ලෝකාන්තය අතරමැද හුදකලා පාරාදීසය
ලෝකාන්තය අතරමැද හුදකලා පාරාදීසය
අන්තර්ජාලයේ සැරිසරනකොට හම්බ උනා පට්ට පොස්ට් එකක් ඉතින් එළකිරි එකේ අයත් එක්ක බෙදාගන්න හිතුන මුලින්ම කියන්න ඕනි මේක මන් ලියපු එකක් නෙවෙය් කොහොම හරි ලියපු එක්කෙනා හොඳට ලියල තියෙනවා.
උපුටා ගැනීමකි
නිවාඩුව විවේකය ගැන අපි නිතරම කතා කරද්දි කඳුකර ප්‍රදේශවල නිවාඩුව ගතකරන්න වැඩි ඉල්ලුමක් තියෙන බව තමයි පෙන්නේ. මේ නිසා මේ කියන්න හදන්නේ තවත් ඒ වගේ ලංකාවේ ඉහළින්ම නිවාඩුව ගත කරන්න පුළුවන් තැනක් ගැන.
Nagrak Bungalow නැත්තං නැග්රැක් බංගලාවට ගිහිං තියෙනවාද මීට කලින්.නැග්රැක් කියන්නේ නාන්පෙරිල් වතුයායේ බංගලාව. මේ වතුයාය පිහිටලා තියෙන්නේ බෙලිහුල් ඔය පලාතට කිට්ටුව.. හරියටම කිව්වොත් . ලෝකාන්තය බලන්න ගිහාම අපිට පල්ලෙහා පෙන තේ වත්ත තමයි මේක..ඇත්තටම කිව්වොත් මේ වතු යාය ලෝකාන්තය පහල සිට උඩටම තියෙනවා ඒ තරම් ම ලොකුයි….
කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පහුකරලා කිලෝමීටර් කීපයක් ගියාම නාන්පෙරියල් වත්තට යන පාර හමුවෙනවා. අති දුෂ්කර වංගු 33 ක් ගෙවාගෙන කිලොමීටර් 22 ක් කන්ද උඩට ගියාම මේ අති සුන්දර වතු බංගලාවට යන්න පුළුවන්.මේ හන්දියේ ඉඳලාම නගින්න තියෙන්නේ අර ලෝකාන්තයට පේන පල්ලම. හිතාගන්න පුළුවන්ද එතකොට කොහොම කන්දක් නගින්න තියෙනවාද කියලා.මේ නිසා මේ පාරේ යන්න සාමාන්‍ය වාහනයකට බෑ. හොඳ 4WD එකක් තියෙනවා නම් ලේසියෙන්ම මේ ගමන යන්න පුළුවන්. යනකොට පාරේ දකින්න තියෙන ලස්සන පල්ලෙහා පිංතූර වලින් බලන්න පුළුවන්
යන ගමනේදි හමුවෙන තව සුන්දර තැනක් තමයි බේකර්ස් වංගුව කියන්නේ. මේ හරිය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000 ට වැඩිය උසයි. පහලින් පේන් සමනල වැව එක්ක ලංකාවේ දකුණු පළාත හරිම සුන්දර දර්ශණයක් මෙතනට.මේතන ඉඳලා බැලුවම අපි යන නැග්රැක් බංගලාව තියෙන විදිහ පල්ලේහා පිංතූරෙක රවුම් කරලා තියෙනවා.ඒ වගේම බංගලාවේ උඩ ඉඳලා බැලුවම මේ වංගුව පේන හැටිත් පිංතූරයක තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ ගමනේ පවා පොඩි Adventure ගතියක් තියෙනවා.
මෙතනින් තමයි අපි නැග්රක් බංගලාවට යන්න හැරෙන්නේ.. වම් පැත්තට යන්න ඕනේ… නැග්රක් කියන්නේ නොන්පෙරිල් වත්තේ Division එකක්, එකේ තමයි බංගලාව තියෙන්නේ..ඒ වගේම මේ හන්දියෙන් දකුණට එහෙම නැත්තන් Upper Division එක පැත්තට ගිහාම අපිට ලෝකාන්තය පහලට යන්න පුළුවන්
මේ තියෙන්නේ කඳු මුදුනේ තනිවුන පාරාදීසය. නැත්තං නැග්රැක් බංගලාව.මේ බංගලාව 1936 හැදුවා කියලා විශ්වාස කරන්න පුළුවන් සාධක පිටිපස්සේ වතුර ටැංකියක තියෙනවා. ඒත් ඒ ගැන කියවෙන වෙන මුකුත් සාධකයක් නෑ හොයාගන්න. කොහොම වුනත් මෙත්නට ගියාම දැනෙන්නේ කඳු මුදුනක තෝතැන්නකට ළඟා වුනා වගේ. සීතල කාළගුණයට හරියන විදිහට හදපු බංගලාවේ උණුසුම ආරක්ෂා කරලා දෙන්න ගිණි උදුනක් තියෙනවා.ඒ විතරක් නෙවෙයි සුව පහසු කාමරවල නිවාඩුවේ සුවය උපරිම ආකාරයෙන් විඳින්න පහසුකම් තියෙනවා.මේ බංගලාවේ කාමර 5ක් තියෙනවා. කෙලින්ම 10 දෙනෙකුට නවතින්න පුළුවන්.මුළු බංගලාවම වෙන්කරගන්න යන්නේ රුපියල් 15000 යි. ජෙනරේටරේකින් තමයි විදුලිය දෙන්නේ.හැන්දෑවේ 6 ඉඳලා රෑ 12 වෙනකල් විදුලිය සපයනවා.ඊට වැඩියෙන් ගන්නවා නම් ගෙවන්න ඕන අමතර ගාණක්.
බංගලාවේ එළියට බැහැලා බැලුවම වටපිටාව ගැන වචනවලින් විස්තර කරන්න අමාරුයි ඒ තරමට සුන්දරයි.බංගලාවේ ගෙවත්ත හරි ලස්සනට මල් වවලා සකස් කරලා තියෙන්නේ.එක පැත්තක බැලුම් හලක් තියෙනවා කන්දෙන් පල්ලෙහා බලන්න බෑවුම ආසන්නයේ පුංචි කුටියක් හදලා.තව එළිමහනේ ඉන්න කැමති අයට තවත් තැනක් සකස් කරලා තියෙනවා.කට්ටියක් එකතුවෙලා නිවාඩුවක් විවේකයක් ගත කරන්න නම් මේක නියම තැනක්.බංගලාවේ භාරකරු සහ කෝකියෝ දෙන්නා විතරයි ඉන්නේ. ආහාර හදාගන්න අවශ්‍ය දේවල් අරං යන්න වෙනවා.එහෙම අරං ගිහිං මේ කෝකින්ට කියලා අවශ්‍ය දේවල් හදවා ගන්න පුළුවන්.
අනික් නිදහසට කාරණාව තමයි මෙතන්ට ජංගම දුරකථන මුකුත් වැඩ කරන්නේ නැති එක. ලංකාබෙල් විතරක් වැඩ කරනවා අනිත් ඒවා මුකුත් නෑ.ඒ නිසා දවස තිස්සෙම කරදර කරන දුරකථනයෙන් ගැලවෙන්නත් මේක හොඳ තැනක්.මෙතන ඉඳලා ලෝකාන්තෙට තියෙන දුර කිලෝමීටර් 3යි. ඒක පුද්ගලික පාරක් මේ බංගලාව බුක් කළොත් විතරයි ඒ පාරෙන් ලෝකාන්තෙට යන්න ලැබෙන්නේ.
මෙහේ යනවා නම් කලින් කියලාම තමයි යන්න ඕන. මොකද කලිං බුක් කලේ නැත්තං අමාරුවේ වැටෙන්න වෙන්නේ.කොහොම වුනත් මෙහේ යන්න කලින් කාලගුණය බලන්නම වෙනවා. මොකද වැස්ස සහ සුළං තියෙනවා නම් මේ පැත්තට යන එක එච්චර ගුණදායක නෑ. මේ ගැන විස්තර ගන්න 94 77 77 123 25 කියන දුරකථන අංකයට කථා කරන්න.
උපුටා ගැනීමකි
මෙන්න මෙතනින් ගත්තේ Link
සම්පුර්ණ අය්තිය ඔව්න් සතු වේ