බොරු කියන්නේ බලාගෙන යි

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    බොරු කියන්නේ බලාගෙන යි

    ඔබත් බොරු කියනවද

    එසේනම් මේ අවවාදය ඔබටයි

    :no::no::no::no::no:

    අසත්‍යක් ගොතා පැවසීම බොරුවකි.බොරුවට වැඩි ආටෝප ,සාටෝප දැමුවිට එය බින්නයක් වේ.බින්නයේ බරසාර බව වැඩිකර පැවසු විට එය ගජබින්නයක් වේ.බොරු කියන්නන් මෙන්ම ගජබින්නා ලන්කාරයේ හැම පිටුවම එක ලෙස කටපාඩමින් පැවසීමට සමත් බොරුවේ විශාරදයන් අප අතර නැතිවා නොවේ.බොරු කීමෙන් අකුසල් රැස් වන බව බුදු දහමේ පෙන්වා දෙයි.එමෙන්ම ලෝකයේ පවතින සියලුම ආගම බොරුව ප්‍රතික්ෂේප කර තිබේ එහෙත් බොරු නොකියන්නේ එහෙමත් කෙනෙකි

    එහෙත් ඔබේ මුවින් නිතර නිතර බොරු කියවෙනවා නම් ,ඔබ ඒ පිලිබදව වැඩි වැඩියෙන් සිතා බැලිම වැදගත් වන්නේ එය මානසික රෝගයක් විය හැකි බැවිනි.බොහෝ දෙනෙකු මුලින් බොරු කියන්නේ ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ අපේක්ෂාවෙනි.එසේත් නැත්නම් වංචාකාරී ප්‍රයෝගවල දී හෝ කපටි වැඩක් කරනු ලබන විටයි.විහිලු තහළුකර විනෝද වීමටද බොරු කියනු ලැබේ .

    බොරු කීමට ඇති නැබුරුව පවුල් පරිසරය තුලින්ද ඇතිවිය හැකිය.නමුත් මෙලෙස කොයි අකාරයෙන් බොරුකීම ඇරඹුනද මෙම තත්වය දිගින් දිගටම ඇතිවුහොත් ඒ හරහා ෙපෳර්ෂවීය ආබාධ ඇතිවිය හැකිය

    1.Borderline personality Disorder
    2.Dissocial Personality Disorder

    මෙලෙස ප්‍රධාන වශයෙන් ඇතිවන පවුරෂවිය අබාධ තත්වයන් ඇති වේ.මෙම තත්වය බාල මහලු සියලු දෙනාම ගොදුරු වීමේ අවදානමක් ඇත.

    ඉතුරුටික බලාපොරොත්තු වන්න ...........

    බොරුවක් නෙවෙයි :frown:;):yes::rolleyes:
     
    • Like
    Reactions: hilander

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    මටත් තියනව අවුලක්. ගෙදර මිනිස්සුන්ට බොරු කිව්වත් මට පිට මිනිස්සුන්ට බොරු කියවෙන් නැහැනෙ.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    බොරුව 2

    ඔබේ දරුවන් බොරු කීමට පෙළඹී ඇත්ද ..?ඔබ එසේනම් ඒ පිලිබදව වඩාත් දැනුවත්ව සිටීම ඉතාම වැදගත් වේ.කුඩා දරුවන් නිතර පෙලබිමට ඇත්නම් ඒ "උපාචාරය ආබාධය "හෙවත් "conduct disorder "තත්වයට ගොදුරුවීමෙන් විය හැකිය.ඔබේ දරුවා බොරුකීමට ඇබ්බැහි වී සිටින්නේදැයි මව්පියන් වශයෙන් ඔබට ඉකමනින් අවබෝද කරගත හැක .ඔබේ දරුවා නිතර නිතර බොරු කියන්නේ නම් ඔහුව ළමා මනෝ ෛවදෟ සේවාවක් වෙතට යොමුකිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බොරුවේ වර්ග දෙකක් තියෙනවා, එකක් White lies, black lies.
    white lies කියන්නේ අන් අයට හිරිහැරයක් නැති, කාටවත් අවැඩක් නොවෙන, තමන්ගේ ජාමේ බේරෙන, අනුන්ට යහපත සැලසෙන බොරුයි. black lies කියන්නේ අනුන් විපතට පත් කරන බොරු. උදාහරණයට ගත්තොත්, white lies කියලා කියන්න පුලුවන් මේ වගේ දේකට, උබේ අම්මා ගොඩක් ලෙඩින් ඉන්නවා, දොස්තර ඇවිත් රෝගය check කරලා බලනවා ,බලනවා උබට හෙමින් කියනවා අම්මා වැඩි කල් ඉන්නේ නෑ හොදින් පරිස්සම් කරගන්න කියලා, ඊට පස්සේ උබේ අම්මා උබෙන් අහනවා දොස්තර මොනවද කිව්වේ කියලා, එතකොට උබ කියනවද ඔයා මැරෙන්න යන්නේ ඉක්මනටම කියලා? :lol:
    ටිකක් වයසට ගියාම උබේ ගෑණි අහනවා උබෙන් මම ලස්සනයිද කියලා (එතකොට ගෑණි ටිකක් කැත වෙලා නම්) උබ කියනවද අනේ ඔයා හරි කැතයි කියලා? :lol:

    Black Lies කියන්නේ මේ වගේ දේවල් වලටයි, උබ කාගෙන් හරි රුපියල් ලක්ෂයක් අරගෙන හෙට දෙන්නම් කියලා, ඒක නොදි රට පනිනවා.

    ඉතින් හැම බොරුවක්ම නරක නෑ. :)
    මට ආගම් වලින් වැඩක් නෑ මේ මාතෘකාවට එනකොට මොකද ආගම් වල කියන්නේ හැම බොරුවම වැරදියි කියලයි, අපි ඒ විදියට පිළිපදින්න ගියොත් අපිට මේ සමාජයේ ජීවත් වෙන්න බෑ.
     
    • Like
    Reactions: amilanuwanamara

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63

    වචන 2ක් ඉගෙන ගත්ත... රෙප්ල් +
     
    තැනෙ හැටියට ඇනේ ගහනවා කියන්නේ ඒවාට තමයි,එත් මේ කියන්නේ පුරුද්දට බොරු කියන අය ගැන
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    බොරුව 3

    කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද බොරු කීමට හේතුවන මානසික රෝගී තත්වයක් තිබේ.මේ තත්වය බහුලව පවතින්නේ පිරි පාර්ශවය තුලයි."conduct disorder "නමින් එය හදුන්වයි.මේ රෝගී තත්වය වැළදීමට ප්‍රධාන හේතුව බහුලව මත්පැන් පැනයයි.

    දීර්ඝ කාලීනව මත්පැන් පානය කිරීම නිසා විටමින් b ඌනතාවය ඇතිවිය හැකිය.මෙය තයමින් ග්‍රන්තියට ද දැඩි ලෙස බලපානු ලැබේ.මේ හේතුවෙන් මැද මොලයේ ඉතා කුඩා ලේ වහනයක් වීම නිසා මෙම confabulationsරෝගී තත්වය ඇති වේ.මෙසේ වූ විට බොහෝ දේ අමතක වී යාම ස්වභාවයයි.මෙබඳු රෝගීන් බොරු ගොතා පවසනු ලබන්නේ,තමාට අමතක වීමේ රෝගයක් පවතින බව භාහිර සමාජයට නොපෙන්වීම සදහායි.මත්වතුර හේතුවෙන හට ගන්න confabulationsතත්වයට ගොදුරු වූ විටදී එයට ප්‍රතිකාර කිරීමට පෙර මත වතුර බාවිතය සම්පුර්නයෙන්ම නතර කල යුතුය

    මත්වතුර ඇබ්බැහි වීමට අමතරව අඛණ්ඩව දින ගණනාවක් පුරා පවතින වමනය හේතුවෙන්ද ,මැද මොලයේ ඉතා කුඩා ලේ වහනයක් ඇති වී බොරුකිමේ මානසික අබාධය වන confabulations තත්වය ඇතිවීමේ හැකියාවක් ඇත.මේ කුමන තත්වයක් යටතේ මෙම බොරු කීමේ මානසික අභාධයට ඖෂධ මගින් පමණක් වන නිසා හැකි ඉක්මනින් මානසික ෛවදෳවරයෙකු වෙත යොමු කිරීම වැදගත් වේ.එමෙන්ම විටමින් ඌනතාවයක් පවතීනම් ඖෂධ ප්‍රතිකාර කිරීමට පෙර ඒ විටමින් ලබාදීම කල යුතුය.

    මෙම හේතු කාරණාවන්ට අමතරව මොලයේ ඇතිවී පවතින භයානක රෝග තත්වයක් හේතුවෙන් ඔබට පැවතිය යුතු පියවි මතකය අමතක වී යාහැක.ඒ හේතුවෙන්ද ඔබට මේ බොරු කීමේ අබාධය හෙවත් confabulations තත්වයට පත්විය හැකි බැවින් ඔබගේ මුවින් නිතර නිතර මුසා වදන් පිටවෙන බව හැගෙනම්,ලගම පිහිටි මහ රෝහලේ මානසික ෛවදෳ සයනයට යොමු වීම ඉතා වැදගත් වේ
    :nerd:
    හතරවෙනි බොරුවෙන් හමුවෙමු
    :shocked:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    බොරුව 4

    පෝය දවසෙම හිතුව මේකේ ඉතුරු ටික දාන්න.
    :shocked:මේක බොරුවක් එහෙම නෙවෙයි :eek:

    Confabulations තත්වයේ සාමාන්‍ය ස්වාබවයෙන් වෙනස් වූ සියුඩොලොජිකා ෆැන්ටසිකා (psedulogin Fantasica )හෙවත් pathological lying නම් වූ මානසික තත්වයක් ද පවතී.මෙහිදී රෝගීන් විශාල අසත්‍යක් ද සතයක් ලෙස විස්තර කරයි.එහෙත් රෝගියාට මුලදී තමා පැවසු දේ අසත්‍යක් ලෙස වටහා ගැනීමට අපහසුය.එහෙත් ඔහු පවසන දේ පිලිබදව දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ,ඔහු පැවසු දේ අසත්‍යක් ලෙස වටහා දිය හැකිය.එහෙත් නිසි ප්‍රතිකාර නොලැබුණහොත් මෙම තත්වය දිගටම පවතී

    මෙය Confabulations තත්වයක් වුවද මෙය විටමින් ඌනතාවයක් හේතුවෙන් ඇතිවෙන්නක් නොවේ.දැඩි ලෙස මානසික පිඩා විදීම හේතුවෙන් මෙම සියෝඩොලොජිකා ෆැන්ටසිකා රෝගය ඇතිවිය හැකිය

    මෙම රෝගී තත්වය දිගින් දිගටම පැවතීම තුලින් ඉතා දරුණු මානසික රෝග තත්වයන් මෙන්ම මොලයේ පිළිකා සහ ගෙඩි ආදී කායික රෝගී තත්වයන්ද ඇති විය හැකිය.

    ඔබේ මුවින් බොරුවක් පිටවෙන්නේ නම් ,ඒ පිලිබදව දෙවරක් සිතීම වැදගත්.ඔබට පාලනය කරගත නොහැකි ලෙස බොරු පිටවනම් මානසික රෝගයක් විය හැකිය.නොපමාව ප්‍රතිකාර ලබා ගන්න.

    බොරුව කියන්නේ තවත් එක සිම්පල් ප්ලෑන් එකක් කියලා හිතන්න එපා :no::no::no:
     
    • Like
    Reactions: Challenger SRT8