රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ඉල්ලා අස්වූයේ රවී

waligamaya

Well-known member
  • රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ඉල්ලා අස්වූයේ රවී

    රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ඉල්ලා අස්වූයේ රවීගේ බලපෑමෙන්ද?



    regu.jpg


    රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ජගත් පී. විජේවීර මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (25) දිනයේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත භාරදුන් බවත් අතිශය පුද්ගලික කාරණාවක් නිසා මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඒ මහතා 2012 වසරේ දෙසැම්බර් 03 වැනි දින රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාරගනිමින් වසර 02 යි මාස 05 කට අධික කාලයක් එම ධුරයේ කටයුතු කළේය. රේගු මුල් පුටුවට පැමිණීමට පෙර ඔහු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළේය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට තවත් කාලයක් ඉතිරිව ඇති බැවින් ඉදිරියේ වෙනත් සුදුසු ධුරයක වැඩ භාර ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.
    ජගත් පී. විජේවීර මහතා රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස පත්වීමෙන් පසුව රේගුව හරහා ක්‍රියාත්මක වූ මහාපරිමාණ මත්කුඩු ජාවාරම ඇතුළු තවත් ජාවාරම් රැසක තොරතුරු හෙළි කරගැනීමටත් එම නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීමටත් අත්අඩංගුවට ගැනීමටත් මූලිකත්වය ගෙන තිබේ.
    රේගු අභ්‍යන්තර තොරතුරු අනුව අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ මහා පරිමාණ කරුංකා ජාවාරම මැඩපැවැත් වීමට මූලිකත්වය ගැනීම බව පැවසේ. රේගු ආඥා පනත උල්ලංඝණය කරමින් මෙරටට ඉන්දුනිසියාවෙන් ආනයනය කර තිබූ මෙම කරුංකා කන්ටේනර් තොගයට කෝටි 20කට අධික දඩ මුදලක් අය කිරීමට රේගුව කටයුතු කර ඇති අතර තුර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මැදිහත් වී රේගු ආඥා පනත සංශෝධනය කර කන්ටේනර් තොගය මුදා හැරීමට කටයුතු කර තිබේ.
    කරුංකා ජාවාරම සම්බන්ධයෙන් හා මුදල් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් සිදු කළ කටයුතු පිළිබඳව සම්පූර්ණ තොරතුරු සහිතව මීට පෙර ලංකා ටෘත් අප වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළ කළ අතර මුදල් අමාත්‍යවරයාගේ තීරණයෙන් රජයට රුපියල් කෝටි 20කට අධික බදු මුදලක් අහිමි වී තිබේ.
    මෙම කරුංකා කන්ටේනර් තොගයෙන් බදු මුදල් අය කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැඩි තීරණයක සිට ඇති අතර ඊට එරෙහිව මුදල් අමාත්‍යාංශයේ බලධාරීන් සහ මුදල් අමාත්‍යවරයා සිටිමින් කටයුතු කර තිබෙන බව බවද රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම ගැටුම්කාරී තත්වයෙන් පසුව ඔහුට එම ධූරයේ කටයුතු කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ රාජකාරි කටයුත්තක් සඳහා ඊයේ රාත්‍රියේ (25) විදේශගත වීමට නියමිතව තිබූ අවස්ථාවක ජගත් පී. විජේවීර මහතා මෙසේ හදිස්සියේ ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.



    lankatruth



    අහේනියෙන් හිටපු අනිත් හොරු ටික දැන් වැඩේ පටන් අරන්. දැන්වත් ලංකාවේ මිනිස්සු තේරුම් ගත්තොත් හොදයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනයේ නාමයෙන් සිදුවී ඇත්තේ අහේනියෙන් මරණාසන්නව සිටි තක්කඩි රැලකට සේලයින් ලබාදීමක් පමණකි. මහින්ද හිටියානම් මේ දේ වන්නේ නැතැයි කිිමට ද බැරිය. එසේනම් අප කල යුත්තේ කුමක්ද?. මහත් උභතෝකෝටිකයක හිර වී ඇතැයි මට සිතේ...
     

    waligamaya

    Well-known member
  • යහපාලනයේ නාමයෙන් සිදුවී ඇත්තේ අහේනියෙන් මරණාසන්නව සිටි තක්කඩි රැලකට සේලයින් ලබාදීමක් පමණකි. මහින්ද හිටියානම් මේ දේ වන්නේ නැතැයි කිිමට ද බැරිය. එසේනම් අප කල යුත්තේ කුමක්ද?. මහත් උභතෝකෝටිකයක හිර වී ඇතැයි මට සිතේ...

    මහා හෝරාව අගමැති කිරීම:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යහපාලනයේ නාමයෙන් සිදුවී ඇත්තේ අහේනියෙන් මරණාසන්නව සිටි තක්කඩි රැලකට සේලයින් ලබාදීමක් පමණකි. මහින්ද හිටියානම් මේ දේ වන්නේ නැතැයි කිිමට ද බැරිය. එසේනම් අප කල යුත්තේ කුමක්ද?. මහත් උභතෝකෝටිකයක හිර වී ඇතැයි මට සිතේ...

    උබට හොදයි කයල හිතෙන යෝජනාව මොකද්ද
     

    waligamaya

    Well-known member
  • හොරෙන් ඇවිත් රේප් කපන ටෝයියට කියන්නේ. මිනිහෙක් ඕනෑම කොන්ද පන තියෙන්න ඕන. අම්ම තාත්ත උනත් වැරදිනම් වැරදි කියන්න ඕන. උබලගෙයි, මරලහරි ගත්තේ නැත්තේ අයි කියන බයියෝන්ගෙයි අතර වෙනසන් නැ.
     

    waligamaya

    Well-known member
  • අදහසක් නැ බන්...

    තීරණයක් ගනින් මචන්. හරියන්න හරි වරදින් හරි අලුත් තීරණයක් ගන්න වෙනවා. නැත්තම් අර අලුත් වෙනස් දැනොතනන ජාතිය ලොව නොනගී. හිගා කම බරුවූතැන ලගිගයා මර ගී කියන දේට තමයි මුහුණ දෙන්න වෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අදහසක් නැ බන්...

    අදහසක් ඇති කරගනින් මහින්ද හොදයි කියල හිතෙනවනම් මහින්දටම දීපන්
    උබ රනිල්ට කොහොමත් කැමති නැහැනේ
    නැත්තම් හෙළ උරුමය
    ෆොන්සේකා ඔයවගේ පක්ෂ තියෙන්නේ.
    කල්කිරියාව බලලා අරමුණ බලල මිනිසුන්ගේ කැපවීම බලල හොද මරගේකට සහය දීපන්:)
     

    waligamaya

    Well-known member
  • හොරුන් එළවා තවත් හොරුන් පත් නොකරමු සියලුම ජනතා දනය සුරාකන්න තුරන් කරමු

    මිනිස්සු චන්දෙ දුන්නේ මෛත්‍රි මහතාට. මිසක් UNP දින 100 රජයට ජනතා වරමක් නොමැතිබව සිහිතබා ගතයුතුයි
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    හොරුන් එළවා තවත් හොරුන් පත් නොකරමු සියලුම ජනතා දනය සුරාකන්න තුරන් කරමු

    මිනිස්සු චන්දෙ දුන්නේ මෛත්‍රි මහතාට. මිසක් UNP දින 100 රජයට ජනතා වරමක් නොමැතිබව සිහිතබා ගතයුතුයි
    sadacharayak na UNP anduwata balaye inna,jana waramak nathi anduwak.
    minissu path kare janadipathiwarayek misak anduwak newei.

    janadipathi balaya waradiyata pawichchi karala ethumawa baleta genapu ayata kanna bonna denawa ithin...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොරුන් එළවා තවත් හොරුන් පත් නොකරමු සියලුම ජනතා දනය සුරාකන්න තුරන් කරමු

    මිනිස්සු චන්දෙ දුන්නේ මෛත්‍රි මහතාට. මිසක් UNP දින 100 රජයට ජනතා වරමක් නොමැතිබව සිහිතබා ගතයුතුයි
    :yes::yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරුන් එළවා තවත් හොරුන් පත් නොකරමු සියලුම ජනතා දනය සුරාකන්න තුරන් කරමු

    මිනිස්සු චන්දෙ දුන්නේ මෛත්‍රි මහතාට. මිසක් UNP දින 100 රජයට ජනතා වරමක් නොමැතිබව සිහිතබා ගතයුතුයි
    :yes::yes::yes::yes::yes::yes:
     

    Similar threads