සිරගත වුනෙමි

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේක ලියන්නෙ තනුජක අයිය දාල තිබුන " මොකද කියන්නෙ? කට්ටියම යමුද හිරේ?" කියන ත්‍රෙඩ් එක දැකල මතකයක් අළුත් උන නිසයි....

අපි ඉස්කෝලෙ යන කාලෙ අහල තියන කතා වල හැටියට හෙනම බයෙන් හිටියෙ හිරේ යනව කියන එකට.....වැඩිපුරම බයෙන් හිටියෙ පශ්චාත්භාගය ගැන කියන කුප්ප කතා අහල :lol:....මොනව උනත් සෙන *කනෙ........ :lol:

ඉතින් ඔහොම වටින් ගොඩින් අහපු කතා හින්ඳ බොහොම තදින් හිතේ තියාගෙන හිටිය මොනම මගෝඩි වැඩක් වත් කරන්නෙ නෑ කියල.....හිරේ යන්න තියන බයටම:yes:.......කොටින්ම කියනව නම් දෙතුන්සීයක් ඇවිත් බිම දාගෙන ගැහුවත් මං නං ඇඟිල්ලකින්වත් අයින්නෙ නෑ කියන මතයේ හිටියෙ...මොකෝ ඇනල එකෙක් මලොත් මං එපැයි හිරේ ලගින්න....:yes:


ඉතින් ඔහොම හිතාගෙන හිටියට පෙර කල අකුසල් මාව හොයාගෙන ආව හිර ගෙදරට එක්කන් යන්න...ඒ කිව්වෙ මෙන්න මෙහෙමයි.........මාව වැරදිකාරයා උනේ රිය අනතුරක් සිදුකිරීම/ පදිකයාට බරපතල තුවාල සිදුකිරීම යන හේතු වලටයි....(වැඩේට අදාල සිද්දිය නම් ගම් ස්ථාන නැතුව කෙටියෙන් කියන්නම්...මොකද මගෙ ඥාතියෙක් වත් කරුමෙට මේකෙ හිටියොත් මාව අඳුරගන්නව ):shocked:

ගම්පහ දිස්ත්‍රික්කයේ තැනකදි මගෙ අතින් මං පදවපු වාහනේ
පදිකයෙක් වැදුන....මං නොහිතපු වෙලාවක මගේ සයිඩ් එකේ ඉඳන් දකුනට ඒ මනුස්සය පාර මාරු උනා.... හිටි හැටියෙ පාර දෙපැත්ත බලන් නැතුව පැන්න කියහංකො....:growl::growl:

ඉතින් එදා ඉරිද දවසක්....මගෙ වාහනෙන් ම ඒ පුද්ගලයාව රොහල්ගත කරා..මට කිසි ගින්නක් නැතුව එයාව ඉස්පිරිතාලෙට ඇල්
තු කරල මාරුවෙන්න තිබුන..මොකද එයාගෙ ඔලුව වැදිල ලේ ගලනව..සිහිය තිබ්බෙත් නෑ..එ නිසා හදිස්සියට වාට්ටුවට ඇතුල් කරා විනා ලෙඩාව රෝහලට අරන් ආපු කෙනාගෙ විස්තර වත් ලියාගත්තෙ නෑ..ඉතින් මට ලේසියෙන් ලිස්සල යන්න පුලුවන්කම තිබුනත් මගෙ අතින් වෙච්ච දේ නිසා තියන මනුස්සකමට සහ පෙර කල පවට මං නොයා හිටිය හැප්පුනු මනුස්සයගෙ භාරකාරයෙක් එනකන්....:(

අනේ උං ආවෙම පොලිසියෙ උංගෙ බොක්කක් එක්ක....මං බස්නාහිර පළාතෙවත් එකෙක් නෙවෙයි......සිද්දිය උනේ ගම්පහ.....ඉතින් මොනා කරන්නද.... උං මාව බෙල්ලටම හිර කරා:(.....එදා ඉරිද නිසා උසාවි නෑ..... එදා රෑ පොලිස් කූඩුවෙ ලැගල ( එදා රෑ පොලිසියෙ ඇතුලෙ සිද්දිය වෙනම කතාවක් ලියන්න ඕනේ...පොලිස්කාරයො අතරෙ පොලිස් මහත්වරුත් ඉන්නව කියල දැනගත්තෙ එදා :yes:)පහුවදා උසාවි දැම්ම.... මගෙ කේස් එක හැන්ඩ්ල් කරපු පොලිස්කාරය කිව්වෙ අවුලක් නෑ බං ඇප දෙනව කියල...ඒ පාහරය අරුන්ගෙන් ගානක් ගලවල මාව හිර කරල:growl:....අනික හැප්පුන එකාට සිහිය නෑ තාම.....

ඉතින් නෑදෑ මාපිය සෝ සුසුම් මැද්දෙ කොල්ල දවස් තුනකට රක්ෂිත බන්ධනාගර ගතකෙරුන කියහංකෝ:(.... එතකොට මගෙ වයස 24 යකෝ....ඇඬුන කියන්නෙ හොඳම එකෙන්....මාංචු දාල වැලට අමුණල මාව අරගෙන යන දිහා බලාගෙන අම්ම අඬපු විදිය ජීවිතේට අමතක වෙන්නේ නෑ:(.....ලොකු කඳුලකුත් එක්ක ඉකියක් උගුරෙ අගිස්සෙම හිරවෙලා එලියට පනින්න ඔන්න මෙන්න තිබුනත් මං ගෙදර අයට පේන්න ඒක එලියට දැම්මෙ නෑ....බන්ධනාගාරෙට අරන් යන්න එන බස් එක එනකන් අපිව රඳවල හිටපු රූම් එකට දාපු ගමන් ඒ සේරම පුපුරල ගියේ මටවත් හිතාගන්න බැරි විදියට...හිතේ තිබුනු දුක හේදියල යන්නම ඇඬුව එතනදි:sorry:.......

කලින් අහල තිබුන කතා වල හැටියට දැන් ඉතින් හිත හදාගන්නව ඉස්සරහට එන පැය කීපයෙන් පස්සෙ එළඹෙන වාතාවරණයට මුහුණදෙන්න...මොන....මතක් වෙද්දිත් ඇඬෙනව....පළවෙනි වතාවට හිරෙට යන කොල්ලෙක් ගැන හිතපල්ලකො.....

කොහොම හරි මට සෙට් උනා අයිය කෙනෙක් එදා ඇතුලෙ ඉඳන් නඩුවට ආපු...ඌට ඇප ලැබිල නැතුව පොරත් ආපහු ඇතුලට යන්න ඉන්නෙ...ඉතින් පොරව කතාවට අල්ල ගත්ත...බලද්දි මිනිහත් නිරපරාදෙ මාස තුනක් විතර ඇතුලෙ ලගින එකෙක්...යාළුවෙක් එක්ක වලියක් ගිහින් මූ කනට ගහල...අරූ දවස් තුනකට පස්සෙ පපුවෙ අමාරුවක් හැදිල මැරිල....මැරිච්ච එකාගෙ උන් පැමිණිල්ලක් දාල මූ ගහල මැරුනෙ කියල.....ඉතින් නඩුව යනකන් අරූ ඇතුලෙ...

බන්ධනාගාර බස් එක එනකන් මිනිහ මගෙ හිතේ තිබුන බය සෑහෙන්න අඩු කරා ඇතුලෙ විස්තර කියල දීල....බුවා අඳුරන ඩොකෙක් අල්ලගෙන ඒ මාර්ගෙන් බන්ධනාගාර රෝහලේ තමයි ඉන්නෙ......මට කිව්ව පුලුවන් නම් ලෙඩක් දාල වරෙන්, උඹට නම් වාට්ටු වල ඉන්න බැරිවෙයි, ගෙවල් වල සැපට හැදිල මේ ජරාවෙ ඉන්න බෑ කියල....ඉතින් මං ඒකත් හිතෙ තියාගෙන බන්ධනාගර බස් එකෙන් ඇවිත් පෝලිමට බැහැල පිරික්සුම් කාමරේට ගියා.... කියන්න අමතක උනා...මේ මහර බන්ධනාගාරය....:yes:

පිරික්සුම් කාමරේට යනකොට වැඩිය සෙනග නෑ:)....ඉතින් අවුලක් නැතුව මාත් ඉන්නව යකෝ හිතුවට වඩා හොඳයිනෙ මේක කියල හිතාගෙන....ඔන්න ටිකෙන් ටික වෙලාව යනකොට බස් හතර පහකින් කට්ටිය එන්න ගත්තෙ නැද්ද.....කොහොමහරි සීයක් දෙසීයක් විතර එක කාමරේට හිර වෙලා ඉන්නකොට පැනල යන්න හිතෙන තරම්..:(

දාඩිය ගඳයි, බීඩි ගඳයි, තව එහෙන් මෙහෙන් දාන සද්දයි, මැර පාට් තියන පච්ච කෙස් ගස් වලත් එක්ක ගහගත්තු එවුනුයි....උඹල අඹ යහළුවෝ නාට්ටිය බලල ඇතිනෙ......ඒකෙ ඉන්න සුදු අප්පො මතකද... මං අන්න ඌ වගේ:lol:.......ඉතින් මේ වගේ මැරෑටි සෙට් එකක් මැද්දෙ ඉද්දි ආයෙ කියන්න දෙයක් නෑ නෙ....

කොහොම හරි ඔන්න එක එකා අරන් චෙක් කරල නම බලල ඇතුලට යවනව.....අළුත් උන්ට අංකයක් දෙනව....ඒක මතක තියාගන්න ඕනෙ අහන වෙලාවට කියන්න ඇතුලෙ ඕනම තැනකදි...අමතක වෙලා තිබුනොත් ජේලර්ගෙන් කාරුණික කනේ පහරක්.....නම අඬගහද්දි හයියෙන් කිව්වෙ නැත්නම් ඒකටත් පුරවල කනේ පාරක්....:)

ඔන්න ඕව ඔක්කොම කරල අපිව දැම්ම ගේට්ටුවෙ ඇතුලට.....වෙලාව 6:30 විතර ඇති....ගේට්ටුවෙන් ඇතුල්වෙනකොටම තියෙන්නෙ " සිරකරුවෝද මනුශ්‍යයෝය " කියල ගහල ලොකු අකුරින්.....

මාත් එක්ක ආපු කලින් මං කියපු පොර මාවත් එක්කන් ගියා කුස්සි කාමරේට...දැන් කන්න දීල ඉවරයි...කෙලින්ම වාට්ටුවට ගියොත් උඹට උදේ වෙනකන් ඉන්න වෙන්නෙ බඩගින්නෙ...එහි
න්ද කාල යමං කියපි....කනව තියා වතුර උගුරක් බොන්නවත් හිතක් නෑ......මොනව කරන්නද ඉතින්...ඔන්න අරූ කෑම එක බෙදනව....ලොකු සාස්පාන් වල,හැළි වල බත් ව්‍යංජන ඇරලතියනව...බතුයි, සෝයා හොද්දකුයි තිබ්බෙ....ලුණු පොදක් නෑ....කටවල් දෙකයි කෑවෙ.... අනිත් පොර කියනව ඔහොම තමයි බං මෙහෙ කෑම කියල.....කොහොම හරි කාල වතුර උගුරක් බීල එලියට ආව....

එනකොට දොර ගාව ගලවල ගිය සෙරෙප්පු දෙක එකෙක් උස්සල....හැබැයි වටේ පිටේ හිටපු හැම හිරකාරයෙක්ම ඇවිත් හෙව්ව කෑ ගහ ගහ...මොකාද යකෝ සෙරෙප්පු දෙක උස්සපු බල්ල කිය කිය.... මෙච්චර දේවල් වෙලා තියෙද්දි සෙරෙප්පු දෙකත් ඔහේ නැතිවෙච්චාවෙ කියල හිතුන.....:(

එතනින් එළියට ඇවිත් මට යන්න තිබුනෙ අළුතින් ආපු අයට වාට්ටු වෙන් කරල දෙන ජේලර් ගාවට....මත් එක්ක ආපු අයිය පී එච් එකට එහෙමත් නැත්නම් ප්‍රිසන් හොස්පිට්ල් එකට ගියා..මං ආයෙත් තනියම අඳුරන කියන එකෙක් වත් නැති හිර ගෙදරක:(..... ඔන්න ජේලර් ඇවිත් අපි ආපු උසාවි වල හැටියට පොලිම් ගස්සල එක එක වාට්ටු වලට වෙන් කරා....දැන් වාට්ටූවට යන වෙලාව....

අඩි 50 60ක් දිග ලොකු හෝල් එකක් ගාවට ගිහින් දොර ඇරල ඇතුලට දැම්ම...හප්පා..:shocked: සූ ගාල සෙනග....300ක් විතර...නිකන් මියුසිකල් ෂෝ එකක් වගේ.......හිතා ගන්න බෑ කොහේ නවතින්නද, ඉන්නද කියල.....

මලගෙදරක දානෙ ගෙදරක ගිහිල්ලවත් සෙනග ගොඩේ ඉඳගන්නෙ නැතුව පැත්තකින් වාඩිවෙන මට මේක ඇතුලෙ උන් ඉන්න විදිය දැක්කම හීන් දාඩිය දැම්ම....වෙන දෙයක් වෙච්චාවේ කියල ටිකෙන් ටික ඇතුලට ගියා....

හෝල් එකේ දෙපැත්තෙන් බෝඩරයක් තියනව..මැදින් තියෙන්නෙ යන එන පාර....දෙපැත්තෙ බෝඩර් දෙක අඩි 10x10 වගේ කොටු කොටු වෙන් කරගෙන ඉන්නව කණ්ඩායම් හැදිල.....

පොසොන් එකට අපාය බලනව වගේ මං ඇස් දෙකත් ලොකු කරගෙන වට පිට බල බල අඩිය දෙක ඉස්සරහට ඇවිදගෙන යනකොට මැද හරියෙ එකෙක් කතා කරා.. :shocked:මල්ලි මොකක්ද කේස් එක කියල ඇහුව...රැවුල මූන පුරා වවාගත්තු කලු කොට බුවෙක්....

මට උසාවියෙදි කතා කරපු අයිය කිව්වෙ මොකා කතා කරත් ඇඹරෙන්නෙ නැතුව කතා කරපන් මල්ලි...නැත්නම් මේකෙ ඉන්න බෑ කියල...ඉතින් ඕකත් හිතෙ තියන් මං වෙච්ච සීන් එක මේ පොරට කිව්ව....සිද්දිය කියද්දි කොච්චර හිත හයිය කරගෙන හිටිය ඇඬෙන්න එනව.....උසාවියෙන් මාංචු දාල එළියට ගන්නකොට මුළු උසාවියටම ඇහෙන්න අම්ම අඬපු හැටි මතක් වෙනකොට ඉබේම මටත් ඇඬෙනව.....අමාරුවෙන් වචන හිර වෙවී මං විස්තරේ කිව්වාම අරූ පොඩ්ඩක් සැර අඩු කරල කතා කරන්න පටන් ගත්ත....:eek:

ඌ කිව්ව උඹට ඊළඟ නඩු වාරෙදි ඇප ලැබෙයි.... ඕව පොඩි කෙස් නෙ..අවුලක් නැතුව හිටපන් එතකන් අපේ බෝඩරේ කියල.....මාත් පාඩුවෙ අයිනක් අල්ලන් වාඩි උනා...

ඒ බොඩරේ හිටියෙ කුඩු කේස් වලට ආපු 6ක් විතර අරුත් ඇතුලුව..ඌ තමා ලීඩර්..තව මිනී මැරුම් නඩු යන දෙන්නෙකුයි, සල්ලි කේස් එකකට නඩු යන බිස්නස් කාරයෙකුයි..... හිතාගෙන හිටිය තරම් නරක නෑ වගේ පෙනුනත් මේක අපායක්මයි කියලයි හිතෙන්නෙ..

තව දවස් තුනක් මේකෙ කොහොම ඉන්නද කියල හිතෙනකොට ප්‍රිසන්බ්‍රේක් එකක් කරන්න හිතෙනව....වැලි දූවිලි අඩුවක් නෑ.... ගොඩක් උන්ට ඕනේ කුඩු ගහන්න....තැන් තැන් වල සෙට් වෙලා කුඩු ගහනව.....පුදුම හිතෙනව.. එළියට වඩා කුඩු ඇතුලෙ.....අත පය වකුටු කරගෙන ඉඳගෙන ඉන්නවත් ඉඩක් නැති එකේ නිදාගන්නෙ කොහොමද කියල හිතෙද්දි තරු පේනව....

මට මතක් උනා මේ අතරෙ උසාවියෙ ඉඳන් එද්දි මාත් එක්ක ෆිට් උන අයියා කියපු කතාවක්....පොර කිව්ව මල්ලි උඹට නම් වාට්ටු වල ඉන්න බැරිවෙයි....ජරාව, අපිරිසිදුයි...පුළුවන් නම් උණ ගැනිල ඉන්නෙ කියල පී එච් එක පැත්තෙ වරෙන් කිව්ව...මාත් ඉතින් කල්පනා කරල ගැහුව ප්ලෑනක්...:yes:

කියල නම් මලාට මේකෙන් එළියට යන්න බෑ...දරුණු ලෙඩක්ම තියෙන්න ඕනේ...වටේටම ඉන්න උන් කුඩු, ගංජ උරනව..තව දුම්කොල කෑළි පත්තරෙන් ඔතල බීඩිය වගේ හදල ගහනව..ඒකට කියන්නෙ ලොකල් කියල.....ඉතින් තනිකර දුමාරෙන් පිරිල හෝල් එකම.....

මට පොඩ්ඩක් සෙම තියනව..එත් අවුලක් වෙලා නෑ මලාවට....මගේ ගණදෙවි නුවණ පහල කරගෙන පොඩ්ඩක් හතිය එහෙම නෑත්නම් වීස් එක වගේ පොඩි ඇක්ට් එකක් දුන්න....ටිකක් හයියෙන් හුස්ම ගත්ත...... හුස්ම ගන්න අමාරු බව පෙන්නුව....;)

වටේ හිටපු එකා දෙන්න මේක දැකල ඇවිත් අහනව මල්ලි උඹට අමාරුයි වගේ නේද...මේක ඇතුලෙ තියන දුමට ඉන්න බෑ බං අරකයි මේකයි....මාත් දැං ටිකෙන් ටික ලෙඩේ උත්සන්න කරනව....;)

දැං ගන්න හුස්ම පහලට හෙලන්නෙ සෑහෙන වෙලාවක් අල්ලන් ඉඳල.....ඒ අතරෙ පපුව අල්ලන් ඇස් ලොකු කරන් දත්මිටි කාගෙන ඉන්නව......ඇස් උඩ යනව..කට ඇරෙනව;)...වටේ ඉන්න මැරයො, කුඩු කාරයෝ බය වෙලා බලන් ඉන්නව...කොල්ලට අමාරුයි බං..කාමර පාටිට කියපන්, ජේලර් මහත්තයට කතා කරපන් උපදෙස් ගොඩයි..

ඒ අස්සෙ එකෙක් සිද්ධාලේප එකකුත් ගෙනත් දුන්න ගාගනින් මල්ලි මේක අඩුවෙයි කියල.....මාත් ඇරු කියල සිද්ධාලේප උලනව ඇඟ පුරා.... සිද්ධාලේප ගාල පොඩ්ඩක් දැවිල්ල ඇල්ලුව වගේ නෙවෙයි නෙ මේ අපායෙ ඉන්න ගියාම....:lol:

දැන් ලෙඩේ උපරිම හරියෙ..වචන පිට වෙන්නේ නෑ..කෙල බේරෙනව කටින්....ඇස් එලියට පනින්න තරම් ලොකු කරගෙන මත් ෆුල් ඇක්ටිං පාරක් දෙනව....:yes:ළඟ හිටපු උන් දෙතුන් දෙනෙක් රෙදි උස්සගෙන දිව්වෙ දොර ගාවට....ගිහින් කෑ ගහනවයි, යකඩ දොරට ගහනවයි එක විකාරයයි..

"ජේලර් මහත්ත්යෝ...මෙන්න මේ කොල්ලට හතිය හැදිල අමාරුයි"
කෑගානව......ක්ෂනිකව ජේලර් කෙනෙක් ඇවිත් දොර ඇරල මාව එලියට අරන් එන්න කිව්ව.....

මං ඉතින් ඇවිදගන්නත් බෑ වගේ විසි වෙවී යන්න හදනකොට වටේ හිටපු කොල්ලො තුන් දෙනෙක් මාව උස්සල ගත්ත පී එච් එකට අරන් යන්න....කොල්ලට අමාරුයි බං ඇවිද්න්නවත් බෑ කියල.....

දැන් මෙහෙම හිනා ගියාට පට්ට දුක හිතුන ඒ මිනිස්සු ගැන...කුඩු , ගංජ ගහල, මිනී මරල හිරේ ආවට අඩුවක් නැතුව මනුස්සකම ඒ මිනිස්සු ලඟත් තිබුන කියල දැනුනෙ මේ සීන් එකෙන්.....පාරක වැටිල හිටියත් අහක බලාගෙන යන මිනිස්සු ඉන්න රටේ එදා එතන හිටපු හැම කෙනෙක්ම වගේ ඇවිත් ඇහුව බැලුව මොකද අසනීපෙ කියල....ඒ වගේම මට ඇවිදින්න අමාරුයි වගේ ඉන්නකොට උන් දෙපාරක් හිතන් නැතුව උස්සල ගත්ත පී එච් එකට අරන් යන්න.....වැරදිකාරයො උනාට ඒ අතින් ඒ මිනිස්සු ඉහලයි.....:yes:

ඉතින් ඔහොම උස්සන් ගිහින් මේල් නර්ස්ලා ඉන්න තැනින් මාව බිමින් තිබ්බ...දැන් එතන කට්ටිය වට වෙලා අහනව මොකද ලෙඩේ අරකයි මේකයි..

එතනට ආපු මේල් නර්ස් කෙනෙක් අඩි හප්පල ඇහුවෙ නැද්ද තොට කුඩු සික් එක නේද කියල.....අප්පට හුඩු මට දෙලොව පොල් පෙනුන:shocked:....නඩු නැතුවට නඩු වැටෙන්නයි යන්නෙ..මං බොරුවට හුස්ම ඇද ඇද විස්තරේ කිව්ව....හොරකම් කරල . මිනී මරල, කුඩු ගහල එන උන්ට වඩා පොඩි සැලකිල්ලක් තියනව රිය අනතුරක් නිසා ආව කිව්වම...අනික මගෙ කුඩු පෙනුමක් පේන්න නෑ ලොවෙත්.......

මං තාම බිම ඉඳගෙන බිත්තියට හෙත්තු වෙලා හුස්ම ගන්න හෙන ට්‍රයි එක දෙන ගමන් ඉන්නෙ....ඇත්තටම ඒ වගේ වෙලාවකදි විනාඩියක් හමාරක් හුස්ම අල්ලන් ඉන්න එක ගේමක් නෑ තියන වට පිටාව සහ ඒ වෙලාවට ඉන්න මානසික මට්ටම අනුව.....

ඉතින් මේල් නර්ස් මහත්තය විස්තර සියල්ල අහල සැදී පැහැදී මට බෙහෙත් පෙති දෙකක් ගෙනත් දුන්න බොන්න කියල...... දැන් ඉතින් ලෙඩේ මවාපෑමක් උනාට බෙහෙත් නොබී ඉන්න බෑ නේ....අර අපායෙ ඉන්නවට වඩ බෙහෙත් විස වෙලා මලත් කමක්නෑ කියල ගැහුව බෙහෙත් පෙති දෙක දුන්නු පමාවට.....:lol:

ඉතින් මේල් නර්ස් මහත්තුරු එක එක ඒව කියල මාව යතා තත්වයට ගේන්න කටයුතු කරා...ඒ කිව්වෙ එයාල හිතුවෙ මට වීස් එක වැඩි උනේ වාට්ටුව ඇතුලෙදි කුඩු, ගංජ් දුම වැදිල සහ මේ පරිසරයට තිබුනු නුහුරු බව නිසා කියලයි.....එතන ළඟම තිබුනු වාට්ටුවට කතා කරල මාව ඒකට ඇතුල් කරා...

ඒකනම් පට්ට පිරිසිදුයි.....ටොයිලට් දෙකක් වෙනම තියනව....වතුර ටැංකියකුත් තියනව....ඇඳන් 20 ක් විතර තිබුනට ලෙඩ්ඩු හිටියෙත් 8ක් විතර....මාව ගෙනියපු ගමන් දැම්මෙ ඔලුව පැත්තෙන් එජස් කරන්න පුලුවන් විදියෙ ඇඳකට..... හාන්සිවෙලා ඉන්න පුලුවන් සයිස් එකට ඒක හදල තිබුන......ඒත් තාම මට හුස්ම ගන්න බැරි අමාරුව තිබුන..බෙහෙත් බිව්ව කියල එක පාරට ලෙඩේ අඩු කරන්නත් බෑ නේ:lol:.....

ලෙඩෙත් පෙන්නන ගමන් මට හිතුන ඇඟ පොඩ්ඩක් හෝද ගත්තොත් හොඳයි කියල.....මොකද ගෙදර ඉන්නකොට දත් මැදල, ඇඟ පොඩ්ඩක් හෝදල තමයි නින්දට යන්නෙ...ඉතින් අමාරුවෙන් කකුල් වාරු කරගෙන මං තුවායත් අරන් වතුර ටැංකිය තිබ්බ පැත්තට කිට්ටු කරනකොටම හෙන සද්දෙන් එකෙක් කෑගැහුව... :shocked:

" කොහෙද යකෝ යන්නෙ " කියල..
මං අමාරුවෙන් වචන ඇද ඇද කිව්ව

"ඇහ්.. ඇහ්. ඇඟ ප් පොඩ්ඩ් අහ් හෝදගන්න අයියෙ" කියල.....
අන්න එතනදී.... අරූට මාරයා අවේශ උනා.

" තෝ හිතුවද යකෝ මේක ගෙදර කියල හිතෙන හිතෙන වෙලාවට ඇඟ හෝදන්න...හෙට උදේ වෙනකන් ඔච්චරයි වතුර තියෙන්නෙ හු**... ඇවුත් බුදියපිය යකා අවුස්සන් නැතුව...."

ඒ තමයි ඒ වාට්ටුව බලාගන්න කාමර පාටි....
මං ආයෙත් බල්ලා සේ ඇවිත් ඇඳේ ඇල උනා:lol:.....

දෙතුන් දෙනෙක් ඇවිත් විස්තර ඇහුව....උන් ටිකක් කතා කරල ගියා නිදියපන්...උඹට කතා කරොත් ආයේ වැඩිවෙයි කියල.....

ජීවිතේ පළමු වතාවට හිර ගෙදරක රැය පහන් කරන්න ඒ විදියට සුදානම් උනා....නෙට් එක දාල, බෙඩ් ශීට් දෙකක් විතර ඇඳට එලල, පොරවන්න වෙනම ශීට් එකක් තියගෙන ගෙදර නිදාගන්න එකාට මුකුත්ම නැතුව ඇඳගෙන හිටපු ඩෙනිම පිටින් ම රැය ගෙවන්න වුනා...කොට්ටයක් නොතිබුන ඒ ඇඳේ නිදාගන්න කියල ඔළුව තියනකොටම මතක් උනේ ගෙදර....අම්ම, තාත්ත......:no:හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර මුළු ඇස් දෙකම කඳුලු වලින් ඉතිරිල ගියා....පලමු වතාවට හිර ගෙදරක රැය පහන් කරන කෙනෙකුට මේ හැඟීම නම් අනිවාර්යෙන් දැනෙනව ඇති......:yes:

මදුරුවො පොකුරු පිටින් කෑවත්, ඉරිද දවල් ඉඳන් සඳුද රෑ වෙනකන්, ඒ කියන්නෙ මේ මොහොත වෙනකන් හරියට කෑමක් බීමක් වත් නැතුව හිටියත් ඒ හැමදෙයක්ම යටපත් කරගෙන ගෙදර, අම්ම තාත්ත මතක් වෙද්දි හිතේ නැගෙන වේදනාව රිදුම් දෙනව:no:....මතක් වෙන වාරයක් වාරයක් පාසා කඳුළු එනව නොදැනීම.....නින්ද අහලකටවත් එන්නෙ නැති ජීවිතේ ගෙවපු දිගම රෑ ඒ විදියට නිදි වර්ජිතව ගත කරන්න උනා.....:(

දිගම දිග රැයකින් පස්සෙ පහුවදාට එළි උනා...උදේම තේ පාටි එනව..5 ට විතර...කට්ටිය තම තමන්ගෙ කෝප්ප අරගෙන වාටුවෙන් එළියට ගිහින් තේ සහ සීනි ඉල්ල ගන්න ඕන.... එහෙම ගිහින් බෙල් එක ගැහුවට පස්සෙ දොරවල් අරිනව.... මූන හෝදගෙන, ටිකක් එහෙ මෙහෙ ඇවිදල එන්න පුළුවන්......

ඔන්න මාත් මූණ හෝදන්න යන්න හදනකොට කාමර පාටි කිව්ව ඉක්මනට ගිහින් වරෙන් දැන් ඩොක්ට එනව ලෙඩ්ඩු බලන්න කියල...ඔන්න එතකොට තමයි මට තරු පෙනුනෙ...බොරු වීස් එකක් පෙන්නල හිරකාරයෝ මේල්නර්ස්ල ඇ
න්ඳුවට මං කොහොමද දොස්තරගෙ නලාවට බොරු කරන්නෙ:shocked:....එහෙම උනොත් ආයෙත් පල්ලෙහා වාට්ටුවලට තමයි හොස්පිට්ල් එකෙන් ටිකට් කැපිල....

මොනා උනත් ඒ අපායෙ නම් ඉන්න බෑ.....ගැහුව ඒකටත් ප්ලෑනක්;)....මූන හෝදන්න ගිහින් වතුර දෝතක් අරගෙන මූණ හොදනව වගේ මූණට ලං කරල ඇද්ද නහයෙන් ඉහලට.....හුස්ම ගන්න නහයෙන් වතුර අදිනකොට කොහොමද කියල හිතගන්න පුළුවන් නේ.....ඒ ටික ඇති මට හෙම්බිරිස්සා ගතියක් ගන්න.....

ආපහු වාට්ටුවට ආවම බත් ගේනව....අනිත් වාට්ටු වල වගේ නෙවෙයි හොස්පිට්ල් ඒකේ දොර ළඟටම බත් ගෙනල්ල දෙනව:).....ලෙඩ්ඩු ඉන්න නිසා..... බත් කිව්වට උදේට පොල් කුඩු වලින් හදපු සම්බෝලයි බතුයි.....කෑම එපා වෙනව ඒකට:(.....අමාරුවෙන් ක
ක් දෙකක් කාල ඉන්නකොට මෙන්න දොස්තර මහත්තය එනව.....

මාත් පෝලිමේ හිටිය ඒ අසනීප ගතියෙන්ම....මගේ වාරේ ආපුවාම නලාව පිටටයි පපුවටයි තියල කිව්ව හොඳට හුස්ම ගන්න කියල..කියන පමාවට මාත් හුස්ම ඉහලට ඇද්ද.. පහල දැම්ම..හැබැයි ටිකක් අමුතු ක්‍රමේකට....හුස්ම ඉහල පහල අදිනකොට මං උගුර ඇතුලෙන් පොඩි සද්දයක් දානව;)....උගුරෙ සෙම බැඳුනාම එන්නෙ..අන්න ඒ වගේ.....එතකොට සද්දෙ එන්නෙ හතිය තියන කෙනෙක් හුස්ම ගන්නකොට එන රූං සද්දෙ....බලපු ගමන් කිව්වෙ දවස් තුනක් විතර යනකන් බෙඩ් රෙස්ට් කරන්න....වතුරෙන් පරිස්සම් වෙන්න කියල...බෙහෙත් හෙන ගොඩාරියක් ලිව්ව.....:)

ලෙඩක් නැතත් බෙහෙත් බොන්න සිද්ද උනා තුන් වේලටම..ඒ බෙහෙත් වලට ඇඟ මාර විදියට වේලන්න ගත්ත....ඒ දවස් තුනේ කරේ වැඩිපුර වතුර බීපු එක බෙහෙත් සැර කැපෙන්න.....දොස්තර හැම දාම උදේට එනව...මාත් රඟපෑම ඒ ලෙසටම කරනව...... ඒ වෙලාවට පට්ට බයක් දැනෙන්නෙ ටිකට් කපයි කියල..කැපුවොත් ආයෙත් අර ජරා වාට්ටුවට යන්න වෙනව.....:(

මං හිටපු වාට්ටුවට අල්ලපු එකේ හිටියෙ මට උසාවියෙදි අයියත්....බුවාට හිනා මං දාපු ලෙඩ පාට් එකට....ජීවිතේට එහෙම බොරුවක් කරාමයි...නොකරත් බෑ නෙ අර අපායෙන් ගැලවෙන්න....ඔහොම හිමින් හිමින් දවස් තුන ගෙවිල ගියා..ඒ අතරෙ ගොඩක් අය දැන අඳුනගත්ත....ගොඩක් පාඩම් ජීවිතේට ඉගෙන ගත්ත.....

මේ දවස් තුනෙන් පස්සෙ නඩුව තිබුනත් මට එදාම ආයෙත් එන්න වෙනව තවත් දින හතරක් බන්ධනාගාරයට...ජජ් ඇප ප්‍රතික්ෂේප කරා හැප්පුන කෙනාට තාම අඩුවක් නැති නිසා....:growl:

ඒ ආපුවාම නම් එක රැයක් සාමාන්‍ය සිරකරුවන් ඉන්න වාට්ටුවෙ ඉන්න සිද්ද උනා..ඇවිත් නතර උනේ
ත් පළමු දවසෙ නැවතුන බෝඩරේමයි.....එළියෙදි අහපු තරම් ඇතුලෙ එහෙම දරුණු සීන් තිබුනෙ නම් නෑ....

එපාම කරපු වැඩේ නිදියන්න බැරි එක:(.....අළුතින් එන අයට නිදියන්න දෙන්නෙ බෝඩර් දෙකට මැද්දෙන් තියන එහා මෙහා යන පොඩි තීරුව..ඒකෙත් නිදියන්නෙ දෙපැත්ත මාරුවට....මගෙ ඔලුව ගාව එහා එකාගේ කකුල් දෙක..මගෙ කකුල් දෙක උගෙ ඔලුව ගාව.... නින්ද නොගියත් එහෙම ඉන්න වෙනව එලි වෙනකන්..හිටගෙන ඉන්නව දැක්කොත් බැනුම්...

අනිත් එක රෑට ටොයිලට් යන උන් යන්නෙ ඒ නිදගෙන ඉන්න පාරෙන්...අපේ ඇඟවල් උඩින් පැනගෙන...එනකොට වගේම ආපහු යනකොටත් පෑගෙනව හොඳ හැටි.......කියන්න ඕනෙ නෑ නෙ ටොයිලට් ගිහින් එන එකෙක්ගෙ කකුල් වලට පෑගෙන එක මොන තරම් අප්‍රසන්නද කියල:no:.....

කොහොම හරි පහුවදා උදේ හොස්පිට්ල් එකෙන් පොරක් ඇවිත් මගෙ නම කතා කරා..බලද්දි මගෙ ටිකට් කැපිල නෑ....දෙවියන්ගෙ පිහිටෙන් ඉතුරු දවස් හතරත් හොස්පිට්ල් එකේම ඉඳල එළියට ආව..ඒ දින ටිකේ අත්විඳපු අත්දැකීම් නම් අප්‍රමානයි.....හිර ගෙදරදි අහපු වාක්‍යක් හොඳින් මතකේ තැන්පත් වෙලා තියනව....

"හිරගෙදර......
දුප්පතාට දන්සැලකි....
මෝඩයාට කෙළිබිමකි....
බුද්ධිමතාට සරසවියකි....
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
patta machan,, ada hira gedara katha godak kiyowwa rep+++


තනුජක අයියගෙ ත්‍රෙඩ් එක කියවනකොට තමයි මටත් හිතුනෙ මේටික කියල දාන්න ඕනෙ කියල මචං....:yes:
නැත්නම් හෙන ලැජ්ජාවෙන් හිටියෙ හිරේ ගියා කියන්න:lol:....

ලැබුන අත්දැකීම් නම් ගොඩක් තියනව ඒ ගමනෙ..... මට ලියන්න තාම පුරුදු නෑ මචං දිග ලිපි..මේක ලිව්වෙ දවස් දෙකකට
....
 
  • Like
Reactions: chathu4742

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
machan mokada ithin anthimata naduwata une ?melo wicharayak nathiwa para panina minissu nisa hoda riyaduro unath amaruwe watenawa.oka une kaha irakadida ?
Ubata thibune thuwala una ekkenawa hospital ekata dala gedarata kiyala kohoma hari karala lawyer kenek set kara ganna.
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ, මේක මට වුනා වගේ දැනෙන්නේ බන් කියවගෙන යද්දී. මම එළකිරි එකේ කියවපු සංවේදීම thread එක බන්. කියන්න වචන නෑ....

    කරන්න පුළුවන් එකම දේ REP දෙන එක විතරයි මචන්. REP 7+
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    machan mokada ithin anthimata naduwata une ?melo wicharayak nathiwa para panina minissu nisa hoda riyaduro unath amaruwe watenawa.oka une kaha irakadida ?
    Ubata thibune thuwala una ekkenawa hospital ekata dala gedarata kiyala kohoma hari karala lawyer kenek set kara ganna.


    නඩුවෙදි එයාට වන්දියක් දෙන්න උනා මචෝ....30000ක්......:yes:

    ඒ සිද්දියෙන් පස්සෙ මං වාහන පදවන එක උපරිම අඩු කර..නොයාම බැරි ගමනක් තිබුනොත් යනව ඇරෙන්න........:no:

    කහ ඉරක් තව ඉසසරහින් පෙන්න තියෙද්දි බං මේ යකා ඊට ගොඩක් මෙහායින් පැන්නෙ...:growl:

    අන්දුරන්නෙ නැති පලාතක් නෙ බං...ලෝයර්ල ඊට හපන්....
     
    • Like
    Reactions: simpleboy

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ, මේක මට වුනා වගේ දැනෙන්නේ බන් කියවගෙන යද්දී. මම එළකිරි එකේ කියවපු සංවේදීම thread එක බන්. කියන්න වචන නෑ....

    කරන්න පපුළුවන් එකම දේ REP දෙන එක විතරයි මචන්. REP 7+


    රෙප් වලට දාස් ගුණේකට වඩා උඹලගෙ වචන වටිනව මචං.......

    තව සංවේදී සිදුවීම් ගොඩක් තියනව මචං.... දිග වැඩි වෙන නිසා ලිව්වෙ නැත්තෙ....ඒවත් හෙට දිහාට පෝස්ට් කරන්නම්......
    ඇතුලෙ ඉන්න සමහර මිනිස්සුන්ගෙ ජීවිත ගැන අහපුවාම කළකිරෙන සීන් තියෙන්නෙ මචං.......:(

    ජීවිතේ එක වතාවක් හරි මිනිහෙක් හිර ගෙදරකට යන්න ඕන මචං ම
    හිතෙන විදියට....අපි ජීවත්වෙන ලෝකෙ ඇතුලෙ තියන වෙනම ලෝකයක් හිරගෙදර කියන්නෙ....
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල


    රෙප් වලට දාස් ගුණේකට වඩා උඹලගෙ වචන වටිනව මචං.......

    තව සංවේදී සිදුවීම් ගොඩක් තියනව මචං.... දිග වැඩි වෙන නිසා ලිව්වෙ නැත්තෙ....ඒවත් හෙට දිහාට පෝස්ට් කරන්නම්......
    ඇතුලෙ ඉන්න සමහර මිනිස්සුන්ගෙ ජීවිත ගැන අහපුවාම කළකිරෙන සීන් තියෙන්නෙ මචං.......:(

    ජීවිතේ එක වතාවක් හරි මිනිහෙක් හිර ගෙදරකට යන්න ඕන මචං ම
    හිතෙන විදියට....අපි ජීවත්වෙන ලෝකෙ ඇතුලෙ තියන වෙනම ලෝකයක් හිරගෙදර කියන්නෙ....


    ඔව්. ඒ යන්න ඕනෙත් උඹලා වගේ සංවේදී මිනිස්සු මචන්. උන් තමයි ජීවිතේ තේරුම් අරන් එන්නේ ගිහිල්ල.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මෝ..පුදුම අත්දැකීමක්..හතුරෙකුටවත් මේ විදිහට හිරගෙදරක ඉන්න සිද්ධවෙන්න එපා..නියමෙටම ලියලා තියෙ..ඇස් වලට කඳුලුත් ආවා..:)tfsrep added.
     
    • Like
    Reactions: RIDER89