ඇස් ලෙඩ පැතිරීමේ අවදානමක්!! දැනුවත් වෙන්න..

r runner

Member
May 12, 2015
2,396
781
0
ඇස් ලෙඩ පැතිරීමේ අවදානමක්!! දැනුවත් වෙන්න..

මොකක්ද මේ ඇස් ලෙඩ???
අපි සරල බසින් ඇස් ලෙඩ කියල හඳුන්වන්නේ අක්ෂි පටලය ඉදිමීම හේතුවෙන් ඇතිවන ඇස් රතු වීමේ තත්ත්වයට!



රෝග කාරක

• බැක්ටීරියාවන්
• වයිරසයන්
• ආසත්මිකතාවන්
• ඇතැම් රසායනික ද්‍රව්‍ය
• ඇතැමි විට සිවි කාච දිගු වේලාවක් පැලඳීම හේතු වෙන්න පුලුවන්.

බැක්ටීරියා හා වයිරස නිසා ඇතිවන ඇස් ලෙඩ යැයි අප හදුන්වන තත්ත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙන්න පුලුවන්!
පරිසර වෙනස්කම් සමග(උෂ්ණාධික කාල වැනි)මෙම රෝග තත්ත්වය වසංගතයක් ලෙස පැතිරයාමේ ප්‍රවනතාවයක් දක්නට පුලුවන්!


රෝග ලක්ෂන

• ඇස් රත් පැහැ ගැන්වීමට අමතරව
• අධිකව කබ ඇතිවීම
• ඇස් කැසීම
• ඇසිපියන් වසා නැවත විවෘත කිරීමට අපහසු ගතියක් ඇතිවීම
• ඇස් වල වේදනාව
• අධිකව කඳුලු ගැලීම
• පෙනීමේ අපහසුතා දක්වන්න පුලුවන්.

වලක්වාගන්නේ කොහොමද?

බැක්ටීරියා වයිරස වලින් ව්‍යාප්ත වන නිසා අපට වලක්වන්න කියලා ගොඩක් දේ කරන්න අමාරුයි.ඒත් අපිට හැදුනට පස්සේ ඒක තව කෙනෙක්ට බෝ නොකරන්න නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්..අපි සමහර වෙලාවට දකිනවා බෝවෙන රෝග තියාගෙන මිනිස්සු කිසි ගානක් නැතුව බස්/කොච්චිවල යනවා..ඇතැම් අම්මලා ළමයින්ව ඉස්කෝලෙ යවනවා..ඇත්තටම ආත්මාර්ථකාමීත්වයෙන් ඔබ්බට ගිහින් අනිත් මිනිස්සු ගැන හිතල ඒවගේ ලෙඩක් හැදුනම ගෙදරට වෙලා ඉන්න එක තමා කරන්න පුලුවන් හොඳම දේ!

• ඊට අමතරව
• කොට්ට උර නිතර වෙනස් කිරීම
• ආසාදිත පුද්ගලයන්ගේ තුවා,ලේන්සු ආදිය පාවිච්චි කිරීමෙන් වැලකීම
• ආසදිත නම් නිතරම අත් සේදීම තුලින් අනෙත් ඇසට බෝ වෙන අවදානම අඩු කරගන්න පුලුවන්.
• ඒ වගෙම ආසාදිත පුද්ගලයන්ගෙන් ඈත් වී සිටීමත් වැදගත්!


ප්‍රතිකාර..

ගොඩක් වේලාවට දවස් තුනක් විතර යද්දි අඩුවෙලා යනවා ප්‍රතිකාර නැතුව උනත්!ඒත් ගොඩක් අපහසුයි වගේ නම් වෛද්‍යවරයෙක් ගාවට යන එක වඩා සුදුසුයි..අවධාරනය කරල කියන්න ඕන දෙයක් තියනවා..ගොඩබෙහෙත් අත් බෙහෙත් නම් කරන්න තියා හිතන්න වත් එපා!ඇස කියන්නේ බොහෝ සංවේදී ඉන්ද්‍රියක්! ගොඩක් අය අත් බෙහෙත් කරන්න ගිහින් සදහටම ඇස් අන්ධ කරගන්නවා..ඒ නිසා අත් බෙහෙත් ඇස් වලට නම් එපා!:yes::yes:
 
Last edited:

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් බන් මේ දවස් වල මන් දන්නා කීපදෙනෙකුටත් හැදිලා :growl::growl: හෝ ගාල බෝ වෙනවා වගේ මේ දවස් වල
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔව් බන් මේ දවස් වල මන් දන්නා කීපදෙනෙකුටත් හැදිලා :growl::growl: හෝ ගාල බෝ වෙනවා වගේ මේ දවස් වල

    මටත් හැදුන බං..දැනුත් වි‍දවන ගමන්... විස්තර ‍ටිකක් හොයද්දි හම්බවුනේ..
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    බම්ප් එකක්වත් දාපු කොමෙන්ට්ස් කරපු උන්ට තැන්ක්ස් මචංල... :yes: මේ වගේ ත්රෙඩ් රන් වෙනව අඩුයිනේ.. ඇයි බං මේ ගැනුන්ගෙ එවයි දේශපාලනෙයි ත්රේඩ් මෙච්චර හිට් වෙන්නේ.. :rolleyes:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    kකියලා වැඩක් නැහැ, මටත් හැදිලා ඉන්නේ,,,,අද 3 වෙනි දවස.........දැනන්ම් ඉදිමුම අඩුයි, රත තාම තියනවා......
    ස්කෛන් එක දිහා බලන් හිටියට අවුලක් නැනේ!!!
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ape patthe ekkenek Kegalle walin awith hitiya.
    Mihinhagen thawa 20kata withara lede bouna ape patthe.

    :sorry::sorry::sorry:

    හොදම ප්‍රථිකාරෙ තනියෙන් ඉන්න එකයි.. දෙලුම් කොල තම්බල ඇස් සෝදන එකයි.. මටනම් දැන් ගොඩක් අඩුයි ඒකෙන්..
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    kකියලා වැඩක් නැහැ, මටත් හැදිලා ඉන්නේ,,,,අද 3 වෙනි දවස.........දැනන්ම් ඉදිමුම අඩුයි, රත තාම තියනවා......
    ස්කෛන් එක දිහා බලන් හිටියට අවුලක් නැනේ!!!

    අවුල තමයි මචං ඒත් ඉතින් මේකත් නැති උනොත් වස කම්මැලි මචං...:yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොදම ප්‍රථිකාරෙ තනියෙන් ඉන්න එකයි.. දෙලුම් කොල තම්බල ඇස් සෝදන එකයි.. මටනම් දැන් ගොඩක් අඩුයි ඒකෙන්..

    Tho es potta karaganin owa karala.
    Beheth ganin.
    Oka nikanma adu wela yanawa dawas 2-3n.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    kකියලා වැඩක් නැහැ, මටත් හැදිලා ඉන්නේ,,,,අද 3 වෙනි දවස.........දැනන්ම් ඉදිමුම අඩුයි, රත තාම තියනවා......
    ස්කෛන් එක දිහා බලන් හිටියට අවුලක් නැනේ!!!

    දෙලුම් කොල තම්බල නිවිච්ච වතුරෙන් ඇස් සෝදපන් මචං.. මට දැන් ගොඩක් සනිපයි.. එ්ක ගොඩක් පරණ බෙහෙත් ක්‍රමයක්ලු .. ඒක අවුලක් නැහැ
     

    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    godak watenawa thanks. godak aye nam hadunahama aleyata yanne na gaderen. aht samahara minisu nam kesema ganak nahtewa godak minisu enna than welata anewa. podak waht hithanne na tawa kanakuta bo unoht mata wagema a manusayataht widenna wane wadanawa gana.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    kකියලා වැඩක් නැහැ, මටත් හැදිලා ඉන්නේ,,,,අද 3 වෙනි දවස.........දැනන්ම් ඉදිමුම අඩුයි, රත තාම තියනවා......
    ස්කෛන් එක දිහා බලන් හිටියට අවුලක් නැනේ!!!

    දෙලුම් කොල තම්බල නිවිච්ච වතුරෙන් ඇස් සෝදපන් මචං.. මට දැන් ගොඩක් සනිපයි.. එ්ක ගොඩක් පරණ බෙහෙත් ක්‍රමයක්ලු .. ඒක අවුලක් නැහැ ..තව සමන් පිච්ච මල් වතුරෙන් සෝදනව.. ඒත් ඒව හොයා ගන්න අමාරැයි....