බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්

බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්.

අදත් ජෙලි කන්න ආස අයට ඉක්මනට පහසුවෙන්ම හදාගන්න පුලුවන් අතුරුපසක් ගැන කියලා දෙන්නයි හදන්නේ..එච්චර වෙලාවක් යන්නේත් නෑ..හරිම රසයි මේ පුඩින් එක..එහෙනන් අපි බලමු මොනාද මේක හදන්න ඕනේ කරන්නේ සහ කොහොමද මේ පුඩින් එක හදාගන්නේ කියලා..

අවශ්‍ය ද්‍රව්‍ය

1)පාට තුනක් හෝ හතරක ජෙලි(මම මෙතන පාට තුනයි අරන් තියෙන්නේ..ස්ට්‍රෝබෙරි,බ්ලූබෙරි සහ ඇපල් රස )

2)ජෙලටින් මේස හැඳි -2ක්

3)පොඩි මිල්ක්මේඩ් කිරි ටින් -1ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම ජෙලි වෙන වෙනම හදාගෙන ශීතකරණයේ තබා සෙට් කරගන්න.(ජෙලි පැකට් එකක් නටන උණු වතුර කෝප්ප 1 1/2 ක දිය කරගන්න..අපි වෙනදට ජෙලි හදනකොට වතුර කෝප්ප 2 1/2 ක දිය කරගත්තත් මේ වෙලාවේ ජෙලි ටික තද පාටට තියෙන්න ඕනේ නිසා කෝප්ප 1 1/2 ක තමයි දිය කරගන්නේ )

ජෙලි හොඳින් සෙට් වුනාට පස්සෙ කෑලි කපා ගන්න.(අඟලේ විතර.. ඒකටත් ලේසි විදිහක් කියන්නන්,ජෙලි හදපු ගමන් නිමෙන්න තියලා වීදුරු බඳුනකට දාලා සෙට් වෙන්න තියන්න..සෙට් වුනාට පස්සේ බඳුන පිටින් උණු වතුරේ ටික වෙලාවක් තියලා ට්‍රේ එකක තියලා අනිත් පැත්ත හරවන්න..හැබැයි ගොඩක් වෙලා උනු වතුරේ තියන්න එපා..ජෙලි දියවෙයි..ඊට පස්සේ කෑලි කපා ගන්න පුලුවන්..මමනන් එහෙම කරලා නෑ මෙතන )

කෑලි කපාගත් ජෙලි ටික නැවත ෆ්‍රිජ් එකට දාන්න.

දැන් මිල්ක්මේඩ් ටින් එක කඩලා කිරි ටික බඳුනකට දාන්න..ඒකටම නටන උණුවතුර කෝප්ප 1 3/4 ක් දාන්න..දැන් හොඳින් උණුවතුර සමග උකු කිරි කලවම් කරන්න..

ජෙලටින් මේස හැඳි දෙක උනු වතුර ටිකක හොඳින් දිය කරගෙන අපි හදාගත්තු උනු කිරි මිශ්‍රණේට දාලා කලවම් කරන්න..

දැන් නිවෙන්න තියන්න..

හොඳින් නිවුනට පස්සේ ජෙලි කැබලි ටික උඩට මේ කිරි වත්කරන්න..

දැන් නැවත ෆ්‍රිජ් එකට දාන්න සෙට් වෙන්න..

හොඳට සෙට් වුනාට පස්සේ කරන්න ඕනේ දේ ඉතින් මම කියන්න ඕනේ නෑනේ..ඉතින් හදලා බලලා කියන්නකෝ රසයිද කියලා..
qxulqv.jpg


2j3i4i0.jpg


osy100.jpg
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම කිව්වා වගේ මෙගා ත්‍රෙඩ් එකක දාලම වැඩ ඇල්ලුවනම් මොකෝ යෝධියේ. :angry:

කෝ ඉතින් ඒක පටන් ගන්න පාටක් නෑ නේ..ඒකයි දැම්මේ..:(
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අර දත් සොන්නිට කිව්වා බලමු කියලනේ කිව්වේ. :angry::angry:

ඒක තමයි බොට් කිව්වේ දාන්න කියලා..දැන්වත් පටන් ගම්පිය..මම හෙට විතර චොක්ලට් මිල්ක්ශේක් හදන්න ඉන්නේ..ඒකවත් දාමු..:angry:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක තමයි බොට් කිව්වේ දාන්න කියලා..දැන්වත් පටන් ගම්පිය..මම හෙට විතර චොක්ලට් මිල්ක්ශේක් හදන්න ඉන්නේ..ඒකවත් දාමු..:angry:

    දතාට කියලා දාමු බොල. මම දැන් රෑට කොත්තු කඩේ නිසා ගෙදර ෆැන්සි ෆුඩ් හදන්නේ අඩුවෙන්. :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දතාට කියලා දාමු බොල. මම දැන් රෑට කොත්තු කඩේ නිසා ගෙදර ෆැන්සි ෆුඩ් හදන්නේ අඩුවෙන්. :angry:

    අපි පටන් ගමු..කට්ටිය එක එක කෑම ජාති හදලා දායි..අඩු ගානේ අම්මලා හදන ඒවා හරි ෆොටෝ අරන් දායි..:D