කොටකෙතන නඩුවේදී පොලිසිය කළ වැරදි මෙන්න...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කොටකෙතන නඩුවේදී පොලිසිය කළ වැරදි මෙන්න...

    කොටකෙතන පේ‍්‍රමාවතී සහ පුෂ්පකුමාරි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් 03 දෙනාම කොළඹ මහාධිකරණය විසින් පෙරේදා (28) නිදොස් කොට නිදහස් කෙරුණා. ඒ සමග කොටකෙතන ප‍්‍රදේශයේ නොසන්සුන්තා ද ඇතිවු අතර උද්ඝෝෂණයේ යෙදුණු පිරිස් විසුරුවා හැරුණේ පොලිස් ජල ප‍්‍රහාර ද එල්ල කරමින්.


    විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා පවසන්නේ විමර්ශනවලදී පොලිසිය නොසැලකිලිමත්ව ක‍්‍රියාකර ඇති බවයි. නඩුවේ සිය සේවාදායකයින් වු විත්තිකරුවන් 03 දෙනාට වසර දෙකක් පමණ තිස්සේ රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටිමට සිදුවුයේ ද ඒ නිසා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    සොකෝ නිලධාරීන්ගේ සොයා ගැනීම්වලට පටහැනිව වැරදි කරුණු පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම.

    උදාහරණයක් ලෙස වරද කළ පුද්ගලයන් නිවසට ඇතුළු වී තිබෙන්නේ ජනේලයක් විවෘත කර එහි දැල නමා ඊට යටින් බවයි සොකෝ නිලධාරීන් හෙළිකර ගත්තේ. කෙසේ වෙතත් පොලීසියට අධිකරණයට ප‍්‍රකාශ කළේ අදාළ පුද්ගලයන් ඉදිරිපස දොරටුවෙන් නිවසට ඇතුළු වී ඇති බවයි.
    තවද වරදකළ පුද්ගලයින් නිවස තුළදී දුම්පානය කර ඇති බවටත් මත්පැන් පානනය කර ඇති බවටත් සොකෝ නිලධාරීන් සාක්ෂි සොයාගෙන තිබෙනවා. එහෙත් සිය සාක්ෂිකරුවන් මගින් අධිකරණයේදී එ් බව කියා පෑම පොලීසිය මගහැර තිබුණා.


    ඞී.එන්.එ් වාර්තා සැඟවීමට උත්සහ කිරීම.

    ඝාතනයට ලක් වූ කාන්තාවන්ගේ ලිංගික ප‍්‍රදේශවල තිබූ පුරුෂ ශුක‍්‍ර ධාතු ඇසුරෙන් ඞී.එන්.එ්. පරීක්ෂණයක් සිදු කෙරුණා. එමෙන්ම චෝදනා ලබා සිටි විත්තිකරුවන්ගේද ඞී.එන්.එ්. පරීක්ෂණයක් සිදු කෙරුණු අතර මෙම දත්ත එකිනෙක ගැලපුනේ නැහැ. කෙසේ වෙතත් ඞී.එන්.එ්. පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරයාගේ දත්ත ගබඩාවේ තිබූ වෙනත් පුද්ගලයෙකුගේ ඞී.එන්.එ්. දත්ත සමග අදාළ කාන්තාවන්ගේ ලිංගික ප‍්‍රදේශවල තිබූ ශුක‍්‍ර ධාතුවල ඞී.එන්.එ්. දත්ත ගැලපී තිබෙනවා. පොලිස් නිලධාරීන් මේ බව අධිකරණයට සැඟවීමට උත්සහ කළ බවයි නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවසුවේ.

    සැබෑ වරදකරු පිළිබඳ ශක්තිමත් ඉඟියක් තිබියදී එ් ඔස්සේ හඹා නොයෑම.

    ඉහත සඳහන් ඞී.එන්.එ්. පරී්ක්ෂණයෙන් වරද කළ පුද්ගලයා කවුරුන්දැයි ශක්තිමත් ඉඟියක් ලැබී තිබුණා. එ් කාන්තාවන්ගේ ලිංගික ප‍්‍රදේශවල තිබූ පුරුෂ ශුක‍්‍ර ධාතුවල ඞී.එන්.එ්. දත්ත තවත් අයෙකුගේ ඞී.එන්.ඒ. දත්ත සමග ගැලපී තිබීම නිසායි. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පිළිබඳ තොරතුර රැුස් කිරීමට පොලීසිය ප‍්‍රමාණවත් උනන්දුවක් දක්වා නැතැයි නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා චෝදනා කරනවා.

    එ් පිළිබඳ අදහස් දක්වමින් පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඝාතනයට ලක්වුවන්ගෙන් සොයා ගත් ඞී.එන්.ඒ සමග දත්ත ගැලපුණු පුද්ගලයා අතුරුදන්වී ඇති බවයි.


    http://offair.nethfm.com/article/20026
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඉස්සුවා නම් උස්සපු තැන දාපන් :P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මේ රටට කවදාවත් ගොඩ එන්ඩ බැරි දේශ-පාලුවෝ හින්දා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අනේ මන්දා බන්
    යහපාලනේ කෙසේ වෙතත්
    හැමතැනම දැන් අවුල් බන්
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මේවා ඉතිං මහරජුරුවන්වහන්සේගේ කලේ නඩුනේ... ඒ කාලේ ඔහොම තමයි.. මේ කලෙත් දැන් දැන් ඒ වගේම තමයි...:confused::confused:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අනේ මන්දා බන්
    යහපාලනේ කෙසේ වෙතත්
    හැමතැනම දැන් අවුල් බන්

    උදු වැපිරුවොත් උදු හම්බවෙන්නේ. තල වැපිරුවොත් තල හම්බවෙන්නේ. උදු වපුරලා තල හම්බවෙන්නේ නැහැ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    oya saka karayanwa aththadanguwata gaththayi kiyana police niladarin e dawase kahawaththe idalawath nalu ban.
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    DNA කාටද match වෙලා තියෙන්නේ? මට හිතෙන්නේ අනිවා ලොකු පොලිටිකල් ඩයල් එකක් වෙන්න ඇති... නැත්තම් ඕක මොකද හංගන්නේ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    DNA කාටද match වෙලා තියෙන්නේ? මට හිතෙන්නේ අනිවා ලොකු පොලිටිකල් ඩයල් එකක් වෙන්න ඇති... නැත්තම් ඕක මොකද හංගන්නේ..


    Yes Yes :yes::yes::yes::yes::yes::yes: