කොමඩු~අක්කා.....

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hacker T ගේ ත්‍රෙඩ් එකක කොමඩු කතාවක් ඇදිලා ඇවිදින් තිබුනා. ඒ අතරේ මටත් පොඩි කතාවක් මතක් උනා.. කතාව ගෙඩි පිටින් උස්සලා දානවා. මමම ලියපු එකක් මේක. කාල වකවානු ගැන කිව්වොත් 2012 අවුරුද්දේ ඔක්තෝබර්..

    TT7.jpg


    අද කියන්න යන කතාන්දරයත් අපේ කස්ටියට ට්‍රිප් එකක් යන අතර මඟ වෙච්ච රසබර සිදුවීමක්. වැඩි ඈතක නම් නෙමෙයි. අපේ අවසාන සංචාරයේදී වෙච්ච ආතල් සීන් එකක්. පසුගිය ඔක්තෝඹර් මාසයෙ දින තුනක නිවාඩුවක් තිබුනා ඔයාලාට මතක ඇති නේ. මෙ දින තුනේ අපේ කාන්ඩේ සංචාරය කලේ බිබිල, මොණරාගල, අම්පාර, මඩකලපුව, පොලොන්නරුව කියන ප්‍රදේශ වල. පළවෙනි දවසේ රෑ අපි නවාතැන් ගත්තේ බිබිල නගරයේ. බකාඩි ලීටරේ බෝතල් දෙකක් ඉවර කරන්න අපේ ට්‍රිප් එක ගියපු 08 දෙනාට පැය දෙකක් ගියෙ නෑ. කොහොම හරි ඉතිං පහු වෙනිදා උදේ 8.30ට බිබිලෙන් පිටත් වෙන්න හිතං හිටිය අපි 10ටත් දොයි කියපංකෝ. යාන්තම් 10.30ට විතර නැගිට්ටා.


    සියිලිමේ කැරකෙන ෆෑන් එක කැරකෙන ගමන් නිකං මගේ මූන හරියට ඇවිදින් ආයේ සිවිලිම ගාවට යනවා වගේ මට පේන්නේ. බම්ප් වෙනවා ටැනිස් බෝලයක් වගේ. ටිකක් ඇස් දෙක පියං හිටියා. ඇස් ඇරලා බලනකොට මෙන්න ෆෑන් එක මගේ නම කියලා කතා කරනවා "පෙරෝ පෙරෝ නැගිටහං කියලා" හැබැයි ෆෑන් එක කතා කරන කට හඬ හොඳට අහලා පුරුදු එකක්. ටිකක් වෙලා එහෙම්මම හිටියා. හප්පා......නදියගේ කට හඬනෙ මට ඇහුනේ කියලා ක්ලික් වෙනකොට විනාඩි 10ක් විතර ගිහිල්ලා. ට්‍රයි කරලා ඇඳේන් බිමට බැස්සා. හිටං ඉන්න බැරි තරමට වැනෙනවා. රෑ බඩු හොඳම එකෙං වැදිලා තියෙන්නේ. කලවං උනෙත් නෑ. මොකක් උනාද කියලා හිතා ගන්න බෑ. යාන්තම් බිත්තිය අල්ලගෙන අල්ලපු කාමර වල හිටිය අපෙ හාදයෝ බලන්න ගියා. අපරාදේ කියන්න බෑ උන්ටත් මට වගේම බොන්න බැරි නිසා ඔක්කොමලා භමනය වෙමිනුයි හිටියෙ. කොහොමින් කොහොම හරි එක එකා යාන්තම් නාවගෙන එහෙම 12ට කිට්ටු වෙලා තමා බිබිලෙන් පිටත් උනේ. බකාඩි වලට පිං සිද්ධ වෙන්න බලන්න හිතගෙන හිටිය තැන් කීපයක්ම අපිට මඟ ඇරුනා.


    බිබිල ටවුමෙන් උදෙටද දවල්ටද මන්දා කෑමත් කාලා අපි අම්පාර බලා යමිනුයි හිටියේ. අපෙ ට්‍රිප් වල අනිවාර්ය අංගයක් වගේම අනිවාර්ය පින්තූරයක් තමා කොමඩු කෑමෙ පින්තූරය. අපි මොන ට්‍රිප් එක ගියත් කොමඩු කඩයක් ගාව කොමඩු කන්න නම් අමතක කරන්නේම නෑ. ඒ නිසා අපේ චාරිකා සටහන් වල වගේම බුකියේ අපේ ටීම් එකේ ඈයොන්ගේ පින්තූරු ඇල්බම් වලත් අනිවාර්ය පින්තූරයක් තමා ඔය කොමඩු පින්තූරෙ. අපේ සැට් එකේ එකෙක් ඇරෙන්න අනිත් ඔක්කොමලා කොමඩු පෙරේතයෝ. නිකංම නිකං පෙරේත්යෝ නෙමෙයි. මුල් කොමඩු මළපෙරේතයෝ. කොමඩු කඩයක් හිස් කරයි පැය දෙකකින්. ඔය කොමඩු නොකන එකම එකා වෙන කවුරුවත් නෙමෙයි. මේ මම. මට කොමඩු කියන කෑම දැක්කත් බඩ දඟලනවා. වෙන එකක් තියා තරුපහේ හෝටල් වල කොමඩු පොඩි පොඩි කෑලි කපලා ලස්සනට එක එක විච්චුරණ කොරලා තියෙන එකක් දැක්කත් මට මොකද්දෝ කුජීත ෆීලිං එකක් එනවා. එච්චරටම ම්ට කොමඩු කියන කෑම අප්‍රසන්නයි.


    ඒකට හේතුවත් මම කියන්නම්. ඉස්සර මම පොඩි කාලේ අපේ ගෙදර කස්ටිය නිතරම යන තැනක් තමා කතරගම. මතක ඇති ඉස්සර කාලේ අර තිබුනා කොලපාට පැජරෝ. සංස්ථාවලට එහෙම දීලා තිබුනේ. ඔන්න ඔයින් එකක තමා අපේ ගෙදර ඈයෝ කතරගම යන්නේ. මාස තුනකට වතාවක් කතරගම ගමන අනිවාර්ය අංගයක්. ඔය සංස්ථා පැජරෝ එකේ සීට් තියෙන්නේ ඩ්‍රයිවර් ගාව එකයි, ඊට පස්සෙන් සීට් එකයි, අනිත් සීන් පිටිපස්සේ මූනට මූන බලං වාඩි වෙලා යන විදියටනේ. දවසක් අපේ ගෙදර කට්ටියත් අම්මගේ පවුලේ සහෝදර සහෝදරියෝ ටිකත් දාගෙන තාත්තා කතරගම ගියා. එ කාලේ මගේ කොමඩු භීතිකාව තිබුනේ නෑ. මට වයස අවුරුදු 7ක් හෝ 8ක් වෙන්න ඇති. එදා මට මතකයි කොමඩු ගෙඩි දෙකක් මම තනියම කෑවා. එක ගෙඩියක් තනියම කාපු මම මර ලතෝනි දීලා ඇඬුවා තව එකක් ඕනේ කියලා. මගේ වදෙන් බේරෙන්න බැරි කමට මාමා කෙනෙක් තව එකක් අරගෙන දුන්නා. ඒකත් කාපු මම තංගල්ලේ ඉඳං කොළබට එනකං වමනේ දැම්මා මට ලාවට වගේ මතකයි. එදයින් පස්සේ මම කොමඩු කනවා තියා කොමඩු කඩයක් පාරේ දැක්කත් පාරෙං අනිත් පැත්තට පැනලා යන තරමට කොමඩු වලට ආදරේ කොරන්න ගත්තා කියමුකෝ.


    වැල් වටාරම් වැඩි උනා. දැං ආයේ කතාවට යමු.


    ඔන්න ඉතිං මම කීවානේ අපි බිබිලෙන් පිටත් වෙලා අම්පාරට යන ගමන් හිටියේ කියලා. අපි ගමන් කරමින් හිටියේ නිල්ගල හරහා අම්පාරට යන පාරෙ.

    මේ හරියේ තමා නිල්ගල ඖෂධීය වනය එහෙම පිහිටල තියෙන්නේ. ගොඩාක් ලස්සන හරියක්. මේ පාරෙන් ඔයාල සංචාරය කරලා තියෙනවා නම් දන්නවා ඇති මම මේ කියන හරිය. තනි කැලෑව. පාර අද්දරට අලි පවා එනවා. අපේ ගමනෙත් අලියෙක් පාර අද්දරට ඇවිත් හිටියා අපි දැක්කා. අපේ කස්ටිය ඉතිං කොයි වෙලෙත් KNKTED නේ. ඩයලොග් නම් නෙමෙයි. අපි හැමෝම හම්බ උනේ අන්තර්ජාලය හරහා කියලා මගේ මුල් පෝස්ට් වල මම ඔයාලාට කීවා. ඉතිං මම විතරක් නෙමෙයි. අපි හැමෝම 24*7 ඔන්ලයින් ඉන්න කට්ටිය. ඔෆිස් එකේ, ගෙදර, ලැප් එකේ වගේම ජංගම දුරකතනයෙනුත් කොයි වෙලෙත් ඔන්ලයින් තමා. බිබිල අම්පාර පාරේ ඔය නිල්ගල හරියේ අපේ මොබයිල් එකකට වත් සිග්නල් කඳුලක් නෑ. Dialog, Mobitel, Etisalat, Airtel, Hutch ඔවුවයින් එකකටවත් ඔය නිල්ගල කැලේ හරියට සිග්නල් නෑ. දැං අපේ කස්ටියට ඉන්න බෑ. විශේෂයෙන් දිලුමාට එහෙම. කැලෑව පහුවෙනවත් එක්කම මෙන්න තියෙනවා කොමඩු පිරිච්ච කොමඩු කඩයක්. අපේ ඈයොන්ගේ මොබයිල් සිග්නල් නැති සෝකේ කොහෙන් ගියාද නෑ. නදියට බ්‍රේක් පෑගුනේ ඉබේටම. ඒ එක්කම ඔක්කොම එක පොදිය්ට කෑ ගැහුවේ "අන්න කොමඩු...." කියලා. නදියත් වාහනේ නැවැත්තුවා කඩේ ගාවින්ම. දැං ඔක්කොමලා කඩේ වට කරගෙන. මයේ මොකෝ ඉතිං... ඇති පදං කාපල්ලකෝ කොමඩු කියලා මම කැමරාව අරං එලියට බැස්සෙ හැම ට්‍රිප් එකකදීම වගේ මේකෙදිත් කොමඩු ෆොටෝ එක ගන්න හිතාගෙන.



    කඩේ හිටියේ අක්කා කෙනෙක්. අපෙ උනුත් ජීවිතෙ පළවෙනි වතාවට කොමඩු කනවා වගෙ කොමඩු ගිලිනවා. කඩෙ අක්කත් හරි සුහදශීලී චරිතයක්. අක්කත් කොමඩු කප කප දෙනවා. මුං ගිලිනවා. මගේ බඩ දඟලනවා. මම අක්කත් එක්ක කතාවට වැටුනා. බලනකොට අක්කා මෙහෙ නෙමෙයි. අක්කාගේ මහ ගෙවල් කඩුවෙල. අක්කා බැඳලා. බැඳපු අයියා එක්ක යාලුවෙලා ඉන්න කාලෙ එයාලට ගෙවල් වලින් ප්‍රශ්ණ ඇවිල්ලා. දෙන්නා එක්ක පැනලා ඇවිල්ලා නිල්ගලට. කොමඩු කඩයක් දාගෙන ජීවත් වෙනවා. අයියා හේන් කොටනවා. වග කරනවා. අක්කා කොමඩු කඩේ කරනවා. බලන්න ආදරේකට කරන්න පුළුවන් දේවල්. එයාලගේ ජීවිත කොච්චර සරළද? වගකීම් අඩුයි. අවශ්‍යතා අඩුයි. ඒ නිසා වියදම් අඩුයි. ජීවිතේ කොච්චර ලස්සනට, සරළව, ආදරෙන් එයාලා ගෙවනවාද කියලා මට හිතුනා.





    මම ඉතිං ෆොටෝ ගන්නවා. අපෙ උං ගිලිනවා. ඔය අතරේ තමා අක්කාගෙ අතේ තිබුන ජංගම දුරකතනය මගේ ඇස ගැටුනේ. මම ඒක ඇහෙන් පෙන්නුවේ පාර දිගට සිග්නල් හොය හොය ආව දිලුමාට. මම මගේ ජංගම දුරකථනය එලියට අරගෙන බැලුවා. ඩයලොග් වලට No Network. දිලුමා Mobitel. ඒකටත් නෑ. චමිතා Etisalat. ඒකටත් නෑ. නෑ කියන්නේ නැත්තටම නෑ. සිග්නල් පේන තෙක් මානයකත් නෑ වගේ. දැං අපිට හෙන ප්‍රශ්නයක්.


    "අක්කේ.. අක්කගේ ෆෝන් එකට සිග්නල් තියනවාද?"


    දිලුමා අක්කගෙන් ඇහුවෙ බැරිම තැන.


    "සිග්නල්....... මොන සිග්නල්ද මල්ලි මේ කැලේ? මටත් ෆෝන් එකක් තියෙනවා. අයියටත් ෆෝන් එකක් තියෙනවා. අපි දෙන්නම ෆෝන් දෙකක් අරගත්තේ වෙලාව බලන්න ඕන නිසයි"

    අක්කයි අයියයි ගැන අපේ සුමියගේ වචන වලින් මෙහෙම කියලා කතාව ඉවර කරන්නම්.

    නාමල් ඔය පැත්තෙ ඉඳල කොල්ලෙක් කොළඹ පැත්තෙ වැඩට එනවා.ඇවිත් එහෙදි ගෑණු ළමයෙක් එක්ක යාලු වෙනවා.ගෙවල් වල අකමැත්ත හින්ද දෙන්න පැනල යනවා.දැන් ඒ ගොල්ලො කොමඩු කඩයක් දාගෙන


    කොමඩු කඩේ
    DSCF1256.jpg
     
    • Like
    Reactions: Rex921 and ShreddeR

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    "සිග්නල්....... මොන සිග්නල්ද මල්ලි මේ කැලේ? මටත් ෆෝන් එකක් තියෙනවා. අයියටත් ෆෝන් එකක් තියෙනවා. අපි දෙන්නම ෆෝන් දෙකක් අරගත්තේ වෙලාව බලන්න ඕන නිසයි"
    :D
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    රතුපාට ටීශර්ට් එක ඇදගෙන කොමඩු ගිලින්නේ උඹ නේද? :lol: