සේරුවාවිල_පලතුරු_පූජාව_සහ_හෙල_බොදුනුවා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
සේරුවාවිල_පලතුරු_පූජාව_සහ_හෙල_බොදුනුවා

සේරුවාවිල පලතුරු පූජාව
සහ
හෙල බොදුනුවාගේ නිරුවත


මේ ගැන විවිද තැන වල අදහස් උදහස් පල වූ අතර පහතින් දැක්වෙන්නේ එළකිරියේ ගිය කතිකාවතයි.....

චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

මේ ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක ධර්ම දේශනාවක් අතරතුර ඒ ස්වාමින් වහන්සේ පල කල අදහසක කොටසකි .....





+++++++++++++++++++

හෙළ බෞද්ධයින් යැයි ලොකුවට කියා ගත් මුත් , 6 ශේණියේ බුද්ධ දර්මය පොත වත් කියවා නැති බවට මිට වඩා උදාහරණ අවශ්‍ය ද?
අන්යාගමිකයන් බුදු දහමට කෙසේ ගැරහුවද එය ගැටළුවක් නොවන්නේ ඔවුන් බෞද්ධයන් නොවන බැවිනි. එය ගැටළුවක් නැතුවම නොවේ, ඒ ඔවුන්ගෙන් බුදු දහමට උන්නතියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවිය හැකි බැවිනි.
අන්යාගමිකයන් හඳුනා ගැනීම පහසුය. ඔවුන් බුදු දහමට අවැඩක් කලේ නම් පැහැදිලිව පෙනේ.
වඩාත් භයානක වන්නේ "බෞද්ධ වේශධාරීන්" ය. බෞද්ධ වේශධාරීන් යනු බුදු දහම අදහනවා සේ පෙනෙන තමුන්ට අවේනික තමතමුන්ගේ ධර්මයන් අදහනා, තිසරණය නැති මුත් බෞධයන් යැයි කියා ගන්නා පිරිස් ය.
බෞද්ධ වේශධාරීන් ගෙන් සමහරු සමඟ වෙන් වෙන සාකච්චා කල විට අපට හැඟෙන්නේ ඒ අය සියල්ල ශාස්තෘන් වහන්සේලා බවයි.
ඔවුන් බුදුරාජාණන් වහන්සේලාටත් වඩා බුද්ධ ධර්මය දන්නා අතර ඔවුන් බුදු වී නැත්තේ ඇයි දැයි විටෙක අපට සිතේ!
බුදු දහමේ කරුණු විශ්ලේෂණය කොට වාර්තා සැපයීමට එක්කෝ ඔවුන් බුදු වී සිටිය යුතුය. නැති නම් පසේ බුදු වී සිටිය යුතුය.
ඒ දෙකම නොවේ නම් මානසික රෝගියෙක් විය යුතුය. ඒසේ නම්, භාවනා කිරීමට පෙර කෑමට පෙර බෙහෙත් බිව යුතුය.
ඔවුන් ගෙන් ඇතැමුන් නොදාන්නා දේකුත් නැති අතර දන්නා දේකුත් නැත.
ශ්‍රී ලංකාවේ නම් බොහෝ විට උසස් අධ්‍යාපන සුදුසු කම් ලැබීම හේතු කොට ඇති වෙන මානසික රෝගී තත්වයකි. "වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජක් ද?". ඔවුන්ගෙන් ඇතැමුන්ටට සිතෙන්නේ එලෙසයි.
බුද්ද සාසනය වැඩිමනක් කෙලසන්නේ සහා විනාශ වන්නේ ඔවුන් ගෙනි.

සමාජයේ විවිධ බෞද්ධ වේශධාරී පිරිස් සිටිති.

ඇතැම් හෙළ ප්‍රෞඩ බෞද්ධයින්ට "බුදු රජාණන් වහන්සේ < අසරණයා" ය.
ඔවුන් බුදු කෙනෙක් හඳුනන්නේ ද නැත.
අසරණයා හඳුනන්නේ ද නැත.
තිසරණය ද නැත.
නමුත් අන්‍යාගමික කරන පරදවා කි බෝඩයෙන් පහර පිට පහර දෙන හෙළ ප්‍රෞඩ බොදුනුවන් ය!
බුද්ධ පුජාව කොතැනද? එතෙන්ට අසරණයා අනිවාර්යෙන්ම ඔවුන් දක්කන් එන්නේ ය.
නමුත් තාම තමුන්ගේ පෞද්ගලික සාද වලදී, විවාහ මංගලෝත්සව වලදී, විශේෂ උත්සව සංවිධානය කරද්දී ඔවුන් ඒ අසරණයා කැඳවාගෙන එන්නේ නැත. අසරණය සිහි වෙන්නේද නැතා. කොටින්ම කියනවා නම්, ඒ වේලාවන්ට අසරණයෙක් නැත!
අසරණයා එන්නේ, බුද්ධ පුජවකදී ය. නැත්තම් සාංඝික දානයකදී ය.

තවත් පිරිසකි..........

මහා මැතිවරණ, ජනාධිපතිවරණ වලට මහජන මුදල්, පවුද්ගලික මුදල් කොටි ගණන් විසි වන්නේය.
ආණ්ඩු පක්ෂ වල ඇතැම් දේශපාලුවන් ජනතාවගේ මුදල් කොටි ගණන් විසි කරමින් "අසරණ ජනතාවට අනිවාර්යෙන් වියදම් කල යුතුව තිබුණ මුදල්" හිතු මනාපෙට විසි කරමින් තම තමුන්ගේ සුඛ විහරණයට මග පාදා ගත්තෝය.
බුද්ධ සාසන ඇමති වරුන් දැන් වසර ගණනාවක සිට සිටින්නෝය! නමුත් බුද්ධ සාසනය වෙනුවෙන් කල ඉලවුවක් නැත. ලක්ෂ ගණන් පඩි ගන්නා මොවුන් පංසලේ තාප්පයක හුණු ගෑමට වත් වෙන් කල මුදලක් නැත.
ඒවා කිසි බෞද්ධ වේශ ධරියෙකුට පෙනෙන්නේ නැත.
අසරණයා මතක් වන්නේද නැත.
ඒවාට විරුද්දව කෑ ගසන්නේ ද නැත.
ඒ නමුදු බුද්ධ පුජාවක්, සාංඝික දානයක් දුටු පමණින් අධෝ මුඛයෙන් රක්ත වර්ණ ගිනි දළු නික්මෙන්නේය!
එසේ විලාප තබන ඇතැමුන් ගේ කුණු ලෝභී බව කොතෙක් ද යත් බසයේ රුපියල් 10 ඉල්ලන හිඟන්නාට වසර ගණනාවක් යනතුරු බනිති.
නමුත් තමන් කෝටිපති සමාගම් වලට reload කරන රුපියල් 50 න් "ඔයා කෑවද බිවුවද" අසනවා විනා වෙන වැදගත් වැඩක් ද කලේ නැති බව ඔවුන්ට මතක් වන්නේ නැත.

අසරණයන්ට පිහිට වීමටද එහෙවු බොහෝ වෙෂධාරින්ට උවමනාවක් නැත.
ඔවුනට ඇත්තේ ඉරිසියාව, කුහක කම වැනි හෙළ බෞද්ධයන් බොහොමයකට උප්පත්තියෙන් පිහිටි ගුණාංග පමණි.

ඇතැම් විට මේවා කීමෙන් පලයක් ද නැත.
මන්ද යත් බුද්ධ සාසනයේ අවසානයෙත් අවසානය කරා අප එළඹී ඇති නිසාවෙනි....
බොහෝ විට අන්‍යාගමික කරණයත්, බෞද්ධයාගේ පිරිහීමත් යන කරුණු කාරණා උඩ බුද්ධ සාසනය තව වසර 30 - 40 ක් පණ අදිනු ඇත.
තව වසර 50 කින් 60 කින් පමණ පසු සිරිලක බුද්ධ සාසනයේ වෙහෙර විහාර සංස්කෘතික හා ඓතිහාසික වශයෙන් පමණක් වැදගත් කමක් ඇති නටඹුන් බවට පත් වනු ඇත.
ඇතැම් විට අන්‍යාගමික කරණයක් හමුවේ බුදු දහමේ සියලු උරුමයන් සහමුලින් විනාශ කර දමනු ඇත.
ඊට පෙර බුදු දහමේ පිළිවෙත් පුරා, පලය ලබා ගැනීම පමණක් අපට ශේෂව ඇත.......


- shenic
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ජිංතක ජිල්ලබකිට;18624612 said:
බුදු පියාණන් මනාකොට වදාල ශ්‍රී සද්ධර්මයට මේක ගැලපනවාද??

බුදුරජානන් වහන්සේට ආමිස පුජවක් තියන එකද?
100% ක් ගැලපෙනවා. :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ජිංතක ජිල්ලබකිට;18627388 said:
ඈහ්?? මේ බුද්ධ පූජාවක්ද?:baffled:

ඇයි බුද්ද පුජාවක් කියලා හිතන් ඉන්නෙ මොකද්ද?
 

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :yes::yes:
    11.gif
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඇයි බුද්ද පුජාවක් කියලා හිතන් ඉන්නෙ මොකද්ද?


    වේලාම සුත්‍රය


    වේලාම බමුණුතුමාගේ මහා දානයට වඩා එකම එක සෝවාන් ආර්යයන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵලය.
    සියයක් සෝවාන් ආර්යයන් වහන්සේට දෙන දානයට වඩා එකම එක සකදාගාමී ආර්යයන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵලය.
    සියයක් සකදාගාමී ආර්යයන් වහන්සේට දෙන දානයට වඩා එකම එක අනාගාමී ආර්යයන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵලය.
    සියයක් අනාගාමී ආර්යයන් වහන්සේට දෙන දානයට වඩා එකම එක අරහත් ආර්යයන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵලය.
    සියයක් අරහත් ආර්යයන් වහන්සේට දෙන දානයට වඩා එකම එක පසේ බුදුවරයන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵලය.
    සියයක් පසේ බුදුවරයන් වහන්සේට දෙන දානයට වඩා තථාගත අරහත් සම්මා සම්බුදු රජානන්ට දෙන දානය මහත්ඵලය.
    තථාගත අරහත් සම්මා සම්බුදු රජානන්ට දෙන දානයට වඩා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානය මහත්ඵලය.
    බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානයට වඩා සිව්දිගින් වඩිනා මහ සඟුනට විහාරයක් කරවීම මහත්ඵලය.
    සිව්දිගින් වඩිනා මහ සඟුනට විහාරයක් කරවීමට වඩා පහන් සිතින් තිසරණ සරණ යෑම මහත්ඵලය.
    පහන් සිතින් තිසරණ සරණ යෑමට වඩා තිසරණ සහිත පන්සිල් සමාදන්වීම මහත්ඵලය.
    තිසරණ සහිත පන්සිල් සමාදන්වීමට වඩා යටත්පිරිසෙන් ගන්දයක් සිඹිනා තරම් කාලයක් මෙත් සිත වැඩීම මහත්ඵලය.
    ගන්දයක් සිඹිනා තරම් කාලයක් මෙත් සිත වැඩීමට වඩා අසුරු සැනක් ගසනා තරම් කාලයක් අනිත්‍ය සංඥාව වැඩීම මහත්ඵලය.


    වේලාම සුත්‍රය, අංගුත්තර නවක නිපාතය සීහනාද වග්ගය.