උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් වෙලාද?

monson

Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් වෙලාද?

    ගතවූ වසර හය ඇතුළත ඉවත් කර තිබෙන හමුදා කඳවුරු ගණන 59 කි. 2009 සිට මේ දක්වා යුද සේනාංක කීපයක් යටතේ නිදහස් කර තිබෙන මුළු භූමි ප‍්‍රමාණය අක්කර 12901 කි.

    BUPSH_DL-NE_013.jpg


    යුද සමයේදී මෙරට පිහිටු වූ අධිආරක්‍ෂක කලාප පිළිබඳ කතාබහ පසුගිය කාලයේදී තරමක ආන්දෝලනාත්මක ස්වරූපයක් ගන්නා අයුරු අපි දුටුවෙමු. ඒ අතර විශේෂ වූයේ උතුරුකරයේ ස්ථාපිත කර තිබූ අධි ආරක්‍ෂක කලාප සම්බන්ධයෙන් පතළ වූ උණුසුම් කතාබහය. උතුර නියෝජනය කරන දමිළ දේශපාලන අධිකාරියෙන් ඒ ගැන දිගින් දිගටම එල්ල වූයේ තදබල විවේචනයන්ය. උතුරේ සමහර දේශපාලනඥයෝ වරෙක සියලූ අධිආරක්‍ෂක කලාප ඉවත් කළ යුතු බවත්, හමුදාව විශාල වශයෙන් අඩු කළ යුතු බවත් කීහ. තවත් සමහරුන් කීවේ උතුරේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට හමුදාව විශාල වශයෙන් බාධාවක්ව තිබෙන බවයි. ඒ සෑම අවස්ථාවකදීම රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ප‍්‍රතිචාරය වූයේ ත‍්‍රස්තවාදී අවදානමක් යළි උතුරෙන් මතුවීම වැළැක්වීමටත්, උතුරේ ජනයාගේ ජීවිත යළි ගොඩනැංවීමටත් තවදුරටත් ආරක්‍ෂක අංශ උතුරේ රඳවා තබන බවය. එහෙත් සැලකිය යුතු අගයකින් උතුරේ හමුදා ඉවත් කිරීමට පියවර ගන්නා බවද රජය පැත්තෙන් ප‍්‍රකාශයට පත්විණි.




    පශ්චාත් යුද කාලීන උතුරුකරය ඇතුළත මෙවැනි වාතාවරණයක් ගොඩනැගී තිබියදී උතුරේ පිහිටි අධිආරක්‍ෂිත කලාපවලින් ඉඩම් නිදහස් කිරීම ද පසුගිය කාලයේදී සිදුවිය. විශේෂයෙන්ම යාපනය අධිආරක්‍ෂක කලාපය මගින් පවරාගෙන තිබූ ජනතාවගේ ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරීම ඉකුත් කාලයේදී අදියර කීපයක් යටතේ සිදුවූ නමුත් ඒ සම්බන්ධව රට ඇතුළත විවිධ මතිමතාන්තර ගොඩනැගී තිබුණු බැවින් එලෙස නිදහස් කළ ඉඩම් සහ ඉන්පසු තත්ත්වය පිළිබඳ තොරතුරු රටට ලබාදීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය 10 වැනි දින පැවැත්විණි. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු එම මාධ්‍ය සාකච්ඡුාවේදී යාපනය අධිආරක්‍ෂක කලාපයෙන් ඉඩම් නිදහස් කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳවත්, කවර ප‍්‍රමාණයක් ද යන්න පිළිබඳවත් කරුණු අනාවරණය කෙරිණි.


    එම මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි කරන ලද තොරතුරුවලට අනුව 2009 වසරේදී මානුෂීය මෙහෙයුම අවසානයේදී යාපනය අර්ධද්වීපයේ හමුදා කඳවුරු 152ක් ස්ථාපිත කර තිබුණි. නමුත් අද වන විට එම ප‍්‍රමාණය 92 දක්වා අඩුකර තිබේ. ඒ අනුව ගතවූ වසර හය ඇතුළත ඉවත් කර තිබෙන හමුදා කඳවුරු ගණන 59 කි. 2009 සිට මේ දක්වා යුද සේනාංක කීපයක් යටතේ නිදහස් කර තිබෙන මුළු භූමි ප‍්‍රමාණය අක්කර 12901 කි. ඒ අනුව 55 වැනි සේනාංකය වෙතින් ඉඩම් අක්කර 1830 ක්ද, 52 වැනි සේනාංකය වෙතින් අක්කර 10573 ක්ද, 55 සේනාංකය වෙතින් අක්කර 498 ක් වශයෙන් එම ඉඩම් නිදහස් කර ඇත.
    1996 දී පලාලි යුද හමුදා ජනපදය සතුව පැවති මුළු භූමි ප‍්‍රමාණය අක්කර 11629.72 කි. නමුත් 2009 මානුෂීය මෙහෙයුමෙන් පසුව අක්කර 6258ක් නිදහස් කර තිබේ. අද වන විට පලාලි ජනපදය සතුව තිබෙන්නේ අක්කර 5371 ක් පමණි. ඒ අනුව අදියර 01 යටතේ 2010 ඔක්තෝබර් 28 වැනි දින ඉඩම් අක්කර 370.65ක්ද අදියර 02 යටතේ 2010 නොවැම්බර් 27 වැනි දින අක්කර 1952.13ක්ද අදියර 03 යටතේ 2011 මැයි 09 වැනි දින අක්කර 1971.94 ක ප‍්‍රමාණයක් ද අදියර 04 යටතේ 2011 ඔක්තෝබර් 06 වැනි දින අක්කර 345.94 ක්ද, අදියර 05 යටතේ වල්ලායි ප‍්‍රදේශයෙන් අක්කර 617.76 ක්ද, අදියර 06 යටතේ අක්කර 1000 ක ප‍්‍රමාණයක් ද නිදහස් කර තිබේ.


    පලාලි හමුදා ජනපදය ඇතුළුව යාපනයේ ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් මේ වන විට නිදහස් කර ඇති මුළු භූමි ප‍්‍රමාණය අක්කර 19159.38 කි. ඒ අනුව 51 වැනි සේනාංකය යටතේ අක්කර 1830ක් ද 52 වැනි සේනාංකය යටතේ 10573 ක්ද 55 වැනි සේනාංකය වෙතින් 498ක්ද, පලාලි යුද හමුදා ජනපදය වෙතින් අක්කර 6258.38 ක්ද වශයෙන් නිදහස් කර තිබේ.



    එම මාධ්‍ය සාකච්ඡුාවේදී හෙළි කෙරුණු තොරතුරුවලින් වැඩිදුරටත් කියැවුණේ එලෙස නිදහස් කරන ලද ඉඩම්වල හිමිකරුවන්ගෙන් බොහෝ දෙනෙකු තම මුල් ඉඩම්වලට පැමිණ නැති බවය. එම ඉඩම් හිමියන්ගෙන් බොහෝ දෙනෙකු විදේශ රටවල පදිංචිවී සිටීම ඒ තත්ත්වයට බලපා තිබෙන බවද ප‍්‍රකාශ විණි.
    එම මාධ්‍ය සාකච්ඡුාවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතාය. එහිදී ඒ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි ප‍්‍රශ්න සහ ඔහු ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.


    මාධ්‍ය:- ඉදිරියට තවත් අධිආරක්‍ෂක කලාප යටතේ තිබෙන ඉඩම් නිදහස් කරනවද?
    ඒක ඒ අවස්ථාවේදී පවතින ආරක්‍ෂක තත්ත්වය මත කරන දෙයක්. ඒක අද කරනවද හෙට කරනවද ප‍්‍රමාණය කොච්චර ද කියලා මට මේ අවස්ථාවේ කියන්න බෑ.


    මාධ්‍ය:- ආණ්ඩුව පත්වුණාට පස්සේ රටේ ආරක්‍ෂාවට තර්ජනයක් තිබෙනවා කියලා සමහර පිරිස් කරන ප‍්‍රකාශවල සත්‍යතාවක් තියෙනවද?
    ආරක්‍ෂක සේනා ආඥාපති:- මම කතාකරන්නෙ යාපනය අර්ධද්වීපය සහ යාපනය ආරක්‍ෂක සේවා මූලස්ථානය පිළිබඳවයි. අපි මේ වෙන කොට යාපනයෙ ආරක්‍ෂාව තහවුරු කරලා තියෙනවා. යාපනයෙ ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් නෑ.




    මාධ්‍ය:- මේ ඉඩම් නිදහස් කිරීම ගැන මේ ප‍්‍රදේශයේ ජනතාව තෘප්තිමත්ද?
    ආරක්‍ෂක සේනා ආඥාපති:- අපි පැහැදිලිව පෙන්නුවා මේ ප‍්‍රදේශයේ ඉඩම් නිදහස් කරපු විදිහ. සමහර තැන්වල මිනිස්සු ඇවිත් නැවත පදිංචි වෙලා හිටියට සමහර තැන්වල එහෙම නෑ. මම හිතන්නෙ නැවත පදිංචියට ඇවිල්ලා ඉන්න ජනතාව ඉතාම සතුටෙන් ඉන්නෙ එයාලගෙ ඉඩම් ලැබුණු එකට.




    මාධ්‍ය:- යාපනයෙ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මකයිද?
    ආරක්‍ෂක සේනා ආඥාපති:- ඔව්. අපි ඒක කරගෙන යනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ අනෙකුත් සිවිල් සංවිධාන සහභාගිත්වයෙන් ඒ කටයුතු දැනටමත් සිදුවෙමින් තියෙනවා. මේ වෙනකොට අපි සියයට 99 ක පමණ භූමි ප‍්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කරලයි තියෙන්නෙ.




    මාධ්‍ය:- උතුරේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමට ආරක්‍ෂක අංශ හේතුවක්වී තිබෙනවා කියලා ඇතැමුන් චෝදනා කරනවා. මේ චෝදනාව ගැන ඔබතුමා මොකක්ද කියන්නෙ?
    ආරක්‍ෂක සේනා ආඥාපති:- මම ඉස්සෙල්ලම කියන්න ඕනැ අපේ හමුදාව ශ්‍රේෂ්ඨ හමුදාවක්. ඒ වගේම විනය ගරුක හමුදාවක්. ඒ නිසා මත්ද්‍රව්‍ය ප‍්‍රචාරය වීමට අපේ හමුදාවේ කිසිම සම්බන්ධයක් නෑ. අපිට මේ වගේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම පිළිබඳ තොරතුරු කලින් දැනගන්න ලැබුණොත් අපි ඒ ගැන පොලීසියට දැනුම් දෙනවා. අපි එහෙම දැනුම් දුන් අවස්ථාත් තියෙනවා.


    මෙම මාධ්‍ය සාකච්ඡුාවෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් නිදහස් කරන ලද ඉඩම් පිහිටි ප‍්‍රදේශ කීපයක් නැරඹීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව උදාවූ අතර එහිදී අපට දැකගත හැකි වූයේ එලෙස නිදහස් කර තිබෙන ඉඩම් බොහොමයක් ජනාවාසකරණයකින් තොරවම පාළුවට ගොස් ඇති සෙයකි.


    තැනින් තැන අටවගෙන තිබූ පොල්අතු පැලවල් ඉතාමත් සුළු ප‍්‍රමාණයක් අපට දැකගන්නට ලැබුණු අතර එහි සිටි දෙතුන් දෙනෙකු සමග කතාබහ කරන්නට ද අපි අමතක නොකළෙමු.

    663.jpg


    අපි දැන් ඉන්න මේ වලලායි උතුරු ප‍්‍රදේශයට ආපහු ආවෙ මේ අවුරුද්දෙ මාර්තු මාසයේදී. අපි මෙහෙන් ගියෙ 1990 අවුරුද්දෙදි. අපි මෙහෙන් යනකොට පවුල් 280ක් විතර හිටියා. එයින් පවුල් 25කට විතරයි මෙතන දැන් ඉඩම් දීලා තියෙන්නෙ. යූ.එන්.එච්.ආර්. එකෙන් තමයි අපිට මේ ඉඩම් දුන්නෙ. තව පවුල් 25කට එන්න කියලා තියෙනවා ඉඩම් දෙන්න තුන්වෙනි මාසෙන් පස්සෙ. අපිට මෙතන හමුදාවෙන් කිසිම කරදරයක් නෑ. ලොකු ප‍්‍රශ්න මොනවත් නෑ. ස්ත‍්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය මේ දේවල්වලට හමුදාව සම්බන්ධයි ද කියන්න අපි දන්නෙ නෑ. යුද්දෙ තිබුණු කාලෙට වඩා දැන් තියෙන තත්ත්වය හොඳයි. අපි ජීවත් වෙන්න ධීවර කටයුතු කරනවා.

    dfh1.jpg


    1990 අවුරුද්දෙදි අපි මෙහෙන් ගියා. අපි යනකොට මෙහෙ පවුල් පනහක් විතර හිටියා. අද වෙනකොට 250ක් විතර ඉන්නවා. ඒ පවුල්වලට ඉඩම් දීලා තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෙවල් හදලා දීලා තියෙන්නෙ පවුල් 25කට විතරයි. යුද්ධ කාලෙදි අපි ගොඩක් ප‍්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒත් අපි දැන් නිදහසේ ඉන්නවා.


    - http://www.lankadeepa.lk/index.php/articles/325392
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කට බොරු කිව්වත්
    දිව බොරු කියන්නේ නැත

    පසුගිය දිනක එජාපයේ මහලේකම්, ගරු අමාත්‍ය කබීර් හෂීම් මහතා මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කර තිබිණි. ඒ, හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසය. නිවේදනයේ සඳහන්ව තිබූ ආකාරයට ''වර්තමාන ආණ්‌ඩුව විසින් උතුරු ප්‍රදේශයේ ස්‌ථාපිත කර තිබූ හමුදා කඳවුරු 59 ක්‌ ඉවත් කර කොටින්ට හිස එසවීමට අවකාශ ලබාදී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළත් එම කඳවුරු 59 ඉවත් කර තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා විසින්ම'' යෑයි ගරු ඇමතිවරයා සඳහන් කරයි.

    ගරු ඇමැතිවරයා වැඩිදුරටත් එහි සඳහන් කරන ආකාරයට වත්මන් ආණ්‌ඩුව එකදු හමුදා කඳවුරක්‌ හෝ ඉවත් කර නොමැත. එමෙන්ම උතුරේ ඉඩම් කිසිදු ක්‍රමවේදයක්‌ නොමැතිව මුදාහැර තිබෙන බව සඳහන් කළත්, උතුරේ ඉඩම් අක්‌කර පන්දහසක්‌ පසුගිය ආණ්‌ඩුව මගින් මුදාහැර තිබෙන බවත් වත්මන් ආණ්‌ඩුව විසින් යුද හමුදාවේ එකඟතාව මත නිදහස්‌ කර ඇත්තේ ඉඩම් අක්‌කර දහසක ප්‍රමාණයක්‌ බවද එම නිවේදනයේ සඳහන් ය.

    දැන් අපට ප්‍රශ්නයක්‌ මතුවේ.

    ඇත්ත වශයෙන්ම මේ වන විට උතුරේ සිදුවන්නේ කුමක්‌ද? කවුරුන් හෝ වේවා ''නැවත කොටි නැගිටිනවා'' යෑයි කියන්නේ සාධනීය නොවන කරුණු කාරණා මතද?

    මේ කොටි නැවත නැගිටීමේ කතාවට පණ එන්නේ පසුගිය මැයි 19 වැනිදා මුලතිව් හි පැවැති කොටි සැමරුවත් සමගිනි. මේ සිදුවීමට මුල පුරන්නේ කොටි සැමරුම් තහනම් කරමින් දුන් උසාවි නියෝගයක්‌ පවා කඩ කරමින් පහන් දල්වමින්, කළු කොඩි ඔසවමින් මිය ගිය කොටි සැමරීමය. මෙම සමරුව මිය ගිය සාමාන්‍ය ජනතාව සැමරීමක්‌ යෑයි ප්‍රකාශ නිකුත් කළද, සිහිමොලේ ඇති කවරකු හට වුවද එහි ඇත්ත නැත්ත වටහා ගැනීම අපහසු නොවේ.

    කෙසේ හෝ මෙය අහඹු සිදුවීමක්‌ නොවේ. රටේ ජාතීන් අතර සබැඳියාවක්‌ ඇති කිරීමේ සැබෑ වුවමනාවක්‌ ඇත්නම් කවරකු වුවද එවැනි පියවරකට යැම උචිත නැත.

    කබීර් හෂීම් ගරු අමාත්‍යවරයාගේ ප්‍රකාශය ''කට බොරු කිව්වත් දිව බොරු නොකියන'' පන්නයේ එකකි. පසුගිය ආණ්‌ඩුවට දොස්‌ තබන වත්මන් ආණ්‌ඩුව කියන්නේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට පියවර නොගත් බවය. ඔහුගේම මාධ්‍ය ප්‍රකාශයේ ඊට පිළිතුරු සඳහන්ය.

    ඒ අනුව හමුදා කඳවුරු 59 ඉවත් කර ඇත්තෙත්, ඉඩම් අක්‌කර පන්දහසක්‌ මුදාහැර ඇත්තේද පසුගිය ආණ්‌ඩුවෙනි. ඒ අනුව ජාතීන් අතර සංහිඳියාවට මුල පුරා ඇත්තේ පසුගිය ආණ්‌ඩුවයි. යාපනය ආරක්‌ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත පසුගිය ජුනි 10 වැනිදා ප්‍රකාශ කර ඇති සංඛ්‍යා ලේඛන අනුව මානුෂීය මෙහෙයුමේ යුද ජයග්‍රහණයෙන් පසු 2010 වසරේ සිට මේ දක්‌වා යාපනය අර්ධද්වීපයේ හමුදා කඳවුර 59 ක්‌ ඉවත්කර ඒවා පවත්වාගෙන ගිය අක්‌කර 19,850 ක්‌ මුල් පදිංචිකරුවන්ට ලබාදී තිබේ.

    ඒ අනුව අතිශය පැහැදිලි කාරණය වන්නේ 2009 යුද්ධය අවසන් වී වසරක්‌ ඉවත් වූ තැන්පටන් සංහිඳියාව සඳහා අත්‍යවශ්‍යම කාරණය වන දෙමළ ජනතාවගේ ඉඩම් අයිsතිය ලබාදීමේ සිට ඔවුනට බිය සැක නැති පරිසරයක්‌ තුළ ජීවත්වීමට ඇති අයිතියද තහවුරු වී ඇති බවය.

    කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව වත්මන් ආණ්‌ඩුව යුද හමුදාවේ එකඟතාව මතද නිදහස්‌ කර ඇත්තේ ඉඩම් අක්‌කර දහසක්‌ පමණි.

    අප විශ්වාස කරන්නේ මෙය දේශපාලන කඹ ඇදිල්ලක්‌ බවට පත් කරගැනීම කළ යුතු නැති බවය.

    පරණ ආණ්‌ඩුව නවතා දැමූ තැන් පටන් අලුත් ආණ්‌ඩුව මෙය ජාතික ප්‍රතිපත්තියක්‌ සේ ක්‍රියාත්මක කළ යුතුය. සංහිඳියාව වෙනුවෙන් කානිවල් පැවැත්වීමට වඩා අවශ්‍ය වන්නේ එවන් තාර්කික විසඳුමකි.

    පසුගිය මාර්තු මාසයේ ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සංචාරයක නිරතව සිටියදී කීවේ යාපනයේ සිංහල මහ විද්‍යාලය නැවත ආරම්භ කිරීමට වාර්තාවක්‌ සකස්‌ කර දෙන ලෙසයි.

    ගරු අගමැතිවරයා සංහිඳියාව වෙනුවෙන් එවන් දූරදර්ශී ව්‍යාපෘති යෝජනා කරන විට මේ සිදුවන්නේ කුමක්‌ද?


    දිවයින කතුවැකිය
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    උ/නැ හමුදා කඳවුරු 59 ක්‌ ගිය ආණ්‌ඩුවේ තීරණ මත ඉවත් කරලා
    - අගමැති රනිල් වික්‍රමසිංහ


    කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

    උතුරු නැගෙනහිර පළාත්වල තිබූ හමුදා කඳවුරු 59 ක්‌ පසුගිය රජයේ තීන්දු මත ඉවත් කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. වර්තමාන රජය යටතේ කිසිදු කඳවුරක්‌ ඉවත් කර නැතැයි ද කී අගමැතිවරයා කඳවුරු තිබිය යුතුද නැතිද යන්න තීරණය කරන්නේ හමුදාව මිස ආණ්‌ඩුව නොවන බව ද කීය.

    කොඩිකාමන් උතුර හමුදා කඳවුර මෙම වසර අවසානයේදී ඉවත් කරන බවට චාල්ස්‌ ඥනකෝන් නමැති ද්‍රවිඩ ව්‍යාපාරිකයා සිය මිතුරෙකුට යෑවූ ලිපියක්‌ සම්බන්ධයෙන් එජනිස මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ කීය.

    උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳ මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැතැයි ද එවන් තීරණයක්‌ ගත් දිනයක ඒ බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ හැකි බව ද කී අගමැතිවරයා පසුගිය රජය විසින් ඉවත් කිරීමට තීරණය කළ සාම්පූර් කඳවුර ඉවත් කළ බව ද වත්මන් රජය ඒ වෙනුවට ඒ ආසන්නයේම ඉඩමක්‌ නව කඳවුරක්‌ සඳහා නාවික හමුදාවට ලබාදුන් බව ද කී අගමැතිවරයා ඊට වැඩිපුර රුපියල් කෝටි 20 ක්‌ රජය ලබාදුන් බව ද කීය.

    - http://www.divaina.com/2015/06/24/news02.html