ඇස් ලෙඩ පැතිරීමේ අවදානමක්!!දැනුවත් වෙන්න..
මේ දිනවල වයිරසයක් නිසා බෝ වන අක්ෂි රෝගයක් සීඝ්‍රයෙන් පැතිරී යාමේ අවදානමක් ඇති බවත් විශාල පිරිසක් දෛනිකව මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන බව ජාතික අක්ෂි රෝහල පවසයි !
මේ එම රෝගය ගැන කරන පොඩි විස්තර කිරීමක්! මෙහි සඳහන් බොහෝ කරුනු බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්!නමුත් කියවීම තුලින් නැවත එම කරුණු මතක් කරදීමයි ලිපියේ අරමුන!!
මොකක්ද මේ ඇස් ලෙඩ???
අපි සරල බසින් ඇස් ලෙඩ කියල හඳුන්වන්නේ අක්ෂි පටලය ඉදිමීම හේතුවෙන් ඇතිවන ඇස් රතු වීමේ තත්ත්වයට!
රෝග කාරක
බැක්ටීරියාවන්
වයිරසයන්
ආසත්මිකතාවන්
ඇතැම් රසායනික ද්‍රව්‍යය
ඇතැමි විට සිවි කාච දිගු වේලාවක් පැලඳීම හේතු වෙන්න පුලුවන්.
බැක්ටීරියා හා වයිරස නිසා ඇතිවන ඇස් ලෙඩ යැයි අප හදුන්වන තත්ත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙන්න පුලුවන්!
පරිසර වෙනස්කම් සමග(උෂ්ණාධික කාල වැනි)මෙම රෝග තත්ත්වය වසංගතයක් ලෙස පැතිරයාමේ ප්‍රවනතාවයක් දක්නට පුලුවන්!
රෝග ලක්ෂන
ඇස් රත් පැහැ ගැන්වීමට අමතරව
අධිකව කබ ඇතිවීම
ඇස් කැසීම
ඇසිපියන් වසා නැවත විවෘත කිරීමට අපහසු ගතියක් ඇතිවීම
ඇස් වල වේදනාව
අධිකව කඳුලු ගැලීම
පෙනීමේ අපහසුතා දක්වන්න පුලුවන්.
වලක්වාගන්නේ කොහොමද?
බැක්ටීරියා වයිරස වලින් ව්‍යාප්ත වන නිසා අපට වලක්වන්න කියලා ගොඩක් දේ කරන්න අමාරුයි.
ඒත් අපිට හැදුනට පස්සේ ඒක තව කෙනෙක්ට බෝ නොකරන්න නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්..අපි සමහර වෙලාවට දකිනවා බෝවෙන රෝග තියාගෙන මිනිස්සු කිසි ගානක් නැතුව බස්/කොච්චිවල යනවා..ඇතැම් අම්මලා ළමයින්ව ඉස්කෝලෙ යවනවා..ඇත්තටම ආත්මාර්ථකාමීත්වයෙන් ඔබ්බට ගිහින් අනිත් මිනිස්සු ගැන හිතල ඒවගේ ලෙඩක් හැදුනම ගෙදරට වෙලා ඉන්න එක තමා කරන්න පුලුවන් හොඳම දේ!
ඊට අමතරව
කොට්ට උර නිතර වෙනස් කිරීම
ආසාදිත පුද්ගලයන්ගේ තුවා,ලේන්සු ආදිය පාවිච්චි කිරීමෙන් වැලකීම
ආසදිත නම් නිතරම අත් සේදීම තුලින් අනෙත් ඇසට බෝ වෙන අවදානම අඩු කරගන්න පුලුවන්.
ඒ වගෙම ආසාදිත පුද්ගලයන්ගෙන් ඈත් වී සිටීමත් වැදගත්!
ප්‍රතිකාර
ගොඩක් වේලාවට දවස් තුනක් විතර යද්දි අඩුවෙලා යනවා ප්‍රතිකාර නැතුව උනත්!ඒත් ගොඩක් අපහසුයි වගේ නම් වෛද්්‍යවරයෙක් ගාවට යන එක වඩා සුදුසුයි..අවධාරනය කරල කියන්න ඕන දෙයක් තියනවා..ගොඩබෙහෙත් අත් බෙහෙත් නම් කරන්න තියා හිතන්න වත් එපා!ඇස කියන්නේ බොහෝ සංවේදී ඉන්ද්‍රීයක්!ගොඩක් අය අත් බෙහෙත් කරන්න ගිහින් සදහටම ඇස් අන්ධ කරගන්නවා..ඒ නිසා අත් බෙහෙත් ඇස් වලට නම් එපා!