ලොව ගැඹුරුම බයිකල් විලේ සැඟවුණු තතු
රුසියාවේ පිහිටා තිබෙන බයිකල් විල ලෝකයේ විශාලතම හා ගැඹුරුතම මිරිදිය විල වශයෙන් සැළකෙයි. මීට වසර 04 කට පෙර, 2008 ජූලි 29 වැනි දා බයිකල් විලේ අබිරහස් සොයා කුඩා රුසියානු සබ්මැරීනයක් බයිකල් විලේ ගැඹුරුතම පතුළ බලා ගමන් කිරීමට සමත් විය. මිරිදිය විලක ගැඹුරුම පතුළට ගවේෂණ චාරිකාවක් ලෙස මෙය වාර්තා පොත්වලට ද එක් ව තිබේ. දකුණු සයිබීරියානු ජාතිකයින් බයිකල් විල සැලකුවේ ඉතා වටිනා සම්පතක් ලෙසයි. වෙනත් විශාල විල් ලොව පුරා තිබුණ ද මෙය ලොව ගැඹුරුතම මෙන්ම විශාල ජල ප්‍රමාණයක් හිමි විලයි. බයිකල් යන නමෙහි අරුත “සමෘද්ධිමත් විල” නැතහොත් “සමුද්‍රය” යන්නයි. මේ විල කොතරම් විශාල ද කියනවා නම් තවමත් එහි යන සමහර නාවිකයන් පවසන්නේ ඔවුන් “මුහුදු යනවා” කියා ය.
රුසියානු ජාතිකයන්ගේ සිත්වල මෙම විල කෙරෙහි විශාල අගය කිරීමක් තිබෙනවා. මොස්කව් ජාතික විද්‍යාඥයෙක් බයිකල් විල සමාන කර තිබෙන්නේ “සෑම කෙනෙක්ම කුඩා කළ සිට ඉගෙනගෙන තිබෙන මියුරු ගීතයකටයි.” එහි විල් තෙර, නිල් කැටයක් බඳු පිරිසිදු ජලය හා වෙන කිසිම තැනක දැකගත නොහැකි නානාප්‍රකාර ජීවීන් යන මේ සෑම දෙයක්ම එම ගීතයට පණ පොවනවා වගෙයි.
කිලෝමීටර් 636ක දිගින් හා කිලෝමීටර් 80ක පළලින් යුත් බයිකල් විල චන්ද්‍රිකා ඡායාරූපයකට දිස් වන්නේ අඩවන් වූ නිල් දෑසක් ආකාරයටයි. එහි ගැඹුර මීටර් 1,600 කට වඩා වැඩි ය. මුළු ලෝකයේම තිබෙන මිරිදිය ජලයෙන් පහෙන් එකක්ම අඩංගු වෙන්නේ මෙම විලෙයි. මෙහි ඇති ජල ප්‍රමාණය උතුරු අමෙරිකාවේ පිහිටි පංච මහා විල් සියල්ලෙහිම ඇති ජල ප්‍රමාණයට වඩා වැඩියි. යම් හෙයකින් බයිකල් විල සිඳී ගියහොත් එය පිරවීමට ලෝකයේ සියළු ගංගාවල ජලය එයට සැපයිය යුතු වෙනවා. එසේ කිරීමට අවුරුද්දක තරම් කාලයක්වත් ගත වෙයි.
සමහර අය විශ්වාස කරන්නේ මහද්වීප අතර මෙවැනි ගැටීම් ඇති වනවිට ඒවා අතර සයිබීරියාවේ ගැඹුරු විවර කිහිපයක් ඇති වූ බවයි. බයිකල් විල මේ ආකාරයට ඇති වූ විවරයකින් බිහි වූවකි. කාලයත් සමගම අවට කඳුවලින් ඇදවැටුණු රොන් මඩවලින් මෙම විවරය කිලෝමීටර් 07 ක් පමණ ප්‍රමාණයක් පිරුණු පසු එය ජලයෙන් වැසී තිබේ. අද වනවිට ගංගා ඇළ දොළ 300 කට අධික සංඛ්‍යාවක් බයිකල් විලට ජලය සැපයුව ද බයිකල් විල ජලය සපයන්නේ අංගාරා ගඟට පමණයි.
විද්‍යාඥයින් පෙන්වන ආකාරයට විල් පතුලේ තිබෙන භූ තල ඈත් වෙමින් පවතී. මේ නිසා මෙම විල කෙමෙන් කෙමෙන් ගැඹුරුවන අතර වෙනත් විල් මෙන් බයිකල් විලෙහි රොන් මඩ හා මඩ නොරැඳෙයි. ඒ වෙනුවට එම රොන් මඩ හා මඩ භූ තල අතරින් පහළට ගලා යයි. ඒ වගේම මෙම භූ තල උණුසුම් ජලය ඉහළට විහිදුවීමටත් හේතු වෙයි.
එමෙන්ම මෙහි වෙසෙන පොකිරිස්සන් විශේෂයක් එහි එකතුවන අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා ඒවා දිරාපත්වීමෙන් ජලය අපවිත්‍රවීම වැළකෙනවා. මෙහි ජලය කොතරම් පිරිසිදු ද කියනවා නම් දශක දෙකකට පෙර මෙම ජලයේ පිරිසිදුකම පරීක්ෂා කිරීම සඳහා ජල සාම්පලයක් ගත්විට එම ජලය අපිරිසිදු වී තිබෙන්නේ එම භාජනයේ තිබුණු විෂ බීජ නිසයි.
බොහෝ ගැඹුරු විල්වල පවා ගැඹුරුතම තැන්වල ඔක්සිජන් ඌනතාවක් තිබෙන නිසා එහි වෙසෙන ජලජ ජීවීන් නොගැඹුරු ජලයට පැමිණෙනවා. ඒත් බයිකල් විල ඔක්සිජන්වලින් අනූන විලක්. ඊට හේතුව එහි ඇති දියවැල් සිරස් අතට හා හරස් අතට ගමන් කිරීම නිසා එහි සෑම තැනකම අවශ්‍ය තරම් ඔක්සිජන් තිබීමයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට බයිකල් විලේ නොගැඹුරු සහ ගැඹුරු තැන්වල පවා ජලජ ජීවීන් දැකගත හැකියි.
මෙම විලේ තිබෙන ශීත ජලය නිසා එහි පතුල ජලජ ශාකවලින් ගහනව පවතිනවා. එහි තිබෙන කොළ පාට ස්පොන්ජි කොරල් පර මෙන් වැඩී කුඩා ජලජ ජීවීන් බොහොමයකට ආරක්ෂාව සපයනවා. ඒත් උණුසුමට කැමති ජීවීන් එක් රොක් වෙන්නේ භූ තල අතරින් උණුසුම් ජලය විහිදෙන ස්ථානවලටයි. විල්වල වෙසෙන ජලජ ජීවීන් වර්ග 2,000කට වඩා වැඩි සංඛ්‍යාවකින් 1,500ක්ම දැකගත හැකි වන්නේ බයිකල් විලෙයි.
බයිකල් විල ඉතා රසවත් මිල අධික සුදු පාට ඕමල් නම් මත්ස්‍ය වර්ගය සඳහා ඉතාමත් ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි මෙහි විවිධාකාර ජීවීන් දැකගන්නත් පුළුවන්. මෙහි සිටින එක් පැතලි පණු වර්ගයක් දිගින් අඩියකට වඩා වැඩිවන අතර උන් මාළුන්ව ආහාරයට ගන්නවා. එමෙන්ම වැලි අතර ඒක සෛලීය ජීවීන් ද දැකගත හැකියි. මෙම විලට ආවේනික වූ ගෙලම්‍යාන්කා නමැති විශේෂිත මත්ස්‍ය වර්ගයක් සිටී.
බයිකල් විලේ වෙසෙන මෙම පුංචි මත්ස්‍යයා විනිවිද පෙනෙන දිලිසෙන සමකින් යුක්තයි. උන් වෙසෙන්නේ විල් පතුල ආශ්‍රිතවවන අතර උන් බිත්තර වෙනුවට පැටවුන් බිහි කරයි. උගේ ශරීරයේ තුනෙන් එකකම අඩංගුවන්නේ මේදයයි. එමෙන්ම ඌ විටමින් A බහුල මත්ස්‍යයෙක්. මේ මත්ස්‍යයාට මීටර් 200 සිට 450ක් ගැඹුරේ ජල පීඩනයට ඔරොත්තු දීමේ හැකියාව තිබුණ ද හිරු එළියට නිරාවරණය වනවිට උගේ ශරීරය දියවන අතර ඉතිරිවන්නේ මේදය හා ඇටකටු පමණි. උන්ව ආහාරයට ගන්න වැඩියෙන්ම ආශා කරන්නේ බයිකල් විලට පමණක් ආවේනික වූ මිරිදිය ජලයේ ජීවත්වන බයිකල් සීල් මත්ස්‍යයයි.
අප්‍රේල් අවසානයේ සිට ජූනි දක්වා මෙම අයිස් ටිකෙන් ටික දිය වෙන්න පටන් ගන්නවා. මේ කාලයේ දී අයිස් පුපුරා යන ශබ්දය එහි වැසියන්ට හුරු පුරුදු ශබ්දයක්.
ශීත කාලයේ දී මෙම ප්‍රදේශයෙන් පිට වී ගිය කුරුල්ලන් අයිස් දිය වනවිට නැවත මෙහි පැමිණෙනවා. මේ කාලයේ දී තාරාවන්, පාත්තයන්, වූපර් හංසයන් හා කොක්කුන් දැකගත හැකි ය. මෙම ප්‍රදේශයේ සිටින ඩිපර් වැනි කුරුල්ලන් මුළු ශීත කාලයේ දී ම වෙසෙන්නේ අංගාරා ගඟ ඉහළ ප්‍රදේශයෙයි. ඊට හේතුව බයිකල් විලෙන් එම ගඟ පෝෂණය වුණත් ශීත කාලයේ දී එය මිදෙන්නේ නැති නිසයි.
ගල්පර මත තිබෙන මැසි බිත්තර කෑමට කෑදර වලසුන් රංචු පිටින් පැමිණෙනවා ජූනි මාසයේ දැකගත හැකි සුලභ දර්ශනයක්. මෙය දකින වෙනත් සතුන් ද විල් තෙර වෙත ඇදී එනවා.
වසන්ත හා ගිම්හාන කාලයේ ආරම්භයේ දී මෙම විලෙහි ඇල්ගී ශාක වැඩෙන්න පටන්ගන්නා අතර එය කුඩා පොකිරිස්සන් විශේෂයකට ආහාරයක් මෙන්ම ජලයට කොළ පැහැයක් ද එක් කරනවා. නමුත් විල් තෙර සිට බලන කෙනෙකුට ගැඹුරු තැන් පෙනෙන්නේ නිල්වන් මුහුදක් මෙනි. විල් තෙර අයිනේ වැලි කඳු මෙන්ම කඳු ගැටිති දැකගත හැකියි. මෙම විල අවට ඇති සුන්දර පරිසරය විලෙහි අසිරිය දෙගුණ තෙගුණ කරයි.
අවුරුද්දේ අවසාන කාලයේ දී සැඩ සුළං ඇති වෙනවා. සරත් සමයේ දී හරිකේන් වැනි චණ්ඩ මාරුත ඇති වෙනවා. මේ කාලයේ දී විලේ අඩි 15ක් 20 ක් තරම් උසට රැලි නැගෙනවා. වෙනත් කාලවල දී ද මෙවැනි චණ්ඩ මාරුත නිසා නැව් හා ධීවර යාත්‍රා විනාශ වී තිබෙන බව කියැවෙනවා.
ඒ අවට පහත් ප්‍රදේශය කැලෑ මල්වලින් ගහනව පවතිනවා. එය සයිබීරියාවේ මල් උයන කියා හැඳින්විය හැකියි. මෙහි දුර්ලබ වර්ගයේ කොක්කු වර්ග හා ආසියාවේ විශාලතම කුරුල්ලාවන බස්ටර්ඩ් වැනි කුරුල්ලන් දැකගත හැකියි.
ටයිගා වනාන්තරය බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරය මෙන් දෙගුණයක් විශාලයි. බයිකල් විල වට කරගෙන සිටින්නේ මෙම ටයිගා වනාන්තරයයි. ඇමසන් වැසි වනාන්තරය මෙන් ටයිගා වනාන්තරයත් පරිසරය මෙන්ම දේශගුණික සමතුලිතතාවට බෙහෙවින් දායක වෙනවා. මේ ප්‍රදේශයේ පක්ෂීන් රාශියක් දැකගත හැකියි. උන් අතර ග්‍රවුස් කුලයට අයත් කැපකේලි නම් පක්ෂියාද සිටිනවා. උන්ගේ ප්‍රජනන සමයේ දී උන් පෙම් රැඟුම් දක්වන අතර මියුරු නාද පතුරුවයි.
බයිකල් විල යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. එය සංචාරකයින්ට නිවාඩුවක් ගත කරන්න කදිම තැනක්. සෑම අවුරුද්දකම සංචාරකයින් 3,00,000ට වඩා වැඩි ගණනක් මෙහි පැමිණෙනවා.
මෙම බයිකල් විලෙහි වෙසෙන මුන්ට පැතලි මුහුණක් තිබෙන අතර එක ළඟ පිහිටි විශාල ඇස් දෙකක් ද තිබෙනවා. එමෙන්ම ලොව වෙසෙන කුඩාම සීල් මත්ස්‍යයින්වන මුන්ගේ දිග අඩි හතරහමාරක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් මෙම මත්ස්‍යයින් එකිනෙකාව තල්ලු කරමින් පොරකනවා. ඒත් මෙහි වෙසෙන සීල් මත්ස්‍යයින් කණ්ඩායම් වශයෙන් එකට එකතු වී ගල්පර මත අව්ව තපිමින් සිටිනවා දැකගන්න පුළුවන්. ඇත්තෙන්ම මුන්ව ලොව සිටින මිත්‍රශීලීම සීල් මත්ස්‍යයින් කියා හැඳින්විය හැකියි.
gaththa thana
http://staging.colomboweek.com/2015/05/26/
potos menna
Glowing: Photographer Alexey Trofimov woke at sunrise to capture the cracked surface of the lake beneath a glowing orange sky
Cracking: The photographer said there were cracks all over the giant Baikal Lake in Siberia, with some stretching from one side to the other
Wilderness: Baikal is the largest freshwater lake in the world by volume and is also said to be the world's oldest and deepest
Alexey Trofimov stayed on an island in the lake during his photography trip and described what he saw as 'magical' and 'supernatural'
As well as capturing some of the cracks in the surface, freelance photographer Alexey Trofimov took some stunning images at sunrise
Although the cracks were often wide and hundreds of yards long, temperatures were so cold that the lake was completely safe to stand on
The 44-year-old said the ice covering the lake was transparent meaning he could see right through it to the dark blue water underneath
Atmospheric: The sun rises over distant mountains lit up in orange light while a smoother section of the Siberian lake's icy surface can be seen in the foreground

බයිකල් විලේ උපත
ඈත අතීතයේ දී ආසියා මහද්වීපය හා යුරෝපා මහද්වීපයේ නැගෙනහිර ප්‍රදේශය එකිනෙක ගැටුණු බව භූ විද්‍යාඥයෝ විශ්වාස කරති. මේ ගැටීම හේතුවෙන් පොළොව යට පාෂාණ තට්ටුවල ඇති වූ පීඩනය මගින් කඳු වැනි විශාල නෙරීම් ඇති වූ බවත් හිමාලය වැනි කඳු ඇති වුණේ මේ ආකාරයට බවත් කියැවෙයි.
සමහර අය විශ්වාස කරන්නේ මහද්වීප අතර මෙවැනි ගැටීම් ඇති වනවිට ඒවා අතර සයිබීරියාවේ ගැඹුරු විවර කිහිපයක් ඇති වූ බවයි. බයිකල් විල මේ ආකාරයට ඇති වූ විවරයකින් බිහි වූවකි. කාලයත් සමගම අවට කඳුවලින් ඇදවැටුණු රොන් මඩවලින් මෙම විවරය කිලෝමීටර් 07 ක් පමණ ප්‍රමාණයක් පිරුණු පසු එය ජලයෙන් වැසී තිබේ. අද වනවිට ගංගා ඇළ දොළ 300 කට අධික සංඛ්‍යාවක් බයිකල් විලට ජලය සැපයුව ද බයිකල් විල ජලය සපයන්නේ අංගාරා ගඟට පමණයි.
විද්‍යාඥයින් පෙන්වන ආකාරයට විල් පතුලේ තිබෙන භූ තල ඈත් වෙමින් පවතී. මේ නිසා මෙම විල කෙමෙන් කෙමෙන් ගැඹුරුවන අතර වෙනත් විල් මෙන් බයිකල් විලෙහි රොන් මඩ හා මඩ නොරැඳෙයි. ඒ වෙනුවට එම රොන් මඩ හා මඩ භූ තල අතරින් පහළට ගලා යයි. ඒ වගේම මෙම භූ තල උණුසුම් ජලය ඉහළට විහිදුවීමටත් හේතු වෙයි.
විල පතුලේ අරුමයන්
මෙම විලෙහි තිබෙන ජලය ඉතාමත් පිරිසිදු සහ පැහැදිලි ය. මේ නිසා බොට්ටුවලින් ගමන්ගන්නා අයට එහි මීටර් 50ක් තරම් ගැඹුරට දැකගන්න ලැබෙනවා. සමහරවිට මෙය බියකරු අද්දැකීමක් විය හැකි ය. මෙම විලෙහි සිටින කකුළුවන් වැනි කුඩා ජීවී විශේෂයක් (epischura) එහි ඇති ඇල්ගී සහ බැක්ටීරියා විනාශ කරයි. එහි ඇති ජලය දුර්වර්ණ නොවී පවතින්නේ ඒ නිසාවෙනි.
එමෙන්ම මෙහි වෙසෙන පොකිරිස්සන් විශේෂයක් එහි එකතුවන අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා ඒවා දිරාපත්වීමෙන් ජලය අපවිත්‍රවීම වැළකෙනවා. මෙහි ජලය කොතරම් පිරිසිදු ද කියනවා නම් දශක දෙකකට පෙර මෙම ජලයේ පිරිසිදුකම පරීක්ෂා කිරීම සඳහා ජල සාම්පලයක් ගත්විට එම ජලය අපිරිසිදු වී තිබෙන්නේ එම භාජනයේ තිබුණු විෂ බීජ නිසයි.
බොහෝ ගැඹුරු විල්වල පවා ගැඹුරුතම තැන්වල ඔක්සිජන් ඌනතාවක් තිබෙන නිසා එහි වෙසෙන ජලජ ජීවීන් නොගැඹුරු ජලයට පැමිණෙනවා. ඒත් බයිකල් විල ඔක්සිජන්වලින් අනූන විලක්. ඊට හේතුව එහි ඇති දියවැල් සිරස් අතට හා හරස් අතට ගමන් කිරීම නිසා එහි සෑම තැනකම අවශ්‍ය තරම් ඔක්සිජන් තිබීමයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට බයිකල් විලේ නොගැඹුරු සහ ගැඹුරු තැන්වල පවා ජලජ ජීවීන් දැකගත හැකියි.
මෙම විලේ තිබෙන ශීත ජලය නිසා එහි පතුල ජලජ ශාකවලින් ගහනව පවතිනවා. එහි තිබෙන කොළ පාට ස්පොන්ජි කොරල් පර මෙන් වැඩී කුඩා ජලජ ජීවීන් බොහොමයකට ආරක්ෂාව සපයනවා. ඒත් උණුසුමට කැමති ජීවීන් එක් රොක් වෙන්නේ භූ තල අතරින් උණුසුම් ජලය විහිදෙන ස්ථානවලටයි. විල්වල වෙසෙන ජලජ ජීවීන් වර්ග 2,000කට වඩා වැඩි සංඛ්‍යාවකින් 1,500ක්ම දැකගත හැකි වන්නේ බයිකල් විලෙයි.
බයිකල් විල ඉතා රසවත් මිල අධික සුදු පාට ඕමල් නම් මත්ස්‍ය වර්ගය සඳහා ඉතාමත් ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි මෙහි විවිධාකාර ජීවීන් දැකගන්නත් පුළුවන්. මෙහි සිටින එක් පැතලි පණු වර්ගයක් දිගින් අඩියකට වඩා වැඩිවන අතර උන් මාළුන්ව ආහාරයට ගන්නවා. එමෙන්ම වැලි අතර ඒක සෛලීය ජීවීන් ද දැකගත හැකියි. මෙම විලට ආවේනික වූ ගෙලම්‍යාන්කා නමැති විශේෂිත මත්ස්‍ය වර්ගයක් සිටී.
බයිකල් විලේ වෙසෙන මෙම පුංචි මත්ස්‍යයා විනිවිද පෙනෙන දිලිසෙන සමකින් යුක්තයි. උන් වෙසෙන්නේ විල් පතුල ආශ්‍රිතවවන අතර උන් බිත්තර වෙනුවට පැටවුන් බිහි කරයි. උගේ ශරීරයේ තුනෙන් එකකම අඩංගුවන්නේ මේදයයි. එමෙන්ම ඌ විටමින් A බහුල මත්ස්‍යයෙක්. මේ මත්ස්‍යයාට මීටර් 200 සිට 450ක් ගැඹුරේ ජල පීඩනයට ඔරොත්තු දීමේ හැකියාව තිබුණ ද හිරු එළියට නිරාවරණය වනවිට උගේ ශරීරය දියවන අතර ඉතිරිවන්නේ මේදය හා ඇටකටු පමණි. උන්ව ආහාරයට ගන්න වැඩියෙන්ම ආශා කරන්නේ බයිකල් විලට පමණක් ආවේනික වූ මිරිදිය ජලයේ ජීවත්වන බයිකල් සීල් මත්ස්‍යයයි.
දේශගුණික වෙනස්කම්
වසරේ මාස පහක් පමණ බයිකල් විල අයිස්වලින් වැසී පවතී. ජනවාරි මාසයේ අවසානයේ දී එම අයිස් තට්ටුවේ ඝණනකම අඩි 03 ක් හෝ ඊට වඩා වැඩි වෙනවා. මෙම අයිස් තට්ටු විනිවිද පෙනෙන ස්වභාවයක් ගැනීම හේතුවෙන් ඒ මත ඇවිදින කෙනෙකුට මෙම විලේ තිබෙන ගල්පර පවා දැකගත හැකි ය. මෙම අයිස් තට්ටු විනිවිද පෙනෙන නිසා ඒවා එතරම් ශක්තිමත් නැහැ කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඒත් එය ඉතාමත් ශක්තිමත්. ඒ බව තහවුරු වන්නේ මීට සියවසකට පමණ පෙර ශීත කාලයේ දී පැවති රුසියානු – ජපන් යුද සමයේ දී රුසියානු හමුදාව විසින් මෙය හරහා රේල් පාරක් ඉදි කිරීමෙනුයි. එමෙන්ම දුම්රිය එන්ජින් 65ක් එහි නවතා තිබිණි.
අප්‍රේල් අවසානයේ සිට ජූනි දක්වා මෙම අයිස් ටිකෙන් ටික දිය වෙන්න පටන් ගන්නවා. මේ කාලයේ දී අයිස් පුපුරා යන ශබ්දය එහි වැසියන්ට හුරු පුරුදු ශබ්දයක්.
ශීත කාලයේ දී මෙම ප්‍රදේශයෙන් පිට වී ගිය කුරුල්ලන් අයිස් දිය වනවිට නැවත මෙහි පැමිණෙනවා. මේ කාලයේ දී තාරාවන්, පාත්තයන්, වූපර් හංසයන් හා කොක්කුන් දැකගත හැකි ය. මෙම ප්‍රදේශයේ සිටින ඩිපර් වැනි කුරුල්ලන් මුළු ශීත කාලයේ දී ම වෙසෙන්නේ අංගාරා ගඟ ඉහළ ප්‍රදේශයෙයි. ඊට හේතුව බයිකල් විලෙන් එම ගඟ පෝෂණය වුණත් ශීත කාලයේ දී එය මිදෙන්නේ නැති නිසයි.
ගල්පර මත තිබෙන මැසි බිත්තර කෑමට කෑදර වලසුන් රංචු පිටින් පැමිණෙනවා ජූනි මාසයේ දැකගත හැකි සුලභ දර්ශනයක්. මෙය දකින වෙනත් සතුන් ද විල් තෙර වෙත ඇදී එනවා.
වසන්ත හා ගිම්හාන කාලයේ ආරම්භයේ දී මෙම විලෙහි ඇල්ගී ශාක වැඩෙන්න පටන්ගන්නා අතර එය කුඩා පොකිරිස්සන් විශේෂයකට ආහාරයක් මෙන්ම ජලයට කොළ පැහැයක් ද එක් කරනවා. නමුත් විල් තෙර සිට බලන කෙනෙකුට ගැඹුරු තැන් පෙනෙන්නේ නිල්වන් මුහුදක් මෙනි. විල් තෙර අයිනේ වැලි කඳු මෙන්ම කඳු ගැටිති දැකගත හැකියි. මෙම විල අවට ඇති සුන්දර පරිසරය විලෙහි අසිරිය දෙගුණ තෙගුණ කරයි.
අවුරුද්දේ අවසාන කාලයේ දී සැඩ සුළං ඇති වෙනවා. සරත් සමයේ දී හරිකේන් වැනි චණ්ඩ මාරුත ඇති වෙනවා. මේ කාලයේ දී විලේ අඩි 15ක් 20 ක් තරම් උසට රැලි නැගෙනවා. වෙනත් කාලවල දී ද මෙවැනි චණ්ඩ මාරුත නිසා නැව් හා ධීවර යාත්‍රා විනාශ වී තිබෙන බව කියැවෙනවා.
අවට පිහිටි සුන්දර පරිසරය
බයිකල් විල අවට වෙසෙන විවිධ සතුන් හා පරිසරය මේ ප්‍රදේශයේ සුන්දරත්වය තවත් වැඩි කරනවා. මෙම විල වටා අත් වැල් බැඳගෙන සිටින දැවැන්ත කඳු හතර පිනිමුවන්ට මෙන්ම වඳ වී යන සයිබීරියානු කඳු එළුවන්ට ආරක්ෂා ස්ථානයක් වී තිබෙනවා.
ඒ අවට පහත් ප්‍රදේශය කැලෑ මල්වලින් ගහනව පවතිනවා. එය සයිබීරියාවේ මල් උයන කියා හැඳින්විය හැකියි. මෙහි දුර්ලබ වර්ගයේ කොක්කු වර්ග හා ආසියාවේ විශාලතම කුරුල්ලාවන බස්ටර්ඩ් වැනි කුරුල්ලන් දැකගත හැකියි.
ටයිගා වනාන්තරය බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරය මෙන් දෙගුණයක් විශාලයි. බයිකල් විල වට කරගෙන සිටින්නේ මෙම ටයිගා වනාන්තරයයි. ඇමසන් වැසි වනාන්තරය මෙන් ටයිගා වනාන්තරයත් පරිසරය මෙන්ම දේශගුණික සමතුලිතතාවට බෙහෙවින් දායක වෙනවා. මේ ප්‍රදේශයේ පක්ෂීන් රාශියක් දැකගත හැකියි. උන් අතර ග්‍රවුස් කුලයට අයත් කැපකේලි නම් පක්ෂියාද සිටිනවා. උන්ගේ ප්‍රජනන සමයේ දී උන් පෙම් රැඟුම් දක්වන අතර මියුරු නාද පතුරුවයි.
බයිකල් විල යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. එය සංචාරකයින්ට නිවාඩුවක් ගත කරන්න කදිම තැනක්. සෑම අවුරුද්දකම සංචාරකයින් 3,00,000ට වඩා වැඩි ගණනක් මෙහි පැමිණෙනවා.
මිරිදිය ජලයෙහි වෙසෙන සීල් මත්ස්‍යයා
බයිකල් විලෙහි දසදහස් ගණන් සීල් මත්ස්‍යයින් වෙසෙනවා. මුන් දිවි රැකගන්නේ එහි සිටින කුඩා මසුන් ආහාරයට ගැනීමෙනුයි. මෙහි පමණක් වෙසෙන මෙම මිරිදිය සීල් මත්ස්‍යයින් විලට පැමිණියේ කොහේ සිටද කියා කිසිවෙකුට ස්ථිර වශයෙන්ම කියන්න බැහැ. මෙම මිරිදිය සීල් මත්ස්‍යයින්ට ළඟම නෑකම් කියන සීල් මත්ස්‍යයින් ජීවත් වන්නේ මෙහි සිට කිලෝමීටර් 3,220ක් දුරිනුයි.
මෙම බයිකල් විලෙහි වෙසෙන මුන්ට පැතලි මුහුණක් තිබෙන අතර එක ළඟ පිහිටි විශාල ඇස් දෙකක් ද තිබෙනවා. එමෙන්ම ලොව වෙසෙන කුඩාම සීල් මත්ස්‍යයින්වන මුන්ගේ දිග අඩි හතරහමාරක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් මෙම මත්ස්‍යයින් එකිනෙකාව තල්ලු කරමින් පොරකනවා. ඒත් මෙහි වෙසෙන සීල් මත්ස්‍යයින් කණ්ඩායම් වශයෙන් එකට එකතු වී ගල්පර මත අව්ව තපිමින් සිටිනවා දැකගන්න පුළුවන්. ඇත්තෙන්ම මුන්ව ලොව සිටින මිත්‍රශීලීම සීල් මත්ස්‍යයින් කියා හැඳින්විය හැකියි.
gaththa thana
http://staging.colomboweek.com/2015/05/26/
potos menna
- Lake Baikal is a rift lake in the south of the Russian region of Siberia, between the Irkutsk Oblast to the northwest and the Buryat Republic to the southeast. Wikipedia
- Area: 12,248 mi² (31,722 km²)
- Length: 395.2 miles (636 km)
- Mean depth: 2,442' (744 m)
- Fish: Omul, Baikal sturgeon, Arctic grayling
- Cities: Irkutsk
- Islands: Olkhon Island
සම්පුර්න විස්තරයක් මෙතනින්
මේ සිත කාලේදී

Last edited: