ලිංගික ඉන්නන් ඇති වීම
යාලුවනේ මම කලිනුත් ලිංගික රෝග ගැන ට්‍රේඩ් එකක් දැම්මා .
ලිංගික රෝග සැඟවීමේ භයානකකම
http://www.elakiri.com/forum/showthread.php?t=1685619
ලිංගික ඉන්නෝ ගැන වෙනමම දාන්න හිතුනේ ඒක එතරම්ම සුලබ සහ පිළිකා තත්වයක් දක්වා යන්න පුළුවන් භයානක කමක් තියෙන නිසා.
අනිත්තෙක තමයි කොන්ඩම්(Condoms) දැම්මාම ඔක්කොම හරි කියල හිතන එකත් වෙනස් කර ගන්න මේ ලිපිය කියෙව්වම.
ඉන්නන් (Warts) ඕනෑම අයකුගේ සම මත ඇතිවිය හැකි දෙයකි.
ඇතැමෙකුගේ සම මත කලකදී හටගන්නා ඉන්නන් කලකදී නොදැනීම නැතිවී යනු දැක ගත හැකිය.
ඇතැම් විටක ලිංගාශ්‍රිත ප්‍රදේශවල ද ඉන්නන් ඇතිවේ. ඒවා හඳුන්වනු ලබන්නේ ලිංගික ඉන්නන් (Genital Warts) ලෙසය.
එලෙස ලිංගාශ්‍රිතව ඇතිවන ඉන්නන් ඇතැමුන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.
මෙම ඉන්නන් ලිංගාශ්‍රිත ඉන්නන් ලෙස හඳුන්වන්නේ එම ඉන්නන් ඇතිවීමට හේතුවන වෛරසය ජීවත්වීමට වඩාත් කැමති ලිංගාශ්‍රිත ප්‍රදේශවන නිසාය.
කිසියම් අයකුට මෙම ඉන්නන් ඇත්නම් නිවැරදි වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබාගෙන කිසිදු ගැටලුවකින් තොරව හොඳ පවුල් ජීවිතයක් ගෙවීමේ හැකියාව ඇති බව මෙහි දී සඳහන් කළ යුතුය.
අපගේ ශරීරයේ ඕනෑම තැනක ඉන්නන් ඇතිවීම හේතුවන්නේ Humen Papiloma Virus (HPV) නම් වෛරසය නිසාය. මෙම වෙරසයේ ප්‍රභේද සියයක් (100) පමණ ඇත. මෙම වෛරසය ප්‍රභේද සියය අතරින් Type – 6 සහ Type - 11 යන ප්‍රභේද දෙක මගින් ලිංගාශ්‍රිතව ඉන්නන් ඇතිවන බව පැහැදිලිය.
අප සමාජයේ ජීවත්වන විට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන විට පිරිසක් එකට එකතුවී ක්‍රීඩා කරන විට මෙම ඉන්නන් බෝවීමේ හැකියාව ඇත.

කිසියම් පුද්ගලයකුගේ ශරීරයේ ඇති ඉන්නෙක් වෙනත් අයකුගේ ශරීරයේ ගැටුණු විට ඉන්නන් බෝවිය හැකිය. එසේ වීමට අවශ්‍යතා දෙකක් සපිරිය යුතුය.
ඉන් පළමුවැන්න ඉන්නන් සහිත පුද්ගලයාගේ ඉන්නාගේ ජීවි වෛරස තිබීමය.
දෙවැන්න එම වෛරසය ශරීර ගතවීමට සුදුසු තත්ත්වයක් (සිරීමක් හෝ තුවාලයක්) ඉන්නා ගැටුණු පුද්ගලයාගේ සම මතුපිට තිබීමය.
මෙම අවශ්‍යතා දෙක සම්පූර්ණ වූ විට රෝගී පුද්ගලයකුගෙන් නිරෝගී පුද්ගලයකු වෙත ඉන්නන් බෝවීමේ හැකියාව ඇත.
ලිංගික ඉන්නන් බොහෝ විට යමෙකුට බෝවන්නේ ලිංගික හැසිරීමක් නිසාය.
ඒ වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ ලිංගික ප්‍රදේශ එකිනෙක ගැටෙන්නේ ලිංගික හැසිරීමක් මගින් පමණක් බැවිණි.
එබැවින් ලිංගාශ්‍රිත ඉන්නන් යමෙකුට බෝවන්නේ ලිංගික හැසිරීමක් නිසා බව පැහැදිලිය.
ඉහතින් දැක් වූ පරිදි ලිංගික ඉන්නන් ඇතිවන්නේ HPV වෛරසය කාණ්ඩයේ Type – 6 සහ Type - 11 මඟින් පමණි. මෙම වෛරසයන් සමාජයේ අති බහුතරයකගේ ශරීරයේ පවතී. එහෙත් ඉන්නන් ලෙස එම වෛරසය ශරීරය මතුපිට පෙන්නුම් කරන්නේ ඉන් ස්වල්ප දෙනෙකුගේ ය. Type – 6 සහ Type - 11 වෛරස ලිංගාශ්‍රිත ප්‍රදේශවල ජීවත්වීමට ප්‍රිය කරන්නේ එම ප්‍රදේශවල පවතින උෂ්ණත්වය, තෙතමනය වැනි තත්ත්වයන්ට එම වෛරස ප්‍රභේද දෙක ප්‍රිය කරන නිසාය.
මෙම ඉන්නන්ගේ හැඩය විවිධාකාර විය හැකිය.
ඇතැම් ඉන්නන් විශාල පැතලි ඉන්නන් විය හැකිය.
ඇතැම් ඉන්නන් සම මතුපිටින් ඉහළට එසවී සිහින්ව තිබිය හැකිය.
ඇතැම් ඉන්නන්ගේ මතුපිට ස්වභාවය ඝන වූ තත්ත්වයක් පෙන්නුම් කළ හැකිය. (Keratinized)
ලිංගාශ්‍රිතව ඇතිවන ඉන්නන් කසන ස්වභාවයක් ඇතිවේ.
එම කැසීම සමඟ දැවිල්ලක් ද ඇතිවීමට ඉඩ ඇත.
පිරිමින්ගේ ලිංගේන්ද්‍රියේ සහ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඉතා පැහැදිලි ලෙස මෙම ඉන්නන් දැකගත හැකිය. කාන්තාවන්ගේ ද ලිංගේන්ද්‍රියේ බාහිර කොටසේ මෙම ඉන්නන් ඇතිවුවහොත් පහසුවෙන් හඳුනාගත හැකිය. එහෙත් කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ලිංගේන්ද්‍රියන් ඇතුළත ඉන්නන් ඇතිවුවහොත් එම ඉන්නන් බාහිරින් හඳුනාගත හැකි නොවනු ඇත.
ඇතැම් විටක කාන්තාවන්ගේ ගැබ් ගෙලෙහි සහ යෝනි මාර්ගය ඇතුලේ මෙම ඉන්නන් ඇතිවේ.
එමෙන් ම කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ගුද මාර්ග සහ මුඛ කුහරයේ ද ඉන්නන් ඇතිවීමේ හැකියාව ඇත.
පිරිමින්ගේ ලිංගේන්ද්‍රියේ පෙරසම රහිත කොටසේ ද බොහෝවිට මෙම ලිංගික ඉන්නන් ඇතිවේ. මෙවැනි ප්‍රදේශවල ඇතිවන ඉන්නන් බොහෝවිට හඳුනාගත හැකි වන්නේ අභ්‍යන්තර වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීම මගින් පමණි. ඉහත සඳහන් කළ ප්‍රදේශවලට අමතරව පිරිමින්ගේ වෘෂන කෝෂවල, ඉකිලිය ප්‍රදේශවල ද ලිංගික ඉන්නන් ඇතිවේ. වැඩි වශයෙන් ම ලිංගික ඉන්නන් ඇතිවන්නේ ඉතා පහසුවෙන් සියුම් තුවාලයක් සිදුවී වෛරසය ශරීරගත විය හැකි ස්ථානවලය.
ලිංගික ඉන්නන් ඇති කරන වෛරසය යමෙකුගේ ශරීර ගත වී රෝගය මතු වීමට නැවත කාලය ඇතැම් විටෙක මාස 6ක් පමණ ගත විය හැකිය.
ඇතැම් විටෙක එම කාලය ඊට අඩුවීමට ද ඉඩ ඇත.
ලිංගාශ්‍රිත ඉන්නන් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර අද ඇත. ඒ සඳහා යොමු විය යුතු සුදුසුම ස්ථානය වන්නේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව පැවැත්වෙන සායනයයි. ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන රෝහල්වල මෙම සායනයන් ඇති අතර කොළඹ ජාතික රෝහලට අයත් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සායනයට ද ඕනෑම අයකුට සහභාගි විය හැකිය.
ඇතැම් චර්ම රෝග පිළිබඳ සායනවල ද ලිංගාශ්‍රිත ඉන්නන් සඳහා ප්‍රතිකාර කළ ද වඩාත් සුදුසු වන්නේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සායනයකට ඇතුළු වී ප්‍රතිකාර ලබාගැනීමය.
ඇතැම් පුද්ගලික වෛද්‍යවරු හමු වී මේ සඳහා ප්‍රතිකාර ලබාගන්නට ඔවුන් කියමකරනු ලබන විවිධ ආලේපන මගින් සම මතුපිට ඇති ඉන්නන් යටපත් වූව ද රෝගය සම්පූර්ණයෙන් ම සුව නොවිය හැකිය.
ම ලිංගික ඉන්නන් නිසා ශරීරයේ විශේෂ සංකූලතාවයන් ඇති නොවූව ද මෙම ඉන්නන් ඉතා කලාතුරකින් මවගෙන් දරුවාට බෝවීමේ හැකියාව ඇත.
එසේම යම්හෙයකින් මෙම ඉන්නන් මුත්‍ර මාර්ගයේ ඇතුළත හට ගනු ලැබුවහොත් මුත්‍රා පිටකිරීමේ වේගය ද අපහසුවිය හැකිය.
ලිංගික ඉන්නන් සුව කිරීම සඳහා නිවසේ සිට කළ හැකි ප්‍රතිකාර ඉතා අඩුය. ඉන්නන් විනාශ කිරීම සඳහා සායනවල දී Liquid Nitroqen භාවිතා කෙරේ. මෙගින් සිදුවන්නේ ඉන්නන් පුළුස්සා විනාශ කිරීමය. එලෙස පිළිස්සිය නොහැකි තරමක් විශාල ඉන්නන් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්ම සිදු කෙරේ. මේවා ඉතා සුළු ශල්‍යකර්මයක් විය. ලිංගාශ්‍රිත රෝග සායන සඳහා මෙම රෝගීන් යොමු වූ විට ඔවුන්ගේ ලිංගික සහකරුවන් සහ සහකාරියන් හට ද ප්‍රතිකාර කිරීම ඇරඹේ.
මෙලෙස කරනු ලබන ප්‍රතිකාර මඟින් සිදු කෙරෙන්නේ ශරීරයෙන් පිටතට පිහිටි ඉන්නන් විනාශ කිරීම පවතී.
යමෙකුගේ ශරීරයට මෙම වෛරසය ඇතුළු වූ විට එය ශරීරයෙන් පිට නොවේ.
එහෙත් ඒ පිළිබඳව අප කලබල විය යුතු නැත. මෙම වෛරසය ද ක්ෂුද්‍ර ජීවියෙකි. අපගේ ශරීරය තුළ ඕනෑතරම් ක්ෂුද්‍ර ජීවින් ඇත.
එබැවින් මෙම වෛරසය ඇගේ ශරීරයේ තිබේයැයි සිතා කලබල විය යුතු නැත. මෙයින් පැහැදිලි වන්නේ ලිංගාශ්‍රිතව ඉන්නන් ඇති වීම පහසුවෙන් මැඩ පවත්වාගත හැකි බවය;
වෛරසය ශරීරයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් නොවූව ද සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීමට දරුවන් හැදීමට එය මායාවක් නොවන බවය.