"අර කැම්පස් දෙන්නා මෙහෙට එන්න" කියන හඬක් ඇහුණා.බලද්දි lawyer. "මට වෙච්ච ඇත්ත සිද්ධිය කියන්න.මොකද මම තනිකර UNP.මම JVP එකට සම්පූර්ණයෙන් විරුද්ධයි" කියලා මට කිව්වා.මම වෙච්ච සිද්ධිය කිව්වා.පොරත් කිව්වේ අර ඇතුලේ එකා කියපු කතාවමයි."මම ඔයාලගෙ නඩුව කතාකරන්නම්.හැබැයි අපේ නඩුකාරතුමාට හිර ගෙදට පිරවීමේ ආසවක් තියෙනවා.ඒ නිසා හැම එකාවම හිරේ යවනවා.මම පුලුවන් තරම් උත්සාහ කරන්නම් ඇප අරන් දෙන්න.මීට පස්සෙවත් මොළේ කල්පනා කරල වැඩ කරන්න" මෙහෙම කියලා පොර ගියා. අපි දෙන්නට දැන් තරු පේනවා.ඔහොම ඉනකොට එක පාරටම අපේ නඩුව ගත්තා.උසාවියේ අර මොකද්ද උඩට නැග්ගා අපි දෙන්නම.පොලිස් කාරයා ගේමෙන්ම කහා කරන්වා.Lawyer කාරයත් අතහරින්නෙම නෑ.

කොහොම්හරි අන්තිමට සිද්ධ්වුනේ හිතාගන්නවත් බැරි දෙයක්.අපිව දවස් 14කට රිමාන්ඩ් කලා.මට කර කියාගන්න දෙයක් නැතිවුණා.අපිව ආපහු අර රූම් එක ඇතුලට දැම්මා.මට ඇඬෙන්න එනවා.මොනා කරන්නද? මොකුත් තේරෙන්නෙ නෑ.ඔලුව ගහගෙන කල්පනා කර කර හිටියා. එතකොට ජේලර් කෙනෙක් ඇවිල්ල කිව්වා යන්න ලෑස්ති වෙන්න කියලා.අපි උඩ බිම බලනවා.කොහේද යන්නේ?? අපිව නිදහස් කරලද?? එහෙම වුණා නම්.නැහැ.හිර ගෙදරට එක්කන් යන්න බස් එක ඇවිල්ලා.handcup වැලක් අරන් ආවා.ඒවා ඔක්කොම එක එකකින් සම්බන්ධවෙලා තිබ්බේ.අපි ඔක්කොටම ඒවා දාල එක්කන් ගියා.මම එලියට එනකොට දැක්කේ අපි කොල්ලො ටික ඇවිත් හිට්යා.උන්ට කරකියාගන්න දෙයක් නැතුව බලන් හිටියා.අපිව බස් එකේ දාගෙන හිර ගෙදරට අරන් ගියා.

"මාතර බන්ධනාගාරය" කියල board එකක් දැක්කා. අපිව බස්සලා ඇතුලට ගත්තා.එකත් නිකන් පොඩි කාමරයක් වගේ තැනක්.අපි අලුත් කට්ටියනේ.පරණ කට්ටිය ගෙදර යනව වගේ ඇතුලටම ගියා කිසි ගානක් නැතුව.අපි ගේට් එක ලඟ නැවතුනා.වෙලාව හවස 7ට වගේ.මොකුත් පේන්නෙත් නෑ.අර නිකන් කැම්පස් එකට අලුතින් ළමයි ඇතුල් කරගන්නවා වගේ මගෙනුත් නමයි වයසයි ඔක්කොම අහලා ඒවා ලියාගත්තා.දාගෙන හිටපු සපත්තු ගලවන්න කිව්වා.වටිනා කියන බඩු එහෙම තියෙනවනම් දෙන්න කිව්වා.මමත් එක්ක ගිය මල්ලි මාලයක් දාගෙන ඉදලා ඒක බාරදුන්නා.ඒවා ආපහු දෙනවත් කිව්වා.number එකකුත් දුන්නා.මගේ number 1696.දැන් මට කර කියාගන්න දෙයක් නැතුව ඔහේ බලාගෙන හිටියා.ජේලර් කෙනෙක් ඇවිත් ගෙදර phone number එක ඉල්ලුවා.ඒ වෙලාවෙ මට ගොඩාක් දුක හිතුනා.ගෙදර කට්ටිය,කැම්පස් එකේ යාලුවෝ ඔක්කොම මතක් වුණා.මට කතා කරගන්න බැරිවුණා.මම ඔලුව වනලා නෑ කියල කිව්වා.එක දෙන්නේ කොහොමද?මේ දේවල් ගෙදරින් දැනගත්තොත් මොනාගෙන් මොනා වෙයිද?එයාලට කොච්චර දුක හිතෙයිද?

ඇයි මම මේ දේවල් කලින් හිතුවෙ නැත්තේ.දැන් පරක්කු වැඩි.මොකුත් හිතන්න වුණේ නෑ.අපිව එකෙන් ඇතුලට දැම්මා.ජේලර්ගේ පස්සෙන් එන්න කිව්වා.


මෙන්න මෙහෙම සිර ජීවිතය ආරම්භ වුණා.........
 
Last edited:

Sirakaruwa

Member
May 19, 2015
12
22
0
-2 කොටස (සිර ගෙදර ජීවිතය 1)-

කලුවරම කලුවරයි.මොකුත් පේන්නෙ නෑ.ලොකු gate එකක් නම් තියෙනවා.ඒක දැක්කෙත් ඒකෙන් ඇතුලට යනකොට.අපි දෙන්න හරක් දෙන්නෙක් වගේ ජේලර්ගෙ පස්සෙන් යනවා.මේකද හිර ගෙදර කියන්නේ?? එහෙම කියන්න තිබ්බා මොනාහරි පේනවනම්.එක පාරටම අපිව තැනක නතර කලා.වෙලාව බලන්න මොකුත් අතේ නෑනේ.කොහොමත් 8ට වගේ ඇති.එතන තමයි හිරගෙදර කුස්සිය.ඒකේ ඒ වෙනකොටත් කට්ටිය වැඩ.හිර kits ගහගත්ත අය.මම හිතුවා අඩේ අපටත් මේවා අන්දයිද දන්නේ නෑ කියලා. අපිට කිව්වා කෑම කන්න කියලා.කනවලු.මේ කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවා.මම කිව්වා මට කන්න බෑ කියලා.මාත් එක්ක ගිය මල්ලි කන්න ඕන කිව්වම කොරහකට බත් පොඩ්ඩක් බෙදලා හරක් මස් හොදි එක්ක දුන්නා.මාරම අපිරිසිදුයි.වමනෙ යන්න එනවා.පස්සේ ඒ මල්ලි කෑවෙත් නෑ.පස්සෙ අපි දෙන්නව එක්කන් ගියා.මිදුලකින් යනව වගේ තේරුණා.

අප්පටසිරි.කාමර 3ක් තියෙනවා.නිකන් දැල් ගහල වගේ.ටිකක් ලොකු කාමර.පස්සෙ කිව්ව අපි දෙන්නට ඇතුලට යන්න කියලා. හප්පෝ.මේ මොකද්ද?? කාමරේ පොඩි උනාට අපි ඇතුලට ගිය කාමරයේ 100කට වඩා ඉන්න ඇති.එහෙන් මෙහෙන් රෙදි එල්ලලා.එක එක ජාතියේ මිනිස්සු.කොණඩවල් වවාගෙන.ගොඩක් බය හිතුණා.අපි දෙන්නා හෙමීට එයාල අතරින් ඇතුලට ගියා.අපි දෙන්න අතරමන්වෙලා වගේ.කොතන නවතින්නද?? ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ.මම සපත්තු දෙක අතේ අරන් යනකොට ඒකෙ ඇතුලෙ හිටපු එකෙක්ගේ ඇඟේ වැදුණා.පොඩ්ඩයි ඇදුණේ.ඒක මට ගහන්න ආවා.යකෙක් වගේ. මොනා කියල කරන්නද?"සොරි අන්කල්" කියල කිව්වා.එතකොට මේ යකා "කව්ද යකෝ අන්කල්" කියල ආයෙමත් ඇඟට කඩන් පැන්නා.එතකොටම "අඩෝ" කියන සද්දයක් ඇහුණා.

ඇතුලෙ හිටපු සේරම උනා.බලද්දී ජේලර් කෙනෙක්.මෑන් කෑගහන්නේ නෑ.බුරනවා බල්ලෙක් වගේ."ඔය අලුතින් ආවේ කැම්පස් එකේ කොල්ලො දෙන්නෙක්.. උන්ට මොකුත් කරල එහෙම අහුවෙන්න එපා" කියලා කිව්වා.එතකොට මාර ෆිට් එකක් ආවා අපි දෙන්නට.පස්සේ වයසක එකෙක් ඇවිත් "කෝ දෙන්න පුතා ඔයලගේ සපත්තු" කියලා ඒවා ඉල්ලන් බෑග් එකකට දාල එල්ලුවා.අපි ඉතින් පැත්තකට වෙලා වාඩි වෙලා හිටියා.පුටු එහෙම නෑ.තනිකර බිම තමයි ඔක්කොම වාඩි වෙලා ඉන්නේ.ඔහොම ඉන්න්කොට අයිය කෙනෙක් ඇවිත් අපිත් එක්ක කතා කලා.මෑනුත් ළඟදී ඇතුලට ආපු කෙනෙක්.පොර අපට ඉන්න ඕන විදිය කිව්වා.

අපිව දැම්ම එකට කියන්නේ "දැල් වාට්ටුව" කියලලු.තව වාට්ටු ගොඩක් තියෙනවලු."මහ වාට්ටුව","සිර වාට්ටුව","උඩ වට්ටුව","පහළ වාට්ටුව" ඔන්න ඔහොම කීපයක් කිව්වා.සාමන්‍යයෙන් හරි හොඳ එකකට තියෙන්නේ "දැල් වාට්ටුවලු".ඒ කියන්නේ අපි ඉන්න එක.ඒ කියන්නේ අනික් ඒවගේ තරම හිතාගන්න පුලුවන්.ඔහොම කතා කර කර ඉන්නකොට එක පාරටම "පෝලිම් පෝලිම්" කියන්ව ඇහුණා.මොකද්ද මේ පෝලිම??
සාමන්‍යයෙන් පෝලිම් කිව්වම අපි පෝලිම් ගැහෙනවනේ.ඒත් මෙහෙ එහෙම නෙමෙයි.පෝලිම් කිව්වම රූම් එකේ කට්ටිය දැපැත්තට බෙදිලා දෙන්න දෙන්න එකා පිටිපස්සෙ එකා ඉඳගන්න ඕන. ඊට පස්සේ ගණන් කරන්වා.දෙන්න දෙන්න හිටියම ගණන් කරන්න ලේසිනේ.ඒක නිසා වෙන්න ඇති මෙහෙම පෝළිම ගහන්නේ.කවුද අනේ දන්නේ.ඒක ඇතුලේ ලස්සන අයිය කෙනෙක් හිටියා.එයාට "සුදූ" කියල කතා කරන්නේ.මෑන් අපි දෙන්නට එන්න කියලා නමයි හිර number එකයි ලියාගත්තා.පස්සේ අර අපට සෙට් වුණ අයියගෙන් ඇහුවා අර සුදු අයියා මොකටද හිරේ ඉන්නෙ කියලා."මල්ලී.. ඕකා ඔහොම හිටියට ඕකට මිනීමැරුම් නඩු 4ක් තියෙනවා." කියලා පොර කිව්වම මගේ ඇඟ මොකද්ද වෙලා ගියා. ඒ කියන්නේ මේකෙ ඉන්න අනික් එවුන් ගැන හිතාගන්න පුලුවන්.

අම්මෝ මොන අපායක්ද මේක??

කොහොමහරි අපට මුලදිම අයිය කෙනෙක් සෙට් වුණ එක හොඳයි.මෑන් කිව්වා හෙට උදේන්ම නැගිටින්න තියෙනවා.ඒ නිසා නිදාගනින් දැන් කියලා.කොහෙද දැන් නිදාගන්නේ.වටේ කීපදෙනෙක් එලාගෙන හාන්සි වෙලා.ඒවට කියන්නේ border කියලලු.සමන්‍යයෙන් හිර ගෙදර තමන්ගේ ගෙදර වගේ තියන් ඉන්න එවුන්ලු ඒවගේ ඉන්නේ.අපිත් අවුරුද්දක් දෙකක් හිරේ හිටියොත් අපිටත් border එකක් ගන්න පුලුවන්ලු. අනේ එපා.මෙ විනාඩියක්වත් ඉන්න බැරි එකේ.අවුරුද්දක්?? පිස්සු හැදෙයි.

"පැදුරු ගනිල්ලා ඔක්කොම" කියන සද්දෙට අපි නැගිට්ටා.පැදුරකුත් ගත්තා.එතන ඉන්න එවුන් නිදාගන්න පොරකනවා.අපි උඩ බිම බලන්වා.මේ මොනාද වෙන්නෙ කියලා.යකෝ මෙහෙමද නිදාගන්නේ.අර වටේ ඉන්න එවුන් සැපට නිදි.අනික් එවුන් මැද මිරිකිලා.ඒ කියන්නේ මැද ඉන්න අයව නිදිකරවන්නේ ඇඟ හරහට හිටින්න.එතකොට ගොඩක් ඉඩ යන්නෙ නැතිනිසා.ඒකට කියන්නේ "අට්ටි ගහනවා" කියලා. අපිත් අට්ටි තමයි.අපි එහෙමම හිටියා.මොන නින්දක්ද?? රස්නේ ඉන්න බෑ.ටීවී එකකුත් තියෙනවා.කොහොමහරි එළිවෙනකන් නිදාගත්තෙ නෑ.කල්පනා කර කර හිටියා.ඒකත් වාඩි වෙලා නෙමේ.වාඩි වෙන්න ඉඩ නෑනේ.හරහට හාන්සි වෙලා.පිට ඔක්කොම රිදෙනවා.කොහොමහරි උදේ වෙනකන් ඇහරලා.පස්සේ ඔක්කොම ඇහැරුණා.උදේ කෑම වෙලාව කිව්වා.එහෙන් මෙහෙන් පිඟර් අරන්.අපටත් එක පිඟානක් දුන්නා.ඊට පස්සේ දෙන්න දෙන්න පෝලිම් ගස්සල එලියට දැම්මා. තාම එළියවත් වැටිලා නෑ.උදේ 6ට වගේ ඇති.ගණන් කර කර තමයි එලියට දාන්නේ.

අම්මටසිරි.දැන්නේ පේන්නේ.එතන මිදුලක් තමයි.ලොකු ලිඳකුත් තියෙනවා.අපි අනික් අයගේ පස්සෙන් ගියා.ඔක්කොමලා පෝළිමේ ඉන්නවා.උදේ කෑම "පාන් කාලයි..පොල් සම්බලුයි".බොරු කියන්න ඕන නෑනේ.පොල් සම්බලේ නම් මාරයි.ඒක ඇතුලට වෙලා කෑවා.එදා බදාදා.
ඉරිද නැතුව ඕනම දවසක ඇතුලෙ කට්ටිය දවසට දෙපාරක් බලන්න එක දෙනවලු.visit දානව කියල තමයි කියන්නේ. අපි ඉතින් අපේ යාලුවෝ එනකන් ඇතුලට වෙලා හිටියා.ඒකෙ ඇතුලෙ ඉන්න එවුන් කියන්නේ තනිකර කුණුහරප.උදේන්ම ඇහෙන්නේ ඒවා.දවසම ඉවරයි.අපි දෙන්නා තාම ඇදන් ආපු ඇදුම් පිටින්මයි.ඔහොම ඉන්නකොට "කැම්පස්" කිය සද්දෙ ඇහුනා.
අපි දෙන්න දුවලා ගියා.කොල කෑලි දෙකක් තිබ්බා.ඒකේ ගහල තිබ්බා අපේ නම්.ඊට යටින් අපේ කොල්ලො කීප දෙනෙක්ගෙ නම් තිබ්බා.අපි දැනගත්තා අපිට visit එකක් තමයි කියලා.අපි දුවල ගියා.දැලකට මෙහා පැත්තෙ ඉඳන් තමයි කතාකරන්න තියෙන්නේ. අපි කොල්ලොගේ මූණවල් දකින්න ගොඩක් ආසවෙන් හිටියේ.

උන් මොනා කියයිද??
අපිව අද එලියට ගන්නවා කියයිද??

ඕවා හිත හිත එකේ හිට්යා.ඊට පස්සෙ මොකද වුණේ..
 
Last edited:

Sirakaruwa

Member
May 19, 2015
12
22
0
-3 කොටස (සිරගෙදර ජීවිතය 2)-


Visit රූම් එකේ බලන්න තිබ්බේ දැලකින්.එකෙන් එහා පැත්තෙ ඉදන් තමයි අපිව බලන්න එන කට්ටිය කතා කරන්නේ.අපේ කොල්ලො සෙට් එක ආවා.ගොඩක් ආවා.උන්ටත් හිතාගන්න බෑ වෙච්ච දේ.

"කොහොමද මචන් ඇතුලේ.. පොඩ්ඩක් ඉවසල ඉදපන් සිකුරාද වෙනකන්.හෙට පෝය නිසා මොකුත් කරන්න විදියක් නෑ.මෙතන කෑම,අඳුම් තියෙනවා.පොඩ්ඩක්වත් අවුල් වෙන්න එපා.උඹලා සිකුරාදා වෙද්දි ගෙදර.."

අපිට වචනයක්වත් කියාගන්න උනේ නෑ.කොහොමහරි ඇඳුම් ගොඩක් ගෙනල්ල තිබ්බා.ඒවා ඔක්කොම ගත්තා.පස්සේ අපේ කොල්ලන්ට කිව්වා ගෙදර මොනාහරි කරලා ෂේප් එකක් දාපන් කියලා.මගේ ඔලුව තිබ්බේ ගෙදර ප්‍රශ්ණේ.කොහොමහරි එක ඉවරවෙලා කොල්ලො ටික ගියා.අපි visit room එකෙන් එළියට ආවා.Hostel එකේ පුරුද්දටම මම තුවාය කරේ දාගෙන ගියා.

"ඔය තුවාය කරේ දාගෙන ඉන්න එකා මෙහෙට වරෙන්" කියල හයියෙන් කියපු සද්දෙට මම් බැලුවා.ජේලර් කෙනෙක් රූම් එකක ඉදලා කතා කලේ.ආය මොකුත් නෑ.
"මේක තොගේ ගෙදර කියල හිතුවද??" කියලා පොල්ලකින් මගේ උරහිසට කෙලියා.අම්මෝ පිස්සු වගේ. මට කරකියාගන්න දෙයක් නැතිඋනා.මල්ලි කාරයා බයවෙලා වගේ බලන් හිටියා.මගෙන් නම ඇහුවා.කතාකලාට වචන එන්නෙ නෑ.ඒ තරම් බයවෙලා.නම කියන්නෙ නැතිපාර කොහෙද කියල ඇහුවා.මම හෙමීට "කැම්පස්" කියලා කිව්වා.පොරගේ මූණ වෙනස් වෙනව මම දැක්කා.
"ඇයි කැම්පස් කියල කලින් කිව්වෙ නැත්තෙ.. කැම්පස් කට්ටියට අපි ගහන්නෙ නෑ.. මොකුත් හිතන්න එපා කොල්ලො හරිද?? මොනාහරි ඕන දෙයක් තියෙනවම් මට කියන්න"
එහෙම කියල පොර කිව්වා.මට දුකත් එක්කම සතුටකුත් ආවා. ජේලර් කෙනෙක් අඳුරගන්න ලැබීම ගැන.අපි ඉස්සෙල්ලාම කලේ නාගත්තු එක.අම්මො ළිඳේ ලොකු.ඒ වගේම තමා ගැඹුරත්.එක පාරකට 60ක් විතර නානවා.අපිත් ඉතින් හෙමීට නාගත්තා.අපෙත් වෙනසක් නෑ.අනික් එවුන් වගේමයි.දැන් අපිත් හිර කාරයෝ.ඊට කලින් දවසේ නිදාගත්තෙ නැතිනිසා හොදටම නිදිමතයි.ඒ නිසා අපි ඉන්න වාට්ටුව ඇතුලට ගියා පොඩ්ඩක් ඇලවෙන්න කියලා.සාමාන්‍යයෙන් වාට්ටුවෙන් එළියට දාන වෙලාවක් තියෙනවා.උදේ 8ට එලියට දාල ආය දවල් 11 වගේ වෙනකොට වහනවා. ආය දවල් 2ට විතර එලියට දාල 6ට වහනවා.ඊට පස්සෙ ඉතින් අනික් දවසෙ උදේ තමයි.ඉතින් අපි නිදාගන්න කියලා වාට්ටුවට ගියා කිව්වනේ.නිදා ගන්න හැදුව විතරයි.

කොන්ඩෙ වවාගත්ත එකෙක් "නැගටපිය හු.... තොපිලගෙ ගෙදර කියල හිතුවද මේකේ බුදියන්න.. පලයන්න යන්න එළියට" කියල කුණුහරපෙන් බැන්නා.
අපි දුවලවගේ එළියට ආවා.හපෝ මොන කරුමයක්ද?ඇයි අපි මෙහෙම අහගන්නේ.එක පාරටම ගෙදර මතක් වෙලා ඇඬෙන්න ආවා.අමාරුවෙන් තද කරගෙන හිටියා.කොහොමහරි එදාත් රෑ වුණා.යාලුවන් ගෙනාපු කෑම කෑවා. එහෙම කන බොන ඒවට මොකුත් කියන්නේ නෑ අතුලෙ එවුන්.අතුලෙ අපිරිසිදු වුනාට වැඩනම් මාර පිලිවෙළයි.හැමදාම හවසට අතුගානවා.

ආ මට කියන්න බැරිවුනානේ.මෙහේ තියෙනවා "පාටි දානවා" කියල එකක්.පාටි වර්ග ගොඩක් තියෙනවා.හැබැයි අපි හිතන පාටි නෙමේ.රූම් පාට් කියන්නේ රූම් එකේ ලොක්ක වගේ එකා.මෑන් හෙන හොඳ එකා(අපි ඉන්න එකේ).රූම් එකේ මොනාහරි වැරදි වැඩක් කරල අහුවුනොහ් උන්ට පාටි දානව කියලා රූම් එක අස් කරන්න එහෙම දෙනවා."ටොයිලට් පාටි" මේ කියන්නේ ටොයිලට් හෝදන්න දාන එවුන්.හප්පෝ.ඒකෙ ඇතුලේ ටොයිලට් ගැන නම් කතා කරලත් වැඩක් නෑ.ඒ තරම් අප්පිරියයි."විසිට් පාටි" කියන්නේ අර විසිට් කොල අරනෙන කට්ටිය.සාමන්‍යයෙන් පොඩි එවුන් හමයි ඕවට දාන්නේ.අවුරුදු 18ට අඩු අය දානව කියන්නේ "කොලු වාට්ටුව" කියල එකකට.

කොහොමහරි සිකුරාදත් ආවා.එදා උදේ කොල්ලො අපට විසිට් එකක් දැම්මා.ඔක්කොම හොඳට ඇඳල හිටියේ.උසාවි යන්න තියෙන නිසා කියල කිව්වා.අපිට ගොඩක් සතුටුයි.
ඒ කියන්නේ අද අපට එළියට යන්න පුලුවන් නේද?? එළ එළ අපි එවුන් කෑම දීල කිව්වා බය නැතුව ඉදපන්.හවස් වෙද්දී එළියට ගන්න පුලුවන් කියලා.අපි ඉතින් දෙයියන්ට කිය කිය හිටියා.අපි නොඉවසිල්ලෙන් හිට්යේ සතුටුදායක ආරන්චියක් එනකන්.හවස විසිට් දාන වෙලාවත් ආවා.සුපුරුදු පරිදි හවසත් අපට විසිට් එකක් ආවා.ඒකේ ආවේ දෙන්නයි.මල්ලිල දෙන්නෙක් ආවා.

"අයියේ කෝකටත් මේ කෑම දෙක ගන්න.අයියලා ඔක්කොම උසාවියේ.තාම ඔයාලගෙ Motion එක ගත්තෙ නෑ."
එහෙම කියල ඒ මල්ලිලා කියද්දී අපේ බලපොරොත්තු එහෙම්ම වැටුණා. එහෙම කියලා උන් ගියා.අපි දෙන්න නැවත මූඩ් එකට වැටුණා.ගෙදරින් මොනා වෙලා ඇත්ද?? අපිව හොයනවා වෙන්න ඇති.අපේ කොල්ලො මොනා කියන්න ඇද්ද? කොහොමහරි එදා රෑ වෙනකන් කිසිම ආරන්චියක් ආවෙ නෑ.පහුවෙනිදා කොහොමත් සෙනසුරාදා.ඒ කියන්නේ ආය මොනාහරි කරනවනම් සඳුදා.එතකන් කොහොමද මේ අපායෙ ඉන්නේ.අපේ කොල්ලො අපිට වඩා එලියෙ කට්ට කනව ඇති.අපිව එලියට ගන්න බැරුව.

කොහොමහරි සෙනසුරාදත් වුනා.ඉරිදට මෙහේ විසිට් දාන්න දෙන්නේ නෑ.සෙනසුරාදා අපේ කොල්ලො අපිව බලන්න ආවා.

"මචන් දැන් උඹලට කරදරයක් වෙන එකක් නෑ. අපි උඹලව PH එකට දානවා.අද ඉදන්.එතන අවුලක් නැහැලු.සඳුද වෙනකන් ඉදපන් එතන" PH එක කියන්නේ Prison Hospitel කියන එකට.ඒකට ගිහින් තිබ්බෙ නෑ මීට කලින්.කොහොමහරි අපිව ඒකට දැම්මා.ඒකනම් අවුලක් නෑවගේ.ඇඳන් 6ක් තියෙනවා.ඔක්කොම 10ක් විතර ඉන්නවා.
චීෆ් ජේලර් අපිට එන්න කියලා
"ඔයාල එකේ ඉන්න.වැඩිය එලියට එන්න එපා.කවුරුහරි ඇහුවොත් කියන්න පාඩම් කරන්න මේකට ආව කියලා"
කියලා කිව්වා.අපි ඉතින් ඒ විදියටම ඉන්න හිතුවා. එකේ අවුලක්ම නෑ.ඕන වෙලාවක කන්න පුලුවන්.එළියට ඇතුලට දාන වෙලාවල් ඔක්කොම එකම වෙලාව.ඒ වුනත් අවුලක් නෑ.අපේ කැම්පස් එකේ අයිය කෙනෙක්කුත් ඒකෙ හිටියා.එයා මාස 4ක් තිස්සේ ඒකෙලු.එයා නොකල වරදකට පටලවලා දාල තියෙන්නේ.කොහොම හරි අපිට පාලුවක් දැණුනේ නෑ එච්චරම.ගෙදර,යාලුවෝ මතක් වෙනකොටනම් ඉන්නම බෑ.මොනා කරන්නද??

සඳුදත් ආවා.එදා උදේත් විසිට් එක ආවා.අම්මට සිරි.විසිට් කොලේ තිබ්බේ අපේ තාත්තගේ නම.ඉවරයි.ඒ කියන්නේ ඔක්කොම දැනගෙන. ඕන දෙයක් වෙන්න කියලා විසිට් එකට ගියා.අපේ තාත්තයි,මාමයි,ලොකු තාත්තයි කොල්ලො සෙට් එකයි ඇවිත් හිටියා.තාත්ත මොකුත් ඇහුවෙ නෑ.එදා තමයි දැනගත්තේ හරියටම මාව arrest කරපු දවසේ අපේ මාමගේ පුතත් accident වෙලා.ICU එකේ දවස් 3ක් හිටියලු.මට තවත් අවුල්.හොඳ වෙලාවට අම්ම ඇවිත් නෑ.අම්ම ආවනම් එයාට මම මෙහෙම ඉන්නවා දරාගන්න බැරිවෙයි.

"අදත් අපි motion එකක් දැම්මා.. බලමු.ඒත් බැරිවුණොත් අප්සෙට් වෙන්න එපා.අපි කොහොමහරි ඔයාව ගන්නවා" කියලා තාත්ත කිව්වා.මම ඔලුව වැනුවා. මම කිසි ගානක් නැතුව වගේ කතාකලා.මම දුකින් ඉන්න බවක් එයාලට දැනෙන්න දුන්නේ නෑ.කොහොමහරි තාත්තලත් ගියා.එදා හවස අපිට විසිට් එකක් ආවෙ නෑ.අපි දැනගත්තා වැඩේ අදත් හරිගිහින් නෑ කියලා.අපි හිත හදාගෙන හිටියා.අපි හැමදාම රෑට කැරම් ගහනවා.

ඔහොම ඔහොම සතියක් ගෙවුනා.හෙටයි අපේ උසාවි දවස කියලා දවසත් ආවා.ඊට කලින් දවසේ අපට උසාවියට අඳින්න කිට්ස් යාලුවෝ ගෙනත් දුන්නා.අපි වැඩිය ෂුවර් එකකින් නෙමේ හිටියේ.කොහොමහරි එදා හිරේ හිටපු එකෙක් මරු කතාවක් කිව්වා..

"හිරගෙදර කියන්නේ දුප්පතාට ගෙයක්..
හිඟන්නාට දන්සැලක්..
උගතාට විශ්වවිද්‍යාලයක්
" කියලා.
ඒකනම් හරියට හරි.

කොහොමහරි සඳුදත් ආවා.අද උසාවි දවස.උදේන්ම නැගිටලා නාල රැව්ල කපලා අපි ලෑස්ති උනා.සුපුරුදු පරිදි පෝලිම් ගස්සලා ආපහු හෑන්ඩ් කප්ස් දැම්මා.දාල බස් එකට නග්ගලා උසාවියට අරන් ගියා.එක බස් එකේ 50ක් විතර ගියා.ගිහිල්ලා උසාවියේ බහිනකොට අපේ කොල්ලො ඔක්කොම වගේ ඇවිල්ල හිටියා.උන්ට මාර අප්සෙට් පිට හෑන්ඩ්කප් දාල තියෙනවා දැකලා.මම හෙව්වේ අම්මලාව. පේන්න නැහැ.ඒක හොඳයි.ඇවිත් නැද්ද කොහෙද?අපිව ආපහු අර කාමරෙ ඇතුලට දැම්මා.වෙලාව උදේ 9ට වගේ.අපි ඇතුලට වෙලා අපේ වෙලාව එනකන් හිටියා.කොහොමහරි 10ට විතර අපේ නඩුව ගත්තා.අපි ආපහු උසවියේ අර මොකද්ද එක උඩට නැග්ගා.දැන් නඩුව කතාකරනවා.එදා වගේමයි.
පොලිස් කාරයෝ බුරනවා.මෙහෙන් lawyer අතාරින්නෙත් නෑ.බැරිම තැන lawyer කඩ්ඩට බැස්සා.පොලිස් කාරයෝ silent.

"මේ විශ්ව විද්‍යාලවල සුළුතරයක් තමයි මෙහෙම හැසිරෙන්නේ" Judge කිව්වා.

කොහොම කොහොම හරි අනන් මනම් කියලා

"මීට පස්සෙ මේ වගේ වැඩකලොත් බලාගෙනයි.. තේරුණාද තමුන්ට?? තමුන්ගේ යාලුවන්ටත් මේ ටිකම කියනවා ගිහින්"
Judgr මෙහෙම කියලා 50,000ක ශරීර ඇප හා 50,000ක් පුද්ගලික ඇප නියම කරන්වා කියල කිව්වා.මම ආපහු හැරෙනකොට දැක්කේ අපේ තාත්ත දොර ගාව ඉන්නවා.ඒ කියන්නේ ගෙදර කට්ටිය ඇවිත්.මොනාද මේ ඇප.සල්ලි ගෙවන්න ඕනද?? අපි ඇතුලෙ හිටපු අයගෙන් ඇහුවා.ඒ අය තේරුම් කරලා දුන්නා.එහෙම සල්ලි ගෙවන්න ඕන නෑ කියලා.අපිට උඩපනින්න හිතුනා.කීයටද එළියට යන්නේ කියල හිත හිතා හිටියා.
"අර කැම්පස් දෙන්නා මෙහෙට එන්න" ජේලර් කෙනෙක් කතා කරලා අපෙන් අස්සන් අරගෙන අපිව නිදහස් කලා.ආපහු නඩුව තිබ්බේ මාස 6කින්.එළියට ආවා.අම්මේ පුදුම නිදහසක් දැනෙන්නේ.අපි කොල්ලො සෙට් එකත් එක්ක එළියට ආව.තාත්තත් හම්බුනා.

පස්සේ තාත්තල ආපු වාහනේට එක්කන් ගියා.වාහනෙ ඇතුලෙ අම්ම ඉදලා මාව බදාගෙන ඇඬුවා.පස්සේ තාත්තා සල්ලි දීලා කිව්වා යාලුවෝ එක්ක ගිහින් මොනාහරි බීල එන්න කියලා.උනුත් එක පයින්. කොහොමහරි ඒ දේවල් ඔක්කොම කරලා අපි උසාවියෙන් පිටත් උනා.පස්සේ මාව එහෙමම ගෙදර එක්කන් ගියා.මමත් ගෙදර ගිහින් එන්න තීරණය කලා.

ඉතින් යාලුවෝ ඔක්කොගෙන්ම සමුඅරන් ගෙදර යන්න ගියා.යනගමන් හිරගෙදර විස්තර කිය කිය ගියා....

මොනතරම් එපා කරපු ජීවිතයක්ද ඒක???
 
Last edited:
  • Like
Reactions: Winter Soldier

Sirakaruwa

Member
May 19, 2015
12
22
0
-4 කොටස (විශ්ව විද්‍යාල ජීවිතය )-


ගෙදර ඇවිත් හරියටම සතියක් හිටියා.හැමදාම වගේ බැච් එකේ එවුන් කෝල් කලා.ඒ වගේම තමයි junior,seniorවල අයත්.ඒ වෙනකොටත් සියළුම වැඩ බකල් වෙලා තිබ්බේ.මොකද මම refa.බැච් එක මෙහෙයවන්න බැරිඋනා.ඒත් කොල්ලො ටික ඇදගෙන ගිහින් තිබ්බා show එකේ වැඩ ටික.

සතියකට පස්සේ මම කැම්පස් ගියා.මට කොහොමහරි hostel එකට යන්න දුන්නෙ නෑ.මාව කැම්පස් එකෙන් බස්ස ගත්තා.එතකොට තමයි දැනගත්තේ ඊට පහුවෙනිදා inquire එකක් තියෙනවා කියලා.නිදහසක් නෑ වගේ. බැච් meeting එකක් අරගෙන මම hostel ගියා.පහුවෙනිදා ඉඳන් වැඩේට බහින්න හිතාගෙන.ඒ වගේම වැඩේට බැස්සා.කොහොමහරි inquire එකත් ඉවරවෙලා කැන්ටින් එකට ආවා.

එදා management එකට exam.එදා කැන්ටින් එකේ case එකක් යන්න ගියා.ඒකට මුල් වෙන්න උනෙත් මම නිසා.කලින් සිද්ධියක් මම ඒ වෙලාවේ ඇදලගත්තා.හිතුවෙ නෑ මේක මෙච්චර දුරදිග යයි කියලා.කොහොමහරි චණ්ඩියා වගේ ගිහින් පාට් එකත් දාල අපේ show එකේ ටිකට්ස් විකුණන්න යන්න ලෑස්තිඋනා.මමයි,මගේ හොදම යාලුවෝ දෙන්නෙකුයි එක්ක. ගිහිල්ල පැයයි ඉන්න උනේ.. මට කෝල් එකක් ආවා.

"මචන් වකා.. මෙහේ අවුලක්.. අපේ කොල්ලො දෙන්නෙකුට ගහලා කැම්පස් එකේදී..මොනාහරි කරපන් ඉක්මනට"

අපේ බැච් එකේ එකෙක් කලබලෙන් කිව්වා.මොනා කරන්නද දැන්.හිතාගන්න බෑ.කරන්නම දෙයක් නැති තැන hostel එකට ගත්ත කෝල් එකක්.වෙලාව හවස 5ට ඇති.ගොඩක් එවුන් මේ වෙලාවෙ hostel ඉන්නේ.

"අපේ කොල්ලො දෙන්නෙකුට ගහලා.. ඉක්මනටම මොනාහරි කරපන්.. උඹලත් පරිස්සමෙන්"
මම එහෙම කිව්වා.එහෙම කිව්වම ඕන එකෙක් දන්නවා මොනාකරන්නද මේ කියන්නෙ කියලා.. ඔහොම ඉන්න්කොට තව කෝල් එකක් ආවා විනාඩි 10කට විතර පස්සේ.

"වකා වැඩේ හරි.. return එක දුන්නා"
කියලා කෝල් එකක් ආවා.හරි එහෙනම් එච්චරයි."උඹල දැන් hostel පලයන්.. ඔතන ඉන්න එපා." එහෙම කියලා අපි ආපහු අපේ වැඩේට බැස්සා.ටිකට්ස් විකුනන්න දීපු තැන්වල ගිහින් බැලුවා.. සාමන්‍යයෙන් විකිනිලා තිබ්බා.ඔහොම ඉන්න්කොට එනවා තව කෝල් එකක්..

"අපේ කොල්ලොන්ට Art,management ගහනවා..400ක් විතර ඇවිල්ලා.මොනාහරි කරපන්.අපි කොටුවෙලා"

එහෙන් එහෙම කියද්දී අපට මොකුත් කරගන්න බැරිඋනා.මොකද්ද අප්පේ මේකෙ තේරුම?? Refa වුන දවසෙ ඉදන් වලි වලි ඉවරයක් නෑ.මම එක පාරක් හිරේ ඉදල ආපු එකෙක්.එහෙම කියලා මේ වෙනදේවල් බලන් ඉන්න පුලුවන්ද? අපි එකපාරට පොලීසියට ගියා.

"සර්. කැම්පස් එකේ ලොකු වලියක් යනවා.අපිට දැන් ආරන්චි වුණේ.මම 1 පාරක් හිරේ ඉදල ආවේ.ආයමත් මෙහෙම දෙයක් වෙයි කියල හිතලයි අපි සර්ලා හම්බෙන්න ආවේ.. මොකද නැත්තම් ආය පාරක් මාව හොයන් එන්න බැරි නෑ" මම එහෙම කිව්වම එයාල ඒක පිළිගත්තා.
"හරි.. ඔයා බයවෙන්න එපා.අපිට ඔයාව නෝට්.දැන් ඔයා මෙතනනේ හිටියේ.කට්ටිය ගහගද්දෙන්..ඔහේ පැත්තකට වෙලා ඉන්න..තුවාල කාරයෝ hospitel දානවා.අනික් එවුන් පොලීසියට ගේනාවා.
මෙහෙම කියලා පොලිස් කට්ටිය 10ක් විතර පොලු අරන් ජීප් එකට නැගලා කැම්පස් එක පැත්තට ගියා.අපිට ටිකක් සතුටුයි දැන්.පස්සේ අපි කෝල් කරල කිව්වා

"දැන් බයවෙන්න දෙයක් නෑ.. පොලීසිය දැන් ආවා" කියලා.
හැබැයි ඒ වෙනකොටත් අපේ කොල්ලො ගොඩක් ගුටි කාල ඉවරයි. අපි hostel එකට යනකොට හවස 6යි.එපා වුණා.සමහර අයගේ ඔලු පැලිලා.10කට වගේ හොදටම damage .මම නිසා නේද මේ ඔක්කොම වුණේ.අද මම කැන්ටින් එකේ මම අර විදියට හැසිරුනේ නැත්තන් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ නේද?? ගොඩක් දුකයි.ඕන කෙහෙම්මලක් කියලා ලෑස්තිවෙලා කැම්පස් ගියා.වෙලාව හවස 7යි.අපේ කොල්ලො සෙට් එකක් කැම්පස් එකේ ඉස්සරහ හිටියා.ගොඩක් හිටියේ juniorsලා.කොහොමහරි ඔහොම ඉදලා ආපහු ඔක්කොම එක්කන් ආවා.ඊට පහුවෙනිදා කැම්පස් ගියේ නෑ.එකෙක් වත්.
පස්සේ ආරන්චි උනා Art,management ඔක්කොම ඇවිත් අපේ කැන්ටින් එක අල්ලගත්තා කියලා.අපිට අපේ ගෙදර නැතිඋනා වගේ.මේ දේ රැකගන්න තමයි අපි ඔක්කොම දේවල් කලේ.මේ දේ වෙනුවෙන් අපට ඕනම දෙයක් කැපකරන්නත් පුලුවන්.එදා දුකක් වගේම පුදුම තරහක් ආවේ.මට විතරක් නේමේ.අපේ ඔක්කොමටම.මරාගෙන මැරෙන්න හිතුණා.කොහොහරි කරලා ඊට පහුවෙනිදා අපිට ලොකු දෙයක් කරන්න පුලුවන් උනා.ඒ දේ කරපු නිසා අපි නැවත අපේ තැන ලබාගත්තා.එදා ඔක්කොම එකාවගේ හිටියේ. අපි 300ක විතර සෙට් එකක් තමයි මේ 2000ක විතර කට්ටියක් එක්ක හැප්පෙන්නේ.මම කිව්වේ කොල්ලො.

ඔහොම ඉන්නකොට අපේ show එක තියෙන දවසත් ආවා.ඒක අපි හිතුවටත් වඩා හොඳට කරගන්න පුලුවන් උනා.අපි ඒ දවස් ටිකේ එකෙක්වත් lecure,practicle ගියේ නෑ.අපේ තැන අපි රැකගත්තා.lectures කවද යන්න බැරිද?? ඔහොම ඉන්නකොට උණුසුම එන්න එන්න අඩුවුණා.පස්සේ අපේ අයියලා කිව්වා

“අපි හෙට ඉඳල යන්න ඕන.දැන් විශ්ව විද්‍යාලය තුල වලි තත්වය අඩුයි”.
මමත් අපේ බැච් එකට මීටින් එකක් අරන් කිව්වා “අපි හෙට ඉඳන් යනවා කියලා...” ඒදේට ඔක්කොමලා එකඟ වුණා.මටත් lecture,practicle ගොඩක් miss වෙලා තිබ්බේ.

ඒ නිසා සුපුරුදු පරිදි වැඩේට බහින්න තීරණය කලා..


ඒත් නොසිතු පරිදි නැවත වරක් සිරගෙට යන්න උණු හැටි ගැන දැනගන්න, දෙවැනි පිටුව බලන්න කියවන්න.
 
Last edited:
  • Like
Reactions: Winter Soldier

Sirakaruwa

Member
May 19, 2015
12
22
0
ඒත් නොසිතු පරිදි නැවත වරක් සිරගෙට යන්න උණු හැටි ගැන දැනගන්න, දෙවැනි පිටුව බලන්න කියවන්න.
 
Last edited:

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ දැන්වත් දෙයක් ඉගෙනගෙන ඇති කියල හිතනවා.:dull:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    පට්ට කථාව මචං..
    ස්තූති උඹගෙ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තට..!

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Uba ruhunu campus da ? Ubalage brainwash wenawada bn campus ekedi ai oya wage buru wada karanne ?
    Oya campus wala rag karana , wali daganna ewunwa awama masa 6 yak wath hire danna ona hodata themparadu wela hadila enna.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    පට්ට කථාව මචං..
    ස්තූති උඹගෙ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තට..!
     

    Sirakaruwa

    Member
    May 19, 2015
    12
    22
    0
    -5 කොටස (තවත් තීරණාත්මක දවසක්)-

    කරුමෙ කියන්නේ එදත් අඟහරුවාද දවසක්.
    කලින් පාර හිරේ යන්න උනෙත් අඟහරුවාදා දවසක.මගේ කේන්දරේ බලල කියල තිබ්බා අඟහරුවාදා වගේ දවස් මට හොඳනෑ කියලා.ඕව කව්ද ගනන් ගන්නේ.හරි ඒවා වැඩක් නෑ.කොහොමහරි කොල්ලො සෙට් එකත් එක්ක එදා කැම්පස් ගියා.අපි Lectures යන්න තමයි ආවේ.ඒත් අපේ බැච් එකේ ඔක්කොම වගේ කොල්ලො එදා උදේ තිබ්බ lecture ගියෙ නෑ.නිකන් පුරුදු නෑ වගේ.දවස් 2,3ක් ගියෙ නෑනේ. ඉතින් ඔහොම කැන්ටින් එකේ ඉඳලා මමයි තව කොල්ලෙකුයි ආවා Bank එකට සල්ලි ගන්න.කැම්පස් එක ගාවමයි තියෙන්නෙ bank එක.
    සල්ලි අරගෙන කැම්පස් එක ඇතුලට එනකොටම අපිව පහුකරගෙන කොල්ලො 10ක් විතර යනව දැක්කා.Management එකේ අය.උන් අපි දෙන්න දිහා කන්න වගේ බල බල ගියා.අපි ඉතින් මොකුත් නොකර පාඩුවේ ආවා.බැරිවෙලාවත් ඕකෙ අනික් පැත්ත උනානම් එතන ලොකු කලබලයක් වෙන්න තිබ්බා.වෙලාව උදේ 8.30යි.9ට lecture එකක් තියෙනවා.යන්න හිත කියන්නෙම නෑ. බැම්මෙ වාඩිවෙලා හිටියා අපි ටික.බැම්ම තියෙනේ lecture hall එකට පහලින්.ඔහොම ඉන්නකොට අපේ කොල්ලො සෙට් එක lecture යන්න ආවා.ඊට කලින් දවසේ management එකේ social එක තිබ්බා.මම lecture යන්නේ නැතුව ඉන්න යනකොට කොල්ලො ටික බලෙන්ම වගේ මාව lecture යැව්වා.

    මම යද්දී කියල ගියේ මෙච්චරයි.
    "මොනම හේතුවක් නිසා වත් කිසිම කලබලයක් ඇතිකරගන්න එපා" කියලා.

    එහෙම කියලා ගියා.හරියටම විනාඩි 45යි ගියේ.එක පාරටම හූ කියන සද්දයක් ආවා.කොල්ලො එහෙ මෙහේ දුවනව දැක්කා.මම හිටපු lecture එකේ කොල්ලො 6ක් විතර හිටියේ. එක පාරටම ගල් ගහගන්න සද්දෙ ආවා.මාරම සිද්ධ්ය කියන්නේ අපේ lecture කාරයා මොකුත් දන්නෙනෑවගේ lecture එක කරනවා.බැරිම තැන අපි සර්ට කෑගැහුවා.මොනාහරි කරන්න කියලා.සර් එලියට ගියා lecture hall එකෙන්.මම අපේ කොල්ලෙකුට කෝල් එකක් ගත්තා.

    "අපිට ගල් ගහනවා.. අපිට කොල්ලො අඩුයි..ඔක්කොමලා 40ක් විතර ඉන්නේ."
    මෙච්චරයි ඌට කියාගන්න පුලුවන් උනේ.මම seat එකෙන් නැගිටලා බැලුවා.අම්මෝ 500ක් විතර අපේ lecture hall වටකරලා ගල් ගහනවා. අපට කරකියාගන්න දෙයක් නෑ.අපට lecture hall එකෙන් එළියට යන්න විදියකුත් නෑ.කෙල්ලො ටික හූ තියනවා.කොහොම කොහොම හරි වලිය පැයක් විතර තිබ්බා.අපේ lecture hall එක ගාවින් අපේ කොල්ලෙක් දුවනවා දැකලා අපි ඌව ඇතුලට ඇදල ගත්තා.. උගෙන් case එක ගැන ඇහුවා.ඌ එහා පැත්ත lecture hall එකේ ඉඳල තියෙන්නේ.

    "case එක නම් මොකද්ද දන්නේ නෑ.. එක පාරටම පොලු අරගෙන හෙන සෙට් එකක් lecture hall එකට කඩාගෙන පැන්න lectureත් ඉදිද්දිම.පැනපු ගමන් අපේ එවුන්ට ගැහුවා. අපිට මොකුත් කරගන්න බැරිඋනා..කොල්ලො එහෙන් මෙහෙන් පැන්නා"
    ඒකා එහෙම කිව්වා.

    ඇත්තටම මොකද්ද සිද්ධවුනේ??
    ඔහොම ඉන්නකොට එක පාරටම "ඩෝන්" ගාලා මහ සද්දයක් ආවා.මට හොදට මතකයි අපේ lecture එකේ හිටපු කෙල්ලො ටික මරලතෝනි තිබ්බා.අපිටත් හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා.එක පාරටම පොලීසියෙන් එනව දැක්කා.අපිට පොඩ්ඩක් සතුටුයි දැන්.එක එහෙමම උනා.මම හතර වටේ කෝල් කරනවා.තව lecture හෝල් එකක කට්ටියක් හිරවෙලා.තව seniors වගයක් practical එකේ හිරවෙලා.මොනා කරන්නද??

    එතකොටම මහ කැත සිද්දියක් උනා.
    ඒ තමයි අපේ lecturer Lecture hallඑකට ආවා.එතකොට එයාගේ lecture එක ඉවරවෙන්න විනාඩි 5යි තිබ්බේ.
    "දැන් මට ඔයාලගේ වගකීමක් ගන්න බෑ.. මට මේ hall එක වහන්න ඕන.ඒ නිස කට්ටියම එළියට එන්න."
    කියලා කිව්වා.
    අපි කිව්වා එළියේ අපිට අනාරක්ෂිතයි.ඒ නිස පොඩ්ඩක් අපිට මෙතන ඉන්න දෙන්න කියලා.ඒත් ඒ lecturer ගේ තීරණේ වෙනස් කලේ නෑ.මම හිතන්නේ ඒ lecturer කවදාවත් කැම්පස් ගිය කෙනෙක් වෙන්න බෑ.නැත්තම් එතුමාට මෙච්චර අමානුෂ්‍ය වෙන්න බෑ.අපේ කොල්ලෙක් අඬල කිව්ව බැරිම තැන.ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. කොහොමහරි lecture hall එකෙන් එළියට ආවා.ආවේ Maths department එකට.එතකොට මම දැක්කා අපේ senior අයිය කෙනෙක් පොලීසියෙන් බල්ලෙක් වගෙ ඇදගෙන යනවා.මට මාර විදියට දුක හිතුණා.අපේ කොල්ලො ඒ වෙනකොටත් හොස්ටල් ගිහින් හිටියේ.උන් ගොඩක් උත්සාහකලේ මාව කොහොමහරි එළියට ගන්න.උන් මට කිව්ව පුලුවන්තරම් ඉක්මනට මට තනියම හරි කැම්පස් එකෙන් පිට වියන් කියලා.

    මම පොඩ්ඩක් එළියට ආවා.කිසිම සද්දයක් නෑ.හෙමීට ආවා.අම්මට සිරි පොලීසියෙන්..හෙන සෙට් එකක්..
    "ඔහොම හිටපන්" කියල කෑ ගැහුවා මාව දැකලා..
    මම දිව්වා ආපහු department එකට.මම දන්නවනේ පොලීසියේ තරම.පස්සේ අනික් පැත්තෙන් යන්න බැලුවා.ඒ පැත්තෙනුත් පොලීසියෙන් වට කරලා."මචන් කොහෙන්වත් එන්න විදියක් නෑ.. අපිව පොලීසියෙන් වටකරලා" එහෙම කියලා මම හොස්ටල් එකට කිව්වා.උන් කිව්ව ඉඳපන් අපි මොනාහරි කරන්නම් කියලා. කෝලස් එනවා ටෙලිකොම් එකට වගේ.කොහොමහරි අපි සෙට් එක කැම්පස් එකේ සික්කො එක්ක යැව්වා එළියට.

    හප්පේ.. ටික දුරයි යන්න උනේ.. පොලීසියෙ එවුන් පැනපු ගමන් අපේ කොල්ලො 3 දෙනෙක්ව ඇල්ලුවා.තව 3යි ඉතුරු.අල්ලගෙන ඇදගෙන ගියා.කෙල්ලො ටික අඬන්න ගත්තා.අම්මෝ කුණුහරප විමානයයි අඬපු කෙල්ලන්ට පොලීසියෙන්.ඒවා අපට අහන් ඉන්නත් බැරි එකේ කෙල්ලො කොහොම අහන්හිටියද දන්නැ.කොහොමහරි උන්ටිකවත් ඇදගෙන ආපහු department එකට අපි දිව්වා.. අපේ කොල්ලො 3 දෙනෙක්ව අල්ලන් ගියා.දැන් මාරම අවුල.මම හොස්ටල් එකට කෝල් කරල කිව්වා.විස්තරේ.ඔහොම පැයක් විතර හිටියා.

    ඉන්නකොට lecturer කෙනෙක් ආව department එකට.lecturer කිව්ව ගිහින් අපි ටිකව එකෙන් එළියට ඇරලවන්නම් කියලා.lecturer අපි ත් එක්ක ගියා.සුපුරුදු පරිදි පොලීසියෙන් නැවැත්තුවා.lecturer කිව්ව අපි එයාගේ එකේ හිටපු අය කියලා.

    "ඒ වුණාට Murder එකට ඔක්කොටම වගකියන්න වෙයි" එහෙම කියලා පොලීසියෙ එකෙක් කිව්වම අපි හීතලවෙලා ගියා.ඒ කියන්නේ එකෙක් මැරිලද??

    ඕවා හිත හිත ආවා.එළියටත් ආවා.පොලිස් ජීප් 2ක් නවත්ත්ලා තිබ්බා.ඒවා ඇතුලේ කොල්ලො ඉන්නවත් දැක්කා.හරියට අඳුරගන්න බෑ.මට උන් දිහා නොබල ඉන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.මොකද මම දන්නවා පොලීසියට අහුවුණාම තියෙන රඟේ.බස් හෝල්ට් එකටත් ගියා.කරුමෙක මහත.වෙනදා විනාඩි 5න් 5ට බස් එන එකේ අද එකක් වත් නෑ.ඔහොම ඉන්නකොට කැන්ටින් එකේ අයියා ආවා.පොර බයික් එක නවත්තලා පාරෙන් එහා පැත්තෙ ඉඳන් මට කතාකලා.මාව එක්කන් යන්න ඇවිත් තියෙන්නේ. මල මගුලයි.. බයික් එකේ තෙල් ඉවරයි.ශෝක්.. මම ආපහු පාරෙන් එහා පැත්තට ආව බස් හෝලට් එකට.

    මම දන්නෙම නැතුව පොලිස්කාරයෝ මන් දිහා බලන් ඉඳල තියෙනවා.මොකද උන්ට මාව කලින් case එක නිසා නෝට්.
    මම බස් එකට නගින්න ඉන්නකොට එක පාරටම කලු තඩි පොලිස් කාරයෙක් ඇවිත් මාව ඇල්ලුවා.මගේ කොලර් එකෙන් ඇදන් ගිහින්
    "තෝ තමයි බෝම්බේ ගැහුවේ"
    කියල ජීප් එකට දැම්මා.මොන බෝම්බෙද??? මට එහෙම අහන්නහ් හිතුණා.. මම හිටපු ජීප් එකේ තව දෙන්නෙක් හිටියා.මම උන් දෙන්නව එච්චර දැකල නෑ.ජීප් එක ඉස්සරහට ඇද්දුවා.

    "බුදු හාමුදුරුවණේ.. අපි මොකුත් කලේ නෑ.. අපි නිර්දෝෂයි..අපිව බේරගන්න.."
    කියල අරුන් දෙන්න මහ හයියෙන් කෑගැහුවා.මට හිනත් ගියා.පොලිස් කාරයන්ට දුක හිතිලද දන්නේ නෑ උන් දෙන්නව බැස්සුවා.මලා.. එහෙම කිව්වම නිදහස් කරනවද?? ඒත් මට එහෙම කියන්න බැරිවෙයි.මට හිනා යයි.. මම ඕව හිත හිත යනවා.ඕන එකක් කියලා තාත්තට කෝල් එකක් දීලා මාව පොලිසියෙන් අල්ලන් යනව කියල කිව්වා. එතකොටත් තාත්ත ඒක දන්නවා.අපේ කොල්ලො කියලා.
    "කලබල වෙන්නෙ නැතුව ඉන්න.අපි මොනාහරි කරන්නම්" කියල තාත්ත කිව්වා.
    මට පොඩි ෆිට් එකකුත් ආවා.පොලීසියෙ ඇතුලට ජීප් එක ගිහින් මාව බැස්සුවා.

    හත්තිලව්වයි.. අපේ කොල්ලො සෙට් එකක්ම කූඩුවේ.. හිතාගන්නම බැරි එවුන්.. අපේ එවුන් විතරක් නෙමේ.. අනික් පැත්තෙ එවුනුත්...

    එච්චර හිතන්න උනේ නෑ මට.මට උන් එක්ක ලඟින්ම කතාබහ කරන්න පොලිස් අයියල අවස්ථාව දුන්නා.
    ඒ උන්ව මම ගාවට ගෙනල්ලා නෙමේ...
    මාවත් කූඩුවට දාලා...

    ඊට පස්සේ මොකද උනේ...
     
    • Like
    Reactions: Winter Soldier

    Sirakaruwa

    Member
    May 19, 2015
    12
    22
    0
    -6 කොටස ( මෙන්න පොලිස්)-

    පොලිස් කූඩුව මට නොහුරු තැනක් නෙමේ.
    කලින් පාරත් මාව මේකටම තමා දැම්මේ.ඉතින් යලුවෝ හම්බවුනා.උන් නම් ටිකක් බයවෙලා හිටියේ.
    මම නම් ඉතින් දන්නවා මොකද්ද වෙන්න යන්නෙ කියලා.අපේ කොල්ලො 10ක් හිට්යා.ඔක්කොමල 18ක් කොල්ලො.කූඩුවෙ ඉන්න ඉඩ මදි.අපි බිම වාඩිවෙලා හිටියා.කොහොමහරි ෆෝන් එකක් ගෙන්න ගත්තා.හොස්ටල් එකට කෝල් කලා.

    "මචන් මොකද වෙන්නේ දැන්?? අපේ කොල්ලො 10ක් කූඩුවේ.උසාවියට ගෙනිච්චොත් අවුල්.කරන දෙයක් ඉක්මනට"

    මම එහෙම කිව්වම

    "කලබලවෙන්න එපා.. අපි දැන් උඹලට කෑම එවනව කොල්ලෙක් අතේ.. රෑට පොඩි ෂේප් එකක් දාගනින්.හෙට උදේට lawyer කෙනෙක් එක්ක ඇවිත් උඹලව එලියට ගන්නවා."

    එහෙන් එහෙම කිව්වා.මොන කෑමද?? එතකොට වෙලාව 6ට වගේ.මේ වෙලාවේ උසාවි නෑනේ.ඒ නිසා අවුලක් නෑ.අපේ පැත්තෙ කොල්ලන්ගෙන් වැඩි හරියක්ම හිටියේ අහින්සකයෝ.උන් වලි දිහා බලන්නෙවත් නැති එවුන්.හෙණ ගහනවා පොලිස්කාරයන්ට.අපි කරපු එකම වරද තමයි lecture ගිය එක.නැත්තම් අපි දැන් හොස්ටල් එකේ. කොහොමහරි ටික වෙලාවක් ඉන්නකොට අපේ කොල්ලෙක් අපට කෑම අරගෙන ආවා.ඌ කිව්වෙත් හෙට උදේ වෙනකන් ඉඳපන් කියලා.වෙලාව 8ට වගේ.උගෙන් දැනගන්න ලැබුණා අපේ කොල්ලො කීපදෙනෙක් hospital admit කරලා කියලා.එක්කෙනෙක්ට අමාරුයි කියලත් කිව්වා.මම හිතන්නේ පොලිස්කාරයෝ murder එකක් කිව්වේ මේකට වෙන්න ඇති.ඇත්තමයි ඒ වෙලාවේ අපිත් එක්ක ඇතුලෙ ඉන්න අනික් එවුන් එක්ක මාර තරහක් ආවා.උන්ට බැන්නා.මොනා කියල කරන්නද??

    කොහොමහරි අපිට ගෙනාපු කෑම අපි තනියම කෑවෙ නෑ.ඔක්කොමල එක්ක බෙදාගෙන කෑවා.මොන case තිබ්බත් ඔක්කොමලා කොල්ලොනේ.දැන් ඔක්කොම එකතුවෙලා එළියට එන විදියකුයි හිතුවේ.කාලත් ඉවරවුනා.වෙලාව රෑ 9ට වගේ.පොලීසියට කෝලස් එනවා ඉවරයක් නෑ.එක එක connection වලින් තමයි.උන්ට එපාවෙලා හිටියේ.අපේ කොල්ලන්ගේ වැඩ තමයි.අපි තනියම හිතුවා.තත්වේ සුභ දායකයි වගේ.. එහෙම හිතලා වැඩි වෙලාවක් ඉන්න උනේ නෑ.. එක පාරටම පොලිසියෙ සෙට් එකක් ආවා.10ක් විතර.අපි හිතුවා අපට සලකන්න තමයි මේ එන්නෙ කියලා.කමක් නෑ.සලකල හරි එළියට දානවනම්.

    ඒත් සිද්ධවුනේ වෙන දෙයක්..

    "උඹල කැමතිද හොස්ටල් එක පැත්තේ රවුමක් දාල එන්න?? " පොලිස් ලොක්ක අපෙන් ඇහුවා.

    අපට හිතාගන්න බෑ මොනාද වෙන්න යන්නෙ කියලා.අපි සද්ද නැතුව හිටියා.

    "වරෙල්ලා ඔක්කොම එළියට" කියල පොර කෑගැහුවා.
    අපි එළියට ආවා.පස්සේ අපි කට්ටිය 2ට කඩලා ජීප් 2කට දැම්මා. එක පොලිස් කාරයෙක් අතේ මොනාද documents වගයක් තිබ්බා.අපිව මේ හොස්ටල් එකටද අරන් යන්නේ?? කොහොමහරි හොස්ටල් පාරට දැම්මා.එක පාරටම පාලු පාරකට හැරෙව්වා.අපි ෆුල් හොල්මන්.අම්මට සිරි.මේ කොහෙද යන්නේ? ෂුවර් එකටම කෙළින්න තමා එක්කන් යන්නේ..අපි කතාඋනා.එක පාරටම ලොකු ගෙයක් ලඟ නතර කලා.එතනට poloce guard එකත් දාල තිබ්බේ.මේ කොහෙද??අපිව ඔක්කොම බැස්සුව ජිප් වලින්.පෝලිම් ගැස්සුවා.ගෙදර ගාවට එක්කන් ගියා.ගෙදර බෙල් එක ගැහුවා.

    ගෙදර දොර ඇරපු එකා දැකලා මාව හොල්මන් උනා.ඒ වෙන කවුරුත් නෙමේ.ඒ තමයි Judge.ඉවරයි.ඔක්කොම ඉවරයි.අපිව Judge ගාවට ගෙනල්ල තියෙන්නේ.මම එහෙම්මම බලාපොරොත්තු නැතිකරගත්තා.අපේ කොල්ලො මේ මොකුත් දන්නේ නෑ.උන්ට හොල්මන් කව්ද මේ කියලා.අපිව පෝලිම් ගස්සලා Judgeගෙ office room එකට එක්කන් ගියා.මාව පොරට නෝට් නිසා මම හැංගිලා ඉන්න උත්සාහ කලා.මම ඉස්සරහ බලනකොට Judge මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා.

    "තමාට මීට පෙර වතාවකදීත් මම අවවාද කලා නේද??" කියල මගෙන් ඇහුවා.

    ඉවරයි.මදැයි හැංගුනා.පොරට මාරම මතකයක් තියෙන්නේ.පොලිස්කාරයෝ රටේ නැති බොරු තොගයක් කිව්වා.ආය කිසිම කතාවක් නෑ.අපි සෙට් එකම දවස් 14කට remand කලා.ඕකනේ කරගන්න තිබ්බේ.අපේ එවුන්ට කරගන්න දෙයක් නෑ.මොකුත්ම කරගන්න දෙයක් නෑ.අපි ආපහු බල්ලො වගේ ගිහින් ජීප් එකට නැග්ගා.මම ජිප් එකට නැගල හොස්ටල් එකට කෝල් එකක් ගත්තා.

    "මචන් අපිව remand කලා.හෙට උදේට අපිව බලන්න වරෙන්" එහෙම කියලා මම ෆෝන් එක off කලා.

    කරකියාගන්න දෙයක් නෑ දැන්. ජීප් 2 සුපුරුදු පරිදි prison එක පැත්තට ගියා.මම කලින් සිද්ධි ඔක්කොම මතක් උනා."මාතර බන්ධනාගාරය" බෝඩ් එක පහුකරගෙන ගියා.මම ආයෙමත් මේ පැත්තෙවත් එන්නෙනෑ කියල හිතන් ගියාට අන්තිමට සිද්ධෞනේ මෙන්න මෙහෙමයි.අපි එකෙන් ඇතුලට ගියා.එතන තමා අපිව register කරන්නේ.වෙලව රෑ 10ට වගේ.කොහොමහරි පොලීසියට ඕන දේ උනා.
    පොලීසිය යන්න කලින් කියපු දේට මරාගෙන මැරෙන්න හිතුණා.

    "උඹලගෙන් වැඩි හරියක් නිර්දෝෂයි කියල අපි දන්නවා.පුලුවන් දෙයක් තියෙනවනම් කරපන්.අපි ඕනම දේකට ඔට්ටුයි.උඹල ජීවත්වෙන්නෙ වර්තමානේ.ඒත් අපි එක පෑන් ඉරකින් උඹලගේ මුලු අනාගතේම විනාශ කරනවා." කියල පොලිස් ලොක්ක කිව්වා.

    ඔන්න පොලීසියේ හැටි.ඒ වෙලාවේ තරහට වඩා පුදුම දුකක් ඇතිවුනේ.අපේ කොල්ලොන්ට ඉබේම ඇඬුනා.එහෙම කියල උන් යන්න ගියා.අපිට මොනාද ඉතින් කරන්න පුලුවන්?? මරාගෙන මැරෙන්න තමයි වෙන්නේ..
    දැන් එක එකාව register කරනවා.මට අලුත් number හම්බුනා.1962.ආහ්.මගේ කලින් එක උනේ 1696.ඒ කියන්නේ සති 2ට කීයක් නම් ඇවිල්ලද?? අර lawyer කියපු කතාවනම් ඇත්ත තමයි.මේ judge හිරගෙදර මිනිස්සුන්ගෙන් පුරවනවද කොහෙද..එක පාරටම චීෆ් ජේලර් ආවා.මම කලින් ඉන්නකොට හිටපු කෙනා නෙමෙයි.හැබැයි එයාවත් මම දන්නවා.පොර ආවෙම මන් දිහා බලාගෙනමයි.ආපු ගමන් ආව ඇදල ගත්තා.

    "ආ උඹ ආය පාරක් ආවද?? මම එක දෙයක් කියන්නම්.. මේ ඔක්කොටම වගකියන්න ඕන තමුසෙ තමයි. ඒක මට වගකීමෙන් කියන්න පුලුවන්.තමුසෙ මෙහෙන් යද්දිත් උඹේ ගෑස් අඩුවෙලා තිබුනේ නෑ."

    පොර එහෙම කිව්වම මට ඇඬෙන්න ආවා.බලන්නකෝ මුන් හිතන් ඉන්න හැටි.අපේ කොල්ලන්ටත් කරගන්න දෙයක් නෑ.කොහොමහරි අපිව ඇතුලට දාන්න දැන් ඔක්කොම හරි.මම ඉතින් කලින් හිටපු එකානේ.මම ඉතින් ඇතුලේ ඉන්න ඕන විදිය පොඩ්ඩක් එහෙන් මෙහෙන් කිව්වා.අපේ එවුන් ඩිම් වෙලා වගෙ මම කියන ඒවා අහන් හිටියා.කොටින්ම කියනවනම් කුප්පියක් දැම්ම හිරගෙදර ගැන..

    ඉතින් අපි එකා පස්සෙ එකා එකෙන් හිරගෙදරට ඇතුල් උනා.යන පාර එහෙම මම දන්නවනේ.මම ඉතින් ඔක්කොමල එක්ක ඇතුලට ගියා.

    මම කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් ඒ කියන්නේ ආය පාරක් හිරේ යන්න සිද්ධ්වුනා.. මෙහෙම නැවතත් සිර ජීවිතය ආරම්භ උනා...
     
    • Like
    Reactions: Winter Soldier

    Sirakaruwa

    Member
    May 19, 2015
    12
    22
    0
    -7 කොටස (නැවතත් සිරගෙට 1)-

    ලොක්ක වගේ මමත් යනවා.ඔක්කොම මගේ පස්සෙන්.මම ඉතින් දන්න එකානේ.ඔහොම යනව මම ඉතින් පොර ටෝල්ක්ස් දි දී.

    අපිව මොන වාට්ටුවට වැටෙයිද??ඕව මම කල්පන කර කර ගියා.මලා.. ඔක්කොම වැටුණේ මහ වාට්ටුවට.මම කළින් කිව්වනේ.මහ වාටුවේ තමයි ගොඩක්ම සෙනග ඉන්නේ.අපිව ඇතුලට දැම්මා.අම්මෝ සෙනග.200ක් විතර ඉන්න ඇති.හැරෙන්නවත් ඉඩ නැහැ.

    "ආහ්.. උඹ ආපහු සැරයක් ආවද?? මේ පාර නම් සෙට් එකක්ම එක්කන් ඇවිත් තියෙන්නේ?? "

    ඔහොම කියල ඒකෙ ඇතුලෙ හිටපු ගොඩක් අය ඇහුවා.කොහොමහරි සැලකිලිත් පොඩ්ඩක් වැඩී.කලින් පාරත් හිටපු නිසා වෙන්න ඇති.ඒ නිසා අනික් එවුන්ටත් හොඳයි.අපි ඔක්කොටම වාඩි වෙන්න ඉඩ දුන්නා.මගෙන් ඇතුලෙ හිටපු අය විස්තරේ ඇහුවා.අපේ කොල්ලො පුදුම වෙලාවගේ බලන් හිටියා.මමත් නිකන් කලින් ඉඳල ඉන්න එකෙක් වගේ ගානට වැටිල දැන්.. මම හිත හදාගෙන හිටියේ.අපේ කොල්ලොනම් මනෝ ගහලා.මමත් ඉස්සෙල්ලම සැරේ ඇවිත් ඔහොමනේ හිටියේ.මම එවුන්ව පුලුවන්තරම් සැනසුවා.

    හැම එකාම වගේ ඇහුවේ "මචන් අපි lectures වලනේ හිටියේ.. අපිට මේකෙන් ගැලවීමක් තියෙයි නේද??" කියලා.මම මොනා කියන්නද ඉතින්.මම හොදටම දන්නවා පොලීසියේ එවුන්ගේ තරම.උන්ට ඇත්ත බොරු කරන එක එච්චර ගේමක් නෙවෙයි.උන් මෙලහකටත් අපට බොරු චෝදනා දාල ඇති. මම එදා නිදාගත්තෙම නෑ.එළිවෙනකන් කල්පනාකලා.

    මොනාද මේ සිද්ධවෙන්නේ?? දැන් ගෙදර මොනාවෙලා ඇත්ද? හොස්ටල් එකේ එවුන් මොනා කරනව ඇත්ද?? Hospitel එකේ ඉන්න අයට කොහොමද?? ඕවා තමයි හිතුවේ..කමක් නෑ.එන දේකට මූණ දෙනවා.ඕන එකක්.එහෙම හිතලා හිතහදාගත්තා.අපෙත් එක්ක ගිය අයිය කෙනෙකුයි,තව අපේ බැච් එකේ එකෙකුයි හිත ෆිට් එකේ තියන් හිටියා.ඒ නිසා මට අවුලක් උනේ නෑ. එයාල දෙන්න නිදාගත්තෙත් නෑ.අපි 3 දෙනා මොනාද කරන්නෙ කියලා හිතුවා.

    කොහොමහරි එළිවුනා.කරන්න ඕන වැඩේ මම කලින්ම කොල්ලන්ට කියල තිබ්බේ.ඒ නිසා අපි උදේට හිර ගෙදරින් පාන් කෑවා.ඊට පස්සේ විසිට් එකක් එනකන් බලන් හිටියා.එක පාරටම උදේ විසිට් එකක් ආවා.මගේ නම උදේ තිබුණේ නෑ.අපි 3 දෙනාගේ නම් තිබ්බෙ නෑ.අනික් අය විසිට් එකට ගිහින් කෑම,ඇඳුම් එහෙම අරන් ආවා.
    මම ඇහුවා මොනාද විසිට් එකෙන් කිව්වෙ කියලා.

    "අපට බයවෙන්න දෙයක් නෑ..හෙටම එළියට යන්න පුලුවන්.අපේ motion එක ගන්නවලු.අපිට ජොලියෙ ඉන්න කිව්වා.උඹට කාරනයක් කියන්න තියෙනවා කියලා හවස විසිට් එකට එන්න කිව්වා" ඔහොම කියලා උන් කිව්වා.

    ම්ම්.. ඒකත් එහෙමද?? එහෙනම් සතුටින් ඉඳපන් කියලා මම එතැනින් ගියා.බලමුකෝ.හවස විසිට් එකේ මොකද කියන්නේ කියලා.කොහොමහරි අපි 18 දෙනාම ඉක්මනට ෆිට් උනා.ඔක්කොම එකා වගේ හිටියා. අපිව එකම වාට්ටුවේ තිබ්බෙ නෑ.අපිව වාට්ටුවලට කැඩුවා.18 දෙනාගෙන් අපි 10 දෙනෙක් මහ වාට්ටුවේ.තව 6ක් උඩ වාටුවේ.තව 2ක් දැල් වාට්ටුවේ.අපි නාල කාල හිටිය ඉතින්.මැරෙන්න ඇයි.හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනේ කියල හිතාගත්තා.අපේ කොල්ලොනම් ගොඩක් ඇඬුවා.උන්ට එපාවෙලා හිටියේ.මතක් වෙනකොටත්.. එක පාරටම හවස අපට විසිට් එකක් ආවා.ඉස්සෙල්ලාම මට විතරයි ආවේ.මම ගියා.අපේ කොල්ලො සෙට් එකම ඇවිත් හිට්යා.

    "කොහොමද උඹට?? ඇතුලෙ අව්ලක් නෑනේ නේද? කලින් විසිට් එකෙන් කිව්වා උඹ නිසා උනුත් අව්ලක් නැතුව ඉන්නවා කියලා(බම්බුව තමයි).උඹට බොරු කියන්න ඕන නෑනේ.උඹ දන්නවනේ ඇත්ත.පොලීසියෙන් දිගටම ගේමේ ඉන්නේ.උඹලගේ motion එක ෂුවර් නෑ.අපි ෆුල් ට්‍රයි එක දෙනවා.උඹ පොඩ්ඩක් අනික් එවුන්ගේ හිත හදපන්."

    එහෙම කියලා රෑට කන්න කෑමයි තව ගෙදරටත් පණිවිඩේ කිව්ව කියලත් කිව්වා.ඒක හොදයි එක අතකට.දැන් එයාල ඇත්ත දන්නවනේ.එහෙම කියලා උන් ගියා. මම කොහොමත් දන්නවා ඔය motion හරියන්නෙ නෑ කියලා.මම ඒ දේ ඇතුලෙ අයට කියන්න ගියේ නෑ.මමත් උන්ගේ පැත්තටම කතාකරලා හිටියා.රෑත් උනා.පාලුයි වගේ.මොකද කලින් දවසේ 18 දෙනාම එකටනේ හිටියේ.දැන් අපි 10යි.අනික් අය එක එක තැන් වල.
    රෑට කෑම කන අතරේ රූම් පාර්ට් ඇවිත් කතාවට වැටුනා.ඇත්තටම පොර නම් දෙවියෙක් වගේ මනුස්සයෙක්.අපට ගොඩක් උදව් කලා එයා.

    "උඹල සෙට් එකක් එනව වග අපි කලින්ම දන්නවා.අපි නිව්ස් බැලුවා.ඒත් එක්කම පොලීසියෙනුත් කිව්වා සෙට් එකක් එවනවා හොදට පාර්ටි දම්මලා ගනින් කියලා.උඹල බයවෙන්නෙපා.මට පොලිස් යක්කු පේන්න බැහැ.දැක්කනේ අපි උඹලට සලකන හැටි.මම ඒ වෙලාවෙම හිතාගත්තා උඹලට හොඳට සලකනවා කියලා..හැබැයි මම හීනෙකින්වත් හිතුවෙ නෑ උඹ ආපහු එයි කියලා."

    එහෙම කියලා පොර කිව්වම අපිට පොඩි සතුටකුත් ආවා.පොර හිර ගෙදරට ඇවිත් අවුරුදු 4ක් වෙනවලු.ඇවිත් තියෙන්නෙත් පොලිස් කාරයෙක්ට පිහියෙන් ඇනලා.අම්මෝ.. කොහොමහරි ඇතුලෙ ගොඩක් අය අපිත් එක්ක ෆිට් උනා ඒ නිසා. පහුවෙනිදත් උනා.උදේ විසිට් එකේදි කොල්ලො කිව්වා එක කියලා.මාත් එක්ක කොල්ලො 6ක් විසිට් එකේ හිටියා.උන් ඔක්කොම අඬන්න ගත්තා.එයාලගෙ අම්මලා එහෙමත් ඇවිල්ල හිටියේ.

    මට හොඳට මතකයි ආපු කොල්ලන්ගෙන් එකෙක් කිව්වා..

    "උඹල ඔතන ඉන්න ඕන එවුන්ද බන්?? අඬන්න එප බන්.." කියලා.පොර අන්තිමට මට කිව්වා "උඹටනම් අවුලක් නෑනේ" කියලා.

    මට එපා උනා.පොළොව පලන් යන්න හිතුනා.මම අව්ලක් නැතුව ඉන්නව නෙමේ.මට තමයි හොඳටම අවුල්.නමුත් මම ඒ දේ පෙන්නන්න යන්නේ නෑ.මොකද එහෙම උනොත් අනික් කොල්ලෝ අවුල් වෙන නිසා.උන් හැමදෙයක්ම මගෙන් අහන්නේ.එහෙම එකේ මමත් වැටුනොත්?? කමක් නෑ කියලා මම විසිට් රූම් එකෙන් එළියට ආවා.ආපහු කල්පනාවට වැටුනා.

    අපිට එළියට යන්නම බැරිද??මට ජේලර්ලගෙන් ගොඩක් case ආවා.මම 2වෙනි පාරටත් ආපු නිසා.ඔහොම ඉන්නකොට මගේ නම කියල අඬගහනව ඇහුණා.කව්ද මේ අවේලාවේ?? බලනකොට මට චීෆ් ජේලර් එන්න කියල පණිවිඩයක් එවලා.ඒ මොකටද?? මම බයවුනා.කමක්නෑ ඕන දෙයක් කියලා මම ගියා.ඇතුලට ගියා.office room එකට.

    "ඔයා බදුල්ලෙ නේද??"

    එහෙම කියල චීෆ් ජේලර් ඇහුවම මම ඔලුව වැනුවා.පොර කේන්තියෙන් නෙමේ හිටියේ.කෝල් එකක හිටියේ.

    "බදුල්ලේ prison එකේ චීෆ් ජේලර් මට කෝල් කලේ දැන්.එයා ඔයාගෙ තත්තගේ යාලුවෙක්ලු.ඒ චීෆ් ජේලර් මගේ හොඳම යාලුවා.එයා කිව්ව ඔයා ගැන මට බලන්න කියලා.. හරි මොකද්ද මගෙන් වෙන්න ඕන?? ඕනනම් මම ඔයාව PH එකට දාල දෙන්නම්.. ඔයාට විතරක් එන්න බැරිනම් තව යාලුවෙක් එක්කන් එන්න"

    කියල කිව්වම මට මාරම සතුටක් ආවා.හොඳ වෙලාවට ගෙදරින් දැනගත්තේ.ඒත් අපේ කොල්ලො ගොඩක් දුක් විඳිද්දී මට තනියෙන් ඇවිත් මෙහෙම ඉන්නෙ කොහොමද?? මට ඒ වෙලාවේ එහෙම හිතුණා.

    මම කිව්වා "අපේ කොල්ලො ගොඩක් ඉන්නවා සර්.ඒ නිසා මට එන්න විදියක් නෑ." කියලා.
    ඒ පාර එයා කිව්වා

    "එහෙනම් කමක්නෑ.එහෙනම් ඔයා PH එකේ Bathrooms use කරන්න තව යාලුවෝ එක්කෙනෙක් එක්ක ඇවිත්".

    මම "thankyou සර්" කියල ආවා. ඇවිත් යාලුවන්ට මම විස්තරේ කිව්වම උන් කිව්වේ "කමක් නෑ බන් උඹ තව එකෙක් එක්ක පලයන්" කියලා.ඒත් මම ගියේ නෑ.මම දවසින් දවස එක එකා එකට එක්කන් ගියා.අවුලක් උනේ නෑ.

    ඔහොම ඉන්නකොට අපේ ගෙදරින් ආවා මාව බලන්න.මම උඩ ගියා.හොඳවෙලාවට තාත්තයි,ලොකු තාත්තයි ඇවිත් හිටියේ.එයාල කලින් වගේ කලබල උනේ නෑ.මට කිව්වා PH එකට යන්න කියලා.බලන්න ඇවිත් හිටපු කොල්ලොත් කිව්වා PH එකට යන්න කියලා.ඒක කියල තියෙන්නේ හේතුවක් ඇතුව(පසුව කියන්නම්). කොහොමහරි එදාම තව කොල්ලෙක් එක්ක PH එකට ගියා.රෑට විතරයි ඒකෙ හිටියේ.දවල් වරුවෙම යාලුවෝ එක්ක වාට්ටුවේ.

    එන්න එන්නම අපට පරිසරය හුරුවුනා.ඒකාකාරි ජීවිතයක්.හැමදාම දකින්නේ එකම අය.සිද්ධවෙන්නේ එකම දේවල්.පුදුම ජීවිතයක් තමයි.ඔහොම ඉන්නකොට නඩු දවසත් ලන්වුනා.

    එදා මට මහ කැත සිද්ධියක් උනා.අපි නඩුවට යන්න ලෑස්තිවෙලා හිටියේ.ජේලර් කෙනෙක් මට අඬගැහුවා.

    "ඔයාටනම් චාන්ස් එක අඩුයි.මොකද ඔයා ගැන ගොඩක් නරක විදියට ගිහින් තියෙන්නේ.ඔයා PH එකට ගිය එකත් හොඳයි." එහෙම කියලා පොර කිව්වා.

    මට ගොඩක් අප්සෙට්.ඒකද දන්නේ නෑ මාව PH එකටත් දැම්මේ.මට බේරෙන්න චාන්ස් එකක් නැද්ද?

    හරි කමක් නෑ.අනික් එවුන් හරි යයිනේ.කමක් නෑ.මොනා කරන්නද?

    එහෙම හිත හදාගෙන බස් එකට නැග්ගා.
    උසාවියට යන්න.බස් එක උසාවියට යන්න පිටත් උනා..
     
    • Like
    Reactions: Winter Soldier

    Sirakaruwa

    Member
    May 19, 2015
    12
    22
    0
    -8 කොටස (නැවතත් සිරගෙට 2)-

    බස් එක උසාවියටත් ආවා.
    ඔක්කොමල බැස්සුවා.අපි මාන්චු දාලා යනවා.කැම්පස් එකේ ගොඩක් එවුන් ඇවිල්ල ඉන්නවා දැක්කා.ඒත් ඒ දිහා බලන්නවත් මට ෆිට් එකක් තිබුනෙ නෑ.
    උදේ පාන්දරම ජේලර් කාරයෙක් මාව කෑවනේ.මම ගොඩක් අව්ලින් හිටියේ.අපිව උසාවිය මැදින්ම එක්කන් ගියා.

    නඩුවලට වාඩි වෙලා හිටපු එවුන් "මහ පව්කාරයෝ වගයක්..කැම්පස් ගියානම් ඉගෙනගන්නේ නැතුව.."
    ඔහොම කියනව මට ඇහුණා.

    ඔව් ඒක ඇත්ත.අපි පව් කාරයෝනම් තමයි.නැත්තම් අපට මෙහෙම වෙන්නෙ නෑනේ. මේ විදියට කොහේවත්යන පොලිස් කාරයන්ගෙන් බැනුම් අහන්න වෙන්නෙ නෑනේ.උන්ට ඕන විදියට අපට ඉන්න සිද්ධවෙන්නෙ නෑනේ.

    අපිව උසාවිය ගාව තියෙන රූම් එක ඇතුලට දැම්මා.මේ රූම් එකේ හැටි මම කලින් කිව්වනේ.අපේ අනික් කොල්ලො සෙට් එකට මේ පළමු අද්දැකීම.මොකද මේ පාර අපිව remand කලේ Judgeගේ ගෙදරට ගෙනිහින්.කොහොමහරි එකෙක්වහ් සද්දයක් නෑ.ඔක්කොමල බලන් හිටියේ මොකද වෙන්නේ කියලා.. එක පාරටම

    "අර කැම්පස් 18දෙනා මෙහාට එන්න" කියලා කෑගහනවා ඇහුණා.

    අපි උසාවියට ගියා.පිළිවෙලට නම් කිය කිය අපිව කූඩුවට නැග්ගුවා.මුලු උසාවියම කන්න වගේ බලන් හිටියා.මම හිතන්නේ මෙච්චර ගොඩක් ඉන්න එකම නඩුව අපේ එක වෙන්න ඇති.හරි ඔක්කොම නග්ගලා ඉවරයි.මම හිටියේ 17 වෙනියට.මම Judgeට cover වෙලා ඉන්න ට්‍රයි කලා.අම්මෝ ඔක්කොම lawyersලා 6ක්.අපි 18 දෙනාට.නඩුව පටන් ගත්තා. සුපුරුදු පරිදි පොලිස් අයියලා පච ගෝනිය දිග හැරියා.අපිව වෙව්ලනවා උන් කියන ඒවට.Lawyersලා දිගටම කතාකලා.කොහොමහරි රසපරීක්ෂක වාර්ථාවක් ගැන කියනව ඇහුණා.ඒ කියන්නේ මොකද්ද?? මොකක් හරි වෙන්න ඇති.

    එක පාරටම Judge කිව්වා "නඩුව පසුව කැඳවනවා" කියලා.

    අපි ආපහු අර රූම් එක ඇතුලට ගියා.ඇයි නඩුව පසුව කැඳෙව්වේ??අපි ඕවා කතාවුනා.මොනාද පොලිස් සාක්ෂි වගයක් එන්න තියෙනව කියලලු කිව්වේ.උසාවි කූඩුවේ ඉස්සරහින්ම හිටපු අය කිව්වා.ආ හරි.ටොපිය දෙන්න යන්නේ.. මම තනියම හිතුවා.කොහොමහරි ඔහොම පැයක් විතර ඉන්නකොට ආපහු සැරයක් අපේ නඩුව ගත්තා.
    අනික් පැත්තෙන් පොලිස්කාරයෙකුත් කූඩුවට නැග්ගා.

    "මම මේ කියන සියලුම දේවල් ඇත්තද මොකද්ද" කියලා මොකද්ද පොතක් උඩ අත තියලා ඒ පොලිස් කාරයා දිවුරුවා.

    අපිට මොකුත් තේරෙන්නේ නෑ.එහෙම කියලා අම්බ පච වගයක් කිව්වා.එකේ සඳහන් උනේ බෝම්බයක් ගැන.දැන් වලිය පැත්තක.යන්නේ වෙනම case එකක්. කොහොමහරි lawyersලා අහන ප්‍රශ්ණවලට පොලීසියට කට උත්තර නෑ.ඒවට හරියට උත්තර දුන්නෙත් නෑ.ඒව සමහරවිට judge අහගෙන ඉන්නෙ නැතුව ඇති.
    අපේ lwyersලා අපි lectures වල හිටියා කියලා judgeට attenden sheet ඉදිරිපත් කලා.ඒව සතපහකටවත් ගනන් ගන්නේ නැතුව

    "විශ්ව විද්‍යාලවල ගැටුම් ඇතිවෙනකොට ඒවා වලක්වන්න ඔය කියන lecturerලා ඉදිරිපත් වෙන්නෙ නෑ.හැබයි පස්සේ අනන් මනම් කොල කෑලි එවලා සාධාරණය කරන්න එනවා." කියල judge කිව්වා.

    කොහොමහරි පැයකට ආසන්න කාලයන් නඩුව තිබ්බා.
    අන්තිමට තෝල්කයාද මොකාද කිව්වේ

    "1 සිට 18 තෙක් සැක කරුවන් අදසිට නැවත දින 14ක් remand" කියලා.

    අපිව වෙව්ලන්න ගත්තා.මම දැක්ක අපේ තාත්ත දොර ගාව ඉන්නවා.ඒක කියනකොටම තාත්ත අනික් පැත්ත හැරිල ගියා.උසාවිය ඇතුලේ අපේ කොල්ලෙක්ගේ අම්ම කෙනෙක් හිටියා.එයාට සිහිය නැතිවෙනවත් මම දැක්කා.මොනාකරන්නද?අපේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි.ආපහු අපි රූම් එකට ගියා.කොල්ලො අඬන්න ගත්තා.මම හිතුවේ මම කෙසේවෙතත් අනික් අයට යන්න පුලුවන්වෙයි කියලා.ඒත් ඒවා සිහිනයක්ම උනා. අම්මලා තාත්තලාගේ සාපෙම ඇති පොලීසියේ එවුන්ට.මේ සේරටම වග කියන්න ඕන කව්ද??අපිට මොකුත් හිතාගන්න බෑ.
    එක පාරටම ජේලර් කෙනෙක් රූම් එකට ආවා.

    "අර කැම්පස් කට්ටිය පොඩ්ඩකට එන්න" කිව්වා.අපි ගියා.
    "ඔයාලව දැන් අපි එක්කන් යනවා.මෙතන කලබලයක් වෙන්න පුලුවන්.ඒ නිසා.දැන් බස් එක මෙතනට එයි.ඔයාල පාඩුවේ ගිහින් බස් එකට නගින්න" එහෙම කියලා පොර ගියා.

    ඒ කියන්නේ එළියේ අපේ කොල්ලො ගහගන්නවද??
    දැන් මට තවත් අවුල්.කොහොමහරි අපි බස් එකට නැග්ගා. කොල්ලො කවුරුත් පේන්න නැහැ.මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා.කාගෙන් කියල අහන්නද?ඒ මදිවට අම්මලා තාත්තලා පේන්නත් නෑ.මෙතන කලබලයක්වත් වෙලාද?ආපහු අපි හිරගෙදරට ආවා.
    අපෙන් ඇතුලෙ කට්ටිය ඇහුවා මොකද උනේ කියලා.අපේ එක අහලා එයාල කිව්වේ.

    "කොල්ලෝ.. එකනම් දරුණුයි.ඔය රසපරීක්ෂක වාර්තාවක් එන්න අඩුම මාස 6ක් වත් යනවා.මේකේ ඉන්න ගොඩක් එවුන් ඕව එනකන් ඉන්නේ.එහෙනම් කොල්ලො හිතහදාගනින්" කියලා.

    හරි.ඒ කියන්නේ අපිට මේ ආත්මෙට එළියට යාගන්න බැරිවෙයි.එකෙක්වත් කිසිම කතාවක් නෑ.

    එකපාරටම අපේ කොල්ලෙක් හතිදාගෙන දුවගෙන ආවා.

    "මචන් උසාවිය ගාව ලොකු කලබලයක් වෙලාලු.සෙට් එකක් පොලීසිය අරන් ගිහින්ලු.තාත්තලා වගයකුත් අරන් ගිහින්ලු"

    ඌ එහෙම කිව්වම අපිට ඉන්න තැන අමතක උනා.
    දැන් මොකද කරන්නේ??

    මොනාද මේ සිද්ධවෙන්නේ??
    අපේ කව්ද පොලීසියට අරන් ගියේ?? අපේ තාත්තත්??...........
     
    • Like
    Reactions: Winter Soldier

    Sirakaruwa

    Member
    May 19, 2015
    12
    22
    0
    -9 කොටස (නැවතත් සිරගෙට 3)-

    විසිට් එන්නත් තව වෙලා තියෙනවා.මොකද්ද සිද්ධවුනේ කියල කොහොමද දැන්ගන්නේ??කරකියාගන්න දෙයක් නැතුව බලන් හිටියා.
    එතකොටම හිරගෙදර පුස්තකාලෙ ඉන්න මිස් අපට අඬගැහුවා.ඒ මිස් මීට කලින් අපට කතාකරලා නෑ.අපි ඔක්කොම එතනට ගියා.

    "ඔයාලට බෝම්බ එකක් දාලලු නේද?මම ඕක ගැන හොඳට දන්න නිසයි කියන්නේ.ඔය රස පරීක්ෂක වාර්තාව එන්න අඩුමගානේ මාස 6ක් වත් යනවා.ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට ඒක ගෙන්න ගන්න බලන්න.ඔයාලගේ යාලුවන්ට කියන්න" කියලා ඒ මිස් කිව්වා.

    උන් කියල මොනව කරන්නද?ඒවා මොකුත් අපේ ඔලුවට ගියේ නෑ.අපේ ඔලුවෙ තිබ්බේ උසාවිය ගාව මොකද්ද සිද්ධ්වුනේ කියන එක විතරයි.අපේ ඒ මිස් ගෙනුත් ඇහුවා එහෙම මොකක් හරි ප්‍රෂ්නයක් ඇතිවුනාද කියලා.මිස් කිව්වා එහෙම දෙයක් දන්නේ නෑ කියලා.ඔහොම ඉන්නකොට අපේ නම් කියලා කතාකරනව ඇහුනා.අපිට විසිට් එකක්.අපි ඔක්කොම පෙරලගෙන දිව්වා.අපිට ඒ තරම් හදිස්සියි මොකද්ද උනේ කියල දැනගන්න.ඇතියාන්තන් විසිට් එකේ අපේ තාත්ත ඉන්නව දැක්කා. මම ගිය ගමන් ඇහුවේ මොකද්ද සිද්ධවුනේ කියලා.

    "නෑ නෑ කවුරුත් කලබල වෙන්න ඕන නෑ.උසාවියේදී එක අම්ම කෙනෙකුට සිහිය නැතිවුනා.ඒ වෙලාවේ පොඩ්ඩක් කලබල උනා අපි.පස්සේ අපි ඔක්කොමල උසාවියෙන් එළියට ආවා.අපට ඒ හරියෙ ඉන්න දුන්නේ නෑ.ඔක්කොමල හොඳින්" එහෙම කියලා අපේ කොල්ලොයි,තාත්තයි කිව්වා.

    අම්මේ ..දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.අපි කොච්චර කලබල උනාද? පස්සේ මම තාත්ත එක්ක අර මිස් කියපු එක අකුරක් නෑර කිව්වා.අපේ කොල්ලොත් අහන් හිටියා.තාත්ත කිව්වා මොනාහරි කරන්නම් කියලා.තාත්ත කොහොමත් කලබල වෙන කෙනෙක් නෙමේ.යාලුවෝ වචනයක්වත් කතාකලේ නෑ හරියට.උන් ඔක්කොම දුකින් වගේ අපි දිහා බලන් හිටියා.
    යන්න ලෑස්තිවෙද්දී තාත්ත කිව්වේ

    "ඔයා පොඩ්ඩක්වත් අවුල් වෙන්න එපා..ඔයාට හැම දේකටම අපි ඉන්නවා.සතුටින් ඉන්න." කියලා.

    එහෙම කියනකොට මට ගොඩක් දුක හිතුනා.මම අන්තිමට කිව්වේ

    "අම්මව ෂේප් කරන්න තාත්ත .. මම මෙහේ අවුලක් නැතුව ඉන්නවා.තාත්තල දුක් වෙන්නත් එපා.තාත්තලා ආපහු නිකරුනේ එන්නත් එපා.යාලුවෝ ඉන්නවනේ.ඊළඟ නඩු දවසට විතරක් එන්න" කියලා.

    තාත්ත ඒ දේ පිළිගෙන ගියා.යාලුවොත් ඔක්කොම ගියා.අපිට කෑම බීම ඔක්කොම ආපහු ගෙනල්ල දුන්නා.
    ආපහු ඇතුලට ගිය ගමන් මම අල්ල ගත්තේ අර බොරු පණිවිඩේ කියපු එකා.අපි ඒ වෙලාවේ කලබලවෙලානේ හිටියේ.උගෙන් ඇහුවෙවත් නෑනේ කව්ද උඹට කිව්වෙ කියලවත්.ඌ මොනාකරන්නද? ඌට කියල තියෙන්නේ හිර ගෙදර ඉන්න "අලවන්ගුවා" කියල එකෙක්.පොරගෙන් ගිහින් අහන්න ඇයි.. ඇයි යකෝ බොරු කියන්නෙ කියලා.. අහන්න පුලුවන්.පස්සේ ඉතින් කෑලි තමයි අපේ.කොහොමහරි ආපහු අපි වාට්ටුවලට ගියා.දැන් ඉතින් තව සති දෙකක් ඉදපන්කෝ.ඒත් එදාටවත් අපිට එළියට යන්න බැරිවෙන තත්වයක්නේ දැන් තියෙන්නේ.ඔහොම ඉන්නකොට අපේ කොල්ලො ලෙඩ උනා.හිතලම වෙන්න ඇති.

    ඔහොම ඉන්නකොට හොඳ හොඳ සිද්ධිත් උනා.

    ඒ දවස් වල management එකට exam පටන් ගන්න ළන් වෙලයි තිබ්බේ.ඉතින් ඒ දේවලුත් කරන්න එපැයි.අපේ ඇතුලෙ ඉන්න management එකේ කොල්ලො පාඩම් කරන්න තැනකුත් ඉල්ලගෙන තිබ්බා.ඒ උන්ට exam නිසානේ.අනේ මන්ද මටනම් exam තිබ්බත් මේකෙ ඇතුලෙ පාඩම් කරනව තියා..කොහොමහරි අපේ එවුන්ටත් පාඩම් කරන්න ඕන උනා.ඔක්කොටම නෙමේ.මමනම් ඕව මොකුත් දන්නේ නෑ.මම හැදුවේ කොහොමහරි ඔක්කොමලත් එක්ක එළියට යන්න ක්‍රමයක් හිතන්න.වෙන දේවල් මගේ ඔලුවෙ නෑ.ඉතින් ඔහොම ඉන්න අතරේ අපේ පාඩම් කරන කොල්ලො ටිකත් චීෆ් ජේලර් හම්බෙන්න ගිහින් තිබ්බා පාඩම් කරන්න තැනක් ඉල්ලගන්න.එතන මොකක් හරි case එකක් වෙලා තියෙන බව දැනගත්තා.චීෆ් ජේලර් අපේ කොල්ලන්ට බැනල තිබ්බා.ටික වෙලාවයි ගියේ මට එන්න කියලා චීෆ් ජේලර් පණිවිඩයක් එවලා තිබ්බා.
    ඇතුලට යනකොටම තේරුණා පොර අම්බානක් කේන්තියෙන් හිටියේ.

    "තමුසෙලාට ඇතුලෙ ඇවිල්ලත් ඉන්න බැරිද? උඹල මෙතනත් බෙදෙන්න ගත්තද? එකක් මතක තියාගනිල්ලා.උඹල මෙහේ කෙළගන්න හැදුවොත් උඹල ඔක්කොම යවනවා වැලිකඩ.ගිහින් කියපන් උඹේ යාලුවන්ටත් මේවා.තොපිලව හදන්න බෑ" මෙහෙම කියලා මට නොසෑහෙන්න බැන්නා පොර.

    මම උඩ බ්ම බලනවා.මොකුත් තේරෙන්නෙ නෑ.මම ආපහු හැරිලා යන්න ගියා.පස්සේ මම ඇහුවේ මොකද්ද මෙතන සිද්ධවුනේ කියලා.වෙලා තියෙන්නේ චාටර් සිද්ධියක්. අපේ එවුනුත් පාඩම් කරන්න තැනක් ඉල්ලලා.faculty subject වෙනස් කියලා එකට පාඩම් කරන්න බෑ කිව්වලු.අපේ එවුන්ට මොළයක් කියල දෙයක් නැද්ද?ඕවා subjects ගැන මෙහේ කට්ටියට තේරුම් කරල දෙන්න පුලුවන්ද??කොහොම හරි අන්තිමට ඒකටත් වැරදිකාරයා උනේ මම.කමක් නෑ.මුන්ට හොඳනම් මොකද?

    ඔහොම දවස් ටික බොහොම හෙමින් ගෙවිල යනවා.උදේ නැගිට්ටම දවස ගෙවන්න මාර ගේමක් දෙන්න ඕන.දවසට එක පාරයි විසිට් එකක් එන්නෙත්.විසිට් එකත් උපරිම විනාඩි 5යි. දැන් දැන් අවුලක්ම නෑවගේ හිරගෙදර.හැබැයි ඔක්කොමල එකට ඉන්න කොට.ඒත් නිදාගන්න ගියාම,කන්න ගියාම ගෙදර,යාලුවෝ මතක් වෙනවා.ඒ වෙලාවටනම් ඉන්න බෑ.හොස්ටල් එකට කෑම එකක් ආවම ඒකට වෙනදේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ඒක පොර කකා කනවා.මොනාහරි කමක් නෑ.දැන් ඒ වගේම තමා මෙහෙත්.මොනාහරි ආවොත් කෙහෙල් වගේ දෙයක් ඒකට පොර කනවා.මොකද 18ක්ම ඉන්නවනේ.

    දවසක් මට හොඳට මතකයි විසිට් එකකදී අපේ කොල්ලෙක් කිව්වා. "මචන්.. අපි කොල්ලො කන්නේ නැතුව සල්ලි එකතු කරලයි උඹලට මේ ඕන දේවල් ගේන්නේ.ඒ නිසා මේවා නාස්තිකරගන්න එපා" කියලා.
    මම දන්නවා.අපි මේකේ ඇතුලේ ඉඳන් දුක්විඳිනවට වඩා උන් එළියෙ දුක් විඳිනවා.මොකද මම එක පාරක් හිඅපු නිසා දන්නවා අපේ කොල්ලො කොහොමද මැරුනේ කියලා.ඒත් අපේ සමහර එවුන්ට ඒ දේවල් තාමත් තේරෙන්නෙ නැති එක අපි වෙනුවෙන් මැරුන කොල්ලන්ගෙ කරුමේ.

    ඔහොම ඉන්නකොට එදා විසිට් එකකින් අපිට සුභදායි පණිවිඩයක් ලැබුනා. ඒ තමයි රස පරීක්ෂක වාර්තාව ගෙන්නගත්ත කියලා.ඒත් මම නම් එච්චර ඒ දේ ගැන හිතුවෙ නෑ.එහෙමනම් හොඳයි කියල මම ඒ දේ මග ඇරියා.කොහොමත් ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන හිටියෙ නෑ මම.ඔහොම ඉන්නකොට නඩු දවස හෙටයි කියලත් ආවා.

    සාමන්‍යයෙන් නඩුව හෙටයි කියලා රැව්ල කැපුවම ආපහු හිර ගෙදරට එන්න වෙනවලු.මම නම් නෙමේ කියන්නේ.ඇතුලෙ අය තමා කියන්නේ.
    තව තියෙනවා.
    හිරගෙදර ඇතුලේ කැරම් ගහන්න පුලුවන්නේ.ඉතින් කැරම් partnersලාත් වෙන් කරන්නේ නෑලු. ඒ කියන්නේ මම ඇතුලෙ දිගටම ඉන්න එකෙක් එක්ක එකට කැරම් ගැහුවොත් පොර නිදහස් වෙනකන් මට යන්නත් වෙන්නේ නෑලු.අනේ මන්ද ඉතින්.ඕව කොහොමද කියලා.

    ඒ නිසාමද මන්දා නඩුව දවසේ උදේ තමයි රැව්ල කැපුවෙත්.ඉතින් ඔක්කොමල සෙට් වෙලා උසාවි යන්න ලෑස්ති උනා.එදානම් උදේ මොකුත් කවුරුත් කිව්වෙ නෑ.
    මතකනේ ගිය පාර....
    ඉතින් ඔහොම ඉඳලා නඩුවට යන්න බස් එකට නැග්ගා.නගිනකොට මට ඉස්සරහ හිටපු කොල්ලගේ පයත් පැටලුනා.

    මේනම් එච්චර හොඳ දෙයක් නෙමේ.. මම තනියම හිතුවා.

    බස් එක මාතර බන්ධනාගාරයෙන් පිටත් වුනා....
     
    • Like
    Reactions: Winter Soldier

    Sirakaruwa

    Member
    May 19, 2015
    12
    22
    0
    -10 කොටස (නැවතත් සිරගෙට 4)-

    වටපිටාව නිකන් නුහුරුයි වගේ.සති 2කට පස්සේ හිර ගෙදරින් එළියට ආපු නිසා වෙන්න ඇති.
    කොහොමහරි බස් එක උසාවියට ආවා.ගේට්ටුව ලඟ අපේ කොල්ලො,කෙල්ලො හිටියා.උන්ට පොඩි හිනාවක් දාල ඇතුලට ගියා.එයාලනම් වෙනදට වඩා ටිකක් සතුටින් හිටියේ.අපිටනම් වෙන්නෙ මොනාද කියලවත් අවබෝධයක් නෑ.රූම් එකට දැම්මා.අපේ නඩුව ගන්නකන් හිටියා.

    අපිට මොනාවෙයිද?? කියන හැඟීම තම මටනම් තිබ්බේ.ඔක්කොමලව මතක් උනා.හිර ගෙදර ගත කරපු ඒ කාලය. ඒක අදවත් ඉවරවේද?? මම දැනට දවස් 42ක් හිරේ හිටියා.මොනතරම් කට්ට ජීවිතයක්ද?අවුරුදු ගනන් ඉන්න අය කොහොම ඉන්නව ඇත්ද?මේ ටික කාලෙට කොච්චරනම් දේවල් සිද්ධවුනාද?ආය පාරක් අපිව දැම්මොත් මටනම් පිස්සු හැදෙයි.නිකන්ම මැරයො වෙයි අපි.

    හිර ගෙදරට යන ගොඩක්ම මිනිස්සු අපරාධ කාරයෝ නෙමේ.සුළු දේකටත් කට්ටියව හිර කරනවා.සුළුතරයක් තමයි මැරයො ඉන්නේ.ඒත්.අර අහින්සක මිනිස්සු ඊට පස්සේ ආශ්‍රය කරන්නේ ආශ්‍රය කරන්න ලැබෙන්නේ මැරයන්ව. ඉතින් එතකොට මොකද වෙන්නේ?අහින්සක අගුලිමාල උනා වගේ ඒ අයත් දන්නේම නැතුව වෙනස් වෙනවා.සාමන්‍යයෙන් හිරගෙදරට මොකෙක් හරි ආවම ඌ හැදිල ඕන එළියට එන්න.

    මට ඇතුලෙ ඉන්න එකෙක් PRISON කියන වචනයේ තේරුම් කියල දුන්නා.නමුත් ඒ තේරුම අනුවනම් වැඩ සිද්ධවෙන්නෙ නෑ.මේවයින් කවදාවත් මිනිහෙක් හැදෙන්නෙ නෑ.මට මතකයි ඒත් ඇතුලෙ හිටපු අන්කල් කෙනෙක් කිව්වා.එයා හිරේට ඇවිත් දැනට අවුරුදු 2ක් වෙනවලු.එයාලට "ඇපිල්" කියල කියන්නේ.ඒ කියන්නේ එයාගේ තීන්දුවට විරුද්ධව ඇපිල් එකක් දාල තියෙන නිසාලු.ඉතින් ඇපිල් එකක් හරියන්න අඩුම අවුරුදු 5ක් වත් යනවලු.ඒ අන්කල්ට නඩු තීන්දුව දීපු Judge ඊට මාස 2කට පස්සේ සේවයෙන් ඉවත් කලාලු.එයාට මානසික අමාරුවක් තියෙනව කියලා.ඉතින් බලන්න.දැන් එතුමා සේවයෙන් අයින් කලාට එතුමාගේ වැරදි තීරණයක් නිසා අහින්සකයෙක් අවුරුදු ගානක් දුක් විඳිනවා නේද??මේවා තමයි අපරාද?මේ දේවල් හිර ගෙදරටම සීම වෙලා තියෙන්නේ.මේවට කතාකරන්න කවුරුත් නෑ. ඉතින් එතකොට ඒ අයට තරහක් එන එක සාධාරන නැද්ද?කව්ද කැමති නිකරුනේ දඬුවම් විඳින්න.

    අපේ සිද්ධිය උනත් පොලීසිය අපිව ඇතුලට දාන දවසෙම කිව්වනේ "උඹල නිර්දෝෂයි.. පුලුවන්දෙයක් තියෙනවනම් කරපන්" කියලා.මේ දේවල් අදටත් සැඟවුනු ඇත්ත.අපි කොහොම ඔප්පු කරන්නද?අපි නිකරුණේ නෙමෙයිද මේ දුක් විදින්නේ..මේ දේවල් වලින් අපි නොමඟ යනව නේද?

    මට මතකයි ඇතුලෙ ඉද්දී මගෙන් එක අයිය කෙනෙක් ඇහුවා

    "මොනාද මල්ලි කැම්පස් එකේ ඉගෙන ගන්නෙ" කියලා.

    මමත් පොරවගේ කිව්වා Computer Science කියලා.පස්සේ පොර මොනාද දන්නවද කිව්වේ..

    "මල්ලි පොඩි වැඩක් තියෙනව කරන්වනම්.. අපිට බැරිද හොරෙන් සල්ලි අච්චු ගහන්න.උඹ computer ගැන දන්නවනේ.මම එළියට ආවම උඹව හම්බෙන්න එන්නම්" කියලා.

    ඔන්න බලන්න.මට කට උත්තර නෑ.බෑ කියන්නද?හා කියන්නද?මම බයවෙලා බලන් හිටියා විතරයි.ඔය දේ ඇති නේද කෙනෙක් අගාධයට වැටෙන්න.ඒවට සම්පූර්ණයෙන් වගකියන්න ඕන කව්ද??

    "අර කැම්පස් 18 දෙනා එන්න නඩුවට"

    මෙහෙම කියනව සද්දෙට තමයි මට සිහිය ආවේ.මට වෙලාව යනව මොකුත් දැනුනේ නෑ.මොකද මම බර කල්පනාවක වැටිල හිටියේ.අපි උසාවි කූඩුවට නැග්ගා.සිද්ධවුනේ අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච නැතිදෙයක්.උසාවි කූඩුවේ තප්පර 10ක් වත් ඉන්න උනේ නෑ.

    "1 සිට 18 තෙක් සැක කරුවන්ට උසාවිය දැඩිලෙස අවවාද කරනවා.. මීට පසු මෙලෙස දෙයක් සිදුවුනොත් ඇප ලබාදෙන්නේ නෑ.සියළුම සැකකරුවන්ට 50,000 බැගින් මුදල් හා ශරීර ඇප නියම කරනවා.. රස පරීක්ෂක වාර්තාව මීළඟ නඩු දිනයේදී කැඳවනවා." එහෙම කියලා තෝල්කයා කිව්වා.

    අපිට උඩපනින්න හිතුනා.මම දැක්ක එළියෙ ඉන්න අපේ කොල්ලෝ චියර් කරන්වත්.එහෙම කියල අපිව ආපහු රූම් එකට දැම්මා.දැන් ඉතින් කීයට එළියට ගත්තත් මොකද.අපි නිදහස්නේ.ඔක්කොටම සතුටුයි.ඒ කටුක අද්දැකීම අදින් ඉවරයි එහෙනම්.වැඩි වෙලාවක් අපට ඉන්න හම්බුනේ නෑ.ඉක්මනින් අපි ඇප කොලවල අත්සන් කරලා එළියට ආවා.මුලු කැම්පස් එකම වගේ එතන.අපි කොල්ලො ගාවට ගියා.

    මම ඉස්සෙල්ලාම හෙව්වේ තාත්තව. තාත්තල වෑන් එකේ ඇවිත් තිබ්බේ.අම්මල ඇවිත් තිබුනේ නෑ.පස්සේ අපි හිරේ හිටපු සෙට් එකම වෑන් එකේ නැගල හිර ගෙදරට ගියා අපේ බඩු ටික අරන් එන්න.යනකොට චීෆ් ජේලර් හිටියෙ නෑ.කොහොමහරි චීෆ් ජේලරුත් ගෙන්න ගත්තා.එයාම අපේ බඩු ටික සෙට් කරලා දුන්නේ.ආහ්.ෆෝන් එකේ බැට්‍රිය තාම තියෙනවා.ඒ වගේම තමයි පර්ස් එකේ සල්ලිත්.බැන්කුවෙන් සල්ලි ගත්ත දවසෙමනෙ රිමාන්ඩ් කලේ.කොහොමහරි ඔක්කොම බඩු අරගෙන ආපහු උසාවිය ගාවට ගියා.තාත්ත කිව්ව ගෙදර යන්න ලෑස්තිවෙන්න කියලා.අපේ හිරේ හිටපු සෙට් එකේම ගෙවල් වලින් ඇවිත් හිටියේ.ඉතින් එයාල ඔක්කොම ගෙවල්වල ගියා.මමත් හොස්ටල් ගිහින් ඇඳුම් 2,3ක් දාගෙන ගෙදර යන්න පිටත් උනා.

    අපේ කොල්ලො කිව්වේ මෙච්චරයි..

    "ඔව් බන්.. කමක් නෑ.උඹ ගෙදර ගිහින් වරෙන් ඉක්මනට.මොකද Going down එකයි පැදුරයි තියෙනවා.ඒවා උඹ නැතුව කරන්න බෑ." කියලා.

    මට එතකොටයි මතක් උනේ.මම බැච් එකේ රෙෆානේ කියලා.හරි මචන් කියලා මමත් ගෙදර එන්න පිටත් උනා.ඔක්කොම කරදර ඉවරයි කියලා හිතාගෙන.

    ඒත් කරදර ඉවර උනාද????
     
    • Like
    Reactions: Winter Soldier

    Sirakaruwa

    Member
    May 19, 2015
    12
    22
    0
    -අවසන් කොටස (යලිත් විශ්වවිද්‍යාල ජීවිතය)-

    ගෙදරින් කලින් පාරට වඩා මට ටිකක් case එක වැඩී.මොකද අපේ තාත්තත් රට යන්න හිටියේ.මගේ මේ අවුල නිසා ඒවත් ඔක්කොම අවුල් වෙලා.ඉස්සෙල්ලාම මම ආය කැම්පස් එනවටත් එයාල කැමති උනේ නෑ.මම ආයෙමත් ඕවට සම්බන්ධවෙයි කියලා.

    කොහොමහරි degree එකත් එක්කම එළියෙ course එකක් කරන්න හිතුවා.ඒදේට ගෙදරිනුත් කැමතිඋනා.මොකද එතකොටවත් මම අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නේ නැතිවෙයි කියලා. මේ වලිය නිසා අපේ කොල්ලො කීප දෙනෙක් suspend වෙලා හිටියා.මගේ හොඳම යාලුවත් ඒ අතරේ හිටියා.එයා තමයි මේ course එක කරන්න මුලින්ම අදහස දැම්මේ.කොහොමහරි ගෙදර සතියක් හිටියා.ඒ අතරේ දැනගන්න ලැබුණා බැච් එකේ අලුත් රෙෆ් කෙනෙක් පත් කලා කියලා.මොකද මම තව දුරටත් මේ තනතුරේ ඉන්න එක මට අවධානම් නිසා.කොහොමහරි කැම්පස් එකේ mid vacation එක හම්බුනා.මම එතකොට තමයි කැම්පස් එකට ගියේ.

    හොස්ටල් එකේ කොල්ලො නෑ.ටික දෙනයි.නිවාඩු නිසා.මම ගියෙත් course එකට register වෙන්න ඕන නිසා.පානදුර තමා කරන්න යන්නේ.මීට කලිනුත් අපේ කොල්ලො ගොඩක් ඒ course එක කරල තිබ්බා.course එකේ මුල්ම දවසත් ආවා.සතියට එක දවසයි තියෙන්නේ.ඉරිදට උදේ 8 - 1.මම හිටපු පන්තියේ මාත් එක්ක හිරේ හිටපු කොල්ලො 3ක් හිටියා.අපි ඔක්කොම එකට හොස්ටල් එකේ ඉඳන් තමයි යන්නේ උදේ පාන්දර.ඒකත් මාර කට්ටක් තමයි.මොකාටද උදේ පාන්දර නැගිටින්න පුලුවන්? පාන්දර 3ටවත් නැගිටින්න ඕන.

    කැම්පසුත් පටන්ගත්තා.lectures කීයක් නම් මිස් උනාද?මාස 2ක් එකදිගටම lectures ගියේ නෑනේ.lectures යන්න ගියා.ඉන්න බැහැ.අනන් මනම් විකාර මතක් වෙනවා.අඩුම ගානේ මෙච්චර ගෙදර වගේ තියෙන කැන්ටින් එකටවත් එච්චර ගියේ නෑ.උදේට කැම්පස් එනවා.කොහේ හරි ගලක් උඩ වාඩිවෙලා ඉන්නවා.lecture යන්නෙත් නෑ.එහෙමම ආපහු දවල් වෙද්දී හොස්ටල්.කොල්ලො බැන්න හොඳටම.lecture යන්නේ නැතිනිසා.ඒත් මට යන්න තරම් මානසිකත්වයක් තිබුනෙ නෑ.course එකටත් එහෙමයි.යන්නම් වාලේ යනවා.අපේ කොල්ලන්ගේ suspend එකත් තාම ඉවර උනේ නෑ.ඒවත් එහෙම්මමයි.ඔහොම ඉන්නකොට තමයි අපේ super junior බැච් එක ආවේ register වෙන්න.ඒත් කලින් පාරවල් වගේ වලිනම් තිබුනෙ නෑ.දෙපැත්තෙම අය මට්ටු උනානේ.

    පැදුරත් ආවා.අපේම කොල්ලො ටිකක් තමයි music දුන්නෙත්.සාමන්‍යයෙන් 2nd year බැච් එක තමයි පැදුර කරන්නේ.

    ඊට පස්සේ senior බැච් එකේ going dwon එක.ඒකත් කරන්න ඕන 2nd year බැච් එක.සාමන්‍යයෙන් වසරකට 2nd year බැච් එකට තමා ගොඩක් වැඩ තියෙන්නේ.විශේෂයෙන්ම function වල වැඩ.ඒකට ලොකු fund එකක් හදන්න ඕන.ඒව තනිකර කරන්න ඕන 2nd yearsලා.going down ඒකේ music ඔක්කොම වැඩ කලේ මම.වෙලාවකට පුදුමත් හිතෙනවා මෙච්චර දෙයක් කොහොමද කරගත්තෙත් කියලා.

    http://sirakaruwa.blogspot.com/
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    "හිරගෙදර කියන්නේ දුප්පතාට ගෙයක්..
    හිඟන්නාට දන්සැලක්..
    උගතාට විශ්වවිද්‍යාලයක්
    " කියලා.
    ඒකනම් හරියට හරි.:yes::yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.


     
    Last edited: