Amazing Israel 3 - War of Independance !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඊශ්‍රායලිකයො කාන්තාර පොලොව ජය ගත්තු අපූරු කතාව ගැන අපි කලින් ලිපියෙ කතා කළා. නමුත් ප්‍රශ්නෙ එතනින් ඉවර වුණෙ නැහැ.
    එක පැත්තකින් කාන්තාරයත් එක්ක ඔට්ටු වෙන ගමන්ම, අනික්

    පැත්තෙන් මුස්ලිම්වරු එක්කත් හැප්පෙන්න යුදෙව්වන්ට සිද්ධ වුණා.

    තමන්ගෙ රට, ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කරලා පැය ගණනක් ඇතුලත අරාබි රටවල් 5 ක හමුදා 5 ක් හෙණ ගහන්න
    වගේ එකපාරරට ඇතුලට එන්න පටන් ගත්තා.
    ඒ රටවල් 5 මිලියන 40ක මුස්ලිම් මිනිස්සු හිටියා. ගුවන් හමුදා, යුධ ටැංකි සේනා තිබුණා.

    ඒත් ඊශ්‍රායලයේ හිටියෙ මිලියන ½ විතරයි. එයිනුත් සෑහෙන ගණනක් හිට්ලර් ගෙන් බේරිලා ආපු, යුධ
    පුහුණුවක් නොතිබුණු සිවිල් වැසියෝ. මේ අයට ගුවන් හමුදා, යුධ ටැංකි තිබුනෙ වත් නැහැ !

    ඉතිං මේ වගේ යුද්ධයක් හීන ලෝකෙදිවත් දින්නන්න කොහොමද ?...........කියලා කියවන ඔයාලට
    හිතෙනවා ඇති

    ඒත් ලෝකයම උඩු යටිකුරු කරලා යුදෙව්වො යුද්ධය දිනුවා විතරක් නෙවෙයි, එදා පණ ගැහී ගැහී තිබුණූ
    තරුණ ඊශ්‍රායලය, අද යෝධයෙක් විදිහට මැදපෙරදිග බලවතෙක් වෙන්න ඕන කරන පාඩම් ගොඩක් මේ අය
    ඉගෙන ගත්තා.

    කතන්දරේ හොඳින්ම තේරෙන්න නං මුල් ලිපියේ ඉඳන්ම එන්න වෙනවා
    (http://www.elakiri.com/forum/showthread.php?t=1622022)

    ඉතිං මේ ඔක්කොම පටන් ගත්තෙ කොහොමද ?

    මතක තියාගන්න සද්දෙට පෙලපාලි යන ලංකාවෙ මුස්ලිම්වරු නං කතන්දරේ මොකක්ද කියලා දන්නවා.

    80bikrn7zdeaw22zg.jpg


    අඩුම තරමේ ඒ අය කියන්නේ ඇත්තද කියල හිතාගන්න වත් අපි මේ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ !

    මේ හැමදේටම කලින් අරාබීන් යුදෙව්වන් එක්ක හරිම සාමයෙන් හිටියා. එකට ගොවිතැන් කළා. යුදෙව්වන් අලුත
    හදපු ගෙවල් කැඩුනහම අරාබි පවුල් ඒ අයට රෑට ඉන්න දුන්නා. යුරෝපයෙන් ආපු යුදෙව්වන් අරගෙන ආපු දැනුම,
    වගා ක්‍රම, සනීපාරක්ශක ක්‍රම අරාබීන් එක්ක බෙදාහදා ගත්තා.

    කොටින්ම හිට්ලර් ගේ කාලේ, යුරෝපයේ තිබුණු මුස්ලිම් පල්ලියක්, යුදෙව්වන්ට fake මුස්ලිම් IDs දීලා රටින්
    පැනලා එන්න පවා උදව් කළා.

    හැබැයි යුරෝපයෙන් යුදෙව්වන් පලස්තීනයට එන්න එන්න,... ප්‍රශ්න ඇති වෙන්නා ගත්තා.
    නිතර නිතර අරාබීන් අතින් යුදෙව්වන් මහ මග ඝාතනය වෙන්න ගත්තා. අරාබි කල්ලි යුදෙව් ගම්මාන වලට එන
    පාරවල් වහලා, ඒ ගම්මාන වල මිනිස්සුන්ට හාමතේ මැරෙන තැනට වැඩ කළා.
    ඉතිං මේ වගේ ප්‍රශ්න නිසා පලස්තීනය ඇතුලේ තමන්ගේම රටක ඕනෑකම යුදෙව්වන්ට දැන්න ගත්තා.

    ඒ කාලෙ ලංකාව වගේම මැදපෙරදිග මේ කොටස ත් අල්ලගෙන හිටියේ බ්‍රිතාන්‍යයො තමයි. ඒ අය නිදහස දීලා
    ආපහු යන්න කලින් ඒ ඒ පැතිවල මුස්ලිම්වරුන්ට රටවල් කෑලි හදලා දුන්නා.

    මුල්ම කාලේ පලස්තීනය කියන්නෙත් එහෙම, සුද්දෝ හදලා දුන්න විශාල රටක් (1). මේ රට ඇතුලේ පුංචි යුදෙව්
    රටකට ඕනෑ තරම් ඉඩ තිබුණා.

    piKFvYBAfxDAe2ScaRxemrpqYfLadHrF4GVwinKF6brCf2K_Hq0kPMZBbtkAt9IrKwdBTPIbMScbt0KkbUp4oBCDaVWV2_4rYEb1lVtiUE-3nZa20j87iBSsrv8mSznhlh9EETw


    ඒත්, බ්‍රිතාන්‍යයො, ජෝර්දාන ගඟෙන් දකුණූ පැත්තේ තනිකරම කුට්ටියම වෙන් කරලා මුස්ලිම් රටක් හදන්න
    දුන්නා(2). ඒක තමයි අද අපි ජෝර්දානය කියලා කියන්නේ. ඒ පැත්ත තනිකරම යුදෙව්වොන්ට තහනම් වුණා.

    ඉතුරු වුණේ වම් පැත්තෙ පුංචි පලස්තීන කෑල්ල විතරයි. නමුත් ඒකෙ තවත් මුස්ලිම් රටක් හදනවා මිසක් ඒ
    ඉතුරු කොටස යුදෙව්වො එක්ක බෙදාගන්න පලස්තීනුවෝ කැමති වුණේ නැහැ.

    මැදපෙරදිග මේ තරම් මුස්ලිම් රටවල් තිබිලත්. කලින් පලස්තීනයේ ම ලොකු කෑල්ලක් ජෝර්දානය විදිහට
    ගඟෙන් එහා පැත්තේ තිබුණත්, පුංචි පලස්තීනයෙනුන් කෑල්ලක් වත්(3) යුදෙව්වන්ට දෙන්න අරාබීන් අකමැති
    වෙනවා. UN එකෙන් ගෙනාපු සියලූම යෝජනා වලට පලස්තීන මුස්ලිමුන් එරෙහි වෙනවා.

    ඉතිං මේ නිසා කවදාහරි තමන්ට මුළු මැදපෙරදිග ම අරාබීන් එක්ක හැප්පෙන්න වෙන බව යුදෙව් නායකයො දුර
    තියා දැක්කා. ඒ නිසාම තමන්ට තමන්ගේම කියල රටක් හදාගන්න සැළසුම් හැදුවා. හොරෙන් ආයුධ රැස් කළා.
    පුහුණු වුණා.

    අනික් අරාබි රටවල්, "රටවල් විදිහට" රුසියාවෙන් සෑහෙන්න ආයුධ ගෙන්නුවා. නවීනතම planes, tanks ඒ අතර
    වුණා. ඇති තරම් රටේ මිනිස්සු ඉන්න නිසා එයින් කොටසක් නිත්‍ය හමුදාවක් (standing army) විදිහට දිගටම නඩත්තු
    කරන්න පුළුවන් කම තිබුණා.

    ඒත් පලස්තීනය ඇතුලෙ කල්ලි විදිහට හිටපු යුදෙව්වොන්ට රටක් තිබුණෙ නැහැ. බ්‍රිතාන්‍යයො විසින් ත්‍රස්ත කල්ලි
    විදිහට නම් කරපු මේ අයට, පිටින් ආයුධ ගෙන්නන්න තහනම් වැටුනා. මේ නිසා සමහර සේනාංක වලට රයිෆලයක්
    පවා තිබුනෙ 3 දෙනෙක් ගෙන් 1 කෙනෙක්ට විතරයි. හොර පාරෙන් ගෙනාපු ආයුධ හැමෝටම ඇති වුණේ නැහැ.

    ගුවන් යානා ? යුධ ටැංකි ? ලොවෙත් තිබුණේ නැහැ. කොටින්ම අනිත් රටවල් වලට, පලස්තීන යුදෙව්වන්ට යුධ
    පුහුණු, pilot training දෙන්න පවා තහනම් කරලයි තිබුනේ.

    අඩුම තරමේ ආයුධ ගන්න, විකුණලා සල්ලි හොයන්න තෙල් තිබුණෙ වත් නැහැ. කාන්තාර පොළොවෙ ගහක්
    කොලක් වවාගන්නත් මේ අයට නොවිඳිනා දුක් විඳින්න වුණා.

    අරාබි රටවල් 5 ක(Arab League) හමුදාවලට සම වෙන්න අවුරුදු 18 - 40 ගෑනු පිරිමි හැමෝටම යුධ සේවය
    අනිවාර්‍ය කරන්න යුදෙව්වන්ට සිද්ධ උනා. ඒත් හැමෝම යුද්ධෙට ගියොත් රටේ වැඩ කරන්න මිනිස්සු නැතුව
    ආර්ථීකය කඩා වැටෙන නිසා ලොකු standing army එකක් නඩත්තු කරන්නත් පුළුවන් වුණේ නැහැ.
    තරුණ අය යුධ පෙරමුනට යද්දි, ඒ අයගෙ අඩුව පුරවන්න පුංචි අය වගේම වයසක මහාචාර්‍යවරුන්ට පවා වතුර
    අදින්න වුණා.

    sk9zvqaqkl3wy1xzg.jpg

    යුද්ධයට ලෑස්ති වෙලා අරාබි නායකයො ඇඟ හිරිවැටෙන ප්‍රකාශ නිකුත් කරන්න ගත්තා. මේවා අහන යුදෙව්වන්ට,
    හිට්ලර් අතින් තමන්ගෙ මිනිස්සු මිලියන ගණනින් ඝාතනය වුණ හැටි මතක් වෙන්න ගත්තා.

    1pu6m4j6xlisp5uzg.jpg


    මේ වෙනකොට හිට්ලර් ගේ holocaust එක වෙලා ගතවෙලා තිබුණෙ අවුරුදු කිහිහපයක් විතරයි. මේ දේ නැවත
    අරාබීන් අතින් ආපහු වෙන්නෙ දෙන්නෙ නම් නැහැ, කියන අධිෂ්ඨානයෙන් මේ අය කටයුතු කළා. වෙන්න යන
    මහා ලේ ගැලීම ගැන දකින යුදෙව් නායකයෝ අනික් රටවල් වල නායකයින්ගෙන් සාමය ඉල්ලලා ආයාචනය
    කළා

    කලින් ලිපි වල කියපු Golda Meir ගැන මතකද ? අනාගතේ ඊශ්‍රායලයේ නායිකාව වෙන මෙයා, එදා බොහෝම
    අන්තරාදායී විදිහට අරාබි ගැහැණියක් විදිහට වෙස් වලාගෙන ජෝර්දාන රජු ගාවට ගිහින් ප්‍රශ්නේ ගොඩින්
    බේරගන්න කතා කළා.
    රජතුමා කියනවා "ඊශ්‍රායලයක් හදන්න දැන්ම හදිස්සි වෙන්න එපා".
    Golda Meir : "මේ රට හදන්න අපේ මිනිස්සු අවුරුදු 2000 බලාගෙන හිටියා. ඒක හදිස්සි වීමක්ද ?"


    මෙන්න මේ වගේ කැපවීමකින් වැඩකරපු නායකයෝ යුදෙව්වන්ට හිටියා.

    ඉතිං මේ ඔක්කොම සූදානම් කරගෙන යුදෙව්වන්ගෙ නායකයා බෙන් ගූරියන් ඊශ්‍රායලය නිදහස් රටක් විදිහට
    ප්‍රකාශයට පත් කළා.

    මේ එක්කම ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න, මුහුද ඇරෙන්න අනික් හැම පැත්තෙන්ම අරාබි හමුදා 5 ක සේනාව
    අලුත බිහිවුණ ඊශ්‍රායලයට කඩා පැන්නා. ඒ වෙනකොට හිට්ලර්ට එරෙහිව යුද්ධ කරපු ජෙනරල් වරු, CIA සංවිධානය
    වගේ හැමෝම හිතුවෙ අරාබීන් ගේමක් නැතුව යුද්ධෙ දිනලා දායි කියලයි.

    ee396lsfcmshbfnzg.jpg

    ඉතින් ඊශ්‍රායල ගම්මාන ආක්‍රමණය කරමින් ඒවයෙ හිටපු යුදෙව්වන් ඝාතනය කරමින්, පිටුවහල් කරමින් අරාබී
    සේනා ටිකින් ටික ඉදිරියට එන්න ගත්තා. අරාබි planes ඊශ්‍රායලයේ සිවිල් වැසියන් හිටපු බස් නැවතුම්පලවල්,
    ගෙවල් වලට පවා බෝම්බ දැම්මා.
    අරාබික් හමුදා අතින් අහිංසක සිවිල් වැසියො මේ විදිහට ඝාතනය වුනත් කිසිම ජාත්‍යන්තර සංවිධානයක් කටක්
    හෙල්ලුවෙ නැහැ.

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒත් තමන්ට තිබුණු සීමිත සම්පත් වලින් අරාබීන්ට හිතාගන්න බැරි තරම් පීඩනයක් එල්ල කරන්න යුදෙව්වන්ට
    පුළුවන් උනා. මුළින් වේගයෙන් ඉදිරියට ආපු අරාබී සේනා වල ගමන, Tel-Aviv වලට හැතැම්ම 20 ක් තියලා
    සම්පූර්ණයෙන්ම නතර කරන්න මේ අය සමත් වෙනවා.

    කලින් ලිපි වලින් කිව්වා වගේම ඊශ්‍රායල කියන්නෙ තැනට අනුව හැඩගැහෙන රටක්. පිටින් ආයුධ ගේන ගමන්ම
    තමන්ම ආයුධ නිපදවන්න මේ අය පටන් ගන්නවා. උණ්ඩයෙන් පටන් අරන් මෝටාර් පවා ඊශ්‍රායල විද්‍යාඥයන්
    අතින් ටිකින් ටික හදන්න පටන් ගන්නවා. හැබැයි බොහෝම රහසිගතව.

    w6u5hg1jw6ar2g0zg.jpg

    මේ විදිහට පුංචියට පටන් ගත්තු ආයුධ නිෂ්පාදනය අද කොයි තරම් දියුණුද කිව්වොත්, ආයුධ විකුණලා මුළු
    ලෝකයේන්ම 8 වෙනියට වැඩිම ආදායමක් හොයන්නෙ ඊශ්‍රායලය තමයි..

    ඔය අතරේ පලස්තීනයට තිබ්බ ආයුධ තහනම ඉවත් කරනවා. යුදෙව්වන් කලින් රහසිගතව හදපු ආයුධ, එළිපිට
    මහාපරිමානයෙන් නිපදවන්න ගන්නවා. මේ දවස එනකම් සූදානමින් හිටපු යුදෙව්වන් planes, tanks බුරුතු පිටින්
    ගේනවා. ඒ ආයුධ දිහා බලාගෙන ඊශ්‍රායල විද්‍යාඥයො මහාචාර්‍යවරු කෑල්ලෙන් කෑල්ල එකතු කරලා තමන්ම
    ආයුධ හදන්න පටන් ගන්නවා. ඒවයෙ වැඩ කරන්න, කලින් ඉඳන්ම හොරෙන් හොරෙන් පුහූණු වෙච්ච නිළධාරීන්,
    pilot ලා ඉදිරියට ඇවිත් වැඩ බාර ගන්නවා.

    අලුත ගුවනට එකතු වෙච්ච ඊශ්‍රායලය pilot ලා ඉදිරියේ පළපුරුදු අරාබි pilot ලා රැසකට බැට කන්න වෙනවා.

    මේ විදිහට පටන් ගත්තු Israel Air Force(IAF) එක පස්සෙ කාලෙක විශ්වකර්ම මෙහෙයුම් රැසක්ම කරන්න සමත්
    වෙනවා. ඒ ගැන වෙනවම ම කතාකරන්න ඕනෙ හරි.......ම ලස්සන මාතෘකාවක් :D

    ඉතිං හරි හමන් ආයුධයක් වත් නැතුව මේ තරම් දෙයක් කරපු Israel Defense Force එක(IDF) , නව ආයුධ,
    planes, tanks එක්ක සීග්‍රයෙන් තමන්ට අහිමිවුණ පැති අල්ලගෙන අරාබි හමුදා තල්ලු කරගෙන ඉදිරියට
    එන්න ගත්තා. හැබැයි අවාසනාවන්ත විදිහට එක අරාබි ගම්මානයක(Deir Yassin) සිවිල් වැසියො මේ අය අතින්
    ඝාතනය වෙනවා.

    අද කාලෙ වගේම තමයි,

    fxe814s7lyfekeozg.jpg


    ඒ කාලෙත් ඊශ්‍රායල අතින් වැරැද්දක් වෙච්ච හැටියෙම මුස්ලිම්වරු සහ ජාත්‍යන්තර සංවිධාන රැහැයියන් වගේ එක
    පෙලට අඳොනා තියන්න ගත්තා. ඔය කිසිම දෙයක් අරාබීන්ගෙ යුධ අපරාධ වලදි සිද්ධ වුණෙ නැහැ. අද
    වෙන්නෙත් නැහැ.
    ඔය කෑ මොර තියන උගුරක් සවුත්තු වෙලා ඉස්පිරිතාලෙකට ගියත් එතන ත් තියෙන තාක්ෂණික මෙවලම් වලින්
    සෑහෙන්න තරමක් ඊශ්‍රායලයෙන් මේ ලෝකෙට බිහිවුණ ඒවා කියල වත් මේ අය දන්නෙත් නැහැ :P
    -------------------------------------------------------------------------------------------------------------------------------------

    හැබැයි ඉතිං IDF එකෙන් අල්ල ගත්තු ගොඩක් අරාබි ගම්මාන වල මිනිස්සු පිටුවහල් කළා. සාමකාමීව හිටපු
    ගම්මානවලිනුත් “සමහර ඒවයෙ” මුස්ලිම්වරුන්ට විතරයි ඊශ්‍රායල citizenship එක ලැබුණේ.
    IDF එක නං කිව්වේ මුස්ලිම්වරු කැමත්තෙන්ම පැනලා ගියා කියල. නමුත් සිහි බුද්ධිය තියෙන ඕනෙ කෙනෙක්ට
    තේරෙන්න ඕනෙ ඇත්ත මොකක්ද කියලා. කලිනුත් කිව්වා වගේ යුදෙව්වෝ කියන්නේ පුදුමාකාර දක්ෂ ජාතියක්
    ඒත් සාන්තුවරයො නෙවෙයි.හැබැයි ඉතිං අනික් අතට මේ තරම් මුස්ලිමුන් තියාගෙන යුදෙව් රටක් හදන්නත් බැහැ.

    මේ විදිහට IDF එකෙන් තමට අහිමි වුණ පැති විතරක් නෙවෙයි. කලින් පලස්තීනයට අයිති පැති වලින් 60%ක්
    ම අයිති කරගත්තා. එහෙම කළේ අරාබි රටවලට පාඩමක් විදිහට.
    ඉස්සරහට අරාබි ලෝකයෙන් එල්ල වෙන හැම යුද්ධයකදීම තමන්ගෙ ප්‍රදේශය ලොකු කරගන්න ඊශ්‍රායල කටයුතු
    කරනවා. බලෙන් අත්පත් කරගත්තුවා කිව්වට ඒ ගොඩක් පැති මුස්ලිම්වරුන්ට අහිමි වුණේ, ඊශ්‍රායලට ආක්‍රමණය
    කරන්න ඇවිල්ල වැඩ වරද්දගත්තු නිසයි.

    ඉතින් මේ විදිහට මාස 10ක් අවසානයේ ආරබි හමුදා 5 ම මේ පුංචි රටේ හමුදාව ඉදිරියේ දණ ගහනවා. යටත්
    වෙනවා. කවුරුත්ම නොහිතපු විදිහට ඊශ්‍රායලය ජයග්‍රාහීව සටන නිම කරනවා.

    d8gb08kbyr7i7qpzg.jpg


    ඉතිං අලුත බිහිවුණ මේ අපූරු රටක මිනිස්සු ටික දෙනෙක්, තෙල් නැති, වතුර අඩු, නිස්සාර කාන්තාරයක් උඩ ඉඳං
    තමන්ට වඩා පිරිස් බලයෙන්, අවි බලයෙන් යුධ බලයෙන් ඉතාම ලොකු armies 5 කට එරෙහිව ආරක්ශාකරගත්තු
    හැටි ගැන ලෝකයේ ටිකෙන් ටික කතාබහට ලක්වෙන්න ගන්නවා

    මේ තියෙන්නෙ Gaza, West Bank කියන්නෙ කලින් පලස්තීනයේ දැන් ඉතුරුවෙලා තියෙන කෑලි දෙක.

    ci83o0dtdo3ws7zzg.jpg


    ඉතින් මේ කෑලි දෙකේ හරි පලස්තීන රජයක් පිහිටුවන්න උදව් කරනවා වෙනුවට,
    යුද්ධයේ අවසානයත් එක්කම ඊජිප්තුව Gaza අයිති කරගන්නවා, ජෝර්දානය West Bank අයිති කරගන්නවා.

    හැබැයි එහෙම අයිති කරගෙන ඊට පස්සෙ පලස්තීන රටක් නැති වෙච්ච එකට මේ අය ඊශ්‍රායලයට දොස් කියන්න
    පටන් ගන්නවා. :P

    ඊජිප්තුව වත් ජෝර්දානය වත් ඒ පැතිවල පලස්තීන අයට තමන්ගේ රටේ citizenship දෙන්නේ නැහැ.
    මේ නිසා Gaza, West Bank වල වැසියො, රටක් නැති සරණාගතයො විදිහට tent වල දුකසේ ජීවත් වෙන්න
    ගත්තා. යුරෝපීය රටවල්, ඇමරිකාව, ඊශ්‍රායල පවා $ මිලියන ගණනින් වාර්ෂිකව ආධාර දුන්නත්, අවුරුදු ගණනක්
    ගතවුණත් අදටත් මේ සරණාගතයොන්ව tent වල තියාගෙන ලෝකයේ අනුකම්පාව දිනාගන්නවා.

    focxd0dh0a58tw2zg.jpg


    දැන් ඔය දේ වුණේ අරාබීන්ට විතරද ? අපෝ නැහැ

    යුද්ධයෙන් පස්සෙ හොඳටම නෝන්ඩි වුණ අරාබි රටවල්, ඒ තරහ ඒ රටවල යුදෙව්වන්ගෙන් පිරිමහගත්තා. ඔවුන්ට
    දස වද දුන්නා, සමහරු ඝාතනය පවා කළා, ඒ අයගේ දේපොල අයිතිකරගෙන ලක්ශ ගණනින් ඊශ්‍රායලයට
    පිටුවහල් කළා.

    ඒ අස්සෙ යුරෝපයේ ඉඳන් තවත් ලක්ෂ ගණනින් යුදෙව්වන් ඊශ්‍රායලයට ආවා. ඉතිං එකපාර රට ඇතුලට ආපු
    මහා ජන ගංගාවට ගෙවල් දෙන්න ඊශ්‍රායලයට පුළුවන් වුණේ නැහැ. එහෙන් පලස්තීනුවන් tent වල ඉඳිද්දි,
    මෙහෙන් යුදෙව්වන් ටත් camps වල tents වල ජීවත් වෙන්න සිද්ධ වුණා.

    හැබැයි ඊශ්‍රායල රජය මේ හැමෝටම හැකි පමණින් රස්සා හොයල දුන්නා. camp එකේ tents ටිකෙන් ටික
    ටින් වලින් හදපු ගෙවල් කෑලි බවට පත් වෙන්න ගත්තා. 1952 වෙද්දි ටිකෙන් ටික මේ camp පොඩි වෙන්න
    ගත්තා. ඒවායෙ මිනිස්සුන්ට අවට ගම්මාන නගර වල ගෙවල් හදලා දුන්නා

    තවත් camps එහෙම්මම දියුණු නගර බවට පත් වෙන්න ගත්තා. මෙහෙම වෙලා වෙලා 1963 දී සම්පූර්ණයෙන්ම
    මේ camps වහලා දැම්මා. එදයින් පස්සෙ අද වෙනකම් කිසිම ඊශ්‍රායලිකයෙක්ට සරණාගතයො විදිහට ඉන්න
    වුණේ නැහැ.

    හැබැයි අරාබි රටවල් නං පලස්තීන සරණාගතයො හිඟන්නාගෙ තුවාලේ වගේ තියාගෙන, අනික් රටවල් වල
    අනුකම්පාව දිනාගන්නවා. ඒවා දැකලා තමයි අපේ සමහරු social media වල විලාප තිය තිය අඬන්නෙ.

    අපි දන්නවා යුදෙව්වො කියන්නේ කොයි තරම් ලෝකෙට දේවල් අලුතින් එකතු කරපු දක්ෂ ජාතියක් ද කියන එක.
    මේ යුද්ධෙදි වටිනා යුදෙව් ජීවිත 6000 විතර නැති වුණා. ඒ අතරේ ලෝකය වෙනස් කරන්න පුළුවන් අයත් ඉන්න
    ඇති. අදටත් මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ සිංහලයන් වගේම ඉතාම සුළු ගණනක්.
    (1939 හිටියටත් වඩා මිලියන 3 ක් අඩු යුදෙව් ජනගහනයක්)

    අරාබීන් නුත් 3,700-7,000 අතර නැති වුණා. ඒත් අද වගේ ඒ කාලේත් ලෝකයේ හැම තැනම බුරුතු පිටින්
    මුස්ලිමුන් හිටියා.

    හැබැයි මොන තරම් විනාශයක් වුණත්. අනාගතේ ඊශ්‍රායලය, කලාපයේ බලවතා වෙන්න ඕන කරන අඩි
    තාලම දැම්මා. නවීන ආයුධ නිශ්පාදනාගාර වල Tanks, Planes තමන්ම නිපදවන්න ගත්තා. ගුවන් හමුදාවක්,
    අරාබීන් ගේ රහස් ඔත්තු හොයන්න, ඊශ්‍රායල බුද්ධි අංශයක් (Mossad) පිහිටුවනවා.
    මේ හැම අංශයක්ම අද සියලූම අරාබි රටවල් පරද්දලා ලෝකයේ ඉහලම තැන් වල තියෙනවා. ඒක එහෙම උනේ
    නැත්නං මෙලහකටත් ඊශ්‍රායලය කියන රට අද ඔතන නැහැ !
    අදටත් Mossad කියන්නෙ කොයි තරම් පුංචි සංවිධානයක් වුණත් ලෝකය පුරාම ඔත්තු සේවාවල (CIA, MI6)වල
    නොමද ප්‍රශංසාවට ලක්වෙච්ච ඉතාම කාර්‍යක්ශම සංවිධානයක්.
    Mossad එකේ අරුම පුදුම missions ගැනත් වෙනමම කියන්න ඕනෙ මාතෘකාවක් !

    ඒ වගේම මේ යුද්ධයේ front line එකේ අප්‍රසිද්ධව කොහේ හරි කෙළවරවල් වල අනාගතයේ විශිෂ්ඨ
    හමුදා නායකයො, අගමැතිවරු, ජනාධිපතිවරු වෙන අය සටන් වැදුනා. (Yitzhak Rabin, Ariel Sharon,Shimon
    Peres)

    කලිනුත් කිව්ව වගේ ඊශ්‍රායලීය නායකයෝ කියන්නෙ ඉතාම දුර දිග පේන කට්ටියක්. කවදාහරි අරාබි හමුදා
    තමන්ව පරද්දන තැනටම ආවොත් ඒ අයව බය කරන්න හෝ, මරාගෙන මැරෙන්න පුළුවන් වෙන රහසිගත
    මෙහෙයුමක් ඒ කාලෙම පටන් ගත්තා.
    ඒ තමයි න්‍යෂ්ටික අවි ! අද වෙද්දි ලොවක් නසන්න පුළුවන් Bilogical, Chemical weapons මේ අයට
    තියෙනවා. ඊශ්‍රායලය කියන්නෙ ඒවා හදන්න ඕනෙ කරන දැනුම පිරිලා ඉතිරිලා යන රටක් !

    හැබැයි මේ මොන ආයුධ තිබුණත්,
    පලස්තීනයට සරණාගතයො විදිහට ආපු යුදෙව්වොත්

    00e799ffam6hd9hzg.jpg


    කලාපයේ යෝධයෙක් විදිහට පස්සෙ කාලෙක වැජඹෙන පුංචි ඊශ්‍රායලයේ නායකයොත්,

    854f9djkq1i1mtrzg.jpg


    හැමදාමත් අරාබීන් එක්ක සාමයෙන් ඉන්න හීන දැක්කා. නිතර නිතර සාම සාකච්ඡා මේසයට කතා කළා.

    ඒත් අරාබි නායකයෝ ඒ කාලෙත්, යුද්ධයෙන් පරාද උණාට පස්සෙත්, කතා කළේ යුදෙව්වන් ගේ ලේ ගංගා
    උඩින් පලස්තීනය ආපහු අල්ල ගන්න එක ගැන
    ඒ පාරෙ යන පලස්තීනුවත් තමන්ගෙ මුලූ හිතින්ම යුදෙව්වන්ට වෛර කරන්න ගත්තා. පුංච් ළමයින්ගෙ පවා ඇඟේ
    බෝම්බ අටවලා suicide bombers ලා හදන්න ගත්තා.

    acu48knfp3votvzzg.jpg


    පලස්තීනු ළමා වැඩසටහන් වල පවා යුදෙව්වන් මරණහැටි, මරාගෙන මැරෙණ හැටි ගැන කියන්න ගත්තා. පුංචි
    ළමයින් යුදෙව්වෙක් ව දකින්නත් කලින් වෛරකරන තැනට විස පොවන්න ගත්තා.

    hba231e2e5sjvfszg.jpg


    යුද්ධෙට කොයි තරම් මිනිස්සු මදි උණත් ඊශ්‍රායල ඒ කාලයෙත් මේ තරම් පුංචි ළමයින්ව, හමුදාවට ගත්තෙ නැහැ.
    දැන් ගන්නෙත් නැහැ.

    ඉතින් මේ වෛරයෙන් පිරුණු ඊලඟ පරම්පරාවත් එක්ක එකතු වෙලා, අරාබි රටවල් 4 ක නායකයො ආපහු
    සැරැයක් ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න රැස් වෙනවා. හැබැයි මේ පාර නං දවස් 6 ඇතුලත හැමෝටම ඇඩ්‍රස් නැති
    වෙන්න නෙළලා තමන්ගෙ රට 3 ගුණයකින් විශාල කරගන්නත් ඊශ්‍රායල සමත් වෙනවා.

    මේ අපූරු යුද්ධය ගැන අපි ඊලඟ ලිපියෙන් කතා කරමු !
    Update !
    Amazing Israel Part 4
    http://www.elakiri.com/forum/showthread.php?t=1691813
    ---------------------------------------------------------------------------------------------

    මේ ලිපිය මේ තියෙන පින්තූරත් එක්කම බෙදාහදාගන්න බලන්න. Thread එක rate කරන්න. අළුත් දේවල් එකතු කරන්න :)


    මේ ලිපි සියල්ල මුල ඉඳන් පිළිවලට බලන්න ඕනෙ නං මගේ BLOG එකට එබිලා යන්න :yes:
    http://theoth3rside.blogspot.com/


     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    මේ ත්‍රෙඩ් එක දානකන් බලන් හිට්යේ මචන්...
    කලින් ත්‍රෙඩ් 2ත් කියෙව්වා.. ලොකු දැනුමක් ලබා ගත්තා.
    බොහොම ස්තුතියි මචන්..
    මේ වගේ වටිනා ලිපියක් එලකිරියේ අපි එක්ක බෙදාගත්තට
    1.gif

     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කොටස් 6ක්ම දැම්ම නේද මචං. බොහොම ස්තුතියි.

    IDF media unit එකකින් එහෙම උඹව contact කරේ නැද්ද?
    මුන්ගේ පට්ට propaganda එකක් තියෙනවා මචං.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කොටස් 6ක්ම දැම්ම නේද මචං. බොහොම ස්තුතියි.

    IDF media unit එකකින් එහෙම උඹව contact කරේ නැද්ද?
    මුන්ගේ පට්ට propaganda එකක් තියෙනවා මචං.

    මුංගෙ propaganda cha max බං. අපේ උං කීයෙන් කී දෙනාද මේ ගැන දන්නේ ?

    ඒත් Israel War Crimes ගැන නොදන්න එකෙක් නෑ

    PS:- මුං එක්ක direct contact වෙන්න මගේ කිසිම අදහසක් දැනට නං නෑ මචං. ඕකුං එක්ක සෙට් වෙනවා කියන්නත් පට්ට රිස්කි වැඩක්.
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113


    PS:- මුං එක්ක direct contact වෙන්න මගේ කිසිම අදහසක් දැනට නං නෑ මචං. ඕකුං එක්ක සෙට් වෙනවා කියන්නත් පට්ට රිස්කි වැඩක්.

    ඇයි ඒ :dull: