බුදුරජාණන් වහන්සේ වැඩ සිටීන කාලයේ එක් රහතන්වහන්සේ නමක් සිංහනාදයක් කරනවා මම බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන බොහෝම වීර්යයෙන් භාවනා කලා ,
එදා රාත්රි යේ මම වැඩසිටියේ අමු සොහොනක ,මගේ ඉදිරියේ තිබුණේ සවස අමුසොහොනට ගෙනත් දාපු තරුණියකගේ මළසිරුරක් ,
මම එම තරුණියගේ මළසිරුර අරමුණුකොට භාවනා කලා . තුච්ච සිත, අවිචාරවත් සිත ,අස්වාභාවික සිත ,එම තරුණියගේ මළසිරුර තුලිනුත් ,මගේ සිතේ රාගය ඇවිස්සුවා. රාගයෙන් මගේ සිත ඔද්දල් උනා.
මට තව දුරටත් එතන රැදෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ මම එතැනින් ඉවතට වැඩියා.කාමයේ තුච්චභාවය ,කාමයේ අස්වභාවිකභාවය අරමුණුකොට භාවනා කලා, මම කාමය දමනය කලා මම කාමය මුලිනුපුටා දැම්ම කියලා ,එම රහතන්වහන්සේ උතුම් ධර්මාවබෝධයෙන් පසුව සිංහනාදයක් කරනවා .
පිංවත් ඔබ තුල රාග සිතක් ඇති වෙන සැම මොහොතකම ,එම රාග සිතට අරමුණු වෙන ස්ත්රිු හෝ පුරුෂ රුපය ,ඉදිමී ,විකුර්තිවිගිය ,කුණුවි ඕජාව ගලන,පණුවන් ගැවසිගත් මළකුණක්සේ දකින්න.
ඒ කුණුවෙන මළසිරුර තුලින් අට්ඨික සංඥාව මතුකොටගන්න ඒ කියන්නේ ඇටසැකිල්ලක් කොට දකින්න. රාග සිත හමුවේ ඉහත කමටහන නැවත නැවත සිහිකරන්න.
පුහුණුව දිගින් දිගටම කරගෙන යන්න .රාග සිතක් සකස්වෙන මොහොතේම ඊට අරමුණු වෙන රුපය ,පණුවන් නලියන ඉදිමි කුණුවියන රුපයක් හැටියට දකින්න.
ඉහත කමටහනටත් ,රාග සිත දමනය නොවේනම් ,රාගයේ ඇති අස්වභාවික භාවය,කිලිටිභාවය, අපවිත්ර භාවය නිරතුරුව නුවනින් දකින්න පුහුණුවෙන්න. එවිට රාග සිත දමනය වේවි.
රාගය අන්ධය, ශිලාචාරකම,කිර්තිය, තනතුර, වැදගත්කම, අන්ධරාගය නොහදුනයි.
දෑස් පෙනෙන පිංවත් ඔබ,අන්ධයා දෙන කනවැල අල්ලාගන්නේ නැතිව, අන්ධයාට අට්ඨික සංඥාව නැමති කණවැලම ඇල්ලීමට දක්ෂවෙන්න.
මෙය සටහන් තබන භික්ෂුව, රාගය හොදින් අවබෝධකොට ගත්තෙකි. රාගය යනු පස්සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා හටගන්නා රස්තියාදුකාර සිතුවිල්ලක් පමණක්මය.
පස්සය අනිත්යන වශයෙන් දකින මොහොතේ ,තෘෂ්ණාවටත්,රාගයටත් ,පැවත්මක් නැතිවී යනු ඇත.
රාගය බියගුළුය , එහෙත් වේගවත්ය,සගවාගෙනම , සැඟවී සිටිමින්ම ක්රිනයාත්මකවීමට මානබලන්නෙකි.
සැගවෙන රාග සිත විවෘත කොට ගන්න. එවිට එහි වැදගැම්මකට ඇති කිසිවක් හමු නොවනු ඇත.
රාගය ඔබ සුන්දර මවා පාන්නෙකි. ඔබ මනසෙහි ඉදිකොටදුන් සිහින මාලිගාවල කොතෙක් අපි ජීවත්වෙන්න ඇතිද.
දෙතිස් කුණුපයන්ගෙන් යුත් රපයත්,කොතෙක් රිද්ම ලාලිත්යප, මෝස්‌තර රටා , දමා මනසට අහර කොට දෙන්නට ඇතිද.
අකුසලයේ රාත්රීතන් කොතෙක්නම් අපේ අතීත සංස්කාර ගොන්නට එකතු කොට දෙන්නට ඇතිද.
යම් දවසක යමෙක් රාගය අවබෝධ කොට ගන්නේනම් ඔහු රාගය අවබෝධකොට ගන්නේ, රාගයේ තුච්ච භාවයේ අද්දැකීම් තුලින්මය.
දවස ගෙවී ගිහින්
රැහැයියන්ගේ හඬින් රාත්රි ය පිබිදෙනවා
සිව්පාවුන්, ලේ මස් සුවඳ ඉව කරමින්
කැලේ ගොදුරු සොයනවා
රාත්රිොය ප්රාවේශමෙන්
සමාධියක් නොවැඩුණු සිතකට
රාගය පහසු ගොදුරක් වෙනවා
ආහාර සොයාගෙන අයාලයේ යන සිත
වේවැලක් අරගෙන නවත්වන්නට බැහැ
නිවුණු ධර්මයක් ළඟ ඔබත් නැවතුනොතින්
සිතත් ඔබ ළඟ නවතීවි
මාළිගාවක නැති සැපය රැඳුන මේ පොඩි කුටිය
නිවුණු සිතුවිල්ලක උරුමය මෝදු කොට දෙන ධර්මයක්මය
කාත් කවුරුවත් නැති ජීවිතය, අනුන්ගේ සිව්පසයෙන් යැපෙන ජීවිතය
කාගෙවත් සෙනෙහසක් නොපතන ජීවිතය
භික්ෂුත්වයයි, ලෝකයේ උතුම්ම ජීවිතය"
අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි

