මම පන්තියක් පටන් ගන්න යන්නේ

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම පන්තියක් පටන් ගන්න යන්නේ

    කරනවද නැද්ද කියලා හිත හිත ඉඳලා අන්තිමේට තීරණය කළා පන්තිය කරන්න මේකෙදි මුලික ජ්‍යෝතිෂය ගැනයි සාකච්චා කරන්නේ. ආරම්භය ජුලි මාසේ 5වන ඉරිදා පන්තිය පැවැත්වෙන්නේ ඉරිදා හවස 3.30ට මාලබේ දි, පන්තිය අවසාන වෙනේ වෙලාවක් මම දන්නෙත් නැ මොකද පටන්ගත් කොටස හරියටම ඉවර කරලයි පන්තිය නවත්තන්නේ. කිරියේ මේ ගැන උනන්දු අයට සහභාගී වෙන්න පුළුවන්. පන්තිය කරගෙන යාමේ පහසුව තකා 10 දෙනෙක් වගේ තමයි උපරිමයෙන් සම්භන්ධ කරගන්නේ.. දිනකට රුපියල් 400ක් අයකරන්න කියලයි හිතුවේ.

    කරන්න බලාපොරොත්තු වෙන සිලබස් එක මෙන්න මේකයි

    01. ජ්‍යෝතිෂය මුලික හැඳින්වීම

    02. ග්‍රහ
    I. ග්‍රහ ගුන
    II. වක්‍ර
    III. අස්ථ
    IV. ජායා ග්‍රහයන්
    V. ග්‍රහ නාම
    VI. කාල
    VII. අධි හා ප්‍රත්යාධි දේව
    VIII. නෛසර්ගික සම්භන්ධතා
    IX. තත්කාලික සම්භන්ධතා
    X. ග්‍රහ දෘෂ්ටි

    03. රාශි
    I. රාශි ගුණ
    II. රාශි නාම
    III. රාශි බල
    IV. රාශි දේවතා
    V. අපෝ තේජෝ වායෝ පටවි
    VI. චර තිර උභය
    VII. රාශි දිශා සහ රාශි යුග
    VIII. භාධක ස්ථාන
    IX. රාශි දෘෂ්ටි
    X. රාශි ගුණ හා ග්‍රහ ගුණ මිශ්‍ර වීම

    04. භාව
    I. හැඳින්වීම
    II. භාව නාම
    III. භාව නිවේදනය
    IV. භාව අධිපති ග්‍රහයන්
    V. භාව ගත ග්‍රහ ලක්ෂණ
    VI. භෞම දෝෂ
    VII. කේන්ද්‍ර ස්ථාන හා එහි සිරින ග්‍රහයන්
    VIII. ත්‍රික ස්ථාන හා එහි යෝග
    IX. උපචය ස්ථාන හා ග්‍රහ පිහිටීම්
    X. භාවාත් භාවම්
    XI. කාරකේ භාව නාසය

    05. ජන්ම පත්‍රය සැකසීම
    I. ලිත භාවිතය
    II. ලග්නය
    III. නවම්ශය
    IV. දෙර්කානය
    V. රාශ්‍යාර්ධය
    VI. දවා දසාම්සය
    VII. ත්‍රිසාම්සය
    VIII. දසාම්සය
    IX. සප්තාම්සය
    X. පාක ලග්නය

    06. දසා
    I. දසා අන්තර් දසා සිට ප්‍රාණ දසාව දක්වා
    II. විම්ශෝත්තරි දසා
    III. නෛසර්ගික දසා
    IV. අශ්ටෝත්තරි දසා
    V. යෝගිනි හා අනෙක් දසා

    07. ගෝචර
    I. ගෝචර පල
    II. සුක්ෂම ගෝචර පල

    වැඩි විස්තර ඇමතුමක් දීලා අහන්න එහෙනම්..

    ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
    වෛදික ජ්‍යොතිෂවේදී
    ධනුෂ්ක අබේරත්න
    0755004166
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඇයි බං දැන් business අඩුයි ද, පන්ති කරලා හම්බ කරන්න ගත්තේ?
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    නැකැත් රාල;18542317 said:
    තව මොනවා මොනවා හරි කියලා අද දවසම මේක බම්ප් කරලා දියන්.. එල මචං

    නෝ ප්‍රොබ්ලම් මචන්. උඹලත් කාලා ඇඳලා ජිවත් වෙන්න එපැයි ඉතින් :yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ජයවේවා. මචන් තැපැල් මාර්ගික පාඨමාලාවක් වගේ කරන්න අදහසක් නැද්ද ? කොලන්බින් පිට ඉන්න අයට එන්න අමාරු නිසා.