බිහිසුණු මෝරෙක් එක්ක සටන් කල සර්ෆින් තරුව


දකුණු අප්‍රිකාවේ වෙරල තීරයක පැවැත්වුණු සර්ෆින් තරගාවලියක් අතරතුරදී තුන් වරක් ලෝක ශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියානු සර්ෆින් ශූරයෙකු වන Mick Fanning හට බිහිසුණු මෝරකු විසින් පහර දෙන අයුරු එම තරගාවලිය සජීවී විකාශනය අතරතුර සටහන් වී තිබුණා. එකවරම ජලයෙන් මතුවූ මෝරා ඔහුගේ සර්ෆින් පුවරුව සපා කා ඇති අතර නැවතත් එක දිගට පහර දීමට පෙලඹී ඇත. මෙහිදී Mick Fanning විසින් මෝරාගේ පසුපසට පයින් ගසා ඇති අතර ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ ජෙට් ස්කී දෙකක් මගින් ඔහුව නිරුපද්‍රිතව බේරාගෙන තිබුණි..
කෙසේ වෙතත් ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කරගන්නා තෙක් තරගාවලිය නවත්වාලීමට සංවිධායකයින් විසින් තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කරගන්නා තෙක් තරගාවලිය නවත්වාලීමට සංවිධායකයින් විසින් තීරණය කර තිබුණි.


Last edited:


