***ඇයි කෙල්ලො මෙහෙම?***

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ***ඇයි කෙල්ලො මෙහෙම?***

    ***ඇයි කෙල්ලො මෙහෙම?***

    යාලුවනේ මම elakiri එකට අලුත්. දාන්න උන පළවෙනි Thread එකම බර අත්දැකීමක්. මේකයි කතාව...

    මම කාලෙක ඉදල දන්න කියන ලස්සන, තැන්පත්, හොදට හැදිච්ච, හොද ගතිගුණ තියෙන ගෑණු ළමයෙක් හිටිය. කියන්න වැරැද්දක් ඇත්තෙම නැහැ. පොඩි කාලෙ ඉදල ම ගෙදරට වෙලාමයි ඉන්නෙ. වැඩිය එළියට බහින්නෙත් නැති සීන් එකක් තියෙන්නෙ. Social නැහැ. ඒත් අම්මයි තාත්තයි එක්ක පන්සල්, මළ ගෙවල්, දානෙ ගෙවල් වලට එහෙම යනව. ස්කෝලෙ යනව, පන්ති යනව, ගෙදර එනව. වටපිටාවෙ කවුරුත් එක්ක වැඩි ආශ්‍රයක් නැහැ.පොතේ පතේ වැඩ විතරයි. ගෙදරින් ලොකු Pressure එකක් දෙනව ඉගෙන ගන්න පැත්තට. එයත් ගොඩක් දක්ෂයි වගේම, උනන්දුයි ඒ පැත්තට. වට පිටින්තෝර ගත්ත කස්ටියක් විතරයි ආශ්‍රය කරන්නෙ. අම්මයි තාත්තයි ගොඩක් උගත්. ඒ නිසා ලොකු කමත් තියෙනව. අම්මයි තාත්තයි එක්කමයි ඉන්නෙ. හොදම යාලුවෙක් කියල කෙනෙකුත් නැහැ. අම්ම තමයි හොදම යාලුව. හැමදේ ම අම්මටයි තාත්තටයි කියනව. ඒ විදියටයි ගෙදරින් හදල තියෙන්නෙ මනස (මම පස්සෙ දන්නෙ මේ ගැන). ඒ වගේ ම කොල්ලෙකුත් නැහැ. :rofl:

    ඔන්න ඉතිං දවසක් පෝය දවසකදි පන්සලේ දි මෙයා දැකල, මට එයා පිළිබද සිරා සිතක් ඇති උනා. සිරා සීන් එකක් මචංල. විහිලුවට ගන්න එපා. මම අස්පට් එකේ ඉන්නෙ මේ ටිකේ ටිකක්. ඒ නිසයි හොදේ... නැත්නම් අවුලක් නැහැ.

    ඒ අතරෙ දි ඒ ළමයගෙ ගෙදරින් වගේ ම, අපේ ගෙදරින් හොදට දන්න කියන කෙනෙක් නැති උනා. මෙයා 7 දවස වෙනකන් මේ මළ ගෙදර ආව පුලුවන් හැම වෙලාවෙ ම වගේ අම්මලත් එක්ක. ඒ අතරෙ දි ඇසට ඇස යාවී, පොඩි පොඩි ලයින් පාරවල් ටිකක් වැටුණ. හොරෙන් බැලුව. ඇසිපිය නොහෙලා බැලුව. දන්නවනෙ ඉතිං... කතා කරන්න ගියෙ නැහැ. අදුරන උන් හැම තැනම. චාටර් කරගන්න ඕනි නැහැනෙ. ගෙදර අයත් හිටිය. ඉතිං ඔය දවස් ටික ඔය විදියට ගෙවිල ගියා.

    ඊට පස්සෙ කොල්ල ගේමට බැස්ස. එක දවසක් බස් එකේ දි හම්බවෙලා Chat එකක් දැම්ම. වැඩි කතාවක් තිබුණෙ නැහැ මුලින්. ටික වෙලාවක් යනකොට උත්තර දුන්න අහන දේවල් වලට. අන්තිමට එදා මට “යනව“ කියල බැහැල ගියා. එකෙන් පස්සෙ, පන්ති යන්න ඉන්න කොට වගේ, චාටර් නොවෙන්න ඉන්න තැන්වල පේන්න තව ටිකක් තේරෙන්න හිටිය.

    මම ඔහොම Follow කරගෙන ඉන්න කොට, එක දවසක් Bus halt එකේ දි මම කතා කළා Good morning කියල. එදා අමුතු සීන් එකක් උනා. මගෙ දිහා හොදට බලල, මට Good morning කියල අනිත් පැත්තට හැරිල හිටිය. ඒකෙන් පස්සෙ අහපු දේවල් වලට “ඔව්, නැහැ“ වගේ උත්තර දුන්නෙ අනිත් පැත්තට හැරිල. හැබැයි අහපු හැමදේට ම මොකක් හරි කිව්ව. මම වැඩි දේවල් අහන්න යන්නෙ නැතිව මාරු වුණා එදා. හෙන අස්පට් ඉතිං. එදා School uniform එකෙන් හිටියෙ. මම හිතුව ඒ නිසා වෙන්න ඇති කියල.

    දවසක් පන්ති යන වෙලාවක් බලල අදහස දාන්න හිතාගෙන ගියා. එදා ආවෙ නැහැ. මේ විදියට සති 03ක් විතර Miss උනා. පන්ති යන වෙලාවල් ඔක්කොම එකපාරටම වෙනස් වෙලා. මේ හැමදේ ම මාස 02 ක් ඇතුලත වගේ උනා.

    කොහොම හරි ඉතිං අදහස කියන්නත් ඕනිනෙ. දවසක් පැය 04 ක් විතර මාර කට්ටක් කාල, එන වෙලාවක් බලල, කතා කරා. මාව දැක්ක ගමන් Mode Upset ගියා. දැක්කෙ නැහැ වගේ යන්න හැදුවෙ. මම කතා කරපු ගමන් “ඔයා මොකාට ද එන්න හදන්නෙ“ කියල මගෙන් ඇහුව. මම ඉතිං ඕක ගනන් ගන්නෙ නැතිව, Shape talk එකක් මුලින්ම දාළ, හිතේ තියෙන දේ චාටර් නොවෙන්න Shape එකේ කිව්ව. ඒ දවස් වල ඒ ළමයට A/L වලට හරියට ම මාසයයි. මම “පුලුවන්නම් විභාගෙන් පස්සෙ මේ ගැන“ කියන කොටම“නැහැ, ඒක වෙන දෙයක් නෙමෙයි“ කියල මාර Speed යන්න ගියා. ටික දුරක් ගිහින් ඔලුවෙ දෙපැත්ත නිකන් අමුතුම විදියකට “කරදරයක් වගේ“ කසල, පිටි පස්සවත් නොබල ගියා. මට ඉතිං මාර අවුල්.... :sorry:

    ලස්සනම වැඩ ටික උනේ ඊට පස්සෙ. වැඩේ අම්මලට කියල තිබිල තියෙන්නෙ තේරුන දවසෙ ඉදල. ගෙදරින් සමහර පන්ති නවත්තල, යන බස් මාරු කරල. ඒ ළමයගෙ අම්ම මාව අදුරන යාලුවෙක්ට, මම එයත් එක්ක අන්තිමට කතා කරල පැයකට වගේ පස්සෙ ඇවිත් කියල“එයා තාම ඉගෙන ගන්නව, කරදර කරන්න එපා කියන්න. එයා කැමති නැහැ. එයාගෙ හදහනේ ලොකු ප්‍රශ්නයක් තියෙනව. හොයල බලලයි කරන්න ඕනි. වෙන දෙයක් නෙමෙයි ඒක කියල එයාට කියන්න“ කියල.

    දැන් අවුරුද්දක් විතර ඇති ඔය සීන් එක වෙලා. මම එදායින් පස්සෙ කිසිම දෙයක් කරන්න ගියෙ නැහැ. පාඩුවෙ හිටිය. අඩුම තරමෙ පේන්නවත් ගියෙ නැහැ. අවුල තියෙන්නෙ මට ඒ ගෑණු ළමයව අමතක කරන්න අමාරුයි බොක්කටම වැදිල නිසා. යාලුවො නම් කියනව අමතක කරල දාපන් මචං කියල. ඒත් මම ඉන්න තත්වෙ කාටවත් තේරෙන්නෙ නැහැ.

    ඒ නිසයි මේක බෙදා ගන්න හිතුවෙ හැමෝමත් එක්ක. ඒකෙන් වත් හොදක් වෙයි කියල. මට වැඩිය ගොඩක් අත් දැකීම් තියෙන අය ඉන්නවනෙ ElaKiri යෙ.

    හැමෝගෙම අදහස්, යෝජනා, චෝදනා සාදරයෙන් පිළිගන්නව.:)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ නන්නාඳුනන ගෑණු ලමයෙක් කියල හිතාගෙන උඹේ නම ඩෙත්ලිස්ට් එකක තියාගෙන ඉන්න කෙල්ලෙක් එක්ක කතා කලාද දන්නෑ :shocked: :shocked:
    කොහොමද එක පාරට මූණ වෙනස් කල්ල උඹේ ඇස් දෙකට පිහියෙන් ඇණල උඹ කල වැරදි සේරම කියල ඉවර වෙලා හිමින් සීරුවෙ isis උන් කරනව වගේ උඹේ බෙල්ල කපාගෙන යද්දි :dull: :dull:
    ඒ නිසා කරන දෙයක් පරිස්සමින් :sorry: :sorry:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    img-thing
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචෝ සමහරවිට කෙල්ල කැමති වෙයි දවසක.එත් මචන් ඔය ලොන්ත අදහස් තියෙන බව නම් පේනවා.:frown::frown: කේන්දර ප්‍රශ්න කිව්වා නේද,,,?? ඒකිගේ ගෙදරින් අම්බානක් කේන්දර ආමාශ ගතකරගෙන ඉන්නේ.. :( උබ එක නිසා ඉවසගෙන ඉදපන්,ඒ මත්තේ නැහෙන්න එපා,වෙන එකක් සෙට් උනොත් එක පස්සෙන් පලයන් දෙපාරක් හිතන්නේ නැතුව.අරක උබට හම්බෙනවන්ම් හම්බෙයි...ගේම අතාරින්න එපා,එත් ඕනවට වැඩ බාල්දු වෙන්න වෙන්න එපා.. ටච් එකේ ඉදපන්
     
    Last edited:

    trustnotme81

    Junior member
  • Oct 24, 2010
    32
    4
    8
    ambalamgoda.Sri lanka
    උඹ නන්නාඳුනන ගෑණු ලමයෙක් කියල හිතාගෙන උඹේ නම ඩෙත්ලිස්ට් එකක තියාගෙන ඉන්න කෙල්ලෙක් එක්ක කතා කලාද දන්නෑ :shocked: :shocked:
    කොහොමද එක පාරට මූණ වෙනස් කල්ල උඹේ ඇස් දෙකට පිහියෙන් ඇණල උඹ කල වැරදි සේරම කියල ඉවර වෙලා හිමින් සීරුවෙ isis උන් කරනව වගේ උඹේ බෙල්ල කපාගෙන යද්දි :dull: :dull:
    ඒ නිසා කරන දෙයක් පරිස්සමින් :sorry: :sorry:

    මූටත් many Faced God ගාවට යන්න තමය් වෙන්නේ
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ubta Una wade matath Una sahi.mnwa karannada itn polowe pas Kannada.

    ගේම අතාරින්න එපා,,එත් නොන්ඩි වෙන්න යන්නත් එපා:cool:.. කරන්න දෙයක් නැනේ බං.උස්සන් එන්නද බලෙන් :(
     

    trustnotme81

    Junior member
  • Oct 24, 2010
    32
    4
    8
    ambalamgoda.Sri lanka
    කතාවේ හැටියට උබට ඕක සෙට් උනොත් තමයි ප්‍රශ්නෙ. ඔය වගේ ගෙදරටම ඇලිච්ච කෙල්ලෝ එක්ක වසන්න බෑ බන්.ටික කාලයක් ඉවසපන් මැරිච්ච ඈයොත් අමතක වෙන එකේ ඕක උබට අමතකම වෙලා යාවි තව ටික කාලෙකින්.ඕක තමයි ජීවිතේ හැටි. :sorry::sorry::sorry::sorry:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හිමීට දන්න කියන අය ලව්ව හොයල බලහන් එකි ගැන. පිස්සුද දන් නැහැනේ ඕයී. ඔය කියන තරන් ප්‍රස්නයක් නං :eek:

    එකීගෙ යාලුවො එකෙක් දෙන්නෙක් හරි ඇතිනේ. යාලුවො නැත්තන් උබ හොද යාලුවෙක් වෙන්න බලහන්..පොඩ්ඩක් නිරික්ශනය කරහන්. මොකාද සතා කියලා (මොන වගේ කෙල්ලෙක්ද කියලා):)

    හැකි නං වෙලාව හොයාගෙන බලහන් මොකද්ද ඔය කියන තරන් අවුල කියලා.. පවු:oo:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    apo ohoma samajeta gihin nati ganu ekka yalu wenna epa bun

    psyco case pase kaleka siyadiwi nasa ganne mini maranne onna oya wage ewun

    oya wage kellonta kisima deyak dara ganna ba

    dakkane pitipassa harila konde kasapu widiha