බැඳුම්කර_මගඩිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බැඳුම්කර_මගඩිය

    කබ්රාල් අර්ජුන් හා.......නොවෙනස් ගමන් මග හෙව්ත් දෙවන කබ්රාල්


    පාඩුව දිනෙන් දින පැටව් ගහන 'බැඳුම්කර මගඩිය'



    දේශපාලනය සහ ආර්ථිකය යන්න නිරන්තරයෙන් එකිනෙකට බැඳී පවතින්නකි. එය ඉරක්‌ ගසා එකිනෙකින් වෙන් කළ හැකි දෙයක්‌ද නොවේ. මේ නිසාම දේශපාලන ආර්ථික විද්‍යාව (Political economics) කියා විෂයක්‌ද බිහිව තිබේ. එහෙත් මේ අප සූදානම් වන්නේ දේශපාලන ආර්ථික විද්‍යාව කුමක්‌ද කියා පැහැදිළි කිරීමට නම් නොවේ. එහෙත් මේ දෙය අප කීවේ නිකන්ම නොව හේතුවක්‌ ඇතිවය. මහ බැංකුව විසින් සිදුකරන භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව ආර්ථික කාරණයක්‌ වුවත් මේ දිනවල රටේ ඉමහත් ආන්දොaලනයට තුඩු දී තිබෙන "බැඳුම්කර මගඩිය" ගැන කරුණු කීමට හැකි වන්නේ මේ කියන දේශපාලන ආර්ථිකය (Policitical economy) තුළය. ඒ නිසා ඇතැම් දේවල් හුදු ආර්ථික කරුණු ලෙස මතුපිටින් පෙනුනත් ඒවාට දේශපාලන පසුබිමක්‌ද තිබේ. මේ බැඳුම්කර මගඩිය ගැන කරුණු කියන විට ඇතැම් දේශපාලනඥයන් භූමි තෙල් ගෑවුණු ගැරඬින් මෙන් දඟලන්නේ ඇයි? එයට හේතුව ඇතැම් විට මේ කියන "දේශපාලන ආර්ථිකය" කියන කරුණ නිසා විය හැකිය. ඒ නිසා දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව මෙයට ඇත්තේ තනිකර ආර්ථික පසුබිමක්‌ පමණක්‌ද නොවේ.

    පාඩුව දිනෙන් දින පැටව් ගහන
    'බැඳුම්කර මගඩිය'

    රජය වෙනුවෙන් ණය ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. භාණ්‌ඩාගාර බිල්පත් මෙන්ම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්ද මහ බැංකුව ණය රැස්‌ කරයි. ඒ නිසා රජයට ණය ගැනීම සඳහා මහ බැංකුව විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම අමුතු දෙයක්‌ නොවේ. එහෙත් දැනට චෝදනා එල්ල වී ඇති ඉකුත් පෙබරවාරි 27 දින සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී නම් අමුතු දේවල් සිදුව ඇති බව මේ විට රටටම හෙළිදරව් වී හමාරය. මෙගා ඩීල් චෝදනා එල්ල කළ මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යවා පත්කර ගත් වත්මන් රජයටද මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ. එම මගඩිය නිසා පොලී වියදම ඉහළ යැමෙන් රජයට මේ වන විට සිදුව ඇති පාඩුව රු. කෝටි 5921 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බවටද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් විසින් ඇස්‌තමේන්තු කර තිබේ. එසේ නම් මෙය එසේ මෙසේ මෙගා ඩීල් එකක්‌ නොවේ. පසුගිය රජයේ සියලු මෙගා ඩීල් වලටත් එහා ගිය එකකි. පොලී අනුපාතයට සිදුවූ බලපෑම හමුවේ මේ පාඩුව දිගින් දිගටම ඉහළ යමින්ද තිබේ. ඒ නිසා මේ චෝදනා එල්ල වී ඇති "බැඳුම්කර මගඩිය" තුළ කවුරු ඩීල් දමා තිබුණත් නැතත් මහජනතාවට සිදුවන හානිය සිදුව තිබේ. තවදුරටත් සිදුවෙමින් ද තිබේ. අද දිනයේ අප මේ ගැන වඩඩාත්ම කතා කළ යුතු වන්නේද මේ නිසාය. එනම් මේ පාඩුව රජයට සිදුවූවා යෑයි කීවත් අවසානයේ මෙහි බර දරන්නේ සමස්‌ත බදු ගෙවන මහජනතාව විසින්ම වීමයි.

    පසුගිය පෙබරවාරි 27 දින මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූ පාඩුව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් විසින් ඇස්‌තමේන්තු කර තිබේ. ඒ අනුව එහිදී සිදුවූ පාඩුව කුමක්‌ද? එහි අගය වරින්වර වැඩි වන්නේ කෙසේද? එසේ පාඩුවක්‌ සිදුවීමට බලපෑ හේතුව කුමක්‌ද සහ එම පාඩුව පෙබරවාරි 27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් පසු පැවැති අනෙකුත් භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුතුවලදී ද පාඩුවක්‌ සිදුවීමට (පොළී වියදම ඉහළ යැමට) බලපාන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න රැසක්‌ තවමත් ජනතාවට තිබේ. ඒ නිසා මේ පිළිබඳ විශේෂඥ දැනුම ඇති මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සමග සාකච්ඡා කොට මේ ගැන පැහැදිලි කිරීමට මේ ලිපියෙන් අපි අදහස්‌ කරමු.

    චෝදනාවට ලක්‌ වී ඇති පසුගිය පෙබරවාරි 27 දින, මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොලිය සියයට 11.73 ක්‌ දක්‌වා ඉහළ ගියේය. එහෙත් එම වෙන්දේසියට පෙර වෙළෙඳපොළේ පැවැති සාමාන්‍ය පොළිය සියයට 8.85 ක්‌ පමණ වූ බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති. මේ අනුව සියයට තුනකට ආසන්න අගයකින් පොළී අනුපාතයේ ඉහළ යැමක්‌ සිදුව තිබේ. මේ නිසා රජයට අති විශාල පාඩුවක්‌ සිදු වෙයි. එය සිදුවන්නේ පොළී අනුපාතය ඉහළ යැම හේතුවෙන් රජයට වැඩි පොළී වියදමක්‌ දැරීමට සිදු වීම නිසාය. එහෙත් එම පොළී අනුපාත ඉහළ යැම. වෙළෙඳපොළ අනුපාතවලට සිදු කළ බලපෑම හමුවේ, ඊට පසුව නිකුත් කරන භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසිවලට ද අහිතකර ලෙස බලපානු ලබයි. එනම් එම වෙන්දේසිවලදී තීරණය වන සාමාන්‍ය පොළී අනුපාතය ඉහළ යැමට ද එය හේතු වන බවයි. ඒ නිසා වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යැමේ බලපෑම හමුවේ පෙබරවාරි 27 දින නිකුත් කළ බැඳුම්කරයෙන් සිදුවන පාඩුවට අමතරව ඉන් පසු පැවැත්වූ සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසියකින්ම රජයට පාඩුවක්‌ සිදු වේ. වෙනත් වචනවලින් කියනවා නම් වැඩි පොළී වියදමක්‌ දරන්නට සිදු වේ. රජය දරනවා යනු මේ වියදම අවසාන වශයෙන් දරන්නේ, මේ රටේ බදු ගෙවන අතිමහත් බහුතර ජනතාවයි. ඒ නිසා මහ බැංකුව විසින් ගත් වැරදි තීරණයක්‌ හේතුවෙන් තමන් නොකළ වරදකට දඬුවම් විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ බදු ගෙවන මහජනතාවටය.

    පෙබරවාරි 27 දින සිදු කළ 30 අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මුලින් ලබා ගැනීමට අපේක්‍ෂා කළ ණය ප්‍රමාණය රු. බිලියනයකි. එනම් කෝටි සියයකි. එහෙත් වෙන්දේසියේදී රු. බිලියන 10.058 ක වටිනාකමක්‌ සඳහා වන ලංසු පිළිගෙන තිබේ. සාමාන්‍යයෙන් මීට පෙරත් බැඳුම්කර වෙන්දේසිවලදී මුලින් ලබාගැනීමට අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක්‌ සඳහා ලංසු පිළිගෙන ඇති බව සැබෑය. එහෙත් නිකුත් කළ අගය මෙන් දස ගුණයකටත් වඩා ලංසු පිළිගැනීම නම් සාමාන්‍ය තත්ත්වයක්‌ නොවේ. ඒ තුළ වැඩි පොලියට ඉදිරිපත් කර තිබූ ලංසුද මහ බැංකුව විසින් පිළිගැනීම හරහා වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොලිය සියයට 11.73 ක්‌ දක්‌වා ඉහළ යැම සිදුවිය. දැන් බිලියන 10 ක්‌ දක්‌වා වන ලංසු පිළිගැනීමට තීරණය කළේ කවුද සහ කාගේ උපදෙස්‌ මතද යන්න පිsළිබඳ තොරතුරු මේ වන විට හෙළිදරව් වී තිබේ. පසුගියදා ජනතා විමුක්‌ති පෙරමුණේ මාධ්‍ය හමුවකදීද ප්‍රකාශ කෙරුණේ මහ බැංකු අධිපතිවරයා රු. බිලියන 10 ක්‌ දක්‌වා මුදල් රැස්‌කරන ලෙස උපදෙස්‌ ලබාදුන් බවට, රාජ්‍ය ණය අධිකාරීවරිය අදාළ ලේඛනයක සහනක්‌ තබා ඇති බවයි. එම සටහන ඇතුළත් ලේඛනය මාධ්‍යයටද පෙන්වනු ලැබිණි. එම සටහන බැඳුම්කර නිකුතුව ගැන විමර්ශනය කරන්නට පත්කළ කෝප් කමිටුවේ සාමාජික සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ම මේ වන විට දැක ඇත. එසේම රු. බිලියන 10 ක්‌ දක්‌වා අරමුදල් රැස්‌a කිරීමට මහ බැංකු අධිපතිවරයා විසින් උපදෙස්‌ ලබාදුන් බවට මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරිවරිය සටහනක්‌ යොදා ඇති බව මේ වන විට මාධ්‍ය හරහා මේ රටේ මහජනතාව ද දන්නා කාරණයකි. දැන් එය සැඟවිය නොහැකිය. රු. බිලයන 10 ක්‌ දක්‌වා අරමුදල් රැස්‌ කිරීමේ තීරණය මහ බැංකුවේ ටෙන්ඩර් කමිටුව විසින් ගත් තීන්දුවක්‌ බවටත්, ඒ සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සම්බන්ධයක්‌ නොමැති බවටත් ලෝකයට පෙන්වා දීමට බරපතළ උත්සාහයක්‌ තිබුණද එය මේ වන විට අසාර්ථක වී තිබේ. එයට හොඳම සාක්‍ෂිය වන්න් රාජ්‍ය ණය අධිකාරිවරිය තැබූ මේ සටහනයි. ඇය මෙවැනි සටහනක්‌ තබන්නට ඇත්තේද අනුන්ගේ පව් තමන්ට කරගසන්නට වේ යෑයි සිතා, මතු ආරක්‍ෂාවට විය හැකිය. ඒ නිසා පොලී අනුපාතය ඉහළ යැමට තුඩු දුන්නේ වැඩි පොලියකට ඉදිරිපත්ව තිබූ ලංසුද ඇතුළත්ව රු. බිලියන 10 දක්‌වා අරමුදල් රැස්‌ කිරීමට මහ බැංකු අධිපතරවියා දුන් උපදෙස්‌ නිසා නොවේද? තියරියට අනුව නම් මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්‌ඩලයේ සාමාජිකයකු නොවන බවත්, මේ තීරණය ගෙන ඇත්තේ ටෙන්ඩර් මණ්‌ඩලය විසින් බවටත් කියා සිටින්නට පුළුවන. එහෙත් එය එසේ නොවන බව මේ වන විට රට වැසියාට හෙළිදරව් වී අවසන්ය.

    පෙබරවාරි 27 වැනි දින නිකුත් කළ බැඳුම්කරය නිසා පොලී අනුපාත ඉහළ යැම හරහා රටට පාඩුවක්‌ සිදුවූ අතර එම අගය රු. කෝටි 870 ක්‌ බවට ඇස්‌තමේන්තු කර තිබේ. මෙහිදී පාඩුව යෑයි අර්ථකථනය කරනුයේ රජයේ පොලී වියදම ඉහළ යැමයි. මේ අගය ගණනය කළේ කෙසේ ද? මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පවසන පරිදි පෙබරවාරි 27 දිනට පෙර පැවැති පොලිය සියයට 8.85 ක්‌ ලෙස සැලකුවහොත් එම අනුපාතය යටතේ මේ තිස්‌ අවුරුදු බැඳුම්කරයේ වසරක පොලී වියදම රු. මිලියන 890 කි. (රු. මිලියන 10,058 Ü 8.85%) එසේම සියයට 11.73 කට වැඩි වූ සාමාන්‍ය පොළී අනුපාතය අනුව වසරකට වැය වන පොළිය රු. මිලියන 1180 කි. ඒ අනුව එම තිස්‌ අවුරුදු බැඳුම්කරයට පමණක්‌ වසරකට වැඩියෙන් ගෙවීමට සිදුවන පොළී මුදල රු. මිලියන 290 ක්‌ වේ. එම බැඳුම්කරය 30 ස්‌ අවුරුදු බැඳුම්කරයක්‌ වන නිසා වසර 30 ක කාලයට දැරීමට සිදුවන අතිරේක පොළී වියදම මිලියන 8700 කි. එනම් රු. කෝටි 870 කි. එහෙත් පොළී අනුපාත ඉහළ යැම හමුවේ මෙය ඉන්පසු පැවැත්වූ සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසියකටම මේ අහිතකර තත්ත්වය බලපෑම නිසා ඒවායෙහි රජයේ ණය පොළී වියදම ද ඉහළ ගොස්‌ ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පෙන්වා දෙන කරුණකි. ඒ සෑම වෙන්දේසියකදීම පොළී වියදම ඉහළ යැම එක්‌ වසරකටත්, අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කරයේ හෝ බිල්පතේ පරිණත කාලය (කල් පිරෙන කාලය) අනුව සිදුවන මුළු පොළී වියදම ඉහළ යැමත් ගණනය කළ හැකි බව ද ඔවුහු පෙන්වා දෙති. මේ ලිපිය ලියන විට අවසන් වරට (2015.07.02 දින) පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙක දක්‌වා රජයේ මුළු පොළී වියදම ඉහළ යැම රු. මිලියන 59,211 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර තිබේ. එනම් රු. කෝටි 5921 කි. එනම් මේ බැඳුම්කර මගඩියේ පාඩුව රු. කෝටි 5921 ක්‌ දක්‌වා පැටව් ගසා ඇති බවයි. රාජ්‍ය ණය පොළී වියදම් දරන්නේ මහජන බදු මුදලින් වන බැවින් මෙහි බර දරන්නේ මහජනතාව විසිනි. මේ බැඳුම්කර මගඩිය තුළ කාගේ ඩීල් තිබුණා ද නැද්ද කියා අප දන්නේ නැත. එහෙත් කිව යුතු වන්නේ කාගේ ඩීල් තිබුණත් නැතත් රටේ මහජනතාවට මේ පාඩුව විඳින්නට සිදුව ඇති බවයි. එනම් තමන් වගකිවයුතු නැති පාපකර්මයක විපාක විඳින්නට මහජනතාවට සිදුව තිබේ.

    රජයේ දේපළ උලාකන උන්දැලා ඊළඟ ආත්මවලදී උපදින්නේ බල්ලන්, කපුටන් වෙලා යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (07) කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මූලස්‌ථානයේදී පැවැති එම දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවය අමතමින් ප්‍රකාශ කර තිබූ බව පුවත්පත් වාර්තා කර තිබිණි. රජයේ දේපළ උලා කන අය ඊළඟ ආත්මවලදී බල්ලන්, කපුටන් වී උපදිනවාය කියන කාරණය ශ්‍රී පාද අඩවියේ නිශ්ශංකමල්ල සෙල්ලිපියේ පැහැදිලිවම සඳහන් වන බව ද ඒ දේ කොයි කාලෙටත් වඩා ගැලපෙන්නේ අද කාලයට යෑයිද සඳහන් කර තිබූ ජනාධිපතිවරයා තවදුරටත් යෝජනා කර තිබුණේ, එම නිශ්ශංකමල්ල සෙල්ලිපියේ පිටපතක්‌ සියලු ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කළ යුතු බවයි. (විශේෂයෙන් මහ බැංකුව ඉදිරිපිට ද මෙය ප්‍රදර්ශනය කරන ලෙස අපි යෝජනා කරමු.) ජනාධිපතිවරයා මේ දෙය කීවේ මහින්ද රාජපක්‍ෂ සමයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ද එසේත් නැත්නම් වත්මන් යහපාලන රජයේ දින 100 තුළම සිදුව අතැයි චෝදනා එල්ල වී ඇති 'බැඳුම්කර මගඩිය' නිසා දැයි කියන්නට අප හරියටම දන්නේ නැත. මහින්ද රාජපක්‍ෂ රජයේ මෙගාඩීල් ගැන වඩාත් කතා බහට ලක්‌ වූයේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදීය. මේ දිනවල පසුගිය රජය සමයේ 'මෙගාඩීල්' වලටත් වඩා කතා බහට ලක්‌වන්නේ මහ බැංකුවේ 'බැඳුම්කර මගඩිය' ගැන බව අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිහිපත් කරමු.

    මහින්ද රාජපක්‍ෂ රජය යටතේ සිදු වුවත්, මෛත්‍රී පාලනය යටතේ සිදුවුවත් මේ කිසිවක්‌ යටගැසිය යුතු නැත. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේදී ද වැරදි සිදුව ඇති බවට එක්‌සත් ජාතික පක්‍ෂය පැත්තෙන් චෝදනා එල්ල වී තිබේ. අප නම් කියන්නේ කබ්රාල්ගේ කාලයේ වැරදි සිදුවී ඇත්නම් ඒවාද සෙවිය යුතුය. එහෙත් එසේ කියා, වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ සිදුවූ 'බැඳුම්කර මගඩිය' යට ගැසීමට ඉඩ දිය යුතු නැති බවද අපි කියා සිටිමු.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත


    http://www.divaina.com/2015/07/12/politics09.html
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    11700873_1670579243175163_7078279000290976638_n.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    It is a baseless allegation against Hon mr ranil and hon mr Ravi karunanayake .

    Ranil is a clean man he has never done anything wrong :)


    Mr Ravi karunanayake is a gem we are lucky to have him .He never ever rob any money from public funds .. He is the best economist and the certified acc in the politics to look after our economy:) it will 10% growth per year if he gets the job again.

    Jvp wants unp votes so they can have a fair share to bargain and lead the country according to their view which we dont want

    Unp has good enough people to run the country like they did in 1977-94 and 2002-2004. Everytime jvp was the issue.

    We need sajith premadasa to look after jvp and then unp can run this country to glory with diaspora also will invest in south and they will buy lands .. With the help of diaspora unp can get the power all of the next elections and jvp will not be needed:)

    If they tries to attack sajith is ready my dear friends:P
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අපෝ මුන්ට හෙන ගහනවා නේ බන්

    දින 100 ට ඔහොම නම් තව හිටිය නම් කොහොම වේවි ද ?

    අපේ චන්දෙ දීපු උන්ට හොඳ වැඩේ

    මෝඩ ගොන්නු
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කිව්වාම කෝ ඇහුවද දැන් ස්පයිඩ මෑන්ටත් බෑලු:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද බන් මහින්දට උගුල් අටවලා තියෙන්නෙ....:lol:

    තනියෙන් 2/3 ගන්න හිටපු මහින්දව මයිත්‍රී රවට්ටගෙන :(
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    කෙල්ලේක් බැඳුම්කර කෙස් එකක් ශෙයා කරලා තිබුනා ෆ්බි එකේ...
    මම ඇහුවා බැඳුම්කර කියන්නෙ මොනවාද කියලා ...?
    එකී ශෙයා කරපු පොස්ට් එකත් ඩිලිට් කරලා..... අයියෝ සල්ලි...
    :D:sorry::lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    кσяη ησρє;18652516 said:
    කෙල්ලේක් බැඳුම්කර කෙස් එකක් ශෙයා කරලා තිබුනා ෆ්බි එකේ...
    මම ඇහුවා බැඳුම්කර කියන්නෙ මොනවාද කියලා ...?
    එකී ශෙයා කරපු පොස්ට් එකත් ඩිලිට් කරලා..... අයියෝ සල්ලි...
    :D:sorry::lol::lol:

    Ekane kiyanne jvp eka moka kiwwath ranil horakam kale na:)