රට ඉඳි කෑවොත් කවදාවත් බෙහෙත් බොන්න ඕනම නෑ!!YES

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රට ඉඳි කෑවොත් කවදාවත් බෙහෙත් බොන්න ඕනම නෑ!!YES

    තේ බොනකොට කටගැස්මට කන රසවත් ආහාරයක් මතක් කරන්න කීවොත් විශේෂයෙන්ම මතක් වෙන පලතුරක් තමයි ”රට ඉඳි” කියන්නේ.
    තනි කෑමක් ලෙස වගේම පලතුරු සලාද, කේක්, රසකැවිලි සහ පුඩින් වර්ග වගේ ආහාර රසවත් කරන්නත් රට ඉඳි නැතිවම බැරි තරම්.පිටරට තරම් රසවත් රට ඉඳි අපේ රටේ හැදුණෙ නැති වුණාට ලංකාවට රට ඉඳි ආනයනය කිරීම ඉතාමත් ඉහළයි. එයට හේතුව තමයි ලංකාවෙ බොහෝ දෙනෙක් රට ඉඳි බහුල වශයෙන් භාවිත කිරීම.

    මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසය අවසන් කර ආහාර ගැනීම ආරම්භ කරන්නේ රට ඉඳි ගෙඩියක් කාලා වතුර බීමෙන් පසුවයි. එයට හේතු කිහිපයක් තිබෙනවා. බොහෝ වේලාවක් බඩගින්නේ සිට ආහාර ගත් විට ඒක ශරීර සෞඛ්‍යයට අහිතකරයි. දරා ගන්න අපහසුයි. ඒ වාතාවරණය නැති කරන්න සුදුසුම දේ තමයි රට ඉඳි. ඒ නිසයි බොහෝ කලක් උපවාස කර ආහාර ගැනීමට පෙර මේ පලතුර ආහාරයට ගෙන වතුර වීදුරුවක් බී ආහාර ගන්නේ. එමඟින් අධික ලෙස ආහාර ගැනීමත් පාලනය කරනවා. රට ඉඳි කියන්නේ පුංචි කෑමක් වුණාට ඉක්මනින් බඩ පුරවන ආහාරයක්.
    රට ඉඳිවල පවතින සුවිශේෂී ගුණයක් තමයි ක්ෂණිකව සිරුරට ශක්තිය ලබා දීමේ විශේෂ හැකියාවක් මේ ආහාරයේ පවතිනවා. ඒ නිසාම අඛණ්ඩව මහන්සි වුණු අයට (ගම හරහා දිවූ අවස්ථාවකදී) කෘත්‍රිම නිෂ්පාදන වෙනුවට රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට දෙන්නත් පුළුවන්. එය ඉක්මනින්ම ශරීරයට උරාගෙන ක්ෂණික පෝෂණ ගුණයක් ලබා දෙනවා.

    ඇත්තටම පොදුවේ ගත්තොත් රට ඉඳි කියන්නේ හොඳ ඖෂධයක්. ඛර්ජුරි, ඛර්ජුරිකා වැනි නම්වලින් දේශීය වෛද්‍ය විද්‍යාවේදී රට ඉඳි හඳුන්වනු ලබනවා. රට ඉඳි ප්‍රභේද හතරක් තිබෙනවා. ඒ හතර තමයි රාජ් ඛර්ජුරි, පිණ්ඩ ඛර්ජුරි, මධු ඛර්ජුරි සහ භූමි ඛර්ජුරි. මේ අතරින් භූමි ඛර්ජුරි කියන්නේ ලංකාවටම පමණක් ආවේණික ඉඳි විශේෂයක්. රට ඉඳිවලට වඩා තරමක් වෙනස් දම් පැහැති, රතු පැහැති ගෙඩිවලින් සමන්විත ලංකා ඉඳි දකුණේ මුහුදුබඩ ප්‍රදේශවල බහුල වශයෙන් දැකගන්න පුළුවන්. ගොරහැඩි කඩතොලු සහිත පුවක් ගහකට සමාන මේ ලංකා ඉඳි (භූමි ඛර්ජුරි) ගහේ ඉඳි සෑදෙන්නේ පොකුරු ආකාරයට. මේ ඉඳි වර්ගයත් රට ඉඳි හා සමානවම රසින් යුක්තයි.

    රාජ ඛර්ජුරි, පිණ්ඩ ඛර්ජුරි ලංකාවට ගෙන්වන්නෙ අරාබියෙන්. මේවා බහුල වශයෙන් මසින් පිරුණු ගෙඩිවලින් සමන්විතයි. කෙසේ නමුත් පොදුවේ රට ඉඳි, ලංකා ඉඳි රසින් ගුණයෙන් සමන්විතයි. අරාබිකරයේ රෝපිත රට ඉඳි මේ වන විට ලංකාවේ මන්නාරම් ප්‍රදේශයේ සුළු වශයෙන් රෝපණය කර තිබෙනවා. ඒවා සාර්ථක ලෙස පල නෙළාගෙන තිබෙනවා. රට ඉඳි ගෙඩි, බොඩ (ගොබය), මුල් ඖෂධ පිණිස යොදා ගන්නවා. පොදුවේ ගත්තොත් රට ඉඳි කියන්නේ මල බද්ධයට ඉතාමත්ම සුවදායක ඖෂධයක්. රට ඉඳිවල තිබෙන කෙඳි ස්වභාවය නිසාම පහසුවෙන් මල පිට කිරීමේ ගුණයක් මේ ඔෟෂධයේ පවතිනවා. ඒ නිසාම මල බද්ධය පවතින රෝගීන් රට ඉඳි ආහාරයට ගන්නව නම් ඒ රෝගය සුව කරන්න ඉතාමත් ගුණදායකයි. රට ඉඳි සාමාන්‍ය ලෙස ආහාරයට ගන්නවට වඩා රට ඉඳිවල ඇට ඉවත් කර රැයක් ඇල් දියේ ගිල්වා උදේට ආහාරයට ගන්නව නම් මලබද්ධතාව සුව කරන්න එය ඉතාම ගුණදායකයි. මෙය දින කිහිපයක් උදෑසන කළොත් ඔබට පැහැදිලි වෙනසක් දැනේවි.

    ඇතැම් පුද්ගලයන්ගේ බඩේ ආහාර දිරවීමේ අක්‍රමිකතා ඇතිවන්න පුළුවන්. එයට හේතුව දිරවීම පමා වීම. එවන් රෝගීන් රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් ජීර්ණ පද්ධතිය ආශ්‍රීතව හටගත් සෑම රෝගයකටම ගුණදායකයි. ආහාර ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා මඟහරවන්න වගේම ආමාශගත පිළිකා අවදානම වළක්වන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායකයි.

    මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් තමයි දියවැඩියා රෝගීන්ට රට ඉඳි වැඩි වශයෙන් ආහාරයට ගැනීම නම් සුදුසු නැහැ. ඒ පිළිබඳ සැලකිලිමත් වීමත් වැදගත්. රට ඉඳිවල පවතින පෝෂණ ගුණය ගත් විට ඉතා දුර්ලභ පෝෂණ ගුණ රැසකින් මේ ඖෂධය සමන්විතයි. විටමින්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස් සහ කොපර් වැනි නිරෝගී දිවියකට අවශ්‍ය අති දුර්ලභ පෝෂ්‍ය පදාර්ථ ඖෂධීය පලතුරේ අන්තර්ගතයි. රට ඉඳිවල කැල්සියම් වැනි අනර්ඝතම පෝෂණ ගුණයන් අඩංගු නිසා එමඟින් ශරීරයේ අස්ථි ශක්තිමත් වෙනවා. බොහෝ දෙනකුට වයසත් සමඟ අස්ථි දිරාපත් වීම සිදු වෙනවා. එයට බාහිරව විවිධ කැල්සියම් ගන්නවට වඩා රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍යයි. නමුත් දියවැඩියා රෝගය පවතින අයට මෙය නිර්දේශ කරන්න බැරි රට ඉඳිවල අධික ලෙස සීනි අඩංගු නිසයි.

    සමහර පුද්ගලයන් ඉන්නවා ශරීරයේ බර ගොඩක් අඩුයි. එහෙම නැතිනම් ගොඩක් කෙට්ටුයි. බර වැඩි කර ගන්නත්, ඇඟ මහත් කර ගන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායක ඔසුවක්. දිනකට රට ඉඳි මදුළු 07ක් ආහාරයට ගන්නවා නම් එහෙමත් නැති නම් රට ඉඳි ඇට ඉවත් කරල මදුළු 07ක පමණ ප්‍රමාණයක් එළකිරිත් එක්ක දිනපතා බොනව නම් ශරීරයේ බර වැඩි කර ගන්නත්, ශරීරය මහත් කර ගන්නත් පුළුවන්.

    ඒ වගේම කාර්යබහුලව රැකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලුවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව. එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මඟහැරෙනවා.

    හෘදයාබාධ කියන්නේ අද වන විට සමාජයේ මුල් බැසගත් වේදනාකාරී අර්බුදයක්. වැලැඳුණු හෘදයාබාධ සුව කරන්නත්, හෘදයාබාධ වැලැඳීමේ අවදානම නැති කරන්නත් සුදුසුම ඔෟෂධීය ආහාරයක් තමයි රට ඉඳි. සතියකට දෙවරක් වත් රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගැනීමෙන් වැලඳුණු හෘදයාබාධ සුවතට ගන්නත්, හෘදයාබාධ වැලැඳීමේ ප්‍රවණතාව මඟහරවන්නත් පුළුවන්. ඒ වගේම අංශභාගය දක්වා ඇතිවන බලපෑමත් රට ඉඳි කෑමෙන් වළක්වා ගන්න පුළුවන්.

    ශරීරයට ඇතුළු වන විවිධ විස වර්ග නැති කරන්නත් රට ඉඳිවලට පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් බොහෝ දෙනෙක් හිතාමතාම ශරීරයට ඇතුළු කර ගන්නා මද්‍යසාර විස නිසා අක්මාවේ රෝග ඇතිවනවා. මානසික විකෘතිතා ඇති වෙනවා. එවන් රෝගීන්ට ආයුර්වේදයේ අගනා ඔෟෂධයක් නිර්දේශ කර තිබෙනවා. එය නමින් ”ඛර්ජුරාදි මන්තය” ලෙසින් හඳුන්වනවා. අධික ලෙස මත් වුණු අයගේ මත් බව නැති කරන්නත්, අක්මා රෝග සුවපත් කරන්නත් මේ ඔෟෂධය ඉතා ගුණදායකයි. ඛර්ජුරාදී මන්තය සාදාගන්නෙ මෙහෙමයි. ඇට ඉවත් කරන ලද රට ඉඳි, දෙළුම් ඇට, මුද්දරප්පලම්, රට ගොරකා මද (කහ පැහැති ගොරකා මද), සියඹලා, නෙල්ලි, උගුරැස්ස සමව ගෙන හොඳින් කපා ඒ වගේ හතර ගුණයක් වතුර මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කර හොඳින් පෙරා අධික මත් බවින් ඉන්න අයට ඒ පානය (ඛර්ජුරාදි මන්තය) බොන්න දෙන්න. ඉක්මනින් වෙරි මත බහිනවා. බීම නිසා අක්මාවේ ඇතිවුණු විස තත්ත්වයන් මඟහරවන්නත් මේ රසවත් ඖෂධීය පානය ගුණදායකයි. නමුත් එකක් මතක තබා ගත යුතුයි. මද්‍යසාර බිබී ඛර්ජුරාදි මන්තය පානය කිරීමෙන් නම් කිසිම පලක් වෙන්නෙ නැහැ. මද්‍යසාර වෙනුවට ඛර්ජුරාදි මන්තය බොන්න. එය ශරීර සෞඛ්‍යයටත් හොඳයි. හානිදායකත් නැහැ.

    පිළිකා නාශක ගුණයක් පවා රට ඉඳිවලට ලැබී ඇත්තේ මෙය ස්වාභාවික ශාකසාර ඖෂධයක් නිසයි. මේ ශාකසාර ඔෟෂධීය ගුණ නිසාම සම පැහැපත් කරන්නත් සම නිරෝගී කරන්නත් රට ඉඳි ඉතාමත් ගුණදායක ඖෂධයක්. පැහැපත් සමක් ලබන්න ඔබ කළ යුත්තේ දිනකට රට ඉඳි මදුළු හතක් බැගින් දිනපතාම රට ඉඳි ආහාරයට ගැනීම පමණයි. සති කිහිපයකදී ඔබට ඔබේ සමේ පැහැදිලි වෙනසක් අත්විඳින්න පුළුවන් වේවි.

    හිසරුජාව, ආහාර අරුචිය ආදී විවිධ අවස්ථා නිසා ඇතැම් විට වමනය තත්ත්වයන් හට ගන්න පුළුවන්. එවන් අවස්ථාවකදී රට ඉඳි මදුළු කිහිපයක් අරගෙන ඇට ඉවත් කර මුට්ටියකට දමා එයට වතුර කෝප්ප හතරක් මිශ්‍ර කර පත එකට සිඳුවා හොඳින් පෙරා බීමට ගන්න. වමනය යෑම වළක්වන්න වගේම මේ ඔෟෂධීය කෂාය බඩඑළිය යෑම වළක්වන්නත් ගුණදායකයි.

    විජලනය හෙවත් ශරීරයේ ජලය නැති වීමේ රෝගය වැළැක්වීමටත් රට ඉඳි ගුණදායකයි. සිරුරේ තෙතමනයක් නැති වීම හරහා මෙම තත්ත්වය හට ගන්න පුළුවන්. එවන් රෝගීන් දිනපතා රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් විජලනයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ටත්, ගැබිනි මාතාවන්ටත් මෙය හොඳ ඔෟෂධයක්. දරු ප්‍රසූතියකට සූදානම් වන ගැබිනි මවුවරුන්ගේ ගර්භාෂ මාංස පේශි ශක්තිමත් කිරීමට දිනපතා රට ඉඳි කෑම හරහා පුළුවන්. ඒ වගේම දරු ප්‍රසූතියකින් පසුව මවුවරුන්ගේ කිරි වර්ධනය කරගන්නත් රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකයි.

    තද අව්වක ගියොත් බොහෝ දෙනකුට හිසරදයක් හට ගන්නවා. සමහර විට ආහාර ක්‍රමවේදයේ ගැටලු නිසාත් මෙවන් තත්ත්ව ඇති වෙනවා. මේ වගේ අවස්ථාවකදී උළුහාල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එය පත එකක් වන සේ සිඳගෙන කෂාය සාදා ගන්න. ඒ කෂායට රට ඉඳි මදුළු කිහිපයක් තළා දමා (ඇට ඉවත් කර) හොඳින් මිශ්‍ර කර බීමට ගන්න. හිස රුජාවට මේ ඔෟෂධීය පානය ඉතාමත්ම ගුණදායකයි.

    දෙබර, බඹර, මී මැසි වැනි සත්ත්ව දෂ්ටනවලදී රට ඉඳි ඇට හොඳින් කුඩු කර ඒ දෂ්ටනය වුණු ස්ථානයේ ගාන්න. එමඟින් විෂ නාශනය වීමක් වෙනවා. ඒ වගේම රට ඉඳි ඇට වියළා කබලේ බැද (කෝපි ඇට මෙන්) හොඳින් කුඩු කර දිනපතා උදේ සවස කෝපි වගේ බීමෙන් පෙර සඳහන් කළ සෑම රෝගයකටම සුවයක් ලබන්නත්, රෝග වැලඳීමේ අවදානම නැති කරන්නත් එයින් පුළුවන්. ඒ වගේම මේ ඔෟෂධීය පානය ඉතාම රසවත්. සන්ධි ආශ්‍රිත වේදනා ඇති අයටත් මේ පානය හොඳ වේදනා නාශකයක්.

    මුත්‍රා පිට නොවීම, මුත්‍රා දැවිල්ල වගේ ආසාදන නිසා අද සමාජයේ බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිනවා. එවන් පුද්ගලයන් හොඳින් උණු කර නටවා ගත් වතුර වීදුරුවකට රට ඉඳි මදුළු අටක් වගේ තළා දාලා බොන්න. හොඳින් මුත්‍රා පිටවෙන්නත්, මුත්‍රා දැවිල්ල සමනය වෙන්නත්, වකුගඩු මුත්‍රා ගල් දියවීමටත් එය ගුණදායකයි.

    ඛර්ජුර; එහෙම නැතිනම් රට ඉඳිවලින් ඉන්දියාවේ අගනා ඖෂධයක් නිෂ්පාදනය කරනවා. එහි නම ”වාරුනී”. මේ බෙහෙත අරිෂ්ට, ආසව වගේ බෙහෙතක්. විවිධ රෝගාබාධවලට ප්‍රතිකාරයක් ලෙස භාවිත කරනවා. තවත් වැදගත්ම කරුණක් තමයි තල් සහ රට ඉඳි මඟින් සාදාගත් ඖෂධීය පානයක් අතීතයේ මෙරට රජවරු පවා පානය කළ බවට ආයුර්වේද ග්‍රන්ථ සාක්ෂි දරනවා. තල් ගෙඩියේ පිට පොත්තෙන් ලබා ගන්නා ඉස්ම සහ රට ඉඳි පැසවලා තමයි මේ ඖෂධීය පානය සාදන්න පුළුවන්. පීනස, බඩ පිපුම, දරන්න බැරි ආර්තව වේදනාවටත් මෙය ඉතාම කදිමයි. අතීතයේ රජවරු පවා පානය කළ මේ ඔෟෂධීය පානය වර්තමානයේ ඉන්දියාවේ සාදන ”වාරුනී” ඔෟෂධය විය හැකි බවට සාධක පවතිනවා. වාරුනී කියන්නේ ආහාර රුචිය වැඩි කිරීමටත් භාවිත කරන ඖෂධයක්.

    මෙතෙක් වේලා අපි කතා කළේ රට ඉඳි ඖෂධය ගැන. නමුත් ලංකාවෙ හැදෙන භූමි ඛර්ජුරි හෙවත් ලංකා ඉඳි පලතුරක් ඖෂධීය ගුණ සපිරි ශාකයක්. ලංකාවටම පමණක් ආවේණික ඉඳි ගහෙන් රා මැදීම සිදු කරනවා. මෙය ”රා” කී පමණින් මත් වීමට පෙරන රා වර්ගයක් කියා නම් සිතන්නට එපා. ඇත්තටම ඉඳි ගහෙන් පෙරන රා ශරීරයට ජවය, ශක්තිය ලබා දෙන ඔෟෂධීය පානයක්. ඒ වගේම මුත්‍රා පිට කිරීම වැඩි කරන්නත් මේ පානයට පුළුවන්. ඉඳි ගහේ කඳින් කපා තමයි රා පෙරීම සිදු කරන්නේ. අතීතයේ බොහෝ දෙනෙක් කාය ශක්තිය ලබන්නත් මේ ඔෟෂධීය පානය භාවිත කර තිබෙනවා.

    අතීතයේ වගේම වර්තමානයෙත් සර්ප දෂ්ටනයකට ලක්වී සර්ප විෂ ශරීර ගත වී සිහිය නැති වුණු අයගේ සිහිය ලබා ගන්න බෙහෙත් ඔරු භාවිත කරනවා. ඒ බෙහෙත් ඔරුවලට ලංකා ඉඳි ගහේ ගොබ භාවිත කරනවා. එයට හේතුව තමයි සර්ප විෂ විනාශ කරන්න පුළුවන් සුවිශේෂී ඖෂධීය රසායන ගුණයක් මේ ඉඳි ශාකයේ පැවැතීම. ඒ වගේම ස්ත්‍රීන්ගේ ඇතිවන ආර්තව, රක්තප්‍රදර වැනි තත්ත්වවලදී ඉඳි බඩ (ඉඳි ගසේ ගොබ) අඹරා කල්කයක් ලෙස භාවිත කළොත් ඒ වේදනාවන්ගෙන් මිදෙන්නත් පුළුවන්. එය හඳුන්වන්නේ ”ඉඳබොඩ කල්කය” නමින්. ඒ වගේම පුරුෂයන්ගේ පෞරුෂ ග්‍රන්ථිය ඉදිමීමේ රෝග අවස්ථාවලදී ඉඳි බඩ යුෂ සමඟ වෙළෙඳපොළ් ඇති වජ්රශාර ඔෟෂධය පානය කළොත් ඒ රෝග තත්ත්වයෙන් මිදෙන්නත් පුළුවන්. වජ්රශාර කියන්නේ ර්ණී.ර්ථී.ච්. මට්ටමෙන් ගන්න පුළුවන් ලුණු වගේ ඖෂධයක්.

    විවිධ උල්, කටු සහ කීරි වැනි දෑ කකුලෙ ඇනුණම අපිට දැනෙන්නෙ දැරිය නොහැකි වේදනාවක්. සමහර විට එය පැසවීමක් දක්වා දුර ඇදෙන්නත් පුළුවන්. එවන් කටුවක්, උලක් වැනි යමක් කකුලෙ ඇනුණොත් පෙරුම්කායන් සමඟ ඉඳි බඩ අඹරා ඒ ද්‍රාවණය උල ඇනුණ ස්ථානයේ ආලේප කරන්න. කිහිපවිටක් මෙය ආලේප කළොත් කටුව මතුපිටට ඇදී ඒමක් වෙනවා. තුවාලය ඉක්මනින් සුව කිරීමටත් එය ගුණදායකයි.

    ඒ වගේම දත් කැක්කුම, දත් පණුවො කෑම, විදුරුමස් දියවීම ආදී මුඛාශි්‍රත රෝග සුව කරන්න කදිම ඔසුවක් තමයි ඉඳි ගසේ මුල් කියන්නේ. ඔබ කළ යුත්තේ ඉඳි මුල් තම්බා එමඟින් කට සේදීම පමණයි. දින කිහිපයක් මෙය කළොත් මුඛාශ්‍රිත රෝග සියල්ලක්ම සුවතට පත් වේවි.

    ඒ වගේම උණ වැනි රෝග තත්ත්වවලදී කොතෙක් කෑම ගත්තත් කටට රස දැනෙන්නෙ නැහැ. කෑම අරුචියත් දැනෙනවා වැඩියි. එවන් අවස්ථාවලදී ඉඳි ගෙඩි සහ මුද්දරප්පලම් හොඳින් අඹරා කල්කයක් සාදාගෙන කටේ තබාගෙන ඉස්ම ගිලින්න. ඉන් පසු මොහොතකින් කෑම කන්න. කෑමවල රහ දැනෙනවා වගේම ඔබට ආහාර රුචියත් එමඟින් වැඩිවෙනවා.

    ආයුර්වේදයේ ඉඳි යොදා සාදන තවත් කල්කයක් පවතිනවා. එහි නම ”ෂෂ්ටිකාදි ගුටිකාව”. මේ කල්කය එළකිරිත් සමඟ ආහාරයට ගත්තොත් වයසට යෑම පමා කරන්නත්, වයසට වඩා තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්. සම රැලි වැටීම, කෙස් ඉදීම, ඇස් ගිලීම ආදී වයසට යෑමේ පූර්ව ලක්ෂණ මෙමඟින් පමා කරනවා. ෂෂ්ටිකාදි ගුටිකාව ඔෟෂධය ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම රට ඉඳි තළා කල්කයක් වගේ ආහාරයට ගෙන මොහොතකට පසු හැටදාඇල් හාල් බත් කන්න. දිනපතා මේ ආහාරය ගත්තොත් එමඟිනුත් ඔබට වයසට වඩා තරුණ පෙනුමක් ලබන්න පුළුවන්.

    ආයුර්වේදයේ ”මධුර ත්‍රිපලා” නමැති කාණ්ඩය යටතට අයත් අගනා ඖෂධයක් වන රට ඉඳි සහ දේශීය ඉඳි විවිධ කෂාය, අරිෂ්ට සහ ආසව වර්ග සෑදීමට නැතිවම බැරි ඔෟෂධයක්. ශරීරය පුෂ්ටිමත් කිරීමට, කෑම රුචිය වැඩිවීමට සහ අජීර්ණය වැනි රෝග සුව කිරීමට ර්ණී.ර්ථී.ච්. මට්ටමින් පවතින ”ඛර්ජුරාසවය”, ”ඛර්ජුරාදි ලේහය” ආදී ඔෟෂධ රැසක මේ අගනා රට ඉඳි ඖෂධය අන්තර්ගතයි.

    ඒ වගේම කාර්යබහුලව රැකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලුවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව. එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මඟහැරෙනවා.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Thanx
    But umbama meka ke sarayak dala thiynwada :P
    Uba rata idi business ekakwath karnwda.
    Nathan Arabic countries walin gena hinda promote krnwda?
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    welcome
    meka demme nene :P hodata balanna:rofl::rofl:
    Karanna inne meka dekkama:love:
    :rofl::rofl::rofl:moko kiyanne karamuda??

    Mokda nathe hodata balapanko :rolleyes:
    Apo mn kamathi na bn oya Muslim countries walata mehe salli patawana :no::growl:
    Balapan ape rat kochara poshadai palathuru thiynwda oya rata kajjata wada :rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    ඒ උනාට ලංකාවට එන්නේ හොදම එක නෙමෙයි නේද..සමහර ගෙඩි ඇතුලේ පණුවොත් ඉන්නවා..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒ උනාට ලංකාවට එන්නේ හොදම එක නෙමෙයි නේද..සමහර ගෙඩි ඇතුලේ පණුවොත් ඉන්නවා..

    ow eka etta monada dannawada machan wenne hoda eka ennay munla stock karagena innawa shenna dawasak ekai oya:baffled::baffled:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එල. වැදගත් පෝස්ට් එකක්. මාත් කලින් අහල තිබ්බට මෙච්චර විස්තරයක් දන්නෙ නෑ.
    ඒත් මචෝ අපිට හැම තැනින්ම හොඳ මට්ටමේ රට ඉඳි ගන්ඩ ලැඛෙන්නෙ නෑනෙ. පංගුවක් ඒව වේලිල පංගුවක් ඇඹුල් වෙලා කලාතුරකින් තමා හොඳ අලුත් ඒව ලැඛෙන්නෙ. අන්න ඒකයි අව්ල.
    +11
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එල. වැදගත් පෝස්ට් එකක්. මාත් කලින් අහල තිබ්බට මෙච්චර විස්තරයක් දන්නෙ නෑ.
    ඒත් මචෝ අපිට හැම තැනින්ම හොඳ මට්ටමේ රට ඉඳි ගන්ඩ ලැඛෙන්නෙ නෑනෙ. පංගුවක් ඒව වේලිල පංගුවක් ඇඹුල් වෙලා කලාතුරකින් තමා හොඳ අලුත් ඒව ලැඛෙන්නෙ. අන්න ඒකයි අව්ල.
    +11

    hi machan thx mang pot ekka kiyannam ehen ganna :D
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mata nam kalama epa wela thiyenne. dennam kanne ne. appiriyai. denuth order ekakta dates pack karanawa company eke kattiya :dull:

    WpmoYH8l.jpg

    UeEoHawl.jpg