මෛත්‍රීපාලගේ අත

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෛත්‍රීපාලගේ අත

    මෛත්‍රීපාලගේ අත අත් නො හැරිය යුතු ය

    MY3%2B%25281%2529.jpg


    මේ මොහොතේ සිවිල් සමාජය, පුරවැසි සංවිධාන හා මාධ්‍ය හැසිරෙන්නේ ඔවුන්ගේ අංක එකේ සතුරා මෛත්‍රීපාල යයි සිතා ය.

    මෛත්‍රීපාල මහින්ද ඇතුළු හොර නඩයට නාම යෝජනා දීම හේතුවෙන් එදා මහින්ද පරදා මෛත්‍රීපාල ජනාධිපති කිරීම වෙනුවෙන් අභියෝග භාර ගත් බලවේගයේ දැඩි වෛරයට භාජනය වී තිබේ.

    අප නැවත මතක් කර ගත යුතු කාරණයක් වන්නේ ජනවාරි 08දා අප පැරදවූයේ පුද්ගලයකු පමණක් නොව ක්‍රමයක් ද බවයි.

    මහින්දගේ ක්‍රමය නීලා වික්‍රමසිංහගේ වචනවලින් කියනවා නම් ‘මරලා හෝ බලය ගත යුතු' ක්‍රමයකි. අප මෛත්‍රීපාල පත් කළේ ද ඒ ක්‍රමය අලුත් මුහුණුවරකින් පවත්වාගෙන යනු පිණිස ද?

    මෛත්‍රීපාල කර ගැසූ ශ්‍රීලනිපය යනු ඔහු පැරදවීමට කටයුතු කළ, ප්‍රතිගාමිත්වයට වැඩි බලයක් තිබෙන පක්ෂයකි. මෛත්‍රීපාල සභාපතිත්වයට පත් වූ පසු මහින්ද රාජපක්ෂ නැවතත් වේගයෙන් නැගී සිටි අතර අවසානයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේත්, ශ්‍රීලනිපයේත් බලය අත්පත් කර ගැනීමට ද සමත් වූයේ ය.

    දූෂණ විමර්ශන හරි හැටි කෙරුණා නම් මහින්ද වළක්වන්නට තිබුණු බව ඇතැමෙක් කියති. එහෙත්, සමස්තයක් ලෙස ම දූෂණයේ ගිලුණු සමාජයක එය පහසු කාර්යයක් වූයේ නැත. තිස්ස අත්තනායකට අල්ලස් දීම සම්බන්ධයෙන් මහින්දගෙන් කටඋත්තරයක් ගන්නට ගිය විට ඔහුගේ ගෝලබාලයෝ පාර්ලිමේන්තුව තුළ බලෙන් පදිංචි වූ හ.

    මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ගල් ගසා මරනවා යයි කී ඩී.වී. උපුල් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වූ හැටි බලන්න. සිදු වුණේ පොලිසිය බය වීම නො වේ ද?

    ශ්‍රේෂ්ඨාධිකරණය පවා දුන් අසාමාන්‍ය තීන්දුවලින් මහින්ද ක්‍රමය තවමත් මේ රටේ කෙතරම් බලසම්පන්න ද යන කරුණ ඔප්පු විය.

    මෛත්‍රීපාල කටයුතු කළ ආකාරය තුළ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී හා අතිශය මෘදු භාවිතාවකි. ඔහුගෙන් ජනතාව මීට වඩා දැඩිකමක් බලාපොරොත්තු වූ හ.

    එහෙත් සිවිල් සමාජ සංවිධාන දැන් කියන දේ තුළ තිබෙන්නේ ඔහු මහින්ද වැනි ම ඒකාධිපතියකු ලෙස කටයුතු කිරීම වැරදි බව ද?

    බෝල්ෂෙවික් පක්ෂය රුසියාවේ බලය අත්පත් කර ගැනීමෙන් පසු සාර් පවුල මර්දනය කළ ආකාරය ආදර්ශයක් ලෙස ගන්නා තැනින් අපි වෙනස් විය යුතු නැද්ද?

    අප මහින්ද රාජපක්ෂ හා ඔහුගේ දුෂ්ට ක්‍රමය පරාජය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව මිස ඒකාධිපතිවාදයෙන් නො වේ.

    මෛත්‍රීපාල ශ්‍රීලනිපය තුළ අසාර්ථක වූ බව ඇත්තකි. එහෙත්, එපමණකින් ඔහු පිළිකෙව් කිරීම අපගේ දුර්වලකමකි.

    අප විසින් පත් කරන ලද ජනාධිපතිවරයා රැක ගැනීම අපගේ වගකීමකි. රටට ගැලපෙන නායකයන් නැති සංදර්භයක් තුළ අප කළ යුතුව තිබෙන්නේ නායකයන් ගොඩනගා ගැනීමයි. පුරවැසියන් වන අප දේශපාලකයන්ට වඩා ඉදිරියෙන් සිටිය යුතු ය.

    නායකයන් නිර්මානය වන්නේ පවත්නා සංදර්භයන් තුළයි. ඒ තත්වයන් නිර්මානය වන්නේ රටේ පවතින තත්වය අනුවයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වැනි ප්‍රතිගාමියකුට ඡන්දය දෙන්නට ලක්ෂ 58ක ජනතාවක් මේ රටේ සිටි බව අපි අමතක නො කළ යුතු ය.

    දැන් අප කළ යුතුව තිබෙන්නේ මේ ප්‍රතිගාමිත්වය තීරණාත්මක ලෙස පරාජය කිරීම මිස මෛත්‍රීපාලට බැන අඬගැසීම නො වේ.

    කණගාටුවෙන් වුවත් කිව යුතු කාරණාවක් ද තිබේ. එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රශ්නයේදී පුරවැසි බලයට වඩා පරිණත හා දේශපාලනික අන්දමින් ක්‍රියා කරයි.

    මෙතැන් සිට ඔහු කළ යුත්තේ කුමක් ද යන්න ගැන සංවාදයක් ආරම්භ කළ යුතු ය.

    ඔහු ශ්‍රීලනිප නායකත්වය අතහැර දමා පක්ෂය දූෂිතයන්ට ම භාර දී ස්වාධීන විය යුතු ද?

    නැතිනම් ශ්‍රීලනිප නායකත්වයේ දිගට ම රැඳෙමින් දූෂිතයන් පරාජය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින ව්‍යාපාරය තනිව හෝ ගෙන යා යුතු ද?

    http://www.w3lanka.com/
     
    • Like
    Reactions: nrjayasinghe
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෛත්‍රීපාල ඔය මොකුත් කරන්නෙ නෑ කසාය බීපු ගොලුවා වගේ ඉඳලා මහින්දව නියෝජ්‍ය අගමැතිත් කරයි :(
    පඹයා :angry:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    මම හිතන විදිහට මෛත්‍රීපාල මහත්මයා හරි. දැන් තියෙන්නෙ ජනතාවගෙ වාරේ. මහින්ද ඕනැද එපාද කියල කියන්න. ජනතාවට ඕන මහත්මා ගති තියෙන පාර්ලිමේන්තුවක් නම් සාපේක්ශව හොඳම අය විතරක් ‍තෝරල ඡන්දෙ දෙන්න. කවුරු කොහොම මොනව කිව්වත් කල යුතු දෙය ඒකයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;18647828 said:
    මෛත්‍රීපාල ඔය මොකුත් කරන්නෙ නෑ කසාය බීපු ගොලුවා වගේ ඉඳලා මහින්දව නියෝජ්‍ය අගමැතිත් කරයි :(
    පඹයා :angry:

    Pambayek nennam ... SLFP eka bedei kiyala jana warama hellu kara ... anthimata thamanta udaw karapu un pakshen kedila gihin Mahinda ithuru unoth mona vihiluwakda eka
     

    mnilushi

    Member
    Aug 18, 2009
    1
    0
    0
    'මෛත්‍රී' බ්‍රෑන්ඩ් එක ...
    මෙරට මැතිවරණ ඉතිහාසයේ පුද්ගලයකු වෙනුවට බ්‍රෑන්ඩ් එකක් අපේක්ෂකත්වයට ඉදිරිපත් වූයේ මෙවර ය. එය මෙරට marketing ක්ෂේත්‍රයට අලුත් විෂයකි.
    මෛත්‍රීපාල, 'මෛත්‍රී' වන්නේ ඒ නිසා ය. මෙයට පෙර ජයා ලා, ප්‍රේමේ ලා, චන්දි ලා, රනී ලා, මහී ලා ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් වී නැත. ඒ අනුව මෛත්‍රී බ්‍රෑන්ඩ් එක දේශපාලනයේ නව කඩඉමකි.
    මෛත්‍රී බ්‍රෑන්ඩ් එක නිර්මාණ කළ සුභාෂ් පින්නපොළ පවසන අදහස්, මෙහිලා ඉතා වැදගත් ය. ඔහු පවසන ආකාරයට, මෛත්‍රී දුටු මුල් දිනයේ ඔහු 'ජනාධිපති අපේක්ෂකයකු ලෙස' හැගී නො ගිය බව ප්‍රකාශ කර තිබේ. ඔහු කැම්පේන් එක නිර්මාණය කර තිබෙන්නේ එතැන් සිට ය.
    ජනාධිපති අපේක්ෂකයකු සේ නො පෙනුණු පුද්ගලයකු ඉතා කෙටි කාලයකින් ජනාධිපති අපේක්ෂකයකු ගේ තත්ත්වයට උසස් කර, ජනාධිපති කෙනකු දක්වා පරිවර්තනය කරවීම වූ කලි, රටේ ජයග්‍රහණයක් නො ව, marketing විෂයේ ජයග්‍රහණයකි.
    ලාංකික දේශපාලනික ඉතිහාසය තුළ මෛත්‍රීපාල සිරිසේන චරිතය, සමාන වන්නේ ඩබ්. දහනායක චරිතයට ය. ඩබ්. දහනායක යනු, රටේ අගමැතිවීමට බලාපොරොත්තු වෙමින්, පරිවාස කාලයක් ගත කළ අයකු නො වේ. මෛත්‍රීපාල යනු, ජනාධිපති තනතුර සදහා, අගමැති තනතුරේ හිදිමින් පරිවාස කාලයක් ගත කළ අයකු නො වේ. ඒ නිසා, අද ඔහු කරන ගොන්පාට් පවා 'සරලකමට' (simple man) උෟනනය කරන අනුගාමිකයෝ පිරිසක් ඔහුට සිටිති‍. එය වූ කලි, 'මෛත්‍රී බ්‍රෑන්ඩ්' එකේ ප්‍රබලත්වයකි.
    අලියා සිසිල් බීම, 'මළ ගෙවල පානය' බවට පත් ව තිබෙද්දී, එය 'යෞවනයේ පොපියන චමත්කාරය' බවට පරිවර්තනය කරන ලද්දේ මෙරට marketingකරුවන් විසිනි. අද 'මෛත්‍රී' යනු 'යහපාලනයේ පොපියන චමත්කාරය' වී තිබේ. දැන් ඔහු නැතිව යහපාලනයක් නැති තරමට, 'යහපාලන මේනියාව' සමාජයේ උත්සන්න ය. එය, 'යහපාලනය, නම් වූ සංකල්පය ලෝකයට හදුන්වා දුන්නේ මෛත්‍රී විසිනි' වැනි අදහසක් ජනිත කරන තරමේ එකකි. මේ 'බ්‍රෑන්ඩ් මුළාව' (brand myth) අද සමාජයට සිදු කරනුයේ සෘණ බලපෑමකි. ඊට උදාහරණ අපමණ ය.
    'ඉතා සරල මිනිහා' යනුවෙන් නිතර උද්ධෘත කෙරෙන මෛත්‍රී (මෛත්‍රීපාල නො වේ) ගේ ප්‍රචාරණ පිරිවැය කෝටි 200කි. ඔවුන් ම පවසන ආකාරයට, මහින්ද ගේ ජනාධිපතිවරණය සදහා මහින්ද වැය කළ මුදල කෝටි 250කි. මේ අනුව සරලකම යනු කෝටි 50ක අඩුව ය.
    එමතු ද නො ව, මෛත්‍රී ගේ marketing ව්‍යාපෘතිය සදහා සුභාෂ්ට කථා කර තිබෙන්නේ UNP පාර්ශ්වයෙනි. අප ජනාධිපතිවරණ සමයේ කී ආකාරයටම, ඒ සාකච්ඡා සිදු ව තිබෙන්නේ චන්ද්‍රිකා ගේ නිවසේ දී ය. ඉන්පසු හමු ව තිබෙන්නේ මංගල ය. එයින් පසු සුභාෂ්ට අධ්‍යයනය සදහා ලබා දී තිබෙන්නේ මෝදි ගේ සහ ඔබාමා ගේ marketing ව්‍යාපෘති ය. ඒවා change/100 days බව අපි දනිමු. මේවා අන්තර් ජාතික කුමන්ත්‍රණයක වැඩ බව අප කීවේ මීට මාස කීපයකට පෙර ය.
    2014 දෙසැම්බර් 03වැනි දා රාත්‍රී 8.00ට මගේ දුරකථනයට කථා කළ මාගේ මිත්‍රයා දන්වා සිටියේ, 'ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුත්තකට චන්ද්‍රිකා ගේ නිවසට ආ හැකි ද?' කියා ය. ඒ වෙනුවට මා කළේ ඔහු ගෙන් මේ ව්‍යාපෘතිය පිටුපස සිටින අය ගැන තොරතුරු විමසීම ය. ඔහු මට සියල්ල හෙළි කළේ ය. අප කථා කරන්නේ මනස්ගාත නො වේ. මහ‍පොළොවේ සිදු වෙමින් තිබෙන දේ ය.
    කෙසේ වෙතත්, ඉතා සරල, අඩු වියදම් මෛත්‍රී ගේ 'ආයේ ආයේ නොම ඉවසන්' දැන්වීම රූගත කර තිබෙන්නේ ඉන්දියාවේදී ය. මේවා මහා සමාජයේ සාකච්ඡා නො වන, මෛත්‍රී පාර්ශ්වය රටට පෙන්වා දෙන 'නාස්තිකාර' වැඩම ය. එනම් මෛත්‍රී ගේ වැඩවලට 'අදාළ නැති' වැඩ ය.
    කෙ‍සේවෙතත්, අප පවසන්නේ 'මෛත්‍රීපාල' නමින් 'පාල' හැලී එය 'මෛත්‍රී' වන්නේ හුදෙක් marketing ව්‍යාපෘතිය සදහාම පමණක් නො වන බව ය. 'පාල' යනු පාලනයයි.
    අද තිබෙන්නේ රනිල් ගේ ආණ්ඩුවකි. අද සිදු ව තිබෙන්නේ රනිල් ගේ ආණ්ඩුවේ බලය මත, මෛත්‍රීට යැපෙන්නට ය. මෛත්‍රී යනු රූකඩයකි. ඔහුට සිදු කිරීමට සිදු ව තිබෙන්නේ, රනිල්-රාජිත-සම්බන්ධන්-හකීම් හවුලේ නිර්දේශයන් ය. බොහෝ රැස්වීම්වලට වාඩි වන මෛත්‍රී, එබදු යෝජනා පොතේ ලියාගෙන 'මගහරින බව' අද දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි.
    'බ්‍රෑන්ඩ්' යනු ස්වයං හැසිරීමක් ඇති දේවල් නො වේ. ඒවා හසුරවනු ලබන ආකාරයට වෙනස් විය යුතු ය. නැත්නම් බ්‍රෑන්ඩ්වලට පැවැත්මක් නැත.
    -කුමාර ලියනගේ(2015/2/19)
    P.S
    මාස 6ක් අවසානයේ මෙම සටහනේ වංගුතාවය සලකා බලන්න. හැකිතරම් යහපාලනයට රැවටුනු ඔබේ මිතුරන් ටැග් කර සත්‍ය පෙන්වා දෙන්න
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    පැටියා;18647828 said:
    මෛත්‍රීපාල ඔය මොකුත් කරන්නෙ නෑ කසාය බීපු ගොලුවා වගේ ඉඳලා මහින්දව නියෝජ්‍ය අගමැතිත් කරයි :(
    පඹයා :angry:

    පඹයා???? :baffled::baffled::baffled::baffled::baffled:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැක්කනෙ ස්ක්‍රිප්ට් එකක් අනුව වැඩ වෙන්නෙ මහින්ද බොර්ඩ් එකේ එක ඉත්තෙක් විතරයි.
    උගේ පස්සෙ යන් එවුන් මේ වෙන විටත් කැපිච්ච ඉත්තො විතරයි.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;18647828 said:
    මෛත්‍රීපාල ඔය මොකුත් කරන්නෙ නෑ කසාය බීපු ගොලුවා වගේ ඉඳලා මහින්දව නියෝජ්‍ය අගමැතිත් කරයි :(
    පඹයා :angry:

    බෑ බෑ අප්පච්චිව අගමැතිම කරන්න ඕන :(