ඇස්_වටිනවා_කියවල යන්න

r runner

Member
May 12, 2015
2,396
780
0
ඇස්_වටිනවා_කියවල යන්න

දවසම කොම්පියුටර් එක ඉස්සරහ ඉදගෙන ඉන්න එකේ මේ ගැනත් පොඩ්ඩක හිතන එක වටිනව කියලයි මටනම් හිතෙන්නෙ.....:yes::yes::yes:


image upload

ඇස ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක් වන අතර ඇසේ පෙනීම හොදින් පවත්වා ගැනීම සියළු ජීවීන්ගේ අවශ්‍යතාවයකි. පෙනීම දිවා කල පෙනීම හා රාත්‍රි කාලයේ පෙනීම ලෙස කොටස් දෙකකි.

නොපිසූ ආහාර ගැනීම මගින් ස්වභාවිකවම ඇසේ පෙනීම වර්ධනය වේ. වීශේෂයෙන්ම එළවළු හා පළතුරු පෝෂණය අතින් ඉතා ඉහල වේ. ආහාර පිසීමේදී මෙම පෝෂ්‍ය කොටස් බිද හෙලී යන අතර ආහාර අමුවෙන් ගැනීමේදී මෙම පෝෂ්‍ය කොටස් ඉතිරිව පවතී. මෙම නොපිසූ ආහාර ශරීරයට ඉතා හිතකර වුවද දෘෂ්ධිය සදහා විශේෂවන ආහාර වර්ග වෙන් වෙන්ව තෝරාගත යුතුයි.


img hosting

දිවා කාලයේ පෙනීම සදහා වැදගත් වනුයේ කැරොටීන් අඩංගු ආහාර වේ. කහ හෝ තැඹිලි වර්ණ සහිත එළවළු පළතුරු මේ සදහා වැදගත්ය. කැරටි වල අඩංගු බීටා කැරොටීන් , විටමින් ඒ අඩංගු ආහාර දිවා කල පෙනීම සදහා විෂේශිත වේ. දිවා කාලයේ ඇස් පෙනීම හොදින් පවත්වා ගැනීමට හිරු එළියෙන් වන හානිය වලක්වා ගත යුතුයි. හිරු එළියෙන් වන හානිය සම්පූර්ණ පෙනීම සදහාම බලපායි. නිවිති , බොකුටු ගෝවා හා වෙනත් කොළ පැහැති පළා වර්ග ස්වභාවිකව ඇසේ පෙනීම වර්ධනය කරන අතර ආලෝකයෙන් වන හානි වලින් ඇස ආරක්ෂා කරයි.

කැරොටීන් අඩංගු ආහාර


image ru

රාත්‍රි කාලයේ ඇසේ පෙනීම වර්ධනය කිරීම සදහා ඇන්තොසයනීන් වර්ණක අඩංගු ආහාර ගත යුතුයි. ඇන්තොසයනීන් වර්ණකය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර ඇසේ පෙනීම වර්ධනය කර රාත්‍රි කාලයේ හොද පෙනීමක් ලබා දීමට හේතු වේ. මිදි , නිවිති වැනි ඇන්තොසයනීන් වර්ණක බහුල ආහාර වේ.

ඇන්තොසයනීන් වර්ණක අඩංගු ආහාර


screen shot

ඇසේ නිරෝගීව පවත්වා ගැනීම සදහා මීට අමතරව ඇසේ සුද ඇති වීම වලක්වා කාචය ආරක්ෂා කර ගත යුතුය. නොපිසූ රතු ලූණු සුදු ලූණු සෝයා ආහාරයට ගැනීම ඇසේ සුද ගොඩ නැගීම වලක්වා පෙනීම වර්ධනය කරයි. මේවා ස්වභාවික විෂ නාශක බැවින් ඇස වටා විවිධ ඉදිමුම්, ප්‍රදාහයන් ඇති වීම වලක්වයි.

තවද විවිධ අහිතකර කෑම වර්ග (Eg Junk food) ආහාරයට ගැනීමෙන් වැලකීමද ඇස නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වේ.

Junk food


screenshot software

ඇස විජලනයට පත් වීමේන් වලක්වා ජලය වැඩිපුර පානය කිරීමද ඇසේ නිරෝගීතාවයට වැදගත් වේ.


online photo storage

එසේම ඔමෙගා 3 මේද අම්ල බහුල ආහාර ගැනීමද ඇසේ පෙනීම වර්ධනය කරයි.
මාංසමය නොවන ප්රෝටීන වර්ග වැඩිපුර ගැනීම ද පෙනීම වැඩිකිරීමට වැදගත් වේ.

ඔමෙගා 3 මේද අම්ල බහුල ආහාර


uploading images

image hosting sites

මහන්සි වුනා... කියවල බම්ප් එකකින් සංග්‍රහ කලත් ලොකු දෙයක් හොදේ...​
:P:P:P:P:D

 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    fatta machan,math koi weleth computer ekema thamai kohomath,nida ganna time eka erenna anik hema welawakama wage PC eka issarahama thamai :(
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    fatta machan,math koi weleth computer ekema thamai kohomath,nida ganna time eka erenna anik hema welawakama wage PC eka issarahama thamai :(

    me too brother thats why i send this post... danatamath mage asdekath godak weak.. spectacle dagena thamai wada :D:D