කොටුවේදී_තරුණියක්_සියා_කෙනෙකුට_1500ක්_දුන්න

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොටුවේදී_තරුණියක්_සියා_කෙනෙකුට_1500ක්_දුන්න

    කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්නේ ඇයි ?

    ඔබට මේ කියන්න යන කතාව හරිම අපුරු කතාවක්. ඔබ බලන්න ඇති ඡායාරුපය, මාතෘකාව දුටු විගසම මේ කියන්නට අර අදින කාරණාව කුමක්ද කියා…

    මැයි 21 වන දින කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී මේ ඡායාරූපයේ සිටින තරුණිය මේ විඩාබර සීයාට යම් කිසි මුදලක් ලබා දෙන අයුරු Facebook සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය උනේ හිත් ඇති මිනිසුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වෙමිනි. තරුණයකු මෙම ඡායාරුපය Facebook හි එක්තරා Group එකක් තුල පළ කර තිබු තරුණයා සඳහන් කර තිබුනේ මෙම තරුණිය මෙම සීයාට රුපියල් 1500ක් ලබා දෙන බව දුටු බවයි.

    312xwd0.jpg


    පසුව මෙම ඡායාරුපය ඉතා වේගයෙන් Facebook තුල ප්‍රචාරය වූ අතර මෙම තරුණිය ඡායාරුපය එක් කල තරුණයාට එවන ලදැයි කියන පණිවිඩය පහත දැක්වේ.

    “යහළුවා, ඔයා අද උදේ art gallery යට දාපු Photo එකේ ඉන්නේ මම. මේ වෙද්දී ඒක ගොඩක් අය Share වෙලා. එක එක විදිහේ comments ගොඩක් වැටිලා. අනිත් අය කියන දේවල් වලට මම හරි කියන්න ඔයා කතා කරන නිසා මං හිතුවේ ඒ සිද්දියේ කතාව කියන්න. ප්‍රසිද්ද කරන්නම් නෙමේ. ඔයා කරපු දේ හරියි කියල දන්වන්න ඕනේ නිසයි.

    ඒ සියා එතන හැමදාම ටිකට් විකුනනවා. මම පුළුවන් දවසට ටිකට් අරන් යන්න පුරුදු වෙලා හිටියේ. ටික දවසකට කලින් හවසක ඒ සීයාගේ සල්ලි ගෙන යන bag එක හොරෙක් අරගෙන. පොලිසියෙන් ඌව අල්ලලත් තාම සල්ලි හම්බෙලා නැ. ආයි ටිකට් ගන්න ඒ සීයට සල්ලි නැ. ඒත් මේ ටිකේම පුරුදු තැනට ඇවිත් ඔහේ බලාගෙන ඉඳල. මම ඇහැව්වම කතාව කිව්වා. කකුලක් නැතුවත් කොච්චර වයස උනත් එයා හිඟාකන්න කැමති නැ. ආයි ටිකට් ගන්න නම් අඩුම 2500ක් ඕනෙලු. ඉතින් මගේ ළඟ තිබිල 1500ක් දුන්න. ඉතුරු 1000 කව්රුවත් නොදුන්නොත් මම දෙන්න පොරොන්දුත් උනා. මොකද කොටුවේ හිඟා කන 1000ක් හිඟන්නෝ අතරේ කීයක් හරි හොයාගන්න මහන්සි වෙන ඒ සීයාට මම ගොඩක් ගරු කරනවා”

    කෙතරම් සංවේදීද ? ඔබගේ හිත අඬන්න ඇති යැයි කියා මම සිතනවා. සමාජයේ වයසක මිනිසුන් අප්‍රිය කරන වෙනස්ව සිතන අලුත් පරපුරවල් සිටිනා සමයක මෙවැනි රටක් වටිනා තරුණියන් කෙතරම් අගනේද, මෙවැනි තරුණියන් තව 100ක් සිටියොත් එකක් නොව දෙක තුනක් මහලු මඩම් අනාගතයේ වැසේවි.

    සහෝදරයනි ඔබට ජය.

    මෙම සිද්දිය එම group එක තුල අදාළ තරුණයා විසින් පළ කර තිබුනේ මෙසේයි.

    zsdgzjh.jpg
     
    Last edited:

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මේ වගේ දෙයක් කරන්න තරම් හිත දෙන්නෙ කීයෙන් කී දෙනාටද? මේ තරුණ ගැහැණු ළමය රටටම ආදර්ශයක්. ඔබට වැඩි වැඩියෙන් ලැබේවා.....
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,819
    9,537
    113
    සල්ලි කීයක් හරි වැඩියෙන් දෙන්න ඕන මෙන්න මේ වගේ අයට.